Wednesday, May 11, 2016

කැලයට ගෙනහිල්ලා දුෂණය කරපු එකාටම සිසුවිය බාර දීලා. බාප්පා පොලීසියේ නිසා ?


ඇය 18 හැවිරිදි, උසස් පෙළ හදාරන ශිෂ්‍යාවකි. අපේ‍්‍රල් 23 සවස අසල කඩයට ගියේ මදුරු කොයිල් ජෝඩුවක් හා බොම්බයි `ඵෑණු 250 ක් ගේන්න. නමුත් ඇය ගෙදර ආවේ නැත. පොලීසියේ පැමිණිලි කළ විට, 18 ට වැඩි නිසා පැනලා යන්න ඇතැයි කියා, මව එළවාගෙන.

පියා ගොවියෙකි. ඔහු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ට, පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පිටපතක් සහිතව යවන ලද ලිඛිත පැමිණිල්ලෙන් සියල්ල පැහැදිළිවනු ඇත.

‘‘දියණිය පැහැරගෙන ගොස් ,දින 14 ක් රඳවාගෙන දුෂණය කිරීම.
අවු: 18 යි, මාගේ දියණිය වේ. පාසල් ශිෂ්‍යාවකි, 12 වසරේ ඉගෙනුම ලබයි. 2016 අපේ‍්‍රල් මස 23 වන දින මාගේ දියණිය, රාත‍්‍රී 7.00 ට පමණ, අසල පිහිටි කඩයට, ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගෙන එ්මට යැව්වා. ප‍්‍රමාද නිසා, බිරිඳ කඩයට ගොස් විපරම් කළ විට, බඩු අරගෙන ගිය බව කඬේ අයිතිකරු පවසා තිබෙනවා. සොයා බැලීමේදී අසල්වැසියකු, දියණියව රැගෙන ගිය බව දැනගෙන. 
බිරිඳ එ් අවස්ථාවේදීම සාලියවැව පොලීසියට ගොස් පැමිණිල්ලක් දැමීමට උත්සාහ ගෙන තිබුණා. නමුත් පැමිණිල්ල බාරගෙන තිබුණේ නැහැ. නමුත් ඇය සමග සාලියවැව පොලිස් ස්ථානාධිපති අප නිවස අසලට පැමිණ, පැහරගෙන ගිය අයගේ දුරකථන අංකය ලබාගෙන ඇමතුමක් ලබා දුන්නා. ඔහු ස්ථානාධිපතිවරයාට ප‍්‍රකාශ කර තිබුණා දියණිය සමග ජාඇලට පැමිණ ඇති බව. එවිට වේලාව රාත‍්‍රී 8.00 ට පමණ ඇති.

නමුත් දියණියට කතාකරන්න ඔහු (පැරගෙන ගිය අය)ඉඩ ලබා දුන්නේ නැහැ. ස්ථානාධිපති, දියණියව අරගෙන ගොස් ජාඇල ඉන්නේ කොහේද කියා විමසුවේ නෑ. එපමණක් නොව පැයකින් ගියේ කොහොමද කියාවත් ඇසුවේ නෑ.

ස්ථානාධිපති ඔහුට කිව්වා, උඹ කොහේ හිටියත් කමක් නෑ, කෙල්ලව අරන් පොලීසියට වරෙන් කියා. ඊට පසු බිරිඳට කිව්වා, කැමති නම් පොලීසියට ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න කියා.  ස්ථානාධිපති කිව්වා එ්ක බොරු වැඩක්, (පැමිණිලි දාන එක)ළමයා කැමැත්තෙන් පැනලා ගිහිල්ලා තියෙන්නේ, වයස හරිනේ කිව්වා.

එ්ත් බිරිඳ සමග මම ද, සාලියවැව පොලීසියට පැමිණිල්ල දැමීමට ගියා. පැමිණිල්ල බාර ගත්තා එවිට රාත‍්‍රී 10.00 ට පමණ ඇති. නමුත් දියණිය ඉන්න තැනක් ගැන හොයන්න උත්සාහ ගත්තේ නෑ. ඉතා කෙටි කාලයකින් ජාඇලට යා නොහැකි බව වත් පිළිගන්න සූදානම් වුණේ නෑ.

පසුදින, 2016.04.24 දින උදේ, 5.30 ට පමණ කඩය අවට බලන්න ගියා. මන්ද, රාත‍්‍රියේ කඬේ  අයිතකරු ගෙදරට ඇවිත් දියණිය මිළදී ගත් මදුරු කොයිල් ජෝඩුව වැටිලා තිබුණා කියා ගෙනත් දීපු නිසා.

බිරිඳ අවට සෝදිස්සි කිරීමේදී ඇය මිළදී ගත් ලොකුඵෑණු හා ඉතිරි මුදල් අවට විසිරී තිබෙණු දුටුවා. එ් වාගේම කඩය ළඟ සිට මීටර් 20 ක් දුරට ඇදගෙන ගිය පාරවල් තිබුණා. එ් දිගට තමයි මුදල් විසිරී තිබුණේ. එ් වෙලාවේ බිරිඳ සාලියවැව පොලීසියට දුරකතනයෙන් විස්තර පවසා සිටයා. ටික වේලාවකින් පොලීසියේ දෙන්නෙක් පැමිණියා. එම නිලධාරීන්ට සියල්ල පෙන්නා සිටියා. අසල වැටී තිබූ රෙදි කෑල්ල ද පෙන්නා පොලීසියට බාර දුන්නා. නමුත් අපට තියා ගන්න කියා ආපසු දුන්නා.

එයින් පසුව දවල් 11.00 ට විතර, පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් පැමිණියා. ඔවුන් ස්ථානය පරීක්ෂා කර සටහන් ලියා ගත්තා. එ් අතර එක් පොලිස් නිලධාරියෙක් පැහැරගෙන ගිය අයට  දුරකතනයෙන් කතා කළා. ඔහු  සමග කතා කරන ගමන් ඈතට ගියා. ඔහු  කතා කර අවසානයේ හොයලා වැඩක් නෑ, කැමැත්තෙන් ගිහිල්ලා තියෙන්නේ යයි අපට කිව්වා.

ඔහු කිව්වා, එයාලා හවස පොලීසියට එයි, ඔයාලාත් පොලීසියට එන්න කියා. හවස 5.00 ට විතර පොලීසියට ගියා. දියණිය හා පැහැරගෙන ගිය අය පොලීසියට ඇවිත් හිටියේ නැහැ. පොලීසියෙන් කිව්වා අවාම, දැණුම් දෙන්නම් යන්න කියා. එ් අනුව අපි ගෙදර ආවා.

රාත‍්‍රී 8.00 ට පමණ පොලීසියෙන් දුරකතන පණිවුඩයක් දුන්නා, එන්න කියා. මමත් බිරිඳත් ගියා.  අප යන විට, දියණිය, ඇය රැුගෙන ගිය අය හා ඔහුගේ නෑදෑයන් පිරිසක් පොලිසියට ඇවිල්ලා හිටියා. ඊළඟ දවසේ ප‍්‍රකාශ ගන්නා විට පැහැරගෙන ගිය අයගේ  බාප්පා කෙනෙකු වන, මීට පෙර සාලියවැව පොලීසියේ හිටිය සැරයන් සමන් ද එතැන හිටියා.

පොලීසියේ දී ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් අඩි හප්පමින් අපට දෝශාරෝපණය කරන්න පටන් ගත්තා. දියණිය කැමැත්තෙන් පැනලා ගිහින් තියෙන්නේ කියමින් අඩි හප්පමින් තර්ජනය කළා. එ් අවස්ථාවේ හැමෝම ඉදිරියේ බිරිඳ දියණියගෙන් ඇහැව්වා කැමැත්තෙන්ද ගියේ කියලා. එවිට දියණිය ”ඔව්” කිව්වා. නමුත් දුව හිටියේ බයෙන්. ඇඟ සීතල වෙලා තිබුනා. 

එ් අවස්ථාවේ නැවත නැවත අපට ෙදාස් පවරමින්, බිරිඳට කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙසට බලපෑම් කළා. නමුත් අප එයට එකඟ වුණේ නෑ. දියණියව, පැහැරගෙන ගිය අයටම  බාර දුන්නා.

2016.05.05 වන දින, බිරිඳ දියණියට හා පැහැරගෙන ගිය නිවසට ආරාධනා කොට ගෙන්වාගෙන තිබුණා. එදින දියණිය බිරිඳට පවසා තිබුණා කැමැත්තෙන් ගිය බව ප‍්‍රකාශ කළේ ”බයට” බවත්, තමා ඉන්නේ කැමැත්තෙන් නොවන බවත්. නැවත දියණිය ව පැහැරගෙන ගිය අයගේ නිවසට ගෙන ගියා.

පසුදින 2016.05.06 දින, උදේ 9.00 ට දියණිය නිවසට පැමිණියා. එ් අවස්ථාවේ දියණිය ආපසු පැහැරගත් අයගේ නිවසට යෑමට නොහැකි බව කියා සිටියා. ටික වේලාවකින් පැහැරගත් අයගේ  පවුලේ උදවිය පැමිණියා, දියණියව රැුගෙන යන්න උත්සාහ ගත්තා. නමුත් දියණිය යන්න බෑ කිව්වා. ඔවුන් සාලියවැව පොලීසියට ගියා. මා හා බිරිඳ ද පොලීසියට ගියා. ඔවුන්ගේ  පැමිණිල්ල පමණක් ලියාගෙන අපට කිව්වා දියණියව පොලීසියට  රැුගෙන එන්න කියා. අප දියණියව පොලීසියට රැුගෙන ආවා. එහිදී නැවත පැහැරගත් අයගේ හා දියණියගෙන් ප‍්‍රකාශ ගෙන, පොලීසිය දියණියට කිව්වා, කැමති කෙනෙක් තෝරාගෙන යන්න කියා.

