Monday, June 29, 2020
වධහිංසා නඩුවට අවුරුදු 16 යි!
Friday, June 26, 2020
බුද්ධි අංශ නිලධාරියෙකුට පොලිස් කාරයෝ වට කරගෙන නෙලයි.
වධ හිංසා ඉවසා ගන්න බැරිව කූඩුවේ එල්ලිලා මැරෙන්න හදලා.
Tuesday, June 23, 2020
බන්දනාගාර නිලධාරීන් ගේ පහර කෑමට ලක් වූ අනුර සේනාරත්න
Monday, June 22, 2020
”කුඩු තිලාන් ” ව එල්ලා මරණු - මහාධිකරණය
- මේවා මාධ්‍යයට පොල් ගෙඩි අකුරෙන් පළ කරන්නට ප‍්‍රවෘත්තිය.
- ”විද්වතුන්” කියා ගන්නා අත්ලොස්සකට ඊනියා ජාත්‍යන්තරයට ආවඩමින් කථා කර කර ඉන්න මාතෘකාය.
- දේශපාලන කුහකයින්ට රට විනාශවනවා දකින සතුට විඳගන්නට හේතුය.
Sunday, June 21, 2020
අම්මා වික්කේ KG, කුඩු නෙවෙයි.
Friday, June 19, 2020
නීතිය හා භාවිතය අතර පරතරය නැති කරන්න රජය ක‍්‍රියාකාරීව මැදිහත්විය යුතුයි.
Wednesday, June 17, 2020
යුුක්තියේ කණපිට .. ශ‍්‍රියාණි එරෙහි ඉද්දමල්ගොඩ නඩුවට අවු: 20 යි.
Sunday, June 14, 2020
තිස් දාහක KG කෑල්ලකින් පනස් දහසක් හොයන්න පුළුවන්.
සිර ගෙදර ඉදලා
පවුල නඩත්තු කරන්න සල්ලි එවන්නේ eZ cash ක්‍රමයට
මෙම තොරතුරු හෙළි කරන්නේ ආච්චි. තම මිනිබිරිය අල්ලන්නේ නැතුව තමාව රිමාන්ඩ් කරන්න හදන්න අපරාධය ක සුලමුල හෙළි කරමින්.
නාලනී හැටපස් වන වියේ පසුවන්නියක්. ඇගේ මිනිබිරිය මැයි මස 24 වන දින සිට දරුවන් දෙදෙනා සමග අතුරුදහන්ව සිටි. ඇය එසේ අතුරුදහන් වූයේ කළුතර රිමාන්ඩ් භාරයේ සිටින තම සැමියා විසින් නඩත්තුව සඳහා ඊෂි කෑෂ් ක්‍රමයට එවන ලද රුපියල් නවදහසක මුදල පොලිසියට හසු වීම නිසාය. දුරකථනයේ හිමිකරු වන්නේ ආච්චිය. මිනිබිරිව අල්ලා සංවිධානාත්මක සිදුකරන මත්ද්‍රව්‍යය ජාවරමේ ස්‍රුල මුල සොයනිනේ නැතිව, පොලිසිය හදන්නේ තමාව අත්අඩංගුවට ගෙන ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර උසාවිය යොදාගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ය.
ඇය, තමන්ට සිදුකරන්නට යන මෙම අපරාධය පිළිබඳව, පොලිස් පතිවරයාට පිටපතක් සහිතව, කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලියන ලිපියේ සියුලු කරුනු පැහැදිලි කරයි.
එම ලිපිය පහත
දක්වන
මුලස්ථාන
පොලිස් පරීක්ෂක
පොලිස් ස්ථානය
කලුතර දකුණ
මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාල පුද්ගලයා අල්ලා ගැනීමට බැරිව අසරණ මාව
අත්අඩංගුවට ගෙන ව්‍යාජ චෝදනා නගා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දරන උත්සාහය.
නාලනි -----,
අවුරුදු හැටපහයි.
ජාතික
හැඳුනුම්පත් අංකය- 55----------V. විවාහක. දරුවන් 01යි.
