Wednesday, July 31, 2013

සොල්දාදුවෝ සහ 'ඉගිල්ලෙන මාළුවෝ'


'ඉගිල්ලෙන මාළුවෝ' නොබලපු ගොඩක් අය දැං ඒ ගැන ලියන්නයි, කියන්නයි පටන් අරං... රාජ්‍ය මාධ්‍ය ලොක්කෝ, කළු ජූලියට උඩගෙඩි දුන්න ජාතිවාදී භික්ෂුවක්, රියර් අද්මිරාල් කෙනෙක් ආදී මෙකී නොකී අයට අමතරව තවත් මැට්ටෝ ගණනාවක්. මේ අයගෙ දැක්මට අනුව අපි නොදන්න හරි අපූරු කාරණා මේ වෙනකොට එළියට ඇවිත් තියෙනවා... මේ ඒවායින් ටිකක් විතරයි. 

1. හමුදා සෙබලුන් නිවාස ඇතුළත මිස එළිමහනේ සංසර්ගයේ යෙදෙන්නේ නැත. 
2. ඔවුන් රමණයේදී අස්වාභාවික ඉරියව් පාවිච්චිකරන්නේ නැත. ඒ සියල්ල කරනුයේ සිංහල සංස්කෘතියේ ආදර්ශමත් විධි ක්‍රම අනුවය. 
3. හමුදාව ඉතා ශාන්තය. ඔවුන් දෛනිකව පංච ශීලය සමාදන්වන අතර තම බිරින්දෑවරුන් දෙස මිස වෙනත් කිසිදු ගැහැනියක දෙස රාගාන්විතව බලන්නේ හෝ අඩුතරමේ එවැනි සිතුවිල්ලක් හෝ ඇතිකරගන්නේ නැත. 
4. හමුදාව කිසිදා පරුෂ වචන නොකියයි. සතුරාට පවා ප්‍රිය වචනයෙන්ම කතා කරයි. 
5. චිත්‍රපට නිර්මාණයේදී 'මහින්ද චින්තනය'ට අනුකූලව තිරනාටකය ලිවිය යුතුය. ලොකුම දහම ඒකය. 
6. 'ඉගිල්ලෙන මාළුවෝ' වැනි චිත්‍රපට නිපදවන්නේ එතෙරින් ලැබෙන ඩොලර් මලු වෙනුවෙනි.

චිත්‍රපටිය ගැන කතාකරන්න කලින් (මම ඒක බැලුවා), හමුදාව ගැන මට මෙහෙදි (දකුණේ සබරගමුවෙදි) තියෙන අත්දැකීමක් කියන්න හිතෙනවා. ඒ, ළමයි කීපදෙනෙකුත්, ආයුධ සන්නද්ධ සෙබළු කීපදෙනෙකුත් අතර වුණ සිදුවීමක්. මේක කවුරුවත් මට කියපු එකක් නෙවෙයි. පැත්තක ඉඳං දැකපු එකකුත් නෙවෙයි. මමයි තව යාළුවො දෙන්නෙකුයි මුහුණ දුන්න සිදුවීමක්. මතක හැටියට ඒ 1988 අවුරුද්ද අග්ගිස්ස... දවස හරියටම මතක නෑ... ඒත් සිද්ධිය මතකයි. ඒ වයස අවුරුදු දාහතරක් වුණ ළමයෙක් විදියට තමංගෙ මරණයේ භීතිය තුවක්කුවක් ළඟ දැනුණ මොහොතක් හැටියට. 

ඒ වෙනකොට ජවිපෙ දෙවෙනි කැරැල්ලේ කලබල කාලෙ. ජේවීපී කියන්නෙ මොකක්ද? ඒ ගොල්ලො හරිද? වැරුදිද? ඒ මොකවත් අපි දන්නෙ නෑ. අපි ඒ දවස්වල ඉස්කොලෙ නවය වසරෙ හිටිය, කොට කලිසම් අඳින කොලුකුරුට්ටෝ. රටේ කලබල සිද්ධවෙන කාලයක්, පාරතොටේ මිනී මැරුණ කාලයක් කියල විතරයි අපි දන්නේ. සෙනසුරාදාවක උදේ මගෙ යාළුවෙක් පාන්ගෙඩියක් ගෙනියන්න ළඟ කඩේට බයිසිකලේ ආපු ගමන් අපේ ගේ ඉස්සරහදි බෙල් එක ගැහුවා. මං එළියට ආවා. ඒ එක්කම අපේ පන්තියේ තවත් කොල්ලෙක් එතෙන්ට ආවා. ඒත් කඩේ ආ ගමන්. ඉතිං අපි තුන්දෙනා පාර අයිනෙ කතා කර කර ඉන්නකොට එකපාරටම පොඩි 'ලොරිබාගයක්' බ්රේක් ගැහුවා. තත්පරයකින් එළියට බැස්සෙ (නෑ... පැන්නේ) ආමිකාරයො රොත්තක්. 

"...රි බල්ලෝ... තොපි මොකද යකෝ මෙතන කරන්නේ....."

ඒ අය අපිට තුවක්කු මානාගෙන බෙරිහන් දුන්නා. අපි තුන්දෙනාට තප්පර කීපයක් ගියා මේ වෙන්නෙ මොකක්ද කියල හිතා ගන්න. ඊට පස්සෙ තුන්දෙනාගෙන් වෙන වෙනම ආයෙමත් ඒකම ඇහුවා. (තිත්ත කුණුහරුප සහ තුවක්කු එල්ලය තවමත් අපි දිහාට) 

"පාං ගන්න කඩේ ආවා....." යාළුවො කිව්වෙ තුෂ්නිම්භූතව. 
"එතකොට තෝ.....?"
"අපේ ගේ මෙතන"
"දුවපියව් ...ගෙ පුතාලා වෙඩි කන්නැතුව... අපි ආපහු තොපි මෙතන හිටියොත් තියන්නෑ එකෙක්වත්..."

තවත් කුණුහරප වැලක් කියලා අපි තුන් පැත්තට එළවලා සෙබළු ටික යන්න ගියා. 

ඊට පස්සෙ දවසක කර්නල් කෙනෙක් ආවා අපේ ඉස්කෝලෙට... ජවිපෙ කට්ටිය ඇවිත් පාසල් ශිෂ්‍යයො ගොනාට අන්දලා පෙළපාලිවලට අරන් යන කාලෙ. මේ කාලෙ වෙඩිපාරවල් වලින් මැරුණු පාසල් ශිෂ්‍යයො සමරන්න එක එක දේවල් කරන රැල්ලකුත් තිබුණා. කර්නල් ඇවිත් තිබුණෙ ඒ ගැන ළමයින්ට අමතන්න. ප්‍රින්සිපල් විශේෂ එසෙම්බ්ලියක් කැඳවලා ළමයින්ව ගෙන්නල දුන්නා. 

"මේ ඉස්කොලෙ කිසිම ළමෙක් මැරිච්ච ළමෙක් සමරන්ඩ පාරට බැස්සොත් මම අනිවාර්යෙන්ම ඒ ළමයගෙ නමත් සැමරෙන අයගෙ ලයිස්තුවට ඇතුළත් කරල දෙනවා...."

කර්නල් තමංගෙ ගාම්භීර හඬින් කියපු ඒ වචනවල තිබ්බ ව්‍යංගය අපට එදා තේරුම් ගන්න බැරි වුණේ නෑ. ඒක තමයි 'ආමිඑක' ගැන මට තියෙන මුල්ම මතකය. 


