Saturday, May 30, 2015

එකම ආත්ම‍යේ, එකම තැන, තුන්පාරක් ම ඉපදිලා


ඒ ‍වෙන කව්රුවත් ‍නො‍වේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති‍ගේ ඉතාමත් කිට්ටුවන්තයකු වූ නීතිඥ නිමල් පුංචි‍හේවාය.
රාජපක්ෂ ‍රෙජිම‍යේ ඉඩම් ප්‍රතිසංසකරණ ‍කොමිෂන් සභා‍වේ සභාපති, මානව හිමිකම් ‍කොමිෂන් සභා‍වේ අතිරේඛ ‍ලේකම් පදවි දරමින් සිට, එම තනතුරු අහෝසි වී‍මෙන් පසුව, රාජපක්ෂ ‍රෙජිමය යට‍තේ පත්වීම් ලැබූ සභාපති ප්‍රියන්ත ‍පෙ‍රේරා (විශ්‍රාමික ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) ‍ගේ නීති උප‍දේසක තනතුරු ලබා‍ගෙන සිටින ‍මෙම පුද්ගලයාට උපන් දින තුනක් ති‍බෙන බව අනාවරණය වී ති‍බේ. තුන්පාරක් ම ඉපදි තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් ‍කොමිෂන් සභා‍වේ මූලික අයිතිවාසිකම් සුරැකී‍මේ සංවිධානය විසින් 2015.05.26 දාතමින්, වගකිව යුතු සියලු පාර්ශවයන් ‍වෙත, ලිඛිත සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබෙන සං‍දේශයට/ පැමිණිල්ලට අනුව නීතිඥ නිමල් පුංචි‍හේවා, 1951.01.02 දින ද, 1951.02.13 දින ද, 1951.02.15 දින ද, ‍මෙ‍ලොව එළිය දැක ති‍බේ.
විවිධ රාජකාරී කටයුතු වලදී ‍මෙම උපන්දින ‍යොදා‍ගෙන ති‍බෙන බව එම ලිඛිත පැමිණිල්ල මගින් අනාවරණය කර ති‍බේ.
ජාතික හැුනුම්පතට අනුව ඉපදී ඇත්‍තේ 1951.01.02 දිනය. උප්පැන්න සහතිකයට අනුව ඉපදී ඇත්‍තේ 1951.02.13 දිනය. ‍සේවා නියුක්තිය අවසන් කිරී‍මේ අයදුම්පතට අනුව 1951.02.15 ය.
මොහු පසුගිය කාල වකවානුව තුළ වි‍දේශ ගමන් බලපත්‍ර 02 ක් ‍ලබා‍ගෙන ති‍බේ. එකකවත් ජාතික හැුනුම්පත් අංකය ‍නොමැත.
මොහුට මානව හිමිකම් ‍කොමිෂ‍මේ ‍කොමසාරිස් පදවියක් යහපාලනය යට‍තේ පිරිනමන්නට රාජපක්ෂ බැලයන් පිරිසක් ක්‍රියාකරන බවට වාර්තා ‍වේ. ඒ ගැන පුදුම විය නැත.

මානව හිමිකම් ‍කොමිෂ‍ම තුළ ‍මොහු ප්‍රමුඛ පිරිස් පවත්වා‍ගෙන යන දූෂණය හා භීෂනය නිසා සේවකයින් දැඩි පීඩාවට පත්ව ඇති බවද වාර්තා ‍වේ.  

Friday, May 29, 2015

වධ දී බොරු නඩු 11ක් දමයි. නිදහස් වෙන්න අවු: 05ක් යයි. අයියතිවාසිකම් නඩුවටත් අවු: 05යි. තවම ඉවර නෑ.

















මිරිහාන පොලිසියේ පොලිස් වධකයින් විසින් වධ දීමෙන් අනතුරුව බොරු නඩු 11ක් දමා, වධ දුන්න පොලිස් කාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ.

ඒ පොලිස් වධකයින් නීතියට ඉහළින් නිසා නොව, සමහර වධකයින්ව ආරක්ෂා කිරීමට ඉහළයින් ඉදිරිපත් වන නිසාය.

රංජිත් - නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වූ හිටපු "රණවිරු" වෙකි. එයින් පසු ඔහු සිය වෘතිය වශයෙන් තෝරාගත්ෙත් මෝටර් රථ කාර්මික ශිල්පයයි.

2010 දෙසැම්බර් මස, මිරිහාන පොලිසියේ හදිසි ඇමතුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන දවස් 08ක් නීති විරෝදධීව රවාගෙන වධ දුන්නේය.

වාර්තා වූ පරිදි මෙසේ වධ දෙන ලද්දේ විශ්‍රාමික හමුදා ‍නිලධාරියෙකු තෘප්තිමක් කරන්නටය.

වධ දීමට එරෙහිව රංජිත් ශ්‍රේෂ්ධාධිකරණය ඉදිරියට ගොස්, මිරිහාන පොලිසියේ බංඩාර, භාතිය ජයසිංහ, එගොඩහේවා ප්‍රමුඛ නිලධාරීන්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීය.

මිරිහාන පොලිසිය හොරණ, මොරගහහේන, අවිස්සාවේල්ල පොලිසි හා එක්, බොරු නඩු 11ක් හොරණ හා අවිස්සාවේලල් මහේස්ත්‍රාත් අධිකරනවල පැවරීය.

ඒ අතර, ඔහුට මරණීය තර්ජණ එල්ල කරන්නට මිරිහා‍නේ භාතිය ජයසිංහ ප්‍රමුඛ නිලධාරීන් පටන් ගත්තේය. වරක් හමුදා නිලධාරීන් ද ඒ සදහා යෙදවූයේය. රැකියාව කරන්නට ඉඩ දුන්නේ නැත.

රංජත් නොසැලී යුක්තිය ඉටු කරගන්නට ගත් මග අත්හළේ නැත. බොරු නඩු දමා, ඒ තුළින් අධිකරණය බළල් අතක් කරගෙන රංජිත්ව පීඩාවට පත්කරන්නට උත්සාහ ගත්තේය.

පොලිසිය උත්සාහ ගත්තේ රංජිත්ව රිමාන්ඩ් කරන්නටය. එයින් බේරීමට ඔහුට දක්ෂ නීතිඥ සහාය ලබා ගන්නට සිදු විය. එසේ නොකලානම් පොලිසියේ පදයට නටන විනිසුරුවන් ඔහුව රිමාන්ඩ් ගත කර දඩුවම් කරන්නට තිබූ ඉඩකඩ බොහෝය. එයින් මිදෙන්නට දරන්නට වූ වැය ඔහුට දරා ගන්නට නොහැකි වූ බව කිවයුතු නැත. එයින්ද ඔහු පීඩාවට පත්විය.

යුක්තිය ඉටු කරගන්නට ගත් උසාහය අවසානයක් දක්වා ගෙන යන්නට ඔහුට හැකි අධිෂ්ඨානය ඔහු සතු විය.

ඔහු ඇමති මංත්‍රී පස්සේ ගියේ නැත. නොපෙනෙන දෙවියන් හෝ කර්මය ගැනද ඔහු විශ්වාස කළේ නැත.

ඔහු, සෑම අවස්ථාවකම නීතිය අනුව ගතයුතු, එහෙත් ‍බොහෝ දෙනා විශ්වාස නොකරන, ක්‍රියාමාර්ග නොබියව නොසැලී ගත්තේය.

පස් වසරක් අවසානයේ, බොරු නඩු එකොලහෙන්ම ඔහුගේ නිර්දෝෂී බව ඔප්පු විය.
බොරු නඩු දැමූ හොරණ, ‍මොරගහහේනපොලිසිවල ස්ථානාධිපතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු වූවත් එය කරන්නට පොලිස්පති සූදානම් නැත.

ඒ ඔවුන්ද මේ වංක, දූෂිත පිළිවෙතට හවුල් නිසාය.

තම අයිතිවාසිකම් කඩවීම සම්බන්දයෙන් රටේ ඉහළම අධීකරණය හමුවට ගියේ - යුක්තිය ඉටු කරගන්නටය. ඔහු පැවරෑ මූලික අයිතිවාසිකම් නඩුවට වසර 05ක් ගතවීමට ආසන්නය.

වසරකට නඩුව කැදවන්නේ දෙපාරකටය. මෙතෙක් සිදුව ඇත්තේ එයයි.
සාධාරණ නඩු විභාග, බලාපොරොත්තුවක් පමණක් නොවේ. එය ප්‍රායෝගික කාර්යයික. ඒ බව සිහිපත්කරමු.


Thursday, May 28, 2015

වධ දුන්න පොලිස් කාරයෝ හතරකට මාහාධිකරණයේ නඩු


සිද්ධියෙන් වසර 10කට පසුව, රත්නපුර පොලිසියේ පොලිස් නිලධාරීන් හතර දෙනෙකු විසින්, 18 හැවිරිදි පාසල් සිසුවකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන්, රත්නපුර මහාධිකරණය ඉදිරියේ නඩු පවරා තිබේ.

