Friday, April 30, 2021

බෝධිනාගල වල් ඌරාට බැන්ද මරු වැලට අහිමි වූ වම් කකුල


බෝධිනාගල ආරණ්‍යය සේනාසනය නොදන්නා කෙනෙක් නැත තරම්ය. එහෙත් මෙම ආරණ්‍යය පිහිටි රක්ෂිතයේ මරු වැල් ගැන ඔබ අසන්නට නැතිවා ඇත.

ලලිත් රාජපක්ෂ හතලිස් එක් හැවිරිදි පියෙක්. වැලි ගොඩ දැමීම ජීවනෝපාය කරගත්, ඔහු අද පූර්ණ ආබාධිතයෙක්. කඵ ගඟ අසබඩ, මෙම ආරණ්‍යය පිහිටි රක්ෂිතය, සැදැහැවන්තයන්ගෙන් පිරී ඉතිරී යන පුද භූමියක්.

එහෙත් මෙම පුද බිමේ සිදුවන අපරාධ, එළිදරව් වන්නේ නැත. පොලීසිය, අපරාධකරුවන් එක්ක යැයි කිවහොත් නිවැරදිය.

පසුගිය වසරේ අගෝස්තු මස 24 වන දින, සවස තුනට පමණ මොහු තවත් අයෙකු සමග ගඟ ඉවුරට ගියේ පුවක් ඇහිලීමටය.

එ්ත් අද ඔහු ආබාධිත වූයේ, රාත‍්‍රියේ වල් ඌරන්ට බඳින ලද පත්තු නොවූ තුවක්කුව බඳින ලද මරු වැල පෑගීමෙන්ය.

ප‍්‍රශ්නයට මාස ගණනක් ගියත් මෙම අපරාධකරුවන් පොලීසියට හසු නොවීමය.

පත්තු නොවූ තුවක්කුකඳ පොලීසියට ගෙන ගොස් තබාගෙන ඇත. උසාවියට ඉදිරිපත් කර විමර්ශන කළ බවක් වාර්තා වන්නේ නැත.

ගමේ දඩයක්කාරයින් හා පොලීසිය අතර පවතින්නේ අනෝ‍යන්‍යය සම්බන්ධයකි. පුද බිමක් වුවත්, පොලීසියට ලැබෙන දඩ මස් වලින් අඩුවක් නැති බව ගම්මු කියයි.


 

නීතිය හා සාමය රකින්න හමුදාවට පවරයි.


 

Wednesday, April 28, 2021

වධ හිංසා නඩුවක් කෙළවර වූ වගයි.


නන්දනී කුමාරි, මවක්, ගෘහනියක්. ඇයව අත්අඩංගුවට ගෙන වධ හිංසාවට පත් කරන්නේ, ,පොම්ප හොරකමකට,කසිප්පු,කුඩ,හෝ හමුදාවෙන් පැනලා ආපු,යන සුපුරුදු පොලීසිය මවන චෝදනාවකට නොවේ.

බන්ධනාගාර නියාමක වරයෙකුගේ අවශ්‍යතාවයකට, පවුල් ආරවුලක් මුල කරගෙන. චෝදනාව අල්ලපු ගෙදර ගැහැනියගේ අත පිහියකින් කැපූ බව.

පෙර සැලසුම් කරන ලද පරිදි, පොලීසිය අධකරණය පාවිච්චි කරල, ඇයව රිමාන්ඞ් භාරයට පත් කිරිමට පියර ගනු ලබනවා.

මැයව අධිකරණයට ඉදිරිපත් කළ විට, කිසිදු ආකාරයක නීතිමය දැනුමක්. මානව හිමිකම්කියන වචනයවත් අසා නැතිවුවද, තමාට පොලීසිය කළ කිදේ, බන්ධනාගාරයෙදි වධ දීපු කථාව කූඩුවේ සිට කියන්නට ඉදිරිපත් වුනේ උසාවිය අරක්ගෙන සිටින සියලූ දෙවි දේවතාවරු පුදුම කරවමින්.