ඇත්තටම හමුදාවක් කියන්නෙ මොකක්ද? ඒක දේශපාලනිකව තේරුම් ගත හැකි මාක්ස්වාදී න්‍යායක් තිබිය යුතු වූ ජවිපෙත්, සංහිඳියාව වෙනුවට දෙමළා නම් සතුරාට එරෙහි වෛරයෙන් පාර්ලිමේන්තු ආසන තුළ වාඩිවුණ හෙළ උරුමයත් යුද මානසිකත්වයට පෝර දැම්මා... ඒගොල්ලෝ යුද්දෙ දවස්වල විශ්වවිද්‍යාල වගේ තැන් වල පවා රණවිරු බෝධි පූජා තිබ්බා. රාජ්‍ය විසින් නිර්මාණය කරපු මේ රණවිරු වන්දනාව තමයි පසුකාලීනව ලංකාවේ 'ප්‍රකාශනයේ නිදහස'ට එරෙහිව එසවුණ අවි වලට මුවහත දුන්නෙත්. 'ඉගිල්ලෙන මාළුවෝ' හදපු සංජීව පුෂ්පකුමාරට විතරක් නෙවෙයි, ඊට කළින් ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, සුදත් මහදිවුල්වැව වගේ අයගෙ නිර්මාණ වලට එරෙහි වුණෙත්. ආණ්ඩුව කරන්නෙ 'හමුදාවට අපහාස කිරීම' කියන ලේබල්එක ගහල තමන්ගෙ නිරුවත එළියට එන නිර්මාණ, ජනතාවගෙත් ලෝකයේත් ඇස්මානයෙන් තුරන් කිරීමයි. ඒ වෙනුවෙන් තමයි අන්තේවාසිකයින් හදන 'සිරිපැරකුම්' වගේ චිත්‍රපටි වලට වරප්‍රසාද දෙන්නේ. 

කොහොම වෙතත්... හමුදා නිළ ඇඳුම් තුළ ඉන්නේ අප වැනිම ලෙයින් මසින් සැදි මිනිස්සු. හැබැයි වෙනසකට තියෙන්නෙ, රාජකාරිමය ලෙස ඔවුන් දිවි හිමියෙන් බැඳී ඉන්නෙ පවතින පාලකයා රකින්න. යුදකාමී පරිසරයක් තුළ ඔවුන් සැම විටම ඉන්නෙ නිර්භීතව නෙවෙයි. සැකයෙන් හා බියෙන්. ඒ නිසයි රටේ තීරණාත්මක මොහොතකදි පාරෙ හම්බවෙන කොල්ලෙකුට වුණත් තුවක්කුව මානන්නෙ. රෑ කැලේ ගහකින් කොලයක් වැටෙනකොටත් ඔවුන්ට මරණ භය දැනෙනවා විය හැකියි. ඒ විතරක් නෙවෙයි... පාලකයාට නැතිනම් රාජ්‍යයට අවශ්‍යය විදියට කරන මොළ සේදීමකට පසුවයි සෙබළෙක් රාජකාරියට ගන්නේ.'රණ විරුවා' කියන්නෙ මේ ආකාරයේ 'මිනිස් බිළි' සිවිල් සමාජයට පත්තියං කිරීමේ භාෂාත්මක ගොඩනැංවීමක්. තමංගෙ පුතා, සැමියා, සහෝදරයා, පියා වෙඩි උණ්ඩෙකින් පපුව හිල් වෙලා, නැත්නම් බෝම්බෙකින් හත් අට කඩකට කැඩිලා මැරිලා ගියාම මව්පියන්, බිරින්දෑවරුන්, සොයුරු සොයුරියන්, දු දරුවන් සනසන්න අටවන ලද නාමකරණයක්. 'වීර මාතා' වැනි සම්මාන එහි භෞතික ප්‍රකාශනයක්. සතුරු පාර්ශවයේ සටන් කළ කේඩරයෙකුගේ ඉරණම වුණත් ඒකම තමයි. වෙනස නම් ගම් විතරයි. 

දැන් යුද්දෙ ඉවරයි. ඒකෙ ඊළඟ අදියර වුණේ දෙමළ ජනයාගේ සිවිල් අයිතිවාසිකම් සුරැකෙන දේශපාලන විසඳුමක් නෙවෙයි. එයට විරුද්ධ වන සිංහල ජාතිවාදි මතය අනියමින් පෝෂණය කරමින් සහ ජීවිත දහස් ගණනක් බිළි ගත් යුද්ධය උත්කර්ශවත් මතකයක් බවට නිරතුරු සිහි කැඳවමින් වර්ගවාදි ජාන උත්තේජකයක් ලෙස එය පවත්වාගෙන යෑමයි. ආරක්ෂක අමාත්‍යාංශයට චිත්‍රපටයක් වහකදුරු වන්නේ මෙවන් පසුබිමක් තුළයි. කලක් 'එසැණ යුධ පුවත්' තලු මරමින් ලේ රහට හුරු කළ ජනතාවකට එක් අතෙකින් කලාත්මක යමක් ගැඹුරින් සංජානනය වේ යැයි හිතන එකත් මෝඩකමක්. මේ චිත්‍රපටයේ තියෙන්නෙ එක්තරා මායිම් ගමක යුද්ධය අතරවාරයේ මුහුණ දෙන පීඩාව. යුද්ධය ඔස්සේ එම ජීවිත චලනය වෙන හැටි. නමුත් මේ ලියන්නො කියන්නෙ එහෙම දේ වෙලා නැහැ කියලයි. උදාහරණයකට තමා ගැබිණියක කර පළාගිය හමුදා පෙම්වතාගේ රහසඟ එයාගේ පෙම්වතිය චරස්ගාල පිහියකින් කපනවා. එක ලියන්නෙක් පත්තරේකට මේ ගැන ලියල තිබුණෙ "ලංකාවේ කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. වුණා නම් පත්තරවල මුල් පිටුවෙම වැටෙනවා. බොරුවක් මේ සිනමාකාරයා පෙන්නල කියෙන්නෙ" කියලා. සිනමාව ඇතැම් දේ සංකේතීයව ප්‍රකාශ කරන මාධ්‍යයක් බව මොවුන් දන්නෙ නෑ. එක්කෝ දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා. සිදු වූ යථාර්ථයක් වුවත් සිනමා මාධ්‍යයෙදි ප්‍රතිනිර්මාණය වෙනකොට තථ්‍ය කාලය හා අවකාශය රූප මාධ්‍යයෙන් නිරූපනය කරන්නෙ වෙනත් ආකෘතිමය ස්වරූප වලින් කියන දේ නොදැනීම හෝ නොතැකීම ගැන අනුකම්පා කළ හැකියි කියමුකො. ඒත් ප්‍රශ්නෙ සමහරුන්ට චිත්‍රපටය නොදැක, නොබලා ඒ ගැන ගොබ්බ කතා කියන්න තරම් ලැජ්ජාවක් නැතිකම. එක අතකට ඒකත් ඉතිං මාර ලාංකේය ගතියක්. 

"චිත්‍රපටය නැරැඹුවෙ නෑ. දැනුම්වත් වීම් හරහා තමයි කරුණු සොයා බැලුවේ."
"අපේ හමුදා සෙබළුන් විසින් උතුරේ තරුණියන් දූෂණය කරන දර්ශන මෙහි ඇතුළත්" 


පහුගිය ඉරිදා සිළුමිණට මෙහෙම කියල තිබුණෙ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලයි. අනේ පව්. එහෙම දර්ශනයක් මේකෙ නැහැ. කව්රුහරි එතුමාව ගොනාට අන්දලා. සමහර විට සුදර්මන් ද දන්නෑ.. හැබැයි... කැමැත්තෙන් සෙබළෙක් එක්ක තරුණියක් ලිංගිකව හැසිරෙන දර්ශන මේකෙ තියෙනවා. 




