Monday, March 30, 2015

බංගලදේශයේ තවත් බ්ලොග්කැවෙකු කපා කොටා මරයි.


එරට අගනුවර ඩකා හි දි මරා දමා ඇත්තේ වාෂික් රහමන් බාබු නැමති බ්ලොග්කරුය. ඝාතනය සම්බන්ධ සැකකරුවන් ප‍්‍රකාශකර ඇත්තේ ඉස්ලාම් ආගමට විරුද්ධව අදහස් පළ කිරිම නිසා මරා දැමු බවයි.  මෙම සැකකරුවන් සිසුන් බවද පොලීසිය බවසා තිබේ. මෙයට මසකට පෙර, ඇමෙරිකානු පුරවැසියෙකු වන බෙංගාලි ජාතික අජිත් රෝයිව, ඩැකා සසරවිය අසල කපාකොටා මරා දමා තිබින. ඔහු ද බ්ලොග් කරුවෙකු වන අතර, අදේවවාදියෙකි. 
ඉස්ලාම් ආගම විමර්ශනයට ලක්කරන හා ඉස්ලාම් අන්තවාදය හෙලා දකින නිදහස් මතධාරින් මරා දැමිමට ඉස්ලාම් උම්මතකයින් ගෙන තිබෙන තීරණ හමුවේ මෙම ඝාතන සිදුකරනු ලැබේ.  මෙම ඝාතකයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින් එරට වැසියන් උද්ඝෝෂන ආරම්භ කර තිබේ.  

Monday, March 23, 2015

මාව ‘‘මුස්ලිම්’’ ලෙසට අමතන්න එපා.


නීතිය සමානාත්මතාවය පදනම් විය යුතුයි. ආගම අනුව නීතිය හැදෙන්න බෑ. මම දෙවියන් විශ්වාස කරන්නේ නෑ. 
තලිස්මා නස්රීන් මෙම ප‍්‍රකාශය කළේ ඉන්දීය මාධ්‍යවේදී සුවෝජිට් බග්චි සමග කළ සාකච්ඡුාවේදීය. වෘතියෙන් වෛද්‍යවරියක්වු ඈ ලොව ප‍්‍රකට වුයේ ‘‘ලැජ්ජා’’ නව කථාවෙනි. එම නවකාථාවෙන් පසුව ඈ මරා දැමීමට ඉස්ලාම් අන්තවාදීන් තීරණය කළේය. ඇය බංගලදේශයෙන් පලා ඇවිත් ඉන්දියාවේ රැකවරනය යටතේ සිටිති. ඉන්දියවේ මුස්ලිම් පැවිද්දන්ද ඇය මරා දැමිමට තීරණය කර තිබේ. 
ඉස්ලාම් සහිරා නීතියට දැඩිව විරුද්ධ වන ඇය, කොරානය සංස්කරණය කළයුතු බව කියා සිටි. අනෙකුත් ආගම් මෙන්ම ඉස්ලාම් ආගම දැඩි පරික්ෂාවට හා විවේචනයට ලක් කළ යුතු බව ප‍්‍රකාශ කරන්නේ එයට මුස්ලිම් වරු ඉදිරිපත් විය යුතු බවද පවසයි.
බංගලදේශය මුස්ලිම් අන්තවාදය හිස එසෙව්වේ බහුජාතික බහු ආගමික රටක තත්වයෙන්, මුස්ලිම් රටක් බවට පත්කිරිමට 1980  වසරේ  ජෙනරාල් එර්ෂාඞ් ගත් පියවර, එනම් ඉස්ලාම් ආගම රාජ්‍ය ආගම කිරිමට ගත් පියවර නිසා බව, ඇය පෙන්වා දෙයි.
බංගලදේශයේ කාන්තාවන් බහුතරය හිජාබය හෝ බර්කාවේ ඇන්දේ නෑ. නමුත් අද තත්වය වෙනස් වේගෙන යනවා. නිදහස් මතධාරින්ව ඝාතනය කරනවා. එරට බෞද්ධ, ක‍්‍රිස්තියානි හා හින්දු ජාතිකයින්ව මර්ධනය කරනවා. ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදීන්ව ශක්තිමත් කරන බවද වැඩිදුරටත් ඈ පෙන්වා දෙයි.  

Sunday, March 22, 2015

ලෝකේ තියෙන්නේ එකම තැනලූෟ හෙල්ලෙන්නේ වත් නැතිලූෟෟ සව්දියේ මුස්ලිම් පැවිද්දෙක් කියයි.


