Sunday, January 20, 2019

බෝගම්බර බන්ධනාගාරයේ “බාගෙට මැරුම් කන” ලද නන්දනීට දශ ලක්ෂ පනස් දාහක වන්දියක්.


2008 ජුනි 27, නන්දනීව, රත්තොට පොලීසිය අත්අඩංගුවට ගන්නේ, මාතලේ බන්ධනාගාරයේ ඕ.අයි.සී. ඒකනායකගේ බිරිඳ පද්මාට, පහර දී පිහියකින් කපන ලද බවට වන චෝදනාවට.

2008 ජුනි 28 වන දින ඇයව, මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 30 වන දින දක්වා රිමාන්ඞ් කරවනවා. එසේ රිමාන්ඞ් කරන්නේ පද්මාට බරපතල තුවාල තිබෙන බවට, පොලීසිය උසාවියට කරන ලද කරුණු දැක්වීම මත.

අත්අඩංගුවට ගන්නා 27 වන දින රාත්‍රියේදී ඇයව, කෲර අවමන් සහගත සැලකිලිවලට භාජනය කරන්න ඉදිරිපත් වන්නේ පොලිස් කාන්තාවක්.

29 වන දින මාතලේ බන්ධනාගාරයෙන්, බෝගම්බර බන්ධනාගාරයේ කාන්තා අංශයට ගෙන ගිය විට, ඇයට වධ දීමට ඉදිරිපත් වන්නේ, අමුණුගම විජේසිංහ, සුබසිංහ හා සෝමපාල යන ‘ගාඞ් වරියන්’.

ඔවුන් ඇයට වධ දේනනේ, මාතලේ බන්ධනාගාරයේ, ඕ.අයි.සී. ඒකනායක, “බාගෙට මරන්න” ලෙසට දෙන ලද උපදෙස් අනුව.

30 වන දින ඇප ලබා ගන්නා ඇය මාතලේ දිසා මහ රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුළත් වෙනවා.

එහිදී, ඇයව පරීක්ෂා කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, ඇයට වධ දීම හේතුවෙන් බරපතල තුවාල සිදුව ඇති බවට පමණක් නොව, ඇගේ එක් කණක් ආබාධිතව ඇති බවට ද, නිගමනය කරනු ලබනවා. 

ඇය ජනසංසදය සමග එක්ව, මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට පියවර ගන්නා ලද අතර මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඇයට විරුද්ධව, රත්තොට පොලීසියේ පවරා තිබූ නඩුවට ඉදිරිපත් වීම සඳහා නීතිඥ සහය ලබා දීමටද පියවර ගනු ලැබුවා.

2008 දින පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවට 2009.11.18 වන දින, අවසර ලැබෙනවා. ඒ මෙම නඩුවේ මාතලේ බන්ධනාගාරයේ ඕ.අයි.සී. ඒකනායක, රත්තොට පොලීසියේ කාන්තා පො.සැ. 12862 වසන්තා, බෝගම්බර බනන්ධනාගාර අධිකාරී, ගාඞ්වරියන් වන, අමුණුගම විජේසිංහ, සුබසිංහ හා සෝමපාල, උත්තරීතර නීතියේ 11 වන වගන්තිය උල්ලංඝණය කර තිබෙන බවට හා  මාතලේ බන්ධනාගාරයේ ඕ.අයි.සී. ඒකනායක, රත්තොට පොලීසියේ කාන්තා පො.සැ. 12862 වසන්තා සහ පොලිස්පති මෙම නීතියේ 12 වන වගන්තිය උල්ලංඝණය කර තිබෙන බවට යන පිළිගැනීම මතය.

2018.09.26 විභාගයට ගන්නා මෙම නඩුවේ තීන්දුව 2018.11.23 දින ප්‍රකාශයට පත් කරණු ලැබුවා.

එම තීන්දුවට අනුව,

6. ඒකනායක - ඕ.අයි.සී. මාතලේ බන්ධනාගාරය

9. අමුණුගම විජේසිංහ, සුබසිංහ හා සෝමපාල - බෝගම්බර බනන්ධනාගාර ගාඞ්වරියන්
උත්තරීතර නීතියේ 11 වන වගන්තියෙන් සහතික කර තිබෙන අයිතියද, 

ඒකනායක - ඕ.අයි.සී. මාතලේ බන්ධනාගාරය, ගාඞ්වරියන් වන, අමුණුගම විජේසිංහ, සුබසිංහ හා සෝමපාල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා පොලිස්පති යන වගඋත්තරකරුවන් උත්තරීතර නීතියේ 12 (1) වගන්තියෙන් සතික කර තිබෙන අයිතිය ද, 

උල්ලංඝණය කර තිබෙන බවට, තීන්දු කර තිබේ.

ඒ අනුව රජය විසින් රුපියල් ලක්ෂ පහක් හා නඩු ගාස්තු වශයෙන් රු: 50,000/- ක් ද නන්දනීට ගෙවිය යුතු බවට ද, ඒකනායක - ඕ.අයි.සී. මාතලේ බන්ධනාගාරය, රුපියල් ලක්ෂ දෙකක් පුද්ගලිකව ද,  ගාඞ්වරියන් වන, අමුණුගම විජේසිංහ, සුබසිංහ හා සෝමපාල රු: 75,000/- බැගින් (රුපියල් ලක්ෂ 3 ක්) ගෙවිය යුතු බවට ද තීරණය කර තිබේ.

බන්ධනාගාරය රැඳවියන්ට වධ දීමට හේතු ගණනාවක් ඇත.

බන්ධනාගාරයට ඇතුළත් කිරිමේ දි නිරුවත් කර, පහර දීම, එයට අමතරව, විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවයට සිදුකරන වධ දීම් ද සුලභය.

තවද, නීතිපතිවරයා, මෙම නඩුවේ විත්තිකරුවන් වූ, ගාඞ්වරියන්ට එහෙිව වධහිංසා පනත යටතේ මහනුවර මහාධිකරණයේ නඩු පවරා ඇත.

නන්දනීට විරුද්ධව මාතලේ මහේස්ත්‍රාත් අධ්කරණයේ පවරන ලද බොරු නඩුවෙන් ඇයව නිfදාස් කර ඇති බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.



     

No comments:

Post a Comment