ඊජිප්තුවේ යුෂුප් බඩාරි නැමති ප්‍රමුඛ පෙළේ මුස්ලිම් පූජකවරයා, ඊජිප්තු පවුම් 1000 ක් රැගෙන රූපවාහිනී සම්මුක සාකච්ඡාවට ගියේ - “ දෝෂ නිවාරණය කිරීමේ යෙදෙන මුස්ලිම් පූජකයින්ගේ ලිංගික අපයෝජනයන්” ගැන සාකච්ඡාවටය.
රූපවාහිනී සාකච්ඡාව මෙහෙය වන මාධ්‍යෙව්දිනියට, හිජාබය පැළඳ ගන්නැයි ඔහු අණ කළේය. ඇය ඒ ගැන ප්‍රශ්ණ කරමින් හිජාබය විසි කොට, මුස්ලිම් පූජකයාව නිරුවත් කළේය.
මේ වන විට සෑම ආගමකටම අයත් පූජකයින්, ළමුන්, ස්ත්‍රීන් දූෂණය කරති. අපයෝජනට ලක් කරති. ඒ සියල්ල වසා ගන්නට හදන්නේ ආගමේ එසේත් නැත්නම් දෙවියන්ගේ නාමයෙනි.
සෑම රටකම දූෂිත පාලකයෝ තම පාලනය රැක ගන්නට උපයෝගී කර ගන්නේ දූෂිත පූජක රැලයි.
මුස්ලිම් බහුතරයක් සිටින රටක රෑපවාහිනී මාධ්‍යයක - හිජාබය වීසි කොට, ප්‍රමුඛ පෙලේ මුල්ලාවරයෙකුට - අභියෝග කරන මේ මාධ්‍යෙව්දිනිය - අපේ රටේ මාධ්‍යෙව්දීන්ට ආදර්ශයක් වනු ඇතැයි පතමු.
අඩු ගණනේ මේ වීඩියෝ ක්ලිප් එක තමන්ගේ ප්‍රවෘත්ති වල පෙන්නන්න තරම් කොන්ද පන තියන නාලිකාවක් ලංකාවේ තියනවාද?
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මේ ලින්ක් එක වැඩ කරනවා
ReplyDeletehttps://www.youtube.com/watch?v=E_OYVo00SEY