දියණිය අප සමග පැමිණියා. දියණිය අසනීප ගතියක් පෙන්නුම් කළා. 2016.05.07 දින අප ඇයව, පුත්තලම දිසා මහ රෝහලට ගෙන ගියා. ඇයව නවත්වා ගත්තා. පරීක්ෂණවලට භාජනය කළා. රෝහල් පොලීසිය ප‍්‍රකාශ ලබා ගත්තා. සාලියවැව පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිණියක් පැමිණ ප‍්‍රකාශ ලබාගත්තා.

මා පසුව දැනගත්තා, පොලීසිය දියණියට බලපෑම් කර තිබෙන බව සහ පුත්තලම රෝහලේදී රෝහල් පොලීසියේ නිලධාරියා දියණියට බැන තර්ජනය කර තිබෙන බවත්; 2016.05.06 වන  දින සාලියවැව පොලිසියේ (පිරිමි)නිලධාරියකු විසින් ලබාගත් ප‍්‍රකාශයකට හා පුත්තලම රෝහලේ දී සාලියවැව පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිණියක් ගත් ප‍්‍රකාශයකට දියණිය සියලූ විස්තර කියා තිබෙන බව. නමුත් ප‍්‍රකාශය කියවා තේරුම්කර නොදී අත්සන් ගෙන ඇති බවත්;

දියණියව රැුගෙන ගොස් තිබුණේ අසල කැලයකට. එම කැලය තුළ රඳවාගෙන ඇය දුුෂණකර ඇති කරුණ පිළිබඳව සොයා බලා නැති බවත්; එමෙන්ම, ඇයව රඳවා ගෙන ඇති කාලය තුල ඇයට ”මිතුරී” පෙති බීමට දී ඇති බව ද, ඇයට යටි බඩ රිදෙන විට, වමනය යන විට, සාලියවැව හංදියේ, වෛද්‍ය සමරසිංහ ගේ  ඩිස්පැන්සරියට ගෙන ගොස් බෙහෙත් ලබා දී ඇති බව. මෙයට පෙර ඇගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට මොහු ක‍්‍රියා කර තිබෙන බව. මේ කිසිවක් සොයා බැලීමට සාලියවැව පොලීසිය පියවර ගෙන නොමැති බව. තවද, මාගේ දියණිය කලක් ඔහු සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකරගෙන තිබූ බව පවසමින් එ් පදනම මත දියණියව පැහැරගෙන යෑම සාධාරණීකරණය කළ බව; කැලයේ දී හා රඳවා ගෙන හිටිය කාලයේ දී, බලෙන් අරගෙන ආපු බව කිව්වොත් නංගිලාට කරදර කරන බවට හා පොලීසියේ ඉන්න බප්පාට කියලා මාව හිරේට දාන බවට තර්ජනය කළ බව; 

එමෙන්ම, දියණියව පැහැරගෙන යෑමට උදව් කළ මහතුන්, ලතික හා දිනේෂ් යන අය පිළිබඳවත් පැහැරගෙන යෑමට භාවිතා කළ ත‍්‍රීරෝද රථය පිළිබඳවත් සියලූ තොරතුරු පොලීසියට පැවසුව ද එ් කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකළ බව;’’

ඉහත සියලූ කරුණු යටතේ, දියණියව පැහැරගෙන යෑම පිළිබඳව පොලීසිය නිසි පියවර නොගැනීම සහ ඇය කැමැත්තෙන් ගිය බවට බලපෑම් කර ප‍්‍රකාශ ලබා ගැනීම මගින් අපරාධයක් වසන් කිරීමට, සාලියවැව පොලීසිය ක‍්‍රියා කර ඇති බවට පියා චොදනා කර සිටි. 

Monday, May 9, 2016



ආරාධනාවයි
එල් ටී. ටී. ඊ. කාන්තා දේශපාලන අංශ නායිකා,
තමිළිනි විසින් රචිත,
ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තනය
 ර්‍ණතියුණු අසිපතක සෙවන යට”
දිවියක අමරණීය සැමරුම් කෘතියේ දොරට වැඩුම,
2016 මැයි මස 13 වෙනි සිකුරාදා සවස 4.00 ට,
කොළඹ 07 ශී‍්‍ර ලංකා පදනම් ආයතන ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේදී.
ඔබතුමන්ට සහ ඔබ මැතිණියට ඉතා ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිමු.
පරිවර්තක:
සාමිනාදන් විමල්
ප‍්‍රකාශක:
ධර්මසිරි බණ්ඩාරනායක
ති‍්‍රකෝණී සංස්කෘතික පදනම

සුරස ප‍්‍රකාශන:
ෆාස්ට් පබ්ලිෂින් ප‍්‍රයිවේට් ලිමිටඞ්,
165, දේවානම්පියතිස්ස මාවත, කොළඹ 10.

සංවිධාන අනුග‍්‍රාහකත්වය:
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය 40, බුත්ගමුව පාර, රාජගිරිය

Sunday, May 8, 2016

ගංජා නීති ගත කරනු

අාජන්ටිනාව
දන්ණු අප්‍රිකාව
ජර්මනිය

ෙලව පුරා රටවල් 72 ක නගර 829 ක ගංජා ගංජා ෙලා්ලින් දහස් ගණනක් මාර්තු 8 පළපාලි යමින් තම රටවල ගංජා තහනම ඉවත් කරන ෙලසට ඉල්ලා සිටියහ.


ඇගිලි වලින් එල්ලා පහර දීලා අත්අඩංගුවට ගෙන දැනට දින 2 1/2 යි.


උසාවි දාන්නේ නැහැ. බලන්න ගියාම අම්මාට පලයං වේසි කියලා එලවාගෙන. මේවන විට පොලිස් කොමිෂම නිදිවැදී ඇත.

ප‍්‍රියන්ත මොහොමඞ් පොඩිකාලේ ඉඳලා පන්සලේ හැදුනු වැඩුනු බෞද්ධයෙක්. රැුකියාව ගස් කපන එක. පියාගේ අතවරවලට ලක්වීම නිසා ළමා නිවාසයේ හැඳුනු වැඩුනු බිරිඳව, දරුවන් දෙන්නාව, හැකි පමණින් රැුක බලාගන්නා අයෙක්. 

එහෙත් බිව්වහම කලහකාරී චරිතයක් බවට පත්වන මොහු 2016 මැයි 04, මොරගහහේන ප‍්‍රදේශයේ පැවැති සංගීතයකට ගිහිල්ලා බීලා, එළීවෙන ජමේට කාගේදෝ කාර් එකක් අරගෙන යන්න ගිහිල්ලා. මොහුට වාහන එලවන්න බැරිලූ. බිව්වාම කරන්න බැරි දෙයක් නෑනේ.

ටික දුරක් යනවිට මොරගහහේන පොලිසිය අල්ලලා, පොලීසියට ගෙනහිල්ලා, වධ දෙන්න පටන් අරගෙන. මොරගහහේන පොලිසිය වධදීමට නම් දරාපු පොලිසියක්. 

බිරිඳ බලන් ඉන්න බැරි තැන අත්අඩංගුවට පත්ව, පොලිස් වධහිංසාවට පත්වෙමින් සිටින සැමියා ගැන මානව හිමිකම් කොමිෂමට ෆැක්ස් මගින් දනුම්දීලා තිබෙනවා.

පොලිස් වධහිංසාව පැතිර පවතින එකක් නොවන බවයි යහපාලන ආණ්ඩුවත් කියන්නේ.

වධහිංසාව නවත්වන්න නව පොලිස්පතිටත් වුවමනාවක් නෑ. පොලිස් දුෂණ, අල්ලස් ගැනීම්, කප්පන් ගැනීම්, අපරාධ වසන් කිරීම්, මේ සියල්ලම වසා ගන්නේ, ප‍්‍රියන්ත මොහොමඞ් වැනි අන්ත අසරණ, සමාජයෙන් කොන්වූවන්ට වධ දීමෙන්. පහළ සිට ඉහලට අන්ත දුෂිතිය්න් ගෙන් පිරිනු පොලීසියක් ප‍්‍රජා පොලීසියක් බවට පත්කරන මුවාවෙන් සිවිල් වැසියන් ඔත්තු කරුවන් පිරිසක් බවට පත්කරන්නට වෙර දරනවා.

ප‍්‍රියන්ත මොහොමඞ් ගේ පියා ඔහු කුඩා කල සිටම ආගිය අතක් නැ. බිරිඳගේ මව, පියා සිරභාරයට පත් වූ පසු ආගිය අතක් නැ. පියා වැලිකඩ රක්ෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගොස් ඇත. 
හේතුව වශයෙන් දක්වා ඇත්තේ, පැන යාමට තැත් කිරීමේදී වෙඩි තැබූ බවයි.

Friday, May 6, 2016

මාස පහක් තිස්සේ 30 වතාවක් උසාවි ගියත් ඇප මුදල දීලා නෑ. ඕනෑ තැනකට කියන්නලූ !


පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ තැන්පත් කළ රු: 10,000/- ක මුදල් ඇපය ලබා ගන්න, මාස පහක් තිස්සේ තිස් වතාවක් උසාවි ගිය බවත් මෙම මස 6 වන දින එ් ගැන විමසන්න ගිය විට,  ඕනෑ තැනකට ගිහිල්ලා ගන්න යයි පතිරණ මිය කිව්ව බවත් කියා සිටින්නේ, පානදුරයේ පදිංචිකරුවකු වන අයි.එ්. චිත‍්‍රානන්ද දේවප‍්‍රිය මයාය. 
මෙම ඇප මුදල් ආපසු ගැනීම්වලදී අධිකරණවල ”මාෆියාවක්” ක‍්‍රියාත්මක බවට වාර්තා වේ.
දේශපාලකයන්ගේ ¥ෂණ ගැන කථා කරන අය, අධිකරණවල ¥ෂණ, සොරකම් ගැන නිහඬ වන්නේ මන්ද යන ප‍්‍රශ්නය යහපාලනය ගැන කථා කරන අයගෙන් අසන්නේ කණගාටුවෙනි.
ඇප මුදල් පමණක් නොව නඩු භාණ්ඩ, නඩු වාර්තා අන්දර්දහන වීම ද වාර්තා වේ.
අයි.එ්. චිත‍්‍රානන්ද දේවප‍්‍රිය මයා, අධිකරණ සේවා කොමිෂමට පිටපතක් සහිතව, පානදුර මහේස්ත‍්‍රාත්වරයාට ලියන ලද ලිපිය පහත දැක්වේ.