ගැහැණියක් වශයෙන් ඇයගේ දිරිය දුටුවන්, ජනසංසදයට ඇයව යොමු කරන්නේ, එ්වන විටත් මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ දිනා සිටි සන්නාමය ගැන දන්නා පිරිසක් විසින් ය.

 ඈ සතුව තිබූ විභවය, නිසි ලෙසට පෙළ ගැස්වීමට ජනසංසදය සහය විය.

 ඇයට විරුද්ධව පොලීසිය පවරා තිබූ පිහියෙන් කැපූචෝදනාවෙන් නිෙදාස් කොට නිදහස් කෙරිණ. ඇය පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවෙන් ඇයට වන්දි හිමි විය.

 නියම කළ වන්දිය ලබා ගැනීමට ඇය කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්ට ලිවීමය. බලධරයන්ව ප‍්‍රශ්න කිරීමය. තව නඩු දාන එක නොවේ. එය ජේ්‍යෂ්ඨ යයි කියා ගන්නා නීතිඥයන්ටද, ඊනියා මානව හමිකම් ආරක්ෂඛයින්ට පාඩමක් විය.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන එ්කකයේ විමර්ශන වලට අනුව නීතිපති වධ හිංසාවට එරෙහි සම්මුති පනත යටතේ, බෝගම්බර බන්ධනාගාරයේදී ඇයට, වධ හිංසා පැමිණ වූ නියාමකවරියන්ට එරෙහිව, මහනුවර මහාධිකරණයේ අධි චෝදනා නැගීය.

 එම නඩුව විභාගයේදී, දින කිහිපයක්ම, විත්තියේ නීතිඥ ප‍්‍රශ්න කළේය. ඇයගේ පිළිතුරු දුන්නේ  ඊනියා සම්ප‍්‍රදායන් බිඳ හෙලමින්ය.

 2021 අපේ‍්‍රල් 23 දින, නඩු වාරයේදී, ගරු අධිකරණය, වන්දියක් ගෙන නඩුව අවසන් කිරීමට කැමති දැයි ඇයගෙන් විමසා සිටින ලදි. ඇය වන්දි අවශ්‍ය නැති බව, කියා සිටියේ, නඩු අවසන් කිරීමට කැමැත්ත දෙමින්ය.

 ඇය එදා පටන් මානව හිමිකම් ආරක්ෂිකාවක් වශයෙන් ක‍්‍රියා කළාය. ඇය පක්ෂ දේශපාලනය ප‍්‍රතික්ෂේප කළාය. සමූපකාර ඡුන්දය වත් ඉල්ලීම ඇගේ සිහිනය නොවීය. ඇය නීතිය ගැන කථා කලද ‘‘නිතිඥවරියක්, ලෙසට ර`ග පෑවේ නැත.

 ඇය සැම විටම කියා සිටියේ, මට වූ දේ, තවත් කෙනෙකුට නොවිය යුතු බවයි.

(ඇයගේ කථාව ඉදිරියේදී)

 

 

 

 


 

Tuesday, April 27, 2021

ප‍්‍රාදේශීය සභා නියෝජිතයන්ට පහර දුන්නා යැයි පොලීසිය, තිදෙනෙකුට වධ දෙයි. එයින් බේරෙන්න උසාවිය පාවිච්චි කරයි.

වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ නියෝජිත යසත් චමින්ද නැමැත්තාට, පහර දුන්නාය යන චෝදනාවට ලක්වීම නිසා, නීතිඥවරියකගේ මාර්ගයෙන් මීගහතැන්න පොලීසියට බාර වූ තිදෙනෙකුට, අමානුෂික ලෙස වධ දී, ඉන් ගැලවීමට උසාවිය පාවිච්චි කර, රිමාන්ඞ් බාරයට පත්කිරීමේ පුවතකි මේ.

මෙය අහම්බයක් නොවේ. ශ‍්‍රී ලංකා පොලීසියට ආයතනගත වූවකි. එය වැළැක්වීමට මේ දක්වා නීතිමය පියවර ගෙන නොමැත.