ගමක මිලිටරි කණ්ඩායමක් ස්ථාන ගත කළාම ඉන් සිවිල් සමාජීය ජීවිතවලට වලට වෙන බලපෑමක් ඒ හරහා මතු වෙනවා. නමුත් දැන් එළඹෙන්න නියමිත සිනමා විචාරය හරහා චිත්‍රපටයක් කියවීමේ හෝ කතිකාවක් ගොඩනැගීමේ අවස්ථාව නෙවෙයි. අදාළ සාකච්ඡාව කළ මාධ්‍යකරුවා 'සුළඟ එනු පිණිස' ගැනත් මතක් කරල පාස් කරල තියෙන බෝලෙට දෙන ඩෑෂ් ප්‍රහාරයක් විදියට හුළුගල්ල නමැති නිළධාරියා දීල තියෙන පිළිතුරෙන් එළියට එන්නෙ ඒ දේ. 

"'සුළඟ එනු පිණිස' ප්‍රදර්ශනය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම් වීමට පෙරයි. එතුමා පත්වුණාට පස්සෙ එහෙම දේවල් සිදුවෙන්න ඉඩ දෙන්නෙ නෑ."

මේ ප්‍රකාශනයේ අදහස "මහින්ද චින්තනය අනුව චිත්‍රපටි හදපල්ලා", එහෙම නොවෙන හැම එකක්ම පෙනන්න දෙන්නෙ නෑ කියන එක නෙවෙයි ද? 'ඉගිල්ලෙන මාළුවෝ' නොබලා ඒ ගැන අදහස් දක්වන දිගාමඩුලු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර කියන දෙයිනුත් ඒක තහවුරු වෙනවා. ඔහුගේ අදහස දේශයට හිතකරව ප්‍රශ්න දෙස බලා නිර්මාණ කළ යුතු බවයි. මෙතනදි "දේශයට හිතකරව" කියන්නෙ මහින්ද චින්තනයට අනුව කියලා කියවා ගන්න "හඳගමලා, විමුක්තිලා එල්ලා මැරිය යුතුයි" කී වීරසේකර ගැන දන්නා අයට අරුමයක් නෙවෙයි. 

'ඉගිල්ලෙන මාළුවෝ' හරි නැත්නම් මොන චිත්‍රපටය ගැන හරි දේශපාලනික හෝ වෙනත් මතවාදීමය තලයක හෝ කරුණු මතු කර ගත යුත්තේ කෘතිය සේවනය කිරීමෙන් පසු විචාරයට යටත් කිරීමෙන්. නමුත් මේ මොහොතේ රෙජීමය විසින් මෙසේ තම අම්බැට්ටයන් ලවා මතු කරන විසංවාදයන් මගින් නිර්මාණ ප්‍රේක්ෂක හා විචාරක ඇස නොගැටෙන සේ සැඟවීම ගොබෙල්ස් පන්නයේ පැසිස්ට්වාදී ක්‍රියාවක්.

'ඉගිල්ලෙන මාළුවෝ' අති විශිෂ්ට චිත්‍රපටයක්ද? එසේ නොවන්නක්ද? කීම නෙවෙයි මේ සටහනට අරමුණු වුණේ. එය තිරගත කිරීමේ නිදහස එහි නිර්මාණකරුවන්ටත්, එය නැරඹීමේ පුරවැසි අයිතිය ප්‍රේක්ෂකයාටත් ලැබිය යුතුයි කියන කාරණයයි. 

එහෙම නොවුණොත් හෙට දවසේ ඉතිරි වෙන්නෙ මහින්ද චින්තනයෙන් හුරතල් වෙන 'බබා උක්කුං' වර්ගයේ සිනමාවක් විතරක් වෙන්න පුළුවන්. මොකද අද 'ඉගිල්ලෙන මාළුවන්ට' දාපු දැළ හෙට කිසියම් දැක්මක් සහිත තවත් නිර්මාණයක් දඩයම් කරන්න මේ ගොල්ලො දාන්න නියමිතයි.

Vikum Jithendra | විකුම් ජිතේන්ද්‍ර

රාජපක්ෂ පාලනයේ පොලීසිය උසාවි නියෝග ගනන් ගන්නේ නෑ. බොරු නඩුවට නිවරැදි කරු කීම අපරාධයක් වෙලා. දැන් තමයි තෙරෙන්නේ ආශචර්යයේ රඟ.


සිවිල් ආරක්ෂක කමිටුවේ සමාජිකාවක් වුනාට වැඩක් නැ පොලීසිය නටන්නේ කසිප්පු චන්දරේගේ පදයට. ගෙදර හිටිය පුතාව ගෙනිච්චේ පානදුර දකුණ පොලීසියේ බොක්සර් ජයසිංහ හා මනම්පේරි. පැය 66 ක් පොලීසියේ තියන් හිටියා. දවස් 24ක් රිමාන්ඞ් එකේ හිටියා. දැන් උසාවි නියෝග ක‍්‍රියත්මක කරන්නේ නැ. සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකිවක් වන රේණුකා මහත්මිය තම පුතාව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන, නීති විරෝධිව රඳවා තබාගෙන, බොරු නඩවක් දමා තම පුතාව හා මු`ථ පවුලම අගාදයකට ඇද දැමිම පිළිබඳව සඳහන් කරමින් කියා සිටිෙය්ය.

රේණුකා මහත්මියගේ පුත් 23 හැවරිදි සංඛ සංජිවව අත්අඩංගුවට ගත්ෙත් පානදුර දකුණ පොලීසියේ බොක්සර් ජයසිංහ හා එම පොලීසියේ මනම්පේරි යන පොලිස් නිලධාරින් දෙන්නාය. සංඛ සංජීව සිද්ධිය අදාලව පොලිස්පති සහ මානව හිමිකම් කොමිසම වෙත ලීඛිතව පැමිණිලි කරමින් කියා සිටින්නේ තමන්ට එරෙහිව නගන ලද බොරු චෝදනා ප‍්‍රතික්ෂේප කිරිම නිසා තමන්ට පානදුර දකුණ පොලීසියේ පොලිස් පරික්ෂක හෙට්ටිආරචි නැමැති නිලධාරිය තර්ජනය කරනු ලබන බවයි. ඔහුගේ ලිඛිත පැමිණිල්ල සියලූ කරුණු මනාව පැහැදිලි කරයි.

‘‘ 2012 දෙසැම්බර් 08 වන දින, සවස 6.30 ට පමණ, මා නිවසේ සිටියදී, නිවසේ පිටුපස ෙදාරින් නන්නාඳුනන පුද්ගලයෙක් ගෙට ඇතු`ඵ වීමට උත්සහ ගත්තා.  එ් අවස්ථාවේ එ් අසල සිටි මාගේ මව, එම පුද්ගලයා නතර කරවන්න උත්සාහ ගනිමින්, කව්ද යයි ප‍්‍රශ්ණ කළා. එ් පුද්ගලයා, මාගේ මවව පසෙකට තල්ලූ කර ගෙට ඇතු`ඵ වුනා. ඔහු, සාලයේ වාඩිවී සිටි මාගේ අයියාව උස්සා නැගිටවූවා. කාමරයේ සිටි මා, අයියාගේ දරුවාවද වඩාගෙන එළියට ආවා. එම පුද්ගලයා මගේ අයියාගේ අත් වලින් අල්ලා ගෙන, සංඛ කියන්නේ කව්ද කියා ඇසුවා. ඒ සමගම මගේ අතින්ද අල්ලා ගත්තා. එවිටම තව කෙනෙක් ඉස්සරහ ෙදාර ඇරගෙන ගෙට ඇතු`ඵ වුනා. මාවත් අයියාවත් අල්ලන් හිටපු පුද්ගලයා, මේ පුද්ගලයාගෙන්, ”මූද” ”මූද” කියා ඇසුවා. එසේ පැමිණියේ පානදුර පොලීසියේ ”බොක්සර්” ජයසිංහ. 