සව්දි අරාඉියේ ඉස්ලාම් ආගම උගන්වන ෂෙයික් ඉන්ඩාර් අල් කහෙයිබාරි යන පුජකයා ගේ මේ ප‍්‍රකාශය සව්දි රජයේ අල්-අරාබියා රූපවාහිනියෙන් ප‍්‍රකාශයට පත්කර කිබින.
තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුවෙක්, ” ලෝකය කැරෙකෙනවාද,” යයි අසන ලද ප‍්‍රශ්ණයට පිළිතුරු දෙමින් කියා ඇත්තේ ලෝකේ තියෙන්නේ එකම තැන බව හා හෙල්ලෙන්නේ නැති බව යි. එම කරුණ සනාථ කරන්න කුරානයේ උපුටා ගැනීම් වලට අමතරව මේ උදාහරණය ද ගෙන තිබේ.
”අපි දැන් ඉන්නේ මෙතැන. මෙතන ඉඳලා අපි චීනයට යන්න සහජා ගුවන් තොටුපොළට යනවා. එතනින් චිනය බලා යන ගුවන් යානයකින් පිටත් වෙනවා. අහසේදි ගුවන්යානය හිරවෙලා නවතිනවා. ලොකේ කැරකෙනවානම් ටික වේලාවක් යන කොට චිනය අපි හිරවෙලා ඉන්න තැනට එන්න ඔනි. අනෙක් පැත්තට කැරකෙනවානම් චිනය අපෙන් ඈතට යන්න ඔනි.”
ගුවනේදි ගුවන් යානය හිරවුනොත් චීනයට නොව යන්නේ අල්ලා දෙවියන් වහන්සේ ඉන්න තැනට නේද කියා අසන්නට තරම් හැකියාවක් සිසුවාට තිබුනාද කියා දැන ගන්නට නැත. 
ආගම හා අබිං කොතරම් දුරට සමානද යන්න තහවුර කළ මේ සව්දි මුස්ලිම් පැවිද්දාගේ ප‍්‍රකාශය ප‍්‍රසිද්ධියට පත්වුනේ ගැලිලියෝ ගේ උපන් දිනයේ වීම විශේෂයකි. දුරේක්ෂය නිර්මාණය කළ මහා විද්‍යාඥ ගැලිලියෝ, සුර්යාවටා පෘතුවිය ගමන් කරන බව හා තම කක්ෂය වටා භ‍්‍රමණය වන බවට ඉදිර්පත් කළ විද්‍යාත්මක මතය නිසා ඔහුව කතෝලික සභාව (වතිකානුව* ”ධර්මාධිකරණය” හමුවට පත්කොට වධදුන්නේය. කණුවක බැඳ පණපිටින් පු`ථස්සා දැමීමට තීරණය කළේය. එම පසුබිම තුල ඔහු තම නිගමනය ප‍්‍රතිකේෂප කරන බව කියා සිටියත්, එය අතහැරියේ නැත. වතිකානුව ඔහුව ඇස් අන්ධවි මිය යනතෙක් ක`ථවර කාමරයක සිරකර තැබුවේය.
1992 දී, වතිකානුව ගැලිලියෝ ගේ මතය නිවරැුදි බව පිළිගෙන තමා එදා ගැලිලියෝට කළේ වරදක් බව ප‍්‍රසිද්ධියේ පිළිගත්තේය. 
මේ වනවිට ලොව පුරාම ඉස්ලාම් උමත්තක වාදීන් ගේ ක‍්‍රියා කලාපය නිසා මිනිසාගේ පැවැත්මට තර්ජනයක් ව තිබේ. 

‘Don’t call me Muslim, I am an atheist’

Writer-in-exile Taslima Nasreen calls for reining in religious fundamentalism, saying that criticism of religion is not the domain of non-Muslim intellectuals alone.
Tell us a little bit about Avijit Roy.
I knew Avijit for a long time. He started Mukto-Mona to accommodate writings of atheists and humanists, as newspapers do not publish their work. Avijit was a science blogger and a free thinker, an atheist and a rationalist, who wanted to secure a space to dissect and debate issues. Later, he turned his blogs into books. Mukto-Mona became a window through which people could look at each other and raise questions about all religions, including Islam. In Bangladesh, over a period, the space for free thinkers has been disappearing. Avijit brought it back using a new platform… precisely why his contribution is outstanding.

