Monday, May 5, 2014

මා. හි. කො. විමර්ශණ නිලධාරිනියගේ දුවට “එහෙම එකක් නැතිලූ”!



රත්නායක මහත්මිය, මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේ තම බාලවයස්කාර දියණියව ලිංගික අපයෝජනයට ලක් කල සාම විනිසුරු පදවියකින් පිදුම් ලබා ඇති හා හදිසි මරණ පරික්ෂක තනතුර දරන පුෂ්පානන්ද තිලකරත්න නැමැති පුද්ගලයාව ආරක්ෂා කිරිම මගින් තම මුලික අයිති වාසිකම් උල්ලංඝණය කරන ලද  කටුපොත පොලීසියට විරුද්ධවය.
පැමිණිලි අංකය - HRC$4160$13 යටතේ එම පැමිණිල්ල විමර්ශණය කිරිම සඳහා රත්නායක මහත්මියව හා කටුපොත පොලීසියේ ස්ථානාධිපතිව මානිව හිමිකම් කොමිසමට කැඳවනු ලැබීය.
විමර්ශණය පැවැත්වුනේ, 2014.04.07 දින, ප:ව:1.30කොමිසමේ කාමර අංක 04 දීය.
විමර්ශණයට රත්නායක මහත්මිය, ඇගේ සැමියා හා ලිංගික අපයෝජණයට ලක් වූ  දියණියද සහභාගිවිය.
නමුත් වගඋත්තරකරුවු කටුපොත පොලීසියේ ස්ථානාධිපති කොමිසමේ කැඳවිම නොසලකා හැර තිබින.
විමර්ශණය පැවැත්වීමට පත්කර තිබුනේ නිලධාරිණියක්වය. ඇය සිය අනන්‍යතාවය හෙළිකර නොතිබින. මෙය මානව හමිකම් කොමිසම සැලසුම් සහගතව කරන්නකි. විමසා සිටියද නම අවශ්‍ය නැති බව ප‍්‍රකාශකරන්ට තරම් බහුතරයක් විමර්ශණ නිලධාරින් ගරුත්වයක් නැති, පහත්, අශිලාචාර අය බව නොබියව ප‍්‍රකාශ කිරිමට පු`ථවන.
වගඋත්තරකරු නැතිව විමර්ශණය ආරම්කල නමක් නැති විමර්ශණ නිලධාරිනියගේ ක‍්‍රියා කලාපය ගැන ඇය කොමිසමේ සභාති තනතුර හොබවන හිටපු විනිසුරුවරයෙකුවු ප‍්‍රියන්ත පෙරේරා මයාට ලියන ලද ලිපියේ මේසේ සඳහන්වේ.
 ….. එය විමර්ශණය කරන ලද්දේ විමර්ශන නිලධාරිනියක් විසිණි. ඇගේ අනන්‍යතාවය හෙළි කළේ නැත. නමුත්, දුටුවොත් අඳුනාගත හැකිය. ඇය කවුරුන්ද යන්න ඇය විසින් හඳුන්වා දිය යුතුව තිබුණ බව ප‍්‍රකාශ කරමි.
එකී විමර්ශණ නිලධාරිනිය විසින් - ලිංගික අපයෝජනයට ලක්ව පීඩාවට පත්ව සිටි මාගේ දියණියට, සිද්ධිය නිසා එයට නොදෙවෙනි ආකාරයට පිඩාවට පත්ව සිටින මා හා මාගේ ස්වාමි පුරුෂයා ඉදිරිපිට, මෙම විමර්ශණ නිලධාරිනිය ඉතා අමානුෂික ලෙසට, කෲර ලෙසට, නොහාබිනා ලෙසට නින්දා කරමින්, අනවශ්‍ය ප‍්‍රශණ හා අනවශ්‍ය ප‍්‍රකාශ කරමින් පැමිණිල්ලට අදාල කරුණු කිසිවක් විමසන්නේ නැතිව අප තිදෙනාව තව තවත් පීඩාවට පත් කළේය.
මෙම විමර්ශණයට ඔබ විසින් වගඋත්තර කරු ලෙසට නම් කොට කැඳවා තිබු, කටුපොත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මෙදින පැමිණ සිටියේ නැත. ඒ පිළිබඳව කිසිම අවධානයක් යොමු නොකළ මෙම විමර්ශණ නිලධාරිනිය, අප ඉදිරියේ හැසිරුනේ ඔහුව නියෝජනය කරමින් බව මනාව පෙන්නුම් කර සිටියේය.
එකී විමර්ශණ නිලධාරිනිය, විමර්ශණය ආරම්භ කළේ:-