ඔහු මගේ අයියා පෙන්නා, මූ ලොකු එකා, කියා, මාව පෙන්නා, මූව ගනින්, කිව්වා. මගේ අම්මා බොක්සර් ජයසිංහ ගෙන් ඇහැව්වා, ඇයි කියා. ”පොඩි ඔත්තුවක් ” දැන ගන්න තියනවා, නැගපන් බයික් එකට කිව්වා.
ඔහු පැමිණ සිටියේ, සිඩි 100 -  බජාජ් යතුරු පැදියෙන්. ඔහු අසල පදිංචි කරුවෙක්. මා ඔහුව දන්නවා. එ් නිසා මා බයික් එකට නැග්ගා. අනෙක් නිලධාරියා, මගේ පිටිපස්සෙන් නැග්ගා. මම හිටියේ මැද. එසේ ගෙනියන අතර, සුගත් යන අයගේ වසා තිබෙන කඩය අසල නවත්වා, බස්සවා, මගේ පසුම්බිය හා ජංගම දුරකතනය, ගත්තා. පසුව දැන ගත්තා අනෙක් නිලධාරියා මනම්පේරි බව.

ඉන් පසුව, නැවත මා නංවාගෙන, අරුක්ගොඩ මහා පන්සල අසලට ගෙනවිත්, එ් අසල නවතා තිබූ ජීප්රථයට මාව නැග්ගුවා. මම නගිනකොට, තවත් දෙන්නෙක් එහි සිටියා.
එතැනින් කසිප්පු චන්දරේගේ ගේ ගාවට ගියා. එතනදී ඇතුලේ හිටිය ”කිරාව” බස්සලා, චන්දරේගේ වැට අයිනෙන්, පොඩි පාර්සලයක්, ගෙන ආවා. එතනින් නිව්ඩාවට ගියා. එහිදීද තවත් අයෙකුව නංවා ගත්තා. එයින් පසුව පානදුර දකුණ පොලීසියට, ආවා. ජීප්රථයේ සිටි, සමීරව, පොලීසියේ පිටුපස දැනට කපා දමා තිබෙන බෝ ගස ළඟින් බස්සවා, ඔහුගේ පස්සට පයින් ගසා, පලයන් කිව්වා. එසේ කළේ, ජීප්රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටි, පො.ප. හෙට්ටි ආරච්චිය.

පොලීසියට ජීප්රථය ගෙන විත්, මාව සහ අනෙක් දෙන්නාව පොලිස් කූඩුවට දැම්මා. එවිට වේලාව රාත‍්‍රී 9.00 ට විතර ඇති. පසු දින, (9 වන ඉරිදා) උදේ වරුවේ මාව උඩ තට්ටුවට ගෙන ගියා. එසේ ගෙන ගියේ බොක්සර් ජයසිංහ. එහිදී ඔහු, හිස් කොළ තුනකට අත්සන් ගත්තා. ඊළඟට ලියුම් කවර තුනකට, ලාකඩ වක් කර, මට කෙළ ගා, මාපට ඇඟිල්ල තියන්න කිව්වා. එසේ නොකළොත්, මම උඹව හිර කරනවා කිව්වා.
එයින් පසුව මට, ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය ආපසු දුන්නා. එහි තිබූ රු: 3000.00 ක මුදල එහි තිබුනේ නැහැ. නැවත කූඩුවට දැම්මා. එවිට එහි සිටි දෙන්නා සිටියේ නෑ. එදින රාත‍්‍රියේ කූඩුවේ ගත කළා. ගෙදරින් කෑම ගෙනත් දුන්නා. පසුවදා (10 සදඳා* උසාවියට දාන්න ඉස්සරලා පොලීසියේදී, බොක්සර් ජයසිංහ කිව්වා වැරදිකරු කියලා පිළිගන්න කියා. එතකොට ඇප දෙනවා කිව්වා. එදින දවල් 12.00 න් පසුව මාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එහිදී මගෙන් වැරදිකරුද නිවැරදිකරුද කියා ඇසුවා. මා නිවැරදි කරු බව ප‍්‍රකාශ කළා. මාව, රිමාන්ඞ් භාරයට පත් කළා 2013 ජනවාරි 04 මට ඇප ලබාගන්න පු`ඵවන් වුනා. දින 24 ක් ක`ඵතර රිමාන්ඞ් එකේ හිටියා මට විරුද්ධව, අංක: 8578 යටතේ හෙරොයින් මිළි ග‍්‍රෑම් 40 ක් ළඟ තබා ගැනීම සහ මිළි ග‍්‍රෑම් 20 ක් විකිනීම යටතේ නඩු පවරා ඇත.

මා පොලීසිය සිදු කළ වංචනික ක‍්‍රියාව අධිකරණයේ ප‍්‍රකාශ කළා. ගරු මහේස්ත‍්‍රාත්තුමා එ් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට කඵතර නි.පොලිස්පතිට නියෝග කළා. එම නියෝගය කඵතර නියෝජ්‍ය පොලිස්පති ක‍්‍රියාත්මක කළේ නැහැ. නැවත අධිකරණය එ් පිළිබඳ පරීක්ෂණ කරන ලෙසට බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිට නියොය්ග කළා. එ්ත් පරීක්ෂණයක් කළේ නැහැ . නඩුව විභාගය සඳහා තබා තිබෙනවා. මී ළඟ නඩු දිනය, 2013 සැප්තැම්බර් 06 වෙනිදා. 

මේ අතර 2013.07.21 ඉරිදා, උදේ 10.00 ට පමණ මා සමන්සිරි කඩයට ගොස් ආපසු එන අතර, දේණුකා නැමති කාන්තා පොලිස් නිළධාරිනියගේ ගෙදර සිට එලියට පැමිණි, පො.ප. හෙට්ටි ආරච්චි මා දුටු විගස, ආ උඹත් මෙහෙද ඉන්නෙ කියා අසා, ”තොගේ වීසා එක ළඟයි යන්න ලෑස්ති වෙයන් බල්ලා වත් උඹේ ඇඟට දානවා” යැයි කිවිවා. මේ සිද්ධිය වන වෙලාවේ මගේ මව, බිරිඳ හා අක්කාද සිටියා.
ඉන්පසු මගේ මවට දැන් පුතාට යන්න ලඟයි යැයි කීවා. ඇය ඔහුගෙන් ”ඇයි සර් කියා ඇසුවා” ඔහු පුතා දන්නවා පුතාගෙන් අහන්න කිව්වා. එ් අසල සිටි තවත් පොලිස් නිලධාරියෙක් උඹ යන්න ළඟයි, ටිකට් එක හරි යැයි කිවිවා.

මා ප‍්‍රකාශ කරන්නේ මට විරුද්ධව, පානදුර දකුණ පොලීසිය පවරන ලද බොරු නඩුව පිළිනොගෙන එයට අභියෝග කළ නිසා මට විරුද්ධව තවත් බොරු නඩු දමා මා පීඩාවට පත් කිරීමට උත්සාහ දරන බවයි.’’
ඔහු සිය ලිඛිත පැමිණිල්ලෙන් තමාට විරුද්ධව බොරු නඩු දමන ලද පානදුර දකුණ පොලීසියේ
01. බොක්සර් ජයසිංහ 02. පො.ප. හෙට්ටි ආරච්චි 03. පො.කො මනම්පේරි 3985 යන අයට
විරුද්ධව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට හා ආරක්ෂාව සලසන ලෙසට පොලිස් පතිගේන් හා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටි.

Tuesday, July 30, 2013

සරෝජනී නිර්මලී කොතලාවලව අයිලප්පෙරුම ලගට ගනී.

