Friday, March 8, 2019

අතට ගත්තු බත්පත කන්නට නොදී කුදලාගෙන ගොස් සිහි නැති කර, ඇඟිලි සලකුනු අරන් උසාවි දමයි.



ජනාධිපති සිරිසේන උදේ හිටන් රෑ වෙන තුරු දෙසාබාන කිසිප්පු මැඩලීමේ රඟ---  උදාහරණයකි මේ.
බදුරලිය පොලිස් වසමේ, මෝල්කාවේ උඩුවන අතුකෝරලාගේ දොන් ජයසේන විසින් ජනාධිපති, පොලිස්පති හා මානව හිමිකම් කොමිෂමට කරන ලද ලිඛිත පැමිණිලි පහත දැක්වේ.

මානව හිමිකම් කොමිෂන් සභාවට සහා පොලිස්පති වෙත කරන ලද ලිඛිත පැමිණිල :-                 
   
නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන මානසික වධ හිංසාවට පත්කර, ව්‍යාජ නඩුවක් පැවරූ, බදුරලිය පොලීසියේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට කරනු ලබන ඉල්ලීම.

දොන් ජයසේන. අවු: 71 යි, විවාහක, දරුවන් 04 යි, ගොවිතැන. මෝල්කාව. 

2019.03.06 වන දින, දහවල් 11.30 ට පමණ, මා හා බිරිඳ තේ ද`ඵ නෙලා ගෙදර ආවා. මා, ගෙදර ඇවිත් බත් කමින් සිටියා.

එසේ ඉන්න විට, යතුරුපැදියකින් දෙන්නෙක් ගේ දොරකඩ ළඟටම ආවා. එක් අයෙක් ගේ පිටිපස්සෙන් ඇවිත් ගෙට ඇතු`ඵ වුනා. 

මාගේ බිරිඳ කව්ද ගෙට එන්නේ කියා අහනකොට, ඇයට කුණු හරුප කියමින් බැන වැදුනා.

අනෙක් කෙනා ඉස්සරහ fදාර අරින්න අගුල කැරකුවා. මා ගොස් fදාර ඇරියා.

ඉන්පසු ඒ දෙන්නා අපි පොලීසියෙන් කියා ගේ හැම තැනම සෝදිස්සි කළා. ඉන්පසු මට, ඇඳුමක් දාගනින් අපි එක්ක යන්න යැයි කිව්වා. මට කකා හිටපු බත් පිඟාන කාලා ඉවර කරන්න දුන්නේ නැහැ. 

මාව ඔවුන් පැමිනි යතුරුපැදියේ මැද තියාගෙන කි.මී. 5 ක් විතර ගියා. 

එසේ යන විට, ඉදිරියට පොලිස් ජීප් රථය පැමිණියා. එය නවත්වා මට ඒකෙ නගින්න කිව්වා. මම නැග්ගා. මාව එසේ ගෙන එන අතර, මෝල්කාව බදුරලිය පාරේ, දියලගොඩ ඇල කියන හරියේදී, ජීප් එක නවත්වා, එතැනට ගෙන ආපු පොඩි ගෑස් සිලින්ඩරයක් හා හිස් බැරලයක් ජීප් රථයට දාගත්තා. 

ඉන්පසු මාව බදුරලිය පොලීසියට ගෙන ආවා. ජීප් රථයෙන් එන විට මට, රුධිර පීඩනය වැඩි වී, දැඩි අසීරු තත්ත්වයට පත්වුනා. 

පොලීසියේදී පැයක් විතර වාඩි වී සිටියා. ඊට පස්සෙ ඇතුලේ කාමරයට ගෙන ගිහිල්ලා මට කොළයක් දුන්නා අත්සන් කරන්න. මම ප්‍රතික්ෂේප කළා. එවිට ඔහු මාගේ ඔලුවට ගැහුවා. ඒ පාරට මාව වැටුනා. මට සිහිය එන විට, මාගේ මූණට වතුර දාලා තිබුනා. 

