Tuesday, March 9, 2021

නඩු දානවා. නඩු දෙනවා. දඩ ගෙවනවා.


 තුෂාරි, පානදුර ප‍්‍රදේශයේ බලපත‍්‍ර රහිතව නිපදවන මද්‍යසාර, (UML)- හෙවත් කසිප්පු විකිණීම ස්ථිර ජීවනෝපාය කරගත් තැනැත්තියක්. එයට සැමියාද, පවුලේ සෙසු සාමාජිකයින්ගේ ද පූර්ණ සහය ලැබෙනවා.

පරම්පරාවක්ම, පානදුර වෙරලේ අනවසර පදිංචිකරුවන්ව සිටි මොවුන්ට, සුනාමියෙන් පසුව, පානදුර මෝදරවිල ඉදිරකරන ලද තට්ටු නිවාස වල පදිංචියට යෑමට වසනාව හිමි විය.

 සුනාමි තට්ටු නිවාස නමින් ප‍්‍රකට, මෙම නිවාස සංකීර්ණයේ නොකෙරෙන ජාවාරමක් නැත. නීති විරෝධී ලෙසට හඳුන්වන සෑම දෙයක්ම මෙහි සුලබව ඇත. පසුගියදා, ඇගේ නිවසට කඩා වැදුනු පොලීසිය, නීතියට පටහැනි දේ වැළක්විමේ මුවාවෙන් සිදුකරන නීති විරෝධී කි‍්‍රයාවන් ගැන බලධාරීන්ට කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.

 හෙළි දරව් කරන කරුණු වලට  රජය ගන්නා පියවර මත මත්ද්‍රව්‍යය ජාවාරම වැළැක්වීමේ උත්සහයේ සාර්ථකත්වය රදා පවතිනු ඇත. 


ලි.ප.තැ.
සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව, 
පොලිස්පති  වෙත...               

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන,බොරු නඩු දැමීමට දරන උත්සාහය.

 තුෂාරි, අවු: 35 යි, ජ.හැ.අ. ...... ලිපිනය:, තට්ටු නිවාස, මෝදරවිල, පානදුර. දු.අ. ......2021.03.08 වන දින දීය.

ඊයේ, (2021.03.07) නිවසට පැමිණ, සැමියා අත්අඩංගුවට ගෙන, වධ දී බොරු චෝදනා දමා රිමාන්ඞ් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අතර, අද, (2021.03.08) වරින් වර නිවසට පැමිණ, මාව අත්අඩංගවට ගෙන, උසාවියට බොරු කියා, හෙරොයින් ආදේශ කර, රිමාන්ඞ් කරවීමට උත්සාහ ගනී.

මෙසේ කරන්නේ, පානදුර, පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන, විශේෂ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසිනි. මෙම නීති විරෝධී ක‍්‍රියාව නවත්වන ලෙස ඉල්ලමි. ඕනෑම අවස්ථාවක, පොලීසියට ඉදරිපත් වීමට සූදානම් බව ප‍්‍රකාශ කරමි.

මා මත්ද්‍රව්‍යය ජාවාරම් කරන්නේ නැත. නීති විරෝධී මත්පැන් අලෙවි කර තිබේ.


මෙයට,

තුෂාරි

2.

ලේකම්,

මහජන ආරක්ෂක අමාත්‍යංශය,

14වන මහල, සුහුරුපාය

බත්තරමුල්ල

 මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවන් සිටියදී කසිප්පු වලට අල්ලා කුඩු තිබූ බවට ව්‍යාජ චෝදනා නගා අධිකරණය පාවිච්චි කර රිමාන්ඩ් භාරයට පත්කිරිමේ  අපරාධය

තුෂාරි, ජ.හැ.අ.. අවුරුදු 35 යි. තට්ටු නිවාස, මොදරවිල,පානදුර. දු.ක.අ. ****** සුජිත් අවුරුදු 40යි. මගේ සැමියා වේ.