ගරු මහේස්ත‍්‍රාත්තුමනි
නඩු අංකය : 5995

පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති ඉහත නඩුව, 2014.07.27 වන දින අවසන් විය.
මෙම නඩුවේ, චූදිතයකු වූ, අයි.එ්. චාමර දේවප‍්‍රිය වෙනුවෙන් මාගේ නමින් රුපියල් දහදාහක මුදල් ඇපයක් ඔබ අධිකරණයේ තැන්පත් කළෙමි.
ඉහත දින නඩුව අවසන් වීමෙන් පසුව මා, 2015 සැප්තැම්බර් මස 23 වන දින මෙම ඇප මදුල ඉල්ලා ඉල්ලූම් පත‍්‍රය නිසි ලෙස ඔබ අධිකරණයට බාර දුන්නෙමි.
මෙම ඉල්ලූම්පත බාර දුන්නේ ඔබ අධිකරණයේ, ඇප මුදල් පිළිබඳව කටයුතු කරණු ලබන පතිරණ මහත්මියට ය.
එසේ බාර දී, මාස දෙකකට පසුව එනම් දෙසැම්බර් මස මා ඔබ අධිකරණයට පැමිණ, පතිරණ මහත්මිය හමු වී ඇප මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් විමසා සිටියෙමි.
ඇය ඒ අවස්ථාවේ කියා සිටයේ, නඩු ෆයිල් එක හොයාගන්න බෑ, ඊළඟ සඳුදා එන ලෙසටය. 
එ් අනුව සඳුදා ගිය විට බදාදා එන ලෙසටත්, බදාදා ගිය විට සිකුරාදා ට එන ලෙසටත් දන්වනු ලැබීය. 
මේ අයුරින් 2016 මැයි මස 02 වන දින ඇය හමුවට ගියා.
එවිට ඇය අද දින (2016.05.06) එන ලෙසට දැණුම් දුන්නා.
එ් අනුව මා, අද (2016.05.06) පෙරවරු 10.30 ට පමණ, පතිරණ මහත්මිය හමු වී, ඇප මුදල ලබාගත හැකි ද යැයි විමසා සිටියා.
එවිට ඇය කියා සිටියේ, නඩු පොත අස්ථානගත වෙලා මෝසමක් දාලා මුදල් ඉල්ලන්න කියායි.
මම එවිට මෝසමක් දාන්න රුපියල් දෙදාහක් විතර යනවා යයි කිව්ව විට,  ඕන තැනකට ගිහින් කියන්න යැයි තර්ජනාත්මකව මට කියා සිටියා.
මම පසුගිය මාස පහ තුළ තිස් වතතාවකට වැඩිය, ඔබ අධිකරණයේ පතිරණ මහත්මිය හමුවීමට පැමිණ ඇප මුදල ගැන සිහිපත් කර ඇත්තෙමි.

මෙයට 
විශ්වාසී
අයි.එ්. චිත‍්‍රානන්ද දේවප‍්‍රිය

පිටපත:
ලේකම්
අධිකරණ සේවා කොමිෂන් සභාව
අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය
කොළඹ 12



බලූ මස් උත්සව ශ‍්‍රියෙන් කන චීන්නු


යූලින් ප‍්‍රාන්තයේ වාර්ෂිකව පවත්වන මෙම බලූ මස් සංදර්ශනයට මෙවර ලෝක ප‍්‍රජාවගේ විරෝධය එල්ල වෙමින් පවතී. මේ වන විටත් මිලියනයක්ට අධික පිරිසක ගේ විරෝධය චින රජයට එල්ලව් තිබේ. ජුනි මස මැද භාගයේ පැවැත්වෙන මෙම උත්සවය ට බල්ලන් 10,000 කට වැඩි ප‍්‍රමාණයක් වධ දී මරා දමනු ලබන අතර, එම මස් උත්සව ශ‍්‍රීයෙන් අනුභව කිරීම ඉන් අනතුරුව සිදු වේ. 
මෙම උළෙල තහනම් කරන්න චීන ජාතිකයන් මෙන්ම ලොව පුරා වෙසෙන, විශේෂයෙන් සත්ත්ව හිංසනය පිටුදකින පිරිස්වල විරෝධය එල්ල වුවත්, චීන පාලකයින් මෙම උළෙල නැවැත්වීමට පියවර ගන්නේ නැත. මෙය මෙම ප‍්‍රාන්තයේ පාරම්පරික සංස්කෘතික අංගයකි.

Sunday, April 24, 2016

අල්ලා හු අක්බාර් කියමින් බංලදේශයේ මහාචාර්වරයෙකු පෙති ගසා මරයි.



එරට ඉස්ලාමීය අන්තවාදීන් විසින්, පසුගිය දින මෙසේ මන්නා පිහි වලින් ෙගල කපා, ඉන් අනතුරුව කොටා මරා දමා ඇත්තේ, එරට රාජ්ශශි සරසවියේ කරිම් සිද්දික් නම් ඉංග‍්‍රිසි මහාචාර්ය වරයාවය. 58 වැනි වියේ පසුවන ඔහු කර ඇති වරද, සරසවියේ සංස්කෘතික උළෙලක් සංවිධානය කිරිමට මුලික වීමය. ISIS සංවිධානය මෙම ඝාතණයේ වගකිම බාරගෙන තිබේ. මීට එරට බ්ලොග් කරුවන් ඝාතනය කරන ලද ආකාරයටම මෙම ඝාතණය කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණය. 
බංගලදේශ ආණ්ඩුව මෙම ඝාතන පිටුපස ඇති බවට චොදනා එල්ලවි තිබේ. 

WAYO සංගිතේ බලන්න ගිය කරුණයා පොලිස් පහරින් රෝහලේ

මව

පානදුර නගර සභා පිටියේ පැවැති සංගීත සංදර්ශණය නරඹමින් සිටි මෙම තෑණයාට පානදුර දකූණ පොලීසියේ නිලධාරින් පස්දෙනෙකු වට කරගෙන පහර දි ඇත්තේ අද(24/04/2016) අලූයම 3.00ට පමණය. මෙම පහර දීම නිසා රෝගාතුරව තරැණයාව පානදුර මුලික රෝහලට ඇතුල් කර තිබේ. 
සිද්ධිය ඇසින් දුටු මව, මානව හිමිකම් කොමිසමට  හා පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කරමින් කියා සිටින්නේ, පානදුර සුපර් ෆැෂන් අනුග‍්‍රහයෙන් පැවැත්වු මෙම සංගීත සංදර්ශණය නැරඹිමට තමාත් පුතාත් අසල්වැසියන් කිහිප දෙනෙකුත් පැමිණි සිටි බවයි. තම පිරිස රැඳි සිටි තැනට ඔබ්බෙන් පස්දෙනෙක් බිමතින් නටමින් සිටි බවත්, ඔවුන් අතරින එක් අයෙක් තම පුතාව තල්ලූ කරමින් ඔවුන් අසලටම පැමිණි බවත්ය. 
මෙසේ තමන්ව තල්ලූ කරන්නේ ඇයි යන ප‍්‍රශණය සමග ඔවුන් ගෙන් අසනවාත් සමග, එම පිරිස පුතාව වට කරගෙන පහර දුන් බවත්, එසේ පහර දෙමින් අසල නවතා තිබු පොලිස් ජිප් රථයට ලඟට ඇදෙගන  ගොස් එයට දැමු බවය. පොලිසියට ගෙනවිත් කූඩුවට දමා, පුව දෙවෙනි ලොකු මහතා කියන අය ආවාට පස්සේ කොළ කැබැල්ලකට අත්සන් ාගන එලියට දැමු බව ඇය වැඩි දුරටත් කියා සිටිි.
සිය ගණනක් බලා සිටියදි පොලීසිය මෙම අමානුෂික පහර දීම සිදු කර ඇත. 

     

Sunday, April 17, 2016

500ල000ට අධික කොමියුනිස්ට් වරුන් ඝාතනය, ඇත්ත සොයා යුක්තිය ඉටු කිරිමට ඉන්දුනිසියාව සුදානම් වෙයි.


1960  මැද භාගයේදි ඉන්දුනිසියානු හමුදාව හා මුස්ලිම් අන්තවාදින් එක්ව එරට කොමියුනිස්ට් පාක්ෂිකයින් හා හිතවාදීන් සොයාමින් කපා කොටා මරා දමන ලදි. සමුහ මිනි වළවල් සිරුරු වල දම ලදි. ඉන්දුනිසියාව   සුඛර්නො ගේ නායකත්වයෙන් නොබැඳි රාජ්‍යයක් වශයෙන් පෙරට එන ලදි. එරට තුල ශක්තිමත් හා විශාල සමජිකයන් පිරිසක් සිටි කොමියුනිස්ට් පක්ෂය සුඛර්නො පාලනයට සහය දැක්විය.  
1980 මැද භාගයෙදි හමුදා කුමන්ත‍්‍ර්‍යණය දියත්විය. එමගින් ඇමෙරිකානු හිතවාදිවෙයකුවු සුහර්තො බලය ට  පත්විය. සුහර්තො ගේ මෙහයවිමෙන් හමුදාව හා මුස්ලිම් අන්තාවාදින් එක්ව කොමියුනිස්ට් පාක්ෂිකයින් ව හා හිතවතුන් ව සොයමින් අල්ලා සමුහ වශයෙන් කපා කොටා මරා දමන ලදි. මරා දැමු ගණණ ලක්ෂ පහ ඉක්මවිය. ලෞකික රාජයක් ලෙස පැවති ඉන්දුනිසියාව මුස්ලිම් අන්තවාදය රුකුල් දෙන රටක් බවට පත්කරන ලදි. මෙම සමුල ඝාතනය හා නොබැඳි නායෙකුවු සුකර්නො බලයෙන් පහ කිරිම ඇමෙරිකානු කුමණන්ත‍්‍රනයක් ඵළ දැරිමකි.
මෙම සමුලඝාතණය වසන් කිරිමට රජය කෙතෙරම් උත්සහ ගත්ත ද, මරණයෙන් බේරුන හා සිරගතවු අය, සත්‍ය සෙවීම හා යුක්තිය ඉටු කර ගැනිමේ අරගලය අතහැරියේ නැත.එම  අරගලය ජය ගන්නට දරන උත්සහයක් ලෙසට, මෙම මිනිස් සංහාරය ගැන සංවාද ඇති කිරිමට ආණ්ඩුව ඉඩ තිබේ.
Suhartho
ෙකාමියුනිස්ට් හරම් 


ඔලූවට හෝස බටයෙන් ගසා කැ...යා, දණගහපන්කිව්වා. කූඩුවට දැම්මා.බොරු චොදනාවක් දාලා උසාවි දැම්මා

.
  ,
මීට පෙර දාපු බොරු නඩුවට නිවැරදිකරු කිව්වාට තමයි මේ නඩුවත් දැම්මේ. 
හතලිස් හැවිරිදි දයානන්ද කිරි ගොවියෙක්. මාර්තු 27 පාදුක්ක පොලිසියේ කොස්තාපල් සොයිසා හා ජගත් පැමිණ මොහුගෙන් ‘‘බඩු’’ ඉල්ලා ඇත. 