1. මොකක්ද කාරණය කියා මාගෙන් ප‍්‍රශණ කරමින්ය. ඇය මාගේ පැමිණිල්ල කුමක්ද යන්නවත් දැන සිටියේ නැහැ.
2. මා මාගේ 2013.11.04 දාතමින් යුත් පැමිණිල්ලට අදාළ - මුල සිට මේ දක්වා වූ කරුණු ඇයට පැහැදිළි කර සිටියා.
3. නමුත් එ අවස්ථාවේ එ පිළිබඳව අවධානය යොමු කිරීමක් නොකට, මාගේ දියණිය පත් වූ තත්වය පිලිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා, මාගේ දියණියගෙන් පැමිණිල්ලට අදාල නැති, ප‍්‍රශ්ණ අසමින් මාගේ දියණියට දොස්  පවරන්නට වුනා.
4. ඇය මාගේ දියණියට - අපෙත් ළමයි ඉන්නවා, මගේ දුවත් උසස් පෙළ කරනවා, නමුත් එයාට එහෙම දෙයක් නැහැ”, යයි කිව්වේ අවම වශයෙන් මාගේ දියණිය වයස අවුරුදු 16 බව හා ඇය අ.පො.ස (ස.පෙළ) විභාගයට පෙනී සිටන බව නොදැනය.
5. මා ඇයට ප‍්‍රශ්ණය අදාල නීතිමය තත්වය පැහැදිළි කරමින්, නඩු වාර්තා ද ඉදරිපත් කලා. නමුත් එ කිසිවක් ඇය සැලකිල්ලට නොගෙන මාගේ දියණිය වරදක් කර ඇති බව හුවා දක්වමින්ම දිගින් දිගටම අපහස කරන්නට හා පීඩාවට පත් කරන්නට වුනා.
6. එසේ විනාඩි 10ක පමණ කාලයක් ඇය අපව පීඩාවට පත් කල අතර, පසුව අප එතැනින් පිටව යන්නට වුනා.
7. එසේ අප පිටව එමේදී, එකී විමර්ශණය නිලධාරිණිය මාහට පමණක් නැවත කතාකොට,
සිදුවීමෙන් පස්සේ ඔයා ළමයාට ගැහුව්වාද, බැන්නාදකියා අසා, එහෙම කළොත් ඔයාට නඩු දානවා, ළමයාව ඉස්කෝලේ යවලා, ඔයා දැඩි ආරක්ෂාව දෙන්නකියා තර්ජනාත්මකව ඇය ප‍්‍රකාශ කර සිටියා.
මහත්මයාණෙනි,
මා ඔබ කොමිෂමට පැමිණිලි කළේ - කටුපොත පොලිසියේ නීති විරෝධී ක‍්‍රියාවක් මගින් මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳව - විමර්ශණයක් කරවා, යම් සහනයක් ලබා ගැනීමටය.
එසේ නැතිව, ඔබගේ විමර්ශණ නිලධාරියන්ගෙන් (නම හෙළි නොකල) අපහාස විඳින්නට නොවේ.
අ.පො.ස.උසස් පෙළ කරන ඇගේ දියණියට එහෙම එකක්නැති වෙන්නට පු`ඵවන.
මට ඇගේ දියණියට එහෙම එකක්තියෙනවාද නැද්ද දැනගන්නට අවශ්‍ය නැත.
මා කොමිෂමට පැමිණියේ  -ඇගේ තර්ජණයන්ට මුහුණ දෙන්නට ද නොවේ.
මට පැහැදිළි වූ කරුණකි. මේ ගැහැණිය - කටුපොත පොලිස් ස්ථානාධිපති හා සම්බන්ධයක් ඇති බව.
මන්ද  - කොමිෂමේ නියමයට යම් රජයේ නිලධාරියෙක් / නිලධාරිණියක් පැමිණියේ නැතිනම්  - එ පිළිබඳව විමසීම පළමු පියවරයි.
දෙවනුව - එක් පාර්ශවයක් පමණක් සිටියදී - විමර්ශණය නොකර, කරුණු අසන්නේ නැතිව අපව පීඩාවට පත් කිරීමයි.
එදින අප කොමිෂමෙන් පිටව ආවේ හඬමින් බව ප‍්‍රකාශ කරමි. විශශ්ෂයෙන් මාගේ දියණිය -හඬමින් පවසා සිටියේ - මින් මතුවට ඔබ කොමෂමට අඩිය නොතබන බව ය.
මා ඉල්ලා සිටින්නේ,
1. මෙම ඊනියා විමර්ශණ නිලධාරිනියගේ නම මාහට දන්වන ලෙසට,

