Tuesday, July 17, 2018

එල්ලූම් ගහ වෙනුවට කුරුසියේ තියලා ඇන ගහමු !


කාලයෙන් කාලයට, අපේ රටේ දේශපාලකයෝ එල්ලූම් ගහේ එල්ලෙති.

එ් ගොල්ලොත් එක්ක, ආගමික නායකයෝ ද එල්ලෙති. මාධ්‍යය කාරයෝ ද එල්ලූම් ගහේ එල්ලෙති.

අලූගෝසුවන් පත් කරති. ලණු ගෙන්වති. එල්ලූම් ගහේ මකුලූ දැල් කඩති.

ජනාධිපති සිරිසේන ද, මල් වට්ටි උස්සාගෙන පන්සල් යන අතර, තමන්ගේ එවුන්ට කුඩු ජාවාරමේ, ගංජා ජාවාරමේ යෙදෙන්නට ඉඩ දෙමින්, මත් ද්‍රව්‍යය විරෝධී වැඩසටහන්වලට පාසල් දු දරුවන් හවුල් කරගෙන ‘‘මත්ද්‍රව්‍යවලට’’ ප‍්‍රචාරය ලබාදෙති.

මේ සෙල්ලම නතර කරන්නට නොකියා, මත් ද්‍රව්‍යය ජාවාරමට උඩ ගෙඩි දෙමින් සමහර මහා නායකවරු හා අගරදගුරු මැල්කම් රංජිත් ද, එක්ව සිටී.

එල්ලූම් ගහ ගෙනාවේ සුද්දෝය. එය දැනට ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් එකේය. 
එල්ලූම් ගහ මේ වනවිට යල්පැනලා ය. මරන්න  ඕන කුරුසියේ තියලා ඇණ ගහලාය.  එ්ක වඩාත් ඵලදායී වනු ඇත. මැරෙන්නේ ටික ටිකය. මැරෙන හැටි අපට ද බලාගෙන ඉන්නට පු`ථවන.

අප මිනිසුන් මරණවාට විරුද්ධය. මරණ දඬුවම ‘‘දඬුවමක’්’’ නොවේන බව අවධාරනය කරමු.

මේ හා සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාවේ ප‍්‍රකාශය අගය කරමු.

එය පහතින් දක්වමු.



Saturday, July 14, 2018

SSP. කාර්යාලයේ වධකාගාරය නිරුවත්කර, ඇස්වලට, පුරුෂ ලිංගයට කොච්චි දාලා වධ දුන්නා.



මේ වන විට යහපාලනය යටතේ, වධ දීම් අඩුවෙලා තිබෙන බවට සමහර සිවිල් සමාජ බැලයින් ප‍්‍රචාරය කරගෙන යනවා. 

එය සාර්ථක කර ගන්නට පොලිස් කාරයින්, පූජකයින්, සංඝයා, පූසාරිලා එක්ක මානව හිමකම් ගැන කතා කරමින්, වධදීම් වසන් කිරීමට නින්දිත උත්සාහයක යෙදී සිටිනවා.

21 හැවිරිදි කාර්මිකයකු වූ උදේශව, එසේ වධ හිංසාවට පත් කරන ලද්දේ, ක`ඵතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී යේ, ”යුනිට්” එක නමින් හඳුන්වන විශේෂ අපරාධ අංශයේ නිලධාරීන් ය. 

ඉන්පසුව, එම නිලධාරීන් වෙසෙන බැරැුක්කයට ගෙන ගොස්, නිරුවත් කර කොච්චි ඉස්ම, ඇස්වලට, පුරුෂ ලිංගයට දමා වධ දෙයි.

මේ හා අදාල උදේශ විසින් මානිව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ලේ මෙසේ ස`දහන් වේ.

‘‘ 2018 ජූලි 09 දින, රාත‍්‍රී 7.00 ට පමණ,............සිවිල් පිට දෙන්නෙක් යතුරු පැදියකින් පැමිණියා. එක් අයෙකු මාගේ බෙල්ලෙන් අල්ලා ගත්තා. ඔවුන් පොලිසියෙන් බව කිව්වා.

එතැනින් ගමන් ගත් වාහනයක් නවත්වා, මාව කලූතර පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ එ්කකයට ගෙන ගියා. එතැනදී, මාව වෙන කාමරයකට දැම්මා. එහි ඇඳක් හා මේසයක් තිබුනා. එහි තවත් කෙනෙක් සිටියා. 

පැයක් පමණ සිටින විට, මාව එහි ඉස්සරහා කාමරයට ගෙන එම කාමරයේ සිටි හත් අට දෙනෙක් ව, මා සිටි කාමරයට දැම්මා.කාමරයේදී මාගේ අත් දෙකට මාංචු දැම්මා. එහි සිටි එක් නිලධාරියෙක් මාව ළඟට ඇද මාගේ අත් දෙක අස්සෙන් කකුල් දෙක දමා, කොණ්ඩෙන් ඇද මූණට ගහගෙන ගියා. පැය භාගයක් පමණ ගැහැව්වා.

ඊට පස්සෙ මාව, බිම දමා අත්දෙකට මාංචු දමා, එම මාංචු බිම සවිකර තිබූ කොකුවලට සවිකර පහර දුන්නා. ඇස්වලට කොච්චි දමා මා ඇඳ සිටි කොට කලිසම ගලවා දමා නිරුවත් කර, පුරුෂ ලිංගයට කොච්චි දැම්මා.

ඔලූව පොළොවේ ගැහුවා. ඉන්පසු නිරුවත් මාව රැුගෙන ගොස් නෑව්වා. නැවත ගෙනවිත් කලිසම ඇඳගන්න දුන්නා. මට වධ දෙන ගමන් ඉල්ලූවේ ගංජා. ගංජා දුන්නේ නැති නම් බෝම්බ දානවා කියා බෝම්බ පෙන්නුවා. ටික වේලාවකින්, නැවත කොච්චි කොටන්න පටන් ගත්තා. 

......................... එහි සිටි සියලූ දෙනා සිටියේ හොඳටම බීලා. මා එතැනින් පිටවෙන කොට අ`ඵයම 2.00 ට පමණ ඇති.

දවල් මගේ අයියා කෙනෙකුට විශේෂ එ්කකයේ නිලධාරියෙක් දැණුම් දීලා තිබුණා ගංජා ග‍්‍රෑම් 100 ක් එක්ක බාර වෙන්න කියා.  

මා අත්අඩංගුවට ගැනීම සටහන් කළේ නෑ.

දැන් පොලිස් නිලධාරීන් පණිවුඩ එවනවා, මාගේ යතුරුපැදියේ බෝම්බ  හෝ කුඩු තිබූ බවට බොරු ගොතා උසාව් දාන බවට.’’ 

මේ අපේ පොලිසියේ සංස්කෘති යයි. එස් එස් පි කාර්යාලවල බැරැුක්ක වල පවත්වාගෙන යන නිත්‍යය වධාකාගාර පරික්ෂා කරන්න මානව හිමිකම් කොමිසමට අයිතික් නැ. මෙම නීති විරෝධි රැුඳවුම් මධ්‍යස්ථාන ගැන නිහඬව ඉන්නතාක් හා එම ස්ථාන පරික්ෂාවට අයිතිය ලබා ගන්නා තුරු සංවිධානාත්මක වධදිම නවත්වන්න බෑ. 

Friday, July 13, 2018

අැයව, නිහඬ කළ නොහැකිය.



සත්‍යය හා යුක්තිය සොයා යන මිනිසාගේ ගමන් මග අති දුෂ්කර වූවකි. අදට ද එහි වෙනසක් නැත. මර්දනය හමුවේ බහුතරය නිහඬ වේ. තවත් පිරිසක් මර්දනය තම අරමුණුවලට ළඟා කරගන්නට උපයෝගී කර ගනිති.

ඉතිරි අතලොස්ස ජීවිතය පරදුවට තබයි. වෙනස ඇති කරන්නේ එ් අයයි.

අමිතාගේ කථාවට අවුරුදු 18 කි. එය විනාඩි කිහිපයකට ලඝු කිරීම සාධාරණ නොවේ. එහෙත් ජූලි 06 සිදුවීම, 18 වසරක් ආ ගමන වළක්වන්නට හැකි යැයි යමෙක් සිත්නනේ නම් එය මිත්‍යාවකි.

ඇයගේ අතේ පිරිත් නූලක් නැත. යන්ත‍්‍රයක්, කොන්තයක් හෝ ත‍්‍රිශූලයක් නැත. 

පවතින නීතිය හා කි‍්‍රයා පටිපාටිය රාමුවෙන් පිටතට විත් අභියෝග කිරීම මෙතෙක් ආ ගමනේ සාර්ථකත්වයයි. දහ අට වසරක සිට ඇය අභියෝග කරන්නේ රටේ යුක්තිය ඉටු කරන්න තියෙන අධිකරණ ක‍්‍රියා පටිපාටියටයි.

රාජ්‍යය නිලධාරීන් අතලොස්සක්, නීතිඥයන් කිහිප දෙනෙක්, ඇඟිලි ගණනට අඩු සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, පූජකයන් දෙතුන් දෙනෙක් හැරෙන්නට අන් සියලූ දෙනා සෘජුව හා නිහඬව අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව, මර්දනයට හවුල් විය.

අමිතා ප‍්‍රියන්ති තම සොහොයුරා වෙනුවෙන් ඉදිරිපත්ව, ඉන් නොනැවතී රාජ්‍ය යාන්ත‍්‍රයෙන් පීඩාවට පත්වූවන් සඳහා ඉදිරිපත් වූයේ පෙර සඳහන් රාජ්‍ය යාන්ත‍්‍රනයේ නිලධාරීන්, සිවිල් සමාජය හා පූජක පරපුර අභියෝගයට ලක්කරමින්ය.

ජූලි 06 ඇය ප‍්‍රහාරයකට ලක් කළේ සැළසුම් සහගතවය. ඇය පානදුරේ ජනසංසද කාර්යාලයෙන් පිටවන තෙක් කුප‍්‍රකට, සංවිධානාත්මක, පුහුණුව ලැබූ යතුරුපැදි කරුවන් දෙදෙනෙක් බලා සිටියේය.  එතැන් පටන් අලූත්ගම, මොරගල්ල දක්වා ඇය පසුපස හඹා ගියේය. ගාලූ පාරේ සිට ඇයගේ නිවසට පිවිසෙන පටු මාර්ගයේ දී, ඇයට පහරදී, ඇගේ ගමන් මල්ල උදුරාගෙන පලා ගියේය.

සිද්ධිය වී සු`ඵ කාලයක් තුළ එ් පිළිබඳ පැමිණිල්ල අලූත්ගම පොලීසියට කළේය. ජනසංසදය ඇතුලූ සංවිධාන, නීතිඥවරුන් සිද්ධිය ගැන බලධාරීන් දැණුවත් කළේය. එහෙත් මේ ලියන මොහොත දක්වා පොලීසිය කළයුතු පරීක්ෂණ නොකරමින් කල් මරති. එ් ඔවුන් ප‍්‍රහාරකයන් දන්නා නිසාය.

අමිතා ප‍්‍රියන්තිගේ සොහොයුරා වන 2000 දී අත්අඩංගුවට ගන්නා පයාගල පොලීසිය දින 05 ක් රඳවාගෙන වධ දෙයි. ඉන්පසු ඉන්පසු අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කර ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සමග, ක`ඵතර වැඩ බලන මහේස්ත‍්‍රාත් පට්ටම ඇති නීතිඥයෙකු වෙත ගෙන ගොස් රිමාන්ඞ් කරවයි. වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේදී ඔහු මිය යන්නේ ප‍්‍රතිකාරයක් නොලබාය.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිණියක් පශ්චාත් මරණ පරීක්ෂණය කරයි. භාහිර හා අභ්‍යන්තර තුවාල විස්සකට වැඩි ප‍්‍රමාණයක් හඳුනා ගනී.

අමිතා ප‍්‍රියන්ති යුක්තිය ඉටුකර ගැනීමට පිවිසෙයි. ඇය විවිධ පැතිකඩ හරහා තම සොහොයුරා මරා දැමූ පයාගල පොලීසියේ නිලධාරීන්ට එරෙහිව බොරු වෛද්‍ය වාර්තා දුන් අධිකරණ වෛද්‍යවරයාට එරෙහිව, ප‍්‍රතිකාර ලබා නොදුන් බන්ධනාගාරය එ් අතර මූලික විය.

පයාගල පොලීසියේ් ස්ථානාධිපති ඉද්දමල්ගොඩ, අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රසන්න වික‍්‍රමරත්න ප‍්‍රමුඛ නිලධාරීන් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව, මූලික අයිතිවාසිකම් නඩු ඉතිහාසයේ වාර්තාගත වූවකි. 

”ශ‍්‍රියාණි එරෙහි ඉද්දමල්ගොඩ නමින් එය ප‍්‍රකටය” එතැනින් නොනැවතුන ඇය බොරු වෛද්‍ය සහතික දුන් අධිකරණ වෛද්‍ය නිලධාරී පියසෝමට එරෙහිව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ පැවරූ නඩුවෙන් ඔහු වැරදිකරු වී වසර තුනක තහනමකට ලක්විය.