විශේෂ පොලිස් විමර්ශන ඒකය විසින් කරන ලද පරීක්ෂණ පදනම් කරගෙන, 1994 අංක 22 දරන වධහිංසාවට එරෙහි පනත යටතේ, නීතිපතිවරයා විසින් පවරනු ලැබූ මෙම නඩුවේ, චූදිතයින් වන්නේ, එවකට රත්නපුර පොලිසියේ රාජකාරි කල දිනේෂ් ප්‍රියංකර ධර්මදාස, ප්‍රේමදාසවඩුගේ, පත්මලාල් බලපිටිය හා නන්දපාල යන පොලිස් නිලධාරීන්ය.

2014.11.04 දින, මෙම නඩුව රත්නපුර මහාධිකරණයේ කැදවූ අවස්ථාවේ, මෙම චූදිත පොලිස් නිලධාරීන් හතර දෙනාට, වෙන් වෙන් වශයෙන් රුපියල් පහලොස්දහසක (15,000/=) මුදලින් ඇප හා රුපියල් ලක්ෂ පහ (500000/=)  බැගින් වන ඥාතීන් නොවන ශරීර ඇප කරුවන් දෙදෙනෙකු නියම කර තිබේ.

තවද, ජාතික හැදුනුම්පත් ඉදිරිපත් කිරීමටද, ඇගිලි සලකුණු ලබා ගැනීමටද අධීකරණය නියම කර තිබේ.

2003 අගෝස්තු මස 07 වන දින, දළදා වහන්සේට දානයක් සදහා පළතුරු රැගෙන එමින් සිටියදී ඉහත පොලිස් නිලධාරීන් හතර දෙනා ගේ පහර ලක්වුනේ, මල්වල ගමේ ප්‍රසාද් උදයාංග ශිෂ්‍යයාය.

පහර දීමෙන් අනතුරුව, අත්අඩංගුවට ‍ගෙන, මොහු විසින් පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා නගා, රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය. එම නඩුව තවමත් පවතී.




Tuesday, May 26, 2015

පොලිස් බල්ලා හා පොලිස් බල්ලෝ.


පැටිකිරියක් ඇති පොලිස් බල්ලා ගේ පස්සෙන් යන පැටිකිරියක් නැති පොලිස් කාරයෝ කාව හරි කුදලාගෙන ඇවිති වධ දි රිමාන්ඞ් කරවීම අද පෙලිසීයේ රාජකාරියයි.

ජයසුමන රණවිරු වෙකි. දෙදරු පියෙකි. නිවාඩුවට ගෙදර පැමිණි ඔහුට සැනසිමේ ඉන්නට නොහැකි විය. එ් පොලිස් බල්ලා වත්ත උඩින් යෑම නිසාය. සිද්ධිය පිළිබඳව ඔහු මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

‘‘2015.05.18 දින, පෙ:ව:9.50 ට බණ්ඩාරගම පොලිසියේ කොස්තාපල් ස`දරුවන් ඇතු`ඵ නිළධාරීන් තිදෙනෙක් පැමිණියා. දෙදෙනෙක් සිවිල් ඇඳුමින් සිටි අතර නිල ඇඳුමින් සිටිය නිලධාරියා සමග බල්ලෙකු ද සිටියා. බල්ලා මාගේ ගෙවත්තට ඇතුලූ වී, ගෙවත්ත හරහා උඩහට ගියා. 

පසුව එකී නිලධාරීන් වත්තට බල්ලා පැමිණි බව පවසා, මාගෙන් ප‍්‍රශ්ණ කරන්නට වුනා. මට උදේ 10ට පොලිසියට එන්න කිව්වා. එ් අනුව මා එදිනම උදේ 10.00 ට බණ්ඩාරගම පොලිසියට ගියා. උදේ 10 සිට සවස 7.00 දක්වා ඔවුන් මාව පොලිසියේ රඳවා තබා ගනිමින්, රස්තියාදු කර, අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක අර්ජුන නැමැති නිලධාරියා පැමිණෙන තෙක් ඉන්නා ලෙස පවසමින් රස්තියාදු කරනු ලැබුවා. නමුත් එකී නිලධාරියා පැමිණියේ නැහැ. සවස 7.00 පමණ මට ගෙදර යන්න කියා, පසුදින (19 දින* උදේ 10.00 ට නැවත පොලිසියට පැමිණෙන්න කිව්වා. 

එ් අනුව මා පසු දින (19 දින* උදේ 10.00 ට පොලිසියට ගියා. මාගෙන් කිසිඳු කටඋත්තරයක් නොගෙන පෙර දින සේම රඳවාගෙන සිට රාත‍්‍රී 8.00 ට පමණ කුඩුවට දැම්මා. පසුදින (20 දින* උදේ 10.00 ට පමණ මාව නැවත කූඩුවෙන් එළියට ගත්තා. මාව අපරාධ අංශයට ගෙන ගොස් සැරයන් කොඩිතුවක්කු විසින් කටඋත්තරයක් ගනු ලැබුවා. පසුව මාව පො.ප.අරජුන නැමැති පොලිස් පරීක්ෂකවරයා වෙත යොමු කලා. ඔහු කිව්වා ”උඹව මේකෙන් නිදහස් කරලා නෑ,  ඕනා උනොත් නැවත ගන්නවා” කියා, ගෙදර යන්න කිව්වා.

එසේ සිටියදී, 2015.05.21 දින, දහවල් 1.00 ට පමණ, පො.ප.අර්ජුන ඇතු`ඵ නිලධාරින් 05කු සිවිල් ඇඳුමින් යතුරු පැදි තුනකින් පැමිණියා. ඔවුන් පස් දෙනා නීති විරෝධී ලෙස කටයුතු කරමින් මාගේ නිවසට ඇතු`ඵ වී සම්පූර්ණයෙන්ම නිවසේ බඩු මුට්ටු ඇද දමා පරීක්ෂා කරනු ලැබුවා.

ඔවුන් මාගේ බැංකු පොත, අ`ඵතින් මිළට ගත් ඇඳ හා මෙට්ටයේ රිසිට් ද, කුඩා දරුවාට මිළට ගත් කුඩා බයිසිකලයේ රිසිට් පතද, බිරිඳගේ උකස් කරන ලද කරාබු කුට්ටමේ උකස් පත‍්‍රිකාවද ඔවුන් රැුගෙන ගියා.

අනතුරුව පො.ප.අර්ජුන මාව ඔවුන් පැමිණි යතුරු පැදියක දමාගෙන බණ්ඩාරගම පොලිසියට ගෙන ගියා. මාව පොලිසියට පිටින් බැරැුක්කයට ගෙන ගියා. පො.ප.අර්ජන කිව්වා මූව පොලිෂ් කරන්න කියා. මොවුන් මාව මෙසේ අත්අඩංගුවට ගත්තේ වැල්මල්ල ප‍්‍රදේශයේ නිවසක සිදුවූ සොකරමක් සම්බන්ධයෙන් බව මා දැනගත්තා. මාව පොලිෂ් කරන්න කිව්වේ පහර දෙන්නට යන අරුත යයි මට සිතුනා. මා පවසා සිටියා ”මට ගැහුව්වා නෙවෙයි, මරලා දැම්මත් මම මේ අපරාධය කලේ නැහැ” කියා. පසුව මාව අපරාධ අංශයට ගෙන ගියා. මගේ ඇගිලි සලකුණු ලබා ගත්තා. පසුව සැරයන් කොඩිතුවක්කු එදිනද කටඋත්තරයක් ලබා ගත්තා. 

පසුව මාව වෙනත් නිලධාරියකු විසින් ජීප් රථයකින් හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එහිදී විනිසුරුවරයා සිටියේ වෙනත් කාමරයක. මාව එම කාමරයට ගෙන ගොස් ඉදිරිපත් කලා. මා වෙනුවෙන් නීතිඥවරයෙකු ඉදිරිපත් වුනා. මාව මාව එහි ගෙන යන විට සවස 4.00 පමණ වේ.

විනිසුරුවරයා පොලිස් නිලධාරියාගෙන් ඇසුවා, මේ හදිසියේ මෙයාව ගෙනාවේ ඇයි කියා. පොලිස් නිලධාරියා මොනවදෝ කිව්වා. පසුව විනිසුරුවරයා ඇසුවා බල්ලා කොච්චර දුරක් ගිහිල්ලාද වත්තට ආවේ කිය . ඔහු කිව්වා දන්නේ නැහැ කියා. එවිට විනිසුරුවරයා මගෙන් ඇසුවා බල්ලා කොච්චර දුරක් ගියාද කියා. මා කීවා මගේ වත්තට ඇතුල් වී වත්තෙන්ම උඩහට ගියා කියා. මා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා මා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කලා. විනිසුරුවරයා ඇසුවා පෙර වැරදි තියෙනවාද කියා. මා කීවා මගේ අවුරුදු 35ටම මේ උසාවියකට ආවා කියා. එවිට මගේ ඇගිලි සලකුණු ගත්තාද ඇසුවා. මා ඔව් කිව්වා. 

