Tuesday, March 12, 2019

පොලිසිය- උසාවිය රවටලා. අපරාධයක් කරලා. පොලිස් කාරයින්ට වන්දි. ASP ට හා SP ට කණගාටුව. දෙපාරක් අහපු නඩුව




31 හැවැරිදි වසන්තව මොරොන්තුඩුව පොලීසිය ඩැහැගත්තේ අවුරුද්දට කිරිබත් ටික කාලා ඉවර වුණ ගමන්.  ඒ ඔහු වැඩ කරන කර්මාන්තශාලාව තුළදී. ප්‍රකාශයක් ගන්නට පානදුර පොලිසියට ගෙන යන බව කර්මාන්තශාලාවට දැනුම්දී.

ඔහුව ගෙන ගියේ මොරොන්තුඩුව පොලිසියට. එහි ස්ථානාධිපති ලියනාරච්චි නැමැති නිලධාරියා ගේ නීති විරෝධී ක්‍රියාවට හවුල් කර ගත්තේ ඒ පොලිසියේ 82255, 82255, 82306, 83934 හා නන්දන නැමැති සැරයන්ව. ජනවාරි පළවෙනිදා සිට මොරොන්තුඩුව පොලීසිය තියාගෙන ජනවාරි 4වෙනිදා පානදුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළේ ගංජා ග්‍රෑම් 500 ක යතුරුපැදියකින් ගෙනියන අතර බවට "බි" වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරලා.

වසන්තව අත්අඩංගුවට ගත්තේ ජනවාරි 1 බවට ඉතා පැහැදිලි ලිඛිත සාක්ෂි තිබුනත් ඇප දීමට බලයක් මහෙසසත්‍රාත් වරයාට තිබුණේ නැ.  ඒ අන්ත්‍රාදායක ඖෂධ ආඥා පනත යටතේ තිබෙන විධින විධිවිධාන වලට අනුව. උසාවිය ලියනආරච්චි නිලධාරියාගේ බොරුව ගැන හොයලා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා උසාවිය පානදුර සහකාර පොලිස් අධිකාරී අධිකාරිවරයාවු අබේරත්න දිසානායකට නියෝග කළා මුත් ඔහු ඒ නියෝගය ක්‍රියාත්මක කළේ නැහැ. උසාවිය මගහැර 2011 පෙබරවාරි 25 වැනිදා ඔහු උසාවියට කියනවා "වසන්ත" කියන්නේ ඇත්ත බව.
ඒ අනුව මාස 02කුත් දින 7ක් රිමාන්ඩ් බාරයේ හිටිය වසන්තව මහේස්ත්‍රාත්වරයා මුදාහරින්නට නියම කරනවා. වසන්ත හා ඔහුගේ පියා වූ ඤාණතිලක මැදිහත්වීම යටතේ තමාට සිදු කළ අපරාධය ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරනවා. කොමිසම් සභාව මොරොන්තුඩුව පොලිසියේ ලියනාරච්චි ගෙන් ඒ ගැන විමසනවා. මානව හිමිකම් කොමිෂන් සභාවට ලියනාරච්චි කියන්නේ නැවතත් "වසන්තට" විරුද්ධව නඩු පවරන්න කටයුතු කරගෙන යන බව. ලියනආරච්චිගේ කීමට මානව හිමිකම් කොමිෂන් සභාව "වසන්තගේ" පැමිණිල්ල බහා තබනවා.  ඊට පස්සේ වසන්ත හා පියා ඤාණතිලක ගේ දැඩි උනන්දුව මත ජනසංසදය හා එක්ව ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන්න පියවර ගන්නවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ වසන්තගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට ප්‍රකාශයක් කරන ලෙස හා සහන සලසන ලෙසට ඉල්ලා.
නඩුව ඉදිරියට ගෙන යන්න අවසර ලැබෙනවා. නඩුව විභාහයෙන් පස්සේ තීන්දුවට තබනවා. නමුත් තීන්දුව ලැබෙන්නේ නැහැ. ඒ ගැන සොයා බලන කොට දැනගන්න හම්බ වෙනවා තින්දුව ලියන්න බාරගත්තු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයා විශ්‍රාම අරගෙන ගිහිල්ල බව. ඒ අතරම දැනගන්නට ලැබෙනවා වසන්තගේ නඩුවට අදාළ නඩු නඩු වාර්තාව අස්ථානගත වෙලා කියලා. මේ ගැන වසන්ත ‍ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් වරයාට ලිඛිතව කරුණු දක්වනවා. ඉන්පසු නඩුව නැවත 2018.12.12 නඩුව දෙවන පාරට විභාගයට ගන්නවා.  පසුගියදා ඒ කියන්නේ 2019-03-07 මේ නඩුවේ තීන්දුව ලබා දෙනවා.
සිය තින්දුවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා පොලිසිය කරලා තියෙන  මේ අපරාධය ගැන වගකිවයුතු නිලධාරීන් වන පානදුර සහකාර පොලිස් අධිකාරීවරයා හා පොලිස් අධිකාරීවරයා මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පියවර අරගෙන නැති බව.  ්‍රේෂ්ඨාධිකරණය මේ ගැන දැඩිව දෝෂාරෝපණය කරලා කියනවා එත් දඬුවම් කරන්නේ නැති බව.
ලියනාරච්චි ඇතුළු පොලිස්කාරයින්ට විරුද්ධව විනය පියවර ගන්න කියලා නියම කරනවා. ඒ ගැන වාර්තාවක් මාස තුනක් ඇතුළත උසාවියට ගෙනත් දෙන්නට ඕන බවටද නියම කරනවා.
උසාවියේ නියම කරනවා වසන්තට වන්දි ගෙවන්න කියලා. ලියනාරච්චි රුපියල් 50,000 ක් ද, අත්අඩංගුවට ගන්න එකතු වූ පොලිස්කාරයින් වන 82255, 82306, 83934 හා පොලිස් සැරයන් නන්දන- රුපියල් 35000 බැගින් ගෙවන්නට ද‍, ඊට අමතරව රජයට රුපියල් 40,000 ක ගෙවන්න කියලා ද නියම කරනවා.

ප්‍රශ්න ගණනාවක් තියෙනවා පොලිසියේ මේ කරන අපරාධ නවත්තන්නේ නැත්තේ ඇයි? මේ ගැන සමාජය කතා නොකරන්නෙ ඇයි?
පසුගිය කාලය තුල පොලිස් අපරාධකරුවන්ට විරුද්ධව වන්දි නියම කරලා තියෙනවා. රජයටත් වන්දි නයම කරලා තියෙනවා.  නමුත් පොලිසිය අපරාධ නවත්තන්නෙ නෑ.
ඇයි "සිවිල් සමාජය" කියලා ලේබල් ගසාගෙන ඉන්න අයට මේක ගණන් ගත යුතු ප්‍රශ්නයක් නෙවෙන නිසාද?

විඩියෝව-


S.C. (FR) Application No. 598/2011 නඩු තින්දුව

http://www.janasansadaya.org/page.php?id=649&lang=en




No comments:

Post a Comment