එයින් ද අරගලය නිම නොවීය. නීතිපති විසින් අපරාධ අංශයේ ස්ථානාධිපතිට එරෙහිව මිනීමැරම් චෝදනා යටතේ නඩු පැවරීය. එහෙත් එක් දිනක්වත් රිමාන්ඞ් භාරයට පත් නොවී, දින පහක් තුළ රු: 5000/- ශරීර ඇප දෙකක් මත නිදහස් වුයේ වාර්තාවක් තබමින්ය.  එතැන් පටන් පොලීසියේ සහයෙන් අධිකරණය මග හරින ‘‘අතුරුදහන් වූවකු’’ ලෙසට පෙනී සිටි. එම නඩුව මේ වන විට ක`ඵතර මහාධිකරණයේ චූදිතයා නැතිව විභාගයට ගෙන ඇත. ඇපකරුවන් වූ ප‍්‍රසන්න වික‍්‍රමරත්නගේ බිරිඳ හා පොලිස් නිලධාරියෙකු අධිකරණයට කැඳවා තිබේ.

මෙයට සමගාමීව, බන්ධනාගාරයට හා වෛද්‍ය පියසෝමට එරෙහිව වන්දි නඩු ද කලූතර දිසා අධිකරණයේ පවතී. 

මේ ආකාරයට අපරාධ අවම කරන්නට නොහැකි මන්ද යන්න පිළිබඳව කැටපතක් බවට පත්වූ අමිතාගේ සොහොයුරාගේ ඝාතනය සහා ඇය සෙසු පීඩාවට පත්වූවන් ට යුක්තිය ඉටු කිරීමට පෙරමුණ ගැනීම, විශේෂයෙන් බලපා ඇත්තේ පොලීසියට ය. 

එය වර්තමානයේ ඇතිවූ ව්‍යවස්ථා වෙනස්කම්, ස්වාධීන කොමිෂම නිසා ප‍්‍රබලව ඔවුන්ට දැනෙන්නට වී තිබේ. මේ සියල්ල හමුවේ අතීතයේ මෙන් නොව, යුක්තිය උදෙසා බිම් මට්ටමින්, හුදෙකලාව, අනාරක්ෂිතව අරගල කරන්නා වූ ක‍්‍රියාකාරින් හා සංවිධාන නිහඬ කිරීමට ගත් අසාර්ථක සහ බෙලහීන උත්සාහයකි, ජූලි 06 නිරායුධ ගැහැණියකට කළ ප‍්‍රහාරය.




  

  

Thursday, July 5, 2018

පොලිස් වධකයින්ව! දුෂිත ඇමතියන්ව !! රකිමින්, ආවඩමින්, පුදමින්!!! වධහිංසාවට තිත තියමු නේද ?


මනෝජ් තෑලිස් ව්‍යාපාරිකයෙකි. ඔහුව ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති හිරියාදෙනිය මූලිකව, අමානුෂික ලෙස වධහිංසාවට පත් කරන්නේ, ප‍්‍රදේශයේ සිදුවූ මිනිමැරමකට ආදේශ කිරීමටය. 

තෑලිස් වධහිංසාවට පත්වන අන් බොහෝ දෙනා මෙන්, නිහඬව නොසිට, නීතිය හමුවට ගියේය.

ඔහු පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවට අනුව, වධහිංසා පමුණුවා මූලික අයිතිවාසිකම් කඩ කල වරදට, එවක ස්ථානාධිපති හිරියාදෙණිය වරදකරු කර වන්දි ගෙවීමට නියම කරයි. 

එ් අතර, විශේෂ පොලිස් විමර්ශණ එ්කකය මූලිකව, 1997 අංක 94 වධහිංසා පනත යටතේ, පවරන ලද නඩුවෙන් හිරියාදෙනිය වරදකරු වෙයි.

එහෙත් පොලිස් වධකයින්ට දෙනු ලබන්නේ පනතේ නියමයන්ට අනුකුල නොවන, ඉතා ලිහිල්, නාමික දඬුවමකි. 

ඉන් අනතුරුව, පොලිසිය විනය පරීක්ෂණයක් පවත්වා - හිරියාදෙණිය ගේ එක් වැටුප් වර්ධකයක් විලම්භනය කර රු:30,000 ක දඩයකට යටත් කර ඇති බව පවසන ජාතික පොලිස් කොමිෂම, පොලිස්පති දී ඇත මේ දඬුවම් ප‍්‍රමාණවත් නැති බවද එ් පිළිබඳව පොලිස්පතිට කියා තිබෙන බව කියාය.

මානව හිමිකම් කොමිසම පොලිස් කොමිසමට යවා ඇති ලිපිය.

පොලිස් කොමිසම තැලිස් මහතාට එවා ඇති ලිපිය.


පොලිස් වධකයින්, වධදීමකට වරදකරු වන්නේ ඉතා කලාතුරකින්ය. එසේ වරදකරු කරනු ලැබූවත් නියම කරන්නේ ලිහිල් දඬුවම්ය. විනය ක‍්‍රියාමාර්ග ගන්නේද වින්දිතයාව තව තවත් මානසික වධහිංසාවට පත්කරමින්ය. 

දුෂිත පොලිස් වධකයින් රකින්නේ මැති ඇමතියන්, සියුලුම වර්ණ වලට අයත් පුජකයින්, දුෂිත ව්‍යාපාරකයින් හා දුෂිත සිවිල් සමාජයයි. 

මෙම පිරිස වධහිංසාව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා නිර්මාණය කර තිබෙන ඉතා යහපත් පරිසරය ගැන නිහඬව, වධකයින් හා වධකයින් රකින්නන් හා එකට හිඳ වධහිංසාවට තිත තියන්න යයි හඬනගා කියමු.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව:-
අදට ඇති සෙස්ස පස්සට!!!

තෑලිස්ට වධ දුන් හැටි - තෑලිස් විස්තර කරන්නේ මෙහෙමයි.

                           වීඩියෝව 


Wednesday, July 4, 2018

එදා මහින්ද ගේ පුත්තලම් හුරතලාෟ අද මෛත‍්‍රි නළවනවා !!!



මේ වෙන අයෙකු නොව වර්ථමාන ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් සංවිධායක මෙන්ම පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ පදවියෙන් පිදුම් ලබා තිබෙන බියන්විලගේ ඇන්ටන් වික්ටර් පෙරේරාය.

මහින්ද රාජපක්ෂ රෙජිමයේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය ඇමතිවරයාා ලෙසට පිදුම් ලබා සිටියදි විදේශ රැුකියා සපයන බවට පුද්ගලයින් රවටා ලක්ෂ ගණන් මුදල් වංචා කළාය. එම මුදල් වංචා ගැන පොලිසිවල පැමිණිලි කළ ද අඩුම වශයෙන් මොහුගෙන් ප‍්‍රකාශයක් වත් ලබා ගැනිමට රාජපක්ෂ ඉඩ තැබුවේ නැත. 

වික්ටර් පෙරේරාගේ වංචාවන්ට ගොදුරුව වින්දිතයින් වු බහුතරය රාපක්ෂ ගැත්තන් ගේ භිෂණය හමුවේ නිහඬ විය. එහෙත් වික්ටර් පෙරේරාගේ මුදල් වංචාවන්ට ගොදුරුව වින්දිතයෙකුවු වීරරත්න මහතා, වික්ටර් පෙරේරා ව හා පොලීසිය අභියෝග ලක් කිරිම නතර කළෙ නැත. 

එම තත්වය තුල වික්ටර් පෙරේරාව අධිකරණය ඉදිරියට ගෙන එ්මට පොලිසියට සිදුවිය. 

ඇප මත මුදාහැර තිබෙන මොහු තවමත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් සංවිධායක මෙන්ම පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ වරයාය. 

දුෂණයට එරෙහිව කථා කරන ජනපති සිරිසේන හමුවට විරරත්න යන්නේ වික්ටර් පෙරේරා ගැන කියන්නටය. එහිදි ඔහුව යොමු කරන්නේ ජනපති මහජන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ   ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය ලඟටය. 

ඇය විරරත්න ට සියල්ල ලියා දෙන ලෙසට කියයි. එ් අනුව වීරරත්න මහතා ජනපති අමතන ලද ලිපිය පහත දක්වමු. 
  
‘ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක හා දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ නිලතල උපයෝගී කරගෙන මුදල් වංචාකරුවෙකු නීතියෙන් මිදීමට ගන්නා උත්සාහය.

දැනට හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින අංක 97965 දරන නඩුවේ චූදිත වන්නේ, හලාවත ජයබිම, පුත්තලම් පාර, අංක 152 හි පදිංචි බියන්විලගේ ඇන්ටන් වික්ටර් පෙරේරාය.

02. මොහු මාගේ රුපියල් ලක්ෂ 03 ක් 2014 ජනවාරි 30 ලබාගන්නා ලදි. එ් මා හට විදේශ රැුකියාවක් ලබාදෙන පොරොන්දු මතය.

03. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය ඇමතිවරයාය.

04. මොහු සිදු කළ මෙම වංචා ගැන 2015 නොවැම්බර් මස පැමිණිලි කරන ලදි.

05. එහෙත් මොහුගේ දේශපාලන බලය උපයෝගී කරගෙන අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම වළක්වාලන ලදි.

06. මා දිගින් දිගටම කරන ලද කරුණු දැක්වීම්වල ප‍්‍රතිඵලය වශයෙන් මොහුට විරුද්ධව 2017.09.18 වන දින, නාමිකව අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඇප මත මුදාහරිණ ලදි.

07. 2017.12.12 වන දින ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 409 හා 3 වන වගන්තිය යටතේ චෝදනා නගනු ලැබීය.

08. ඔහු චෝදනාවලට නිවරුදිකරු බව ප‍්‍රකාශ කරන ලදි.

09. මෙම පසුබිම යටතේ මෙම මුදල් වංචාකරුව, ඔබතුමා විසින් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ පුත්තලම ආසන සංවිධායක ලෙසත්, පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ තනතුරට පත්කර තිබේ.

10. මෙම අධ්‍යක්ෂ තනතුරු මත ඔහුට රජයේ දීමනාවක් හා නිල රථයක් ලබා දී ඇත.

11. මේ ආකාරයට මොහු දරන දේශපාලන තනතුරු නිසා මොහු පොලීසියට බලපෑම් කිරීම දිගටම සිදුකරණු ලබයි.

12. එමගින් යුක්තිය ඉටුකර ගැනීම සිහිනයක් වන බව ඔබතුමාට අමුතුවෙන් කිවයුතු නැත.

13. මෙම කාරණය අදාලව, 2018 ජුනි මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයක ඔබ මහජන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයට ගොස් ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය මුණ ගැසුනා.

14. එ් අවස්ථාවේ ඇය මාගෙන් කරන ලද ඉල්ලීම මත මෙම ලිපිය ඉදිරිපත් කරමි.

මා ඉල්ලා සිටින්නේ, 

ඔහු දරන දේශපාලන පත්වීම් අයුතු ලෙස උපයෝගී කර ගනිමින් මාගේ වංචා කරන ලද රුපියල් ලක්ෂ තුන හා වසර 4 1/2 ක් පුරා, සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මගින් මට සිදුකළ පාඩුව වෙනුවෙන් එයට එකතු කළ පොලිය සමග ලබාදීමට මැදිහත්වන ලෙසටය.’’

අන් බොහෝ දෙනා මෙන් වීරරත්න මහතා විදේශගතවන්නට උත්සහා ගන්තේ වැඩිපුර යමක් හම්බකරගෙන දරුවන්ට දැනට වඩා හොඳ තත්වයක් උදාකර දෙන්නටය. එ්් සඳහා ණය වි සොයා දුන් මුදල හොරකම් කරපු වික්ටර් පෙරේරා ට තනතුරු සම්මාන ලබාදි නීතියට උඩින් ඔසවා තබා ඇත. 

මේ රටේ ආගම සොරකමයි!. සදාාචාරය සොරකමයි!!. සංස්කෘතිය සොරකමයි!!!. පවසන වීරරත්න මේ රට හදන්න බෑ යන තීරණයට එලඹ සිටි. 
  
බලා සිටිමු දින 14ක්. පිළිතුර ජනපතිගේ කුමක්ද කියා.  


Monday, July 2, 2018

පාතාලය, පොලීසිය, දේශපාලූවෝ !!! හා නෑදෑයෝ !!!



පාතාලයට නෑකම්, මිත‍්‍රකම් නොකියන්නේ කව්ද? පැනය මතුවන්නේ මාස 08 ක් පුරා ඇප ගන්න බැරිව සිටින අයියා ගැන නංගී නීතිපතිට ලියන ලද ලිපියෙහි අන්තර්ගතයෙනි.

අයියා හමුදාවේ රැකියාවක් කරන්නෙකි. කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපති සිරිමාන්න ඔහුට එන්න කියන්නේ දුරකතනයෙනි. එ් නීතිඥයන් සමග හෝ දේශපාලූවන් සමග නොපැමිණිය යුතු බවට වන කොන්දේසි දමාය.

