Wednesday, April 24, 2019

Saudi Arabia beheads 37 people, mostly from Shia minority, puts body on display



Published time: 24 Apr, 2019 03:24Edited time: 24 Apr, 2019 03:39 Rt News
Saudi Arabia's Crown Prince Mohammed bin Salman attends a graduation ceremony for the 95th batch of cadets from the King Faisal Air Academy in Riyadh, Saudi Arabia December 23, 2018. © Reuters / Courtesy of Saudi Royal Court / Bandar Algaloud
Riyadh has drawn outrage from human rights advocates after it put to death 37 people and displayed a mutilated body of one of them on a pole. The execution was carried out after "sham trials," the Amnesty International said.
The ultra-conservative kingdom on Tuesday beheaded 37 of its citizens in its biggest mass execution in three years and first of that scale since Mohammed bin Salman became the heir apparent to the throne in June 2017. AP reported, citing Saudi dissident Ali Al-Ahmed, that at least 34 of those who were executed were members of the country's Shia minority. According to Al-Ahmed, it became the "largest execution of Shiites in the kingdom's history."
The Saudi Interior Ministry said that that the men were subjected to capital punishment for their role in spreading extremist ideologies and establishing terrorist cells. Those executed, the ministry argued, were bent on fueling sectarian tension and plunging the country into chaos. Some were found guilty of killing law enforcement officers, staging attacks against security infrastructure and assisting an enemy of the state.
A beheaded body of one of the men, reported to be a Sunni militant, was pinned to a pole and put on public display.
While the Saudi government insists that all the executions were perfectly in line with the country's law and order, the Amnesty International sounded alarm over what it labelled a "shocking execution spree."
The Amnesty reported that 11 men were found guilty of spying for Saudi Arabia's archrival, Iran, while 14 others were sentenced to death for 'violent offences' they allegedly committed while taking part in anti-government protests against the Saudi government in 2011-2012. The protests rocked the country's Eastern Province, a home to the Saudi Shia minority, that demanded an end to anti-Shia discrimination and the release of political prisoners. Riyadh's crackdown on dissent led up to the execution of the leader of the unrest, Shia cleric Nimr Baqir al-Nimr, in 2016. Al-Nimr was put to death along with 46 other prisoners in the largest mass execution since 1980.
The Amnesty further noted that one of the prisoners executed on Tuesday was a young Shia man who did not come of age at the time of his alleged offence. The group said that Abdulkareem al-Hawaj was just 16 when he was arrested and found guilty of crimes linked to his participation in the anti-government protests.
 Lynn Maalouf, Amnesty's Middle East Research Director, said that the men were convicted after "sham trials" and were forced to confess to the crimes under torture.
"It is also yet another gruesome indication of how the death penalty is being used as a political tool to crush dissent from within the country's Shi'a minority," she said.
Saudi Arabia have executed over 100 people since the beginning of the year and is on its course to surpass the last year's number if it continues at the same pace. Last year, a total of 149 people were executed in the kingdom.


Tuesday, April 9, 2019

පොලීසියෙන් දීපු හොර ටෙම්පරියෙන් කොන්දොස්තර ඩ්‍රයිවර් වෙලා ලු .


රියදුරු බලපත්‍ර නැති පුද්ගලයින්ට, බස් දුවන්න, කූඨ ලෙස සකස් කරපු “ටෙම්පරි” පොලීසියෙන්ම ලබා ගන්න පු`ඵවන්. 

මේ ජාවාරම හෙළිවන්නේ පසුගියදා, මොරටුව, කටුබැද්ද බස් ලොරි ගැටුමකින් ය. බසයේ හිමිකාරිය කියන්නේ, නවත්වා තිබූ බසයේ, පිටුපසින් පැමිණි ලොරිය හප්පා ඇති බවයි. අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වාඇති මොරටුව රථවාහන පොලීසිය, අනතුරට භාජනය වූ බස් රථයේ ඊනියා “රියදුරු” ව අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.

ඔහුට විරුද්ධව නගා ඇති චෝදනාව කූඪ ලෙස සකස් කළ “ටෙම්පරියක්” භාවිතා කර, රියදුරු ලෙසට බසය ධාවනය කිරිමය.

බස් රථයේ හිමිකාරිය, ප්‍රකාශ කරන්නේ මොරටුව රථවාහන අංශයේ ස්ථානාධිපති තමාගෙන් රු: 20,000/- ක අල්ලසක් ඉල්ලා සිටිය බවත්, නොදුන්න නිසා රියදුරු වෙනුවට කොන්fදාස්තරට විරුද්ධව චෝදනා නගා, උසාවි දමන ලද බවය.

කොන්fදාස්තර සතුව, ඔහුගේ නමින් “ටෙම්පරියක්” තිබූ බව පිළිගන්නා ඇය එය නිකුත් කර ඇත්තේ ගල්කිස්ස පොලීසියෙන් බව ද කියා සිටී.

ඇයගේ තර්කය වන්නේ, පොලීසියෙන් දෙන “ටෙම්පරි” හොරද, නැද්ද යන්න නිශ්චය කිරීමට තමන්ට නොහැකි බවයි.

තම කොන්fදාස්තර අත තිබූ “ටෙම්පරිය” කුඨ ලෙස සකස් කරන ලද එකක් නම්, එයට වගකිව යුතු ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන, උසාවියට ඉදිරිපත් කළ යුතුව තිබෙන බවද ඇය කියා සිටී.

මොරටුව පොලීසිය, අනතුරට පත්වූ තම බස් රථයේ රියදුරු ලෙසට කොන්fදාස්තර ආදේශ කිරීම නිසා, අලාභය අය කර ගැනීමට නොහැකි වී ඇති බවද ඇය වැඩි දුරටත් කියා සිටී.

මෙම බස් රථය පානදුර -  පිටකොටුව ධාවනය වන බස් රථයකි.

ඇය මේ පිළිබඳව පොලිස්පතිට හා නීතිය හා සාමය පිළිබඳ අමත්‍යාංශයේ ලේකම් ට පැමිණිලි කර ඇත.

Thursday, March 28, 2019

හැප්පිච්ච එකාට නඩු ! හප්පපු එකා පොලිස් රියදුරු !! රථය පොලිස් Accountant ගේ !!! ගියේ ගෑනියෙක් හා ළමයෙක් !!!!



ඇට කුඩු වී ඔත්පලව සිටින විසිහය හැවිරිදි තරුණයාට, රිය අනතුරකදී උසාවියෙන් නියම කරන ක්ෂණික වන්දිය වත් දීලා නෑ.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ යුනිලීවර් සමාගමේ සේවකයකු වන දුමිදු පසන් මධුසංඛ ජයසූරිය යන අයය.

2018.10.19 වන දින, සිදු වූ මේ අනතුරින් අදටත් නැගිට ගන්න බැරිව, එකතැන්ව සිටින මොහුට, යුක්තිය ඉටු නොවන්නේ මන්ද?

ඔහුගේ පියා ප්‍රේමරත්න ජයසූරිය, පොලිස්පතිට, ජාතික පොලිස් කොමිෂන් සභාවට  හා මානව හිමිකම් කොමිෂමට කර තිබෙන පැමිණිල්ලෙන් සියලු කරුණු පැහැදිලි වේ.


පොලිස් ප්‍රධානියා, පොලිස් රියදුරුව, වාහනය, සම්බන්ධ අපරාධය වසන් කරන්න 
උසාවියට බොරු කියයි. තොරතුරු සඟවයි. වරෙන්තුව ක්‍රියාත්මක නොකරයි.

ප්‍රේමරත්න ජයසූරිය, අවු: 66 යි, විවාහක, දැවන් 04 යි, විශ්‍රාමික, ලිපිනය: ------  හෝමාගම.  
2019.03.27 වන දින දීය.

දුමිදු පසන් මධුසංඛ ජයසූරිය, අවු: 26 යි, අවිවාහක, මාගේ පුතා වේ.

2018.10.19 වන දින, උදේ 10.53 ට පමණ, මාගේ පුතා රාජකාරිය කරන අතර තුර, පිළියන්දල, කොළඹ, හොරණ ප්‍රධාන මාර්ගයේ, ජාලියගොඩ හංදියේදී රිය අනතුරකට භාජනය විය.

ඔහු ගමන් ගත් BCY 8537 යතුරුපැදියේ පිටුපසින් පැමිණි, GI 8360 දරන නිසාන් සනි වර්ගයේ මෝටර් රථය හප්පා තිබේ.

එම අනතුර අවට CCTV කැමරාවල පැහැදිළිව සටහන්ව තිබේ.

බරපතල ලෙස තුවාල වූ මාගේ පුතාව, එම වාහනයෙන්ම, එම රියදුරා විසින් පිළියන්දල රෝහලට ගෙන ගොස් තිබේ.

පිළියන්දල රෝහලෙන්, එදින, ඒ අවස්ථාවේදීම, පුතාව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කරනු ලැබීය.

මෙම රිය අනතුර පිළිබඳව, පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති විසින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අංක බී.ආර්. 2001/18 යටතේ 2018.10.23 දින නඩුවක් ගොනු කරනු ලැබීය.

එම නඩුවට අනුව, අපරාධය සිදුකර ඇත්තේ මාගේ පුතා ය. මාගේ පුතාට මෝටර් වාහන පනත යටතේ 149 (1), 151 (3) 234 වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරද කර ඇති බවට චෝදනා කර ඇත.