2. මැයට විරුද්ධව විනය පියවර ගන්නා ලෙසට,
3. ඉදිරියේදී ඔබ කොමිෂමට සහන අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයින්ව පීඩාවට පත් නොකරන ලෙසට ය.
අ.ක/ රත්නායක මිය

මෙම ලිපියේ පිටපත් ඇය සියලූම කොමසාරිස්වරුන්ට හා මාධ්‍යයටද යවා තිබේ.

Saturday, May 3, 2014

මනු කියවන්නාත් නීතියට උඩින්.



ලෙකෝ සමාගමේ මනු කියවන්නෙකුගෙන් බරපතල ලෙසට පහර කෑමට ලක් වූ ජයන්ත පීරිස්ට, මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවන්නේ, මනු කියවන්නන් ද ජනාධිපති මෙන්ම නීතියට උඩින් සිටින නිසාද?

මේ බව අසන්නට සිදුව ඇත්තේ, 2014.01.22 දින ජයන්ත පීරිස් මහතාට පහර දුන්න මනු කියවන්නාට එරෙහිව, පානදුර දකුඛ පොලීසිය මේ දක්වාම නඩු පැවරීමට පියවර ගෙන නැති නිසාය.

ජයන්ත පීරිස් මහතා ප්‍රකාශ කරන පරිදි, තමාට පහර දුන්නේ 2013 නොවැම්බර් මස ඒකක 65 ට රු: 389.81 ක් වුවද, දෙසැම්බර් මස ඒකක 65 ට රු: 833.60 ක් වූයේ කොහොමද කියා ප්‍රශ්න කිරීමය.

මනු කියවන්නාගේ පහර දීම නිසා තුවාල ලැබූ ජයන්ත පීරිස් මහතා ව රෝහල් ගත කර ඇත්තේ ප්‍රෙද්ශ වාසීන් විසින්ය.

පානදුර මූලික රෝහලේ දින පහක නේවාසික ප්‍රතිකාර ගනු ලැබූ ජයන්ත පීරිස් මහතාව, 2014.01.27 වන දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් පසුව ඇප මත මුදාහරිනු ලැබීය.

ජයන්ත පීරිස් මහතා ප්‍රකාශ කරන්නේ, තමාට පහර දීමෙන් පසුව, මනු කියවන්නා පානදුර දකුණ පොලීසියට පැමිණ ව්‍යාජ පැමිණිල්ලක් කර, එනම් තමා මනු කියවන්නාට පහර දුන්න බවට හා තමා ඔහුගේ රාජකාරියට බාධා කළ බවට, පානදුර දකුණ පොලීසියේ අනුමැතියෙන් රෝහල්ගත වූ බවයි.

2014.01.22 වන දින, පානදුර දකුණ පොලීසිය සමග රෝහලට පැමිණි මහේස්ත්රාත්වරයා තමාගෙන් කිසිවක් විමසන්නේ නැතිව “ඇරෙස්ට්” කියා යන්න ගිය බවයි.

ඉට පසුව, බන්ධනාගාර නිලධාරීන් පැමිණ ඔහුව, රෝහලේ දීම බාර ගෙන ඇත.

2014.01.27 දින දක්වාම ඔහු රෝහල්ගත කර ඇත්තේ රිමාන්ඩ් සිරකරුවෙකු වශෙෙන්ය.


මේ දක්වාම, මනු කියවන්නාට එරෙහිව නඩු පවරා නැති බව ප්‍රකාශ කරන පීරිස් මහතා, රටේ නීතිය මේකද යැයි ප්‍රශ්න කරන්නේ  මනු කියවන්නා ද නීතියට උඩින් සිටින පුද්ගෙෙකුද යන පැනය මතු කරමින්ය. 

පොලිස් කාරයින්ට ඕනේ නඩුලු.



රටේ නීතිය හා සාමය රකින්න ඉන්න පොලිස් කාරයින්ව අද යොදවන්නේ ආණ්ඩුවට මුදල් හොයන්න. පොලිස් කාරයින්ට මුදල් හොයාගන්න.

කුසුම්සිරි ප්‍රනාන්දු, වසර 21 ක් පුරාම, මහ රා කර්මාන්තයේ නියැලෙන්නෙක්. ඔහු ගස් මැද්දීම වගේම, මහ රා එකතු කර ඉස්කාගාරයට බාර දීම ද කරනු ලබනවා.

ඒ සහා, සුරාබදු දෙපාර්තුමේන්තු බලපත්‍ර ද ඔහු සතුව තියෙනවා.

2014.04.26 වන දින සුපුරුදු පරිදි රා එකතු කිරීමට ගිය කුසුම්සිරි ප්‍රනාන්දුව පානදුර දකුණ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන නඩු පවරා, ඔහු රා ප්‍රවාහනය කරන ත්‍රී රෝද රථයද නඩු භාණ්ඩයක් කරනු ලැබීය.

සුරාබදු දෙපාර්තුමේන්තුවේ බලපත්‍ර පෙන්නා සිටිය දී, සුරාබදු දෙපාර්තුමේන්තු බලපත්‍රය ලියද්දී කර තිබෙන දෝෂයක් පෙන්වමින් මොහුව අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබේ.


මෙසේ කරන්නේ ද්වේශසහගතව බව පෙන්නා දෙන -  කුසුම්සිරි ප්‍රනාන්දු නීතිය   ක්‍රියාත්මක කිරීමෙන් රටවැසියන් අසීරුතාවයට පත් නොකර සිටීම ආණ්ඩුවේ වගකීම බවද පෙන්වා සිටී. 

හොරාව අල්ලලා දීපන් කියා - ගහලා කූඩුවේ දාගෙන හිටියා.