When and how exactly did this space for free thinkers start shrinking?
The change was noticed at the time of General Hussain Ershad in the mid-1980s. A secular Constitution was given away to make Islam the state religion. I have witnessed the mass movement of 1969, the newly independent country of the 70s… the situations then were different. People could voice their opinion and women hardly wore the hijab or the burqa. But society slowly changed. For instance, whatever I wrote in the 1980s, early 90s — criticising Islam and women’s condition in Islamic societies — was published in newspapers with a wide circulation. But that cannot be imagined now. Freedom of expression is an alien term now.
Why has this change taken place?
The progressive community is partly responsible. When I was expelled in 1994, the whole of society went silent. If this community had objected then, Bangladesh would not have had a society in which an Avijit is hacked to death, a Humayun Azad targeted or an Ahmed Rajib Haider killed for criticising Islam. Perhaps the conflict in Bangladesh is whether to have a country on the basis of language or on the basis of religion.
How can this be resolved?
We must stop stoning women to death in the name of religion. Laws should be based on equality, not on religion
Bangladesh was born on the idea of a secular Bengali nation. Since 1952, Bengali Muslims, Hindus, Buddhists and Christians have wanted their state language to be Bengali, not Urdu. The people who opposed our independence, along with the Pakistani army, killed three million Bengalis in 1971 and are now involved in the Islamisation of Bangladesh. They are killing free thinkers and intellectuals. Pakistan is a country which is based on religion. But the Bangladesh constitution must remain secular, and separate state from religion. We must have secular education rather than education through madrassas. The government must not let the country become a safe haven for religious extremists.
People say your criticism of religion is rather excessive and provocative.
I said religion oppresses women. Laws should be based on equality, not on religion; women should have equal rights in marriage, divorce, child custody and inheritance. I said we must stop stoning women to death in the name of religion. Is that provocation? Every civilised state has questioned the relationship of the state with religion, eventually disentangling and distancing the two. Islam should not be exempt from the critical scrutiny that other religions have gone through. My opinion is based on my belief in secular humanism. If that is provocative, then it is absolutely necessary to provoke.
But it's often said that your writings strengthen fundamentalism.
Governments are strengthening fundamentalism, not me. When religious fanatics set a price on my head, instead of taking action against them, the government targeted me. The Awami League and the Bangladesh Nationalist Party joined hands with these forces and so did the caretaker government. Even in West Bengal, the Communist Party of India (Marxist)-led government expelled me; the Imam Barkati of the Tipu Sultan Mosque, who set a price on my head, was adored by the Marxists. Interestingly, Mamata Banerjee befriended the Imam as soon as she came to power.
Another allegation is that by making statements against Islam, you strengthen the right wing in India.
Absolute nonsense. I criticise all religions, including Hinduism. I opposed Hindu godmen, rituals such as karva chauth and shivaratri, and condemned the oppression of Muslims in Gujarat. I donated Rs.10,000 to poet Shankha Ghosh, who was collecting funds for rehabilitating Gujarat riot victims.I objected to the oppression of Hindus in Bangladesh, Jews in Nazi Germany, Muslims in Bosnia, Palestine and Christians in Pakistan. I also wrote in favour of films such as PK, Water and The Last Temptation of Christ. Please don’t call me a Muslim, I am an atheist.
When Indian rationalist Narendra Dabholkar and CPI leader Govind Pansare were killed, you were silent.
Who told you? You need to check my Twitter account to find out about my reactions and how the Hindu right-wing elements abused me for that. However, it is true that I consider Islamic fundamentalism a bigger threat.
As do many western countries…
Only the western world thinks that Islamic fundamentalism is dangerous? Rather, it’s the opposite — the West is keen to side with Islamists.
As a Muslim writer, your work often reflects the West’s paranoia about Islam. Is the West forcing you to say what it wants?
Are you saying Muslims cannot have a mind of their own to criticise their religion? Is criticism of religion the domain of non-Muslim intellectuals? That is an anti-Muslim remark, seriously.
What could be Bangladesh’s future?
The country will be heading for a complete disaster if Islamic terrorists are not brought to justice. However, given the past record, nothing will happen and such incidents will increase in the coming months, as they are intrinsically connected with politics.
Writer Taslima Nasreen fled Bangladesh in 1994 when extremists threatened to kill her for criticising Islam, and has been living in exile since. Her country has, in recent times, seen many intellectuals expelled or killed. Ahmed Rajib Haider, an atheist blogger who wrote under the name Thaba Baba, was hacked to death after the Shahbag protests in 2013. In February this year, atheist blogger Avijit Roy was killed in Dhaka by extremist groups for his writings on the Bangla blog Mukto-Mona (Free Thinker) that he founded. Feminist and secular humanist Ms Nasreen now lives in New Delhi. In an interview with Suvojit Bagchi, she spoke about the shrinking space for free thinkers in Bangladesh and says that Islam cannot be exempt from the critical scrutiny that other religions go through.





Thursday, March 19, 2015

මිනීමැරුමකට ප‍්‍රධාන සැකකරු වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තනතුරින් ඉවත් කරන්න.