පමිණිල්ලකට අවශ්‍ය යැයි කියමින්, පොලීසිය 20 වතාවකට වැඩි වාර ගණනක් මෙම තිදෙනාව අත්අඩංගුවට ගැනීමට ගෙවල් වලට පැමිණ ඇත.

ඒ සෑම අවස්ථාවකම නිවැසියන්ට කුනුහරුප කියමින් බැන වැදී, බෝම්බ දමා රිමාන්ඞ් කරන බවට තර්ජනය කර ඇත.

මෙම පසුබිම තුළ නීතියට අනුව මෙම තිදෙනා, පොලීසියට බාර විය.  නීතිඥවරියකගේ මාර්ගයෙනි.එසේ තිබියදී, මොවුන්ට අමානුෂික ලෙසට පහරදී, පෙරෙට්ටුවකට තැබීමට අවශ්‍ය යැයි කියමින්, උසාවිය පාවිච්චි කර රිමාන්ඞ් කරවා ඇත.

අධිරකණය මොවුන්ව, රෝහල්ගත කරන ලෙසට නියම කළද, කොරෝනා වසංගත තත්ත්වය යටතේ ඔවුන් රෝහල්ගත නොකර, නිරෝධායනය කර ඇත. මේ නිසා ඔවුන්ට යුක්තිය ඉටු නොවනු ඇත.

සුද්දා විසින් පිහුටුවන ලද පොලිස් දෙපාර්තමේන්තුවට ආයතනගත වූ දූෂිත පිළිවෙත් පවත්වාගෙන යෑමට, පොලීසිය උසාවිය අතකොලූ කර ගනී.

මෙම සිද්ධිය එයට හොඳ නිදසුනකි.

සුදුසුකම් තිබියදීත්, පළමු වසරට ඇතුළත් නොකිරීමේ වරද රජයට පවරයි. රුපියල් ලක්ෂ පහක වන්දියක් හා දරුවා වහාම පාලසට ඇතුළත් කිරීමට නියෝග.




විශේෂයෙන් ඊනියා ජනප‍්‍රිය පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේදී සිදුකරන දූෂණ අක‍්‍රමිකතාවන් වල කෙළවරක් නැත.

මෙම දුෂිත තත්ත්වය මත අසාධාරණයට පත්වන දරුවන් ගේ දෙමාපියන් අතරින් ඉතා ස්වල්ප දෙනෙක් යුක්තිය ඉටු කර ගැනීමට, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යති.

එ් සඳහා අති විශාල මුදලක් වැය කරති. වසර කිහිපයක් බලාගෙන සිටිති.

ගම්පහ, අස්ගිරියේ දර්ශන ප‍්‍රනාන්දු මයා 2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ තම දියණිය සුදුසුකම් සපුරා තිබියදීත් ගම්පහ යශෝධරා දේවී බාලිකා විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් කර ගැනීම ප‍්‍රතික්ෂේප වූ හෙයින්ය.

ඔහු සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන්, විදුහල්පතිනිය ගයනී වත්සලා ඇතු`ඵව වගඋත්තරකරුවන් 18 දෙනෙකෙු නම් කර තිබින.

මෙම 18 දෙනා අතර ඇතුලත් කරගෙන තිබූ සුදුදුකම් අඩුසිසුන් තිදෙනෙකු හා ඔවුන්ගේ දෙමාපියන් විය.

2019 නොවැම්බර් 04 වන දින, විභාගයට අවසර දුන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම 2020 අගොස්තු 31 හා සැප්තැම්බර් 25 විභාගයට ගන්නා ලදි.