එවිට විනිසුරුවරයා , ඇගිලි සලකුණු පිලිබඳ වාර්තාව පැමිණී පසු, උසාවියෙන් දැනුම දීමක් ආවොත් පමණක් නැවත පැමිණෙන් කියා මාව ඇප තැබීමක් හෝ නොමැතිව මුදා හැරියා.’’ 

තමන් ගේ නොහැකියාව වසා ගන්න දැන් පොලිසිය පාවිච්චි කරන්නේ සුනඛයා වය. 

Sunday, May 24, 2015

මිනිහව මැස්සට තියලා මාංචු දාලා ගැනිව කැලේට අරගෙන ගිහිල්ලා අතවර කරලා.


එහෙම කරපු මතුගම පොලිසියේ මහත්වරු දෙන්නාව තවමත් පොලිසියේ තියාගෙන අබාධිත මිනිහාට විරුද්ධව බොරු නඩු දානවා. 
”උදේ 8.00 ට පමණ, මා ගෙදර ‘මැස්සේ’ ඇලවී සිටින විට, මතුගම පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් සිවිල් ඇඳුමින් පැමිණ, මගෙන් කිසිවක් අසන්නේ නැතිව, නැගිටින්නට නොදී වම් අතට මාංචුව දමා, අනෙක් කෙළවර මැස්සට තබා දැම්මා. එම අවස්ථාවේ ගෙදර හිටියේ මාගේ බිරිඳ හා අවුරුදු 12 ක් වන දියණිය පමණයි. 

ගෙදර සියලූ බඩු මුට්ටු පෙරළමින්, බඩු දීපන් කිව්වා. පෙත්සමක් තියෙනවා කිව්වා. පිස්තෝලයක් දික් කර වෙඩි තියන බවට තර්ජනය කළා. මටත් බිරිඳටත් මෙහි සඳහන් කළ නොහැකි කුණු හරුප කියමින් බැන තර්ජනය කළා. බඩු දීපන් කියමින් කුණු හරප කියමින් තර්ජනය කළා.  

එසේ කර මාංචු දමා තිබියදීම, බිරිඳව අරගෙන රක්ෂිත කැලයට ගියා. සවස 3.00 වන තුරු බිරිඳ ගෙදර පැමිණියේ නැති නිසා බියට පත් වූ මා, ගෙදර තිබූ යකඩ කපන කියතෙන් මාංචුව කප්පවාගෙන බිරිඳව හොයන්න ගියා. 

මා, සවස 6.00 පමණ වන තෙක් කැලයේ බිරිඳව සොයා, හමු වූයේ නැති නිසා නැවත ගෙදර ආවා.

එ් වන විට බිරිඳ හිටියා. ඇයව සවස 4.30 ට ගෙනත් ඇරලවා තිබුණා. මැස්සේ එල්ලෙමින් තිබු මාංචු ද ගලවාගෙන ගොස් තිබුණා. එ් අවස්ථාවේ ගෙදර සිටි දරුවන්ට හා බිරිඳට තර්ජනය කර තිබුණා, ”අපි මේකට නිකම් ඉන්නේ නෑ, බෝම්බ දානවා කියා.” මාව තබා මාංචු දමා තිබු මැස්ස කඩා තිබුනා. මට විරුද්ධව බොරු නඩු දාන බවට දිව්රලා ගිහිල්ලා තිබුනා.”

සිද්ධය පිළිබඳ තමා හෝ බිරිඳ පැමිණිලි කිරිමට නොගියේ රාජපක්ෂ රෙජිමය තුල පැවැති භිෂනය නිසා. ඔවුන් ජිවත්වන පරිසරය තුල මරලා යන එක සු`ථ දෙයක් නිසා. එ් බව ප‍්‍රකාශ කරන සැමියා, දැන් උද්ගතව තියෙන තත්වය පිළිබඳව මෙසේ ප‍්‍රකාශ කර සිටි.

මෙම සිද්ධියෙන් අවුරුද්දකට පස්සේ, මේ මසේ 14 වනදා, සවස 5.00 ට පමණ, තමා මිතුරෙකු ගේ නිවසේ ඉන්න විට මතුගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් පැමිණ, ‘එ්යි මෙහෙ වරෙන් කියා’ තමාට කතා කොට, වම් අතට මාංචු දමා අතින් පයින් පහර දි, හැතැප්මක් පමණ දුර ඇදගෙන ගොස් ඔවුන් පැමිණි එක් යතුරුපැදියක මැද තබාගෙන, අගලවත්ත නගරයේ පොලිස් මුර පොළට රැුගෙන ගොස් එහි තිබූ කූඩුව තුළට දමනු ලැබු බවද, රාත‍්‍රී 10.00 ට පමණ, මතුගම පාලීසියේ ජීප් රථයෙන්, මතුගම පොලීසියට ගෙනවිත් කූඩුවට දමනු ලැබු බවද, කූඩුවට දාන්න පෙර ඔහුගේ 077 4045835 දරන, ‘නොකියා’ වර්ගයේ ජංගම දුරකතනය ලබා ගත බවද කියා සිටි. 

පසු දින (15* උදේ කූඩුවේ සිටි මට නිලධාරියෙක් කොළයක් දී, එයට අත්සන ගත්තු බවද ඉන්පසු කුඩා කොළ කැබැල්ලකට තමාගේ මාපට ඇඟිලි සලකුණ ලබා ගත්තු බවද එසේ ගත්තේ, බලෙන්, තර්ජනය කර බවද පවසන ඔහු එයට පසුව සිතාසියක් දුන්න බවද එය 2015.05.21 දින නඩුවකට අදාලවු එකක් බවද, දවල් 11.00 ට පමණ, කූඩුවෙන් එළියට අරගෙන කාමරයකට ගෙන ගොස් නම ලිපිනය ආදී පුද්ගලික තොරතුරු අසමින් පොතක ලියා, බලෙන් අත්සන ගත්ත බවද, පසුව දවල් 12.00 ට පමණ, තමාව මතුගම උසාවියට ගෙන ගිය බව ද කියා සිටි. 

උසාවියේදී, තමාට නීති විරෝධී මත්පැන් නිපදවීම අදාල චෝදනා නගා තිබුණු අතර එම චොදනාව ට වරද පිළිගත්තේ නැති නිසා රුපියල් 10,000/- ක මුදල් ඇප හා රුපියල් 50,000/- ක ශරීර ඇපයක් මත මුදා හරිනු ලද බවද ප‍්‍රකාශ කර සිටි. 

පොලිසියේදි බාර දුන්න සිතාසියට අනුව 21 දින, තමා උසාවියට ඉදිරිපත් වු බවද, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට අදාල චෝදනා නගා තිබු බවද, එ් අවස්ථාවේ දිද නිර්දෝෂීභාවය ප‍්‍රකාශ කළ හෙයින් රුපියල් 8000/- ක මුදල් හා රුපියල් 50,000/- ක ශරීර ඇපයක් මත  මුදා හැරිය බවද වැඩි දුරටත් කියා සිටි.
 පොලිසියේ මෙම පාදඩ ක‍්‍රියාවට භාජනය වුනේ හතලිස්දෙ හැවරිදි, ආබාධිත හත් දරු අගලවත්ත ප‍්‍රදේශයේ පදිංචි දමින්ද මහතා හා බිරිඳය.

මෙම කරුණු මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට හා නීතිපතිට 
ලිඛිතව පැමිණිලි කරන ඔහු ඉල්ලා සිටින්නේ,  ඔහුට විරුද්ධව පවරා තිබෙන බොරු නඩු දෙක නොපමාව ඉවත් කරන ලෙසට, අත්අඩංගුවට ගත් පසුව, ඔහුගෙන් ලබාගත් ජංගම දුරකතනය ආපසු ලබා දීමට පියවර ගන්නා ලෙසටය. මෙම සිය`ථ කරුණ සනාථ කිරීමට මාංචු කැපීමේ සිද්ධිය හා බිරිඳව කැලයට රැුගෙන ගොස් පැය 08 වැඩි කාලයක් රඳවගේ දුෂණයට ලක් කිරිම ගැන නොපමාව පරීක්ෂණ කරන ලෙසටය. 

තවද ඔහු ප‍්‍රකාශ කරන්නේ,  පොලිස් නිලධාරින් දෙන්නා තමාට නීති විරෝධිව මාංචු දමා හිර කර, බිරිඳව කැලයට ගෙන ගිය පසුව මාංචු කපාගෙන ඇයව සෙවීමට යෑම ගැන උද්ගතවු බරපතල නීතිමය හා විනය ප‍්‍රශණය යට ගසිමට හා පලිගැනීමට මතුගම පොලීසිය, ක`ඵතර උසස් පොලිස් නිලධාරීන් ප‍්‍රමුඛ සියලූ වගකිව යුතු නිලධාරීන් හවුල් වි ඇති බවය.