 

 2021 මාර්තු 7 ඉරිදා රාත්‍රි 7ට පමණ පානදුර කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් නිවසට පැමිණියා. ඒ අවස්ථාවේ මාගේ සැමියා ළඟ කසිප්පු බෝතල් බාගයක් තිබුණා. ඔහු එම කසිප්පු බෝතල් බාගය එම නිලධාරීන්ට බාර දුන්නා. එම නිලධාරීන් මාගේ සැමියාගේ එක් අතකට  මාංචු දැම්මා. ටික වෙලාවකින් අසල සිටි මාගේ අත ඇද පිටුපසට කර, සැමියාට දමා තිබු මාංචුවේ අනිත් කෙළවර දැම්මා. ඒ සමගම වාගේ එතනට එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක මධුශංක නිලධාරියා පැමිණියා.

අප දෙදෙනාව ඒ ආකාරයට විනාඩි 45ක් පමණ තියාගෙන හිටියා. මාගේ අතේ තිබූ මාංචුව ගැලවී ගියා. මා එවිට එම ස්ථානයෙන් පිට වුණා. තට්ටු නිවාසවල පදිංචිකරුවන් 100ක් පමණ මේ සියල්ල බලාගෙන සිටියා. ඒ අතර ජීප් රථ දෙකක් පැමිණියා. ඔවුන් අපට තර්ජනය කලා. ගෙවල් පොඩි කරනවා කිව්වා. අපට එහෙන් ඉවත්ව වෙනත් පදිංචියකට යන ලෙසට තර්ජනය කළා. ඒ අවස්ථාවේදී ඔවුන් මගේ සැමියාට පහර දුන්නා. සැමියාව ඉන්පසු පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පවත්වාගෙන යන, පානදුර කොට්ඨාශ දූෂණ මර්දන අංශයට ගෙන ගියා. එහිදී ඔහුට ඉතාමත් අමානුෂික ලෙස පහර දී වධ දී තිබෙනවා. ඉන්පසුව පානදුර දකුණු පොලිසියට බාරදී ඇත. දැනට ඔහු එම පොලිස් ස්ථානයේ සිටී. පානදුර පොලිසිය දැනුම් දුන්නා මගේ සැමියාට හෙරොයින් ග්‍රෑම් 10ක් සන්තකයේ තිබූ බවට චෝදනාවක් දමා ඇති බව. මොහුව උසාවියට ඉදිරිපත් කර  රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියමිතය.  අප ජීවත් වීම සඳහා කසිප්පු විකුණන බව ප්‍රකාශ කරමි. මේ වෙන විටත් නඩු තියෙනවා. එම නඩුවලට අප වැරදිකරු බව පිළිගෙන දඩ ගෙවනවා. හම්බකරන මුදලින් පවුලේ 09 දෙනෙකු ජීවත් වන බව ද ප්‍රකාශ කරමි. මෝදරවිල සුනාමි තට්ටු නිවාසවල අදටත් හෙරොයින්, අයස් හා පෙති විකුනනවා. අවුරුදු විස්සක් පුරා මෙම තට්ටු නිවාසවල කැට පොළක් පවත්වාගෙන යනවා. මේ සියල්ල පොලිසිය හොඳින් දන්නවා නමුත් ඔවුන් කරන්නේ විටින් විට අල්ලා අඩු ප්‍රමාණයන් සටහන් කර නඩු දමන ඒක. මැතකදි බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි පිරිස, නැවත මත්ද්‍රව්‍යය ජාවාරම සිදුකරනවා. ඒ සියුලුම දෙනාගේ විස්තර රහසිගතව ලබා දිමට අප සුදානම්.

මා ඉල්ලා සිටින්නේ, නිති විරෝධිව පෙරන ලද (කසිප්පු) මද්‍යසාර ලඟ තබා ගැනිම වෙනුවට පළි ගැනිමේ හා පොලිසියේ අනු දැනුම ඇතිව පානදුර උයන්කැළේ මහා පරිමාණ කසිප්පු ජාවාරම කරන ලසන්ත නැමැත්තාගේ අවශ්‍යතාවයට, හෙරොයින් ග්‍රැම් 10 ක් තිබු බවට චොදනා කර උසාවිය නොමග යවා රිමාන්ඩ් කරවිම නවත්වන ලෙසටය. මේ මගින් අප පවුලට මෙන්ම රජයටද සිදුකරන්නේ අපරාධයකි. කොරොනා වසංගතය මත රිමාන්ඩ් කරවිම අවම කිරිමට රජය ගත් තිරණය අවුල් කර දැමිමකි.

 

මෙයට,

  තුෂාරි

No comments:

Post a Comment