ටික වේලාවකින් උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් ද එතැනට පැමිණ ඇත. ඉන් අයෙක් උප පොලිස් පරීක්ෂක එ්කනායක. ඔවුන් කාරණය සඳහන් නොකර මොහුව පොලිසියට ගෙනගොස් ස්ථානාධිපතිට ඉදිරිපත් කලවිට, උඹද දයානන්ද කියා අසා, හෝස් බටයක් අරන් ඔලූවට ගසා කැ..යා දණගහපන් කියා  දණගස්සවා ඇත. 

එයින් අනතුරුව කූඩුවට දමා, බොරු චෝදනා මත උසාවියට ඉදිරිපත් කර තිබේ.

පොලිසියේ සිටින කාලය තුල උ.පො.ප. සම්පත් තමාට අසභ්‍ය වචන කියා බැණ වදිමින්, මිරිහාන පොලිසියට කියා ඔ 56රැු බෝම්බ දමා හිරේ දාන බවට තර්ජණය කර තිබේ.

මේ ආකාරයට මොහුට විරුද්ධ පොලීසිය කටයුතු කරන්නේ, ඔහු යටතේ සේවය කරන සේවකයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන පොලිස් වධදීම පිළිබඳව මැදිහත්ව එම වින්දිතයින් දෙදෙනාට යුක්තිය ඉටු කරවා දීමට කටයුතු කිරීම නිසාය.

දයානන්ද - අධිකරණයේදී බොරු චෝදනා සියල්ලම ට නිවැරදිකරු බව කියා ඇත. බොරු චෝදනාවලට නිවැරදිකරු කීම තරම් පාපයක් ශ‍්‍රී ලංකා පොලිසියට නැත.

වධදීම හා බොරු චෝදනා දැමීම මගින් පොලිස් කාරයින් මානසික තෘප්තියක් ලබන අතර, අතිරේඛ ආදායමක් ලබා, රාජ්‍ය ආදායම තර කරයි.
දයානන්ද මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසමට කරන ලද පැමිණිල්ලෙන් කරුණු පැහැදිලි වනු ඇත.

‘‘ 2016.04.06 දිනදීය. 

1. 2016.03.27 වන දින උදේ මම මිල්ලෑව, කිඳෙල්පිටිය, නාකන්දල පිහිටි මාගේ සත්ව ගොවිපලට කිරි ගැනීම සඳහා ගියා.
මම එතැන සිටින විට, යතුරු පැදියකින් සිවිල් පිට, පාදුක්ක පොලිසියේ පො.කො.සොයිසා හා පො.කො.ජගත් පැමිණියා.
ඔවුන් මා සමග තොරතුරු විමසමින් සිටින විට, යතුරු පැදියකින් තවත් දෙන්නෙක් ආවා. එයින් එක් අයෙක් උ.පො.ප.එ්කනායක. අනෙක් අය දුටුවොත් අඳුරන්න පු`ඵවන්. ඔහු උප පොලිස් පරික්ෂකවරයෙක්. ඔවුන් සිටියේද සිවිල් පිට.
ඔවුන් මාව රඳවා ගත්තා. ඔවුන්ද මගෙන් බඩු ඉල්ලූවා. මම කිව්වා මම ”බඩු” ගැන දන්නේ නැහැ කිව්වා.
එ් සමග මම දුරකතනයෙන් බිරිඳට කතාකර, පොලිසියෙන් ඇවිත් සිටින බව කියා, ඇයට එන්න කිව්වා. ඇය ද එතැනට පැමිණියා.
එ් අවස්ථාවේ මා අසල බිරිඳ හා චමින්ද ලසන්ත ද සිටියා.
උ.පො.ප.එ්කනායක මට හා ලසන්තට කිව්වා යන්න ලැහැස්තිවෙන්න කියා. 

කිසිම කාරණයක් කිව්වේ නැහැ. ස්ථානාධිපති කිව්වා කියා, මගේ ගේ ලගට එක්ක ගෙන ගියා. ලසන්තව පො.කො.සොයිසා, ඔහු අත තිබූ කිරි කෑන් එකද සමග යතුරු පැදියෙන් ගෙන ගියා. මම වෙනම මාගේ යතුරු පැදියෙන් බිරිඳ සමග නිවස ලඟට පැමිණියා.
බිරිඳ ඔවුන්ට කිව්වා ලක්ෂ ගානක හරක් ඉන්නවා, මම විතරයි තනිවම, එ්වාට වගකියන්න සූදානම් වෙන්න කියා. එ් සමග ඇය මානව හිමිකම් කොමිෂමට කතා කිරීමට උත්සාහ ගත්තා. නමුත් එය සාර්ථක වූයේ නැහැ.
එ් අතර, ලසන්තට උඹට නඩුවක් දාලා තියෙන්නේ කියා, මාව පමණක් පොලිසියට ගෙන ගියා. 
මාව ගෙනගියේ යතුරු පැදියේ. එ් ගෙන ගියේ උප පොලිස් පරීක්ෂක. ඔහුගේ නම දන්නේ නැහැ. දුටුවොත් අඳුරන්න පු`ඵවන්.
දිග හෝස් බටය අරන් මගේ ඔලූවට වේගයෙන් ගැහුව්වා. ඔලූව මැදට. එ් පාර වැදුනා. මාව හිරි වැටුනා. ඊට පස්සේ මට කිව්වා ”කැරියා, දණ ගහපන්” කියා. මම දණ ගැහුව්වා. විනාඩි 5ක් විතර ඉන්න කොට, නැගටපන් කියා, උ.පො.ප.එ්කනායකට කතාකරලා කිව්වා. මූට ගහලා නඩුවක් දාපන් කිව්වා. 
උ.පො.ප.එ්කනායක මාව ගෙනගොස් කූඩුවට දැම්මා. මම කූඩුවේ ඉන්නකොට, රාත‍්‍රී 10ට විතර උ.පො.ප.සම්පත් කූඩුව ලඟට ආවා. මට ෙදාර ලඟට කතා කලා. උඹේ පැත්තක් වැඩියි කිව්වා. උඹේ චන්ඩිකම් වලට ම මබය නැහැ,  ඕන කොමිෂමකට පලයන් කිව්වා. උඹව මම ආයෙත් ගන්නවා කිව්වා. 
පසුදා උදේ 9ට විතර, මාව ෙදාර ඇර, පො.කො.කෙනෙක් පැමිණ එළියට අරන් පිටිපස්සේ කාමරයකට ගෙන ගියා. මාගෙන් මොකද කියන්නේ කියා ඇසුවා. මම කිව්වා කියන්න දෙයක් නැහැ කියා. මම ඇහුව්වා මාව ගෙන ආවේ මොකටද කියා. 
ඔහු මට කිව්වා අපිට කරන්න දෙයක් නැහැ, ලොකු මහත්වරු කියනදේ තමයි අපිට කරන්න තියෙන්නේ කියා.
ඔහු මට කිව්වා ලොකු මහත්වරු කියපු විදිහට, මම ලියලා තියෙනවා අරක්කු බෝතල් 2ක් දාලා. මේකට අත්සන් කරපන් කිව්වා. 
මම බෑ කිව්වා. ගුටි කන්න වෙයි කිව්වා. මම බයේ අත්සන් කලා.
එ් සමග එතැනට පො.කො.ජගත්, පො.කො.මහේෂ් ආවා. ප‍්‍රකාශ ලියාගත් පො.කො.වරයා කිව්වා චමින්ද උඹේ ගෝලයානේ, මේ ගොල්ලන්ට විරුද්ධව දාලා තියෙන පැමිණිල්ල අයින් කරලා දීපන් කියා. මම බලන්නම් කිව්වා. නැවත මාව කූඩුවට ගිහින් දැම්මා. 
දහවල් 2.00 ට පමණ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. මා වෙනුවෙන් නීතිඥ ගම්ලත් මහත්මිය පෙනී සිටියා. එ් මහත්මිය අධිකරණයට සියලූ විස්තර කියා සිටියා. මම චෝදනාවලට නිවැරදිකරු බව ප‍්‍රකාශ කලා. ශරීර ඇප මත මුදාහැරියා.මීළඟ නඩුව 2016.04.29 දින වේ.

