ගඩාෆි බලයෙන් පහවීම හා ඔහුව ඝාතනය කිරීම ගැන තවමත් ලතවෙන පිරිසක් අප අතර සිටිති.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඔහු කළ අපරාධ පිළිබඳව විනිවිද හා පිළිගත් යුක්තිය පසිඳලීමේ ක්රිනයාදාමයන්ට අනුව විවෘත නඩු විභාගයක් පවත්වා, කරුණු කාරණා ඔප්පු වුවහොත් දඬුවම් පැමිණවීම කළ යුතුය. එහෙත් එය මරණ දඬුවම නොවිය යුතුය.
අත්අඩංගුවට ගත් ගඩාෆිව මරා දැමීම හා ඔහුගේ සිරුර කුණුවී යන තුරු ප්ර දර්ශනයට තැබීම, හෙලා දැකිය යුතුය. එය ම්ලේච්ඡ ක්රිකයාවකි. එය සිදුකළ සියල්ලටම එරෙහිව නීතිමය පියවර ගත යුතුය. ඒ සඳහා උපරිම බලපෑම් වත්මන් ලිබියානු පාලකයින්ට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කලය යුතුය. එම කාර්යයෙන් බැහැරව, ගඩාෆි ගැන කඳුළු සලන්නේ ඇයි.
ඔහු බලය ලබාගත්තේ හමුදා කුමන්ත්රුණයකින්ය. බලය ලබා ගැනීමෙන් පසුව, ඔහු ජනමත විමසුමකට ඉඩ තිබ්බේ නැත.හිටපු රජ සමයටත් වඩා සංවිධානාත්මකව ජනතාව මර්දනය කළේය. එය පටන්ගත්තේ අදහස් ප්රුකාශ කිරීම වැළැක්වීමෙන්ය.මෙම මර්දනය හමුවේ, වධහිංසාවට ලක්වූවන්, අතුරුදහන්වූවන්, සිරභාරයට පත්වූවන් කොපමණද? වෙනත් ආකාරයේ පළිගැනීම්වලට ලක්වූවන් කොපමණද?
මේ ගැන, මේ දුක්වන්නෝ ප්රගශ්න නොකරති.
සෑම පාලකයෙක්ම, මර්දනය දියත් කිරීමට සමගාමීව සංවර්ධනය ගැනද කතා කළෝය. ඇත්තටම, ඔහු තෙල් සල් වලින් කළේ මංමාවත්, ගොඩනැගිලි ඉදිකිරීමය. ඔහුගේ පවුල් රජ කරවීමය.තම අවට සිටින්නන්ට, ගැත්තන්ට හිතේ සැටියට සංවර්ධනය වීමට ඉඩ හැරියේය.ඒ අතර, ඔහු අන් සියලු මර්දනකාරී, දූෂිත නිදහස අහිමිකළ නායකයින් මෙන්ම චින්තනයක්ද ඉදිරිපත් කළේය.
ආගම මුල් කරගෙන චින්තනය ගොඩ නැගුවේය.
අධිරාජ්ය වාදි විරෝධියෙකු ලෙසට ලොවේ ප්ර,සිද්ධියට පත්විය. මේ අධිරාජ්යග විරෝධියා, තම පුතුන්ට ඉගැන්වූයේ හිරු නොබසින අධිරාජ්යයයට යවාය. යුරෝපයේ පාපාදන් කෙළිවලට යවාය. අධිරාජ්යුවාදීන්ගෙන් සියලු අති සුඛෝපභෝගී දෑ ලංකරගෙනය. මේ අතර, ජනතාව මර්දනය කළාට තමන්ට ප්රයශ්නයක් කර නොගත්, සෑම බලවතෙකුම, බොරදියේ මාලු බාති. එය එදත්, අදත්, හෙටත් කරනු ඇත. “සමාජවාද” ලිබියාව, “අධිරාජ්යය විරෝධි” ලිබියාව සෝවියට් දේශයට හා චීනයට තෝතැන්නක් විය. තම ගුවන් යානා, යුධ අවි, රිසිසේ විකුණා ගන්නට හොඳ වෙළඳපොළක් බිහිවිය. ලිබියාවට තෙල් සල්ලි තිබිණ. ඒ නිසා ණයට දෙන්නටද අවශ්යො නොවීය.
රටතුළ ගඩාෆිගේ දූෂණයට, මර්දනයට එරෙහිව බුර බුරා නැගුණු ජන විරෝධයට, ඇමරිකාව හා යුරෝපය තෙල් දැම්මේය.
රුසියාව, චීනය කටින් විරෝදය පලකරමින් ගාඩාපිව අත හැර දැම්මේය. ගඩාෆි සමග ගසපු ආර්ථික ගිවිසුම් රැක ගැනීමට නව පාලකයින් ඔවුන්ට දැන් අවශ්යාව ඇත. අද සිරියාවේ වෙන්නේත් ඒ දේමය. ඊජිප්තුවේ මුබාරක්ට වූයේත් ඒ දේමය.අන්ත ඉස්ලාම් මූලධර්මවාදයෙන්, ජනතාව මර්දනය කරන, විශේෂයෙන් ලිබරල් මතවාදීන් හා ස්ත්රී්න් මර්දනය කරන අධිරාජ්ය් විරෝධී සටන් පාඨ කියන ඉරානයටද මේ තත්වය උදා වුවහොත්, පුදුම විය යුතු නැත.
සමාජවාදි හා අධිරාජ්යම විරෝධී සටන්පාඨ වලින් අන්ධව, ජනතාව මර්දනයට ඉඩ හැරිමවෙචනයෙන් හෝ දායක වීමෙන් ඇතිවිය යුතුය.
අපේ රටම උදාහරණයට ගන්න.