එහෙත් අයියා කොස්ගොඩ පොලීසියට යන බව තමා රැකියාව කරන හමුදා කාණ්ඩයට දැණුම් දෙයි. එතැනින් නොනැවතී ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අශෝක ධනවංශ වෙත ඔහුගේ දුරකතන අංක 077 3030570 ට හා බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිත පවරසිරි ද සොයිසාට ඔහුගේ දුරකතන අංක  076 6267072 ට දැණුම් දී තිබුණා.

එසේ දැණුම් දී පොලීසියට ගිය විට ඔහුගේ ජංගම දුරකතනය සිය බාරයට ගන්නා  ඕ.අයි.සී. සිරිමාන්න,  අයියාව කූඩුවට දමයි.

එ් අවස්ථාවේ සිට, අයියාව බලන්න ඥතීන් පොලිසියට යයි. කෑම බීම ද ගෙන ගොස් දෙයි. 

එයට අමතරව බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු එ.ජ.ප. නියෝජිත උෂාන්ත මෙන්ඩිස් හා නීතිඥ කමල් ද පොලීසියේ රඳවාගෙන සිටි අයියාව බලන්න ගොස් තිබින.

නංගී, අයියාව අත්අඩංගුවේ තබාගෙන සිටින බවට, නිල වශයෙන් 18 කුට දැණුම් දෙයි. දැණුම් දුන් අය අතර,  
1) දකුණු පලාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් සිල්වා, 2) අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති නීතිඥ අරුණ ප‍්‍රදීප් සිල්වා, 3) බලපිටිය 16 D නානතොට ග‍්‍රාම නිලධාරී ජනක මෙන්ඩිස් ජයසිංහ, 4) බෙන්තර, ගෝනගල ග‍්‍රාම නිලධාරි නන්දන විජේවර්ධන 5) අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ පුද්ගලික ලේකම් පුෂ්ප කුමාර ද සොයිසා, 6) ජේ්‍යෂ්ඨ නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා 7) නීතිඥ මංජුල පතිරාජ, 8) ටෙලිකොම් ඉංජිනේරු හරිෂ් දීප් වල්පොල 
9) නීතිඥ සසංක ජයසේකර 10) නීතිඥ පුබුදු ලියනගේ 11) නීතිඥ ලාල් ශාන්ත 12) නීතිඥ මේජර් අජිත් ප‍්‍රසන්න 13) බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු එ.ජ.ප. නියෝජිත උෂාන්ත මෙන්ඩිස් මයාගේ, 14) ශ‍්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති මයුර සේනානායක, 15) කොස්ගොඩ, නාපේ, සිරිපවර බෝධිරාරාමයේ විහාරාධිකාරී කිරිම දේවින්ද හිමි, 16) ලංකාදීප වාර්තාකරු හේමන්ත සිල්වා, 17) ගුවන්විදුලි සංස්ථාවේ නිවේදක බලපිටිය ප‍්‍රාදේශීය සභා නියෝජිත සංජය මධුසංඛ 18) දිවයින වාර්තාකරු සේනක ප‍්‍රියදර්ශන යන අය විය.

අයියාව, ප‍්‍රශ්න කර නිදහස් කර එවාවි යැයි ඇය තුළ තිබුණේ දැඩි විශ්වාසයකි. නීතියට හා  දෙයියන් ටත් වඩා මේ අය මත තැබූ විශ්වාසය නිසාමය. 

එහෙත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධනවංශ, මස්සිනාගේ ජවය ශක්තිය බලය තියෙන ස්ථානාධිපති සිරිමාන්න කරන්නේ දින 08 කට පසුව ”ඊයේ” අත්අඩංගුවට ගත් බවට වන අමූලික බොරු වාර්තාව සමග උසාවියට ඉදිරිපත් කර රිමාන්ඞ් කරවීමය.

දමා තිබෙන චෝදනා වන්නේ අපරාධකරුවන්ට රැකවරණය දීම, පලා යෑමට ඉඩ දීම, මිනී මැරීමට අනුබල දීමය.

මේ චෝදනාවට මහේස්ත‍්‍රාත් උසාවිය ඇප දෙන්නේ නැත. එ් නිසා මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට බිරිඳ උත්සාහ ගනී. මිනී මැරීමේ චෝදනාවට මාස තුනක් පමණ කොටි කාලයකදී ඇප ලබා ගැනීමට හැකි වුවත් තම අයියාට ඇප නොදී රඳවාගෙන සිටින බව නැගණිය ප‍්‍රකාශ කරයි.

තම අයියා රිමාන්ඞ් එකේ තබාගෙන සිටීම, බලපිටිය කොස්ගොඩ ප‍්‍රදේශයේ පසුගිය කාලයේ පැතිර ගිය, තවමත් අවසන්ව නැති ඝාතන රැල්ලට අදාලව සිදුකරන්නක් බව නැගණිය වැඩිදුරටත් කියා සිටී.

ඇය නීතිපති ගේ අවධානයට කැඳවන්නේ පොලීසිය උසාවියට බොරු කීම පිළිබඳවය. 

එ් අනුව අවම වශයෙන් අයියාට ඇප ලබාදීමට මැදිහත්වන ලෙසටය.

කොස්ගොඩ පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපති මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව වැරදි කරු වූ තැනැත්තෙකි.

තවද ඔහු, මෙම අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවති විමර්ශනය අවසානයේ දී විමර්ශන නිලධාරී අභියස දී, ස්ථානාධිපති සිරිමාන ඇයට බැන තර්ජනය කර ඇත.

එමෙන්ම අයියාගේ බිරිඳ ඉතා දුර්ලභ රෝගයකින් පෙළෙන බැවින්, කොස්ගොඩ ෙපාලීසියේ ස්ථානාධිපතිගේ නීති විරෝධී ක‍්‍රියා හා පාතාල සම්බන්ධයන් ගැන කතා කිරීම හේතුවෙන් නංගිට  තර්ජනය කිරීමට පෙළඹී සිටී. 

එම තත්ත්වය තුළ ඇයගේ ආරක්ෂාව සලසන ලෙසට මානව හිමිකම් කොමිෂමෙන් ද ඉල්ලා තිබේ. 

මෑතකදී කොස්ගොඩ දී අත්අඩංගුවට ගත් තාරකගේ මව පසුගිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන ලද ස්ත‍්‍රී අපේක්ෂිකාවකි. 

එමෙන්ම ප‍්‍රකට ඇමතිවරයෙකුගේ සහයෙන් විදේශගතව සිටින සුජීව නැමති අයගේ සොහොයුරි ද එම ප‍්‍රාදේශීය සභාවටම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන ලද ස්ත‍්‍රී අපේක්ෂිකාවකි.

මේ දෙදෙනාම කොස්ගොඩ පොලීසියේ අනුග‍්‍රහයෙන් පවත්වන ලද ‘‘නිදහස් හා සාධාරණ මැතිවරණ’’ රැස්වීම් වලට සහභාගී වූයේ පොලීසියේ ගසා තිබෙන තාරකගේ හා සුජීවගේ පිංතූර දෙක දිහා බලාගෙනය.

අති විශේෂත්වය නම් කොස්ගොඩ  ඕ.අයි.සී. සිරිමාන්න හා බලපිටිය එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අශෝක ධනවංශ දෙමස්සිනෝ විමය. 

ෙම් සියල්ල අැය නීතිපතිට පවසා තිෙබ්. සි. අයි. ඩි. ඒක දන්නා බවද කියයි.


Saturday, June 23, 2018

ඌරගස්මංහන්දිය පොලිස් ඝාතකයා බේරන්න සාක්ෂිකරුවන් දඩයම් කරයි.



බූරු පිටියේ සල්ලි මංකොල්ලා කෑමට ගිය පොලිස් කාරයින් විසින් තබන ලද වෙඩි පහරින්, මිය ගිය 55 හැවිරිදි, සිව් දරු පියාගේ මරණ පරීක්ෂණය තවමත් නිමවී නොමැත.

2018 මැයි 18 වන දින මෙම පොලිස් ඝාතනය වසන් කිරීමට සාක්ෂිකරුවන් අත්අඩංගුවට ගෙන රාජකාරියට බාධා කළා යන චෝදනාව නගමින් රිමාන්ඞ් කිරීමට ඌරගස්මංහන්දිය පොලීසිය කි‍්‍රියා කරයි. 

2018.05.31 දින පොලීසියට ගිය රංජිත් මහතාව, අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කිරීමේ නාටකය ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කරන ලද පැමිණිල්ලේ ස`දහන් කරුනු වලින් පැහැදිලි වේ. එහි මෙසේ ස`දහන් වේ.  

’‘ රංජිත් අවු: 42 යි, විවාහක, දරුවන් 03 යි, රැුකියාව: සු`ඵ ව්‍යාපාරික කටයුතු, 
2018.06.22 වන දින දීය.

මා වයස අවුරුදු 14 දී, පංචායුධයක් සොරකම් කළා යන බොරු චෝදනා නගා පරිවාස ගත කොට දැඩි මානසික හා ශාරීරික පීඩාවට පත්කරන ලදි.

මව, දැඩි දරිද්‍රතාවයෙන් පෙලූන මා ඇතු`ඵ අප පවුලේ හත් දෙනා ඇති දැඩි කළේ කිරි කපා හම්බ කළ මුදලිනි. පියා නාමික විය. ඔහු කළේ අපවත් මවත් පීඩාවට පත් කිරීමය.

පොලීසිය බොරු නඩු දමා මාගේ අධ්‍යාපනය නැතිකර දැමීය. මා දියුණු වීමට ගත සෑම උත්සාහයකදීම පොලීසිය, දිගින් දිගටම මා පීඩාවට පත් කළේය.

මා මේ වන විට බන්ධනාගාරයේ වසර 06 කට වැඩි කාලයක් ගත කර තිබේ.

මේ අතරතුර 2018 මැයි 13 වන දින අසල්වැසියෙකුගේ නිවසක රාත‍්‍රී බණ ගෙදරක දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමක් පිළිබඳ ආරංචි වී එහි ගියෙමි. එවිට වේලාව රාත‍්‍රී 11.00 ට පමණ ඇත. 

මා යන විට මිය ගිය අයගේ දේහය බිම දිගා කර තිබූ අතර ජීප් රථ, හත අටකින් පමණ පොලීසියෙන් විශාල පිරිසක් ඇවිත් හිටියා. රැුස්වූ පිරිස පොලීසියට බණිමින් විරෝධය පළ කරමින් සිටියා. අංක තහඩු නැති පොලිස් යතුරුපැදිවල, අංක තහඩු, පිරිසක් හොයාගෙන ඇවිත් එතැනට දැම්මා. යතුරුපැදිවල ෂීට් යට තිබූ නිල ඇඳුම් අරගෙන එතනට පැමිණ සිටි වාර්තාකරුවන්ට ප‍්‍රදර්ශනය කළා.

එ් අවස්ථාවේ වෙඩි තැබූ පොලිස් නිලධාරියාව සැඟවීමට පැමිණි සිටි උසස් පොලිස් නිලධාරීන් සූදානම් වන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා. 

එතැන සිටි ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ හිටියේ හොඳටම බීලා. වෙරිමතේ සිටි ඔහුට පිරිස විරෝධය දැක්වූවා. එ් අතර වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා වශයෙන් එතැනට නීතිඥ රුවන්පුර පැමිණියා. 

එවිට බීගෙන වෙරි මතින් හිටිය ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ, වෙඩි තියනවා දැක්ක අයට ඉදිරියට පැමිණ සාක්ෂි දෙන්න යැයි, කියා සිටියා. කිසිවෙක් ඉදිරිපත් වුණේ නෑ. නමුත් එහි සිටි අය අසන්න පටන් ගත්තා, සාක්ෂි දෙන්න පු`ඵවන් ආරක්ෂාව දෙනවාද කියා. 

එවිට, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ එහෙම පොලීසිය කාටවත් ආරක්ෂාව දීලා තියෙනවාද යයි අසන්නට පටන් ගත්තා. දෙපාර්ශවය අතර වචන හුවමාරු වුණා. 

එ් අතර මා ඉදිරිපත්ව, මට බොරු නඩු දැමීමේ සිද්ධිය ගැන කියා සිටියා. එය පොලිස් ¥ෂණ කි‍්‍රියාවක් හෙළි කිරීමක්.

එසේ සිටින අතර, 2018.05.31 උදේ මා, ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට ගියා. එ් මාගේ වාහන බලපත‍්‍රය ලබාගන්න. එ් අවස්ථාවේ මාව අත්අඩංගුවට ගෙන කූඩුවට දැම්මා. හේතුවක් ඇහුවාට කිව්වේ නෑ.

එදින හවස ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත, මාව ඇල්පිටිය පොලීසියට ගෙන ගියා. ඇල්පිටිය පොලීසියේදී, බණ ගෙදර දී, පොලීසියට ගහපු එකට කියා මාව කූඩුවට දැම්මා. 

පසුදින, 2018.06.01 දින උදේ 10.00 ට විතර, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ පොලීසියට ආවා. 

ඔහු එතනදී, මට  ඕන කරන ගවරා කියන එකා කූඩුවේ ඉන්නවා, ඌත් එක්ක ගණුදෙනුවක් තියෙනවා, මට බේරගන්න ගෙනත් දෙන්න යැයි කිව්වා.