2. ඉන් අනතුරුව, 2016.04.03 ඉරිදා, උදේ 9.30 ට මා රාජකාරිකරන හයිලෙවල් පාරේ,ගලගෙදර හංදියේදී, මාව පාදුක්ක පොලිසියේ උ.පො.ප.සම්පත් විසින් නතර කලා. ඔහු මගෙන් යතුර පැදියේ ආදායම් වාර්තාව, රක්ෂණ සහතිකය හා ජංගම දුරකථනය ලබා ගත්තා. ඔහු එ් සියල්ලම සාක්කුවේ දාගෙන මට බයිසිකලය ගනින් කියා, මාව අඬගහගෙන මීපේ හංදියේ, වාහන පරීක්ෂා කරන තැනට ගෙන ගියා. එතැනදී මාගේ ජංගම දුරකථනයට කෝල් එකක් ආවා. මම එ්වාට පිළිතුරු දෙන්න ඉල්ලූවා. නමුත් දුරකථනය මට දුන්නේ නැහැ.
මම ඔහුට කිව්වා මම දැන් යන්නේ වෛද්‍ය කාර්යාලයට හදිසි වැඩකට, මට එයට කෝල් එකක් ගන්න දෙන්න කියා ඉල්ලා සිටියා. 
එවිට ඔහු කෝල් එක අරන් දුන්නා ශබ්දය වැඩි කරලා. මම ඔහුට විස්තරය කිව්වා. පොලිසියෙන් අල්ලන් ඉන්න බව කිව්වා. එය ලබාගත් මලිත් නැමැති නිලධාරියා එතැනට ආවා. මම ඔහුට විස්තර කියා ගෙදරට දන්වන්න කියා එම නිලධාරියාට කිව්වා. 

මාව පොලිසියට ගෙනයන විට ගේට්ටුව ලඟ බිරිඳ හිටියා. එයා කෑ ගැහුව්වා. පර්ස් එක, දුරකථනය මට දුන්නා ඇයට දෙන්න කියා. 
එතැනින් මාව පාදුක්ක පොලිසියට ගෙන ගියා. මාව පොලිසියට ගෙනගොස් කූඩුවට දැම්මා. 
මාව බිරිඳට බලන්න ඉඩදුන්නේ නැහැ. මාව කූඩුවට දාන අවස්ථාවේ චමින්ද ලසන්ත කූඩුවේ සිටියා. 
එදිනම මාගේ බිරිඳ, හොරණ එ්.එස්.පී.කාර්යාලයට පැමිණිලි කරන්න ගියද, පැමිණිල්ල බාරගෙන නැහැ. ඊට පස්සේ බිරිඳ නීතිඥ රංජිත් ආරච්චිගේ මයාව, පොලිසියට එවා තිබුනා. එ් මහතා සමග කතා කලා. 
එදින රාත‍්‍රියේ, උ.පො.ප.සම්පත් මාව එළියට අරන් කාමරයකට ගෙන ගොස් විනාඩි 45 ක් පමණ තියාගෙන, සිට මාව යලිත් කඩුවට දැම්මා. එ් අතර මට මෙහි සඳහන් කරන්න බැරි තරමේ කුණුහරප කියමින් බනිමින්, ඔ56 ක්, බෝම්බයක් දානවා, මිරිහාන පෙලාසිය මගින් මාව හිරේ දාන බවට දිව්රා ප‍්‍රකාශ කලා. උඹට පුලූවන්නම් මෙතනට නඩු කාරයාව ගෙනාවත්, මම කරන දේ දන්නවා, නිවැරදි කාරයා කියූ නඩුවට වැරදි කාරයා කියපන් කිව්වා.
පසුවදා උදේ, 2016.04.05 දින උදේ 9.00 ට පමණ මගෙන් ඔවුන් ලියපු ප‍්‍රකාශයකට අත්සන් ගත්තා. 
එදින දහවල් 12.30 ට පමණ අවිස්සාවේල්ල උසාවියට ගෙන ගියා. එහිදී මා වෙනුවෙන් නීතිඥ විජයානන්ද පත්මසිරි මයා අධිකරණයට කරුණු වාර්තා කලා. මා නිවැරදිකරු බව ප‍්‍රකාශ කලා. මට රුපියල් 5000/= මුදල් ඇප හා රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇපයක් මත මුදා හැරියා. මීලඟ නඩුව 2016.07.14 දින වේ. නඩු අංකය 98502 වේ. 

මා ඉල්ලා සිටින්නේ,
ඉහත සඳහන් ආකාරයට නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, බොරු නඩු දැමීම ගැන - නීතිමය පියවර ගන්නා ලෙසට හා මේ ආකාරයට පොලිසිය සිදුකරන අපරාධ වලක්වාලන ලෙසට ය.’’



පොලිසිය පගා ගන්නේ පඩි අඩු හින්දා SDIG පුජිත කියයි.


පොලිස්පති ධුරයට තරඟ වැදි සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර පසුගියදා ඩෙලිමිර් පුවත් පත සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් සියලූම පොලිස් නිලධාරින් දුෂිතයින් නොවන බවත්, දුෂිතයින් ටික දෙනෙක් නිසා පොලිසියටම චොදනා එල්ලවි ඇති බවත් කියා තිබේ. 
රථ වාහන පොලිසිය පගාගන්නා බව පිළි ගන්නා ඔහු එයට හේතුව පඩි අඩු කම බව කියයි.
පගා ගහන්නේ රථ වාහන පොලිසිය පමණක් නොවන බව මේ රටේ ජනයා දනිති. පොලිස් දුෂණ, අක‍්‍රමිකතා, නිති විරෝධි ක‍්‍රියා ගැන පත්තරය ද ප‍්‍රශණ කොකරයි. එ් ගැන මොහු ද කථා නොකරයි. ඉංජිනේරු සිසුන්ට එල්ල කල ප‍හරදීම් සාධාරිණි කරණය කරයි. ප‍්‍රරජා පොලිසිය ඇති කරන්න වැඩ සටහන් කරලා තියෙනවාලූ.  

Saturday, April 16, 2016

අයමපාලනයකට අරඅඳින පාදුක්ක පොලිසිය.


අප්‍රිෙයල් 03 රෑ  7ට පමණ පාදුක්ක පොලිසියේ උ.පො.ප.සම්පත හා තවත් නිලධාරියෙක් යතුරු පැදියකින් පැමිණ, මානව හිමිකම් එකේ දාපු නඩු අයින් කරපන්. අරක්කු නඩුවට වැරදිකරු බව පිලිගනින් යයි කියමින්, අත්අඩංගුවට ගෙන යතුරු පැදියේ මැද තබාගෙන පාදුක්ක පොලිසියට ගනෙවිත්, දින 3ක් රඳවා තබාගෙන කසිප්පු බෝතල් 8ක් ලඟ තබාගත් බවට බොරු චෝදනාවක් ලියා අවිස්සාවේල්ල උසාවියට ඉදිරිපත් කරනු ලැබූ ලසන්ත කුමාර, අධිකරණසේදි චොදනා වලට නිවරැදි කරු බව කිව්ෙව්, නොකළ වැරදි වලට වැරදිකරු කියන්න ට තරම් නිවටයෙකු නොවන බව පෙන්වා දෙමින්ය. 
මාර්තු 02 වන දින, මෙම උප පොලිස් පරීක්ෂක සම්පත්, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ දී, බොරු චෝදනා මත උසාවියට ඉදිරිපත් කල අවස්ථාවේ, එම චෝදනාවලට නිවැරදිකරු බව ප‍්‍රකාශ කිරීම, මෙසේ දෙවන වරටද, ලසන්ත කුමාරව අත්අඩංගුවට ගෙන වධදි, බොරු නඩු දැම්මේ පළිගැනීමට බිය වැද්දීමට ය. 
පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති හා උ.පො.ප.සම්පත් ඇතුලූ නිලධාරීන් උත්සාහ ගන්නේ, යහපලනය වෙනුවට පවතින යමපාලනය තහවුරු කිරිමටය. 
මේ ශ‍්‍රී ලංකා පොලිසියේ  ඉහලයන්ගේ අනුග‍්‍රහය ඇතිව, පොලිසිය බාර ඇමතිගේ අනු දැනුම යටතේ, හා ජාතික පොලිස් කොමිෂමේ බෙලහීනකම උපයෝගී කරගෙන අනුගමනය කරන පොදු පිළිවෙතයි මේ.
මෙය වහාම නැවැත්වීමට යහපාලන ආණ්ඩුව පියවර ගත යුතුයි.
එසේ නැතිව ගොඩ නැගිය හැකි සංහිඳියාවක් නොමැති බව අවධාරණය කරමු.
පහත දැක්වෙන්නේ, ලසන්ත කුමාර මුහුණ දුන්න, සිද්ධීන් දෙක පිළිබඳව මානව හිමිකම් කොමිෂමට, ජාතික පොලිස් කොමිෂමට හා පොලිස්පති අමතා ඉදිරිපත් කරන ලද පැමිණිලි දෙකයි. 
රටේ මානව හිමිකම් තත්වය ගැන එක්සත් ජාතීන් මොනවා කිව්වත් යථාර්තය මෙම සිද්ධීන්ගෙන් පැහැදිලි වනු ඇත. 

