Wednesday, June 29, 2011

මතට ඇබ්බැහිවූවෙකුට වධ දී ඇති අයුරු


දින තුනක් පුරා මොරටුව පොලීසිය විසින් නීති විරෝධී ලෙසට රඳවා තබාගෙන දස වධ දී ඇති ජිනසිරි ප්‍රනාන්දු.

නීතිඥවරියකගේ ඉල්ලීම මත දඩ ගෙවා නිදහස් වූ- මොරටුව පොලීසියේ ප්‍රසන්න නැමැති නිලධාරියා විසින් වධ දී ඇති අකාරය - ජායාරූප පෙන්නුම් කරයි.












මොහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ 41 හැවිරිදි විවාහකයෙකි.

කුලී වැඩ කරන මොහුව, මීට වසර 5කට පෙර කුඩු චෝදනා නගා අත්අඩංගුවට ගෙන, රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දෙකි.

ඔහු රිමාන්ඩ් භාරයේ අවුරුදු 5 දවස් 5ක් පසුව ඇත. දැනට ඇප මත සිටින මොහුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන, මෙසේ වධ දී බොරු නඩුවක් පවරා ඇත්තේ —කුඩු˜ ඉල්ලමින්ය.

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙක්ට වධ දී බොරු නඩු දැමීම බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයක් නැති බව පෙනෙන්නට තිබේ.


No comments:

Post a Comment