මා කූඩුවෙන් එලියට අරන් ස්ථානාධිපතිගේ කාමරයට ගෙන ගියා. ස්ථානාධිපතිගේ පුටුවේ ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ වාඩිවෙලා හිටියා. ඔහු එතැන සිට නිලධාරියෙකුට කිව්වා මගේ ආයුධය ගේන්න කියා. ඔහු පිස්තෝලයක් ගෙනත් දුන්නා.

එය අතට ගෙන, උඹ මැරෙන්න බයද, උඹ චණ්ඩියෙක් ද කියා අසමින් නැගිට මා ළඟට ඇවිත් නලලට පිස්තෝලය තියා ආයෙත් මැරෙන්න බයද කියා අසා, පිස්තෝලයෙන් මගේ කම්මුල දෙපැත්තට ගැහැව්වා.

ඉන්පසු මූව අරන් පලයන් කිව්වා. එදින හවස ඌරගස්මංහන්දිය පොලීසියෙන් ඇවිත් මාව රෙද්දකින් වසාගෙන ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගොස් රිමාන්ඞ් බාරයට පත් කළා. නඩු අංකය : 5787 වේ.

2018.06.06 වන දින, මාව පෙරෙට්ටුවකට ඉදිරිපත් කළා. මාව හොඳට හඳුනන අය. ඔවුන් මාව හඳුනා ගත්තා. 

එදින ශරීර ඇප මත මුදාහැරියා. මීළඟ නඩු දිනය 2018.09.12 වේ.

මට නගා තිබූ චෝදනාව රාජකාරියට බාධා කිරීම.

මේ ආකාරයට මට විරුද්ධව බොරු චෝදනා නගා නඩු පවරා මා දැඩි පීඩාවට පත්කර ඇත.

මා ඉල්ලා සිටින්නේ, 

නිදහස අහිමි කර, ශාරීරික, මානසික වධහිංසාවට පත් කිරීම, ව්‍යාජ නඩු පවරා මූලික අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳව,

(1* ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ,

(2* ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත ඇතු`ඵ අදාල නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය. 

මෙයට,  රංජිත් 

පොලිසියට මරන්න අවසර දීලාලූ බූරුවා පොලේ සල්ලි මංකොල්ලය වැරදුන විට ඌරගහ පොලිසිය ගත් මිනිස් බිල්ල

http://peoplesforumsl.blogspot.com/2018/06/blog-post_10.html




Monday, June 18, 2018

සිගරට් පෙව්වාට වන්දි ඉල්ලා පැවරූ නඩුව පරක්කු කලාට රුපියල් ලක්ෂ 4 ක වන්දියක් ක්‍ඔක්‍ එකට ගෙවන්න වෙයි.



ගැටවර වියේ සිට සිගරට් බීපු පොළොන්නරුවේ කේ.එස්.පෙරේරා මහතා, පසු කාලයේදී සිගරට් බීමට ඇබ්බැහි විය. 1996 සැප්තැම්බර් මස සුව කළ නොහැකි පිළිකා රෝගයෙන් ඔහු පෙළෙන බව සොයා ගැණින.

කේ.එස්.පෙරේරා මහතා, තමාව සිගරට් පොවා රෝගියකු කිරීමේ වරදට, දුම්කොළ සමාගමෙන් වන්දි ඉල්ලා - කොළඹ දිසා අධිකරණයේ ‘‘වන්දි’’නඩුවක් ගොනු කරනු ලැබීය.

නඩුව අතරවාරයේදී, 2001 අපේ‍්‍රල් මස ඔහු මිය යන ලදි. එවිට ඔහුගේ වයස අවුරුදු 60 ක් විය.

බිරිඳ, ලලිතා පද්මිණී මහත්මිය, තම සැමියා වෙනුවෙන් නඩුවට ඉදිරිපත් වීමට අවසර ඉල්ලා සිටියේය. එයට අධිකරණයෙන් ඉඩක් නොලැබිණ.

ඇය එම පසුබිම යටතේ, 2003 අපේ‍්‍රල් මස, තම සැමියාව පිළිකා රෝගයට ගොදුරු කර මරණය ළගා කරවීම නිසා, තමාට වූ හානියට වන්දි ඉල්ලා නඩුවක්, කොළඹ දිසා අධිකරණයේ ගොනු කරනු ලැබීය.

එම නඩුව, විභාගයට නියම කිරීමට එරෙහි, දුම්කොළ සමාගම (ක්‍ඔක්‍*  - අභියාචනාධිකරණය ඉදිරියට ගොස්, එකී නඩුව ඉවතලන ලෙසට ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරන ලදි. එයින් නොනැයතුනු දුම්කොළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස්, දිසා අධිකරණයේ හා අභියාචනාධිකරණයේ තීන්දු අභියෝගයට ලක්කරන ලදි.

2008 වසරේදී, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරන ලද අභියාචනය අදාල තීන්දුව 2018 ජූනි 14 වන දින ප‍්‍රකාශයට පත් කරන ලදි.

ලංකා දුම්කොළ සමාගම (ක්‍ඔක්‍* විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය ප‍්‍රතික්ෂේප කල ශ්‍රේෂ්ඨාධිකරණය, ඉන් නොනැවතී, දුම්කොළ සමාගම, වසර 12 ක් පුරා, නඩු ප‍්‍රමාද කිරීම මගින් ලලිතා පද්මිණී මහත්මියව අසීරු තත්වයට පත් කර ඇති බවට තීරණය කර තිබේ. මෙය වෙනත් අයෙකුට වූවානම්, නඩු කීමෙන් ඉවත් වීමට පවා ඉඩ තිබුණ බවද වැඩි දුරටත් සඳහන් කරයි.

මෙසේ, වසර 12 පුරා, නඩුව ප‍්‍රමාද කිරීමේ, එසේ නැතිනම් ඇදගෙන යැමෙන්, කළ වරදට ලලිතා පද්මිණී මියට රුපියල් ලක්ෂ 4ක වන්දියක් ගෙවීමට දුම්කොළ සමාගමට නියම කරන ලදි.

දුම්කොළ සමාගම මෙම මුදල මසක් තුල ගෙවිය යුතු බවද, නියම කර තිබේ.

නඩු ප‍්‍රමාද කිරිම්, මෙම නඩුවට පමණක් සීමාවූවක් නොවේ. දුම්කොළ සමාගම මෙන්ම, එ් හා මුදල් බලය, ඉහළ නීතිඥයින් ගේ බලය, අයුතු සම්බන්ධතා ආදී කරුණු මූලික කරගෙන, නඩු සැලසුම් සහගතව කල් දැමීම සිදුවේ.

එවන් අවස්ථාවලදීද, මේ ආකාරයට අධිකරණ ක‍්‍රියා කිරීම - නඩු ප‍්‍රමාදය අවම කරනු ඇත.

වර්තමානයේ යුක්තිය පසඳලීමේ ක‍්‍රියා මාර්ගය තුල පවතින්නා වූ පීඩාවන් කථිකාවකට ගැනීමට මෙම නඩු තීන්දුව ඉවහල් වනු ඇත.

Sunday, June 17, 2018

ඝාතකයෝ තව බිල්ලක් ගන්න සැරසේ. පුතාගේ ජීවිතය රැක දෙන්න! රැඳවියෙකුගේ මවක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගෙන් ඉල්ලයි!!.


දැනට සිර දඬුවම් විඳින තම පුතාගේ ජීවිතයට එල්ල වි තිබෙන තර්ජන අදාල සියලූ තොරතුරු හෙළි කරන්න අවස්ථාවක් සලසා දෙන්න යැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගෙන් ඉල්ලා තිබේ.

2012 වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් විසි හත්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය අදාලව දැනට පැවැත්වෙන පරීක්ෂණ හා නඩු විභාගයට අදාල වැදගත් සාක්ෂි වසන් කිරීමේ අරමුණ ඇතිව මෙම ඝාතන උත්සහය පවතී.

මෙම සිද්ධිය වූ දිනයේ, බන්ධනාගාරයේ සම්පූර්ණ වගකීම දැරූ ප‍්‍රධාන ජේලර්වරයා සම්ප‍්‍රදාය කඩ කරමින් සිරකරු ඝාතන සිද්ධියේ සත්‍ය හෙළි කිරීමට ඉදිරිපත් විය.

සිද්ධියට හවුල් වූ හා ඇසින් දුටුවන් සමහරක් තවමත් සිරගෙදර සිටී. එමෙන්ම සිද්ධිය අදාල  තොරතුරු හෙළිකරාවිය යන සැකය මත සමහර  සිරකරුවන්ට තර්ජන එල්ලවීම ආරම්භව ඇත.

එසේ තර්ජන එල්ල වී ඇති එක් සිරකරුවෙක් තම පුතා බව ප‍්‍රකාශ කරන මව ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ඇය මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් හා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනියගේ අවධානය යොමු කර සිටී. ඇය ඔවුන් වෙත ඉදිරිපත් කර තිබෙන ලිඛිත ඉල්ලිමේ මෙසේ සඳහන්වේ. 

ඇය ප‍්‍රකාශ කරන්නේ වසර 10 ක සිර දඬුවම් විඳින තම පුතා අදාල සියලූ තොරතුරු පුද්ගලිකව සැල කිරීමට පුතා සූදානම්ව සිටීන නමුත් හමුවීමට අවස්ථාව ලැබී නොමැති බවද, ඝාතන සිද්ධියට අදාලව තොරතුරු හෙළිකරන නිලධාරියා යටතේ තම පුතා වැඩ කරඇති නිසා, පුතාද තොරතුරු හෙළි කරනු ඇතැයි යන සැකය ඝාතණයට හවුල්වු අය මෙන්ම අවි ගබඩාව කඩා ආයුධ ගත්ත තවමත් දඬුවම් විඳින සිරිකරුවන් ගේද තර්ජන වලට පුතා මැදිව සිටින බව මව කියා සිටි.  ඇය ඉල්ලා සිටින්නේ තම පුතාව වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම වළක්වාලන ලෙසට ය.  

Saturday, June 16, 2018

අපරාධ වලට ආදේශකයින් ඉදිරිපත් කර අපරාධකරුවන් රකින යහපාලන පොලිසිය.


ලොකු හෝ කුඩා, බොහෝ  සංවිධානාත්මක අපරාධ වලට පොලිසියේ කවුරුන් හෝ හවුල්ය. කිරිඇල්ල ප‍්‍රදේශයේ, කඩ කැඞීම සිදුවන්නේ සීරියල් ක‍්‍රමයටය. සොරුන් අහුවන්නේ ද නැත. අල්ලන්නේද නැත. 

කිරිඇල්ල නගරයේ ජෆුවර් ෆාමසි වාර ගණනාවකදි කඩා, භාණ්ඩ සොරකම් කරබ්. නමුත් අසුවුනු සොරෙක් නැත. 

මැයි 31 දින, සුපුරුදු පරිදි ජෆුවර් ෆාමසිය කඩන ලදි. මෙහි විශේෂය නම්, මෙම ෆාමසිය තිබෙන්නේ පොලිස් මුරපොලට අතේ දුරින් වීමය. ෆාමසි හිමියා සොරු අල්ලන ලෙසට ඉහළයින්ට බලපෑම් කරන ලදි. 

කිරිඇල්ල පොලිසිය, ෆාමසියේ, නුද්රින් පිහිටි වයින් ස්ටෝර්ස් එකේ ක්‍ක්‍ඔඪ කැමරා නිරීක්ෂණය කළේය.   වයින් ස්ටෝර්ස් එකට රාත‍්‍රියේ වන පුද්ගලයකු සටහන් වී තිබින. එ් අසල වත්තක පදිංචි, එම වත්තේම වැඩ කරන අරක්කු භාගයක් ගෙනයන්නයට ආ කම්කරුවෙකු වන රංගනය. රංගන විවාහක එක් දරු පියෙකි.

පසුගිය 11 වෙනිදා වත්තට ගොස් රංගනව අත්අඩංගුවට ගෙන, ෆාමසිය කැඩූ බවට පිළි ගන්නා ලෙසට, තර්ජණය කරන්නට පටන් ගන්නා ලදි. වධ දෙන්නට සැලසුම් කළේය. පොලිසිය අරක්කු ගන්න වයින් ස්ටොස් එකකට ගිය රංගන එ් ගමන් වයින් ස්ටෝරස් එකද කඩා බඩු සොරකම් කර තිබෙන බවට නිර්මාණය කර සොරකමට ආදේශ කිරිමට තිරණය කර තිබුනේය.

වහාම ක‍්‍රියාත්මක වූ ඔහුගේ බිරිඳ, නිසි උපදෙස් ලබාගෙන, මානව හිමිකම් කොමිෂමේ හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලදි. එ් අනුව ක‍්‍රියාත්මක වූ කොමිෂම, අත්අඩංගුවට ගැනීම ගැන කිරිඇල්ල පොලිසියෙන් විමසා සිටින ලදි. 

එදින රාත‍්‍රියේ, මොහුට වධ දීමට, පොලිසියේ සූදානම ව්‍යාර්ථ විය. පසුදින, 12 වනදා, මොහුව උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසියට සිදුවිය.