පෙත්සමකාර පාර්ශවය, එනම් පියා වෙනුවෙන් ලිඛිත දේශන 2020 ඔක්තෝබර් 23 ඉදිරිපත් කර තිබුන අතර, 7 වන වගඋත්තරකරු විදුහත්පතිනිය ගයනි වත්සලා, 17 වන වගඋත්තරකර ගම්පහ කළාප අධ්‍යක්ෂ ඩබ්. මල්ලිකා හා 18 වන වගඋත්තරකරු වූ නීතිපති වෙනුවෙන්,  ජේෂ්ඨරජයේ නීතිඥ රජීව් ගුණතිලක ප‍්‍රති තර්ක ඇතුළත් ලිඛිත දේශනය 2021 ජනවාරි 05 ගෙනු කරනු ලැබීය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ජ.නි. මුර්දු එන්.බී. ප‍්‍රනාන්දු හා ජ.නි. එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ගේ එකඟතාවය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජ.නි. යසන්ත කෝදාගොඩ 2021 මාර්තු 23 තීන්දුව ලබාදෙන ලදි.

මෙම තීන්දුව මගින්, 7 වන වගඋත්තරකරු වූ ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුඵව 18 වන වගඋත්තරකරු දක්වා වූ, 10දෙනා හා දර්ශන ප‍්‍රනාන්දු මහතා හා ඔහුගේ දියණියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීරණය කරනු ලැබීය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව, පවරා පවත්වාගෙන යැම ස`දහා දර්ශන ප‍්‍රනාන්දු මයාට, අති විශාල මුදලක් වැය කිරීමට සිදුවූ නිසාත්, ඔහුගේ දියණියට නියමිත පාසල් අධ්‍යාපනය ලැබීමට වසර තුනක් තිස්සේ නොහැකි වීම නිසාත් යන කරුණු මත රජය රු: 500,000/-  වන්දියක් ගෙවිය යුතු බවට හා දරුවාව එම විදුහලේ් තුන්වන ශ්‍රේණියට වහාම ඇතුළත් කරන ලෙසට නියම කළේය.

රජය විසින් ගෙවිය යුතු රු: 500,000/- වන්දිය, ප‍්‍රනාන්දු මයාට ලබා දීමේ වගකීම, ගම්පහ කළාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ (17 ් වගඋත්තරකරු* කේ.පී. සිරිමා ට බාර කර තිබේ.

මූලික අයිතිවාසිකම් කඩ කළ විදුහල්පතිනිය ගයානි වත්සලා ඇතු`ඵ ගරුවරුන් හා කළාප අධ්‍යක්ෂවරයාට එරෙහිව ගත යුතු පියවර ගැන සඳහනක් නැත. රජයට නියම කළ වන්දි ගෙවනනේ මහ ජනතාවයි.

මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද බවට, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්ද කරන ලද රාජ්‍යය සේනවකයින්ට නිදැල්ලේ සිටීමට සිවිල් සමාජය ඉඩ දෙනවා නම් එමගින් ප‍්‍රකාශ වන්නේ, ඔවුන් ද දූෂණයේ කොටස් කරුවන් බවයි.

මෙම තීන්දව හා එමගින් පැන නගින ප‍්‍රශ්නය ගැන මාධ්‍ය හා වෘත්තීය සංවධාන නිහඬය.

කථා කරමු.

නඩු අංකය:- SC/FR (Application) 17/19

Friday, April 9, 2021

කුඩු තිබිලා තියෙන්නේ - පන්සලේ පොල් ගහ උඩ?


පානදුර වලපොල ප‍්‍රධාන පන්සලක, වත්තේ, අනවසරයෙන් පොල් ගසකට නැග්ග තරුණයෙකු අල්ලා ගස් බැඳ, දිමි ගොටු දමා, පහරදී, පොලීසියට බාර දී තිබුනේ 2021.03.30 වන දින රාත‍්‍රී 10.00 ට පමණය.

 පොලීසියේ දින 02 ක් රඳවා තබාගෙන, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවට, අමූලික බොරු බීවාර්තාවක් සමගය.

 අධිකරණය ඔහු බන්ධනාගාරගත කිරීමෙන් පසුව, මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිව සිටි තරුණයාට,    ”සික්එක හැදීම නිසා රොහ්ල්ගත කරන්නට බන්ධනාගාර නිලධාරීන්ට සිදුවිය.

