Monday, June 13, 2011

1990 ජූනි 11 - ශ්‍රි ලංකා පොලිස් ඛේදවාචකය



නිරායුධ පොලිස් භටයින් හයසිය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමට වසර විසි එකක් පිරීම නිමිත්තෙන්, රට පුරා පොලිස් ස්ථානවල සමරු වැඩසටහන් පැවැත්වීමට පියවර ගෙන තිබින.

රජයෙන් බාර වන ලෙසට ලැබුන නියෝග මත, නැගෙනහිර පලාතේ පොලිස් ස්ථාන රැසක සේවය කල මෙම පොලිස් නිළධාරීන් හයසීය එදා නැගෙනහිර එල්.ටී.ටී.ඊ යට බාරවිය.

එසේ බාරවූ - පොලිස් නිලධාරීන් හයසිය දෙනා ඝාතනය කොට හදුනා ගැනීමට නොහැකි වන පරිදි සිරුරු පුලුස්සා විනාශකර දමණු ලැබීය. ඒ එදා නැගෙනහිර පාලනය කල එල්.ටී.ටී.ඊ යයි.මෙම සිද්ධිය එවකට ආණ්ඩුව හා එල්.ටී.ටී.ඊ ය අතර ඇතිකර ගත් ගිවිසුම නිසා සිදුවූවක් බව විසි එක් වසරකට පසුවද, වත්මන් රාජපක්ෂ ආණ්ඩුව මැසිවිලි කියමින් තමන් කියන ඕනෑම දෙයක් පිළීගන්නට, කරන්නට සූදානම් අත්තේවාසිකයින් ගේ හිත සුව පිණීස සිදුකරන දෙසෑබෑම් නවතා නැත.

නිරායුධ පුද්ගලයින්, යටත්වූ පුද්ගලයින් ඝාතනය කිරිම අපරාධයකි. යුද්ධයකදී සිදු කිරීම යුධ අපරාධයකි.පොලිස් නිලධාරියෙකු, හමුදා නිලධාරියෙකු පමණක් නොව, ඕනෑම රටවැසියකු ගේ ඝතානය ගැන විධීමත් ලෙස පරීක්ෂණ පවත්වා තොරතුරු ජනතාවට හෙළි කිරීම ශිෂ්ඨසම්පන්න ජාතියක වගකීමකි. ශිෂ්ඨසම්පන්න ආණ්ඩුවක, රජයක වගකීමයි. එසේ නොකර බදුපිළිම ලක්ෂ ගණනින් බෙදාහැරීම, ලවුඩ්ස්පීකර් මගින් පිරිත් තිස්තුන් පැයේදීම බෙදාහැරියත්, පිරිත් පැන්වලින් රටම නෑව්වත්, අශීෂ්ඨ කම, මිලෙච්ජ කම වසා ගන්නට බැරිය.

එවක ආණ්ඩුව - එක්සත් ජාතික පක්ෂය - එල්.ටී.ටී.ඊ ය සමග ඇති කරගත් සාම ගිවිසුම ගැන අප දනිමු.නොදන්නේ ,

1.      1. නැගෙනහිර මේ පොලිස් නිලධාරීන් 600 දෙනාට, එල්.ටී.ටී.ඊයට බාරවෙන ලෙසට නියෝග දුන්නේ කව්ද යන්නය. පොලිස් කාරයින්ට නියෝග දිය හැක්කේ පොලිස්පතිටය. පොලිස්පතිවරයා එම නියෝග දුන්නේ කාගේ උපදෙස් මතද? ශ්‍රී ලංකාවේ නම් පොලිස්පතිට නියෝග, උපදෙස් දිය හැක්කේ - ජනාධිපතිටය. ආරක්ෂක ලේකම්ටය.

හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය - ජනාධිපතිවරයාගේ හෝ ආරක්ෂක ලේකම්ගේ හෝ වෙනත් නොදන්නා බලවේගයක ගේ හෝ නියමයන්ට යටත්ව පොලිස් කාරයින්ට සේවයෙන් පහ කරන ලිපි නිකුත් කරන රටක ජීවත්වන අපට - අත්දෙක බැදගෙන ගොස්, දිවි පිදූ පොලිස් කාරයින් 600 බාරවෙන්නට නියෝග කලේ කව්ද යන්න දැන ගැනීමට අවශ්‍යය.

ඝාතනයෙන් පසුව - අනිවාර්යෙන් කලයුතු පරීක්ෂණ කලාද? මෙම පොලිස් කාරයින් 600 මරා, හදුනාගන්නට බැරි වන අන්දමට සිරුරු විනාශ කරන්නට කටයුතු කල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් හදුනා ගත්තාද?
එමෙන්ම මෙම කාලයේ පහල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට අණදුන් නැගෙනහිර එල්.ටී.ටී.ඊ නායකයින් කව්ද?
මේවා - ආණ්ඩුව, රජය හෙලිකල යුතුය.
දරුස්මාන් වාර්තාව ලෙසට ආණ්ඩුව හදුන්වන - එ.ජා මහා ලේකම් කමිටු වාර්තාවේ එල්.ටී.ටී.ඊ ය යුධ අපරාධ ගැන මනාව සදහන් කර ඇති බව රාජපක්ෂ ආණ්ඩුවපිළීගන්නවාද ?

ඒ අනුව , යුධ අපරාධ වලට එල්.ටී.ටී.ඊ ය වගකිව යුතුය. මෙම අපරාධ කල එල්.ටී.ටී. නායකයින් සුවිශේෂ වශයෙන් නිරායුධව එල්.ටී.ටී.ඊයට බාරවූ පොලිස් කාරයින් 600 මරා දමා, සිරුරු හදුනාගන්නට බැරිවන ලෙසට විනාශ කිරීමට නියෝග දුන් එල්.ටී.ටී.ඊ නායකයින් අධීකරණය ඉදිරියට ගෙන එන්නේ නැත්තේ මන්ද?

අපරාධකරුවන්ට රැකවරණය දීම අපරාධයකි.

දෙ අත් බැඳගෙන වෙඩි කන ලද්දන් රණවිරැවන් හෝ නිර්ඪිතයින් ලෙසට හඳුවමින් මරණයට පත්වුවන්ට යුක්තිය, සාධාරණත්වය ඉටු වන්නේ ප්‍රදර්ශණාත්මක, ආගමික වැඩසටහන් වලින් නම් නොවේ. 

රටේ හා ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කිරීමෙන් පමණි.
දරුස්මාන් වාර්තාවට ආණ්ඩුව මේ තරම් බය ඇයි ? රට දැය සමයද ? පවුලද?

No comments:

Post a Comment