2013'06.26 දින ඉෂාර ජයලත් සිසුවාව ව වධහිංසාවට හා කෲර අමානුෂික අවමන් සහගත සැළකිලි වලට සහ දඬුවම් වලට භාජනය කළ දොඩන්ගොඩ මහා විදුහලේ වදුහල්පතිනි සරෝජනී නිර්මලී කොතලාවල ව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගෙන්වාගෙන තිබෙ.
සිද්ධිය අදාලව ෙදාඩන්ගොට පොලීසිය සරෝජනී නිර්මලී කොතලාවලට හා එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පති එස්.එ්.එල් මුතුකුමාරණට එරෙහිව මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙන අතර ඔවුන්ව රු:- ලක්ෂ පහ බැගින්වු ශරිරි ඇප මත මුදා හැර තිබේ.
මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්.අයිලප්පෙරුම ගේ කැඳවීම මත2013.07.17වන දින බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තුමේතුවට ගිය ඉෂාර ජයලත් සිසුවාට සහ ඔහු ගේ මව සහ පියාට මුහණ දීමට සිදුවුයේ අපාරධකාරියක්ව බේරා ගැනීමට වෙර දරන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ජී.එන්.අයිලප්පෙරුමට මුහුණ දෙන්නටය.
එදින සාකාච්ඡුාව පිළිබඳව ඉෂාර ජයලත් සිසුවාගේ පියා වන අනුර ජයලත් මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අයිලප්පෙරුම වෙත එදින සිදුවීම් මුලික කරගෙන ලියන ලද ලිපයේ මෙසේ සඳහන් වේ. 
'' 2013.06.26 දින අපගේ පුතා වන තොටවත්ත බන්ඩාරගේ ඉෂාර ජයලත්ව වධහිංසාවට හා කෲර අමානුෂික, අවමන් සහගත සැළකිලි වලට සහ දඬුවම් වලට භාජනය කිරීම සම්බන්ධනේ අපගේ පැමිණිල්ලට අදාලව ඔබ කැඳවීම අනුව 2013.07.17 වන දින පැවැත්වූ සාකච්ඡුාව හා බැඳ්.
01. මෙදින මා මාගේ බිරඳ හා සිද්ධියට මුහුණ දුන් මාගේ පුතාද සාකච්ඡුාවට එක්් විය.
02. එහිදී ඔබ පුන පුනා අවධාණය කිමට උත්සාහ ගත්තේ අප ප‍්‍රකාශ කරන්නේ බොරු බවත් හිටපු විදුහල්පතිනී නිර්මලී සරෝජනී කොතලාවල කියන්නෙ සත්‍ය බවත්ය.
03. මෙහිදී ඔබ උත්සාහ කළේ මගේ පුතාට කෲර අමානුෂික අවමන් සහගත සැළකිලි වලට සහ දඬුවම් වලට භාජනය කිරීම ගැන නොව සිද්ධියට පසුබිම වූ කරුණු විකෘති කර පෙන්වීමටය.
04. තවද ඔබගේ උත්සාහය වූයේ නිර්මලී සරෝජනී කොතලාවල ගේ නීති විරොධී හා විනය විරෝධි ක‍්‍රියාවන් යටපත් කිරීමටය.
05. තවද ඇය විසින් එනම් හිටපු විදදුහල්පතිනී නිර්මලී සරෝජනී කොතලාවල 2013.06.26 වන දින මෙම අපරාධය සිදු කළ දින ඇය නිවාඩු පිට සිටියදී බව අප පෙන්වා දුන්නෙමි.
06. එදින ඇය පාසැල් පැමිණි බවට අත්සන් ලේඛනය පසුදිනක වෙනස් කොට එම නාම ලේඛනය විකෘති කර විෂමාචාර ක‍්‍රියාවක්ද සිදු කර ඇත.
07. මෙම කරුණු අප ඔබට ප‍්‍රකාශ කළ විට ''එ්වා ඔයගොල්ලන්ට වැඩක් නැහැ අපි බලාගන්නම්" යනුවෙන් කරන ලද ප‍්‍රකාශය නීති විරෝධි හා විනය විරෝධි බව ප‍්‍රකශ කර සිටිමි.
08. රාජ්‍ය සේවකයින්ගේ ¥ෂණ අක‍්‍රමිකතා පිලිබඳ පැමිණිල් කිරීමට රටවැසියන්ට තිබෙන අයිතියද ඔබ විසින් එ් අවස්තාවේ බරපතල අන්දම්ට නොසලකා හැරිය බව ප‍්‍රකශ කරමි.
09. ළමුන්ව කෲරත්වයට පත් කිරීම දණ්ඩ නීති සංග‍්‍රහය යටතේද අධ්‍යාපන චක‍්‍රලේඛ යටතේද බරපතල දඬුවම් ලැබිය යුතු වැරදි බව ඔබ නොදන්නවා විය නොහැකි බව අප විශ්වාස කරමි.
අවශ්‍ය වන්නේ අනාගත පරපුරට ආදර්ශයක් වන ආකාරයට නීතිය හා විනය ක‍්‍රියාත්මක කිරීම බවද පෙන්වා දෙමි."

බදුරලිය පොලිස් හොරු කසිප්පු හොයන්න කැබින්ට් ලාච්චුව ඇරලා එකේ තිබු රු.36,000-කට විදිලා යයි.

කසිප්පු ගඳ එනවා කියමින් ගෙට රිංගු බදුරලිය පොලීසියේ ස්ථානාධිපති ඇතු`ථ පොලිස්කාරයෝ හය දෙනෙක් නිවස තුල යකා නටා කැබිනට් ලාච්චුවේ තිබු රු- 36,000/සොරකම් කරගෙන යන ලද පුවතකි මේ.

සිද්ධිය අදාලව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, මානව හිමිකම් කොමිෂන් සභාව සහ ක`ඵතර-ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත, බදුරලිය, මෝල්කාවේ පදිංචි 24 හැවරිදි දෙදරු මවක් වන අනෝජා චාන්දනී මහත්මිය කරන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ.

2013.07.27 දිනදහවල් 1.00 ට පමණමා, මාගේ අවු: 04 යි, අවු: 01 යි වන දරුවන් දෙන්නාවකාමරයේ ඇඳ මත තබාගෙන සිටියා. පොඩි දරුවාට කිරි දෙමින් සිටියේ.

එක පාරටම, දෙන්නෙක් කාමරය ඇතුළට ආවා. එසේ ආවේ බදුරලිය පොලීසියේ ස්ථානාධිපති හා කිත්සිරි කියන නිලධාරියා. ඔවුන් සිටියේ සිවිල් ඇඳුමින්.

ආව ගමන් මහත්තයයා කෝ කියාකිත්සිරි කියන නිලධාරියා මගෙන් ඇහැව්වා. මම ඔහු වැඩට ගිහිල්ලා යැයි කිව්වා. කිත්සිරි කිව්වා ගේ ඇතුලේ කසිප්පු ගඳයි කියලා. මට කිව්වා ළමයාව අරන් ඇඳෙන් බහින්න කියලා. මම ඇඳෙන් බැස්සා ළමයා අරන්. කිත්සිරි නැමැති නිලධාරියා ඇඳේ කොට්ට හතර හා මෙට්ටය බිමට ඇදලා දැම්මා. ඊළඟට ඇඳුම් රාක්කයේ තිබූ රෙදි ඇදලා දැම්මා. ස්ථානාධිපති මට කිව්වා, අල්මාරිය අරින්න කියලා. කිත්සිරි කියන නිලධාරියා අල්මාරියේ තිබූ ඇඳුම් එහාට මෙහාට ඇදලා බැලූවා. මට කිව්වා අල්මාරියේ ලාච්චුව අරින්න යැයි කියා. මම ලාච්චුව ඇරියා. එ්ක ඇතුලේ තිබූ දේවල් කිත්සිරි කියන නිලධාරියා අවුස්සා බැලූවා.  ඊළඟට කාමරයෙන් සාලයට ආවා. මම ළමයා ඇඳ උඩ තියලා ඔවුන් පිටුපස සාලයට ආවා.

