Sunday, January 20, 2019

රුවන් ට වධදුන්න, පොලිස් කාරයින්ට රු: 300,000/- ක් ගෙවන්නට විය. බොරු සහතික දුන්න ‍‍දොස්තරලා ට මුක්තිය.


රුවන්, එවකට 18 හැවිරිදි තරුණයෙක්. රැකියාව අත් ට්‍රැක්ටරයෙන් කුඹුරු හෑම.

2010 මැයි 26 දින වැලිපැන්න පොලීසියේ ගම්බට්ටෙකු ඇතුලු පොලිස් කාරයින් දෙන්නෙක් රුවන්ව අත්අඩංගුවට ගන්නවා. 

රුවන්ව අත්අඩංගුවට ගන්නා එම පොලිස් කාරයෝ, පොලීසියට ගෙන ගොස් දස වධ දෙමින් ඉල්ලන්නේ මල්කාන්තිගෙන් ගත්තු මාලය.

මල්කාන්ති 26 හැවිරිදි දෙදරු මවක්. 2010.05.26 ස්වාමියා ගෙදර ඇවිල්ලා නෑ. ඇගේ පැමිණිල්ලට අනුව, රෑ නිදාගෙන ඉන්නකොට තමයි මාලේ කඩාගෙන තියෙන්නෙ. කඩන විට ඇයට ඇහැරුණු අතර, කඩාගත් පුද්ගලයාව කුප්පි ලාම්පු එළියෙන් දැක ඇත. ඔහුගේ බොල්ලෑ දත්වලින් අඳුරාගෙන තිබේ.

රුවන්ට වධ දී, 2010.05.29 දින උසාවියට ඉදිරිපත් කරනවා. ඒ 2010.05.28 දින අත්අඩංගුවට ගත් බවට උසාවියට බොරු වාර්තාවක් ඉදිරිපත් කරමින්.

එදිනම රුවන් ට ඇප ලබාගන්නට හැකි වෙනවා. රුවන්, එදිනම නාගොඩ මහ රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙනවා.

නීතියට අනුව, 2010.05.29 රුවන්ව උසාවියට ඉදිරිපත් කරන්නට පෙර මතුගම දිසා රෝහලට ගෙන ගොස් එහි වෛද්‍ය නිලධාරිණිය වූ වෛද්‍ය චන්ද්‍රලතාට ඉදිරිපත් කරනවා. ඇය පොලිස් කාරයින් සමග එක්ව, රුවන්ට කිසිම තුවාලයක් නැති බවට සඳහන් කර, අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පෝරමය පුරවා පොලීසියට බාර දෙනවා.

පෙර සඳහන් කළ පරිදි, එදිනම නාගොඩ මහ රෝහලට ඇතු`ඵ වන රුවන් පරීක්ෂා කරන එම රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය එස්.එම්.එස්. ද සිල්වා රුවන්ගේ ශරීරයේ බාහිර තුවාල දෙකක් තිබෙන බවට සහතික කර, අධිකරණ වෛද්‍ය වාර්තාව නිකුත් කරනවා.

තමාට වධ දීම ගැන, මළ පොතේ අකුරු බැරි රුවන්, යුක්තිය ඉටු කරගන්නට තම ඥාති මිත්‍රාදීන්ගේ සහය ඇතිව ඉදිරියට එනවා.

2010.06.04 වන දින, ජනසංසදය රුවන්ව, මානව හිමිකම් කොමිෂමට ගෙන ගොස්, එහි පැමිණිල්ල ලියාපදිංචි කරවා, ඔහුව, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරවීමට පියවර ගනු ලැබුවා.

දින 06 ක් ඉකුත් වීමෙන් අනතුරුව රුවන් පරීක්ෂාවට ලක් කරන, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය අජිත් තෙන්නකෝන්, රුවන්ගේ සිරුරේ තුවාල 10 ක් හඳුනාගනු ලබනවා.

එපමණක් නොව ඔහු රුවන්, අංගොඩ මානසික රෝහලේ විශේෂඥ අධිකරණ මානසික වෛද්‍යවරයාට යොමු කරනවා. එහිදී වධහිංසාවෙන් පසුව, රුවන් මානසික පීඩාවෙන් පෙළෙන බව හඳුනාගෙන ප්‍රතිකාර ලබාදිය යුතු කෙනෙකු වශයෙන් නිගමනය කරණු ලැබුවා.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය යටතේ සලසා දී තිබෙන ප්‍රතිපාදන වලට අනුව, රුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට පියවර ගනු ලැබුවා.

නඩුවේ අංකය : 378/2010. නඩුව පවරන්නේ 2010.06.30.

එම උත්තරීතර නීතියේ 11 හා 13(2) වගන්ති, වැලිපැන්න පොලීසියේ නිලධාරීන් වන පොලිස් සහයක ගාමිනී, කොස්තාපල් බංඩාර හා කොස්තාපල් 82100 විසින් උල්ලඝණය කර ඇති බවට වන මේ නඩුව, ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා 2011.02.08 දින අවසරය ලබා දෙනවා.

වසර 8 කුත් මාස 4 කට පසුව, නඩුව විභාගයට ගන්නවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිසිර ජේ. ද. ආබෲ, අනිල් ගුණරත්න හා නලීන් පෙරේරා විනිසුරුවන් තිදෙනා ඉදිරියේ.

එම දිනයේදී, සෙසු විනිසුරුවන් දෙදෙනාගේ අනුමැතිය ඇතිව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සිසිර ජේ. ද. ආබෲ, විසින් ඉහත නම් සඳහන් පොලිස් නිලධාරීන් තිදෙනා උත්තරීතර නීතියේ 11 හා 13(2) වගන්ති, කඩ කර ඇති බවට, තීරණය කර, එක් එක් පොලිස් නිලධාරියා, මාස 04 ක් තුළ රුවන්ට, රු: 100,000/- බැගින්, රුපියල් ලක්ෂ තුනක් ගෙවිය යුතු බවට නියෝග කරණු ලැබුවා.

නඩුව අවසන්.  

එහෙත් පැන නගින ප්‍රශ්න කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නේ වධහිංසාව තුරන් කිරීම කෙසේ වෙතත් අවම කිරීමට, ව්‍යාපෘතිවලින් ඔබ්බට ගිය අවංක ඕනෑ කමක් තිබෙනවා නම් කථිකාවකට බඳුන් කරන්නට.

(1) පොලීසියට, උසාවියට බොරු වාර්තා කිරීම නීතිමය වශයෙන් හෝ විනයානුකූල වශයෙන් වරදක් නොවන්නේ ද?

(2) උසාවියට බොරු වාර්තා ඉදිරිපත් කිරීමට වෛද්‍යවරුන්ට අවසරය ලබා දී තිබේද?
ය වෘතීය ආචාර ධර්මවලට එකඟද?

උසාවියට එම බොරු වාර්තා ඉදිරිපත් කරන වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න බලයක් කාටවත් නැද්ද?

ඔසේත් නැති නම්, වෛද්‍යවරුන්ට බොරු වාර්තා ඉදිරිපත් ක්රන්නට අවසර තිබේද?

(3) පොලීසිය, වෛද්‍යවරු, පූජකවරු, නීතිඥවරු බොරු වාර්තා ඉදිරිපත් කිරීම මගින් අධිකරණයට අපහාස නොවන්නේ ද? 

පිළිතුරු අගය කරමු.   

විඩියා්ව



No comments:

Post a Comment