1. 2016.03.10 දින පළමු පැමිණිල්ල:- 
‘‘ අත්අඩංගුවට ගෙන, වධ දී, බොරු නඩු දැමීම.
2016 මාර්තු 02 වන දින උදේ 10.00 ට පමණ, මිල්ලෑව රාජ්‍ය වතු යායේ, මී හරක් 23 කු කවන්න දිගේලි කර, එම සතුන් බලාගෙන හිටියා. 
එසේ සිටින විට, හතර දෙනෙක් මා අසලට ආවා. ඔවුන් පොලිස් නිලධාරීන්. එක් අයෙක් පමණක් නිල ඇඳුමින් සිටියා. ඔවුන්ගේ නම්, උ.පො.ප. සම්පත්, කොස්තාපල්වරුන් වන පසිඳු, විශ්ව හා සිල්වාය. ඔවුන් දුටුවොත් අඳුරන්න පු`ඵවන්. ඔවුන් සියලූම දෙනා පාදුක්ක පොලීසියට අයත් අය.
එස්.අයි. සම්පත් නිල ඇඳුමින් සිටියා. මට කිව්වා දීපන් අරක්කු කියා. මම කිව්වා අරක්කු විකුණන්නේ නෑ කියලා. 
මට එච්චරයි කියන්න හම්බ වුනේ, එස්.අයි. සම්පත් මිට මොළවා මගේ මුහුණට හතර පස් වතාවක් ගසා, පිස්තෝලය ඇදලා අරන් පිස්තෝලයේ මිටෙන් කටට ගැහැව්වා. ලේ දැම්මා. ඊට පස්සෙ බිම දමා දෙන්නෙක් අත්දෙක උඩ නැග පාගා, එක් අයෙක් පපුව උඩට නැග්ගා. ඊට පසුව පොලූවලින් ගහන්න පටන් ගත්තා. මට කල්පනාව නැති වෙනකම් ගැහැව්වා. නැගිට ගන්න බැරිවුණා. ඊට පස්සෙ මාව අත් දෙකෙන් ඇගෙන හරක් මඩුව ළඟට ගෙනත් දැම්මා.  
මඩුවේ ඇතුලේ ඉඳන් බත් පිඟාන අතේ අරගෙන මා සමග වැඩ කරන සිරිඥන එළියට ආවා. එස්.අයි. සම්පත් සිරිඥන ළඟට ගොස් ඔහුට ගහන්න පටන් ගත්තා. වැටුණු සිරිඥනට එස්.අයි. සම්පත් පයින් ගැහුවා. 
ඊට පස්සෙ මගේ ළඟට ඇවිල්ලා මාගේ අත් දෙකෙන් අල්ලා බිම දිගේ මීටර් 200 ක් විතර එහා තිබූ පාරට ඇදගෙන ආවා.
එතැන බටර් පාට පොලීසියේ ත‍්‍රී රෝද රථයට මාව දැම්මා. එ් හතර දෙනා මාව පාදුක්ක පොලීසියට ගෙන ආවා. 
මාව ගෙන ගියේ පොලීසියේ පිටුපස්සට. මාව බස්සා, මට පරණ මේස් බැනියමක් දුන්නා ලේ පිහදා ගන්න කියා. මගේ කටෙන් හා නාසයෙන් ලේ දමන්නට වුණා. කකුල්වලින් අත්වලින් ලේ ගලමින් තිබුණා. 
මේ වනතුරු ද මාගේ කටින් හා නාසයෙන් ලේ ගලනවා.
ඉන්පසු පොලීසිය ඇතුළට ගෙනිහිල්ලා රිසව් එකෙන් පෝරමයක් රැුගෙන, එම ත‍්‍රී රෝද රථයේම දාගෙන හෝමාගම රෝහලට ගෙන ආවා. ගෙන එන අතර මගදී නවත්වා, එස්.අයි. සම්පත් මට කිව්වා උඹ එළියේ ඉන්න කැමති නම් අපි කියන දේ කරන්න කියා. 
මම මොකක්ද කරන්න  ඕන කියා ඇහුවා. එස්.අයි. සම්පත් කිව්වා, න්‍ඵධ මහත්තයා ළඟට දැම්මාම, උඹ දුවන්න ගිහිල්ලා වැටුණා කියලා කියපන්, නැති නම් අවුරුදු 2ක 3ක් ඉන්න බෝම්බයක් දාලා යවනවා කිව්වා.
මාව හෝමාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ළඟට ගෙන ගියා. එස්.අයි. සම්පත් ළඟ හිටියා. මම වෛද්‍යවරයාට කිව්වා දුවන්න ගිහිල්ලා වැටුණා කියලා. පරීක්ෂා කරන්නේ නැතිව නම, වයස, ලිපිනය අසා මට එළියට යන්න කිව්වා. 
නැවත මාව පාදුක්ක පොලීසියට ගෙනවිත් කූඩුවට දැම්මා. පහුවදා උදේ වෙනකම් ලේ පෙරමින් කූඩුව ඇතුලේ හිටියා. 
පසුවදා උදේ (2016.03.03* 10.30 ට විතර මාව එළියට අරන්, කෑන් එකකටයි, බෝතලේකටයි ඇඟිලි සලකුණු බලෙන් අරගත්තා. නැවත කාමරයකට අරන් පොතක මොනවද ලියා මගෙන් අත්සන් ගත්තා. ඊට පස්සෙ නැවත කූඩුවට දැම්මා. උදේ 10.00 විතර අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. 
අධිකරණයේදී මගෙන් අරක්කු බෝතල් පහකට වැරදිකරු ද, නිවැරදිකරු ද කියා ඇසුවා. නීතිඥ මහතා මගින් මා නිවැරදිකරු බව ප‍්‍රකාශ කළා. එ් අවස්ථාවේ මාගේ නීතිඥවරයා ප‍්‍රකාශ කළා මට ගහලා තිබෙන බව. එ් වෙලාවේදීත් මගේ ඇහැ ඉදිමිලා තිබුණා. නඩු කාරයා මගේ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා රු: 10,000/- ක මුදල් ඇපයක් හා රු: ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරියා. 
සවස 2.30 ට පමණ උසාවියෙන් පිට වුණා. මා ත‍්‍රී රෝද රථයකින් ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරගෙන හෝමාගම රජයේ රෝහලට ගෙදර අය සමග පැමිණියා. රෝහලේදී පොලීසිය ගහපු බව ප‍්‍රකාශ කළා. 
දින 05 ක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරී බැලූවා. මගේ ඇස්වලට ලේ බැහැලා තිබුණා. දත් හතරක් බුරුල් වෙලා මුහුණේ පැත්තක් හිරිවැටිලා තිබුණා. මුහුණේ හිරි වැටීම සුව වෙනකම් දත්වලට ප‍්‍රතිකාර කරන්න බැරි බව ප‍්‍රකාශ කළා.
රෝහලේ සිටියදී මාගෙන් පොලීසිය ප‍්‍රකාශයක් ගත්තා. මා සියලූ විස්තර කියා සිටියා.
මා පසුගිය වසරේ නීති විරෝධී මත්පැන් අලෙවි කළා. මට විරුද්ධව නඩු 8 ක් පමණ දැම්මා. එ් නඩු සියල්ලටම මම වැරදිකරු බව පිළිගෙන දඩ ගෙව්වා. මා ඉන්පසු එම නීති විරෝධික‍්‍රියාව නවතා දැම්මා.
මේ අවස්ථාවේ මාව අත්අඩංගුවට ගත්තේ බොරුවට. එ් නිසා මා නිවැරදිකරු බව ප‍්‍රකාශ කළා.
මා ඉල්ලා සිටින්නේ, 
(1) අමානුෂික ලෙසට පහර දී වධහිංසා පමුණුවා 
(2) බොරු නඩු දැමූ 
පාදුක්ක පොලීසියේ උප පොලිස් පරීක්ෂක සම්පත්, කොස්තාපල්වරුන් වන පසිඳු, විශ්ව හා සිල්වා යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.’’  

2. 2016.04.06 දින දෙවන පැමිණිල්ල:- 
‘‘ අත්අඩංගුවට ගෙන, වධ දී, බොරු නඩු දැමීම.  2016.04.03 වන දින රාත‍්‍රී 7.00 ට පමණ, මා, මොරගහහේන, කිදෙල්පිටිය, නාකන්දල ගමේ පිහිටි, හරක් පට්ටිය ළඟ වැඩ කරමින් සිටිය දී,
පාදුක්ක පොලීසියේ, උ.පො.ප. සම්පත් හා තවත් නිලධාරියෙක්, කලූපාට යතුරුපැදියකින් පැමිණියා. මගේ බෙල්ල මිරිකා, මාව යතුරුපැදියේ මැද තබාගෙන පාදුක්ක පොලීසියට ගෙන ආවා.
පොලීසියේදී, උ.පො.ප. සම්පත්, මට කිව්වා, උඹේ මානව හිමිකම් එකේ දාපු නඩු අයින් කර ගනින්, අරක්කු නඩුවට වැරදිකාරයා කියපන් කියා.
මම බෑ කිව්වා. එවිට කූඩුවට දැම්මා. ගෙදර අයට බලන්න දුන්නේ නෑ. වෙනත් අයව බලන්න එන අය මට කෑම දුන්නා.
මාව, ඊයේ 2016.04.05 දවල් 12.30 පමණ අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් උසාවියට ගෙන ගියා. මා වෙනුවෙන් නීතිඥ විජයානන්ද පත්මසිරි මහතා පෙනී සිටියා.
මට විරුද්ධව කසිප්පු බොතල් 08 ක් ළඟ තබාගත් බවට බොරු චෝදනාවක් දමා තිබුණා.
මාව උසාවියට ඉදිරිපත් කළ වෙලාවේ කසිප්පු බෝතල් ඉදිරිපත් කර තිබුණේ නැහැ.
නීතිඥ මහතා මාව, 2016.04.03 අත්අඩංගුවට ගත් බවත්, දින 03 ක් නීති විරෝධීව රඳවා තබාගෙන සිටි බවත්, මීට පෙරද බොරු නඩු දමා ඇති බවත් කියා සිටියා.
මාව රුපියල් 5000/- ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරියා. 
නඩු අංකය : 98499 වේ. මීළඟ නඩු දිනය 2016.07.14
මා ඉල්ලා සිටින්නේ,
මේ ආකාරයට වධ දීමට හා බොරු නඩු දැමීමට එරෙහිව නොපමාව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසටය.
මේ සමග මා 2016.03.10 දින කරන ලද පැමිණිල්ලේ පිටපත ද ඉදිරිපත් කරමි.’’

Friday, April 15, 2016

වධහිංසාවෙන් සපිරි ශ‍්‍රි ලංකාවක් උදෙසා පොලීසීය සුර්ය මංගල්‍යය සමරයි. පරණ අවුරුද්දෙන් පටන් අරන්, නැකතටත් පණදෙයි.