පිළියන්දල පොලීසියේ ස්ථානාධිපතිවරයා මේ ආකාරයට අමූලික බොරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, රිය අනතුර සිදුකළ රියදුරා හා එම රථය හා අදාලව සිදුව ඇති නීති විරෝධී අපරාධමය ක්‍රියාවන් වසන් කිරීමට බව ප්‍රකාශ කරමි.

මා එසේ ප්‍රකාශ කිරීමට හේතු පහත දක්වා සිටිමි.

(1) මෙම GI 8360  දරන,  නිසාන් සනි වර්ගයේ මෝටර් රථය, පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වීම.

(2) එම නිල රථය පොලිස් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයෙකු වන රංදෙනිය නැමැත්තාගේ භාවිතයට වෙන් කර තිබීම.

(3) මෙම පොලිස් නිල රථය, එදින ධාවනය කළේ, පොලිස් කොස්තාපල් රියදුරු 80169 මනතුංග චන්ද්‍රකුමාර මනතුංග වීම. 

(4) 2018.10.19 වන දින උදේ 10.53 ට පමණ මෙම පොලිස් රිය, අනතුරට පවත්වන අවස්ථාවේ එහි, රියදුරුට අමතරව, කාන්තාවක් හා කුඩා ළමයෙකු ගමන් කරමින් සිටීම.

(5) මෙම රිය අනතුරෙන් සිරුරේ, මයිල් ගසකටවත් හානියක් නොවූ පොලිස් රියදුරු, 80169 මනතුංග චන්ද්‍රකුමාර මනතුංග තමන්ට හදවත් කැක්කුම ඇති බවට බොරු ප්‍රකාශයක් කර, පිළියන්දල රෝහලට ඇතුළත්ව දින 04 ක් නේවාසිකව සිටීම.

(6) මෙම ව්‍යාජ රෝහල්ගතවීම, පිළියන්දල පොලිස් ස්ථානාධිති විසින්, අධිකරණයට වාර්තා කර, අධිකරණය නොමග යැවීම.

මෙම පසුබිම යටතේ, බරපතල රිය අනතුරක් වසන් කර, අනතුරට පාත්‍ර වූ නිර්දෝෂී පුද්ගලයාට එරෙහිව නඩු පවරා ඔහුට එරෙහිව පොලිස් බලතල හා සම්බන්ධකම් යොදාගෙන, වරදකරු කර, අපරාධකරුවා නිදහස් කිරීමට උත්සාහ ගෙන තිබේ.

මා ඉල්ලා සිටින්නේ,

ඉහත සඳහන් කරුණු මත, 

(අ) රිය අනතුර සිදුකර, එම අනතුර වසන් කිරීමට පියවර ගැනීම,

(ආ) මෙම රිය අනතුරට අදාල පොලිස් නිල රිය, අයුතු ලෙස පරිහරණය කිරීම අදාල පරීක්ෂණ යටපත් කිරීම, මෙය රජයේ දේපළකි.

(ඇ) නිර්දෝෂී පුද්ගලයකු වරදකරු කිරීමට දරන උත්සාහය.

පිළිබඳ විධිමක් පරීක්ෂණ පවත්වා, සත්‍ය තොරතුරු අධිකරණයට වාර්තා කරන ලෙසට.

(ඈ) මෙම රිය අනතුර අදාල මාගේ පුතාට, නීති ප්‍රකාරව හිමි රුපියල් ලක්ෂයක වන්දිය ලබාදෙන ලෙසට.

(ඉ) මෙම රිය අනතුර නිසා, අදටත් ඔත්පලව සිටින මාගේ පුතාට අදාල වෛද්‍ය වාර්තා අධිකරණය මගින් ලබා ගන්නා ලෙසට.

(ඊ) රිය අනතුර අදාල CCTV දර්ශන රස පරීක්ෂක මගින් පරීක්ෂා කර වාර්තාව ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට.

(උ) අනතුර සිදුකළ පොලිස් රිය GI 8360  වලංගු මෝටර් රථ පරිපාලක විසින් කර තිබෙන නිරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීම.

(ඌ) අනතුර සිදුකළ රියදුරුට එරෙහි නීතිමය පියවර ගැනීම.

ඔබ පරීක්ෂණ පිළියන්දල පොලීසියෙන් ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසට ය.

මෙයට,

ප්‍රේමරත්න ජයසූරිය




Tuesday, March 26, 2019

නාරි බලයට රඟන පොලීසිය - උසාවිය නොමග යවයි. තරුණිය දින 11 ක් රිමාන්ඞ් - කසාදය කැඬේ.


පොලීසියටම ආවේනික වූ බොරු නඩු දැමීම “යුක්තිය” විගඩමක් කරගන්නේ උසාවිය පාවිච්චි කරමින්ය.

මෙම බොරු නඩු දැමීම ගැන කෙළ පිඩක් හෙලන්නට ඊනියා සිවිල් සමාජය සූදානම් නැත.

ස්වාධීන ලේබල් ගසා ගත් කොමිෂන් වලට ද වැඩක් නැත. 

මෙහි මහඟු ඵල ප්‍රයෝජන ලබන්නේ අතරමැදියා වූ නීතිඥ ප්‍රජාවයි. 

මේ බොරු නඩු දැමීම් අදාල තවත් එක් කථාවක් පමණි.

සභාපතිනිය,  මානව හිමිකම් කොමිෂන් සභාව ට හා පොලිස්පති ට කරන ලද පැමිණිල්ල ට  අවධානය යොමු කරන්න.            ,               
    
“මත්තේගොඩ හා ගල්කිස්ස පොලීසිය පුද්ගලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා අධිකරණය උපයෝගී කරගෙන පීඩාවට පත් කිරීම.

අමිලා, අවු: 36 යි, අවිවාහක, පදංචිය මත්තේගොඩ. 

2019.03.21 වන දින දීය.

(1) 2019.02.26 දින උදේ 8.30 ට පමණ, මාගේ නිවසට, මත්තේගොඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් පැමිණ, මා හට පොලීසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබින.

(2) එදින මා නිවසට පැමිණියේ දවල් 12.00 ට පමණය. එවිට දැනගත්තා මට, මත්තේගොඩ පොලීසියට එන ලෙසට දැනුම් දී ඇති බව.

(3) ඒ අතරම, මා දැනගත්තා ගල්කිස්ස පොලීසියෙන් පැමිණ, මා සොයන ලද බවත්, ඥාතිවරයෙක් වූ එච් රූපසේන යන අයට, ගල්කිස්ස fාලීසියට දවල් 2.00 ට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බව.

(4) අපව, මෙසේ පොලීසි දෙකකින් සොයන්නේ මන්ද යන්න ගැන බියක් ඇතිවී, මම මාගේ මව වන ටී. මොනිකා සමග, මිරිහාන නියෝජ්‍ය පොලිස්පති හමුවුනා. 

(5) එහිදී, නියෝජ්‍ය පොලිස්පති මාගෙන් ප්‍රකාශයක් ලියවාගෙන මත්තේගොඩ පොලිසියට යන ලෙසට උපදේස දුන්නා.

(6) මා, එදිනම 2019.02.26 දින, සවස 6.30 ට පමණ මත්තේගාඩ පොලීසියට ගියා. 

(7) මත්තේගාඩ පොලීසියේදී ප්‍රකාශයක් ගෙන, 2019.03.11 දින කැස්බෑව උසාවියට ඉදිරිපත් වන ලෙසට නියම කර, පොලිස් ඇපයක් මත මුදාහරිනු ලැබුවා.

(8) එදින මා දැනගත්තා, මෙම පොලිස් ක්‍රියාමාර්ගයට හේතුව, 2019.02.26 දින උදේ, ඥානා වීරසිංහ යන අයට පහරදීමක් පිළිබඳව බව.

(9) 2019.02.28 වන දින, අප කිසිවෙන් නිවසේ නැති අවස්ථාවක, ගල්කිස්ස පොලීසියෙන් පැමිණ මාව සොයා ගොස් ඇති බව.

(10) මෙසේ අපව, පොලීසියෙන් සෙවීම පිලිබඳව, මා හා මව පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට ගොස් පැමිනිලි කළා.

(11) එම පැමිනිල්ලට ලබාදුන් උපදෙස් මත මිරිහාන නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයට ගොස් ප්‍රකාශයක් ලබාදුන්නා.

(12) එම ප්‍රකාශයට ලබාදුන් ලිපිය මා විසින්, මොරටුව සහකාර පොලිස් අධිකාරී වෙත බාරදුන්නා.

(13) 2019.03.06 වන දින මත්තේගොඩ පෙලීසියේ ස්ථානාධිපති ගේ උපදේස මත, 2019.03.07 දින මත්තේගාඩ පොලීසියට ගියා.

(14)2019.03.07 දින, ප්‍රකාශක් ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළා.

(15) මත්තේගොඩ පොලිසියේ පො.කො. සිල්වා යන අය, මාව මත්තේගොඩ පොලීසියේ ජීප් රථයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙන යන බවට සටහන් යොදා, ගල්කිස්ස පොලීසියේ ජීප් රථයෙන් උසාවියට ගෙනයනු ලැබීය.

(16) අධිකරණයට කරුණු දැක්වූ මතතේගොඩ පොලීසියේ පො.කො. සිල්වා, අධිකරණයට ව්‍යාජ තොරතුරු වාර්තා කර, අධිකරණය නොමග යවා, දින 11 කට රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබීය.