 දැනට ඔහුව බන්ධනාගාරය බාරයේ නාගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

 මෙම තරුණයාගේ මව, සිද්ධිය අදාළව, බලධාරීන්ට කරන ලද ලිඛිත පැමිණිල්ල කෙරෙහි අවධානය යොමු කරන්න.

 01. ලේකම්.  මහජන ආරක්ෂක අමාත්‍යාංශය

02. සභාපති. මානව හිමිකම් කොමිෂන් සභාව      

03. පොලිස්පති                 

     පොල් කඩමින් සිටි පුතාව අල්ලා, හෙරොයින් මි.ග‍්‍රෑ. 2800 ක් සමග උසාවියට දමා රිමාන්ඞ් කරවීම.

 

පද්මාවතී ප‍්‍රනාන්දු, අවු: 63 යි, ජා.හැ.අ. 586832638 විවාහක, දරුවන් 05 යි, ලිපිනය: 150/ඊරැු1 වලපල, පානදුර. දු.අ. 075 8756786

 

2021.04.05 වන දින දීය.

 

වන්නි ආරච්චිගේ සංජීව පෙරේරා, අවු: 27 යි, ජා.හැ.අ. 199428704111, අවිවාහක, කුලී වැඩ. මාගේ බාල දරුවා වේ.

මොහු මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවෙකි. 2021.03.30 වන දින රාත‍්‍රී 10.00 ට පමණ තවත් අයෙක් සමග, වලපල, ශී‍්‍ර සද්ධර්මෝදය, පිරිවෙන (පන්සල්) වත්තේ, පොල් කඩමින් සිටින විට එහි සිටි පිරිසක්, ගහ වටකර තිබේ.

එය ආරංචි වී, සැමියා එම ස්ථානයට ගොස්, ගසින් බැස්සවීමට කටයුතු කර ඇත.

ගසින් බසින ලද පුතාට, අවට රැුස්වූ පිරිස් අමානුෂික ලෙස පහර දීමට පටන් ගෙන ඇත. එය වැළැක්වීමට සැමියා උත්සාහ කළ විට, පන්සලේ, ආරියසිරි හිමි, සැමියාගේ බෙල්ලෙන් අල්ලා එලවා, පුතාව, ධර්ම ශාලාව දෙසට ගෙන ගොස් ගසක බැඳ, දිමි ගොටු දමා පහර දී, පොලීසිය පැමිණි විට, බාරදී තිබේ.

2021.04.01 වන දින, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

රක්ෂිත බන්ධනාගාරයේදී, පුතා, මත් ද්‍රව්‍යය නොමැති කමින්, රෝගී වී, නාගොඩ මහ රෝහලට ඇතුළත් කරන ලදි.

දැනට ඔහු නාගොඩ මහ රෝහලේ, 9 වැනි වාට්ටුවේ ප‍්‍රතිකාර ගනු ලබයි. ඔහුව 29 වන වාට්ටුවට මාරු කරන බව දන්වන ලදි.

පන්සලේ, පොල් ගස උඩ සිටින විට, අල්ලා, වධ දී, පොලීසියට බාර දුන්න මාගේ පුතාව, ගරු අධිකරණයට ඉදරිපත් කර ඇත්තේ, ඔහු සතුව හෙරොයින් මි.ග‍්‍රෑ. 2800 ක් තිබූ බවට අමූලික බොරු වාර්තාවක් ඉදිරිපත් කරය.

 

මෙය අපරාධයකි. හොරෙන් පොල් කැඩුවාට, නඩුවක් පැවරීම කළ යුතුය.

එමෙන්ම මත්ද්‍රව්‍යය භාවිතය පිලිබඳව නීතිමය පියවර ගත යුතුය.

මොහුට අද දක්වාම, මත්ද්‍රව්‍යය ලබා දෙන්නේ, එකතුවන්නේ කව්ද යයි පොලීසිය සෙවිය යුතුය.