පරණ අවුරුද්දේ අත්අඩංගුවට ගෙන, මේ ලියන මොහෙත දක්වාම 19 හැවරිදි තරුණයෙකු රඳවා ගෙන වධ දෙන පානදුර දකුණ පෙලීසිය, ආණුඩුවේ යහපාලනය, සංහිඳියාව හා නීතිය, ලැබුවා වු නව වසරේ දිත් විගඩමක් බවට පත් කරන බවට සපත කරයි.
2016.04.15 දින, 43 හැවරිදි ශ‍්‍රියාලතා ප‍්‍රකාශ කරන පරිදි, නිවසේ සිටි තම 19 හැවරිදි කිතුම් පුතාව, 10 වන ඉරිදා දවල් 1.00ට පමණ අත්අඩංගුවට ගත්තේ සිවිල් පිට යතුරු පැදියකින් පැමිණි පානදුර දකුණ පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු විසිනි. ඔවුන් පැමිණි යතුරු පැදැයේ මැද තියාගෙන පුතාව රැුගෙන ගිය ද, කාරණය කියා නැ.
එදින සිට අද දින දක්වාම පොලිසියේ රඳවා ගෙන වධදෙනු ලබන බව පවසන ඇයථ විටින් විට කුඩුවෙන් එලියට අරන් උඩ තට්ටුවේ අපරාධ අංශයට ගෙන ගොස් පහර දෙන බවත්, මේ වන විට ා. වැඩියෙන් ම ගහලා තියෙන්නේ යටි පතුවලට බව කියා සිටි. මෙම වධදීම් කරන්නේ අපරාධ අංශයේ ටෙරන්ස් සිල්වා නැමැති නිලධාරියා බවද ඇය වැඩිදුරටත් කියා සිටි.
දින 10ක් ගතව ඇතත් පුතාව උසාවියට දාන්නේ නැත්තේ තුවාල නිසා බවද, බොරු චොදනා දාලා උසාවි දාන්න හදන බවද සඳහන් කරයි.
යහපාලනය යනු නීතිය මත පාලනයයි. රටක පොලීසිය ආණ්ඩුවේ ප‍්‍රපත්ති වලට පටහැනිව යමින් නිතිය රකින ආයතණයක් බවට පත් කරන්නට බැරි නම්, යහපාලනය විගඩමක් වනු ඇත. පොලිස් කොමිසම උදවිය නින්දෙන් ඇහරෙන්නේ නැතිවම සුරලොව යයිද?


විදෙස් බලපෑම් වලින් යුරෝපීය මුස්ලිම් වරුන් මිදිය යුතුයි. හලාල් සමග pork


තුර්කිය හා සව්දි අරාබිය ඇතුලූ විදෙස් රට වලින් මුස්ලිම් දේවස්ථාන වලට හා පෙර පාසල් වලට ලැබෙන ආධාර තහනම් කිරිම ඇතුලූ නව නීති රැසක් ගෙන එ්මට ජර්මනිය සැරසේ. 

යෝජිත නව නීති වලට අනුව මුස්ලිම් ප‍්‍රජාවට ආගමික සේවාවන් සපයන ඉමාන් වරුන් ජර්මනියේ පුහුණ කළ යුතු වන අතර, දේව මෙහෙයන් ජර්මන් බසින් පැවැත් විය යුතු වේ. සැම දෙනාම ජර්මන් වටිනාකම වලට අනුගත විය යතු වේ. ජර්මනිය තුල සංස්කෘතික විවිධත්වය අසාර්ථකව ඇතයි ද පැවසේ. 

මේ අතර එරට සත්ව අයිතීන් සඳහා පෙනී සිටින, අවිහිංසා වාදීන්, හලාල් මාංශ වලට විරෝධය පාමින්, එරට සුපිරි වෙළඳ සැල් වල හලාල් මස් සමග ඌරු මස් ද විකිණීමට තැබිය යුතු බවට කියායි.

මේ සියල්ල පෙන්නුම් කනරන්නේ යුරෝපය පුරා නැගෙන ඉස්සලාම් විරෝධය බව පෙන්වා දෙන විචාරකයින් මෙම ත්ත්වය උග‍්‍රවිමට එක් හේතුවක් වි ඇත්ෙත් ජර්මන් හමුදා භටයි 29කු දෙනෙකු සිරියාවේ අයි.එස්.අයි.එස් සමග එක්ව ඇති බවට එරට අභ්‍යන්තර අමාත්‍යාං සය කළ හෙළිදරුව්ව යයි. 

බුදුුන් වහන්සේගේ 2560 වන ජන්මන සංවත්සරයට රාජ්‍යය නායකයින්ට ඇරයුම්


නේපාල රජය බුදුන් වහන්සේ ගේ 2560 වන ජන්ම සංවත්සරය මුලික කරගෙන ලබන මස 19-20 කත්මන්ඩු නුවර පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සමු`ථවට ඉන්දීය අගමැති, චින ජනාධිපති හා එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ට ඇරයුම් කර තිබේ. එමෙන්ම ඉන්දීය බිහර් ප‍්‍රාන්ත මහා ඇමති ට ද මෙම සංවත්සර උළෙලට ඇරයුම්

Wednesday, April 13, 2016

හින්දු කුලවාදයෙන් නිදහස් වීමට බුදු දහම පිළිගනී


රෝහිත් වෙමුලා හයිද‍්‍රාභාද් සරසවියේ ආචාර්ය උපාධියට සුදානම් වෙමින් සිටි 27 හැවරි තරුණයෙකි. ඩලිත් කුලයට අයත් උපාධි අපේක්ෂකයින් හින්දු අන්තවාදි භාරතීය ජනතා පක්ෂ ක‍්‍රියාකාරින්ගේ තාඩන පිඩාවන්ට ලක්වන්ට විය. එ් පමණක් අගමැති මොඩි නායකත්වය දරන හින්දු අන්තවාදි භාරතීය ජනතා පක්ෂිකයින් ගේ බලපෑමට පංති තහනමට පවා ලක්වන්නට මොහුට සිදුවිය. මෙම පිඩාවන් හමුවේ සරසවි නේවාසිකා ගාරයේ කාමරය තුල සිය දිවි හානි හානි කර ගන්නාලදි.
ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ බි.ආර්.අම්බෙක්කාර් ඩාලිත් කුලයට අයත් වුවෙකි. ඔහු හින්දු ආගම අතහැර බුදු දහම පිළිගත්තේ කුල වාදයෙන් නිදහස් වීමටය. එ් 1951 දීය. මා උපත ලැබුවා වුවද, හින්දු ආගමික යෙකු වශයෙන් මා මිය යන්නේ නැත යන ඔහු ගේ ප‍්‍රකට කියමන සිහිපත් කළ යුතුය.
 මිය යන විටද තම සොහොයුරා හින්දු ආගම අතහැර නොසිටියද, ඔහුගේ අවසන් කටයුතු බෞද්ධ චාරිත‍්‍ර අනුව සිදු කරව ලද බව, පැවසු රාජා, තමා ඇතුලූ මුලූ පවුලම හින්දු කුලවාදයෙන් නිදහස් වීමට බුදු දහම පිළිගත් බව ප‍්‍රකාශ කළේය. 
රෝහිත් වෙමුලාගේ මරණයට විරෝධය පළකරමින් සිසු විරෝධතා හට ගෙන ඇති අතර, මුම්බායි නුවර කොන්ග‍්‍රස් කරුණයින් ගේ රෝහිත් ගේ මව ඇතුලූ පවුලේ සාමජිකයින් එක්විය.
බි.ආර්.අම්බෙක්කාර් ගේ 125 ජන්ම සංවත්සරය එක්සත් ජාතීන්ගේ මුලිකත්වයෙන් පැවෙත්වෙන අවස්ථවේ මෙම ඛෙජවාදකය සිදුවීම මගින් හින්දු ආගම හා පලපැදියම්වු කුල ක‍්‍රමය වෙනසක් ඇති කරන්නට බැරිව ඇති බවයි.
මේ අතර පශ්චාත් උපාධිධාරයෙකු වන රාජාට රැුකියාවක් ලබාදිමට දිල් මහා ඇමති ඉදිරිපත්ව සිටි.   





Saturday, April 9, 2016

ගැස් ලිපයි,ගැස් සිලින්ඩරයයි, බැරල් බාග දෙකක් යිෟෟ පොලිසිය මංකොල්ල කයි!!!


මෙම පොලිස් මංකොල්ලය සිදු කර ඇත්තේ බණ්ඩාරගම පොලීසියේ උ.පො.ප. දයාරත්න ප‍්‍රමුඛ නිලධාරින් පිරිසක්.
ගිහාන් මධුසංක හිටපු රණවිරුවෙක්. පොලිස් නිලධාරියෙකුගේ පුතෙක්. සත්ව ගොවිපොලක් පවත්වා ගෙන යන අයෙක්.
ඔහු මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පති වරයා ට ලිඛිතව කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
2016.04.02 වන දින උදේ 7.00 ට පමණ බණ්ඩාරගම පොලීසියේ නිලධාරින් තිදෙනෙක් නිවසට පැමිණ මා ගැන බිරිඳගෙන් විමසා තිබේ. කාරණය කියා නැහැ. මා එ් අවස්ථාවේ අසල වැඩකට ගොස් සිටියා. මව, මට දුරකථනයෙන් කථා කර කිව්වා පොලීසියේ ඇවිත් ඉන්නවා එන්න කියා. මා එ් විගසම නිවසට පැමිණියා.

මා එනවිට එම නිලධාරින් ගේ හා අවට සොදිසි කර තිබුනා. මා පැමිණි විගසම, උ.පො.ප. දයාරත්න, නිවසේ තිබු ගැස් ලිප, ගැස් සිලින්ඩරය හා බැරල් බාග පෙන්නා විස්තර විමසුවා. මා එ් සම්බන්ධ සියලූ විස්තර ඔහුට කිව්වා.

එ් සියල්ල අසා සිටි ඔහු, බැරල් බාග 2ක්,  ගැස් ලිප සහ ගැස් සිලින්ඩරය සමග මාව අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව ත‍්‍රිවිල් එක ක බරල් බාගයක්, ගැස් ලිප සහ ගැස් සිලින්ඩරය පටවා ගෙන ගිය අතර, අනෙක් බැරල් බාගය සමග මාව යතුරු පැදියකින් පොලීසියට ගෙන ආවා.

පොලිසියේ දි මාව කුඩුවට දැම්ම. සවස 4.00ට පමණ කූඩුව ඇතුලේ දි කොළ කැබැල්ලකට අඟිලි සළකූණු ගත්තා. ඉන් පසු මා ගේ පුද්ගලික තොරතුරු විමසා ලියන ලද ප‍්‍රකාශයකට අත්සන් ගත්තා. ප‍්‍රකාශය කියවන්න හෝ කියවා තේරුම් කර දුන්නේ නෑ. බලෙන් අත්සන් ගත්තා.
සවස 6.30ට පමණ, 2016.04.08 උසාවි එන ලෙසට දැනුම් දි පොලිස් ඇප මත නිදහස් කළා.

