Saturday, July 15, 2023

අයි.ජි.පි ළඟ වැඩ කරන පො. සැ. ව අල්ලන් නිවසට රෑ පොලීසියෙන් පන්නපු ඕ.අයි.සි ට විරුද්ධව පියවර ගන්න --

 

පොලිස්පති 02. සභාපති - මානව හිමිකම් කොමිෂන් සභාව 03. ලේකම් - මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ 04. ලේකම්            - ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත බිරිඳ කරන ලද ලිඛිතපැමිණිල්ල:-

 

බේරුවල පොලිස් ස්ථානාධිපති වරයා ගේ නීති විරෝධි හා විනය විරෝධි ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට කරනු ලබන් ඉල්ලීම.

ප්‍රනාන්දු, අවු:-41යි, ජා.හැ.ප.අංකය:- ග විවාහක, දරුවන් 03යි.  ලිපිනය:- දු.ක.අංකය:-

2023 ජුලි 08 දින දීය.

------- පො.සැ. ----- , -------- පොලිස් මුලස්ථානය, කොළඹ. මා ගේ සැමියා වේ.

 

01. 2023 ජුලි 07 දින රාත්‍රි 8.00ට පමණ මා, මාගේ අවු.17, 14 හා 07 වයසැති දියණියන් තුන් දෙනා සමග  නිවසේ තනිව සිටින විට, වසා තිබුන ගෙට්ටුවෙන් පැන්න පොලීසියෙන් 4කු, අඩක් නිමකර තිබු නිවසට බලයෙන් ඇතුලුවි, ඇහිල්ලක් බැලිල්ලක් හෝ හඳුන්වා දීමක් නැතිව, කාමරවලට ඇතුල්වි සොදිසිකර, සැමියා කොහේද යයි ප්‍රශ්ණ කරක ලදි.

02. මාගේ සැමියාට, 2023 ජුලි 04 නාදුනන පුද්ගලයෙකුගේ පහරදීමකට ලක්ව, නාගොඩ මහා රොහලේ ප්‍රතිකාර ගෙන අද(2023 ජුලි 07) ප.ව. 2.00ට පමණ ටිකට් කැපු පසුව ගෙදර ඇවිත්, ප.ව. 3.00ට පමණ පොලිස් මුලස්ථානයේ රාජකාරියට වාර්ථා කිරිමට ගිය බවද, තම සැමියා කොළඹ, පොලිස් මුලස්ථානයේ,  ------- සේවය කරන බවද ඔවුන්ට කියා සිටියා.

03. ඉන්පසු එක් නිලධාරියෙක් මට තුණ්ඩු කැල්ලක් දුන්නා. එහි 2023 ජුලි 08 උදේ 10.00ට බේරුවල පොලිස් ස්ථානයට පැමිණෙන් යනු වෙන් ලියා තිබුනා. අත්සන් කර තිබුනේ ඡී 58861-ප්‍රියදර්ශණ නම් නිලධාරියා වේ. ඒ අවස්ථාවේ සැමියා මිනිසෙකුට ගහලා තියෙනවා, ආවේ අත්අඩංගුවට ගන්න යයිද ඔහු කියා සිටියා

04. බේරුවල පොලිසියේ ස්ථානාධිපති, මේ ආකාරයට පොලීස් නිලධාරින් 04කු, නීති විරෝධිව, නිවසට එවා, ------මා ගේ සැමියා, කොළඹ, පොලිස් මුලස්ථානය, ---------, බව දැන දැනම, අත්අඩංගුවට ගෙන ගරු අධිකරණය නොමග යවා රක්ෂිත බන්ධනාගාර කිරිම අරමුණ වු බව ප්‍රකාශ කර සිටිමි.

05. 2023 ජුලි මස 04 වන දින උදේ 06ට පමණ බේරුවල පොලිස් ස්ථානාය ආසන්නයේ, කෙළඹ දෙසට ධාවනය වන බස් නැවතුම් පොළ අවහිර වන අන්දමට, නීති විරෝධිව, ත්‍රිරෝද රථයක් නැවැතා තැබිම මගින්, විශේෂයෙන්, පාසැල් දරුවන්ට  බාධා සිදුවන බව, එහි රියදුරුට පෙන්වා දි, රථය ඉදිරයට ගෙන යන ලෙසට සැමිය දැනුම් දි තිබෙ.

06. එම සිදුවිම මත ඇතිවු දෙබස“, දෙදෙනා අතර ගැටුමක් දක්වා වර්ධනය වි තිබේ. රාජකාරියට යන අවස්ථාවේ පහර කෑමට ලක්වු සැමියා වහාම පොලිසියට ගොස් පැමිණිල්ලක් කර, පොලිස් ටිකට් එක රැගෙන බේරුවල දිසා රොහලට ඇතුලත්ව තිබේ. ඔහුව පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහලට යවනු ලැබ තිබේ.

                දිනය:- 2023.07.04. වේලාව:- පැය. 06 05. පැමිණිලි අංකය:- -------

07. සැමියා සමග ආරාවුල ඇති කරගත් තැනැත්තා ද පසුව, එනම් පැය. 06 20 ට පොලිසියට ගොස් පැමිණිල්ලක් කර, පොලිස් ටිකට් එක රැගෙන බේරුවල දිසා රොහලට ඇතුලත්ව තිබේ. ඔහුවද පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහා රොහලට යවනු ලැබ තිබේ.

08. සැමියාව 2023.07.07 වන දින නාගොඩ මහා රොහලින් පිටකරන ලැබු අතර, අනෙතක් පුද්ගලයාව 2023.07.08 වන දින පිටකරනු ලැබු බවද දැන ගන්නට තිබේ.

ඉල්ලා සිටින්නේ,

බේරුවල පොලිසියේ ස්ථානාධිපති, ඉහත සඳහන් සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශණ්‍යක් සිදුනොකට, ද්වේෂ සහගතව පළිගැනිමේ චේතනාවෙන්,

             නීති වරෝධිව හා විනය විරෝධිව, 2023 ජුලි 07 දින රාත්‍රි 8.00ට පමණ මා, මාගේ අවු.17, 14 හා 07 වයසැති දියණියන් තුන් දෙනා සමග තනිව සිටින විට පොලීසියෙන් 4කු, වසා තිබුන ගෙට්ටුවෙන් පන්නවා, අඩක් නිමකර තිබු නිවසට බලයෙන් ඇතුලුකර, ඇහිල්ලක් බැලිල්ලක් හෝ හඳුන්වා දීමක් නැතිව, කාමරවලට ඇතුල්කර සොදිසිකර වීම,

             බේරුවල පොලිසියේ ස්ථානාධිපති වරයා, නිකුත් කර තිබෙන උපදෙස් වලට පටහැනිව, “තුණඩු කැල්ලක්මගින් සැමියාව පොලිසියට කැඳවීම,

             නිසි විමර්ශණ්‍යක් සිදුනොකට, ද්වේෂ සහගතව පළිගැනිමේ චේතනාවෙන්, ගරු අධිකරණය නොමග යවා නිර්දෝශි පුද්ගලයෙකුව රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට සැලසුම් කරිම,

සම්බන්ධයෙන් බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රමුඛ නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය,

         ------- ප්‍රනාන්දු


No comments:

Post a Comment