ඒ් කිසිවක් නොකර, පොල් ගසේ සිටියදී, පන්සලේ අරක්ගෙන සිටින පිරිසක්, අල්ලා වධ දී, පොලීසියට බාර දුන්න මාගේ පුතා ළඟ හෙරොයින් මි.ග‍්‍රෑ. 2800 ක් තිබූ බවට අධිකරණයට කියා සිටීම, රජය දැඩි අපහසුතාවයට, අපකීර්තියට පත් කරන්න කරන වැඩකි.

එපමණ ප‍්‍රමාණයක් හෙරොයින්, ඔහුට ලැබුනේ කෙසේද යන්න සෙවීම පොලීසියේ රාජකාරිය විය යුතුය.

මවක් ලෙසට මා ඉල්ලා සිටින්නේ,

 

(1) පොලීසිය කර තිබෙන අපරාධය ගැන නිසි නීතිමය පියවර ගන්නා ලෙසටත්,

 

(2 මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූ පුතාට පහර දීම පිළිබඳව පරීක්ෂණ කර අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසටත්,

 

(3) පුතාට හෙරොයින් ලැබුන අන්දම සොයන ලෙසටත් ය.

 මෙයට,

පද්මාවතී ප‍්‍රනාන්දු/ මව

Friday, April 2, 2021

ආණ්ඩුවේ අරක්කු බිව්වාම ඔලූව කැක්කුම හැදෙනවා

කුලී වැඩ කරන මොහු දවසකට රු: 2000/- ක් විතර උපයා ගන්නා බවත් රු:500/- ක කසිප්පු බොන බවත් කියා සිටියා. දරු තිදෙනෙකුගේ පියෙකි. වැඩිමහල් පුතුන් දෙන්නා විවාහ වෙලා. බාල දරුවා හතර වසරේ. බිරිඳ ඇඟඵම් කම්හලක සේවිකාවක්. නෑනා කසිප්පු විකුණනවා. කසිප්පු බිව්වාට, කුඩු බොන්නේ හෝ විකුණන්නේ නෑ.

2020.06.28 දින නෑනලාගේ ගෙදර ඉදිරිපිට ඉන්නකොට පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් තුන් දෙනෙක් ඇවිත් අත්අඩංගුවට ගන්නවා.

එතනදී ගහලා, යතුරුපැදියේ මැද තියාගෙන, පොලිස් අධිකාරී කාර්යාලය අසල ගොඩනැගිල්ලට ගෙනිහින් පසුව පානදුර දකුණ පොලීසියට බාර දුන්නා. උසාවියට දැම්මේ කුඩු මි.ග‍්‍රෑ. 5675 ක් තිබුනා කියලා.

මාස 08 ක් බන්ධනාගාරයේ හිටියා. මහාධිකරණයෙන් ඇප ලබා ගත්තා. ”කුඩු” මාස ගණනාවක් යනතුරු උසාවියට ඉදිරිපත් කරලා තිබුනේ නෑ.




 

සැකකරුවන් පොලීසියට බාර දීම, නීතිඥවරුන්ගේ බලතල හා වගකීම.

සැකකරුවෙකු පොලීසියට බාරදීම නීතිඥවරයෙකුගේ සහය අපේක්ෂා කරන්නෙකු විසින් දැනගතයුතු කරුණු කවරේද ?

2012 මැයි 18 හා අංක 1758/36 දරන පොලිස්පතිවරයාගේ අත්සනින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් ”රීති” වලට අනුව,

01. සෑම නිලයකටම අයත් පොලිස් නිලධාරීන්,

(1) පොලිස් ස්ථානයක පරිශ‍්‍රයකට ඇතු`ඵවන සෑම නීතිඥවරයෙකුටම එම පොලිස් ස්ථානයට අනුයුක්ත කවර හෝ නිලයකට අයත් පොලිස් නිලධායන් විසින් සුහදව සහ ආචාරශීලීව සළකනු ලැබිය යුතු අතර එම නීතිඥවරයාට සාධාරණ හා ඉවසිලිවන්ත ලෙස සවන් දිය යුතුය.

