Friday, March 19, 2021

හෙරොයින් ජාවාරම නැවතිලා නෑ. පොලීසිය කප්පන් ගැනීම නවත්වලා නෑ.



 ඉතා දුකසේ ගමේ ඉස්කෝලේ ඉගෙන ගෙන, සරසවි වරම් අරගෙන, උගත් දෙයින් ප‍්‍රයෝජන ගත්තු කෙනෙක්. රජයේ රැකියා බලාපොරොත්තුව අතහැර ගමේ තැඹිලි එකතු කර, අපනයන සමාගමකට බාරදීමේ රැකියාවට මුල පිරුවේ අවධානමක් ද අරගෙන.

ශ‍්‍රමය, බුද්ධිය කැප කරමින් තම ව්‍යාපාරය දියුණු කර ගැනීමට ඔහුට හැකිවුනා. මේ වන විට, කල්බදු ක‍්‍රමයට අරගත්තු ලොරි පහක් හා සේවකයින් දස දෙනෙකු සිය ව්‍යාපාරයට එකතු කරගෙන.

 තැඹිලි කපන්න හැමෝටම බැහැ. ප‍්‍රදේශයේ පොල් කඩන තැඹිලි කපන තරුණයින් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවන්. එම තරුණයින් ද රුමේෂ් යටතේ වැඩ කරනවා. පොලීසිය දන්නවා.

 ව්‍යාපාරිකයින්ගෙන් කප්පන් ලබ ගැනීම පොලීසියට ආයතන ගත වූවක්. ටිකට් ගන්නේ නැතිව බස්වල යන එකේ ඉඳලා සල්ලි ගෙවන්නේ නැතව මා`, එලව`ඵ ගැනීම දක්වාත්, තේ සිගරැට් අරන් බොන එකත් පොලිස් උප සංස්කෘතිය. පගාව ගැනීමට අමතරව.

 රුමේෂ් ගෙන්ද පොලීසිය, කප්පන් ගත්තා. පොලීසිය හොඳින් තියා ගැනීමට කප්පන් දුන්නේ හිතේ කහටක් නැතිව. සීමාව පැනපු නිසා, කප්පන් දීමට නොහැකි වුනා. නෝක්කාඩු වූ පොලීසිය රුමේෂ්ට දඬුවම කරන්න උසාවිය යොදා ගත්තා.

 01. ලේකම්,  මහජන ආරක්ෂක අමාත්‍යාංශය, 02. සභාපති,  මානව හිමිකම් කොමිෂන් සභාව, 03. පොලිස්පති වෙත යනවන ලද ලිඛිත පැමිණිල්ල.  කියවන්න.

 නීති විරෝධී ක‍්‍රියාවන් සිදුකරන ලද බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට එරෙහිව නීතිය කි‍්‍රියාත්මක කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

 රමේෂ්  අවු: 29 යි, ජා.හැ.අ. 912**** විවාහක, රැුකියාව: ව්‍යාපාරික. ලිපිනය: 25*****, බණ්ඩාරගම. දු.අ. 

2021.03.13 වන දින දීය.

 2021 මාර්තු 07 වන දින, උදේ 7.50 ට පමණ, බණ්ඩාරගම පොලීසියේ, පො.කො.රි. බංඩාර සමග බුද්ධි අංශයේ නිලධාරියෙක් නිවස ඉදිරිපිටට පැමිණියා.

 එ් වෙලාවේ, මා, මාගේ ලොරිය අසල හිටියා. මා සමග මේනක, ප‍්‍රියන්ත සමන් හා පසිඳු යන අය හිටියා. ඔවුන් ව්‍යාපාරයට සම්බන්ධ අය.

 ඔවුන් පැමිණියේ යතුරුපැදියකින්. පො.කො.රි. බංඩාර එයින් බැස, නිවස අසල මා අලූතින් ඉදිකරගෙන යන නිවස තුළට ගියා.

 එයින් පසුව මා දැක්කා, එම හදාගෙන යන නිවස තුළ සිට, තිදෙනෙක් එළියට එනවා. දෙදෙනෙකුට මාංචු දමාගෙන මා ඉදිරියට ගෙන ආවා.

 

පො.කො.රි. බංඩාර පිහියක් අත ඇතිව, නොයෙකුත් දේ කියමින්, මට බැන තර්ජනය කරන්නට පටන් ගත්තා. එ් අතර ඔවුන් ජීප් රථය ගෙන්නුවා. ජීප් රථයට එම පස්දෙනාව නංවා ගත්තා. එ් අතර, උ.පො.ප. මධුසංඛ හා තවත් අයෙක් යතුරුපැදියෙන් එතනට ආවා.