කිත්සිරි කියන නිලධාරියා සාලයේ තිබූ කැබිනට් එක ළඟට ගිහිල්ලා, එහි උඩ තිබූ යතුරු කැරැල්ල අරන්      
ලාච්චුවේ යතුර කෝකද කියා මගෙන් ඇහැව්වා. මම යතුර පෙන්නුවා. කිත්සිරි ලාච්චුව ඇරියා. ළමයා අඬන්න පටන් ගත්ත නිසා මම යලිත් කාමරයට ගියා. මම ළමයා අරන් සාලයට එන විටම කිත්සිරි කියන නිලධාරියා කැබිනට් එකේ ලාච්චුව වහලා යතුරු කැරැල්ල කැබිනට් එක උඩට දැම්මා. ඊළඟට කෑම මේසයේ තිබූ රෙද්ද ඇදලා උස්සලා බැලූවා.

එයින් පසුව කුස්සියට ගියා. කුස්සියද අවුස්සා බැලූවා. පෝරණුව අස්සෙ බැලූවා. කිත්සිරි යන නිලධාරියා පෝරණුව උඩට නැගලා, බිත්ති උඩ එහාට මෙහාට ගියා.

ඊට පස්සේ බිමට බැහැලා සාලයේ පුටු සෙටියේ කුෂන් ගලවා දැම්මා. නැවත වරක් කාමරයට ගිහිල්ලා මේසය ඇදලා බැලූවා. බලන ගමන් කිත්සිරි කිව්වා මේ හරියේ තමයි කසිප්පු ගඳ එන්නේ කියලා. නැවත අල්මාරිය අරින්න කියා ස්ථානාධිපති කිව්වා. මම අල්මාරිය ඇරලා දුන්නා. චින්තක කියන නිලධාරියා එවර අල්මාරියේ රෙදි සියල්ලම අවුස්සමින් පරීක්ෂා කළා. ලාච්චු අරින්න කිව්වා. එයද ඇරියා. එයද චින්තක කියන නිලධාරියා පරීක්ෂා කළා. 

එයින් පසුව මේ පිරිස ගෙයින්  එළියට ගොස්, එහාට මෙහාට ඇවිද යන්න ගියා. පොලිස් නිලධාරීන් හයදෙනෙක් සිටියා. ස්ථානාධිපති, කිත්සිරි හා චින්තක යන නිලධාරීන්ගේ නම් පමණයි දන්නේ. අනෙක් තුන්දෙනාව දැක්කොත් අඳුරන්න පුලූවන්.

පස්වරු 6.30 ට පමණ, මගේ සැමියා වන මනෝජ් වසන්ත, තවත් අයෙක් සමග නිවසට ආවා. කැබිනට්ටුවේ ලාච්චුව ඇරමගෙන් ඇහැව්වා මේකේ තිබුන සල්ලි කෝ කියලා. මම එවිට තමයි කිව්වේ පොලීසියෙන් ඇවිත්නිවස පරීක්ෂා කරලා ගියාකැබිනට් එකදඑහි ලාච්චුද ඇවිස්සුවා කියා. කැබිනට් ලාච්චුවේ රු: 36,000රැුු කමුදලක් තිබුනා. එය පොලිස් නිලධාරීන් රැුගෙන ගිය බව දැන ගත්තා.

මම එ් වෙලාවේමපොලිස් මූලස්ථානයේ 0112421111 අංකයටකතා කරලා කිව්වා. දුරකතන පනිවිඩය ගත්ත නිලධාරියා කිව්වේ හොයලා බලලා කතා කරන්නම් කියා. දුරකතන අංකය ඉල්ලා ගත්තා. නමුත් ආපසු කතා කළේ නැහැ.

පසුවදා, (28 දා* උදේ 7.00 ටපමණ. බදුරලිය පොලීසියෙන් දෙන්නෙක් ආවා. ඔවුන් දෙන්නා හිටියේ සිවිල් ඇඳුමින්. එක් අයෙක් දුමින්ද යන නිලධාරියා. අනෙක් අයගේ නම දන්නේ නැහැ. දෙන්නාගේම අතේ පිස්තෝල තිබුනා. ඔවුන් මගෙන් මහත්තයා කෝ කියලා ඇහැව්වා. මම කිව්වා වැඩට ගියා කියලා. මට කිව්වා ඉස්සරහ ‍ෙදාර අරින්න කියලා. මම ෙදාර ඇරියා. ඔවුන් ගේ තුළට ආවා. ඔවුන් කාමරය බලා එළියට ගියා. එලියේ හිටියා ග‍්‍රාමාරක්ෂක දෙන්නෙකුත්, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත්. විනාඩි පහක් පමණ මිදුලේ සිට යන්න ගියා.

2013 ජූලි 06 වන දින රාත‍්‍රී 7.00 ට පමණ ආරවුලක් සම්බන්ධයෙන් මගේ සැමියාව හා තවත් අයෙක්ව අත්අඩංගුවට ගෙන බදුරලිය පොලීසියේ රඳවා තබා ගත්තා. පසු දින (07) සවස 6.00 ට පමණ මට ස්ථානාධිපති එන්න කිව්වා. ඇප කොලයක් ගෙනත් අත්සන් කරන්න කියා. මම පොලීසියේ කැන්ටිමෙන් රු:10.00 ක් දීලා ඇප කොලයක් ගෙනත් දුන්නා. එ් කොලේ පුරවා අත්සන් ගත්තා. නමුත් ඇප දුන්නේ නැහැ. හෙට (08) උදේ 8.00 ට එන්න කිව්වා.

මම පසුදින උදේ 8.00 ට පොලීසියට ගියා. එදින 10.00 ට ඇප දෙන බවත් කිව්වා. තවත් ඇප කොලයක් ගෙන්වාගෙන අත්සන් ගෙන ඇප දුන්නා. 2013 අපේ‍්‍රල් 12 දින උසාවියට එන්න කිව්වා.

නමුත් එදිනට යන්න බැරි උනා. ඔහුට වරෙන්තු වී තිබුනා. 2013.07.19 වන දින අධිකරණයට ඉදිරිපත් වීවරෙන්තුව ඉවත් කර ගත්තා. එදින දැන ගත්තා ගෝඩා බැරල් එකකට නඩු දාලා බව.

මෙසේ පොලීසිය දාපු බොරු නඩුවට නිවැරදි කරු කීම නිසා මෙසේ හිරිහැර කරන බව මම ප‍්‍රකාශ කරමි.

බදුරලිය පොලීසියේ ස්ථානාධිපති, කිත්සිරි, චින්තක යන පොලිස් නිලධාරීන් 2013.07. 27 වන දින ගේ ෙදාර සෝදිසි කරම්න් තමාව හා කිරි දරුවන් දෙදෙනා බිය වද්දා භීත්යට පත් කොට රු: 36,000/- කමුදලක් පැහැර ගැනීමට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට ඇය වැඩි දුරටත් ඉල්ලා සිටි.

Sunday, July 28, 2013

නීතිය මත පාලනයක් ගොඩ නැගීමට කඩතුරා බිඳහෙලමු.

