Wednesday, March 27, 2013

ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රමානුකූල වධහිංසාව


ඇමෙරිකා එක්සත් ජනපදය, තොරතුරු ලබා ගැනීම සදහා ක්‍රමානුකූලව , සැලසුම් සහගතව වධහිංසාව උපයෝගී කර ගන්නා අන්දම හා ඒ සදහා තෝරාගත් විශේෂිත පුද්ගලයින් යෙදවූ ආකාරයද පැහැදිලි කරන වාර්තා චිත්‍රපටයක්.
බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පත සහා බීබීසී ආයතනය විසින් කරන ලද ගවේශනාත්මක තොරතුරු සෙවීමේ ප්‍රතිඵලයකි මෙම වාර්තා චිත්‍රපටය.
මීට පෙර අවස්ථාවන් රැසක ඇමෙරිකා එක්සත් ජනපදය - වධහිංසාව උපයෝගී කර ගැනීම එරට මාධ්‍ය විසින් හෙළී දරව් කරනු ලැබීය.
ඒ එකම අස්ථාවකවත්, ඇමෙරිකානු එක්සත් ජනපද රජය එම තොරතුරු බොරු බව, ඒවා ඇමෙරිකානු එක්සත් ජනපද රජය අපහසුතාවයට පත්කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලෙසට හදුන්වා දුන්නේ නැත.සමහර අවස්ථාවල එම හෙළිදරව් කරන ලද කරුණු පිළිබදව පරික්ෂණ පැවැත්වූ අතර, අදාල පුද්ගලයින්ට දඩුවම් නියම කළේය.
මේ එකම අවස්ථාවකවත්, ඇමෙරිකාව මානව හිමිකම් උල්ලංඝණය කරන බවට චෝදනා කිරීමට ශ්‍රී ලංකා ආණෟඩුවට නොහැකි විය. ඒ බියගුලුකම් නිසාද, එසේ නැතිනම් අවස්ථාවාදයද ?
දේශපාලන ක්ෂේත්‍රයේ  මේ වනවිට යම් තනතුරක් දරන හැම එකාගේම පුතාලා දුවාලා ඇමෙරිකාවේය. නැතිනම් එංගලන්තයේය. එසේත් නැතිනම් ඖස්ට්‍රේලියාෙව්ය. සමහරු පුරවැසියන්ය.
ඒ නිසාම තම උපන් මව්බිම නොව - යැපෙන මව්බිම උතුම් කොට සලකන නිසාය.මෙහිදී බියගුලුකම්, අවස්ථාවාදය හා එක්වූ කුහක කම්ද ඇත.මෙරට අධිරාජ්‍යවාදීන්ට, වේදිකාවල දෙස්දෙවොල් කියන ආණෟඩුවට, හැකියාවක් තිබිය යුතුයි ඇමෙරිකා එක්සත් ජනපදයේ - වධහිංසාවන්ට එරෙහිව කතාකරන්නට, යෝජනා ගෙන එන්නට. ඒ සදහා ඔවුන්ගේ මාධ්‍ය උපයෝගී කරගන්නට පුලුවන.
මේ වාර්තා චිත්‍රපටයද, මීට පෙර මේ හා සමානව නිකුත් කල විවේචනයන්ද ආණ්ඩුවට උපයෝගී කරගත හැක. නරඹන්න

No comments:

Post a Comment