මා ඉල්ලා සිටින්නේ,

මා විසින් සිදුකරන ලද සිද්ධියක් නිර්මාණය කර, මාව, අධිකරණය උපයෝගී කරගෙන දින 11 ක් රිමාන්ඞ් කරවීම මගින් මාගේ මූලික අයිතීන් උල්ලංඝනය කරන ලද මත්තේගොඩ පොලීසියට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

සැ.යු. මත්තේගොඩ පොලීසිය හා ගල්කිස්ස පොලීසිය මෙම නඩුවේ පැමිණිලිකාරිය හා ඇගේ දියණිය සමග පවත්වන්නා වූ අයුතු සම්බන්ධය මත මේ ආකාරයට ක්‍රියාකරන බව ප්‍රකාශ කරමි.
  
මෙයට
 අමිලා"







Thursday, March 21, 2019

රට යන්න ඉඩ දෙන්න. මට ද රටට ද සෙතක් වනු පිණිස පානදුර ප්‍රාදේශීය ලේකම් ගේ අවධනයට



පහත දැක්වෙන්නේ 35 හැවරිදි කුමාරි පානදුර ප්‍රාදේශීය ලේකම් ට ලියන ලද ලිපි යයි. 

වීදේශගත වීම සඳහා, පවුල් පසුබ්ම් වාර්තාව නිකුත් කරන ලෙසට කරන ඉල්ලීම.

කුමාරි අවු: 35 යි, විවාහක, දරුවන් 02 යි, රැකියාව: නිෂ්පාදන අංශය, --------------.
පානදුර. 

2019.03.19 වන දින දීය. 

ඉහත නම් සඳහන් මා, මීට මාස 06 කට පෙර, තෙවන වරටත්, විදෙස්ගත වීම සඳහා වර්තමානයේ අත්‍යාවශ්‍යය වී ඇති “පවුල් පසුබ්ම් වාර්තාව” ලබාගැනීම සඳහා අදාල පෝරමය, පානදුර ප්‍රාදේශීය ලෙක්ම්වරයා වෙත ඉදිරිපත් කළෙමි. 

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි. එසේ ප්‍රතික්ෂේප කරන කරන ලද්දේ, මාගේ දියණියන් දෙදෙනාට රැකවරණය දීමට කෙනෙකු නැති බවට, පදනම් රහිත හේතු දක්වමින්ය.

මා එසේ ප්‍රකාශ කරන්නේ පහත දැක්වෙන හේතු මතය. 

(1) මා, වයස අවු: 4 සිට 18 දක්වා, හැදුනේ, මොරටුව, ළමා නිවාසයේ ය. 
සග ඒ කුඩා කාලයේදීම මාගේ පියා හා මව වෙන්ව, මාව, මවගේ මවට (ආච්චීට) බාර දී තිබින. ඔවුන්ට මාව හදාගන්න බැරිව, ළමා නිවාසයට බාර දී තිබින.
සසග අවු: 18 න් පසුව, මා පානදුර වලාන පිහිටි, ඇඟ`ඵම් කම්හලේ වැඩ කළෙමි.
සසසග එසේ වැඩ කරන අතර, ලසන්ත හමු වී, 2004.01.02 දින විවාහ විය. ඔහු ත්‍රීරෝද රථ රියදුරෙකි.
සඩග විවාහ වී පදිංචි වී සිටියේ, සැමියාගේ නිවසේය. එහි සැමියාගේ පියා හා කුඩම්මා ද විය. ලිපිනය : බෙක්කේගම, පානදුර.
ඩග විවාහ වී, මාස 02 ක් පමණ යන විට, සැමියා මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවෙක් හා සොරකම් වලට සම්බන්ධ අයෙකු බව දැනගත්තා.
ඩසග විටින් විට, පොලිස් අත්අඩංගුවට පත්වුනා.
ඩසසග මට, පළමු දරුවා ලැබෙන්න මාස 3 ක් පමණ තිබියදී, ඔහුව අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගත වුනා.
ඩසසසග සැමියා බන්ධනාගාර ගත වීමෙන් පසුව මා, මවගේ නිවසට ගොස් නැවතුනා. එහි මව හා බාප්පා විය.
සංග 2004.09.21 මට පළමු දරුවා ලැබුනා. ඇයට දැන් වයස අවු: 15 කි.
ංග සැමියා වරින් වර, මෙම කාලය තුළ බන්ධනාගාරගත වුනා. 
ංසග 2006.02.13 වන දින දෙවෙනි දරුවා ලැබුනා. දැන් ඇගේ වයස අවු: 13 කි.
ංසසග මෙම කාල වකවානු තුළදී, සැමියා වරින් වර බන්ධනාගාර ගත වුනා. වෙනත් සම්බන්ධකම් ඇති කර ගත්තා. 
ංසසසග එමෙන්ම, මාව හා දරුවන් දෙන්නා රැක බලා ගැනීම සැමියාගේ මව හා පියා ගේ පවුලේ අය ප්‍රතික්ෂේප කළා.
ංසඩග මට, මාවත් දරුවන් දෙන්නාවත් රැක බලා ගැනීමට හැකියාවක් නැති වුනා.
ංඩග මා මාගේ අසරණකම, දුක්ගැනවිලි, මා විසින් අදහන ක්‍රිස්තියානි ධර්මයට අනුව,  මෙතෝදිස්ත දේවස්ථානයට ගොස් එහි, දේවගැති තුමාට කියා සිටියා.
ංඩසග මෙතෝදිස්ත දේවස්ථානය මැදිහත්ව, සමාගමට කරුණු කියා, මට ---- නිවාසයේ රැකවරණය ලබා දුන්නා. 
ංඩසසග 2008.12.11 දින, සැමියා, හිරෙන් නිදහස්ව පැමිණ මාව හා දරුවන් දෙන්නාව, ඉවත් කරගෙන දිවුලපිටියේ මාගේ ආච්චිගේ නිවසට ගෙන ගියා.
ංඩසසසග මේ අවස්ථාවේ සැමියා, සිය ඇබ්බැහැවීම් වලින් “නිදහස් වී” නැති බව තේරුම් ගත් බැවින් මා දරුවන් දෙන්නාව දිවුලපිටිය පිහිටි ළමා නිවාසයට ඇතුලත් කරනු ලැබුවා. ඒ 2008.12.24 දිනය.
ංසංග මෙ අතර, යලිත් වරක් සැමියාව අත්අඩංගුවට පත්ව, සිරගත කරනු ලැබීය. එවර ඔහුට වසර 5 කට අච්චු කරු ලැබීය.
ංංග මා යළිත් පානදුරයට පැමිණ ඇඟ`ඵම් කම්හලේ සේවයට බැඳී වැඩ කරන ලදි.
ංංසග 2009 මැයි මසදී, විදෙස් රැකියාවකට සවුදි අරාබියට යන ලදි.
ංංසසග 2011 පෙබරවාරි මස නැවත මෙරටට පැමිණ, දරුවන් දෙන්නා, මාගේ බාරයට ලබාගන්නා ලදි. එසේ දරුවන් ලබාගෙන පදිංචි වූයේ සැමියාගේ පියා ළඟ ජීවත් විය.
ංංසසසග 2011 ජුනි මාසයේ නැවත විදෙස් ගත වූවා. එවර ගියේ ක්වේට් රාජ්‍යයට.
ංංසඩග 2017 වන තුරු මා ක්වේට් රටේ සේවය කළ අතර, බාල දරුවා, සැමියාගේ පියා හා කුඩම්මා ළඟ හැදුනු අතර, වැඩමහල් දරුවා හැදුනේ සැමියාගේ අයියා හා සැමියාගේ නංගී ළඟය.
ංංඩග සැමියා හිරෙන් නිදහස් වී පැමිණි පසු ඔහු වෙනත් ස්ත්‍රියක් සමග ජීවත්වීමට පටන්ගෙන තිබින.
ංංඩසග 2017 මෙරටට පැමිණීමෙන් පසුව මා වැඩිමහල් දරුවා හා සැමියාගේ අයියා සමග පානදුර, බ්ලොක් ගල් වැඩපොළේ නැවතී, වැඩ කරමින් ජීවත් වුනා. බාල දරුවා අප හා එක්වීමට කැමත්තක් දැක්වූයේ නැහැ.
ංංඩසසග 2018 පෙබරවාරි මස, සැමියාගේ අයියා රිය අනතුරකට අවශ්‍ය වූ පසුව, ඔහු ආගිය අතක් නැති වුනා. මා හා දරුවා, යළිත් මාගේ සැමියාගේ මව ළඟ පදිංචියට ගියා.
ංංඩසසසග 2018 දෙසැම්බර් මස 11 දින හෝ ආසන්න දිනයක, සැමියා පැමිණ වැඩිමහල් දියණිය ව, ඔහු දැනට ජීවත් වන පවුලට රැගෙන ගියා. සැමියා දැනට ජීවත් වන්නේ, පානදුර,  මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ප්‍රකට තැනැත්තිය සමගය. 

මෙම පසුබිම යටතේ මා හට, පවුල් පසුබ්ම් වාර්තාව ලබාදීමට ගැට`ඵ ඇතිකරන, පළමු දරුවා පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට ඔබ උපදෙස් මත ඉල්ලීමක් කරන්නට පානදුර දකුණ පොලීසියට ගිය විට, ළමා හා කාන්තා කාර්යාංශය කියා සිටියේ “විදෙස්ගත වීම” ට අදාල වාර්තා තමන්ට දිය නොහැකි බවයි.

