මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින අංක 59802/10 දරන නඩුවට මොකද වුනේ. මෙම ප‍්‍රශ්ණය මහතුගම, මහේස්ත‍්‍රාත් අධිකරණයේ, රෙජිස්ත‍්‍රාත් වරයාගෙන් අසන්නේ නඩුවේ චුදිත මතුගම, සිරිකඳුර වත්තේ කම්කරුවෙකු වන මානික්කම් සන්දනම්ය.
මෙම නඩුව - මානික්කම් සන්දනම්ට විරුද්ධව, එවක මතුගම පොලිස් ස්ථානයේ වැඩ බලන ලද මූලස්ථාන පොලිස් පරීක්ෂක පො.ප.සේනානායක 2010.06.24 දින මානික්කම් සන්දනම්ට එරෙහිව අංක 59802/10 යටතේ නඩුවක් පැවරිය. සුරා බදු අඥපනත යටතේ පවරන ලද මෙම නඩුවට මානික්කම් සන්දනම්ය නිවරැුදි කරු බව ප‍්‍රකාශ කළේය. ඉන් අනතුරුව එම නඩුව, පිළිවෙගින්
2010.09.16, 2010.11.11, 2010.12.02, 2011.01.13, 2012.02.01 දිනවල අඬගසනු ලැබු අතර 2012.07.05 දන කැඳවනු ලැබ අවස්ථාවේ එය 2013.02.25 දිනට කල් තැබවේය. මෙදින රජයේ නිවාඩු දිනයක් විය. ඒ පිළිබඳ සොයා බැලීමේදී, එම දිනය වැරදීමකින් යොදා ඇති බව, ඔහු ගේ නීතිඥ චමරි මුණසිංහ මහත්මිය ඔහුට පවසා නඩුව 2013.මාර්තු 04 බව කියා තිබේ.
එ අනුව ඔහු සිය නීතිඥ චමරි මුණසිංහ මහත්මිය මගින් 2013 මාර්තු 04 වන දින, අධීකරණයේ පෙනී සිටින ලදි. නමුත් එදින නඩුව කැඳවූයේ නැත. එ පිළීබඳව නීතිඥ චමරි මුණසිංහ මහත්මිය, සොයා බලා ඔහුට දැනුම් දුන්නේ ”නඩුව” සොයා ගන්න බෑ, එ නිසා තමයි නඩුව කැඳවා නැත්තේ කියා.
2013 මැයි 17 වන දින නැවත මානික්කම් සන්දනම් නීතිඥ චමරි මුණසිංහ මහත්මිය හමුවි නඩුව පිළිබඳව විමසා සිටිය විටදි ඇය ඔහුට යලිත් පවසා නඩුව සොයා ගන්නට නැති බවයි.
2013.05.21 දාතමින් මතුගම මහේස්ත‍්‍රෘත් අධිකරණයේ රෙජිස්ත‍්‍රාත් වරයාට ලිඛිත ඉල්ලීමක් කරමින් ඔහු ඉල්ලා සිටින්නේ, තමාට විරුද්ධව එවක මතුගම පොලිස් ස්ථානයේ වැඩ බලන ලද මූලස්ථාන පොලිස් පරීක්ෂක පො.ප.සේනානායක 2010.06.24 දාතමින් පවරා තිබෙන 59802/10 නඩුව මීලඟට කැඳවනු ලබන දිනය කවදාද? නඩුව අස්ථානගතව තිබේද? යන්න පිළිබඳව සොයාබලා ඔහුව දැනුවත් කරන ලෙසටය.
No comments:
Post a Comment