Tuesday, July 11, 2023

කලා කරුවාව කපා කොටා දාන්න නිවසට පනින්න හැදූ මැරයින් දවස් 19 ක් ගත වෙලාත් නිදැල්ලේ.


 පිංවත්ත පොලිස් වසමේ පදිංචිකරුවෙකු වන මෙම කලා කරුවාගේ නිවසට කඩු පොලු අරන් කඩා පැණිමට උත්සහ ගත්තේ 2023.06.22 වන දින මැදියම් රැයේදීය.

 

මැරයින් කුණුහරුප කියමින් වසා තිබූ ගේට්ටුවට, පහර දී, කඩා දමා නිවසට ඇතු`ඵ වීමට උත්සාහ කර ඇත.

 

මෙම මැර කණ්ඩායම මෙහෙයවා ඇත්තේ කලාකාරිණියක්/නිියක්/ විසින්ය.

 

මැර ප්‍රහාරය අදා දර්ශණ කමන් සතු බව පානදුර ෙපාිස් අධිකාරි ෙවත කරන තිෙබන ලිඛිත පැමිණිල්ෙල් සඳහන් කර අැත.

 

මොවුන් නිල තල දරන කලා සංගමයේ මුදල් වංචා සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම හේතුව බවයි දැන ගන්නට තිබෙන්නේ.

 

මෙම මැර ප්‍රහාරයට පෙර හා පසුව දුරකථනය මගින් වින්දිත කලා කරුවාට තර්ජනය කර ඇත.

 

මෙම මැර තර්ජන වලට සමගාමීව, දූෂණ චෝදනා එල්ල වී තිබෙන සංගමයේ සභාපති පදවිය දරන කලාකාරිණිය/නිලිය/ සමාජ මාධ්‍යය ඔස්සේ තමාට අපහාස කළ බවට මාළිගාකන්ද පොලීසියට පැමිණිල්ලක් කර පොලීසිය මගින් මාළිගාකන්ද පොලීසියට මොහුව ගෙන්වා ගැනීමට  උත්සාහ දැරුවේ, එම පොලිසිය මගින් මොහුට අඩන්තෙට්ටම් කරවිමටය.

 

වින්දිත කලකරුවා නිසි පියවර ගැනිම නිසා එම උත්සහයද ව්‍යර්ථ වි තිබේ. 

 

2023'07'11

No comments:

Post a Comment