බලන්න ආපු ගෑණිටත් ගහලා - බඩගින්නේ දවසක් පොලිසියේ තියාගත්තේ 11 හැවිරිදි දැරිය සමග.
බද්දේගම ප්‍රෙදේශයේ නැතිවූ බව කියන මව්න්ටන් වර්ගයේ බයිසිකලයක් පිලීබදව ලැබූ පැමිණීල්ලකට අනුව - අසල්වැසියකු අල්ලාගෙන ගොස් පහරදී දිණ ගණනාවක් කූඩුවේ තබාගෙන සිටි පුද්ගලයකු පිලිබද කතාව.
කාරියවසම් පතිරගේ සෝමදාස දෙදරු පියෙක්. 53 හැවිරිදි කුලී වැඩ කර ජීවත්වන මොහුට - නිරවුල්ව කථා කීරිමට, තේරුම් ගැනීමට බැරි අයෙකු බව, බිරිද බණ්ඩාරිගොඩ කුසුම් කියා සිටී.
දහතුන් හැවිරිදි පුතා හා එකොලොස් හැවිරිදි පුතා ද ඉගෙනීමට දක්ෂ  නැත. එයට හේතුව තමාගේ අර්ධ අන්ධභාවය නිසා බව ඇය කියා සිටී.
2014මාර්තු මාසයේ දිනක්, බද්දේගම පොලිසියෙන් කියා දෙදෙනෙක් පැමිණ තම සැමියාව අරගෙන ගොස් දවසම රදවා තබාගෙන මුදාහැර ඇත.
ඔහුට පහරදී, අසා ඇත්තේ පොලිසියේ හිතවතකු වන නන්දසිරි නැමැති අයගේ, මව්ටන් බයිසිකලයක් නැතිවීම සම්බන්ධයෙනි.
වසර දෙකකට පෙර තම පුතාට අරන් දී තිබුනු බයිසිකලයේ කුවිතාන්සිය රැගෙන එන ලෙසට නියම කර, මුදාහැර තිබින.
තමා සැමියාද සමග කුවිතාන්සියද රැගෙන තෙවරක්ම පොලිසියට ගියද, ස්ථානාධිපති හමුවීමට බැරිවිය.
දින කිහිපයකින් නැවත පැමිණි පොලිසිය සැමියාට පහරදී අත්අඩංගුවට ගත්තා පමණක් නොව, ඉදිරිපත් කල කුවිතාන්සියද ස්ථානාධීපති වරයා ඉරා දමා තිබින.
තම සැමියාව අත්අඩංගුවට ගැනීම ගැන විමසීමට ගිය අවස්ථාවේ තමාටද පහර දුන් බව පවසන ඇය, දවස පුරාම තම 11 හැවිරිදි දියණිය සමග පොලිසියේ රදවා තබාගෙන සිටියේ - වතුරවත් නොදී බවද කියා සිටී.
දින දෙකකට පසුව තම සැමියාව මුදාහරිනු ලැබූ බවත්, තම සැමියා මේ පිළිබදව බද්දේගම පොලිසියේ පැමිණිල්ලක් කලද එය විභාග නොකල බවත් ඇය කියා සිටී.
මේ අකටයුත්ත සම්බන්ධයෙන් පලාත් සභා මංත්‍රී බද්දේගම සමිත හිමි ට පැවසූ බවත්, එවිට ඔහු හා කාර්යමණ්ඩලය විසින් ජනසංසදයට යොමු කල බවත් ඇය වැඩි දුරටත් කියා සිටී.



Friday, May 2, 2014

”දෙවියන් වහන්සේ ලබාදුන් දෙයක් ආපසු ලබාගන්නේ නැත” - මෙන්න යථාර්තය.