පොලිසිය අධිකරණයට කියා සිටියේ ක්‍ක්‍ඔඪ කැමරාවල සටහන් අනුව, මොහු ෆාමසිය කැඩූ බව ඔප්පු වන බවයි.

එම තර්කය ප‍්‍රතික්ෂේප කල අධිකරණය කැමරා දර්ශණ සංයුක්ත තැටි වලට ඇතුලත් කර, අධිකරණයට හා චූදිතට පිටපත් ලබාදෙන ලෙසටද, එම දර්ශණ රස පරීක්ෂකට යොමු කර වාර්තා ලබා ගන්නා ලෙසටද, නියම කළේය. 

එමෙන්ම, මොහුව ඇප මත මුදාහැරීම පියවර ගනු ලැබීය.

පොලිසිය අපරාධ වසන් කිරීමට, අපරාධකරුවන් ආරක්ෂා කිරීමට කරන්නේ, අසරණයින් වූ නොවිසිඳුනු අපරාධ වලට ආදේශ කිරීමය. 

මෙවන් පුද්ගලයින්ට, ගෝඨාබයා වැනි මහා පරිමාන දුෂකයින්ට මෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අත්අඩංගුවට ගැනීම වලක්වා ලීමේ නියෝග ගැනීමට, මුදල් හෝ බලය හෝ සම්බන්ධකම් නැත. 

එමෙන්ම, ‘යහපාලන’ නාමයෙන්, පොලිසිය බාර ඇමතියන් කළේ, වධහිංසාව, බොරු නඩු දැමීම් වලට පූර්ණ ආශිර්වාදය ලබා දීමය. එයට ඇමතියන් පසුපස යන සිවිල් සමාජ ‘ආරක්ෂකයින්ද’  රටවැසියන් පාවාදීම අද සිදුකරන්නේ ද ‘යහපාලනය’ නාමයෙනි. 



Sunday, June 10, 2018

ව්‍යාපාරිකයාට මරු කැ`දවූ රියේ අනියම් හිමිකරු ප‍්‍රකට ජාවාරම් කරුවෙක්



රථ වාහන අනතුරු වළක්වන්න, දෙවි පිහිට පතමින්, මාධ්‍ය සංදර්ශණ පවත්වන්නවුන්ගේ වෑයම, තම බඩගෝස්තරය රක්ෂා කර ගැනීමය. එයට හොඳම නිදසුනකි, මැයි 30 වන දින, රාත‍්‍රී 7.30 ට පමණ, 51 ක් හැවිරිදි තම ශ‍්‍රමයෙන් ජිවිතය ගැට ගසා ගන්නා ව්‍යාපාරිකයෙකුට මරු කැඳවූ රිය අණතුර.

මෙය ”රිය අණතුරක් ලෙසට ලඝු කිරීම ද වැරදිය. මන්ද, රථවාහන උපයෝගී කරගෙන සිදු කරන මනුෂ්‍ය ඝාතන, තුවාල සිදු කරමින් ”අණතුරු ගණයට” වර්ග කිරීම මගින් සිදු කරන්නේ, අපරාධකරුවන්ට දඬුවම් නොලබාම ගැලවී යෑමට ඉඩ සලසා දෙන නිසාය.

පයාගල, මුංහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ 51ක් හැවිරිදි, පද්මසිරි මහතාව යටකර, පලා යෑමට උත්සාහගත් වාහනයේ, අනියම් හිමිකරු එම ප‍්‍රදේශයේම, විවිධ ජාවාරම් වල නියැලෙන්නෙකි. මොහු සතු වාහන හා දේපල වල අයිතිය ඇත්තේ මොහු නමට නොවන බව ප‍්‍රකාශ කරන, මරණයට පත් තැනැත්තාගේ ඥතීන්, පයාගල පොලිස් නිලධාරීන් ඔහු හා පවත්වන්නේ ඉතා කිට්ටු සම්බන්ධයක් බව අවධාරණය කරයි.

ජීවිතයක් අහිමි කල මෙම ඊනියා වාහන අනතුරු සම්බන්ධයෙන් පොලිස්පති අමතන, මියගිය අයගේ පුතා මෙසේ ප‍්‍රකාශ කර සිටී.

මෙම රිය අනතුර සිදුකල අවස්ථාවේ රියදුරු - රිමාන්ඞ් බාරයට පත්කර ඇත.
වාහනයේ අනියම් හිමිකරු, ප‍්‍රදේශයේ දක්ෂතම නීතිඥ කණ්ඩායම, ඔහු වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ.

රියදුරුට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන, ”රථවාහන වැරදි” වලට ඔහු, සිය නීතිඥවරුන් මගින්, වරදකරු බව පිළිගැනීමට කටයුතු කිරීමට උත්සාහ ගනු ඇත.

එය සාර්ථක වුවහොත්, වැරදි වලට දඬුවම් නියම කර, නඩුව අවසන් කරනු ඇත. එසේ නොමැතිව, වැරදි පිළි නොගෙන, නිවැරදිකරු බව ප‍්‍රකාශ කළහොත්, නඩුව විභාගයට තබනු ඇත.

නඩුව ඉවර වන්නේ කවදාද, එයද දෙවියන්ට කැමැත්ත අනුව සිදුවනු ඇත.

මියගිය අයගේ, බිරිඳ විසින් ගත යුතු ඊළඟ පියවර වන්නේ, දෙවසරක් තුල වන්දියක් ඉල්ලා දිස්ත‍්‍රික් උසාවියේ නඩුවක් පැවරීමය.

එයද උරචක‍්‍රමාලාවක් බවට පත් නොවුනහොත් ඇගේ වාසනාවකි. දෙවියන් ඇය දෙස බලා ඇතැයි නිගමනය කර සැනසෙන්නට පුලූවන.

දෙවියන් මේ දක්වාම බලා ඇත්තේ ඉන්ෂුවරන්ස් සමාගම් දෙසය, නීතිූවරුන් දෙසය, වාහන අයිතිකරුවා දෙසය. පොලිස් කාරයින් දෙසය.

මන්ද, වාහනය ගත් දිනයේම එය දෙවියන්ට ඔප්පු කර ඇති නිසාය.

”නීතියේ” එනම් පොතේ වගන්තිවල කුමක් සඳහන් වුවත්, භාවිතයේ පවතින්නාවූ ¥ෂණය, අභිබවා ක‍්‍රියා කිරීමට තරම් නිපුනත්වයක් මියගිය අයගේ බිරිඳට නොමැතිවුවහොත්, ඇයට සැමියා නැතිවීම අභිබවා ගිය, ඛේදවාචයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

රථවාහන අනතුරු වැළැක්වීමට ,
1. පවතින්නාවූ රථවාහන නීති,
2. පොලිස් පරීක්ෂණ
3. නඩු පැවරීම, නඩු ප‍්‍රමාදය, නීතිබති, අධිකරණ පද්ධතියේ දුෂණ
4. නීතිඥවරුන්ගේ ¥ෂණ අක‍්‍රමිකතා
5. රක්ෂණ සමාගම්වල ¥ෂණ

එක් එක් සිදධි ඇසුරින් ගෙන, කතාබහක් ඇති කල යුතුයි.

සිටින්න දවසක කොළඹ රථවාහන උසාවියක් ඉදිරිපිට, දක්නට ලැබෙනු ඇත. දෙවියන් ඉන්නේ කොහේද කියා.





පොලිසියට මරන්න අවසර දීලාලූ බූරුවා පොලේ සල්ලි මංකොල්ලය වැරදුන විට ඌරගහ පොලිසිය ගත් මිනිස් බිල්ල



ඌරගහ පොලිසිය, අමු අමුවේ වෙඩි තබා සිදුකල ඝාතනය වසන් කිරීමට සාක්ෂිකරුවන් භිය වද්දා ඇති බව, වෙඩි පහරින් එතැනම මිය ගිය 55 හැවිරිදි ජවර්ධන මහතාගේ බිරිඳ - ලලිතාංගනී මහත්මිය ප‍්‍රකාශ කර සිටි. 

මෙම මිනිස් ඝාතනය සිදුකල උප පොලිස් පරීක්ෂක ක‍්‍රිෂාන්ත තවමත් නිදැල්ලේ සිටින බව ප‍්‍රකාශ කරන ඇය, මේ වන විට, ඇසි දුටු සාක්ෂිකරුවන් සැඟවි ඇතැයිද කියා සිටී.

මෙම මිනිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ සිදුකරන්නේ, අල්ලපු පොලිසිය වන, ඇල්පිටිය පොලිසියයි.

2018.05.18 වන දින, කරන්දෙණිය ප‍්‍රදේශයේ නිවසක හත් දවසේ ධර්මදේශනාව අවසානයේ, සුපුරුදු ”බූරුවා” ගැහිල්ල පවත්වාගෙන ඇත.

ධර්ම ශ‍්‍රවණයෙන් පසුව, රැස්ව සිටි පිරිස, ”බූර්වා” සෙල්ලම් කරමින් සිටින තැන හෙවත් බූරු පිටියට, සිවිල් ඇඳුමින් පිරිසක් පැන, සෙල්ලම් කරන අයට හා බලා සිටි අයට පහරදී, බූරුපිටියේ මුදල් එකතුකරන්නට පටන් ගෙන තිබේ.

මංකොල්ලකරුවන් යයි සිතූ, බූරුපිටියේ සිටි අය, ඔවුන්ට පහරදී, තම මුදල් බේරා ගැනීමට උත්සාහ ගෙන ඇත. මෙම උත්සාහයේදී, මුදල් මංකොල්ල කෑමට පැමිණි පිරිසක් විසින් තබන ලද වෙඩි පහරින්, අසල සිටි ජයවර්ධන එ් අවස්ථාවේදීම මිය ගොස් ඇත.

වෙඩි තැබීමෙන් පසුව, එම පිරිස පලාගොස් ඇත්තේ, ඔවුන් පැමිණි යතුරු පැදි එම ස්ථානයේම තිබියදීය. එක් යතුරු පැදියක, තිබූ පොලිස් නිල ඇඳුම් පිරිසට හමුවී ඇත.

පසුව පොලිස් නිලධාරීන් විශාල පිරිසක් පැමිණ ඇත. එ් අවස්ථාවේ ඉදිරිපත් වූ කිහිප දෙනෙක් සිද්ධිය පොලිස් නිලධාරීන්ට පවසා ඇත. එ් හා අදාල වීඩියෝ පටයද ජයවර්ධන පවුල අතට පත්ව තිබේ.

මේ වන විට, ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ මරණ පරීක්ෂන නඩු විභාගය ආරම්භ කර ඇත. පසුගිය නඩු වාරයේදී, විභාගය පවත්වා ඇත්තේ, මහේස්ත‍්‍රාත්වරයාගේ නිල කාමරයේ බවත්, එතැනට ජයවර්ධනගේ බිරිඳට පවා යෑමට පොලිසිය ඉඩ නොදුන් බවත් ප‍්‍රකාශ වේ.

ජයවර්ධන මහතා බිරිඳ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, ඌරගහ පොලිසිය සිදුකල මිනීමැරුම පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙසය.

මේ වනවිට, පොලිස් අපරාධ සීග‍්‍රයෙන් වැඩ වන අතර, එ් සඳහා ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවය, විශේෂයෙන් නීතිය හා සාමය බාර ඇමති ඇතුලූ පිරිස, තමන්ට මිනීමරන්න ඉඩ ලබා දී ඇති බව පොලිසිය ප‍්‍රකාශ කරයි.  

ඌරගහ පොලිසිය සිදුකළ මනුෂ්‍ය ඝාතනය පිළිබඳව විධිමත් පික්ෂණයක් ආරම්භ කරන ලෙසට මිය ගිය ජයවර්ධන මහතාගේ බිරිඳ ලලිතාංගනී මහත්මිය මානව හිමිකම් කොමිෂන් සභාවව් වෙත කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. 

‘‘එච්. එච්. ජයවර්ධන, අවු: 55 යි (1963.03.10), කම්කරු - මාගේ ස්වාමි පුරුෂයා වේ. 2018.05.13 දින, කරන්දෙණිය කලූවලගොඬේ ප‍්‍රදේශයේ බණ ගෙදරකට යන බව කියා රාත‍්‍රී 9.10 පමණ මාගේ සැමියා නිවසින් පිටව ගියා. 

රාත‍්‍රී 11.30 පමණ, කවුදෝ දුරකථනයෙන් කතා කර ජේ.ආර්. කෝ කියා ඇසුවා. ජේ.ආර්. යනුවෙන් මාගේ සැමියාව අමතනු ලබනවා. ජේ.ආර් අයියාට කරදරයක්, පොලිසියෙන් වෙඩි තියලා, මැරිලාද දන්නේ නැහැ කියා පැවසුවා. 

එ් අවස්තාවේ මාගේ ලොකු පුතා වන ධනුෂ්ක දීප්තිමාල් ජයවර්ධන එම බණ ගෙදරට යැව්වා. මගේ පුතා මට දුරකථනයෙන් දැනුම් දුන්නා මාගේ සැමියාට ඌරගහ පොලිසියේ වෙඩි තැබීමෙන් මියගොස් ඇති බව. 

