මට මේ ලිපිය කියෙව්වහම දැන් ඉන්න තරුණ පරම්පරාව ගැන පුදුමයක් හා කනගාටුවක් දැනුනා. මෙතුමා ඉන්නේ අනාගතයේ, ඔහුට වඩා තරුණ දෙමාපියන් ඉන්නේ අතීතයේ. ජිවත් වීමට උගැන්වීම වෙනුවට රැකියාවකට පුහුණු කිරීමක් කලත්, අන්තිමට කරන්න රස්සාත් නැහැ. ඉරිදට විතරයි දරුවනට මවුපියන් සමග ගීතයක් අහන්න, හොඳ සිනිමා පටයක් නරඹන්න, හිනා වෙන්න කතා කරන්න තියෙන්නේ. එයත් ඔවුන්ගෙන් උදුරා ගන්නවා. මේ හිතන ක්‍රමය ලංකාව තුල විතරක් නොවේ, මේ අය වෙන රටවල් වලට ගියහමත් ඔවුන්ගෙන් ඉවත් වෙන්නේ නැහැ. එවිටත්, ඒ රටවල තියන ක්‍රමයෙන් ප්‍රයෝජන ගන්නවා වෙනුවට, මේ අසාර්ථක ක්‍රමය බලෙන් ස්ථාපිත කර ගන්න හදනවා. බලන්නේ ලංකාවෙන් ගෙන්නා ගත් කුණු ටෙලි නාට්‍ය, අහන්නේ කුණු සින්දු, පොතක් පතක් කියවන්නේ නැහැ, පත්තරයක් බලන්නේ නැහැ. ඒ වෙනුවට දරුවන් වෙන අය ලඟට යවලා, උගන්වාපන් කියලා, අමාරුවෙන් හොයා ගන්න මුදල් ටික පූජා කරන ගමන්, දරුවාගේ නිදහස් කාලයත් උදුරා ගන්නවා. පාසලේ ගුරුවරයා හම්බ වෙන්න යන්නේනැහැ. දරුවාට ගෙදරදී මොනවාද කළ යුත්තේ, කොහොමද, මොන අංශ වලින්ද උදව් කරන්න ඕනේ කියා මේ දෙමාපියන් හොයන්නේ නැහැ. එය ටියුෂන් ගුරුවරයෙකුට පවරලා අතපිහ දා ගන්නවා.
අන්තර් ජාලයෙ වර්තමානයෙ තියන බහුතරයක් විකාර අදහස් අතරේ කාලෙකට පස්සෙ කියවපු ඉතාම වැදගත් ලිපියක්.
කියන්ට තියනදේ කෙලින්ම කියන මිනිසුන්, ඩාවින්ගේ පරිණාම වාදය අනුව දැඩි අවදානමට ලක්වූ ,සීග්‍රයෙන් මිහිපිටින් ( අවම වශයෙන් ශ්‍රී ලංකාවෙන් හෝ ) වඳවී යන සත්ව කොට්ඨාශයක් වූ අද වගේ යුගයක ගුණසේකර මහතාණනි, ඔබ වැන්නවුන් අනාගතය කෙරෙහි එක් කුඩා බලාපොරොත්තුවක් හෝ නොනැසී පවත්වාගැනීමට බල කරන බව පවසමින් නවතිමි.
No comments:
Post a Comment