කෙසේ නමුත් මාගේ ඉල්ලීම පරිදි වාර්තාවක් දීමට, දරුවා බැලීමට ඉඩ නොදෙන බව ට පැමිණිල්ලක් ලියවා ගන්නා ලදි.

ඒ පැමිණිල්ල පදනම් කරගෙන ඔබගේ විදේශ රැකියා නිලධාරිනි, එච්. නිරංජලා ප්‍රියදර්ශනී පීරිස් මිය අමතා ලිපියක් නිකුත් කරන ලදි.

නමුත් ඇය කියා සිටින්නේ එම ලිපිය ප්‍රමාණවත් නැති බවයි.

නමුත් පොලීසිය වෙනත් වාර්තාවක් ලබාදීම ප්‍රතික්ෂේප කරයි. ඔබ විදෙස් රැකියා නිලධාරිනී එච්. නිරංජලා ප්‍රියදර්ශනී පීරිස් මිය, පියා ජීවත් වන ක`ඵදෑවල ප්‍රදේශයට ස්ථාන පරීක්ෂාවකට යෑමට නොහැකි බවද කියා සිටී.

මා ජීවත් වන්නේ, පෙර සඳහන් කළ පරිදි කම්කරු රැකියාවක් කරමින් ය. මා හට රැකියාවක් නොකර දරුවෙක් බලාගෙන ජීවත් වීමට ක්‍රමයක් නැත. 

මට, උපදෙස්, අනුශාසනා දෙන අය මාගේ තත්ත්වය ගැන, සවන් දෙන්නටවත් සූදානම් නැත.

මා ඉල්ලා සිටින්නේ,

යථාර්තවාදීව සලකා බලා මට විදෙස්ගත වීමට ඉඩ ලබාදෙන ලෙසටය.

එවිට මට, මාගේ ජීවිතය හදාගන්නට, උත්සාහ ගත හැක. එමගින් රටට සෙතක් වනු ඇත. ඒ මා උපයන විදේශ විනිමය මගින්ය.

පානදුර දකුණ පොලීසිය ලබාදී ඇති වාර්තාව පදනම් කරගෙන මට විදෙස්ගත වීමට ඉඩ සලසා දෙන ලෙසට ඉල්ලමි. (එම ලිපියේ ඡායා පිටපත අමුණා ඇත)

මෙයට,
කුමාරි 

පිටපත්:

01. ලේකම්
    විදේශ කටයුතු අමාත්‍යාංශය
    ජනරජ ගොඩනැගිල්ල
    කොළඹ 01

02. සභාපති
    ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය
    427/14, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
    කොස්වත්ත,  බත්තරමුල්ල







Thursday, March 14, 2019

කපපු ගහකුක් නෑත! නඩු පොතත් නෑත!! ලියන ලියුම් වලට උත්තරත් නෑත!!! මුතූර් උසාවිය ගැන ....................




“මොරටුව බාස්” මහින්ද වාදියෙක් ! 

2015 ජනවාරි 08, ජනාධිපතිවරණ දිනයේදී, සේරුනුවර පොලීසියෙන් ඔහුව අත්අඩංගුවට ගන්නේ ඔහුට ඡන්දය දැමීම වැළැක්වීමට.

ඔහුට දාන චෝදනාව රක්ෂිතයේ, කදුරු ගසක් බලපත්‍රයක් නැතිව කැපීම. නීතිය හොඳින් දන්නා 
“මොරටුව බාස ” මහා එවුන්ගේ බසට යට වෙන්නේ නැතිව, චෝදනා ප්‍රතික්ෂේප කර නඩුවට මුහුණ දෙන ලැබිය.

2018.01.24 වන දින, “මොරටුව බාස්ව” සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

නඩු භාණ්ඩ හැටියට උසාවියට ඉදිරිපත් කරපු කදුරු ගසක් නැත.

මොරටුව බාස් ගේ ගෙදර තිබූ කියත් නඩු භාණ්ඩ වශයෙන් උසාවියේ දිරනවාය.

ඒවා ගන්න ඔහු, මුතූර් උසාවියෙන් නඩුවේ තීන්දු ප්‍රකාශයක් ගන්න උසාවියට ‘මෝසමක්’ ඉදිරිපත් කළේය.

දැන් කියන්නේ නඩු පොත් උසාවියේ නෑ කියලා.

මේ ගැන උසාවියට කිව්වාම, ඒ ගැන තිරණය කරන්න 2019 අප්‍රේල් 25ට කල් තබන ලදි.

අධිකරණ සේවා කොමිෂමට ගිහිල්ලා කිව්වාම ලිඛිතව දන්වන්න කියලා එහි නිලධාරිනියෙක් කියන ලදි.

ඒ අනුව ඔහු අධිකරණ සේවා කොමිෂමට ලියන ලද ලිපිය සැමගේ දැනගැනීමට පහත දක්වමි.

රට කාලකන්නි කිය කියා ජිනීවා යන්නේ නැතිව, රට පනින්න පාර තනන “සිවිල්” වැසියන්ට “මොරටු බාස්” ආදර්ශයක් වේවා.

සැ.යු. මෙම නඩුවේ “බි” වාර්තා ඇත්තේ සිංහලෙනි. කාර්ය සටහන් ඉංග්‍රිසි හා දෙමළ බසින් ඇත. වාර්තාව ඇත්තේ දෙමළ බසින් ය. මෙම නඩු වාර්තාව සිංහල බසට හරවා ගන්න කොනෙක්  මුතූර් උසාවි බල ප්‍රදේශයේ නැතිලු. පරිවර්තනය සඳහා සල්ලි ගත්තු තෝල්කයා මේ වන විට මාරු වෙලාය.  



අධිකරණ සේවා කොමිෂමටලියන ලද ලිපිය
නම -------------,
ජා.හැ.අ.---------ල
සේරුනුවර.
2019.03.14


ලේකම්,
අධිකරණ සේවා කොමිෂන් සභාව,
අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය,
කොළඹ 12.


නඩු අංක - 31315/2015
මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය

උක්ත නඩුවට අදාල තීන්දුව ඇතුලත් නඩුවේ වාර්තාව - මුතූර් අධිකරණ ලේඛණාගාරයෙන් අතුරුදහන්ව ඇත.

1. 2019 මාර්තු 11 වන දින, මාගේ නීතිඥ ආර්.එච්.නදීශා මදුවන්ති මිය විසින් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට, විවෘත අධිකරණ නඩුව කැඳවන ලෙසට ඉල්ලා, මෝසමක් ඉදිරිපත් කරන ලදි.

02. නමුත් නඩු වාර්තාව සොයා ගැනීමට නොහැකි හෙයින්, පසුදින එනම්, 2019.03.12 දින, උදේම පැමිණෙණ ලෙසට මට, මාගේ නීතිඥ මහත්මිය උපදෙස් දුන්නා.

03. ඒ අනුව, 2019.03.12 දින, මාගේ නීතිඥ මහත්මිය, විවෘත අධිකරණයේ, කරුණු දක්වා, මෝසම ඉදිරිපත් කරන ලදි.

04. ඒ අවස්ථාවේ, ගරු මහේස්ත්‍රාත්තුමා, නඩු වාර්තා සොයා, 2019 අප්‍රේල් 25 දිනට, නඩුව කැඳවන ලෙසට, නියම කරනු ලැබුවා.

මා ඉල්ලා සිටින්නේ, තීන්දුව ප්‍රකාශයට පත්කල, මෙම නඩුවේ වාර්තාව, අධිකරණ ලේඛණාගාරයෙන් අස්ථානගතවීම පිළිබඳව සොයා බලා, අදාල පියවර ගන්නා ලෙසටය.

සැ.යු: 

මෙම නඩුව, 2018.01.24 දින අවසන් විය. මා චෝදනා වලින් නිfදාස් කොට නිදහස් කරනු ලැබීය. 2018 මාර්තු 24, නඩුවේ වාර්තාවේ සහතික කරන ලද පිටපත මා හට ලැබින. නමුත් තීන්දුව ප්‍රකාශයට ඇතුලත් කර නොතිබිණ. ඒ බව මා, මුතූර් මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් වෙත 2018.12.03 දාතමින් ලිඛිතව දැනුම් දෙනු ලැබීය. 

නමුත් මේ දක්වාම, පිළිතුරක් නැත.

මෙයට,

අ.ක/ -----------.




Tuesday, March 12, 2019

පොලිසිය- උසාවිය රවටලා. අපරාධයක් කරලා. පොලිස් කාරයින්ට වන්දි. ASP ට හා SP ට කණගාටුව. දෙපාරක් අහපු නඩුව




31 හැවැරිදි වසන්තව මොරොන්තුඩුව පොලීසිය ඩැහැගත්තේ අවුරුද්දට කිරිබත් ටික කාලා ඉවර වුණ ගමන්.  ඒ ඔහු වැඩ කරන කර්මාන්තශාලාව තුළදී. ප්‍රකාශයක් ගන්නට පානදුර පොලිසියට ගෙන යන බව කර්මාන්තශාලාවට දැනුම්දී.

ඔහුව ගෙන ගියේ මොරොන්තුඩුව පොලිසියට. එහි ස්ථානාධිපති ලියනාරච්චි නැමැති නිලධාරියා ගේ නීති විරෝධී ක්‍රියාවට හවුල් කර ගත්තේ ඒ පොලිසියේ 82255, 82255, 82306, 83934 හා නන්දන නැමැති සැරයන්ව. ජනවාරි පළවෙනිදා සිට මොරොන්තුඩුව පොලීසිය තියාගෙන ජනවාරි 4වෙනිදා පානදුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළේ ගංජා ග්‍රෑම් 500 ක යතුරුපැදියකින් ගෙනියන අතර බවට "බි" වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරලා.