ඉන්පසු මාගේ පුතාව ගෙන්වා, විස්තර ඇහුවා. පුතා කිව්වා, මට අධි රුධිර පීඩනය තියෙනවා, බෙහෙත් ගන්නවා කියා. 

එවිට, පොලීසියේ නවත්වා තිබූ, 1990 සුව සැරිය ගිලන් රථයෙන් මාව, බදුරලිය රෝහලට ගෙන ගියා. 

එසේ ගෙන යන විට, 1990 සුවසැරියෙන් මාගේ ඇඟිළි සළකුණු ගන්න හදන විට, මා දැක්කා මාගේ ඇඟිළි සලකුණ පොලීසියේදී අරන් තියෙන බව.

බදුරලිය රෝහලේදී මාගේ රුධිර පීඩනය වැඩි වෙලා බව කියා, මාව නවත්වා ගත්තා. 

මා රෝහලේ ඉන්න කොට, ඇඳිරි වැටෙන්න කිට්ටු වෙන විට, පොලීසියේ දෙන්නෙක් ආවා. ඔවුන් ඒ වෙලාවේ හිටියෙත් සිවිල් පිට. එක් අයෙක් කොස්තාපල් ක්‍රිෂාන් බව මා හඳුනා ගත්තා.

ඔවුන් රෝහලේදී ඇඟිලි සලකුනු ගත්තා. මට 2019.03.15 උසාවියේ පෙනී සිටින්න යැයි කිව්වා. චෝදනාව කිව්වේ නැහැ. 

රාත්‍රියේ 8.30 ට පමණ ටිකට් කපාගෙන ගෙදර ගියා. දැනටත් මගේ ඔලුව රිදෙනවා. 

මා ඉල්ලා සිටින්නේ,

මු`ඵ ජීවිත කාලයටම කිසිදු නීති විරෝධී කටයුත්තක නියැලී නැති මා, 

නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන මානසික වධ හිංසාවට පත්කර, ව්‍යාජ නඩුවක් පැවරූ,

බදුරලිය පොලිසියේ,

(1) ස්ථානාධිපති
(2) පො.කො. ක්‍රිෂාන්
(3) පො.කො. මුණසිංහ හා මට පහර දුන් පොලිස් කොස්තාපල්වරු ඇතු`ඵ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය.
මෙයට,

අ.ක/දොන් ජයසේන

ගරු ජනාධිපත, මෛත්‍රීපාල සිරිසේන මහතා අමතන ලද ලිපිය:- 

ගරු ජනාධිපතිතුමනි

නීති විරෝධී මත්පැන් ජාවාරම මැඩලීමට මුවා වී, නීතිගරුක පුරවැසියන් දඩුයම් නොකරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

ඔබගේ මග පෙන්වීම යටතේ, පොලිස්පතිගේ නියෝග මත, සිදුකරන නීති විරෝධී මත්පැන් මැඩලීම වෙනුවට, පොලීසිය කරන්නේ, නීතිගරුක පුරවැසියන් දඬුවම් කිරීමයි. 

මා, මෙම දඩයමට ගොදුරු වූවෙක් වෙමි.

ඒ හා අදාලව මා විසින්, පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට කරන ලද ලිඛිත පැමිණිල්ල ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරමි.

පොලීසියේ ඉහළ සිට පහලට, සම්බන්ධකම් පවත්වන්නේ, නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් සමගය. එය නොදන්නා කෙනෙක් මේ පුණ්‍ය භූමියේ නැත. ඔබද එය දන්නවා ඇතැයි සිතමි.

මෙම කාරණය අදාල 2019.03.07 දින, SC/FR 598/2011 නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කෙරෙහි ද ඔබගේ අවධානය යොමු කරමි.

මෙයට,

අ.ක/ දොන් ජයසේන









No comments:

Post a Comment