----, ----වත්ත,
----ටිය, කළුතර
2020 ජුනි මස 7 වන දින රාත්‍රී
දහයට පමණ කළුතර පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ මාගේ මිණිබිරිය වන ---------- ,
අවුරුදු 28යි. දරුවන් දෙදෙනයි. ඇය ගෙදර ආවේ නැද්ද යැයි
කියා ඇසුවා. ඇය මැයි මස 24 වන දින නිවසින් පිටවූ පසුව ගෙදර ආවේ නැති
බව ප්‍රකාශ කළා. ඉන්න තැන නොදන්නා බව කියා සිටියා. පොලිසිය එය පිළිගත්තේ නෑ.
පොලිසිය කියා සිටියා පසුදින එනම් ජුනි 28 පොලිසියට එන
ලෙසට. මා ඒ අනුව පොලිසියට ගියා. ඒ අවස්ථාවේ මට කිව්වා මිනිබිරිය ඉන්න තැන හෙට
(ජූනි 09) කිව්වේ නැත්නම් මාව අත්අඩංගුවට ගෙන හයිකෝට් නඩුවක් දානවා කියා. -------- මිණිබිරිය
වන, දැනට කළුතර රක්ෂිත බන්ධනාගාරයේ සිටින ඇගේ සැමියා වන -------- මාගේ ජංගම දුරකථන
අංකය ලබා දී ඇත. ඔහු බන්ධනාගාර තුළ සිට එම දුරකථන අංකයට ඊෂි කෑෂ් ක්‍රමයෙන්
රුපියල් නවදහසක් ඒවා තිබී පොලිසියට අසු විය. ඇය, එදින (2020 මැයි 24 ) සිට පොලිසියෙන් මිදී සැඟවී සිටිති.
දරුවන් දෙදෙනා ද ඇය රැගෙන ගොස් ඇත. පොලිසියට ඉන්න තැනක් සොයා ගැනීමට මේ දක්වා නොහැකිව
තිබේ. ඇගේ සැමියා ----------- මත්ද්‍රව්‍ය
පානය කරන හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවකි. ඔහු ගේ මවද මත්ද්‍රව්‍ය ජාවාරමට
සම්බන්ධ වූවකි. බන්ධනාගාරය තුල සිටින ඔහු මුදල් ඒවා ඇති මාගේ ජංගම දුරකථනය මේ
වනවිට පොලිසියේ භාරයේ තිබේ.
මේ පසුබිම තුළ
මා ගේ මිණිබිරිය වන -------, අත්අඩංගුවට ගන්න බැරිව, මා අත්අඩංගුවට ගෙන බොරු නඩු දමා රක්ෂිත බන්ධනාගාර
ගත කිරීමට ඔබ පොලිස් ස්ථානය ගන්නා උත්සාහයේ න් වළකින ලෙසට ඉල්ලන අතර, එය අපරාධයක්
බවද ප්‍රකාශ කරමි.
මා ඉල්ලා
සිටින්නේ කිසිදු ආකාරයක නීති විරෝධි ක්‍රියාවකට සම්බන්ධ නැති මට කරදරයක් නොමැතිව
ජීවත් වීමට ඉඩ සලසන ලෙසටය.
මෙයට,
අ.ක/නාලනි
පිටපත-
පොලිස්පති
පොලිස්
මුලස්ථානය
කොළඹ
Saturday, June 13, 2020
බොරිස් ජොන්සන් ගේ පුතා අවජාතක නැති නම්, උන් දුන්න නීතියට අනුව මගේ පුතා අවජාතකයි ලෙබල් ගසන්නේ කොහොමද?
පානදුර මූලික රෝහලේ ලෙඞ්ඩුන්ගේ කෑම සොරකම් අදටත් පවතිනවා. හෙරියන් හා හොරු රකින්නේ ලොක්කෝ ....!
Thursday, June 11, 2020
පූසාට වස දැමූ පොලිස් කාරයා තවමත් නිදැල්ලේලූ !
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
මොරටුව පොලීසීය විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩු දමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රජයට ගෙවීමට නියම ...