ස්ත‍්‍රි දුෂක සැකකරුවන්ව එල්ලා මරන ලෙසට උද්ඝෝෂණ කරන ස්ත‍්‍රිවාදි නොනාවරුනි, එල්ලා මැරිය යුත්තේ ස්ත‍්‍රි දුෂකයන්ව ආරක්ෂා කරන්නන්, සාක්ෂි විනාශ කරන්නන්, ස්ත‍්‍රි දුෂණ වලට හවුල් පොලිස් කාරයින්, නඩු පවරන්න්, විනිසුරුවන් නොවේද?

අපරාධ කරුවන්ට වඩා භයානක අපරාධ කරුවන්ට බේරිසිටිමට ඉඩ සලසන බලධාරින් හා ඔවුන්ව ආරක්ෂා කරන්න ඉදිරිපත්වන්නන් ය. 

Tuesday, May 12, 2015

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විගඩමක් වෙලා ඉවරයි. දූෂිත‍යෝ බඩ පිණුම් ගසති.



මේ වන විට ‍සේවකයින්‍ගේ අයිතීන් උල්ලංඝණය කරන, කාලකණ්නි තත්ත්වයට ශ්‍රී ලංකා මානව හිමිකම් ‍කොමිෂන් සභා‍වේ සභාපති ප්‍රමුඛ ඉහළයින් පත්ව ති‍‍බෙන බව වාර්තා වේ.

වසර අටක අඛණ්ඩ ‍සේවා කාලයකින් පසුව ගමට ස්ථාන මාරුවක් ලබාගන්නා ලද සම්බන්ධීකාරවරියක‍ගේ මාරුව කිසිදු පදනමක් නැතිව අත්හිටවන ලද ‍කොමිෂම, ඇ‍ගේ දුක්ගැනවිල්ල කියන්නට සභාපති හමු වූ අවස්ථා‍වේ, ඇයව ‍පොලීසියට අල්ලා දෙන බවට තර්ජනය කර තිබේ.

රාජපක්ෂ රෙජිමය විසින් පත්කර දෙවන වරටත් ‍සේවා දිගුවක් ලබා‍ගෙන සිටින ‍කොමසාරිස්වරු සහ රාජපක්ෂ ‍රෙජිම‍යේ සුරත‍ලෙකු වූ ‍සේවා කාලය අවසන්ව සභාපති‍ගේ නීති උප‍දේශක වශ‍යෙන් ක්‍රියාකරන නිමල් පුංචි‍හේවා මැයගේ ස්ථාන මාරුව අත්හිටුවීමට මැදිහත්ව ති‍බේ.

මානව හිමිකම් ‍කොමිසන් සභාව සම්පත් අයුතු ‍ලෙසට පරිහරණය කරමින් සිටින ‍මේ පිරිස ‍ගේ දූෂණ මීට පෙර විස්තරාත්මකව ‍හෙළිකර තිබේ. කොමිසමේ ලේකම්වරිය ඒ් පිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරිමටද පියවර ගත්ෙත්ය.  බව අභය්නතර ආරංචි මාර්ග වලට මේ වන විට කොමිසම තුළ කැලෑ පත්තර සංසරණය වෙමින් පවතී.

සම්බන්ධීකාරවරියට විධිමත්ව දෙන ලද ස්ථාන මාරුව, අත්හිටවන ලද්දේ,  2015.05.11 දින, කොමිෂම අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒකමතික තීරණයක් බව ප්‍රකාශ කරමින්ය. එම ලිපියට අනුව මෙම තීරණය අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන ඇත්තේ 2015 මැයි 07 දිනය.

මැය ගේ ස්ථාන මාරුව අත්හිටුවීම සමගම මහනුවර, දූෂණ, අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඇති බවට ප්‍රකාට පුද්ගලයකු වන සුමනසේකර නැමැත්තාට ලබා දී තිබුණ ස්ථාන මාරුව ද අත්හිටවා ඇත.

තවද මැයගේ ස්ථාන මාරුව අත්හිටුවුවද සෑම බදාදා දිනකම, ඇය නුවරඑළියේ සේවයට වාර්තා කළ යුතු  ය යන කොන්දේසියක් ද පනවා තිෙබ්. එමෙන්ම ඇයට නුවරඑළියට යෑම සඳහා නුවර සම්බන්ධීකාරක සුමනසේකර විසින් ඇයට වාහනයක් ද, නිලධාරීන් දෙදෙනකු ද සපයන බවද පවසා තිබේ.

මෙම ක්‍රියාව ද දූෂණයකි. මහජන මුදල් කාබාසිනියා කිරීමකි. බරපතල ලෙස මූලික අයිතීන් උල්ලංඝණය කරන්නකි.

ජනවාරි 08 ජනතා තීරණයට අනුව රාජපක්ෂ ෙග්න් පත්වීම් ගත් ෙමම ෙකාමසාරිස්වරු හා නිමග් පුංචිෙහ්වා සිය තනතුරු අතහරින්‍නේ නැත. ඒ විලිලැජ්ජාවක් නැතිකම හා රාජපක්ෂ‍ගේ උප‍දෙස් නිසා බව නිසැකය.

මොවුන්‍ගේ ක්‍රියා කලාපය තුළ දැඩි ‍ලෙස අප්‍රසාදයට පත්වන්නේ වත්මන් පාලනයයි. අපහසුතාවයට පත්වන්‍නේ ජනතාවයි.

තෙමසක් ගතව ඇතත්, මානව හිමිකම් කොමිසමේ දූෂණ පිළිබඳව නිසි පියවර ‍ගෙන නොමැත. ‍නොපමාව, දූෂිත නිලධාරීන් ඉවත් කිරීමට, පූර්ණ විගණනයක් ආරම්භ කිරීමට ද, මානව හිමිකම් ‍කොමිෂසමේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ‍කොමිසමේ දූෂණ සෙවීමට පියවර ගැනීම ද සිදු කළ යුතුයි.

මේ ‍දෙක අතර පසුගිය කාලයේ පැවතියේ සමීප සම්බන්ධතාවයකි. මානව හිමිකම් කොමිෂසමේ මානව හිමිකම් වි‍රෝධී ක්‍රියා පිළි‍වෙත තුළ වත්මන් පාලනය අප්‍රසාදයට පත්වීම වැළැක්වී හා ජනතාව‍ගේ මානව හිමිකම් සුරැකීමට ද පියවර ගත යුතුව ඇත.



Sunday, May 10, 2015

”වින්දිතයෙකුට ” ගම්වාසීන්ගෙන් උපහාර.




පසුගිය දා පහළ දොම්පේ ගම්වාසීන්, ගමේ පන්සල මූලික කරගෙන උපහාර උත්සවයක් පවත්වනු ලැබීය. 

එ් සම්ප‍්‍රධායෙන් බැහැර වූවකි. උපහාරයට ලක් වූයේ, සුදු වෑන් රයකින් පැහැරගෙන ගොස් මහින්ද රාජපක්ෂගේ නියෝග මත දින 93 ක් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන වධයට භාජනය වූ තරුණයෙකුය.

මිනීමරුවෙකු බේරීම සඳහා, මෙසේ පැහැරගෙන ගිය තරුණයාව නඩුවට ආදේශ කර නොනැවතුණු පොලීසිය, ඔහුට විරුද්ධව ත‍්‍රස්තවාදී පනත යටතේ නඩු පැවරීය. එ් එල්.ටී.ටී. ය සතු බෝම්බ ළඟ තබාගත් බවට චොදනා කරමින්ය. එ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමති වශයෙන් අත්සන් කර  නිකුත් කළ රැඳවුම් නියෝගය උපයෝගි කරගෙනය. 

මෙම තරුණයා දින 93 ක් පුරා වධයට ලක් කරමින් අනතුරුව, රිමාන්ඞ් බන්ධනාගාර ගත කරණු ලැබීය. එහි මාස 08 ක් ගත කිරීමට සිදු විය. අවසානයේ ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට පොලීසියට නොහැකි වීම මත, මුදා හැරීමට අධිකරණය පියවර ගත්තේය.

රාජපක්ෂ පාලන සමයේ සිදු කළ මෙම දුර්දාන්ත කි‍්‍රයාව නිසා, ශාරීරිකව, මානසිකව, ආර්ථිකව කඩා වැටුණු මොහු නිදහස් වීමේන පසුව ජීවිතය දිනාගෙන ඉදිරියට ගෙන යෑමට පියවර ගෙන තිබේ.

ගම්වාසීන්ගෙන් උපහාරයට ලක්වු මොහු සුසන්තය. ගොවියෙකි. 2015.05.07 දින පැවති උපහාර උළලේ  ඡුායාරූප පහත දැක්වේ
























පොලීසිය වධ දීලා බොරු නඩු දානවා. වැරැද්ද පිළිගන්න කියලා බල කරනවා.