(2) පොලිස් නිලධරයකු විසින්ම එම නීතිඥවරයාට ශාරීරික පීඩා සිදුකිරීම හෝ සැර පරුෂ වචන භාවිත කිරීම හෝ වෙනත් යම් ආකාරයක තර්ජනාත්මක ක‍්‍රියාවන් සිදුකිරීම නොකළ යුතුය.

(3) නීති වෘත්තියෙහි නියැලෙන නීතිඥවරයකු බවට හඳුන්වාදෙන එම පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධරයකු විසින් ඉල්ලා සිටිනු ලැබුවහොත් තමා නීතිඥ වෘත්තියේ නියැලෙන නීතිඥයකු බව ඔප්පු කිරීම සඳහා හඳුනා ගැනීමේ ලේඛන වශයෙන්

(අ)  එම නීතිඥවරයාගේ ජාතික හැඳුනුම්පතෙහි එම නීතිඥවරයාගේ වෘත්තිය ”නීතිඥ” යනුවෙන් සඳහන් කර ඇත්නම්, එම ජාතික හැඳුනුම්පත හෝ

(ආ) එම නීතිඥවරයාට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත දිරිපත් කරනු ලැබිය යුතුය.

(4) සැකකරනු ලබන තැනැත්තකු පොලිස් ස්ථානය වෙත භාරදීමේ කාර්යය සඳහා යම් නීතිඥවරයකු පොලිස් ස්ථානයකට ඇතුඵවන අවස්ථාවක එම සැකකරු එම පොලිස් ස්ථානයේ ස්ථාන භාර නිලධරයාට හෝ එම අවස්ථාවේදී එම අවස්ථාවේදී එම පොලීසියේ සිටන ඊළඟට ජේ්‍යෂ්ඨතාවය වැඩිම නිලධරයාට භාර දෙන බවට එම නීතිඥවරයා වගබලා ගත යුතුය.

(5) අදාළ අවස්ථාවේදී එම පොලිස් ස්ථානයේ සිටින පොලිස් නිලධරයකුට නීතිඥවරයකු විසින් සැකකරුවකු භාර දෙන අවස්ථාවක එම සැකකරු භාර දුන් දිනය හා වේලාව ද එම සැකකරුට අදාල තොරතුරු ද  එසේම සැකකරු එම නීතිඥවරයා ඉදිරිපිට දී භාර දුන බවද පොලිස් තොරතුරු පොතෙහි සටහන් කිරීම එම පොලිස් නිලධරයාගේ කාර්යය වන්නේය.

මෙම රීති වලට, සැකකරුන භාර දීම සම්බන්ධයෙන්, පොලීසිය කටයුතු කරනු ලැබුවාද යන්න පිළිබඳව, නීතිඥවරයා විසින් තම සේවාදායකයාට සහතික විය යුතුයි.ඒ සම්බන්ධයෙන් දිව්රුම් ප‍්‍රකාශයක් සේවාදායකයාට ලබා දීමටද පියවර ගත යුතුය.

භාර ගැනීම ප‍්‍රතික්ෂේප කළා නම්, ඒ බවද, දිව්රුම් ප‍්‍රකාශයක් මගින් නීතිඥවරයා, සේවාදායකයාට ලබා දීමට බැඳී සිටී.

පොලීසියට පනවා ඇති රීති ක‍්‍රියාත්මක කරවීම නීතිඥවරයා සතු වගකීමකි. නීතිඥවරයා සිය වගකීම ඉටු කරන බවට, සහතික විය යුතුයි. ඔහු/ඇය එම කාර්යය සදහා අයකරන ලද ගාස්තුව ලද බවට, ලදුපතක් (Memo ) සෑම සේවාදායකයකුට ලබා දය යුතුයි. අදාළ සේවය සම්බන්ධව අධිකරණයට වාර්තා කිරීමට ද යම් අවැඩක් සිදු වූවානම් ඒ ගැන පැමිණිලි කිරීමට ද නිතීඥවරයා බැඳී සිටී.