සුනාමියෙන් අවතැන්වුවන්ට ලබා දුන්න නිවාස පැහර ගැනීමේ ලංකා මේතොදිස්ත සභාවේ උත්සායට එරෙහිව නැගීසිටින කොළ කැඳ විකූණන්නියගේ කථාව.
සුනාමියෙන් දිවි ගලවාගෙන ලූනාව තානායම් කඳවුරේ සිටින විට පැමිණි දේව දුතියක් රැගෙන ආ සුභ ආරංචියට රැවටි, රජයෙන් දුන් නිවස අතහැර  ලංකා මේතොදිස්ත සභාව ලබා දුන් නිවස තොරා ගත්තේ පල්ලියේ පැවැත්වු පංති වලදි ඉගැන්වු දෙවියන් වහන්සේ ලබාදුන් දෙයක් ආපසු ලබාගන්නේ නැත” - යන්න කෙරෙහි තැබු අන්ධ විශ්වාසයෙනි.
එහෙත් එ සියල්ල මිත්‍යාවක් බව ඇයට වැටහුණේ තමන්ට ලබාදුන් නිවසින් පලවා හැරිමට ලංකා මෙතොදිස්ත සභාව ඇයට එරෙහිව කලුතර දිසා අධ්කරණයේ පවරන ලද නඩුවේ සිතාසි ලැබුන විටය.
එම්.ෆාතිමා අසිසා මහත්මිය තමන්ට නඩු පවරා ඇති ලංකා මෙතෝදිස්ත සභවේ, පාලකයින් වන සභාපති පිල්ලෙයි ජේකබ් කදිරේස පිල්ලෙයි, අමරසිරි අභයවර්ධන සහ ශ‍්‍රීනාත් පෙරේරා යන පියතුමන්ලා හට, 2014.04.30 දාතමින් යවන ලද ලිපියේ සහන් කරුණු (පහත දැක්වෙන) වලින්, රටේ සිදුවන්නේ කුමක්ද යන්න පළිබඳව යථාර්තය තේරුම් ගැනීමට හැකිවනු ඇතැයි සිතමු.
ඇය, කොළඹ 03, කොල්ලූපිටියේ, සභාපති පිල්ලෙයි ජේකබ් කදිරේස පිල්ලෙයි, අමරසිරි අභයවර්ධන සහ ශ‍්‍රීනාත් පෙරේරා යන සියලු පියතුමන්ලා අමතා තිබේ. ඉහත පියතුමන්ලා පැමිණිලිකරු වශයෙන් අසිසාව විත්තිකාරිය කර පවරා ඇති මෙම නඩවේ අරමුණ දැනට වසර පහකට වැඩි කාලයක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව පදිංචිව සිටින,.... නිවසින් ඇයව හා ඇගේ පවුල නෙරපා හැරීමට සහ මසකට රු: 5000/=ක් බැගින් වසර පහකට අලාභයක් ලබා ගැනීමටය.
ඇගේ ලිපියෙන්  මෙම නඩු පැවරීම ද්වේෂ සහගතව දුප්පත්කමින් මිරිකී සිටින අපව තවදුරටත් තලා පෙලා දැමීමට සිදුකරන ලද්දක් බවට ප‍්‍රකාශ කර තිබේ. ඇය මෙසේද කියා සිටි.
මොරටුව, ලූනාව, චාල්ස් පෙදෙසේ (වැල්ලබඩ)  මා හා මාගේ පවුලේ සියලූ දෙනා පදිංචිව සිටි නිවස, 2004 දෙසැම්බර් 26 දින සුනාමියට හසුවී විනාශ වන ලදි. ජීවිත ගලවා ගත්තේ ඉතා අසීරුවෙනි.
 එ අවස්ථාවේ, අප - මොරටුව, ලූනාව තානායම් කඳවුරේ නවාතැන් ගන්නා ලදි.
 මාගේ පියා වන - මොහොමඞ් අබ්දුල් අසීස් විසින්, මට වයස මාස පහේදී (05), පානදුර සරික්කමුල්ලේ සපයා පාරේ පදිංචි බාප්පා වන - මොහොමඞ් සල්මන් බාරිස් ගේ නිවසට ගෙන ගොස්, ඉස්ලාමීය ආගමික චාරිත‍්‍රයක් වන සුන්නත් කරවා, මොහොමඞ් පාතිමා අසීසා යන නම තබා තිබේ.
  මාගේ මව වන , සිංහල, බෞද්ධ - දයානි සමග හැදුනු වැඩුනු මා - අධ්‍යාපනය ලැබූවේ මො/ලූනාව, උයන කනිෂ්ඨ විද්‍යාලයෙන්ය.
  මා එම පාසලේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර, අ.පො.ස.(සා පෙළ) විභාගයට ආගම විෂය වශයෙන් මා තෝරාගෙන තිබුනේ බුද්ධාගමය.
  2004 දෙසැම්බර් 26 සුනාමියට මුහුණ දෙනවිට මාගේ වයස අවු: 18ක් ඉක්මවා තිබූ අතර, විවාහ වී, එක් දරු මවකි. සුනාමි කඳවුරේදී, 2008 වසරේදී මට දෙවැනි දරුවා ලැබුනා.
  සුනාමියෙන් පසුව, ඉහත සඳහන් කල පරිදි - මොරටුව, ලූනාව, තානායම් කඳවුරේ ජීවත් වන විට –- මාගේ ඥතිවරියක් වන තෙල්ගේ ජූලියට් පීරිස් නැමැති අය, අප හමුවට පැමිණ, ”ඔයගොල්ලන්ට හොඳ ගෙයක් ලබාදෙන්න පුලූවන්, අපේ ආගමට බැඳුනොත්කියා කිව්වා. එ වාගේම ඇය අපේ ආගමටබැඳුනොත් ලාභ ප‍්‍රයෝජන රැසක් ලැබෙන බවද කියා සිටියා.
  ඇය, තෙල්ගේ ජූලියට් පීරිස් කියා සිටියා, තමා පැමිණියේ දෙවියන් වහන්සේගේ සුභාරංචිය අරගෙන බව.
   අප ඇයව විශ්වාස කලා. ඇය මාව, මාගේ සැමියාව හා දරුවන් දෙන්නා සමග, රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථානයට රැගෙන ගියා.
   එම දේවස්ථානයේ පූජක තැනවූ නොයෙල් ප‍්‍රනාන්දු පියතුමාව අපට ඇය මුණගැස්සුවා. පියතුමා අපගේ විස්තර විමසා, මෙතෝදිස්ත සභාව විසින් - වාද්දුවේ ...... නිවෙස් ඉදිකරනවා, එයින් නිවසක් ලබාදෙන්න පුලූවන් කියා පවසා සිටියා.
   නොයෙල් ප‍්‍රනාන්දු පියතුමා ප‍්‍රකාශ කලා, එම නිවස ලබාදීමට නම්, ක‍්‍රිස්තියානි ආගම වැළඳ ගත යුතු බව.