වසන්තව අත්අඩංගුවට ගත්තේ ජනවාරි 1 බවට ඉතා පැහැදිලි ලිඛිත සාක්ෂි තිබුනත් ඇප දීමට බලයක් මහෙසසත්‍රාත් වරයාට තිබුණේ නැ.  ඒ අන්ත්‍රාදායක ඖෂධ ආඥා පනත යටතේ තිබෙන විධින විධිවිධාන වලට අනුව. උසාවිය ලියනආරච්චි නිලධාරියාගේ බොරුව ගැන හොයලා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා උසාවිය පානදුර සහකාර පොලිස් අධිකාරී අධිකාරිවරයාවු අබේරත්න දිසානායකට නියෝග කළා මුත් ඔහු ඒ නියෝගය ක්‍රියාත්මක කළේ නැහැ. උසාවිය මගහැර 2011 පෙබරවාරි 25 වැනිදා ඔහු උසාවියට කියනවා "වසන්ත" කියන්නේ ඇත්ත බව.
ඒ අනුව මාස 02කුත් දින 7ක් රිමාන්ඩ් බාරයේ හිටිය වසන්තව මහේස්ත්‍රාත්වරයා මුදාහරින්නට නියම කරනවා. වසන්ත හා ඔහුගේ පියා වූ ඤාණතිලක මැදිහත්වීම යටතේ තමාට සිදු කළ අපරාධය ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරනවා. කොමිසම් සභාව මොරොන්තුඩුව පොලිසියේ ලියනාරච්චි ගෙන් ඒ ගැන විමසනවා. මානව හිමිකම් කොමිෂන් සභාවට ලියනාරච්චි කියන්නේ නැවතත් "වසන්තට" විරුද්ධව නඩු පවරන්න කටයුතු කරගෙන යන බව. ලියනආරච්චිගේ කීමට මානව හිමිකම් කොමිෂන් සභාව "වසන්තගේ" පැමිණිල්ල බහා තබනවා.  ඊට පස්සේ වසන්ත හා පියා ඤාණතිලක ගේ දැඩි උනන්දුව මත ජනසංසදය හා එක්ව ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන්න පියවර ගන්නවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ වසන්තගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට ප්‍රකාශයක් කරන ලෙස හා සහන සලසන ලෙසට ඉල්ලා.
නඩුව ඉදිරියට ගෙන යන්න අවසර ලැබෙනවා. නඩුව විභාහයෙන් පස්සේ තීන්දුවට තබනවා. නමුත් තීන්දුව ලැබෙන්නේ නැහැ. ඒ ගැන සොයා බලන කොට දැනගන්න හම්බ වෙනවා තින්දුව ලියන්න බාරගත්තු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයා විශ්‍රාම අරගෙන ගිහිල්ල බව. ඒ අතරම දැනගන්නට ලැබෙනවා වසන්තගේ නඩුවට අදාළ නඩු නඩු වාර්තාව අස්ථානගත වෙලා කියලා. මේ ගැන වසන්ත ‍ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් වරයාට ලිඛිතව කරුණු දක්වනවා. ඉන්පසු නඩුව නැවත 2018.12.12 නඩුව දෙවන පාරට විභාගයට ගන්නවා.  පසුගියදා ඒ කියන්නේ 2019-03-07 මේ නඩුවේ තීන්දුව ලබා දෙනවා.
සිය තින්දුවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා පොලිසිය කරලා තියෙන  මේ අපරාධය ගැන වගකිවයුතු නිලධාරීන් වන පානදුර සහකාර පොලිස් අධිකාරීවරයා හා පොලිස් අධිකාරීවරයා මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පියවර අරගෙන නැති බව.  ්‍රේෂ්ඨාධිකරණය මේ ගැන දැඩිව දෝෂාරෝපණය කරලා කියනවා එත් දඬුවම් කරන්නේ නැති බව.
ලියනාරච්චි ඇතුළු පොලිස්කාරයින්ට විරුද්ධව විනය පියවර ගන්න කියලා නියම කරනවා. ඒ ගැන වාර්තාවක් මාස තුනක් ඇතුළත උසාවියට ගෙනත් දෙන්නට ඕන බවටද නියම කරනවා.
උසාවියේ නියම කරනවා වසන්තට වන්දි ගෙවන්න කියලා. ලියනාරච්චි රුපියල් 50,000 ක් ද, අත්අඩංගුවට ගන්න එකතු වූ පොලිස්කාරයින් වන 82255, 82306, 83934 හා පොලිස් සැරයන් නන්දන- රුපියල් 35000 බැගින් ගෙවන්නට ද‍, ඊට අමතරව රජයට රුපියල් 40,000 ක ගෙවන්න කියලා ද නියම කරනවා.

ප්‍රශ්න ගණනාවක් තියෙනවා පොලිසියේ මේ කරන අපරාධ නවත්තන්නේ නැත්තේ ඇයි? මේ ගැන සමාජය කතා නොකරන්නෙ ඇයි?
පසුගිය කාලය තුල පොලිස් අපරාධකරුවන්ට විරුද්ධව වන්දි නියම කරලා තියෙනවා. රජයටත් වන්දි නයම කරලා තියෙනවා.  නමුත් පොලිසිය අපරාධ නවත්තන්නෙ නෑ.
ඇයි "සිවිල් සමාජය" කියලා ලේබල් ගසාගෙන ඉන්න අයට මේක ගණන් ගත යුතු ප්‍රශ්නයක් නෙවෙන නිසාද?

විඩියෝව-


S.C. (FR) Application No. 598/2011 නඩු තින්දුව

http://www.janasansadaya.org/page.php?id=649&lang=en




Friday, March 8, 2019

අතට ගත්තු බත්පත කන්නට නොදී කුදලාගෙන ගොස් සිහි නැති කර, ඇඟිලි සලකුනු අරන් උසාවි දමයි.



ජනාධිපති සිරිසේන උදේ හිටන් රෑ වෙන තුරු දෙසාබාන කිසිප්පු මැඩලීමේ රඟ---  උදාහරණයකි මේ.
බදුරලිය පොලිස් වසමේ, මෝල්කාවේ උඩුවන අතුකෝරලාගේ දොන් ජයසේන විසින් ජනාධිපති, පොලිස්පති හා මානව හිමිකම් කොමිෂමට කරන ලද ලිඛිත පැමිණිලි පහත දැක්වේ.

මානව හිමිකම් කොමිෂන් සභාවට සහා පොලිස්පති වෙත කරන ලද ලිඛිත පැමිණිල :-                 
   
නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන මානසික වධ හිංසාවට පත්කර, ව්‍යාජ නඩුවක් පැවරූ, බදුරලිය පොලීසියේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට කරනු ලබන ඉල්ලීම.

දොන් ජයසේන. අවු: 71 යි, විවාහක, දරුවන් 04 යි, ගොවිතැන. මෝල්කාව. 

2019.03.06 වන දින, දහවල් 11.30 ට පමණ, මා හා බිරිඳ තේ ද`ඵ නෙලා ගෙදර ආවා. මා, ගෙදර ඇවිත් බත් කමින් සිටියා.

එසේ ඉන්න විට, යතුරුපැදියකින් දෙන්නෙක් ගේ දොරකඩ ළඟටම ආවා. එක් අයෙක් ගේ පිටිපස්සෙන් ඇවිත් ගෙට ඇතු`ඵ වුනා. 

මාගේ බිරිඳ කව්ද ගෙට එන්නේ කියා අහනකොට, ඇයට කුණු හරුප කියමින් බැන වැදුනා.

අනෙක් කෙනා ඉස්සරහ fදාර අරින්න අගුල කැරකුවා. මා ගොස් fදාර ඇරියා.

ඉන්පසු ඒ දෙන්නා අපි පොලීසියෙන් කියා ගේ හැම තැනම සෝදිස්සි කළා. ඉන්පසු මට, ඇඳුමක් දාගනින් අපි එක්ක යන්න යැයි කිව්වා. මට කකා හිටපු බත් පිඟාන කාලා ඉවර කරන්න දුන්නේ නැහැ. 

මාව ඔවුන් පැමිනි යතුරුපැදියේ මැද තියාගෙන කි.මී. 5 ක් විතර ගියා. 

එසේ යන විට, ඉදිරියට පොලිස් ජීප් රථය පැමිණියා. එය නවත්වා මට ඒකෙ නගින්න කිව්වා. මම නැග්ගා. මාව එසේ ගෙන එන අතර, මෝල්කාව බදුරලිය පාරේ, දියලගොඩ ඇල කියන හරියේදී, ජීප් එක නවත්වා, එතැනට ගෙන ආපු පොඩි ගෑස් සිලින්ඩරයක් හා හිස් බැරලයක් ජීප් රථයට දාගත්තා. 

ඉන්පසු මාව බදුරලිය පොලීසියට ගෙන ආවා. ජීප් රථයෙන් එන විට මට, රුධිර පීඩනය වැඩි වී, දැඩි අසීරු තත්ත්වයට පත්වුනා. 

පොලීසියේදී පැයක් විතර වාඩි වී සිටියා. ඊට පස්සෙ ඇතුලේ කාමරයට ගෙන ගිහිල්ලා මට කොළයක් දුන්නා අත්සන් කරන්න. මම ප්‍රතික්ෂේප කළා. එවිට ඔහු මාගේ ඔලුවට ගැහුවා. ඒ පාරට මාව වැටුනා. මට සිහිය එන විට, මාගේ මූණට වතුර දාලා තිබුනා. 