නොකරපු වැරදි පිළිගන්න බැරිය කිව්වම, රිමාන්ඞ් කරනවා. එ් පොලීසියටම ගිහිල්ලා අත්සන් කරන්න කියනවා. නඩුව අහන්නෙ නෑ. කල් දානවා. නඩුව ඇහැව්වෙ නැති වුණාට නීතිඥවරයා ගාස්තුව නොගෙන ඉන්නේ නැහැ.

මේ අදහස ප‍්‍රකාශ වුණේ පසුගිය පසුගිය හය වෙනිදා, ජනසංසදයේ පැවති, වින්දිතයින්ගේ රැුස්වීමේදීය. පොලීසියේ නීති විරෝධී ක‍්‍රියාවන් මෙන්ම අධිකරණයේ කඩා වැටීම පිළිබ`ද  බොහෝ කරුණු මෙහිදී අනාවරණය විය. 2015.05.07 දින පැවති රැුස්වීමේ ඡුායාරූප පහත දැක්වේ







Tuesday, May 5, 2015

පොලිසිය උසාවියේ බලතල අරගෙන, රේණුකා ‘මිස්’ ට රු:- 83,000/- අරන්දෙන්න හදයි.


ගෙවල් වල බැල මෙහෙවර කරන බියංකා 47 හැවරිදි තිදරු මවකි. පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරි, පොලිස්පති හා මානව හිමිකම් කොමසන් සභාව වෙත පැමිණිලික් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ පානදුර දකුණ පොලීසිය, පානදුර නගර සභාවට සම්බන්ධව වැඩ කරන ”රේණුකා” නැමැත්තිය සමග එකතුවී” නීති විරෝධීව, භියට පත්කර, මුදල් ලබා ගැනීමට දරන උත්සාහය වලක්වන ලෙසටය.

එමෙන්ම තමාට විරුධදව බොරු නඩු දැමීමට දරන උත්සාහය වලක්වා මට ආරක්ෂාව සලසන ලෙසටද ඉල්ලා සිටි.
ඇය ප‍්‍රකාශ කරන පරිදි 2013 අවුරුද්දේ මුල අත මාරුවට රු: 25,000/= ක් ”රේණුකා”ගෙන් ලබාගෙන තිබේ. එ් මාසේ ඉඳලා ඇය මාසිකව රු: 2500/= බැගින් 2014 නොවැම්බර් මස වෙනකම් රුපියල් 57,000/= (2500/=ඞ 23* ගෙවා තිබේ. නමුත් ”රේණුකා’’ පෙලාලීසයට කියා ඇත්තේ රුපියල් අසූදාහක් ගත්තු බවය. පොලිසිය ඇයට  පැමිණිල්ල පෙන්වා නැත.
ඇය කියන දෙ ට් එ් නිලධාරියා ඇහුම් නොදුන් බවද, එම නිලධාරියා ”රේණුකා” ට ”මිස්” කියලා කතා කරමින් තමාට ” ඕයි” කියා කියමින් අවමන් කල බවද වැඩි දුරටත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
තවද ඇව කූඩුවට දානවා කියලා තර්ජණය කල බවද ඉන් අනතුරුව නම, ලිපිනය අසා, පොතේ මොනවාද ලියා එයට අත්සන් ගත්ත බවද, කියවා තේරුම් කර දුන්නේ නැති බවද කියා සිටි.








Thursday, April 16, 2015

පොලසිය ලොතරැයි ජයග‍්‍රාහකයාව පරලොව යැවීම.

SUNIL HEMACHANDRA

තිස් ලක්ෂයකට අධික ලොතරැයිය ජයග‍්‍රාහණය කළ සුනිල හේමචන්ද්‍රගේ මරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ වාර්තාව වහාම සිංහලෙන් හා දෙමළෙන් පළකර ශ‍්‍රි ලංකාවේ යුක්තිය පසඳලීම හා මානව හිමිකම් තත්වය ලක්වැසියන්ට දැන ගන්නට ඉඩ සලසන්න.
යහපාලනය ඇති කරන්නට සාමාන්‍යය ජනතාවට රටේ පොලීසිය,ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපති, අධිකරණ වෛද්‍යවරයා හා මානව හමිකම් කොමිසම ගැන අවබෝධ කරගන්න ලක්වැසියන්ට තිබෙන අයිතිය තහවරු කළ යුතුය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකමිටුව විසින්, 2003 වසරේ සංවර්ධන වාසනා ජයමල්ල 487 වන දිනුම් ඇදිමේ පළමු දිනුම වන රු:- 30,03,100/- ත්‍යාගය හිමිකරගත්, මොරගහහේන පොලිස් වසමේ සුනිල් හේමචන්ද්‍ර (අවු:- 32) ගෙන් මොරගහහේන පෙලාලීසිය කප්පන් ගැනීමට ගත උත්සහය ව්‍යාර්ථවීම නිසා, 2003 ජුලි 23 දින රාත‍්‍රියේ පහරදි අත්අඩංගුවට ගෙන පොලිස්කුඩුවේ දමා තිබියදි නහයෙන් කටින් ලේ දමමින් සිහි නැතිව සිටින විට රෝහලට ගෙනවිත් බාරදි තිබින. තෙවන දින ඔහු සිහි නොබලාම මිය යන ලදි.
ඔහු මිය යෑමට හේතුව පොලීසියේ අත්අඩංගුවේ සිටියදි හිසට සිදුව තිබු බරපතල තුවාල නිසා ඇතිවු අධික ලෙස ලේ ගැලීමය. මෙම මරණය සැක සහිත බවට හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණය නිගමනය කර තිබුනද නීතිපති එම නිගමනය ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.  
සුනිල් මේචන්ද්‍රගේ මව හා නැගණිය මරණය අදාලව ශ්‍රෙෂ්ඨාධිකරනය හමුවේ මුලික අයිතිවාසිවාසිකම් පෙත්සමක් ගොනු කලද එය නිෂ්ප‍්‍රභා කළේය. එයට පදනම් කරගෙන තිබුනේ අධිකරණ නිලධාරිවරයාගේ එක් නිගමනයකි.
මානව හිමකම් කොමිසම මෙම මරණය පළිබඳ විමර්ෂන කටයුතු අතහැර  දමන ලද අතර එයට හේතු වශයෙන් පසුව දක්වන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙන බව දැන ගැනීමට ලැබීම නිසා බවය.
මෙම පසුබිම තුල ශ‍්‍රි ලංකාව තුල යුක්තිය ඉෂ්ඨ නොවන බවට තීරණය කළ සුනිල් හේමචනද්‍රගේ මව හා පුංචි අම්මා සුනිල් හේමචනුද්‍රගේ මරණය අදාලව ජනසංදය, ආසියානු මානව හිමිකම් කොමිසම, සහ රිඩෙ‍්‍රස් ආයතනය හා එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකමිටුව හමුවේ පැමිණිලික්  2011 දි ගොනු කරනු ලැබීය.
එම පැමිණිල්ල පිළිබඳ විභාගයෙන් අනතුරුව පොලීසිය,ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපති, අධිකරණ වෛද්‍යවරයා හා මානව හමිකම් කොමිසමේ ක‍්‍රියා කලාපය වැරදි බව සහගත බවට නිගමය කර තිබේ. ඒ් අනුව ශ‍්‍රි ලංකා රජය වෙත නිකුත් කර තිබෙන නිර්දේශ අතර  එම වාර්තාව සිංහලෙන් හා දෙමළෙන් ප‍්‍රසිද්ධයට පත්කිරම ද කළ යුතුය.
ආසියාන් මානව හිමිකම් කොමිසම ප‍්‍රසිද්ධයට පත් කළ මෙම වාර්තාවේ සිංහල අනුවාදය පහත පළකරමු.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (UNHRC) විසින්, පොලිස් භාරයේදී සිදුවූ මරණයක් සඳහා පොලිසිය, වෝහාරික ව්යාධිවේදියා, නීතිපතිවරයා හා, නීති සහන සැලසීමට අසමත් වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයද වැරදි බව සොයාගනියි. බැසිල් ප්‍රනාන්දු

2015
අප්‍රේල් 1 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරන ලද එක් නිර්ණයනයකින් හෙළි වන්නේ පොලිසිය, වෝහාරික ව්‍යාධිවේදියා, නීතිපතිවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය යන රජයේ ආයතන, 2003 ජූලි 26 වැනිදා මොරගහහේන පොලිසියේ සිදුවූ රැුකවරණ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අතිශයින්ම සාවද්‍ය බවයි. ප්‍රශ්නගත සිද්ධිය විමසා බැලීම සඳහා පහත සඳහන් කමිටු සාමාජිකයෝ සහභාගි වූහ: යාද් බෙන් ආචර්, ලස්හරි බව්සිද්, සාරා ක්ලේව්ලන්ඞ්, ඔලීවියර් ඩි ෆ්‍රොවිල්, යූජි අයිවාසාවා, ඉවානා ජෙලික්, ඩන්කන් මුහුමුසා ලාකි, ෆොටිනි පසාර්ටිස්, මව්රෝ පොලිටි, ශ්‍රීමත් නිගෙල් රොඞ්නි, වික්ටර් මැනුවෙල් රොඞ්රිගුවස්-රෙෂියා, ෆැබියන්  ඕමාර් සැල්වියෝලි, ධීරුජ්ලාල් බී. සීතුල්සිං, අන්ජා සෙයිබර්ට්-ෆොර්, යුවාල් ෂානි, කොන්ස්ටන්ටයින් වර්ඩෙසෙලාස්විල් සහ මාර්ගෝ වටර්වල්.