අප රටේ ”නීතිය” තියෙනවා. නැත්තේ නීතිය මත පාලනය. නීතිය මත පාලනය නොමැති තැන - 
 ”නීතිය” වල් වදිනවා. එක් එක් පුද්ගලයාට අවශ්‍ය ආකාරයට ”නීතිය” භාවිතයට ගන්නවා.
”නීතිය මත පාලනය” බිඳ වැටුණු තැනක ”නීතිය” විගඩමක් බවට පත් වෙනවා. පු`ඵවන් අය තමන්ට අවශ්‍ය විදිහට ”නීතිය” හසුරුවනවා. ”නීතිය” ප‍්‍රයෝජනයට ගන්නවා.
නීතිය මත පාලනය බිඳ වැටුණු තැනක ”නීතියෙන්” පීඩාවට පත්වෙන්නේ අසරණයෝ ය.
”අසරණ”කම සාපේක්ෂ කාරණාවක්. එ් නිසා ”අද බලවතා” තව මොහොතකින් ”අසරණයෙකු” බවට පත්වෙනවා.
”නීතිය මත පාලනය” ඇති කිරීමට හැකිවන්නේ ප‍්‍රබල ජනමතයක් මගින්. ”නීතිය මත පාලනය” සිද්ධාන්තිකව, .....විස්තර කරන්නට, තේරුම් කරන්නට පුලූවන්. නමුත් අවබෝධ වෙන්නේ නැහැ. ”මෙය පවතින තත්ත්වයක් ”.
තවමත් මෙම තත්ත්වයෙන් වැඩි දෙනෙකුට ලාබ ප‍්‍රයෝජන ගන්න පු`ඵවන්. එ් නිසා වෙනසක් අවශ්‍ය නැහැ.
තවත් සමහරෙකුට මෙ තත්ත්වය පිළිබඳව අවබෝධයක් නැහැ. නමුත් ඔවුන් පීඩාවට පත්වෙන බව නම් දන්නවා. එ් නිසා පසු වෙන්නේ භියෙන්, සැකයෙන්.
අපගේ උත්සාහය ”නීතිය මත පාලනය” ඇති කරන්නට.
එ් සඳහා නිරන්තරයෙන් අසරණ බවට පවත්වන පිරිස් බලගන්වන්නට අදහස් කරන්නේ මෙම තත්ත්වය තළ ”නීතිය” තමන්ට එරෙහි වන විට එයට ”නීත්‍යානුකූලව ම” මුහුණ දෙන්නට හැකියාව ලබාදීම, දිරි ගැන්වීම, පෙරමුණ ගැන්වීම තුළිනි. මෙහිදී අප මුහුණදෙන ප‍්‍රධානතම අභියෝගය මිත්‍යාව දුරලීම හා මංමුලා කිරිම වැළැක්වීමය.
 ”ජනසංසදය” අත් දැකීම් පාදක කරගෙන ”නීතිය මත පාලනය” බිඳ වැටීම නිසා අසරණ වීමට සෘජුව මුහුණ දීමට ප‍්‍රායෝගිකව කළ යුතු දේ හඳුන්වා දීමකි ,
නීතිය මත පාලනයක් ගොඩ නැගීමට කඩතුරා බිඳහෙලමු
ප‍්‍රකාශණය. පොලීසිය, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොදුවේ සියලූ රාජ්‍ය ආයතන, මණ්ඩල, කොමිෂන් සභාවන් සහ ව්‍යවස්ථාපිත ආයතන සමග ගණුදෙනුව කෙසේ සිදුවිය යුතුද? උදාහරණ සහිතව විස්තර කරන මෙම ප‍්‍රකාශණය මිළ රු400/කි. 

විමසිම් +94 38 22 35191.

Saturday, July 27, 2013

Tutu says he cannot worship 'homophobic' God.

South African peace icon Desmond Tutu has said he would rather go to hell than worship a homophobic God, likening the fight against gay prejudice to the anti-apartheid struggle.
Tutu made the comments on Friday at the launch of a United Nations gay equality campaign in Cape Town.
"I would refuse to go to a homophobic heaven. No, I would say sorry, I mean I would much rather go to the other place," the retired archbishop said.
"I would not worship a God who is homophobic and that is how deeply I feel about this," he said, condemning the use of religious justification for anti-gay prejudice.
Launched by the UN Human Rights Office, the public education campaign "Free and Equal" aims to raise awareness of anti-gay violence and discrimination.
Tutu, a Nobel laureate, compared the project to the fight South Africans waged to end the former white racist minority rule, a struggle in which he played a pivotal role.
"I am as passionate about this campaign as I ever was about apartheid. For me, it is at the same level," the 81-year-old said.
Navi Pillay, head of the UN rights agency and herself South African, said same-sex relationships were illegal in more than a third of countries around the world and punishable by death in five.

'Worst cases' 
Even in countries where gay rights are upheld challenges remain, she said, noting that South Africa has "some of the worst cases of homophobic violence" despite having some of the world's best legal protections.
The country has seen brutal, deadly attacks on lesbians, who also risk falling victim to what is known as "corrective rape", which involves sexual assaults by men who claim they can change their victims' sexual orientation to heterosexuality.
A South African lesbian was last month found dead, having been sexually assaulted with a toilet brush.
"People are literally paying for their love with their lives," said Pillay.
The campaign, which aims to push for legal reforms and public education against homophobia, will have a strong focus on working with governments.
"I constantly hear governments tell me 'but this is our culture, our tradition and we can't change it'... So we have lots of work to do," said Pillay.

Friday, July 26, 2013

Syrian death toll more than 100,000 - UN

UN General secretary Mr. Ban ki Moon says that nearly 100,000 people have died due to the Syrian conflict.
Meanwhile, a UN report has depicted that nearly 100,000 people had died from the conflict in the month of March alone. Mr. Ban Ki Moon has discussed about this situation with the US secretary of state Mr. John Kerry.
It is reported that they had discussed about designing a political solution for Syrian crisis.
Mr. Moon says that the death toll off the record would be more than 100,000.
UN also says that the amount of displaced personal who had fled Syria due to the fighting and living in neighbouring countries is about 1.7 Million.

Wednesday, July 24, 2013

නඩුත් හමුමරුවන්ගේ – බඩුත් හමුමරුවන්ගෙ

සිංහලයින්ගේ ඉතිහාසය අයුක්තිය හා අසාධාරණයේ ඉතිහාසයක්. නඩු විසඳුනේ බල පුැථවන් කාර කමට. නඩුත් හමුමරුවන්ගේ – බඩුත් හමුමරුවන්ගේ යයි ගැඨයෝ කිතෙත කට කහනවාට නම් වෙන්න බෑ.
නිවිතිගල, සුමන කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගනිද්ම් රංටත් කුමාරගේ නාස් පොල්ල කැඩෙන් ගැහැතෙත එ් ඉස්කොලේ ගුරුවරයෙක්. සමන් ඉද්දමල්ගොඩ. සිද්ඟය වුනේ 2005 ඔක්තොම්බධී මස 19දා. 2013 ම් නඩුව අහන්න පටන් ගන්නවා. අඟකරණයේ ම් ඔවුන් මුහණ දෙන්නේ අහස පොවව ගැටෙන ප‍්‍රශ්ණ වලට.
රංටත් කුමාරගේ මව  එ්.කුසුමලතා,  මේ අඨහි් සිමනම් ගැන අගවිනිසුරු හා අඟකරණ සේවා කොඨසමට ලියනවා.

එ්.කුසුමලතා,
ගාල්ලගේ මණ්එය,
නිවිතිගල.
2013.07.23

ගරු මොහාන් පී්ස් මැතිතුමා
ගරු අගරවිනිශ්චයකාර තුමා,
අගවිනිසුරු නිල නිවස,
උප්මාඟකරණ සංකීධීණය,
කොවඹ 12.