සැමියාගේ මරණය ස්වාභාවික එකක් බව එකක් බව පෙන්වීමට පොලීසිය උත්සහා දරන්නේ  වත්මන්  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජේ.පො.අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර හා ඔහුගේ බිරි නීතිඥ නිර්මලී යසස්වී හෙට්ටිගේ බලපෑම් මත බව පවසන, මිය ගිය තැනැත්තාගේ බිරි, මෙම මිනිමැරුම රුපියල් මිලියන 55ක දේපලක් හිමිකර ගන්නට කරණු ලැබූ එකක් බව පවසයි.
අභිරහස් ලෙසට මරණයට පත්වු වාද්දුවේ, මදුරප්පෙරුම ආරච්චිගේ ෙදාන් පේ‍්‍රම පුෂ්ප කුමාරසිරි ගේ බිරි චන්ද්‍රා නන්දනී පෙරේරා මිය, පොලිස්පති,    ජනාධිපති ලේකම්, පොලීසිය බාර මහජන සාම අංශ , ආපදා කළමණාකරණ හා ක‍්‍රිස්තියානි කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද ලිපියන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මයාගේ ජනාධිපති විමර්ශන අංශයේ නිලධාරියෙකුව සිටිමින් මෙම මරණය අදාල පරික්ෂණ වලට බලපෑම් කරන ලද බවට චොදනා කරයි.
ඇය සිය ලිපියේ මෙසේද සහකර තිබේ.
මදුරප්පෙරුම ආරච්චිගේ ෙදාන් පේ‍්‍රම පුෂ්ප කුමාරසිරි ගේ අභිරහස් මරණය සම්බන්ධවයි.
සැකකරුවන්:- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ.පො.අ. නීතිඥ රුවන් ගුණසේකර හා  ඔහුගේ බිරිඳ නීතිඥ නිර්මලී යසස්වී හෙට්ටිගේ
2014 පෙබරවාරි මස 13 වන දින අභිරහස් ලෙසට මිය ගිය, මාගේ සැමියා වූ මදුරප්පෙරුම ආරච්චිගේ ෙදාන් පේ‍්‍රම පුෂ්ප කුමාරසිරි ගේ මරණය අදාල මරණ පරික්ෂණ විභාගය පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු අංක 18139 යටතේ දැනටත් පැවැත්වේ. මීළඟ නඩු දිනය, 2015 අප්‍රෙල් 28 වේ.
මදුරප්පෙරුම ආරච්චිගේ ෙදාන් පේ‍්‍රම පුෂ්ප කුමාරසිරි ගේ මරණය ස්වාභාවික මරණයක් නොව, මිනී මැරුමකි.
1. ඔහුව මරා දැමීමට, මාස 3කට පෙර, ඔහු සතුව තිබූ මිලියන 55කට ආසන්න වටිනාකමකින් යුතු ඉඩකඩම්, ගෙවල් ෙදාරවල්, ඔබ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර ගේ බිරිඳ වන නීතිඥ නිර්මලී යසස්වී හෙට්ටිගේ නමට ලියවාගෙන තිබින.
2. මාගේ සැමියාව මරා දැමීම හා මරණයෙන් පසු සියලූ සාක්ෂි විනාශ කර දැමීමට මුල් වූයේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර බව, වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කර සිටිමි.
3. මොහුට මෙම අපරාධය කර, එයින් බේරීමට එදා මග පාදාගත්තේ, ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මයාගේ ජනාධිපති විමර්ශන එ්කකයේසේවය කරමින්, එම බලතල උපයෝගී කරගෙනය.
4. මෙය ඉතාම පැහැදිලි වන්නේ, මොහු අදටත් මරණ පරීක්ෂණ විභාගයට ඉදිරිපත් නොවීමට වග බලා ගැනීමෙනි. අද වන තුරු ඔහුගෙන් මේ මරණය ගැන පොලිසිය ප‍්‍රකාශයක් වත් ගෙන නැත.
5. එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මයාගේ ජනාධිපති විමර්ශන අංශයේ බලය උපයෝගී කරගෙන කටයුතු කළ මොහු වත්මන් රජයේ, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වී, එම බලතලම උපයෝගී කරගෙන, මිනීමැරුමකින් බේරීමට සැලසුම් කරමින් සිටී.
6. මොහු, ඔබ මාධ්‍ය ප‍්‍රකාශක ජේ.පො.අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර හා අදාලව මා මීට පෙර පැමිණිලි කර ඇත. මේ හා අදාලව මාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ප‍්‍රකාශයක් ගෙන තිබේ.
7. නමුත්, අද දින දක්වාම මරණ පරික්ෂණ විභාගයට පොලිසිය නියමිත කරුණු ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටී.

8. ජේ.පො.අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර ව සාක්ෂියට කැඳවීමට, 2015.03.17 දින විභාගයේදී ගරු මහේස්ත‍්‍රාත්තුමා ගෙන් ඉල්ලීමක් කරණු ලැබීය.
9. මොහු ඉදිරියේදීවත්, සාක්ෂි සඳහා ඉදිරිපත් කරණු ලබන ඇතැයි යන්න සැක සහිතය. මන්ද  මොහු හිමිකරගෙන තිබෙන සුවිශේෂී තනතුර නිසා, නිසි පරිදි, වාද්දුව පොලිසිය, සාක්ෂි මෙහෙයවනු ඇතැයි විශ්වාස කළ නොහැක.
10. මන්ද, ආරම්භයේ සිට මේ දක්වා වාද්දුව පොලිසිය ක‍්‍රියා කළේ සැකකරු වූ ජේ.පො.අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර හා ඔහුගේ බිරිඳ වන නීතිඥ නිර්මලී යසස්වී හෙට්ටිගේ මග පෙන්වීම් යටතේ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමටය.
11. මා ඉල්ලා සිටින්නේ, මිනීමැරුමට ප‍්‍රධාන සැකකරු වූ ජේ.පො.අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මාධ්‍ය ප‍්‍රකාශක තනතුරින් ඉවත් කරන ලෙසටත්, පරීක්ෂණ සාධාරණව පැවැත්වීමට බලපෑම් කළ නොහැකි තත්ත්වයට පත්කරන ලෙසටත්ය.
එසේ නොවුනහොත්, රුපියල් මිලියන 55ක දේපලක් හිමිකර ගන්නට කරණු ලැබූ මිනී මැරුම, සදාකාලිකවම අභිරහසක් වනු ඇත. ස්තුතියි, අ.ක/ගුරුගේ චන්ද්‍රා නන්දනී පෙරේරා