   නිවසක් ලබාදීම හා තවත් වරප‍්‍රසාද ලැබෙන බව ප‍්‍රකාශ කිරීම නිසා, මා හා මගේ සැමියා, ක‍්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට එකඟ වුනා.
   එම එකඟතාවය පළ කිරීමෙන් පසුව - නොයෙල් පීරිස් පියතුමා අපට, කිතු දහම ඉගෙනීම සඳහා පංතිවලට සහභාගී වන ලෙස නියම කලා.
  එයින් පසුව, මාස හතරක් පමණ සෑම බදාදාවකම, රාවතාවත්ත මොතෝදිස්ත දේවස්ථානයට ගොස් පංතිවලට සහභාගී වුනා.
   එම පංතිවලට දහදෙනෙකු පමණ සහභාගී වුනා. පංති පැවැත්වූයේ නොයෙල් ප‍්‍රනාන්දු පියතුමා. එම පංතිවලදී බයිබලය හඳුන්වා දුන්නා. දෙවියන් වහන්සේගේ බලය ගැන කියා දුන්නා.
   එම පංති අවසානයේදී, නොයෙල් ප‍්‍රනාන්දු පියතුමා යෝජනා කලා බව්තීස්ම වීමට සූදානම් වන්න කියා.
   ඒ අනුව, 2009 මාර්තු මස 17 දින හෝ ආසන්න ඉරිදා දවසක - බව්තීස්ම කිරීමේ උත්සවය පැවැත්වුනා.
   මෙදින සාමාන්‍ය දේවමෙහෙය නොයෙල් ප‍්‍රනාන්දු පියතුමා විසින් පවත්වා, බව්තීස්ම දේවමෙහෙය පවත්වනු ලැබීය. එදින මාව, මාගේ සැමියාට හා දරුවන් දෙන්නාව බව්තීස්ම කරනු ලැබීය.
   එදිනම, තම කැමැත්තෙන් බව්තීස්ම වන බවට වන ප‍්‍රකාශනයකට මාගේ හා සැමියාගේ අත්සන් ද ලබා ගත්තා.
   එතැන් පටන් අප ක‍්‍රිස්තියානි ආගමිකයින් වශයෙන්ද, මොතොදිස්ත සභාවේ සාමාජිකයින් බවටද නිල වශයෙන් පත් වුනා.
   එයින් අනතුරුව, ...... නිවසක් ලබාදෙන බවත්, එම නිවසට අවශ්‍ය විදුලි බලය ලබාගත යුතු බවත්, ඒ සඳහා අයදුම් කරනා ලෙසත් උපදෙස් දෙන ලදි.
   ඒ අනුව, සභාව විසින්, මාගේ නමට විදුලිය ලබා දීමට පියවර ගන්නා ලදි.
   එයින් අනතුරුව, 2011 දී මා විසින්, ජල සම්පාදන හා ජල ප‍්‍රවාහන මණ්ඩලයෙන්, ජලය ද ලබා ගන්නා ලදි.
  මෙහිදී මෙතෝදිස්ත සභාව විසින් ජලය ලබා ගැනීම සඳහා රු: 17,000/=ක ණය මුදලක් ලබාදෙන ලදි. එය ණය මුදල වවසර 1 1/2 තුල ගෙවා නිම කරනු ලැබීය.
   එසේ තිබියදී, 2013.05.03 දාතමින් යුතුව, 2013.06.05 දින මා වෙත ප‍්‍රියන්ත පීරිස් නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් වරයා අගති රහිතවයියන හිසින් යුතු ලිපියෙන් - මා විනය නීති උල්ලංගණය කර ඇති බවට, අභූත චෝදනා කරමින්, සති තුනකින් නිවස සේවා දායකයාට බාර දෙන ලෙසට දන්වා තිබේ.
   එහි පිටපතක්, රාවතාවත්ත මොතෝදිස්ත සභාව, අධ්‍යක්ෂ දේවගැති නොයෙල් ප‍්‍රනාන්දු පියතුමාට යවා ඇත.
  ලිපිය ලැබුන විගස මා, නොයෙල් ප‍්‍රනාන්දු පියතුමා හමුවී - ප‍්‍රියන්ත පීරිස් - නීතිඥ සහ ප‍්‍රසිද්ධ නොතාරිස් ගේ ලිපියේ අදහස් පවසා සිටියා.
  එවිට, නොයෙල් ප‍්‍රනාන්දු පියතුමා කියා සිටියේ, ”එය ගන්න එපා කියා. ඔයාට කරදරයක් වෙන්නේ නෑකියා.
   ඒ අනුව, මා නිහඬව සිටියා. එසේ සිටින විට, ඔබ තිදෙනා විසින්, එනම් සභාපති පිල්ලෙයි ජේකබ් කදිරේසපිල්ලෙයි පියතුමා, අමරසිරි අභයවර්ධන පියතුමා, ශ‍්‍රීනාත් පෙරේරා පියතුමන්ලා විසින්, මා විත්තිකරු කර එවන ලද - සිතාසිය ලැබුන බව ප‍්‍රකාශ කර සිටිමි.
   මෙම පදනම් රහිත නඩු දැමීම තුලින්, සුනාමියට උන්හිටිතැන් නැතිව සිටින විට, රජයෙන් කොන්දේසි විරහිතව ලැබීමට තිබුන නිවසද අහිමි කර ගනිමින්, මාගේ හා මාගේ සැමියා, දරුවන්ගේ ආගම පවා වෙනස් කරවා - සුනාමියෙන් විපතට පත්වූවන් සඳහා බවට ප‍්‍රසිද්ධියට පත්කොට, අපට ලබා දුන් නිවස හා ඉඩම ආපසු කූඨ ලෙසට ලබා ගැනීමට දරන උත්සාහය පිළිබඳව යලිත් සිතා බලන ලෙසද ඉල්ලා සිටිමි.
   මා ඇතු`ඵ මාගේ පවුලේ අයව, මොතෝදිස්ත සභාවේ සාමාජිකයින් කරවා, මෙතෝදිස්ත ක‍්‍රිස්තියානි ආගමට හරවනු ලැබූ අවස්ථාවේ කියා සිටි දෙය, එනම්,-
දෙවියන් වහන්සේ ලබාදුන් දෙයක් ආපසු ලබාගන්නේ නැත” - යන්න සිහිපත් කරමි.
  අවසාන වශයෙන්, සුනාමියෙන් අවතැන්වූ මා හා මාගේ පවුලට, ඔබ සභාවට ලැබූ සුනාමි ආධාර යටතේ ලැබුන, මට හිමි කර දුන් නිවස ලබා ගැනීමට දරන උත්සාහය - නීති විරෝධී බවද පෙන්වා දීමට කැමැත්තෙමි.