මෙම සිද්ධියේ කරුණු මෙසේ ය. සුනිල් හේමචන්ද්‍ර (සුනිල්) නිරෝගී, අකුරු ලියන්නට කියන්නට දත්, පෙර අපරාධ වැරදි කිසිවක් නැති අයෙක් විය. දිනපතා කුලියට වැඩ කළ කම්කරුවෙක් වූ ඔහු, වඩාත්ම කළේ රබර් කිරි කැපීම සහ පොල් කැඞීමයි.

ඔහුගේ දුර්භාග්‍ය සමය පටන් ගත්තේ රුපියල් මිලියන 3කට (ලක්ෂ 30කට) මදක් වැඩි මුදලක් දිනාගනිමින් ලොතරැයි ටිකට් පතකින් ජයග‍්‍රහණය ලැබීමත් සමග ය. ලොතරැුයි නියෝජිතයා හරහා සුනිල් ලොතරැයිය දිනාඇති බව දැනගත් මොරගහහේන පොලිසිය පොලිස් නිලධාරියෙක් අත පණිවුඩයක් යැව්වේ සුනිල් සිය ලොතරැුයිය ද ගෙන පොලිසියට පැමිණ, ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිසියේ සිටින ලෙසට ය. සුනිල් මේ යෝජනාවට අවනත නොවීය. ඒ වෙනුවට සිය මව හා නැන්දණිය සමග වහාම ගොස් ජයග‍්‍රාහී ලොතරැයිය මුදල්කොට එම මුදල සිය නැන්දණියගේ බැංකු ගිණුමේ තැන්පත් කළේය. ඉන්පසු රුපියල් ලක්ෂ 12කට වෑන් රියක්ද, සිය ලේලියකට ති‍්‍රරෝද රථයක් ද මිලදී ගෙන සිය බෑණාට රුපියල් පන්දහසක් තෑගි වශයෙන් දුන්නේය.

සති කිහිපයකට පසු මොරගහහේන පොලිසියෙන් කණ්ඩායමක් සුනිල්ව සෙවීම සඳහා ඔහුගේ නිවසට ආහ. ඔවුන් සුනිල්ගේ නැන්දණියගෙන් ප‍්‍රශ්න කර සිටියේ සුනිල් විසින් සිය ලොතරැුයි දිනුම් මුදල් වියදම් කර තිබේද යන්නයි. එක් පොලිස් නිලධාරියෙක් අනතුරු ඇ`ගවූයේ, ‘‘එයාගෙ සතුට වැඩිකල් තියෙන්නෙ නෑ’’ යනුවෙනි. ඉන්පසු සුනිල් ට පොලිසියට වාර්තා කරන ලෙසට පණිවුඩයක් තබා ඔවුහු ආපසු ගියහ.

එදිනම සුනිල්, චානක නමැති තමන් දන්නා හඳුනන අය සහ ලොතරැුයි නියෝජිතයාගේ පුතා වන ලයනල් සමග පොලිස් ස්ථානය වෙත ගියේය. පොලිසියේදී එක් පොලිස් නිලධාරියෙක් (උප පොලිස් පරීක්ෂකවරයෙක්) සපෝට්එකක් වශයෙන් මුදල් දෙන ලෙස කියා ඇත. එවිට, තමන් ළ`ග මුදල් නැති බව කියා සුනිල් එය ගෙවීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්පසු එම පොලිස් නිලධාරියාම, රුපියල් 25,000 ක් බලකරමින් ඉල්ලා තිබෙන්නේ හොරණ විද්‍යාරත්න පන්සලේ පෙරහැරක වියදම් පියවා ගැනීම සඳහා යැයි කියමිනි. සුනිල් මෙය ලබාදීමට එකඟ වී ඇත.

2003
ජූලි 22 වැනිදා එම පොලිසියේම නිලධාරීන් පස් දෙනෙක් වාහනයකින් සුනිල්ගේ නැන්දණියගේ නිවසට පැමිණ, කාමරයක නිදා සිටින ඔහුව, ‘ලොතරැයිය දිනූ කෙනාලෙස හැඳිනගෙන පහර දෙන්නට පටන් ගෙන තිබේ. මෙහිදී ඔහුගේ හිසට ද පහර දෙනු ලැබීය. සුනිල් හා චානක යන දෙදෙනාව අත්අඩංගුවට ගත් පොලිසිය, එම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙන්ම ජීප් රියෙන් ගෙන යන අතර ද පහර දී ඇත.  සුනිල්ගේ හිසට සහ යටි බඩට පහර දුන්
අතර, ඔහුට පහර දීම නවත්වන්නැයි කී විට චානකගේ මුහුණ ට ද කිහිප වතාවක් පහර දී තිබේ.

සුනිල් හා චානක ව මොරගහහේන පොලිසියට ගෙන ගොස්, තවත් රැුඳවියන් සිටි කුඩා කූඩුවක රඳවනු ලැබිණි. පසුදින උදෑසන චානක දුටුවේ, සුනිල් හොඳ තත්වයක් නොසිටින බවත්, ඔහුගේ මුවින් හා නාසයෙන් ලේ ගළන බවත්, ඔහුට නැගිටගත නොහැකි බවත් ය.

සුනිල්ගේ සෞඛ්‍ය තත්වය ගැන චානක පොලිස් නිලධාරීන්ට දැන්වීය. කෙසේ නමුත් එවිට පොලිස් නිලධාරීන් චානක ට කීවේ සුනිල් ව පොලිසියේ පිටුපසට ගෙන ගොස් මුහුණේ ලේ පිසදාන ලෙසටය. කෙසේ වෙතත් නාසයෙන් හා මුවින් ලේ ගැලීම නතර නොවුණු අතර, සුනිල් ලේ කැටි කැටි වමනය කරන්නට පටන් ගත්තේය. එක් පොලිස් නිලධාරියෙක් චානකට කීවේ, අපස්මාර රෝගීන්ට කරන පරිදි, යකඩ දණ්ඩක් සුනිල්ටඅල්ලාගෙන සිටින්නට
සලස්වන ලෙසට ය.

එදින උදෑසන පොලිසියට පැමිණි සුනිල්ගේ නැන්දා දුටුවේ සුනිල් පොලිස් කූඩුවේ පොළොව මත නාසයෙන් හා කටින් ලේ පෙරාගෙන බිම වැතිර සිටින අන්දමයි. ඇය ද සුනිල්ගේ බරපතළ තත්වය පිළිබඳ පොලිසියට කියූ නමුත් ඇය ව පොලිසිය විසින් පන්නාගෙන තිබේ.

අවසානයේ සුනිල් ව පොලිස් වාහනයක දමාගෙන හොරණ මූලික රෝහල වෙත ගෙන ගියේ එදින පස්වරුවේ ය. සුනිල්ව බැලීමට ගිය නැන්දාට පොලිසියෙන් සුනිල්ට ඉතා දරුණු ලෙස පහර දී තිබෙන බව දැනගන්නට ලැබිණි. ඔහු දරුණු වේදනාවකින් පෙළෙන බවත් ඔහුගේ මුහුණ රතුවී ඉදිමී තිබෙන බවත් ඇය දුටුවාය.

එදිනම පසුභාගයේ සුනිල්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම පොලිස් ස්ථානයෙන්ම පොලින් නිලධාරීන් දෙදෙනෙක් රෝහලට ආහ. නමුත් ඔහුට හැකිවුණේ තමන්ගේ නම කියාගැනීමට පමණි. කෙසේ නමුත් අනෙක් පුද්ගලයා සමග කතා කරමින් කොළ දෙකක් පුරා පොලිස් භටයෝ යම් ලැයිස්තුවක් ලියාගත්හ. සුනිල් සිය නම ලියාගැනීමට හැකි කෙනෙක් වුවද, ඔහුගේ අත්සන වෙනුවට සුනිල්ගේ මහපටැ`ගිල්ලේ ඇඟිලි සලකුණු ද ලබාගැනිණි.

පසුදින සුනිල්ගේ පවුලේ අයට දැනගන්නට ලැබුණේ සුනිල් ව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව සහ එහිදී මොළයේ සැත්කමකට ඔහු ව ලක්කළ බවයි. 2003 ජූලි 26 වැනිදා කොළඹ ජාතික රෝහලේ කාර්යමණ්ඩලය සුනිල්ගේ නැන්දණිය වෙත දැනුම් දුන්නේ එදින උදෑසන සුනිල් මිය ගිය බවයි.