Tuesday, March 17, 2015

තරුණ යුවලකට පහරදි විඩියෝ කර බෙදා හරි.විඩිෙයා්ව නරඹන්න









ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ මාර්තු08 දින, 06කුගෙන් සමන්විත කණ්ඩායමක් තරුණයාට පොල්ලුවලින් පහරදුන් අතර තරුණියගේ කම්මුලට ගසමින් ඇයව ඇදගෙන යෑමට උත්සහ දරා තිබේ. විනාඩි 10ක් පමණ පහරදීම සිදුකරන අතර එම පිරිසේම අයෙක් සිද්ධය වීඩියෝ කර තිබේ. පසුව ඒය අන්තර්ජලයට ඒක්කර තිෙබ්.

දිල්ලි මහා ඇමතිට AC එපාලූ.


අගමැති මොදිගේ භාරතීය ජනතා පක්ෂය සොදාපලූවට ලක්කරමින් දිල්ලියේ බලය ලබාගත් දුෂණ විරෝධි AAP  පක්ෂයේ මහා ඇමති අරවින්ද කෙර්ජිවාල් තම කාර්යාලයට හෝ නිල නිවසට වායු සමිකරණ අනවශ්‍ය බව ප‍්‍රකාශ කර තිබේ. 
තම නිල කාමරයේ වායු සමිකරණ භාවිතා නොකරන ඔහු, තමාට හිමි වු දිල්ලියේ නිල නිවසින් වයු සමිකරණ ඉවත් කරන ලෙසට, ඉන්දීය ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේනුතුවට දැනුම් දි තිබේ. කාමර 4කින් සමන්විත නිල නිවස මේවන විට පිළිසකර ඇති අතර, සවිකර ඇති වායු සමිකරණ ඉවත් කිරිමට යන වැය ගැන සලකා, එම තීරණය යලි සලකා බලන ලෙසට, ඉන්දීය ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේනුතුව මහා ඇමති ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මහා ඇමති අරවින්ද කෙර්ජිවාල් සිය දෙමාපියන්, දරුවන් දෙන්නා හා බිරිඳ සමග දැනට පදිංචිව සිටින්නේ, අගනුවරින් බැහර, ඉන්දීය ආදායම් නිලධාරිනියක් වු බිරිඳට රජයෙන් ලබා දි තිබෙන තට්ටු නිවසායකය. 

බුකි කරුවන් ගේ අනාවැකි වලට අනුව 2015 ලෝක කුසලානය ඔස්ටේ‍්‍රලියාවට?


සිව්වාතාවක් ලෝක සුරයින්වු ඔස්ටේ‍්‍රලියාව මෙවරද කුසලානය හමි කරගනු ඇති බවට අනාවැකි පළ කර තිබෙන ලෝක බුකි (ඔට්ටුකරුවන්* පසුගිය ලෝක සුරයින්වු ඉන්දියාවට හිමිකර දි ඇත්තේ තෙවන තැනයි. ඔවුන්ගේ අනාවැකි වලට අනුව ඔස්ටේ‍්‍රලියාවට ඇති කඩ 33‍්‍රකි. නවසීලන්තයට 20‍්‍රකි. ඉන්දියාවට 18‍්‍රකි. ශ‍්‍රි ලංකාවට 05‍්‍රකි

Sunday, March 15, 2015

අනාථයින්, අනාථ කරන්න ගත් තැත වැරදෙයි.