ගරු අගරවිනිශ්චයකාර තුමනි,

රත්නපුර මහේස්තරාත් අඟකරණය - නඩු අංක 86611 -ගරු මහේස්තරාත්තුමා විසින් සිමකරන අයුතු බලපෑම් නතර කර, යුක්තිය ඉටු කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.
01. ෙදාලබඩ කංකානමලාගේ රංටත් කුමාර ගාල්ලගේ මාගේ පුතා ෙත.
02. 2005 ඔක්තොම්බධී මස 19 වෙනි ම්න, වයස අවුරුම 12ක් වූ මාගේ පුතාට, නිවතිගල රාසුමන
   
කනිෂ්ඨ විද්යාලයේ ගරුවරයෙකුවූ ඉද්දමල්ගොඩ හේවගේ සමන් ඉද්දමල්ගොඩ විසින් පහරච්
   
බරපතල තුවාල සිමකරන ලම්.
03. මෙම පහරච්ම නිසා, මාගේ පුතාගේ නාස් පොල්ල කැඋ ගිය අතර, ශෛල් කධීමයකට
    
භාජනය කරනු ලැබීය. තවත් ඉම්්යට තව ශෛල් කධීමයකට භාජනය කලයුතුව තිෙජ.
04. මෙම බරපතල තුවාල සිමකල පහරච්ම අදාලව, නිවිතිගල රත්නපුර මහේස්තරාත් අඟකරණ
    
නඩුවක් ගොනු කරන ලම්.
05. අඟකරණය එය - සමථ මණ්ඩලට යොමු කරනු ලැබීය. සමථ මණ්ඩලයේච් සමථයක් නොවූ
    
නිසා, එය නැවත ගරු මහේස්තරාත් අඟකරණයට යොමු කරනු ලැබීය.
06.එ් අවස්ථාෙත, නිවිතිගල පොලිසිය, මෙම නඩුව අදාලව නීතිපති උපදෙස් පතනු ලැබීය.
07. ගරු අගරවිනිශ්චයකාරතුමා, ඔහුගේ 2012 ජනවා් 11 ම්න සහ ක්යරැුක්4රැු6532006 දරන
    
ලිපියෙන්, නඩු පැවරිම සැදහා උපදෙස් දෙනු ලැබීය.
08. එකී උපදෙස්වලට අනුකූලව, නිවිතිගල පොලිසිය - 2012.07.10 ම්න, නඩු අංක 86611 යටතේ,
    
අතින් පහරච් බරපතල තුවාල සිම කිරිම යන චෝදනාව යටතේ, ඉද්දමල්ගොඩ හේවගේ
    
සමන් ඉද්දමල්ගොඩට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබීය.
09. එ් අනුව - 2013.02.05 වන ම්න පැවති නඩු වාරයේච් - මාගේ පුතා අසනීපයෙන් සිඉ නිසා,
    
ඔහුට අඟකරණයට යෑමට නාහැකි විය. එ් වෙනුවට පුතාගේ පියා නඩුවට ඉම්්පත් වන ලම්.
    නඩුව කැෑවූ අවස්ථාෙතච් - විත්ති පක්ෂය විසින් සමාදානයකට කතාකර තිෙජ. අඟකරණය එ්
   
පිලිබෑව විමසීමේච් ලක්ෂ 3 වන්ම් මුදලක් ඔහු යෝජනා කර තිෙජ.
    චූම්ත එයට එකූ නොමැත. එම්න අඟකරණය - පැඨණිල්ලේ 07 වන සාක්ෂිකරුවන 
   
අඟකරණ වෛද් නිලධාරි වෛද් - එඹි..එන්.එස්.කේ.ම්සානායක මහතාට අඟකරණ වෛද්
   
නිලධාරි වාධීතාව ඉම්්පත් කිරිමට සිතාසි නිකුත් කිරිමට නියම කර තිෙජ.
    තවද - නඩුෙත අංක වෙනස් කරඨන් සෑහන්ව ඇති බැවින්, නිවැරම් නඩු අංකය වාධීතා
   
කිරිමටද, නීතිපති උපදෙස් ලිපියේ මුල් පිටපත සොයා ඉම්්පත් කිරිමටද, රෙටස්තරාත්ට නියම
   
කර තිෙජ.
    ණලූ නඩු ම්නය 21.05.2013 බව රකාශ කරන ලම්.
10. 2013.05.21 වන ම්න මාගේ පුතා සහා මා නඩුවට ඉම්්පත් විය.
    ගරු මහේස්තරාත්තුමා පුතාගෙන් ඇසුවා බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියා. එ්
   
අවස්ථාෙත, චූම්ත වෙනුවෙන් ඉම්්පත්ව සිඉ නීතිහවරයා අඟකරණයට කියා සිඉයා - අප
   
රුපියල් ලක්ෂ තුනක් වන්ම් වශයෙන් බලාපොරොත්තු වන බව.
    එවිට, ගරු මහේස්තරාත් තුමා රකාශ කලා, රු: 25,000ාළක මුදලක් දෙන්නම්, ඉන් එහා සත
   
පහක් වත් දෙන්නේ නැහැ කියා.
    ඉන්පසු පුතාගෙන් ඇසුවා මොනවාද බලාපොරොත්තු වන්නේ කියා. පුතා කිතවා අම්මාගෙන්
   
අහන්නේ නැතිව කියන්න බැහැ කියා.
    එවිට, එම ස්ථානයේ සිඉ පොලිස් නිලධාරිවරයා අම්මාගෙන් නෙවෙයි අහන්නේ, පුතාගෙන්
   
කියා. පැවසුවා. මම නිහරූ වුනා.
    නඩුව පසුවට ගන්නා බව කිතවා. පැයකට පමණ පසුව නඩුව යලිත් කැෙෑතවා.
    පුතාගෙන් විමසුවා, කීයක්ද බලාපොරොත්තු වන්නේ කියා. එවිට චූම්තගේ නීතිහවරයා රකාශ
   
කලා බලාපොරොත්තු වෙන්නේ රුපියල් ලක්ෂ තුනක් කියා.
    එවිට ගරු මහේස්තරාත්තුමා රකාශ කලා - අපිත් ඉස්කෝලේ යනකොට ගුඉකෑවා, සධී ගැහුවට
   
ඔඹිචර ගණන් ගන්න දෙයක් නෑනේ කියා. ඊට පසුව, වෛද් වාධීතා ඉම්්පත් කරන්න කිතවා.
ගරු අගරවිනිශ්චයකාරතුමනි,
2005.10.19 ම්න සිම කරනු ලැබූ අපරාධය සම්බන්ධව නඩු විභාගය 2013.05.21 වන ම්න නඩුවාරයේච් සිමවූ කරුණු සත් ලෙසට ඉම්්පත් කෙව් - යුක්තිය ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙනි.
මාගේ පුතා, පහරච්මෙන් නාස් පොල්ල කැඋ ම්න 10ක් රෝහල්ගතව රතිකාර ලබාගත් අතර, ශෛල්යකධීමයකට භාජනය කලා. නැවත ශෛල්යකධීමයක් කල යුතුව තිෙජ. එයින් අනතුරුව වසර 2ක් පුරා සායනයට ගොස් රතිකාර ගන්නා ලම්.
මාගේ පුතාව, රත්නපුර මහා රෝහලේ රතිකාර ලබාගනිද්ච්, ඔහුව පරික්ෂා කරන ලද අඟකරණ වෛද් නිලධාරි වෛද් එඹි..එන්.එස්.කේ.ම්සානායක මහතා තවමත් එම රෝහලේ සේවය කරන අතර, එ් මහතා විසින් මානව හිඨකම් කොඨෂන් සභාවට ඉම්්පත් කරන ලද අඟකරණ වෛද් වාධීතාෙත පිටපතක් මා ලබාගෙන තිෙජ. එය මේ සමග ඉම්්පත් කරඨ.
මා මාගේ පුතා වෙනුවෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිඉන්නේ, වසර 08කට ආසන්න මෙම සිද්ඟය අදාලව, යුක්තිය ඉටු කරන ලෙසටයි.

.කාඑ්.කුසුමලතා,
පිටපත
1.
ගරු ලේකම්
අඟකරණ සේවා කොඨෂන් සභාව