සුනිල්ගේ මරණයට දින තුනකට පෙර, ඔහු රෝහල්ගත ව සිටින අතර සුනිල්ගේ නැන්දා හොරණ පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයා හමු වී සුනිල් ව අත්අඩංගුවට ගැනීම හා වධහිංසාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට උත්සාහ කළාය. නමුත් පොලිස් අධිකාරිවරයා ඇගේ පැමිණිල්ල සටහන් කර ගත්තේ නැත. එම නැන්දණියගෙන් සහ පොලිස් භාරයෙන් පසුව නිදහස් කෙරුණු චානකගෙන් හොරණ පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයා  කටඋත්තර සටහන් කර ගත්තේ 2003 ජූලි 26 වැනිදා ය.

සුනිල්ගේ නැන්දණිය ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කළ අතර, ‘ජනසංසදයමානව හිමිකම් සංවිධානයේ උපකාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නිලධාරීන් සහ ආයතන ගණනාවක් නම් කර තිබිණි.

නැන්දණිය කළ පැමිණිල්ලට ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවෙන් 2008 අගෝස්තු මස වන තෙක්ම පිළිතුරක් නොලැබුණු අතර, 2008 අගෝස්තු මස ඔවුන් සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති බැවින් නඩුව ඇසෙන තෙක් තමන් කිසිදු පරීක්ෂණයක් නොකරන බව ය. එතැන් පටන් සුනිල්ගේ පවුලේ අයට ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කිසිවක් දැනගන්නට නොලැබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා සුනිල් හේමචන්ද්‍රගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ අතර, එහිදී සුනිල්ගේ නැන්දණියගේ හා චානකගේ කටඋත්තර අධිකරණයට ඉදිරිපත් කෙරිණි. අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නිරීක්ෂණය කළේ, මොරගහහේන පොලිසියේ පොලිස් වාර්තාවේ, ‘සුනිල් ව පොලිසිය විසින් අත්අඩංගුටව ගැනීමට හේතුවක් වශයෙන් දැක්වෙන කිසිවක් පිළිබඳ  සඳහනක් නැති’’ බවයි. මෘතශරීරාගාරයේදී වින්දිතයාගේ මළ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු අතිරේක මහේස්ත‍්‍රාත්වරයා සටහන් කළේ, සෙසු තුවාළ අතර, ‘පිටේ වම්පැත්තට වන්නට, තට්ටම්වලට යන්තම් අ`ගලක් පමණ ඉහළින්තුවාළයක් තිබෙන බවයි.

දින කිහිපයකට පසුව කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළේය. මරණයට පෙර සිදුවූ තුවාළ දහයක්, තැළීම් හතරක්, සීරීම් හතරක්, වම් ඇස වටේ පෙරි- ඕබිටල් හිමටෝමා තත්වයන් (කළු ඇස්) එකක් සහ එක් ශල්‍ය කැපීමක් පිළිබඳව ඔහුගේ වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, අතිරේක මහේස්ත‍්‍රාත්වරයා විසින් සටහන් යෙදූ, පිටේ වම්පැත්තේ වූ තුවාළය සම්බන්ධයෙන් අධිකරණ  වෛද්‍යවරයා වාර්තා කර නැත. ‘‘මොට ආයුධයකින් පහර දීමේ කම්පනයෙන් හිස තුවාළ වීමෙන් පසු ඇතිවූ තීව‍්‍ර අධෝවරාශික රක්තපාතය’’ වශයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් සුනිල්ගේ මරණයට හේතුව හඳුනාගත්තේය. එම වාර්තාවේ මාරක රක්තපාතයක් හෙවත් ලේ ගැලීමක් සිදුවිය හැකි හේතු හතරක් හඳුනාගත්තේය. එනම්, ආයුධයකින් හෝ බූට් සපත්තු පැළඳ වින්දිතයාගේ පිටුපසට එල්ල කළ දැඩි පහරක්, තල්ලූ කර දැමීම  නිසා සිදුවූ වැටීමක්, හදිසි අනතුරකින් ඇද වැටීමක් හෝ මධ්‍යසාර භාවිතය එකවරම නතර කිරීම හෝ මීමැස්මොර රෝගය හේතුවෙන් ඇතිවූ අපස්මාර තත්වයක් යනුවෙනි. පුදුමාකාර ලෙසට එම වාර්තාවෙන් නිගමනය කර තිබුණේ, ‘‘මරණයට හේතුව මධ්‍යසාර අධික ලෙස භාවිතා කරමින් සිට එය හදිසියේ නතර කිරීමෙන් පසු සිදුවූ ඇද වැටීමක් විය හැක, මේ බව මියගිය අයගේ සිරුරේ විශාලනය වූ සහ විඩාපත් තත්වයට පත්වූ අක්මාවක්  තිබීම නිසා සැකයෙන් තොරව පෙනේයනුවෙනි.

2003
අගෝස්තු 29 වැනිදා හොරණ මහේස්ත‍්‍රාත්වරයා පානදුර පොලිසියේ පොලිස් අධිකාරිවරයාට නියම කළේ වින්දිතයාගේ මරණය ආශ‍්‍රිත කරුණු සැකසහිත බව පෙනෙන හෙයින් විමර්ශනයක් සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ය.
කෙසේ නමුත් 2004 අගෝස්තු 29 වැනිදා නීතිපතිවරයා තීරණය කළේ, වින්දිතයාට සිදුවූ කිසිදු පහරදීමක් පිළිබඳ සාක්ෂි නොමැති නිසා සුනිල් හේමචන්ද්‍රගේ මරණයට සම්බන්ධ ව ගොනු කළ හැකි චෝදනාවක් නැති බවයි. නීතිපතිවරයාගේ මේ සඳහන මත පදනම් ව මහේස්ත‍්‍රාත්වරයා නඩුව ඉවත් කළේය.

2003
සැප්තැම්බර් මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් 2010 අගෝස්තු 6 වැනිදා තීන්දුවක් ලබාදුන්නේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එම අයදුම්පත නිෂ්ප‍්‍රභා කළේ, ‘‘මත්පැන් භාවිතය එකවර නතර කිරීමෙන් පසු හටගත් අපස්මාර තත්වයක් හේතුවෙන් සිදුවූ ඇදවැටීමක්’’ ය යන නිගමනය මත ය
.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අවසානාත්මක සොයාගැනීම්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සුනිල්ගේ සිද්ධිය සලකා බැලූයේ සිය කමිටුව හමුවේ තැබුණු තොරතුරු සලකා බලා ය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ වෛකල්පික ප්‍රොටෝකෝලය යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සිදුකරන පැමිණිලිවලට ශ්‍රී ලංකාව, රාජ්‍ය පාර්ශවයක් වශයෙන් පිළිතුරු සැපයීමට බැඳී සිටින බව මෙහිදී සැලකිල්ලට ගත යුතුය.
කෙසේනමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් දෙවරක්ම සිදුකළ ඉල්ලීම් නොතකා හරිමින් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද චෝදනාවලට රාජ්‍ය පාර්ශවය කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පහත සොයාගැනීම්වලට ඒ අනුව එළඹුණේය.

ජීවත්මේ අයිතිය අත්තනෝමතික ලෙස අහිමි කිරීම

6
වන වගන්තිය යටතේ සුනිල් හේමචන්ද්‍රගේ ජීවත්වීමේ අයිතිය අත්තනෝමතික ව අහිමි කිරීම සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමසා බැලීම් යටතේ කමිටුව සිය නිතී මීමාංසය සිහිපත් කරමින් නිශ්චය කළේ, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවාතබාගැනීමේදී ඔවුන්ගේ ජීවිත පිළිබඳ වගකීම රාජ්‍ය පාර්ශවය විසින් ගත යුතු බවත්, රැකවරණ භාරයේදී සිදුවන  ඕනෑම ආකාරයක මරණයක් පැහැදිලිව පෙනී යන පරිදි ලඝු සහ අත්තනෝමතික මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකිය යුතු බවත් ය. ‘‘මින් අනතුරුව මේ පූර්වනිගමනය තහවුරු කිරීම හෝ බිඳ හෙළීම පිණිස සම්පූර්ණ, සීඝ‍්‍ර සහ අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතුය, විශේෂයෙන්ම ඥාතීන්ගේ පැමිණිලිවලින් හෝ සෙසු පිළිගත හැකි වාර්තාවලින් අස්වාභාවික මරණයක් පිළිබඳව යෝජනා කරන විටදී’’ එසේ කළ යුතුය. මොරගහහේන පොලිසියේ සාමාජිකයන් විසින් සුනිල් හේමචන්ද්‍ර ව 2003 ජූලි
22
වැනිදා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත්තේය. දින හතරකට පසු ජූලි 26 වැනිදා කොළඹ ජාතික රෝහලේදී ඔහු මිය ගියේ ‘‘මොට ආයුධයකින් පහර දීමේ කම්පනයෙන් හිස තුවාළ වීමෙන් පසු ඇතිවූ තීව‍්‍ර අධෝවරාශික රක්තපාතය’’ නිසා ය. වින්දිතයාගෙන් නොකඩවා ලේ වහනය වෙමින් තිබුණද, කෙසේද යත් අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් දින ට (2002 ජූලි 22 වැනිදා) පසු දිනයේ ඔහු බරපතළ තත්වයකින් පසුවූ බව පෙනෙන්නට තිබුණද, අඩුම  වශයෙන් පැය තුනක් යන තෙක් පොලිසිය වින්දිතයාට වෛද්‍යාධාර ලබාදීමට අසමත් විය.