ඉන්පසු මාගේ පුතාව ගෙන්වා, විස්තර ඇහුවා. පුතා කිව්වා, මට අධි රුධිර පීඩනය තියෙනවා, බෙහෙත් ගන්නවා කියා. 

එවිට, පොලීසියේ නවත්වා තිබූ, 1990 සුව සැරිය ගිලන් රථයෙන් මාව, බදුරලිය රෝහලට ගෙන ගියා. 

එසේ ගෙන යන විට, 1990 සුවසැරියෙන් මාගේ ඇඟිළි සළකුණු ගන්න හදන විට, මා දැක්කා මාගේ ඇඟිළි සලකුණ පොලීසියේදී අරන් තියෙන බව.

බදුරලිය රෝහලේදී මාගේ රුධිර පීඩනය වැඩි වෙලා බව කියා, මාව නවත්වා ගත්තා. 

මා රෝහලේ ඉන්න කොට, ඇඳිරි වැටෙන්න කිට්ටු වෙන විට, පොලීසියේ දෙන්නෙක් ආවා. ඔවුන් ඒ වෙලාවේ හිටියෙත් සිවිල් පිට. එක් අයෙක් කොස්තාපල් ක්‍රිෂාන් බව මා හඳුනා ගත්තා.

ඔවුන් රෝහලේදී ඇඟිලි සලකුනු ගත්තා. මට 2019.03.15 උසාවියේ පෙනී සිටින්න යැයි කිව්වා. චෝදනාව කිව්වේ නැහැ. 

රාත්‍රියේ 8.30 ට පමණ ටිකට් කපාගෙන ගෙදර ගියා. දැනටත් මගේ ඔලුව රිදෙනවා. 

මා ඉල්ලා සිටින්නේ,

මු`ඵ ජීවිත කාලයටම කිසිදු නීති විරෝධී කටයුත්තක නියැලී නැති මා, 

නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන මානසික වධ හිංසාවට පත්කර, ව්‍යාජ නඩුවක් පැවරූ,

බදුරලිය පොලිසියේ,

(1) ස්ථානාධිපති
(2) පො.කො. ක්‍රිෂාන්
(3) පො.කො. මුණසිංහ හා මට පහර දුන් පොලිස් කොස්තාපල්වරු ඇතු`ඵ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය.
මෙයට,

අ.ක/දොන් ජයසේන

ගරු ජනාධිපත, මෛත්‍රීපාල සිරිසේන මහතා අමතන ලද ලිපිය:- 

ගරු ජනාධිපතිතුමනි

නීති විරෝධී මත්පැන් ජාවාරම මැඩලීමට මුවා වී, නීතිගරුක පුරවැසියන් දඩුයම් නොකරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

ඔබගේ මග පෙන්වීම යටතේ, පොලිස්පතිගේ නියෝග මත, සිදුකරන නීති විරෝධී මත්පැන් මැඩලීම වෙනුවට, පොලීසිය කරන්නේ, නීතිගරුක පුරවැසියන් දඬුවම් කිරීමයි. 

මා, මෙම දඩයමට ගොදුරු වූවෙක් වෙමි.

ඒ හා අදාලව මා විසින්, පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට කරන ලද ලිඛිත පැමිණිල්ල ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරමි.

පොලීසියේ ඉහළ සිට පහලට, සම්බන්ධකම් පවත්වන්නේ, නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් සමගය. එය නොදන්නා කෙනෙක් මේ පුණ්‍ය භූමියේ නැත. ඔබද එය දන්නවා ඇතැයි සිතමි.

මෙම කාරණය අදාල 2019.03.07 දින, SC/FR 598/2011 නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කෙරෙහි ද ඔබගේ අවධානය යොමු කරමි.

මෙයට,

අ.ක/ දොන් ජයසේන









Thursday, March 7, 2019

සනීපාරක්ෂක කම්කරුවාට පහර දුන්න ‍දොස්තරට සනීනීපයි‍ !!!!!! 50,000/= ක් ගෙවන්න වෙයි.



සෙවණගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරියා වූ, වෛද්‍ය සී. විතාන, එම රෝහලේ සනීපාරක්ෂක කම්කරුවෙකු වන නිමල් රංජිත් ට රබර් හෝස් එකකින් පහර දී තුවාල සිදු කරන ලදි.

ඔහු සෙවනගල පොලිසියට කරන ලද පැමිණිල්ලට ගත් පියවරක් නොමැත.

මෙම සනීපාරක්ෂක කම්කරුවා - තමාට පහර දුන්න වෛද්‍ය සී.විතාන, සෙවනගල පොලිසියේ ස්ථානාධපති එන් බංඩාර, සැරයන් එදිරිසිංහ ට එරෙහිව, මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය. ඒ 2012 වසරේදීය. පහරදීම සිදුකර තිබුනේ 2012 පෙබරවාරි 03 දිනය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව නිමල් රංජිත් වෙනුවෙන් පවරා තිබුනේ පුලස්ති හේවාමාන, පසිඳු සිල්වා, තිලිණි විදානගමගේ යන නීතිඥවරුන් ගේ උපදෙස් මත, ජ.නී. ජේ.සී.වැලිඅමුණ මහතා ය.

එල්.ටී.බි.දෙහිදෙණිය හා මුර්දු ප්‍රනාන්දු විනිසුරුවන්ගේ එකඟතාවයෙන්, 2019 මාර්තු 06 වන දින, තීන්දුව ප්‍රකශයට පත්කල, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ, වෛද්‍යවරයා, සනීපාරක්ෂක කම්කරුවාට කරන ලද පහරදීම, ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ එකොලොස්වන වගන්තිය උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශකර, වන්දි වශයෙන්, සනිපාරක්ෂක කම්කරුවාට රු: 50,000/= වන්දියක් ගෙවන ලෙසට නියම කළේය.
මෙය නිහඬ විය යුතු කරුණක්ද?
ප්‍රශ්ණය ඔබට ..
මෙම සිද්ධිය අදාලව 2012 පෙබ 07  ප නමැති බ්ලොග් හි පළවු ලිපය හා තින්දුව කොරෙහි අවධානය යොමු කරමු.



TUESDAY, FEBRUARY 7, 2012
Posted by Tharaka C Peiris on 7:51 AM
The person who was ambitious to become the District Medical Officer had attempted to gain his position soon by killing the entire family of the current DMO by poisoning him and his family. This had been proved when investigations were carried out to find out about the poisoning of the water contained in the official residence water tank where DMO of Sevanagala, Dr Chaminda Vitharana, his pregnant wife and their two sons had lived. 
The relevant doctor had disappeared. However the labourer who has helped him in this exercise has been caught and  has been arrested and he is to be produced before the Embilipitiya Magistrate courts. 
The article written on “Rivira” paper in this regard is as follow:
Sevenagala Police since commencing investigations and was successful in arresting the person who has tried to kill the DMO of Sevanagala Dr. Chaminda Vitharana, his wife and his two sons by poisoning their water tank. 
As discovered so far, there have been several attempts made gradually over the last three months to kill the DMO by adding a poisonous substance to the water tank. 
In order to apprehend the suspected doctor, the police have raided his house at Sevanagala the day before yesterday (04th). Yet it has been revealed that the particular doctor has left the house and had vanished. At the same time according to a tip off, the police have taken information from the Embilipitiya hospital, yet the suspect has not been able to be located. 

Yesterday the police had got information that the suspect is absconding and moving from place to place to evade from the police. The labourer who has mixed poison to the water tank by following the orders, instructions and advice of the suspect has been caught, while on the act on  day before yesterday. The DMO had seen the labourer smelling the water after he has added poison to the tank. 
After questioning him, the DMO has suspected about schemes of action taken against him. Sevanagala Police have started investigations after the complaint. Chaminda Vithanage was working as the DMO of Sevanagala hospital. He is 30 years old. He is married to Kanchana Wanniarachchi who is a teacher. She too is 30 years old. She is  pregnant and she is three months pregnant. She is teaching at Embilipitiya President’s School. This couple has two boys; one is four and half years old and the other son just two and half years old. 
Dr. Chaminda Vitharana is from Matara District. He has come to Sevanagala hospital in the year 2005. He and his family had lived at the DMO quarters.  He is one of the famous medical officers in Sevanagala area. The whole area is clamoured at this news and the villagers have carried out a strong protest against  the attempt to add poison to the water the Doctors water attack at his official quarters. It is also reported that the villagers have assaulted the suspected Doctor on the 3rd. 
The arrested labourer has been close contact of the suspect. When he has been questioned by the police, he has revealed that he has added poison several times following the orders of the suspected doctor. This has been carried out for over 3 months. The DMO and his family have got sick several times. It is reported that this young doctor had fallen sick several times and had been under continuous treatment and his pregnant wife too had undergone a bad health condition similarly. 
As the police reveals the suspect has not tried to not poison the family at once as the suspects may have feared that this matter would come out. Therefore, they had planned to poison them at a slow pace, in stages. 
The labourer has confessed saying that the suspected doctor has promised to give him a promotion and at the same time he has promised a higher salary. 
The DMO and his family have left Sevanagala quarters for further treatment. The poison that has been used has not yet been still revealed.  The police believe without doubt that a conflict between the two doctors would have been the cause for it. 
The Officer-in- Charge of the Sevanagala Police Sevanagala Nilantha Bandara and Head of the Criminal Investigations Unit Police Inspector Rangajeewa are carrying out investigation under the supervision of Monaragala District Superintendent of  officer Lalith Gunawardana, and Assistant Superintendent of Police , Asoka Wijeratna.
Until the suspected labourer was produced before courts and was ordered to be remanded until the 9th .

