Thursday, March 14, 2019

කපපු ගහකුක් නෑත! නඩු පොතත් නෑත!! ලියන ලියුම් වලට උත්තරත් නෑත!!! මුතූර් උසාවිය ගැන ....................




“මොරටුව බාස්” මහින්ද වාදියෙක් ! 

2015 ජනවාරි 08, ජනාධිපතිවරණ දිනයේදී, සේරුනුවර පොලීසියෙන් ඔහුව අත්අඩංගුවට ගන්නේ ඔහුට ඡන්දය දැමීම වැළැක්වීමට.

ඔහුට දාන චෝදනාව රක්ෂිතයේ, කදුරු ගසක් බලපත්‍රයක් නැතිව කැපීම. නීතිය හොඳින් දන්නා 
“මොරටුව බාස ” මහා එවුන්ගේ බසට යට වෙන්නේ නැතිව, චෝදනා ප්‍රතික්ෂේප කර නඩුවට මුහුණ දෙන ලැබිය.

2018.01.24 වන දින, “මොරටුව බාස්ව” සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

නඩු භාණ්ඩ හැටියට උසාවියට ඉදිරිපත් කරපු කදුරු ගසක් නැත.

මොරටුව බාස් ගේ ගෙදර තිබූ කියත් නඩු භාණ්ඩ වශයෙන් උසාවියේ දිරනවාය.

ඒවා ගන්න ඔහු, මුතූර් උසාවියෙන් නඩුවේ තීන්දු ප්‍රකාශයක් ගන්න උසාවියට ‘මෝසමක්’ ඉදිරිපත් කළේය.

දැන් කියන්නේ නඩු පොත් උසාවියේ නෑ කියලා.

මේ ගැන උසාවියට කිව්වාම, ඒ ගැන තිරණය කරන්න 2019 අප්‍රේල් 25ට කල් තබන ලදි.

අධිකරණ සේවා කොමිෂමට ගිහිල්ලා කිව්වාම ලිඛිතව දන්වන්න කියලා එහි නිලධාරිනියෙක් කියන ලදි.

ඒ අනුව ඔහු අධිකරණ සේවා කොමිෂමට ලියන ලද ලිපිය සැමගේ දැනගැනීමට පහත දක්වමි.

රට කාලකන්නි කිය කියා ජිනීවා යන්නේ නැතිව, රට පනින්න පාර තනන “සිවිල්” වැසියන්ට “මොරටු බාස්” ආදර්ශයක් වේවා.

සැ.යු. මෙම නඩුවේ “බි” වාර්තා ඇත්තේ සිංහලෙනි. කාර්ය සටහන් ඉංග්‍රිසි හා දෙමළ බසින් ඇත. වාර්තාව ඇත්තේ දෙමළ බසින් ය. මෙම නඩු වාර්තාව සිංහල බසට හරවා ගන්න කොනෙක්  මුතූර් උසාවි බල ප්‍රදේශයේ නැතිලු. පරිවර්තනය සඳහා සල්ලි ගත්තු තෝල්කයා මේ වන විට මාරු වෙලාය.  



අධිකරණ සේවා කොමිෂමටලියන ලද ලිපිය
නම -------------,
ජා.හැ.අ.---------ල
සේරුනුවර.
2019.03.14


ලේකම්,
අධිකරණ සේවා කොමිෂන් සභාව,
අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය,
කොළඹ 12.


නඩු අංක - 31315/2015
මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය

උක්ත නඩුවට අදාල තීන්දුව ඇතුලත් නඩුවේ වාර්තාව - මුතූර් අධිකරණ ලේඛණාගාරයෙන් අතුරුදහන්ව ඇත.

1. 2019 මාර්තු 11 වන දින, මාගේ නීතිඥ ආර්.එච්.නදීශා මදුවන්ති මිය විසින් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට, විවෘත අධිකරණ නඩුව කැඳවන ලෙසට ඉල්ලා, මෝසමක් ඉදිරිපත් කරන ලදි.

02. නමුත් නඩු වාර්තාව සොයා ගැනීමට නොහැකි හෙයින්, පසුදින එනම්, 2019.03.12 දින, උදේම පැමිණෙණ ලෙසට මට, මාගේ නීතිඥ මහත්මිය උපදෙස් දුන්නා.

03. ඒ අනුව, 2019.03.12 දින, මාගේ නීතිඥ මහත්මිය, විවෘත අධිකරණයේ, කරුණු දක්වා, මෝසම ඉදිරිපත් කරන ලදි.

04. ඒ අවස්ථාවේ, ගරු මහේස්ත්‍රාත්තුමා, නඩු වාර්තා සොයා, 2019 අප්‍රේල් 25 දිනට, නඩුව කැඳවන ලෙසට, නියම කරනු ලැබුවා.

මා ඉල්ලා සිටින්නේ, තීන්දුව ප්‍රකාශයට පත්කල, මෙම නඩුවේ වාර්තාව, අධිකරණ ලේඛණාගාරයෙන් අස්ථානගතවීම පිළිබඳව සොයා බලා, අදාල පියවර ගන්නා ලෙසටය.

සැ.යු: 

මෙම නඩුව, 2018.01.24 දින අවසන් විය. මා චෝදනා වලින් නිfදාස් කොට නිදහස් කරනු ලැබීය. 2018 මාර්තු 24, නඩුවේ වාර්තාවේ සහතික කරන ලද පිටපත මා හට ලැබින. නමුත් තීන්දුව ප්‍රකාශයට ඇතුලත් කර නොතිබිණ. ඒ බව මා, මුතූර් මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් වෙත 2018.12.03 දාතමින් ලිඛිතව දැනුම් දෙනු ලැබීය. 

නමුත් මේ දක්වාම, පිළිතුරක් නැත.

මෙයට,

අ.ක/ -----------.




No comments:

Post a Comment