සුනිල්ගේ මරණය සම්බන්ධ සැකසහිත වාතාවරණය පිළිබඳ රාජ්‍ය පාර්ශවයේ විමර්ශනය නොසෑහීම.

සම්මුතියේ 6 සහ 7 වගන්තිවලින් සුරක්ෂිත කර තිබෙන, අපරාධ විමර්ශනය හා අනතුරුව නඩු පැවරීම මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිකර්මයන් වන බව කමිටුව සිහිපත් කර තිබිණි. මේ සිද්ධියේදී කමිටුව නිරීක්ෂණය කර තිබෙන්නේ, රජයේ පාර්ශවයෙන් සියලූ විමර්ශන කටයුතු  සිදුකර තිබෙන්නේ සුනිල් හේමචන්ද්‍රව අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් මොරගහහේන පොලිසියේ සාමාජිකයන් විසින් ම බවයි.

තවද හොරණ මහේස්ත‍්‍රාත්වරයා විසින් 2003 අගෝස්තු 8 වැනිදා නියෝග කළ විමර්ශනය සිදුනොකළ බව, 2004 අගෝස්තු 29 වැනිදා පහරදීමක් පිළිබඳ චෝදනා තවදුරටත් පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා ගත් තීරණය, වින්දිතයාගේ පාර්ශවයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදීමට වසර 7 ක් ගතවීම සහ 2010 අගොස්තු මස 6 වැනිදා ලබාදුන් එහි තීන්දුවෙන්, වින්දිතයාගේ මරණය පොලිස් භාරයේ සිටියදී සිදුවූ  වධහිංසාවේ ප‍්‍රතිඵලයක් වීමට තිබූ ඉඩ බැහැර කිරීම, එසේ කළේ කරුණු තහවුරු කර ගැනීමට සහ අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා කිසිදු ස්වාධීන විමර්ශනයක් සිදුකිරීමට නියෝග කිරීමෙන් තොරව වීම, කිසිදු පොලිස් නිලධාරියෙක් සැකකරුවෙක් ලෙස හඳුනානොගැනීම සහ ප‍්‍රශ්න නොකිරීම සහ ඒ අනුව ඔවුන් නීතිය ඉදිරියට ගෙන යාම අත්හිටුවීම යන කරුණු ද කමිටුව නිරීක්ෂණය කළේය. රාජ්‍ය පාර්ශවය මේ සම්බන්ධයෙන්  පැහැදිලි කිරීමක් ලබාදීමට අසමත් වීම තුළ කමිටුව නිගමනය කර තිබෙන්නේ සුනිල් පේ‍්‍රමචන්ද්‍රගේ මරණයේ සැකකටයුතු වාතාවරණය සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශවයේ විමර්ශනයන් ප‍්‍රමාණවත් නැති බවයි. රාජ්‍ය පාර්ශවයේ නිලධාරීන් කි‍්‍රයාවන් හෝ නොකර හැරීම් මගින් සුනිල් හේමචන්ද්‍රගේ ජීවිතය රැුක ගැනීමට සුදුසු පියවර නොගැනීම, ඔහුගේ මරණය පිළිබඳ නිසි විමර්ශනයක් නොකිරීම සහ වගකිවයුත්තන් ට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් 6 වගන්තියේ 1 වන ෙඡ්දයේ ප‍්‍රතිපාදනය වෙන් වෙන්ව කියැවීමෙන් සහ එම ප්‍රතිපාදනය සම්මුතියේ 2 වගන්තියේ 3 ෙඡ්දය සමග කියැවීමෙන් උද්ගත වන උල්ලංඝනයන්ට වගකිව යුතු වන බව ද කමිටුව නිගමනය කළේය.

වධහිංසාව සහ හදිසි වෛද් ප්‍රතිකාර ලබාදීමට අසමත් වීම
මොරගහහේන පොලිසියේදී දරුණු වධහිංසා සිදුවී ඇති බවත්, රැුඳවියාගේ බරපතළ තත්වය බව දැකීමෙන් පසුවත් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඔවුන් අසමත් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිගමනය කළේය.

නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම
සුනිල් හේමචන්ද්‍රගේ අත්අඩංගුවට ගැනීම සහ ඔහු ව රඳවා තබාගැනීම ද නීතිවිරෝධී බවත් රාජ්‍ය පාර්ශවය ඔහු ව අත්අඩංගුවට ගැනීමට හේතුව දැනුම් දීමට ද අපොහොසත් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිගමනය කළේය.

දින 180 ක් තුළ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සපුරාලිය යුතු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශය

රාජ්‍ය පාර්ශවයක් වශයෙන් ශ‍්‍රී ලංකාව අපරාධකරුවන් යුක්තිය ඉදිරියට පැමිණවීම සාක්ෂාත් වන පරිදි සහ හානි පූරණය සාක්ෂාත් කරන පරිදි, මේ සිද්ධියේ කරුණු සම්බන්ධයෙන් සීඝ‍්‍ර, සම්පූර්ණ සහ ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බවත්, මෙයට වින්දිතයාගේ පවුලට සෑහෙන වන්දියක් ගෙවීම සහ ඔවුන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීම ඇතුළත් විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම  නිර්දේශ කර ඇත. තවද රාජ්‍ය පාර්ශවය මෙවැනි සිද්ධි අනාගතයේ ඇති නොවීම සාක්ෂාත් කිරීමට අත්‍යවශ්‍ය සියලූ පියවර ගත යුතුය. කමිටුවේ නිර්දේශ දින 180 ක් තුළ බලාත්මක කිරීම සඳහා ගනු ලබන පියවර පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ද රාජ්‍ය පාර්ශවයෙන් ඉල්ලා තිබේ. කමිටුවේ මතයන් ප‍්‍රකාශනය කරන ලෙසටද, රාජ්‍යයේ නිල භාෂාවට ඒවා පරිවර්තනය කර පුළුල් ලෙස බෙදා හරින ලෙසද රාජ්‍ය පාර්ශවයෙන් ඉල්ලා  සිටිනු ලැබේ.

නව ආණ්ඩුව මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට වඩා වෙනස් ලෙස ක්‍රියාකරනු ඇත්ද?

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයේ සිටියදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම විසින් ලබාදුන් සියලූ නිර්දේශයන් හා මතයන් සම්පූර්ණයෙන්ම නොතකා හැරියේය. දැන් ප්‍රශ්නය වන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පවත්වන සබඳතා ඇතුළුව අන්තර්ජාතික සබඳතා පිළිබඳ පෙර පැවති ආණ්ඩුව ගෙන ගිය පිළිවෙත තවදුරටත් ගෙන නොයාමට පොරොන්දු වී සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන්  යුත් නව ආණ්ඩුව, සුනිල් හේමචන්ද්‍රගේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතයන් හා නිර්දේශ සම්බන්ධයෙන් වෙනස් ආකාරයකින් ක්‍රියාකරනු ඇත්ද යන්නයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිය ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨය බවට යහපාලනය පත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ සහ නිරීක්ෂණ, ශ‍්‍රී ලංකාවේ යහපාලනයේ අති ප්‍රබල ඌනතාවන් විදහා දක්වයි. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් රැකවරණ මනුෂ්‍ය ඝාතන පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම මේ අතරින් විශේෂ වැදගත්කමකින් යුක්ත ය. සුනිල්ගේ නඩුවේදී සිදුවූ පරිදි, විමර්ශන නතර කිරීම සඳහා අපරාධ නඩුවලට නීතිපතිවරයා මැදිහත්වීම ද තවත් වැදගත් කරුණකි.

මේ සිද්ධියේ ඇති තවත් සුවිශේෂී දෙයක් වන්නේ, නව පරීක්ෂණයක් පැවත්වීමට නියම කිරීමට ශ‍්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අපොහොසත් වීම සහ එමගින් රැකවරණ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ පරීක්ෂණ පැහැර හරිමින් යුක්තිය මගහැරීම සඳහා වූ පොලිසියේ කූට උපක‍්‍රමය පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට කළ හැකිව තිබූ මැදිහත්වීම කිරීමට අසමත්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව  හිමිකම් කොමිසම විසින් නිරීක්ෂණ සිදුකර තිබීමයි.