යනුවෙන් සඳහන් කරන  දේවගැති, කොළ කැඳ විකුණා ජීවත් වන, එම්.ෆාතිමා අසීසා මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසටද පිය තුමන්ලා තුන් කට්ටුවෙන් ඉල්ලා සිටි.

කම්කරු නිලධාරියා - නටන්නේ අයිතිකරුගේ පදයටලු.


වසර දහයක් පුරා වැඩ කළ සේවිකාවකට හිමි වරප්‍රසාද ගෙවීම ප්‍රතික්ෂේප කළ දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ නිලධාරියෙක්, තමා වැඩ කරන්නේ අයිතිකරු කියන විදියට බව ප්‍රකාශ කළේය.
චන්ද්‍රිකා පෙරේරා මහත්මිය වසර දහයක් පුරා මොරටුව, සොයිසාපුර මැක්ස් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනයේ ඇසුරුම් සේවිකාවක් වශයෙන් සේවය කර ඇත.
මෙම ආයතනයේ සේවකයින්ට ගෙවීමට නියමිත සේවක අර්ථසාධක මුදල් ඇතුළු නියමිත දීමනා ගෙවීම් නොගෙවන අතර ඒ සඳහා කම්කරු නිලධාරීන්ගේ උපදෙස් හා අනුග්‍රහයද ලැබෙන බව ඇය ප්‍රකාශ කරයි.
මෙම තත්වය තුලද, ඇය තමාට හිමි වරප්‍රසාද නීත්‍යානුකූලව ලබා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුවේ සහය පැතීය.
ඒ අවස්ථාවේ පරීක්ෂණ නිලධාරියා ලෙසට කටයුතු කිරීමට බාරවූ අයි.සී. ගමගේ නැමති නිලධාරියා බව ඇය කියා සිටී.
නමුත් පරීක්ෂණයේදී මෙම නිලධාරියා ගතයුතු පියවර නොගෙන අයිතිකරුට පක්ෂව කටයුතු කිරීම ගැන ප්‍රශ්න කළ විට, කාර්යාලය තුලදීම ඇය දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත.
මේ සම්බන්ධයෙන් ඇය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කර තිබේ. යුක්තිය ඉටුවනු ඇතැයි අපේක්ෂා කරයි.


Thursday, May 1, 2014

ලිංගභේදය දෙක තුන වෙයි.


මෙතෙක් පිළිගත් පුමිතිරි (Gender) යන්නට අයත් වූයේ පාර්ශවයන් දෙකකි. එනම් ස්ත්‍රී (ගැහැණු) හා පුරුෂ (පිරිමි) පාර්ශවයන් දෙකයි.
නමුත් ලොව පුරා, අනාදිමත් කාලයක සිට - මෙම දෙපාර්ශවයට අයත් නොවන පිරිසක් විය. විවිධ අපහාසාත්මක වදන් වලින් හැඳින් වූ මෙම පිරිස, සමාජයෙන් කොන්කරනු ලැබීය. පීඩාවන්ට පත් කරනු ලැබීය.
අප සංස්කෘතියට උරුම කියන ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත - මෙම කොට්ඨාශය, හිජ්රා නමින් හැඳින් වූ, තම අයිතිය උදෙසා කරනු ලැබූ අරගලය බහුතරයේ මතයට යටපත් කළ නොහැකි විය.
තමන් ස්ත්‍රීන් ගේ පුරුෂයින්ගේ නොවන බව ප්‍රකාශ කළ ඔවුන්, තෙවන ලිංගික ගණයකට අයත් බව ප්‍රකාශ කළ අතර එය පිළිගන්නා ලෙසට බල කර සිටියේය.
මැතිවරණ වලට ඉදිරිපත් වෙමින් අධිකරණය හමුවේ නඩු කියමින් තම අනන්‍යතාවය ට නීත්‍යානුකූල භාවයක් ගලා ගැනීමට ශතවර්ෂ ගණනාවක් පුරා - නොසැලුණු අරගලයක නිරත විය.

