Sunday, May 12, 2013

මිහිදන් කල මළ සිරුරු දෙක අතුරුදහන්.


 තම පුතාගේ සහා සැමියාගේ බාල සොයුරාගේ මෘත ශරීර දෙක, මිහිදන් කල තැනින් ඉවත් කර ඇති බව ප්‍රකාශ කරන  - මැටිල්ඩා පෙරේරා මහත්මිය, ඒ පිළිබද පැමිණිල්ල ලියා ගැනීම පොලිසිය ප්‍රතික්ෂේප කල බවට චෝදනා කර සිටී.
2013 පෙබරවාරි 03 වන දින, මොරටුව මහා නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්ප කුමාරට බාරවූ පසුව, ඔවුන් දෙදෙනාගේ හිසට වෙඩි තබා ඝාතනය කර තිබින.
මෙම මිනිස් ඝාතන පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව, අධිකරණ නියෝගය මත, සිරුර වාද්දුව පොලිස් වසමට අයත් පොතුපිටිය ප්‍රසිද්ධ සුසාන භූමියේ වළලා දමන ලදි.
මේ වන විට එම සිරුර දෙක වළලා දමා තිබූ ස්ථානයෙන් ඉවත්කොට, එම ස්ථානයේ වෙනත් සිරුරක් වලදමා තිබේ.
මේ පිළිබද මැටිල්ඩා මහත්මිය පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයටද, එහි උපදෙස් මත වාද්දුව පොලිසිය සමග වාද්දුව පොලිසිය ගොස් ස්ථාන පරීක්ෂාවක් කලද  පැමිණිල්ල ලියා ගැනීම වාද්දුව පොලිසිය ප්‍රතික්ෂේප කර තිබේ.
ඇය මේ පිලිබදව ලිඛිතව පැමිණිලි කර ඇති අතර, එය අපරාධයක් බවත්, එය කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන ලෙසත් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී

No comments:

Post a Comment