එ් අවස්ථාවේ මාද එම ස්ථානයට ගියා. මා දැනගත් ආකාරයට වෙඩි තැබීම සිදුව ඇත්තේ රාත‍්‍රී 10.30 ට පමණය. 2018.05.14 දින අ`ඵයම 5.00 ට පමණ, මහේස්ත‍්‍රාත්වරයා පැමිණ පරීක්ෂා කලා. 

පසුව බලපිටිය රෝහලට මෘත ශරීරය රැුගෙන ගියා. බලපිටියෙන් බාරගන්න බැහැ කිවූ නිසා කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගියා.

මා දැනගත් ආකාරයට එදින, බණ ගෙදර සිටි පිරිස, බූරු ගසන බවට චෝදනා කරමින්, ඌරගහ පොලිසියේ උ.පො.ප.ක‍්‍රිෂාන්ත නැමැති නිලධාරියා ඇතු`ඵ නිලධාරීන් හය දෙනෙකු සිවිල් ඇඳුමින් එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් ඇතු`ඵ එහි සිටි පිරිස අතර ආරවුලක් ඇති වී තිබෙනවා. එ් අතරදී, විදුලිය විසන්ධි වී තිබේ. පොලිසිය ක`ඵවරේම වෙඩි තබා තිබෙනවා. එහි සිටි පිරිස දුව ඇතිමුත්, මාගේ සැමියාට වෙඩි වැදී තිබේ.

ඔහුට වෙඩි වැදී තිබුනේ උදරයට වේ. වෙඩි හතරක් තබා ඇති අතර, එක් වෙඩිල්ලක් මාගේ සැමියාට වැදී තිබෙනවා. 

අවසන් කටයුතු 2018.05.17 දින සිදු කෙරුනා. 

මාගේ සැමියාට වෙඩි තබා ඇත්තේ, උ.පො.ප.ක‍්‍රිෂාන්ත විසිණි. වෙඩි තැබීමෙන් පසුව, කෝපයට පත්වූ එහි සිටි පිරිස විසින්, පොලිස් නිලධාරීන් පැමිණ තිබූ යතුරු පැදි තුනක් පොඩිකර දමා ඇති අතර, ඉන් එක් යතුරු පැදියක් මත තිබූ පො.ප. ක‍්‍රිෂාන්තගේ නිල ඇඳුම හමුවී තිබුනා. 

එයින් පෙනී යන්නේ, මෙම නිලධාරීන් හිතාමතාම තම නිළ ඇඳුම් ඉවත් කර, සිවිල් ඇඳුමින් එම ස්ථානයට පැමිණ ඇති බවයි.  

2018.05.14 දින, පෙරවරු 11.00 පමණ, මා හා මාගේ ලේලිය මේ පිලිබඳව පැමිණිලි කිරීමට ඇල්පිටිය පොලිසියට ගිය අතර, මාගේ පැමිණිල්ල බාර ගැනීම ප‍්‍රතික්ෂේප කරමින්, එක් නිලධාරියෙක් විසින් මාහට බැණ වදිමින්, තමුසේ මෙහෙ ආවේ මොකටද, ඌරගහ පොලිසියේ ලොකු මහත්තයාව ගිහින් හම්බවෙනවා කියා පවසා සිටියා.

මේ පිළිබඳව ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ මරණ පරික්ෂණ නඩුව පවතින අතර, එය 2018.05.23 දින ද පැවතිණ. මෙම මස, ජුනි 20ට කල් තබන ලදි. නඩු අංකය 5707 වේ. 

මෙදින උ.පො.ප.ක‍්‍රිෂාන්ත සාක්ෂි දෙමින් ඔහු ළඟ හා තවත් නිලධාරියකු ළඟ පිස්තෝල තිබූ බවත්, බූරු ගසන ශබ්දය ඇසීම නිසා එම ස්ථානයට ගිය බවත්, එවිට එහි සිටි පිරිස, තමා ඇතු`ඵ නිලධාරීන්ට ගල් වලින් පහර දුන් නිසා, ඔහු කුරුන්දට දිවූ බවත්, එවිට වෙඩි ශබ්දය ඇසුනු බවත්, අනතුරුව එදින රාත‍්‍රියේම ඔහු තම පිස්තෝලය සහ පතොරම් ඌරගහ පොලිසියේ ලොකු මහතා වෙත බාරදුන් බවත්ඔහු ප‍්‍රකාශ කර සිටියා.  

නැවතත් 2018.06.06 දින නඩුව ප.ව. 1.00 න් පසුව මහෙස්ත‍්‍රාත් තුමාගේ කාමරයේ පැවති අතර, එයට මට හෝ පවුලේ අයට සහභාගි වන්න හෝ දැක බලා ගන්න ඉඩ දුන්නේ නෑ. නඩුව  2018.06.20 දිනට කල්ගියා කිව්වේ ඇල්පිටිය පොලිස්යට සම්බන්ධ නිලධාරියෙක්.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, පොලිසායේ බලපෑමෙන් ඇසින් දුටුවන් කිසිවෙක් සාක්ෂි දීමට ඉදිරිපත් නොවන බවයි. සිද්ධිය අදාල විඩියෝ දර්ශණ තිබෙන වා.

මාගේ සැමියාගේ මරණයට වගකිවයුතු, ඌරගහ පොලිසියේ උ.පො.ප.ක‍්‍රිෂාන්ත ට එරෙහිව නීතිමය ක‍්‍රියාත්මක කර නොමැති බවත්, ඔහු තවමත් එම පොලිසියේම සේවය කරමින් නිදැල්ලේ පසුවන බවත්ය. 

මා ඉල්ලා සිටින්නේ, කඩිනමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා, මාගේ සැමියාගේ මරණය සිදුකල, ඌරගහ පොලිසියේ උ.පො.ප.ක‍්‍රිෂාන්ත ඇතු`ඵ වගකිවයුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.’’



Saturday, June 9, 2018

හයිකෝට් නඩුවක් දාලා තියෙන්නේ, මානව හිමිකම් ගිය නිසාලූ !! නීතිඥයෙක් කියයි.


කහතුඩුව පොලීසිය විසින් පසුගිය මස 23 දින අත්අඩංගුවට ගෙන දින දෙකක් පුරා වධ දී, කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ, මහේස්ත‍්‍රාත්වරයාට ඇප ලබාදීමට බැරිවන ලෙසට චෝදනා නිර්මාණය කරය.

මැයි 25 රිමාන්ඞ් බාරයට පත් වූ මොහු පිළිබඳ කිසිම තොරතුරක් බිරිඳට දැන ගන්නට නොලැබින. අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පිළබ`ද පවුලේ උදවියට දැනුම් දිමේ නීතිය රටේ නිතියට ගරු නොකරන පොලිසියකින් හා දුෂණය ආගම කරගත් ආණ්ඩුවකින් බලාපොරොත්තු නොවෙමු.

ඔහු පිළිබඳ තොරතුරක් නිවැසියන්ට දැන ගැනිමට ලැබුනේ, කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු විසින් කරන ලද දැනුම් දිමකිනි. මීළඟ නඩු දිනය ජුනි 07 බවත් කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව පවතින බවත් වැඩිදුරටත් දැනුම් දී තිබින.

එ් අනුව මොහුගේ නැන්දනිය අධිකරණයට ගිය අවස්ථාවේ එහි සිටි අයෙකුගේ උපදෙස් මත නීතිඥවරයෙකු මුණගැසී ඇත. එම නීතිඥවරයාව ඇය නඩුවට ඉදිරිපත් කර තිබේ. පොලීසිය දමා තිබූ චෝදනාව ඇප ලබාදීමට නොහැකි එකක් විය.

රු: 5000/- ක් ඇගෙන් ගත් මෙම නීතිඥවරයා තම කාර්ය නොකර, අධිකරණයෙන් එළියට ඇවිත් මේ රටේ අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳව කිසිත් නොදත්, අසරණ නැන්දණියට කියා ඇත්තේ මානව හිමිකම් ගිය නිසා පොලීසිය ඇප ගන්න බැරිවෙන්න චෝදනා කර ඇති බවය.

චෝදනාව දැම්මේ 2018.05.25 දිනය. ගෙදර අය දැනගත්තේ 2018.06.05 ය. මේ වංචාකාරී නීතිඥයා, මෙවන් ප‍්‍රකාශයක් කර නොමග යවන්නට උත්සහ ගත්තේ අති දුෂ්කර ප‍්‍රදේශයක සිට පැමිණි තිදරු මවකය.

ඇයට මෙම නීතිඥයා දී ඇති කාඞ් එකේ සඳහන් නම වන්නේ ගුණසේන ඒ. හේවගේ ලෙසටය.
මොහු ලබාගත් මුදලට රිසිට් පතක් දි නැත.

Wednesday, June 6, 2018

පොලිස් කොමිෂම හොරාගෙන්ම පේන අසන්නේ රෙදි ඇඳගෙනද ?



ආයතනගත පොලිස් නීති විරෝධී ක‍්‍රියාවන් පිළිබඳ, ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කරන්නේ බලාපොරොත්තු සහගතවය.

එ් එම කොමිෂම ස්වාධීන එකක් බවට ආණ්ඩුව ගෙන යන ප‍්‍රචාරයේ සත්‍යයක් ඇතැයි යන විශ්වාසයෙනි.

නමුත්, මෙම කොමිෂමට අරක්ගෙන සිටින මහජන මුදල් ගිල දමන කොමසාරිස්ලා, ලේකම්, අධ්‍යක්ෂ පට්ටම් අලවාගෙන සිටින රැුල, පැමිණිලි ඉදිරිපත් කරන රට වැසියන් තකතීරුවන් ලෙසට සිතා ක‍්‍රියා කිරීම තවමත් නවත්වා නැත.

පානදුරයේ දිසානායක මහතා හැටපස් වන වියෙහි පසුවන පෙදරේරුවෙකි. ‘‘පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ එ්කකය’’ ඔහුව අත්අඩංගුවට ගෙන, වධහිංසාවට, අවමන් සහගත සැළකිලිවලට, දඬුවම්වලට පාත‍්‍ර කරයි.

මෙම පොලිස් නීති විරෝධී නීච ක‍්‍රියාව ගැන, ඔහු ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කරයි.

එම පැමිණිල්ල පිළිබඳව විමර්ශනයක් කළ බව අධ්‍යක්ෂ මහජන පැමිණිලි විර්ශනපැමිණිල්ලක් කළ විට පැමිණිලිකරුට පෝරම එවමින්, ඉන්පසු එම පැමිණිල්ලට අදාල පොලිස්කාරයාට යොමු කර, ඔහුගේ පිළිතුර ආපස්සට යතුරුලියනය කර, එවන තත්ත්වයට පත්වූයේ රාජපක්ෂ රෙජිමය තුළය. එ් පිළිවෙත තවමත් අනුගමනය කරන්නේ අන් සියලූ ආයතන මෙන්ම ජාතික පොලිස් කොමිෂම ද දුෂිත බව සනාථ කරමින්ය.

මෙය වෙනස් කළ හැක්කේ පොලීසියට පමණක් නොව ජාතික පොලිස් කොමිෂම ද අභියෝගයට ලක්කර, ජනතාව දැණුවත් කිරීමෙන්ය. දිසානායක මහතා ගේ පිළිතුර ආදර්ශයට ගන්න. 

 ශ‍්‍රීමාලි ආතාවුද ආරච්චි මහත්මිය එ් මහතාට එවා ඇති ලිපියට පිළිතුරු වශයෙන් යවන ලද ලිපිය මෙසේය.











Saturday, June 2, 2018

ගබ්සාව - ස්ත‍්‍රියකගේ අයිතියකි. අයර්ලන්තය තීරණය කරයි.


කතොලික සභාවේ දැඩි විරෝධය නොතකා අයර්ලන්ත ජනරජයේ රට වැසියන් බහුතරය ‘‘ගබ්සාව’’ නීති විරෝධි කර තිබු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරිමට චන්දය පාවිච්චි කරන ලදි.

අයර්ලන්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මවට මෙන්ම නුපන් දරුවාට ජිවත්වීමට අයිතිය හිමිය. 1983 දි සිදු කළ මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ට අනුව එරට ගබ්සාව ට ඉඩක් තිබුනේ මවගේ ජිවිතයට අනතුරක් වන වා පමණි. එ් අනුව ගබ්සාවට ඉඩ ලබාදීමට මෙම ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු විය. එය කළ හැක්කේ වසර 35 කට වරක් පවත්වන ජනමත විචාරණයකිනි. 

එ් සඳහා ජනමත් විචාරණයක් පැවැත්වීමට එරට අගමැති පියවර ගත්තේය. අයර්ලන්ත ජනගහනයෙන් 78‍්‍%ක් කතොලික භක්තිකයින්ය. ගබ්සාව නිති ගත කිරිමට කතෝලික සභාව විරුද්ධ විය. එහෙත් මැයි මස 25 සිකුරාදා  ජනමත විචාරණයේදි ගබ්සාව නිති ගත කිරිමට 64‍්‍%පක්ෂව චන්දය දෙන ලදි. 
මෙම ජයග‍්‍රහණය ලබා ගත්තේ එ් ස`දහා කැපවු ස්ත‍්‍රි කණ්ඩයමක් අඛණ්ඩ නොසැලි ගෙන ගිය අරගල යෙනි. කතෝලික සභාවේ හා එ් මත දරන්නන්ගේ තර්ජන, ගර්ජන, නින්දා අපහස මැද ගෙන ගිය අරගලය, ආගම, සංස්කෘතියට එරෙහිව ‘‘අයිතිය’’ සඳහා කරන ලද අසිරු සටනක් විය.  
කෙසේ වෙතත් අයර්ලන්ත ජනරජය සියලූම ආගම් වලට සමාන තැන ලබා දි ඇති අතර, රාජ්‍යය ආගමෙන් බැහැර වු, නිදහස් දේශයක් බව අවධාරනය කළ යුතුය. එරට සම ලිංගික විවාහ නිති ගත වුයේ 2015 වසරේදිය. 