එ් අනුව, මා 2016.04.08 හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුනා. මට විරුද්ධව ගෝඩා ලඟ තබා ගැනීම ගැන චෝදනාවක් දමා තිබුනා. මම එම චෝදනාව ප‍්‍රතික්ෂේප කළා. උසාවියට මාගෙන් ලබා ගත් බැරල් බාග දෙක, ගැස් ලිප සහ ගැස් සිලින්ඩරය ඉදිරිපත් කර තිබුනේ නෑ. එ් වායේ වටිනාකම රුපියල් දසදාහක් (රු.10,000/-* පමණ වේ.

මෙයින් පැහැදිලි වන්නේ උ.පො.ප. දයාරත්න මාගෙන් ලබා ගත් බැරල් බාග දෙක, ගැස් ලිප සහ ගැස් සිලින්ඩරය සොරකම් කර ඇති බවයි.

මා ගේ බිරිඳ ඇප දෙන අවස්ථාවේ පොලිසිය බැරල් බාග දෙක, ගැස් ලිප සහ ගැස් සිලින්ඩරය ලබා ගත් බවට ලියවිල්ලක් හෝ රිසිට් පතක් දෙන ලෙසට කරන ලද ඉල්ලීම, රිසව් එකේ සිටි  පොලිස් නිලධාරියා ප‍්‍රතික්ෂේප කර තිබුනා.





ලොයර්ට උසාවි ගිහිල්ලා පු....... දීපන්! මට එක එකාට පු....... දෙන්න ඔනි නෑ!!, පොලීසියට ගිහිල්ලා බලා ගමු ..........!!! OIC අපරාධ, පනදුර දකූණ පොලීසිය.



පානදුර දකුණ පොලීසය සිදුකළ  ‘‘ නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, ර`දවා ගැනීම හා නින්දා අපහස කිරීම’’ අදාලව, පානදුර දකුණ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ටෙරන්ස් ද සිල්වා ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට, පානදුර නගරයේ රුපලාවන්නි වේදියකු විසින් මානව හිමිකම් කොමිෂන් සභාව ට, ජාතික පොලිස් කොමිෂන් සභාව ට හා , පොලිස්පතිවරයා ට කරන ලද ලිඛිත පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටි.

හිටපු පොලිස් ස්ථානාධිපති වරයෙකුගේ දියණියකට එරෙහිව කලූතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුවක සාක්ෂිකරයා වු මොහුට බලපෑම් කිරිම සඳහා මෙම නීති විරෝධි ක‍්‍රියාව සිදුකරන්නට ඇති බවට සැකයක් පවති.

ඔහු සිය පැමිණිල්ලෙ මෙසේ සඳහන් කරයි.
2016.04.08 වන දින සවස 05ට පමණ මම, මාගේ, සැලොන් එකේ රාජකාරි කරමින් සිටියදි, පානදුර දකුණ පොලීසායේ නිලධාරි දෙදෙනෙක් සිවිල් පිට පැමිණ,වරෙන්තුවක ට අත්අඩංගුවට ගන්න අවශ්‍ය බව කියා සිටියා. එවිට මා, කලූතර මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවතින, මා පැමිණිලිකාරය වන, අංක 16936 නඩුවට අදාලය වරෙන්තුව ආපසු කැඳවා ඇති බව පවසා, එ් හා අදාලව අධිකරණය නිකුත් කළ ලිපිය පෙන්නා සිටියා. එවිට එම ලිපිය පරික්ෂා කළ එම නිලධාරින් එය පිළිගෙන යන්න ගියා.

විනාඩි 10කින් පමණ, පානදුර දකුණ පොලීසියේ ජිප්රථය පැමිණයා. එහි ඉදිරිපිට සිවිල් ඇඳුමින් අසුන් ගෙන සිටි නිලධාරියා මට අතින් ජිප් රථය ලඟට කැඳෙව්වා. මා එවෙත ගියා. මා දැන ගත්තා නැවත මොවුන් පැමිණ ඇත්තේ පෙර සඳහා ‘‘වරෙන්තු’’ ප‍්‍රශ්ණයට බව. එ් නිසා මම, එම නිලධාරියාට දැනුම් දුන්නා ‘‘ කලූතර මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවතින, මා පැමිණිලිකාරය වන, අංක 16936 නඩුවට අදාලය වරෙන්තුව ආපසු කැඳවා ඇති බව’’. එ විට එම නිලධාරියා ‘‘මට එවායින් වැඩක් නෑ, නැගපන් ජිප් එකට කිව්වා’’.

එ් අනුව මා ජිප් එකට නැග්ගා. ජිප් එක පොලිසියට නොගොස් අ`ථබොමුල්ල දෙසට ධාවනය කරන විට, මට බියක් දැනි, මා ගේ මහතාට දුරකථන ඇමතුමක් අරගෙන ‘‘මාව වරෙන්තු ප‍්‍රශණයට අත්අඩංගුවට ගෙන රැුගෙන යන බව කියන කොටම ඔක නවත්ව පන් කිවිවා’’. මම කිව් කථාකරන්නේ මාගේ නිතිඥ මහතාට බව. එවිට ඔහු ‘‘ලොයර්ට උසාවි ගිහිල්ලා පුක දීපන් කිව්වා’’. මම දුරකථනය විසංධිකලා. එ් සමග නිතිඥ මහතා මට දුරකථනයේන් කථා කළා. මට ඒ මහතා කිව්වා සහකාර පොලිස් අධිකාරි මහතා ‘‘වාහනයේ අංකය ඉල්ලන බව, කථා කරන්න ඔන බව’’ කියන්න කියලා. මම එ්ය නිලධාරිවරයාට කිව්වාම ‘‘ ඔහු මට එක එකාට පුක දෙන්න ඔනි නෑ, පොලීසියට ගිහිල්ලා බලා ගමු කියලා. උඹ කටවහ ගනින් කිව්වා. මා අසල සිටි සිවිල් සිට නිලධාරියා ‘‘ මු අපි ගැන දන්නවා, දන්නේ නැ වගේ ඉන්නවා කියා’’.

පැය තුකට පමණ පසුව පානදුර දකුණ පොලිසියට ගෙන ආවා. පැය බාගෙට පමණ පසුව ප‍්‍රකාශයක් ගන්න ඔනි කියා, උඩ තට්ටුවේ තියෙන, අපරාධ අංශයට ගෙන ගියා. එතන සිවිල් පිට හිටිය නිලධාරියෙක් මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. මට අධිකරණය දුන්න වරෙන්තු ඉවත් කළ ලිපිය මට ආපසු දුන්නේ නෑ. ප‍්‍රකාශය කියවන්න හෝ කියවා තේරුම් කර දුන්නේ නෑ. බලෙන් අත්සන් ගත්තා.

මා එ් අවස්ථාවේ දැන ගත්තා මාව අත් අඩංතුවට ගත්තු නිලධාරියා අපරාධ අංශයේ ස්ථානාධිපති ටෙරන්ස් ද සිල්වා බව.

මෙහිදි මා විශේෂෙ ප‍්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාලව කලූතර මහේසත‍්‍රාත් අධකරණයේ පවතින අංක 16936 නඩුවේ විත්තිකාරිය නමෝජනි ජයසේකර, ෙදාඩන්ගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ජයසේකර ගේ දිණියක් බව.

‘‘අල්ලා හු අක්බාර්’’ කියමින් මන්නා පිහි වලින් පෙති ගසා සරසවි සිසුවකු මරයි.



 බංගල දේශයේ අගනුවර වන ඩකා හිදි ඉස්ලාමීය අන්තවාදින් මෙසේ මරා දමන ලද්දේ නසිමුඞීන් සමාඞ් නම් 28 හැවරිදි නීති ශිෂයෙකු වය.
සමාඞ් එරට ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ලෞකික රාජ්‍යයක් සඳහා ක‍්‍රියාකාරි මෙහෙවරක නියැලූනු ප‍්‍රකට බ්ලොග් කරුවෙකි. ඔහු දෙවියන් පිළිබඳව ප‍්‍රශණ කළ, සමාජ අසාධරණ නොඉවසු තරුණයෙකු විය.
ගතවු මාස 14 තුල ඩකා නගරයේ මේ ආකාරයට මරා දමන ලද පස්වැනියා මොහුය. ඔහු ඉගෙන ගන්නා ඩකා ජගන්නාත් සරසවිය ආසන්යේ දි මෙම ඝාතණය සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි තිදෙනෙකු විසිනි.පසු ගිය බදාදා සිදුවු මෙම ඝාතනයට විරුදුධව සිසු උද්ඝෝෂන පැවැති අතර පොලීසිය කිසි වකුත් අත් අඩංගුවට ගෙන නොමැත

 ‘‘අල්ලා හු අක්බාර්’’ යන්නෙහි අරුථ ‘‘ දෙවියන් ශ්‍රෙෂ්ඨ ’’ යන්නයි. ලොව පුරා ඉස්ලාම් අන්ත වාදින් මිනිස් ඝාතන සිදු කරන්නේ ‘‘අල්ලා හු අක්බාර්’’ යයි හඬ නගමින් ය.

Thursday, April 7, 2016

මානව හිමිකම් කොමිෂම් සභාව අලූත් නිවහනකට


දැනට කොළඹ 08, කිංසි පාරේ, අංක 165 - දරන ස්ථානයේ පවත්වාගෙන යන ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම මස සිට - වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යෑමට සැලසුම් කර තිබේ.

දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ල හා සම්බන්ධ මුල්‍ය වංචාවන් පසුගිය කාල පරිච්ෙඡ්දයේදී හෙළි දරව් විය.

රජයේ තක්සේරු වටිනාකමට වඩා වැඩි මුදලකට කුලියට ගැනීම එල්ලවූ එක් චෝදනාවකි.