විලාහවුස්  - යුක්තිය ගබ්සා කිරීම ? යන ප‍්‍රකාශණය, තිරසාර යහපාලනයක් සඳහා වන, අනිවාර්ය කොන්දෙසියක් වන, නීතියේ ආධිපත්‍යය, අධිකරණ ක‍්‍රියාවලිය තුල ගබ්සා වීම පිළිබඳ සාකච්ඡාව එක් පියවරකි. දුප්පතුන්ට යුක්තිය ඉටු කරගන්න හැකියාවක් නැති බව නොදන්නා කෙනෙක් නැත. දුප්පත් කම නිසාම උන්හිටි තැන් අහිමි කරන්නට, බලය ඇති පිරිස් පොලීසිය හා අධිකරණය යොදා ගන්නා බව සැම දෙනාම දන්නා කරුණක්. එහෙත් එ් ගැන කථා කරන්නේ නැත.
විලාහවුස්  - යුක්තිය ගබ්සා කිරීම ? යන ප‍්‍රකාශණය එ් ගැන කථා කරයි. නඩු තීන්දු හා උසිවියේ සිදුවු දේ විස්තර කරන, වත්මන් සත්‍ය සිද්ධියක් පාදක කරගෙන ලියැවුනු මේ ප‍්‍රකාශය නිතිඥයන්ට ද ප‍්‍රයෝජන වනු ඇත.
කථා කරන්න බැරි. එසේ නැති නම් කථා නොකළ යුතු දේ ලෙසට වර්ග කර තිබෙන කාරණා කථා කරන ප‍්‍රකාශයකි.
රු150/කට මිළ කර ඇති මේ ප‍්‍රකාශනය ජනසංසදයෙන් ලබා ගත හැකිය.

පහළොවයි හයයි එකතු කරන්න බැරි මනමාලයාගෙන් මට වැඩක් නෑ! මනමාලිය කියයි.




ගුල් දිනයේදී තමා විවාහ කරගන්න පැමිණි මනමාලයාට, පොඩි ගාණක්වත් එකතු කර ගන්නට බැරි බව දැනගත් මනමාලිය, මේ මගුලෙන් වැඩක් නැති බව පවසා, මගුල ඉවර කළේය.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ, රසුබාද් ගමේ, මෙම සිද්ධියෙන් පසුව, මනාල පාර්ශවය ප්‍රශ්ණය විසදා ගැනීමට පොලිසි ගියේය.

මංගල උත්සවයේදී, මනාලයාගෙන් 15යි + 06යි එකතු කළාම කීයද කියා ඇසූ බවත්, එවිට මනමාලයා උත්තරය වුයේ 16 බව මනාලිය පොලීසියට  පවසා තිබේ.

ඒ අවස්ථාවේ, මනමාලයාට අකුරු බැරි බව තේරුම් ගත් මනමාලිය එවැන්නකු විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දියාවේ, අප රටේ මෙන් තවමත් බහුලව පවතින්නේ, යෝජනා කර එක්කරන විවාහයන්ය. එමෙන්ම විවාහ ගිවිසුමෙන් පසුවද, මනමාලයාට හා මනමාලියට විවාහයට පෙර ඇසුරු කිරීමට ඉඩ නොලැබේ.


මේ නිසා, බොහෝ අවස්ථාවල, සත්‍ය වසන් කරනු ලබන ප්‍රකාශ වේ. 

ගණිත ලෝලයින් ‘‘පයි - π ” දිනය සමරයි.


ගණිතයේ π ග්‍රීක අකුරෙන් සංකේත කරන, වෘතයක පරිධිය හා විෂ්කම්භය අතර අනුපාතය වන 3.14159 (22/7), සැමරීම සදහා ගණිත ලෝලයින් 2015 මාර්තු 14 වන දින තෝරා ගෙන තිබින.
එයට හේතුව, 3.1415, වන ඉලක්කම්, දිනය දක්වන ඇමෙරිකානු භාවිතය, 3/14/15 ට හා සමපාත වීමයි. එය ජිවිත කාලය පුරාවට සිදුවන අහම්භයකි. ගණිතයේ මෙම නියතය, දැක්වෙන අගය මුල් කරගෙන, සිදුකරනු ලැබු සැමරැම,  මෙම සොයා ගැනීම පිලිබදව සිසුන් අතර විද්‍යාව හා ගණිතය පිළිබදව උනන්දුවක් ඇති කිරීමට සමත් වි තිබේ.
මෙම ගණිතය නියතය, ඊජිප්තුවේ පිරමීඩ ගොඩ නැගීමට යොදාගෙන තිබුණි.

අද ගණිතය ඉගෙන ගන්න භාවිතා කරන මෙම නියතය පිළිබදව බැදුනු ඉතිහාසය සුඵවෙන් හෝ විස්තර කිරීම වැදගත්ය.  

Wednesday, March 11, 2015

පෙලීසිය අඬම්තෙට්ටම් කළේ උප පොලිස් පරික්ෂකගේ නියම බිරිඳගේ කීමට.

පානදුර දකුණ පොලීසිය,  තමාව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, බොරු නඩු දැමිම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ට හා  පොලිස්පති වරයාට ලිඛිතව පැමිණිලි කරන, පානදුර පදිංචි කාරියක්, පානදුර දකුණ පොලීසියේ ස්ථානාධිපති (හිටපු* මහේෂ් පෙරේරා, පානදුර දකුණ පොලීසියේ උ.පො.ප.මුණගම සහ පානදුර දකුණ පොලීසියේ අධිකරණ කටයුතු බාර පොලිස් නිලධාරියාට එරෙහිව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටි. 