  

මානව හිමිකම් කොමිසම දිනා ගත් A ශ්‍රේණිය ණිය රැක ගන්න වැඩ කරන්න


රාජපක්ෂ රෙජිමය යටතේ අන්ත දුෂිත තත්වයට පත් කරන ලද මානව හිමිකම් කොමිෂම ජාතියන්තර ප්රජාව අතර බාල්දුවු අතර රටවැසියන් අතර එය තවත් එක් දුෂිත ආයතනයක් විය.
එවක සභාපතියාවු විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා   
 ප‍්‍රමුඛ "කොමාලා" හා එක්ව ක්රියා කළ කල්ලිය ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අන්ත දුෂිත ආයතනයක් බවට පත් කළා පමණක් සොරකම් වසන් කිරිමට ගිනි තබන ලදි. 

එවක කොමිෂමේ දුෂිත ක‍්‍රියාවන් හෙළි කළ ජනසංසදයට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේනතුව යොදවා භිය වැද්දිමට තරම් නීච අසාර්ථක උත්සහයකද සභාපතියාවු ශ්‍රේඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා ප‍්‍රමුඛ කොමාලා හා ඔහුගේ ගැන්සිය ගත්තේය. 

එ් අතර සමහර විද්යුත් මාධ්‍යය යොදාගෙන සිය පේ‍්‍රක්ෂකයින්‍ව රැවටිමට නන්දෙඩවන එවක කොමසාරිස්වරයෙකු වු අ/ප‍්‍රතිභා මහනාම  විලි ලැජ්ජා නැතිව මානව හිමිකම් කොමිෂන් සභාව, ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාවගේ ඇගයිමට ලක්වීම අවතක්සෙරු කිරිමේ උත්සහයක යෙදි තිබින.

19වන ව්යවස්ථා සංශෝධනය යටතේ පත්වු ර්තමාන කොමිසම් සභාව විවිධ දුෂ්කරතා මාධ්‍යයේ ප‍්‍රගතියක් ලබාගෙන තිබේ. අදටත් කොමිෂමේ ඉදිරි ගමනට බාධා වි ඇත්තේ රාජපක්ෂ යුගයේ දුෂිත කල්ලිය හා එක්ව සිටි සමහර කාර්ය මණ්ඩල සාමජිකයින්ගේ දුෂඨ ක‍්‍රියාවන්ය.

ලබාගෙන තිබෙන ප‍්‍රගතිය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ ඇගයිමට ලක්වීම අගය කළ යුතුය. එමෙන්ම ආයතන ගතව පවතින වධහිංසාව හා සම්බන්ධ මුලික අයිතින් උල්ලංඝණයන්, විශේෂයෙන් පාසැල හා ආගමික ආයතන මුලික කරගෙන පවත්වාගෙන යන ළමා අපයෝජන අවම කිරිම කේන්ද‍්‍ර කරගත් සක‍්‍රිය ආයතනයක් බවට පත් කිරිමට තවත් බොහෝ දේ කළ යුතුව තිබේ.

වර්ථමාන මානව හිමිකම් කොමිසම් සභාවේ ධුර කාලය කෙටිය. මෙතෙක් කරන ලද වැඩ ආණ්ඩුවේ දුෂිතයින්ට මෙන්ම මුලික අයිතින් උල්ලංඝණයට සැදි පැහැදි සිටින රාජ්‍යය ආයතන වලට හිස රදයකි. නිර්දෙශ ක‍්‍රියාත්මක කරන්නේ නැත. එම තත්වය වැළැක්වීම සඳහා කඩිනම් ක‍්‍රියා මාර්ග ගත යුතුය.  

Monday, May 28, 2018

ශ‍්‍රී ලංකා පොලීසියේ කුපාඩි වැඩ හෙලි කළ නඩුවක තීන්දුවක්.


ප‍්‍රකාශ ගැනීමට යැයි පොලීසියට රැගෙන විත් හෝ ගෙන්නාගෙන දින ගණන් රඳවා තබාගෙන බොරු නඩු දැමීම, ශ‍්‍රී ලංකාවේ ”බෞද්ධ” පොලීසියේ උරුමයයි.

අප එසේ කියන්නේ මේ වන විට, සෑම පොලීසියකම ඉදිරිපිට බුද්ධ ප‍්‍රතිමා අටවා තිබීමත්, පිරිත් පිංකම් පැවැත්වීමත්, දාන දීම්, බණ කීම්, කඨිණ පූජා, ආදී ”බෞද්ධ” වැඩ රාජකාරිය කරගෙන තිබෙන නිසාය.

මේ සියල්ල කරන්නේ ”බලය” පාව්ච්චි කර, මුදලාලිගෙන්, රියදුරන්ගෙන් ජාවාරම්කරුවන්ගෙන් එකතු කරන මුදලින් බවද අවධාරණය කරමු.

මේ පොලීසියේ නීති විරෝධී ක‍්‍රියාවන් අතර, ප‍්‍රකටම ක‍්‍රියාවකි, බොරු නඩු දැමීම. මෙහිදී පොලීසිය අධිකරණයට බොරු වාර්තා ඉදිරිපත් කරති. බොරු දිව්රුම් ප‍්‍රකාශ දෙති.

මෙම ක‍්‍රියාවට ගොදුරු වන බහුතරය අසරණයන් වෙති. එ් නිසා ”වරද පිළිගෙන” අඩු දඬුවම් ඉල්ලාගෙන ගෙදර යති.

අනුර කුමාරව, බොරලැස්ගමුව ොපලිසිය විසින් අඬගසාගෙන එන්නේ, ඔහු පදිංචි  ඕපනායකට ගොස්ය. එ් 2013 මැයි 04 වන දිනය.

ඔහුව රැගෙන එන්නේ ඔහු රැකකියාව කළ ස්ථානයේ තරුණිකගේ මරණය අදාලව, ප‍්‍රකාශයක් ගැනීමටය.

ඔහුව, පළමුව  ඕපනායක පොලීසියටත්, ඉන්පසුව බොරලැස්ගමුව පොලීසියටත් ගෙන ගෙන එයි.

බොරලැස්ගමුව පොලීසියේදී, ඔහුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කරගෙන පොලිස් ඇපයක් මත මුදා හරී. එ් දින තුනකට පසුව, 2013 මැයි 07 වන දිනය.

අනුර කුමාරව පොලිස් ඇප මත මුදාහැරියත්, ඔහුව 2013 මැයි 09 වන දින දක්වාම, බොරලැස්ගමුව පොලීසියේ රඳවාගෙන සිට 2013 මැයි 10 වන දින, හෙරොයින් මිළි ග‍්‍රෑම් 10 ක් ළඟ තබාගත් බවට වන චෝදනාව මත නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරණු ලබයි.

චෝදනාව නොපිළිගන්නා ඔහු, බොරලැස්ගමුව පොලීසියේ නඩුව අභියෝගයට ලක් කරණු ලබයි.

එ් අතර ඔහු බොරලැස්ගමුව පොලීසියට එරෙහි මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරයි.

එ් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් බොරලැස්ගමුව පොලීසිය හා රජය උල්ලංඝණය කළ බවට චෝදනා කරමින්ය.

මහේස්ත‍්‍රාත් උසාවියේ හෙරොයින් නඩුව විභාගයට ගත්ත ද, පැමිණිලිකරු වූ එවක  බොරලැස්ගමුව පොලීසියේ පොලිස් පරීක්ෂකවරයා වූ ලක්ෂ්මන් අල්විස් අධිකරණය මග හරී.

මෙයින් තහවුරු වන්නේ පොලීසියට බොරු නඩු දමා උසාවිය නොමග යැවීමටත්, උසාවිය මගහැරීමටත් ඉඩ තිබෙන බවයි.

පැමිණිලිකරු වූ, පොලිස් පරීක්ෂක උසාවිය මගහැරීමේ පදනම මත, අනුර කුමාරව හෙරොයින් ළඟ තබා ගැනීමේ නඩුවෙන් මුදාහරිණු ලබයි.

එයින් අනතුරුව 2018.02.09 වන දින, විභාගයට ගන්නා මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2018.05.22 දින ප‍්‍රකාශයට පත්කරණු ලබයි.

එම තීන්දුවට අනුව, බොරලැස්ගමුව පොලීසියේ එවක පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අල්විස් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) හා 13 (2) යන වගන්ති උල්ලංඝණය කර ඇති බවට නිගමනය කරයි.

එ් අනුව එවක බොරලැස්ගමුව පොලීසියේ පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අල්විස්, පුද්ගලිකව, අනුර කුමාරට රු: 50,000/- ක වන්දි මුදලක් ගෙවන ලෙසට නියම කරයි.

රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ රාජ්‍යය වගකීම පැහැර හැරීම නිසා රජයට රුපියල් ලක්ෂයක වන්දියක් හා රුපියල් පනස්දහසක නඩු ගාස්තුවක් අනුර කුමාරට ගෙවන ලෙසට නියම කරණු ලබයි.

මේ අනුව රජය වෙනුවෙන් පොලිස්පති අනර කුමාරට ගෙවිය යුතු මුදල, රු: 150,000/- කි. ඔහුට හිමිවන මු`ඵ වන්දි ප‍්‍රමාණය රු: 200,000/- කි.

මෙම නඩු තීන්දුව අප සලකන්නේ අනුර කුමාරගේ පුද්ගලික ජයග‍්‍රහනයක් ලෙසට නොවේ.

මෙ රටේ ”බෞද්ධ” පොලිසිය, මේ රටේ බහුතරයක් වන බෞද්ධයන් ව පීඩාවට පත් කිරීමට එරෙහිව ලබාදුන් නඩු තීන්දුවක් ලෙසටය.

මේ වන විට, මෙම දුෂිත පොලිස්කාරයා, පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අල්විස් උසස්වීම් ලබාගෙන පොලිස්පති ඇතුලූ ඉහලයන්ගේ සුරතලෙකු වී ඇත්නම් එය පුදුමයට හේතවක් නොවේ.

මේ තීන්දුව කථිකාවට භාජනය කරන්න. සම්පූර්ණ නඩු තීන්දුව සඳහා යොමුව:
http://www.janasansadaya.org/page.php?id=639&lang=en-






Saturday, May 19, 2018

පොන්නයෙක් නොවන චීවරධාරයෙක් සිල් නොගන්නේ කොණ කපපු එවුන්ලූ !


ක/වල්ගම ශ‍්‍රී සද්ධාතිස්ස මහා විද්‍යාලයේ විදුහල්පතියා, චීවරධාරීන් දෙදෙනෙක් හා ගුරුවරු පිරිසක් වෙසක් පෝය වෙනුවෙන් සිල් නොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් වධයට ලක්කොට එක් සිසුවෙකුට රෝහල්ගත වන්නටම පහර දී තිබේ.

වෙසක් පෝයට පෙර දින, පවත්වන ලද ”හාෆ් ඬේ” (දින 1/2 ) සිල් ගැන්වීමට එක් නොවූ, සියයකට වැඩි සිසුන් පිරිසකට දඬුවමක් වශයෙන් ”සක්මන් භාවනාව කරමින්” විදුහලේ පිට්ටනිය වටා, වට සියයක්, ඇවිද්දවා තිබේ.

මෙම මෘග ක‍්‍රියාව සිදුකර ඇත්තේ, 2018.05.17 දිනය.

සක්මන් භාවනාවේ යෙදෙන විට, අත් දෙක එකතැන හෙලවෙන්නේ නැතිව, තියාගන්න  ඕන හින්දා එක් සිසුවෙක් අත් දෙක සාක්කු දෙකට දමාගෙන තිබේ.

එ් දුටු චින්තක නැමති හීරලූ විදුහල්පතියා මේ සිසුවාව වේදිකාවට කැඳවා අතින් පයින් පහර දී තිබේ. මේ මෘග පහරදීමට  ප‍්‍රියන්ත, චින්තක, කැටපොල හාමුරුවෝ, සුගතානන්ද හාමුදුරුවෝ, තුෂර, සුමිත් යන ගුරුවරුන් එක්ව තිබේ.

දින 1/2 යේ, ”හාෆ් ඬේ” සිල් නොගත්තේ ඇයිද යන ප‍්‍රශ්නයට සිසුවා පිළිතුරු දී ඇත්තේ තමාට පියා සිල් නොගන්නා ලෙසට දුන්න උපදෙස් අනුව බවයි.