Article written by Bandula Dinapoorna

නඩු තින්දුව
Link:- https://gossipdotblog.blogspot.com/2012/02/deputy-dmo-who-wanted-to-get-post-of.html




Tuesday, March 5, 2019

පොලිස් කාරයින්ගෙන් සල්ලි ගත්තු මහ ‘ප.... යා’ ට පොලිස්කාරයෝ පහර දෙයි.



 කුලි වැඩ කරන දයානන්ද 51 හැවරිදි දෙරු පියෙක්. 2019.03.01 දින, ඔහු බුලත්සිංහල පොලිසිය ළඟට ගියේ ඒ අසල සිටි කාන්තාවක ගෙන් තමන්ට ලැබිය යුතු මුදලක් ඉල්ලා ගන්න.

එසේ සිටින විට බුලත්සිංහල පොලිසියේ කොස්තාපල් තරංග එතැනට උඹ ඇප තියන්නද ආවේ, උඹ ආපු බව දන්නවානම් ඇප දෙන්නේ නැහැ කයන විටම මෝටර් රථයකින් බුලත්සිංහල පොලිසියේ උ.පො.ප.උපුල් හා කොස්තාපල් ශ්‍රිමාල් යන අය එතනට පැමිණ තිබේ. කොස්තාපල් තරංග, උ.පො.ප.උපුල් ට පෙන්වා, “සර් මේ ඉන්නේ අපෙන් රු: 25,000/= ගත්ත එකාගේ මහ ප----යා” කියා තිබේ. හෙඳටම බිලා හිටපු උ.පො.ප.උපුල්, “පොලිස් කාරයින්ගෙන් සල්ලි ගන්නවාදැයි” කියමින්, දයානනද ගේ හිසට, අසල කාණුවට වාටෙනකම්ම ඔහුට  අතින් පහර දි තිබේ. 
පහර කැ ඔහු පසුදින රොහල් ගතව ඇත. 2019.02.03 දින රෝහල් පොලිසිය කටඋත්තර ලබා ගෙන, අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා පරික්ෂා කිරිමෙන් අනතුරුව ටිකට් කප ඇත. 
ඔහ් ට මෙසේ පහර දීමට හේතුව වි ඇත්තේ, 2018.09.01 දින රාත්‍රිියේ ඔහුගේ පුතා වන හර්ෂ ප්‍රියංකරව, බුලත්සිංහල පොලිසියේ උ.පො.ප.උපුල්, පො.කො.තරංග, පො.කො. ශ්‍රීමාල් , උ.පො.ප.අංජන හා තවත් නිලධාරියකු විසින් අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස වධහිංසා පමුණුවීමෙන් පසුව රුපියල් 25,000/= ක මුදලක් ලබා දී සිද්ධිය සමථ වීම ය. 

ඔහු  මානව හිමිකම් කොමිෂන් සභාවෙන් හා පොලිස්පතගෙන්  ඉල්ලා සිටින්නේ, අමානුෂික ලෙස පහර දුන්, බුලත්සිංහල පොලිසියේ - උ.පො.ප.උපුල්, කොස්තාපල් තරංග හා කොස්තාපල් ශ්‍රිමාල් යන නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටය. 


Friday, February 22, 2019

පොලීසිය කප්පන් ගන්නේ පෙරකදෝරුවන්ගේ මාර්ගයෙන් !

තමාම, තම නඩුවට පෙනී සිටින පුද්ගලයෙකුගෙන් අදාල නඩුවේ- පැමිණිල්ලේ සහතික පිටපතක් ලබාදිමට, පෙරකදෝරුවෙක් ගෙන් ලියුම් ගේන්න යයි පොලිසය කියන්නේ, ඔවුන් (පෙරකදෝරුවන්)  මගින් අල්ලස් ගැනීමටය.

පගාව ගැනීම නීතිය කඩා වැටීමේ පිළිඹිඹුවකි. එදා හොර රහසේ කළ පගාව ගැනීම අද කරන්නේ විවෘතවය. මේ එයට කදිම නිදසුදනකි.

කියවන්න අනුර, පොලීසියට ලියපු ලියුම.

ලි.ප.තැ.

ක. අනුර, මතුගම. 2019.02.22 දින දිය. 

පූජිත ජයසුන්දර මයා
පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

මුල් පැමිණිල්ලේ සහතික පිටපත 
ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.

මා විසින්, 2019.01.22 දාතමින්, මට විරුද්ධව මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින්, හොරණ, මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබෙන 42738/18 නඩුවට අදාලව, මුල් පැමිණිල්ලේ සහතික කරන ලද පිටපතක් මුදල් අයකර ලබාදෙන ලෙසට ඉල්ලා සිටින ලදි.

ඉල්ලීමේ ඡායා පිටපත අමුණා ඇත.

මාගේ එම ඉල්ලීම, ප්‍රතික්ෂේප කරන ලදි. එසේ ප්‍රතික්ෂේප කරන ලද නිලධාරිවරයා සිටියේ සිවිල් ඇඳුමින්ය. ඔහු ආබාධිත පුද්ගලයෙකි. 

ඔහු මාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර, පෙරකදෝරුවෙක් ගෙන් ලිපියක් අරගෙන එන්න යැයි වැඩිදුරටත් කියා සිටින ලදි.

මා චූදිත කර ඇති නඩුවේ මුල් පැමිණිල්ලේ සහතික පිටපතක් නියමිත මුදල් අය කර මට නොදීම, කුමන නීතියකට අනුකූලවද යයි ඔහු නොකියන ලදි.

එමෙන්ම මට දිය නොහැකි ලේඛණයක් පෙරකදෝරුවෙකුගේ ලියුමකට දීමට පු`ඵවන් වන්නේ කෙසේද? 

මෙම නීති විරෝධී ක්‍රිියාව පොලිස් නිලධාරියා අනුගමනය කරන්නේ, මාගෙන් ගත නොහැකි අල්ලසක්, පෙරකදෝරුවෙකු මගින් ලබාගැනීමටද යයි කීමට මා නොදනිමි.

මා ඉල්ලා සිටින්නේ,

ප්‍රමාද නොකර, යුක්තිය ඉටු කර ගැනීම සඳහා, මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින්, හොරණ, මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබෙන 42738/18 දරන නඩුවේ, මුල් පැමිණිලිකරු වන හොරණ, මිල්ලෑව, අංක 142/බී/2 දරන ලිපිනයේ “රජිත අවන්හලේ” අයිතිකරු වන අමදෝරුගේ මුදිත ප්‍රසාද් යන අය විසින් 2018.12.13 දින කරන ලද පැමිණිල්ලේ සහතික කරන ලද පිටපතක් මුදල් අයකර, මා වෙත නිකුත් කරන ලෙසට නියෝග කරන මෙන් ඉල්ලා සිටිමි.

මෙයට,
ක. අනුර
චුදිත





Wednesday, February 13, 2019

ඒජන්සි කරුවන්ට ගසා කන්නට ඉඩ දීලා, නීතියත් උන්ට!, අල්ලා ත් උන්ට ලු!



සුබ්‍රමනියම් තංගම්මා - පාස්පෝට් එකේ තියෙන නම. නමුත් මුස්ලිම් ආගමට ගිය තැනැත්තියක්. ඇය වැන්දඹුවක්. 

70 හැවිරිදි ඇගේ මව නාගම්මා, තංගම්මාව කටාර් හී වහල් සේවයට යැව්වේ ණය බරින් නිදහස් වෙන්න.

කුරුණෑගල, ඉබ්බාගමුවේ නිව් ගෝල්ඩන් ඒජන්සිය තමයි, රුපියල් ලක්ෂ තුනක් දෙන පොරොන්දුවට, තංගම්මාව රට යැව්වේ.

රට යන දවසේ ලක්ෂයක් දීලා ඉතිරි ලක්ෂ දෙක දවස් දෙක තුනකින් දෙන්න පොරොන්දු වූයේ - ගුවන් තොටුපොලේදි. 

තවම දවස් දෙක තුන, ගෝල්ඩන් ඒජන්සියේ හිමිකරු අස්වර් ට ගිහිල්ලා නැහැ.

දැන් මාස තුනකට අසාන්නයි. මේ නාගම්මාට සීමාවූ කතාන්දරයක් නොවෙයි.

ඒජන්සි කාරයින් ගෙන් යැපෙන ඇමතියා නිහඬයි. උන්ගෙන් යැපෙන විදේශ සේවා කාර්යංශයේ බැලයින්ට රටට විදේශ විනිමය ගෙන එන වහල් සේවයේ යෙදෙන කාන්තාවන්ට වඩා ඒජන්සි කාරයෝ ලොකුයි.

නාගම්මාගේ පැමිණිල්ලට පොලිස්පති මොකෑ කියන්නේ, ඇය බලාගෙන සිටී.

Sunday, February 3, 2019

දඩයම් කරන්න යොදා ගන්නේ උසාවිය




පොලිස් අධිකාරී කාර්යාල මුල් කරගෙන පිහිටුවා තිබෙන “යුනිට්” වල අරමුණ ප්‍රදේශයේ පොලීසි වලට බැරිවු, නීති විරෝධී ජාවාරම් මැඩලීම.