දෙරු මවක් වන ඇය සිය පැමිණිල්ලේ මෙසේ සඳහන් කරයි. 

2015.02.15 දින, ප:ව:1.30 ට පමණ පානදුර දකුණ පොලීසියේ උ.පො.ප.මුණගම නැමැති නිලධාරියා සමග, කාන්තා පොලිස් නිලධාරිණියක් හා තවත් නිලධාරියෙක් ජීප් රථයෙන් පැමිණ  තුෂාරි නිල්මිනි කුමාරි යන අයට පහර දුන් බවට පැමිණිල්ලක් තිබෙන බවත්, හෙට උදේ 9.00 ට පොලීසියට එන ලෙසට දැනුම් දී තුණ්ඩුවක් ද දුන්න බව.

එසේ දැනුම් දි ගොස් නැවත විනාඩි 10 කින් පමණ පැමිණි උ.පො.ප.මුණගම දැන්මම පොලීසියට යායුතු බව ප‍්‍රකාශ කළ බවත්, එ් අනුව ඇය, අවු: 9 හා අවු: 7 වයසේ දරුවන් දෙන්නා ගෙදර තනියෙන් තබා, ඔවුන් එක්කම පොලීසියට ගිය බව. 

පානදුර දකුණ පොලීසියේ දි, ඇගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගෙන ඇත්තේ උ.පො.ප.මුණගම බවත්, එසේ සටහන් කර ගැනීමේ දි තුෂාරි නැමැත්තිය ගෙන් උපදෙස් ලබා ගත් බව. 

දහවල් 1.00 ට පමණ තම අප වත්තට ඇතු`ඵ වු තුෂාරි නැමැති උප පොලිස් පරික්ෂකගේ බිරිඳ, කුණුහරුප කියමින්, ගල්වලින් ගසමින් ඉතා අසභ්‍ය විදියට හැසුරුණු බවත්, තමා ඇයට පහර දීමට හෝ තර්ජනය කිරීමක් නොකළ බවත්, ඇය ගිය පසුව පොලීසියට ගොස් පැමිණිලි කරන්න සූදානමින් සිටි බව. එයින් පසුව කියවීමට හෝ කියවා තේරුම් කිරීමක් හෝ නොකොට අත්සන් ගත් බව. 

එයින් අනතුරුව ඇගේ දුරකතනය අරගෙන, අත්අඩංගුවට ගෙන කූඩුව ළඟ බංකුවක වාඩි කෙරෙව් බවද, ඇය ඉල්ලා සිටියද, ඇයට දරුවන් දෙන්නාට වත් කතා කරන්න ඉඩ නොදුන් බව.

එමෙන්ම ඇයට රාත‍්‍රියේ කෑම ලබා නොදුන්න බව. උප පොලිස් පරික්ෂකගේ බිරිඳ තුෂාරි නිල්මිනි කුමාරි ඇගේ නිවසට පැමිණ කරන ලද බලහත්කාරකම් ගැන පැමිණිල්ලක් දාන්න අවශ්‍ය බව කිව්වද එයට ඉඩ දුන්නේ නැති බව.

පසුදින, 2015.02.16 උදේ කෑම හා දවල් කෑම ලබා නොදුන් බව. දවල් 12.00 න් පසුව, ජීප් රථයෙන් පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන විත් ඉදිරිපත් කළ බව. ඒ අවස්ථාවේ ඇප ලබාදීමට පොලීසිය විරුද්ධ වුවද, කරුණු සලකා බලා තමාව ඇප මත මුදාහල බවද ඇය කියා සිටියාය. ඇයව අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරියා තමාට නින්දා අපහාස වන ආකාරයට ප‍්‍රකාශ කරමින් තමා, මිරිහාන පොලීසියේ උප පොලිස් පරීක්ෂක නයනජිත් නැමති අයගේ අනියම් බිරිඳ බවට වන ප‍්‍රකාශයක් කළ බව ද ඇය වැඩි දරටත් කියා සිටි.

මෙසේ පොලිස් නිලධාරියෙකුගේ බිරිඳ වන තුෂාරි ගේ අවශ්‍යතාවය මත නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, නීති විරෝධීව රඳවා තබා ගැනීම, ව්‍යාජ චෝදනා හා අපහාසාත්මක ප‍්‍රකාශ කර අධිකරණයේ නඩු පැවරීම මගින් ඇගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද බව ඇය ප‍්‍රකාශ කර සිටි.

වහාම තොරත.ුරු හෙළි කරනු. ජනසංසදය මානව හිමිකම් කොමිසමට කියයි.


ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, පිළිගත් මූලධර්මයන්ට අනුකූලව ක‍්‍රියා කරන්නේ නැත. යථාර්තය එයයි. එ් බව ආසියා - පැසිපික් මානව හමිකම් සංවිධානය පිළිගෙන තිබෙනවා පමණක් නොව සමාජිකත්වයට පවා නුසුදුසු බවට තීරණය කර පුර්ණ සමාජකත්වය අහිමි කරන ලදි. එ් සමග මානව හිමිකම් කොමිසමේ අඩුපාඩු පෙන්වා දෙමින් නිර්දේශ මාලාවක් නිකුත් කරන ලදි. එම නිර්දේශ කවරේද යන්න මේ දක්වාම හෙළි කර නැත. එවා කවරේ ද යන්න දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබේ.
එ් අනුව එම නිර්දේශ හෙළි කරන ලෙසට ඉල්ලමින් ජනසංසදය කොමිෂම අමතන ලද ලිපිය පහත දක්වමු. 

ජනසංසදය
2015.03.11

සභාපති,
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.


ආසියා - පැසිපික් සංවිධානය (APF) විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම වෙත නිකුත් කරන ලද නිර්දේශ ප‍්‍රසිද්ධියට පත්කරන ලෙසට ඉල්ලීම.

ආසියා - පැසිපික් කලාපයේ රටවල මානව හිමිකම් ආයතන (කොමිෂන් සභා) සාමාජිකත්වය දරන  ඕස්ටේ‍්‍රලියාව මූලස්ථානය කරගත්, ආසියා - පැසිපික් සංවිධානය (Asia – Pacific Forum of NHRIs -APF) , වසර කිහිපයකට පෙර, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, 
‘‘පූර්ණ සාමාජිකත්වයෙන්,’’   ‘‘ආශ‍්‍රිත සාමාජිකත්වයට’’ පහත හෙළනු ලැබීය.

මෙම තත්ත්වයෙන් පහළ දැමීම යළි සලකා බලන ලෙසට, ඔබ ආසියා - පැසිපික් සංවිධානයෙන් කරන ලද ඉල්ලීමට අනුව එහි නියෝජිතයින් දෙදෙනෙකු පසුගියදා ශ‍්‍රි ලංකාවට පැමිණෙන ලද අතර, ඔවුන් ඔබ හමුවු බව අප දන්නෙමු.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, පිළිගත් මූලධර්මයන්ට අනුකූලව ක‍්‍රියා නොකරන බවට මෙම සංවිධානය ගෙන ඇති තීරණයට අදාලව එම සංවිධානය(APF) ඔබ වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශයන් කවරේද යන්න දැන ගැනීමට, පුරවැසියන්ට අයිතියක් තිබෙන බව පෙන්වා දෙමු. එය මුලික අයිතිවාසිකමකි. 

නොපමාව එම ‘‘නිර්දේශයන්’’  ප‍්‍රසිද්ධියට පත් කරන මෙන් ඉල්ලමු. 
පිලිතුරු අගය කරමු.

ස්තුතියි,

අ.ක/ චිත‍්‍රාල් පෙරේරා,
(ලේකම්*.

පිටපත්:-
1. ලේකම්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
2. ජනාධිපති හා අගමැති ලේකම්වරුන් වෙත
2. සිවිල් සංවිධාන වෙත
4. ජන මාධ්‍යය

Tuesday, March 10, 2015

යහපාලනය හා නීතියේ ආධිපත්‍යය.

 රටතුළ නීතිය මත පාලනයක් එනම්, සියල්ලටම ඉහළින් නීතිය ස්ථාපනය නොකර අපේක්ෂා කළ හැකි යහපාලනයක් නැත. පොලීසිය දූෂණයෙන් තොර නීතියට අනුව ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත්කිරීම හා අධිකරණ ස්වාධීන කාර්යක්ෂම දූෂනයෙන් තොර එකක් බවට පත්කිරීම, යහපාලනයක් සහා වන අනිවාර්ය කොන්දේසි වේ.
මේ සම්බන්ධ කථිකාවක් 2015 මාර්තු 08 පැවැත්වූවා. ආසියානු මානව හිමිකම් කොමිෂම (හොංකොං) අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු, ප්‍රවීන නාට්‍යකරු ධර්මසිරි බණ්ඩාරනායක, සරත් වික්‍රමරත්න, ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි, නීතිඥ ජයන්ත දොලවත්ත සහ යහපාලනයක් සහා වූ වෘත්තිකයින්, ක්‍රියාකාරීන් හා විද්වතුන් හතලිහකට වැඩි පිරිසක් මෙම කථිකාවට එක්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, අපරාධ විද්‍යා (විශේෂ) අංශයේ උපාධි අපේක්ෂකයින් ද ඒ අතර වීම විශේෂයකි. ජනසංසදය සංවිධානය කළ මෙම කථිකාව පැවැත්වූයේ කොළඹ 07, අංක 114, විජේරාම පාර, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ, සුභසිංහ ශාලාවේදීය. ඡයාරුප පහත දැක්වේ.