පසු ගියදා ඉන්දීය ශේෂ්ඨාධිකරණය සම්මත ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයට අයත් නොවන තෙවන ගණයට අයත් පිරිසක් සිටින බව පිළිගත්තේය. මෙම තත්වය බොහෝ යුරෝපීය රටවල පිළිගෙන තිබේ. මේ අනුව බස හා ව්‍යාකරණද වෙනස වනු ඇත. ලිංග භේදය දෙක තුන වෙයි.

පොලීසිය කියන විදියට නටපන් - නැත්තම් රිමාන්ඩ්


පොලිස් කාරයාට සුළු ගාණක් ගෙවනවා නම් සමථ වෙන්න කැමතියි යන පොලීසියේ යෝජනා පිළි නොගැනීම අපරාධයක් ද?
මේ බව අස්නනේ, 43 හැවිරිදි දෙදරු පියෙක් හා ව්‍යාපාරිකයෙක්. ඔහු මග්ගොන පදිංචි මංගල ප්‍රියන්තය.
අගවිනිසුරුවරයාට හා නීතිපතිවරයාට, ප්‍රියන්ත ලිඛිතව පහත කරුණු ඉදිරිපත් කර සිටින්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ මොන අයුරින්ද යන්න පිළිබඳව උභතෝකෝටික ප්‍රශ්නය මතු කරමින්ය.
ඔහු සිය අභියාචනයෙන් දක්වා ඇති කරුණු මෙසේ ය.
2014 මාර්තු 14 උදේ, පයාගල පොලීසියේ ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ හා අපරාධ අංශයේ ප්‍රියංකර නැමති අය තම නිවසට පැමිණ සිය පියාගෙන් රු: 50,000/= ක අල්ලසක් ඉල්ලා සිටි බව.
එම ඉල්ලීම සිය පියා ඉටු නොකළ බව. එයින් පසු මෙම දෙදෙනා තර්ජනය කර ගිය බව.
එදින සවස 4.00 ට පමණ, 20 ක් පමණ, පොලිස් නිලධාරීන් සමග පැමිණි ඉහත නම් සහන් පොලිස් නිලධාරීන් දෙන්නා, තම නිවසේ දේපල හා තම පවුලේ සාමාජිකයින්ගේ මහ රා කර්මාන්තයට අයත් සියලු ආම්පන්න විනාශ කර දැමූ බව.
රාත්‍රියේ බලහත්කාරයෙන් ප්‍රකාශ වලට අත්සන් ගෙන, “මහේස්ත්‍රාත්වරයෙකු” බවට ප්‍රකාශ කරන තැනැත්තෙකුගේ කළුතර පිහිටි නිවසක් අසලට ගෙන ගිය බව.
එම නිවස ඉදිරිපිට දී, නිවසේ සිටි අත්කොට බැනියමක් හා කොට කලිසමක් ඇඳ සිටි පුද්ගලයකුට ලේඛන වගයක්, ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ දුන්න බව.
එම පුද්ගලයා එම ලේඛන නිවස තුළට ගෙන ගොස්, ටික වේලාවකින් නැවත ගෙනවිත් බාර දුන්න බව.
රක්ෂිත බන්ධනාගාර ගත කරවීමට නියෝග වලට අත්සන් කළේ කවුරුන්ද යන බව තමා නොදන්නා බව, නොදැකපු බව.
2014.03.24 දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට, තම පියාට එක නඩුවකුත්, තමාට හා පියාට එක නඩුවකුත් වශයෙන් නඩු දෙකක් දමා තිබෙව බව  - දැනගත් බව.
එදින, තමා හා පියා ඉදිරිපත් කළ චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කළ බව.
ඒ අවස්ථාවේ, තමා පොලිස්කාරයෙකුට තුවාල සිදු කර ඇති බවත්, එයට සාධාරණ
ගාණක් ගෙවනවා නම් චෝදනා ඉවත් කර සමාදාන වීමට කැමති බව පොලීසිය අධිකරණයට කියා සිටි බව.
මේ යෝජනාවට, නිර්දෝෂී තමා, එකඟ නොවූ බව.
එවිට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය, පියාට ඇප ලබා දී තමාව යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව.
2014 මාර්තු 31 යලිත් අධිකරණයට ඉදිරිපත් කළ විට - රුපියල් ලක්ෂයක් ශරීර ඇප, රජයේ සේවකයෙකුගේ ඇප හා කළුතර පොලිස් අධිකාරී කාර්යාලයේ සෑම මසකම අවසාන ඉරිදා වකම අත්සන් කළයුතු යන කොන්දේසි මත මුදාහැරිය බව.
මේ සියලු  කරුණු වලින් පෙන්නුම් කරන්නේ එක් කරුණකි. එනම් නීතියකට අනුව ක්‍රියාත්මක නොවන, නිර්දෝෂී පුද්ගලයින් පොලීසියේ අතකොලු බවට පත් කොට, පොලිස්කාරයින්ට අපරාධකර, නිදැල්ලේ හැසිරීමට ඉඩ දෙන රටක් බවට, පත් කර ඇති  බවය.
ඉහළ අධිකරණයන් පෙන්වා දී ඇති පරිදි අද මහේස්ත්‍රාත්වරු කටයුතු කරන්නේ පොලීසියේ කාලකණ්නි මනදොල පිරවීමටද යන්න යළිත් මතු කළ යුතු පැනයකි.