මෙම “යුනිට්” කලක් තිස්සේ වධකාරගාර පවත්වාගෙන යන අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව බොරු නඩු දැමීම ද සිදු කරයි.

ගෙදර සිටි පත්මසිරි ව, අත්අඩංගුවට ගෙන, උසාවිය යොදවාගෙන, පීඩාවට පත් කරන්නේ, ඔහු විසින් පොලීසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ල නිසාය.

මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරන ලද නිර්දේශයට වසරකටත් වැඩි කලක් ගතව ඇතත්, තවමත් ක්‍රියාත්මක කර නැත.

පොලීසිය කියන්නේ නිර්දේශය අවිධිමත් බවයි. එය පැහැදිළි කරන ලෙසට ද, පොලීසිය කොමිෂමෙන් ඉල්ලා ඇත.

නමුත් තවමත් එයට පිළිතුරු දීමට කොමිෂම සමත්වී නැත.

මේ අතර, පත්මසිරිව දඩයම් කිරීමට පොලීසිය පටන් ගෙන ඇත. ඒ “යුනිට්” යොදාගෙනය. 

සියලු කරුණු පත්මසිරිගේ පැමිණිල්ලෙන් පැහැදිළි වන ඇත.

වධ හිංසා පැමිණවීම පිළිබඳ මානව හිමිකම් කොමිෂමේ නිර්දේශය මුල් කරගෙන පළිගැනීම සඳහා අත්අඩංගුවට ගෙන බොරු නඩු පවරා පීඩාවට පත් කිරීම.

පත්මසිරි, අවු: 45 යි, විවාහක, දරුවන් 02 යි, රැකියාව ගොවිතැන, 
2019.02.01 වන දින දීය.

2019.01.30 වන දින, උදේ 9.00 ට පමණ, මා වැඩට යෑමට සූදානම්ව සිටියදී, යතුරුපැදි තුනකින් හය දෙනෙකු ගේ මිදුලට පැමිණියා.

එම පිරිස සිටියේ සිවිල් ඇඳුමින්. ඔවුන් බැස, මා වෙත පැමිණ, අපි කව්ද දන්නවාදැයි ඇසුවා. මා නැහැ කිව්වාම, පලයන් ගෙට කියා ගේ ඇතුලට තල්ලු කළා.

ඊට පසුව ඔවුන් ගෙදර සෑම තැනකම සෙව්වා. පොලවට පවා තට්ටු කරමින් පරීක්ෂා කළා.

කිසිදු නීති විරෝධී දෙයක් හමු වූයේ නැති විට අපි හොයා ගන්නම් කියා, මට මාංචු දැම්මා. ඉන්පසු එක් යතුරුපැදියක මැද තියාගෙන, කිලෝ මීටර් 1/2 ක් පමණ ඈතින් පිහිටි, වඩුවා හේන රබර් වත්තට ගෙන ආවා.

එතනදී මාව බස්සවා, වෙලට ගෙනිහින් ඒ අසල මයිකල් නැමැත්තාට හිමි පිල්ලෑවට ගෙන ගියා. එහි තිබූ පරණ බැරලයක් පෙන්වා මේ තියෙන්නේ බඩු කියා, අනෙක් බඩු කෝ කියා ඇසුවා.

බැරලය එහි තබා, මාව දෙන්නෙක් එක්ක එතන තබා, අනෙක් පිරිස යතුරුපැදිවලින් කොහේට ද ගියා. පැය තුනකට පස්සෙ ඔවුන් ආවා. ඒ වෙලාවේම පානදුර “යුනිට්” එකේ ජීප් රථය පැමිණියා. එහිද නිලධාරීන් පස් දෙනෙකු පමණ හිටියා.

බැරලය එතැන තබා මාව ජීප් එකේ අරගෙන මොරගහහේන පොලීසියට ගෙනවිත් බාර දුන්නා. 

පොලීසියේදී යුනිට් එකේ නිලධාරියෙක් මගේ මගෙන් නම ගම ආදී විස්තර අසා කොල තුනක මොනවද ලිව්වා. එයට මාගේ අත්සන ගත්තා. ඊට පසු තවත් නිලධාරියෙක් කොලකෑලි 4 කට ඇඟිලි සලකුණ ගත්තා.

එයින් පසු මාංචු ගලවා කූඩුවට දැම්මා. පොලීසියේදී මට කෑම එකක් දුන්නා. ඔවුන් මගේ ගෙදරට දුරකතනයෙන් දැනුම් දුන්නා. හවසට ඇවිත් ඇප දීලා අරන් යන්න කියා. 

ගෙදරින් ආවත් මට ඇප දුන්නේ නැහැ. පසුදා, එනම් 2019.01.31 උදේ 8.30 පමණ පොලිස් ඇප මත මුදාහැරියා.

මාව අත්අඩංගුවට ගෙන, රැගෙන ගිය වඩුවාහේන වත්තේ පිල්ලෑවේ හවස් වනතුරුම යුනිට් එක ගෙනවිත් දමන ලද බැරලය නඩු භාණ්ඩය වශයෙන් වත් රැගෙන නොගොස් එතනම දමා ගොස් තිබුනා. එහි ඡායාරූප ගත්තා. 

මේ ආකාරයට මට, පොලීසිය හිරිහැර කරන්නේ පොලිසියට විරුද්ධව මා, මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ල (එහි අංක: HRC511/13 හා 2518/13) හා අදාල නිර්දේශය ක්‍රියාත්මක නොකර සිටීමටය. 

තවද එම බොරු නඩුව 2019.02.15 ට කැඳවා තිබීමද හේතුවක්.

මාව අත්අඩංගුවට ගෙන ගොස් රඳවාගෙන සිටි වඩුවාහේන වත්තතේ පිල්ලෑව යන ස්ථානයට කඩිනමින් ගොස් පරීක්ෂා කර, මා කියන සත්‍ය අවබෝධ කරගෙන, අදාල නිලධාරීන්ට එරෙහිව නීති්‍යානුකූල පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

මෙයට,
 පත්මසිරි


ඇමති තලතා, තලන්නට ඉඩ දෙයි.



වාර්තාවී ඇති අන්දමට රැඳවියන් හය හත් දෙනෙකුට අතින් පයින් පොලුවලින් පහරදී, බරපතල තුවාල සිදුකිරීම, සුපුරුදු පරිදි යටපත් කිරීමට බන්ධනාගාර ඉහළයින් මෙන්ම ඇමති තලතා ද පියවර ගෙන තිබේ.

2019 ජනවාරි 31 දින, මෙම පහරදීම සිදුකර ඇත්තේ ජේලර්වරුන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ, ගාඞ්ලා විසිනි.

බී 5 වාට්ටුවේ මේ පහරදීම සිදුකර ඇත.

මේ දක්වාම, තුවාල ලැබ සිටින රැඳවියන්ට පෙනඩෝල් පෙත්තක්වත් දී නැත.

මෙම මෲග ක්‍රියාව පිළිබඳව රැඳවියන්ගේ බිරින්දෑවරුන්ගෙන් හතර දෙනෙක් තම සැමියන්ට පහරදී බරපතල තුවාල සිදුකිරීම පිළිබඳව ක`ඵතර උතුර පොලීසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිලි විභාග කරන්නට ගිය පොලිස් නිලධාරීන්ට, රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට ඉඩ දී නොමැති බවද වාර්තා වේ.

රැඳවියන් දෙදෙනෙක්, ක`ඵතර මහේස්ත්‍රාත්වරයාට, තමන්ට පහරදීම වාර්තා කර ඇත.

අධිකරණය මෙම රැඳවියන්ව, රෝහල්ගත කරන ලෙසට නියෝග කර ඇතත් මේ දක්වාම රෝහල්ගත කර නොමැති බව බිරින්ඳෑවරුන් ප්‍රකාශ කරයි.

රැඳවියන් නොසිටි අවස්ථාවක, ජංගම දුරකතනයක් බී 5 වාට්ටුව තුල තිබී හමුවීම, මෙම පහර දීමට හේතුව බව ද වාර්තා වේ.

බිරින්ඳෑවරු සිව් දෙනෙක් මානව හිමිකම කොමිෂමට, පොලිස්පතිට හා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

මෙම මෙලේච්ඡ පර දීම ගැන වහාම විමර්ශනයක් පවත්වන ලෙසට, ජනසංසදය මානව හිමිකම් කොමිමෙන් ඉල්ලා තිබේ. බන්ධනාගාර බාර වත්මන් ඇමතිනී තලතා මේ ප්‍රවෘතිය, එළිදරව් වීම වැළැක්වීමට නම් පියවර ගනු ඇත.

සුපුරුදු පරිදි මෙම මෙලේච්ඡ පහරදීම යටපත් කරණු ඇත.

රජය භාරයේ සිටින මිනිසුන්ගේ ආරක්ෂාව, සැලසීමට තරම් බෙලහීන ඇමතිනී තලතා සුපුරුදු පරිදි, ප්‍රශ්නය අමතක වෙන්නට හරිනු ඇත.

අධිකරණ නියෝග නොතකන බන්ධනාගාර තිබෙන රටක, අධිකරණ ස්වාධීනත්වය ගැන කුමන කථාද?

නීතිය මත පාලනයක් නැති රටක “ප්‍රජාතන්ත්‍රවාදය” හොරුන්, හොරු රැක ගැනීම සඳහා පාවිච්චි කරන පුහු වචනයකි.