 ඔවුන් මාව, අලූතින් හදන නිවසට අඬ ගසාගෙන ගොස්, අත්අඩංගුවට ගන්නා ලද පස් දෙනා      කුඩුබොමින් හිටියේ මෙතන යැයි කියා නිවසේ තැනක් පෙන්නුවා.

 ඉන්පසු, මට පොලීසියට ඇවිත් කටඋත්තරයක් දෙන ලෙසට කිව්වා.

මා මාගේ මාමා සමග එන්නම් යයි කිව්වා. එවිට මා සමග යන් කියා, උ.පො.ප. මධුසංඛ ඔහුගේ යතුරුපැදියෙන් මාව බණ්ඩාරගම පොලීසියට ගෙන ආවා.

 පොලීසියේදී, පො.කො.රි. බංඩාර, මට බැන තර්ජනය කරමින්, නින්දා කරමින් හැසිරුනා. ඔහු මාගේ කණට පාරක් ගසා, මූට හෙරොයින් ග‍්‍රෑම් 02 ක් දාලා, හයිකෝට් නඩුවක් දාන්න යයි එහි සිටි නිලධාරීන්ට කිව්වා.

 දවල් 12.30 ට පමණ ස්ථානාධිපති මූ.පො.ප. ඊ.එම්.ඞී.එම්.එල්. බුද්ධික පැමිණියා. මා ඔහුට කරුණු කියන්නට උත්සාහ ගන්නා විටම, ”උඹ කථා කරන්න එන්න එපා, මූට කුඩු දාන්නයයි සෙසු නිලධාරීන්ට කිව්වා.

 

මාව කූඩුවට දැම්මා. සවස 5.30 ට මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. නමුත් ලියූ දේවල් මට පෙන්නුවේ වත්, කියවා තේරුම් කර දුන්නේ වත් නැතුව මගෙන් අත්සන් ගත්තා.

 

රාත‍්‍රියේ, කූඩුවේ ඉන්න කොට, උ.පො.ප. මධුසංඛ ඇතු`ඵ නිලධාරීන් කිහිප දෙනෙක් මා අසලට පැමිණ, හෙරොයින් පානය කරන්න අනුබල දුන්නා කියා නඩු දාලා තියෙන්නේ, හෙට උසාවි දානවා කියා, වැරැුද්ද පිළිගෙන, නිදහස් වෙන්න යයි කියා සිටියා.

 පසුදින, 2021 මාර්තු 08, මාව, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

 නඩු අංකය : 82077 වේ.

 

මා වෙනුවෙන් නීතිඥ අමිල නාවලගේ මයා පෙනී සිටියා. මාව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරියා. මීළඟ නඩු දිනය : 2021 ඔක්තෝර් මස වේ. මා ප‍්‍රකාශ කර සිටින්නේ,

 

                (1) මා උපාධිධාරියෙකු බවත්, අපනයනය සඳහා තැඹිලි එකතු කරන ව්‍යාපාරයක නියැලී

             සිටින්නෙකු බවත්ය.

 

                (5) මා ළඟ දෛනික වැටුපට සේවය කරන (තැඹිලි කඩන අය* 10 ක් පමණ සිටිනවා.

 

                (4) එම පිරිසෙන් සමහරු, හෙරොයින් භාවිතා කරන්නන් බව මා දන්නවා. පොලීසියද

             දන්නවා. මාගේ දැනීමෙ හැටියට ඔවුන් හෙරොයින් ජාවාරම් කරන්නේ නැත.

 

                (4) අත්අඩංගුවට ගත්, හෙරොයින් භාවිතා කරන බවට සැක කරන පුද්ගලයින්

             අධිකරණයට ඉදිරිපත් කළද ඔවුන්ගෙන් මොනම අවස්ථාවකවත්, හෙරොයින්

             ලබාගන්නනේ කෙසේද යන්න පිළිබඳව ප‍්‍රශ්න කර නැති අතර, අධිකරණයෙන් ද එය

             වසන් කර තිබේ.

 

                (5) එ් අතර, බණ්ඩාරගම පොලීසියේ, පො.කො.රි. බංඩාර විවිධ හේතු දක්වමින්, උදව්

              ඉල්ලා සිටියා.

 

මා, එ් අවස්ථාවල, එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කළා. එම නිසා ඔහු මා සමග අමනාපයෙන් පසු වූ බවද කියා සිටිමි.

 

මා ඉල්ලා සිටින්නේ,

 

මෙම ව්‍යාජ නඩුව ඉවත් කරන ලෙස හා නීති විරෝධී ක‍්‍රියාවන්හි නියැලෙන, බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති ඇතු`ඵ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

 

මෙයට,

zහෙට්ටි ආරච්චිගේ රමේෂ් ජීවන්ත

No comments:

Post a Comment