සිසුවාගේ පියා හොඳ බෞද්ධයෙකි. එ් නිසාම පන්සිල් පද පහවත් පිළි නොපදින එවුන්ගෙන්, අට සිල් ගන්න යැවීම බුදු දහමට කරන නිගාවක් බව ඔහුගේ හෘදය සාක්ෂියට අනුව ප‍්‍රශ්න කරන්නට විය.

එමෙන්ම අටසිල් සමාදන් වී, 24 පැයක් භාවනාවේ යෙදිය යුතුයි. පෝලිම් ගස්සවා තක්කඩි ¥ෂිත චීවරධාරියෙකු ඉදිරිපිට ගාථා කිහිපයක් උච්ඡුාරණය කර, වලපල් ෙදාඩවමින්, කා බී සවස 2.00 ට ගෙදර එ්මෙන් සිදුකර ගන්නේ පවකි. ආත්ම වංචාවකි.

එ් නිසා ”බයිෆෝස්” සිල් ගැන්වීමට එක්වී සහතික ගන්නවාට වඩා නිකන් සිටීම වැදගත්ය.

සිසුවාට පහර දෙන විට කැටපොල නැමති චීවරධාරියා තමා පොන්නයෙක් නොවන බවත්, සිල් නොගන්නේ කොණ කපපු එවුන් බවත් කියා ඇත.

විදුහල්පති චමින්ද, සිසුවාට කියා ඇත්තේ ඔහුගේ පියාට ඇවිත් විදුහල්පතිකම බාරගන්නා ලෙසටය.

මේ සිද්ධිය හුදකලා එකක් නොවේ.

අධිකරණය ඇතුලූ, රාජ්‍ය පාලකයින් හා ආණ්ඩුව මෙම ¥ෂණය, වධ දීම පවත්වාගෙන යයි.

නීති ඇත. එ්වා විකුණාගෙන කති. සමහර සිවිල් සංවිධාන යැයි කියා ගන්නා සංවිධාන, චීවරධාරීන් ද, පූජකයන්, පොලිස් කාරයින්, දේශපාලකයන් ද එක්ව පහන් දල්වා වධහිංසාවට, ¥ෂණයට එරෙහිව කථා කරති.







Saturday, May 5, 2018

කරවල විකුණන ගෑණියෙක්ගෙන් පානදුර ප‍්‍රාදේශීය ලේකම්ට ප‍්‍රශ්ණ පත‍්‍රයක්..



පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව පිහිටුවන ලද, කාන්තා සමිතියක උප සභාපතිනිය ව අස්කරලා ඇත්තේ, හොරට කැඳවපු, විශේෂ රැුස්වීමක දී ලූ.

ඇය, ගෙයින් ගෙට ගොස් කරවල විකුණා, සැමියා ඇතුලූ දරු පවුල රකින්නියකි.

ගමේ පොදු වැඩවලට උර දෙන්නේ, එ් කරදර දුක් කම්කටො`ඵ මැදය.

පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා සංවර්ධන නිලධාරිණිය ගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද කාන්තා සමිතියක පළමු රැුස්වීමේදීම , රු: 200/= බැගින් එකතු කරන ලද බවත්, එයින් රු: 30/=ක් වෙන්කර ඇත්තේ, හිටපු කාන්තා සංවර්ධන නිලධාරිනියට පිදේණියක් පිරිනමන්නටය.

නීතිය මත පාලනය – වල පල්ලට ගිය රටක, මෙවන් දුෂිත ක‍්‍රීයාවන් ප‍්‍රහ්න කිරීම, අපරාධයක් හැටියට ෂලකති.

මුනිවත රකින බහුතරය අතර අතලෝසස්ක් ප‍්‍රශ්ණදු  කරන්නන් සිටිති. ඇයද එක් අයෙකි. එ් නිසාම, ඇයට කාන්තා සමිතිවල සාමාජිකත්වය දැරීම නුසුදුසුය.

ඇයව හොර රහසේම අස්කර දමන් ලද්දේ එ් නිසාය.

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය – ඇයව නිහඬ කරවූ බවට සතුටු වන්නට ද ඇත.

එහෙත් ඇය, අයුක්තිය ඉදිරියේ නිහඬ වන්නට සූදානම් නැති බව – ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීට යවන ලද, තොරතුරු ඉල්ලීමේ ඉල්ලූම් පනතෙන් පැහැදිළිය.

එ් ඉල්ලූම් පත‍්‍රය පහත දන්වන්නේ අන් අයටද කළ හැකි දේ බොහෝ බව පෙන්වා දීමටය.

මේ ඉල්ලූම් පත‍්‍රයට දින 14ක් තුල - ප‍්‍රාදේශීය ලේකම් ගේ තොරතුරු නිලධාරී පිළිතුරු දිය යුතුය.

තොරතුරු ලබා දෙන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.

1. අයදුම්කරුගේ නම                            -  ........විජේසේකර

2. ලිපිනය           - ............................. කෙසෙල්වත්ත.                           
3. දුරකථන අංකය                               - -----------------    

4. ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තර
     1. අදාළ ආයතනය                           -
                                        2018.03.22 දින, හොරේතුඩුව, මඩකිස්ස පාර පිහිටි, ”සේවා පියස” ස්ථානයේදී,  පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, වනිතා සංවර්ධනනිලධාරිණියගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද  කාන්තා සමිතිය. මෙම රැුස්වීමට ප‍්‍රදේශ නිලධාරීවරයාද සහභාගී විය.                         
11. ඉල්ලා සිටින තොරතුරු  - 1. එම කාන්තා සමිතියේ ව්‍යවස්ථාව  (සහතික  කරන ලද) 2. 2018.04.05 දින හා 2018.04.23 රැුස්වූ සමිති
රැස්වීමේ වාර්තා.111. තොරතුරුවලට අදාළ කාල පරිච්ෙඡ්දය - 2018.03.20, 2018.04.05, 2018.04.23 දිනවලපැවති රැස්වීම හා බැඳේ.        සැ: යු:
මෙම තොරතුරු මා ඉල්ලා සිටින්නේ, ඉහත සඳහන් සමිතියේ සාමාජිකාවක් වශයෙනි. 2018.03.22 දින පැවැති ප‍්‍රථම රැුස්වීමේදී උප සභාපතිනිය ලෙස තේරී පත්වූ, සාමාජිකාවක් වශයෙනි.

2018.03.22 දින මා ඇතුලූව, රැස්වූ 25 දෙනාගෙන් රු: 200/= බැගින්, භාන්ඩාගාරික ලෙස පත්වූ සාමාජිකාව විසින් ලබා එකතු කරගන්නා ලදි.

එකතු කර ගන්නා ලද රු: 200/= න්, රු: 170/=ක් සමිති සාමාජික ගාස්තු වශයෙන් බවද, ඉතිරි රු: 30/= පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට මාරු වී යන ලද බව කියන ලද, හිටපු කාන්තා සංවර්ධන නිලධාරිණිය වන සමන්ති මහත්මියට තෑගි දීම  ට බව ප‍්‍රකාශ විය.

එකතු කරන ලද සාමාජික මුදල වන රු: 170/= හා සමන්ති මහත්මියට ආධාර වශයෙන් එකතු කල රු: 30/= සඳහා ලදුපතක් නොලැබු ද, මේ තොරතුරු වලින්, මා සාමාජිකාවක් බව ඔප්පු වනවා ඇත.

මම ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් වෙමි.

මෙම ඉල්ලීම කරනුයේ තොරතුරු දැනගැනීමේ පණතේ 5 වන වගන්තියේ විධවිධාන වලට යටත්ව බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

විජේසේකර.       







Friday, May 4, 2018

නඩත්තු අරන් දෙන්න සියල්ල කළ හැකි දෙවියන්ටත් කොරන්න බෑලූ!!


ඇය ශ‍්‍රී ලාංකිකයෙකි. එහෙත් මුස්ලිම් ආගමට අයත් බැවින්, ඇය යටත් වන්නේ, මුස්ලිම් නීතියටය. ඒ නිසාම ඇයට විවාහ වන්නට සිදුවුනේ බිරියන් තිදෙනෙක් සිටි පුරුෂයකු සමගය.

ඇයගේ විවාහ ගිවිස ගැනීමේදි, ඇය වෙනුවෙන් කැමැත් දි අත්සන් කලේ, ඇගේ මල්ලී ය. එ් ඇයගේ විවාහය සිද්ධ කළ පල්ලියට - ඇයට ඇතුලූවීමට නොහැකි වූ නිසා. චාරිත්ත‍්‍රය. 

විවාහයෙන් පසුව, සැමියා ඇගේ නිවසට පදිංචියට පැමිණියේය. පළමු දිනයේ සිටම ඔහුගේ ඉල්ලීම වූයේ තම පවුලට අයත් එකම නිවස ඔහුගේ නමට ලියා දෙන ලෙසටය.

එයට ඇගේ මව අකමැති විය. ගැබට මාස තුනක් සම්පූර්ණ වන විට, ඇයව අතහැර යෑමට සැමියා පියවර ගති. ඇය - මුස්ලිම් ජාතිකයන්ගේ ‘‘විවාහ’’ නඩු අසන ක්වාසි උසාවියට ගොස් නඩු දැම්මේය. 

ඇයට දික්කසාදය ලැබිණ. නමුත් දරුවාට උසාවිය ගෙවන්න නියම කල නඩත්තුව ගෙවන්න  දරුවාගේ පියා (සැමියා* නම් සුදානම් වුයේ නැත. ඇය එ් ගැන නැවත ක්වාසි උසාවියේ නඩුකාරයාට කිව්වේය. ගෙවන්නේ නැතිනම් ක්වාසිට කොරන්න දෙයක් නැතිලූ. 
එ්ක දෙවියන්ගේ වැඩක් නිසා වෙන්න ඇත. 

ඇය මේ ගැන අධිකරණ අමාත්‍යංශ ලේකම්ට ලියන ලද ලිපිය පහත දක්වමු.

නඩු අංක : උඵරැු1660  හා ක්‍ඵරැු1893

ඉහත නඩු දෙකට අදාල පැමිණිලිකරු මම වෙමි. 

02. 2014 මැයි 18 වන දින මා, මුස්ලිම් විවාහ නීතිය යටතේ මුහම්මුදු මිහිලාර් මුහම්මදු හිල්මි සමග විවාහ ගිවිස ගත්තෙමි.

මාගේ විවාහයට මා වෙනුවෙන් මාගේ මල්ලී වන මුහම්මදු රිස්වාන් අත්සන් කරන ලදි.

03. විවාහ වූ දිනයේ රාත‍්‍රියේ, මාගේ මවගේ නිවසේ මංගල උත්සවය ගත්තා.

04. එදින සිට දවස් තුනක් මා සමග ගත කළා. ඉන්පසු ඔහු පිටව ගියා. ඉන්පසු ඔහු වරින් වර ආවා ගියා.

05. මේ අතර මා ගැබ් ගත්තා. එ් අතර මා දැනගත්තා ඔහුට භාර්යාවන් හතර දෙනෙක් සිටින බව.

06. ඔහු නිතරම මාගේ මවට අයත් අප පදිංචි නිවස ලියා දෙන්න යැයි බල කරමින් මට පහර දෙන්න පටන් ගත්තා.

07. බැරිම තැන,  ක්වාසි උසාවියට පැමිණිල්ලක් කර, ඔහුගෙන් දික්කසාද වුණා. පැමිණිලි කළ දිනය, 2014.11.30, නඩු වාර තුනකින් පසුව 2015.02.14 දින දික්කසාද වුණා.

08. 2015.02.14 දින, 2014.11.30 දින සිට රුපියල් 7000/- බැගිින් නඩත්තු මුදලක් මසකට ගෙවන ලෙසට නියම කළා.

09. නමුත් එ් මුදල ඔහු ගෙව්වේ නැහැ.

10. නඩත්තු නොගෙවන නිසා, 2017.01.20 දින, ක්‍ඵරැු1893 යටතේ යළිත් නඩු දැම්මා.

එම නඩුවේ තීන්දුව 2017.02.25 ලබාදුන්නා.

එ් තීන්දුවට අනුව, දියිණිය ෆාතිමා රීමාට, 2017.01.24 දින සිට, මාසිකව රුපියල් 6000/- ක් ගෙවීමට නියම කරණු ලැබුවා.

11. මේ අනුව, මට රුපියල් 7000/- ක් හා දරුවාට මසකට රුපියල් 6000/- ක් ගෙවිය යුතුව තිබෙනවා.

12. මේ සම්බන්ධයෙන් මා හතර පාරක් ඔහු  හමුවුණා. ඔබගේ පිළිතුර වූයේ කරන්න දෙයක් නැති බවයි.’’ 

මා ඉල්ලා සිටින්නේ, ඉස්ලාම් භක්තිකයෙකු වශයෙන්, මාගේ දියිණියට අධිකරණය නියම කළ නඩත්තු මුදල, හිඟ මුදලද, සහිතව මට ගෙවීමට නියම කරන ලෙසටයි.

එ් පිළිබඳව ඔබට ගතහැකි නීතිමය පියවරක් නොමැති නම්, එසේ පියවර ගත නොහැකි බව මට ලිඛිතව දැණුම් දෙන ලෙසට ද ඉල්ලමි.

මෙයට,

     ---------------------