Friday, February 22, 2019

පොලීසිය කප්පන් ගන්නේ පෙරකදෝරුවන්ගේ මාර්ගයෙන් !

තමාම, තම නඩුවට පෙනී සිටින පුද්ගලයෙකුගෙන් අදාල නඩුවේ- පැමිණිල්ලේ සහතික පිටපතක් ලබාදිමට, පෙරකදෝරුවෙක් ගෙන් ලියුම් ගේන්න යයි පොලිසය කියන්නේ, ඔවුන් (පෙරකදෝරුවන්)  මගින් අල්ලස් ගැනීමටය.

පගාව ගැනීම නීතිය කඩා වැටීමේ පිළිඹිඹුවකි. එදා හොර රහසේ කළ පගාව ගැනීම අද කරන්නේ විවෘතවය. මේ එයට කදිම නිදසුදනකි.

කියවන්න අනුර, පොලීසියට ලියපු ලියුම.

ලි.ප.තැ.

ක. අනුර, මතුගම. 2019.02.22 දින දිය. 

පූජිත ජයසුන්දර මයා
පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

මුල් පැමිණිල්ලේ සහතික පිටපත 
ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.

මා විසින්, 2019.01.22 දාතමින්, මට විරුද්ධව මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින්, හොරණ, මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබෙන 42738/18 නඩුවට අදාලව, මුල් පැමිණිල්ලේ සහතික කරන ලද පිටපතක් මුදල් අයකර ලබාදෙන ලෙසට ඉල්ලා සිටින ලදි.

ඉල්ලීමේ ඡායා පිටපත අමුණා ඇත.

මාගේ එම ඉල්ලීම, ප්‍රතික්ෂේප කරන ලදි. එසේ ප්‍රතික්ෂේප කරන ලද නිලධාරිවරයා සිටියේ සිවිල් ඇඳුමින්ය. ඔහු ආබාධිත පුද්ගලයෙකි. 

ඔහු මාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර, පෙරකදෝරුවෙක් ගෙන් ලිපියක් අරගෙන එන්න යැයි වැඩිදුරටත් කියා සිටින ලදි.

මා චූදිත කර ඇති නඩුවේ මුල් පැමිණිල්ලේ සහතික පිටපතක් නියමිත මුදල් අය කර මට නොදීම, කුමන නීතියකට අනුකූලවද යයි ඔහු නොකියන ලදි.

එමෙන්ම මට දිය නොහැකි ලේඛණයක් පෙරකදෝරුවෙකුගේ ලියුමකට දීමට පු`ඵවන් වන්නේ කෙසේද? 

මෙම නීති විරෝධී ක්‍රිියාව පොලිස් නිලධාරියා අනුගමනය කරන්නේ, මාගෙන් ගත නොහැකි අල්ලසක්, පෙරකදෝරුවෙකු මගින් ලබාගැනීමටද යයි කීමට මා නොදනිමි.

මා ඉල්ලා සිටින්නේ,

ප්‍රමාද නොකර, යුක්තිය ඉටු කර ගැනීම සඳහා, මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින්, හොරණ, මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබෙන 42738/18 දරන නඩුවේ, මුල් පැමිණිලිකරු වන හොරණ, මිල්ලෑව, අංක 142/බී/2 දරන ලිපිනයේ “රජිත අවන්හලේ” අයිතිකරු වන අමදෝරුගේ මුදිත ප්‍රසාද් යන අය විසින් 2018.12.13 දින කරන ලද පැමිණිල්ලේ සහතික කරන ලද පිටපතක් මුදල් අයකර, මා වෙත නිකුත් කරන ලෙසට නියෝග කරන මෙන් ඉල්ලා සිටිමි.

මෙයට,
ක. අනුර
චුදිත





Wednesday, February 13, 2019

ඒජන්සි කරුවන්ට ගසා කන්නට ඉඩ දීලා, නීතියත් උන්ට!, අල්ලා ත් උන්ට ලු!



සුබ්‍රමනියම් තංගම්මා - පාස්පෝට් එකේ තියෙන නම. නමුත් මුස්ලිම් ආගමට ගිය තැනැත්තියක්. ඇය වැන්දඹුවක්. 

70 හැවිරිදි ඇගේ මව නාගම්මා, තංගම්මාව කටාර් හී වහල් සේවයට යැව්වේ ණය බරින් නිදහස් වෙන්න.

කුරුණෑගල, ඉබ්බාගමුවේ නිව් ගෝල්ඩන් ඒජන්සිය තමයි, රුපියල් ලක්ෂ තුනක් දෙන පොරොන්දුවට, තංගම්මාව රට යැව්වේ.

රට යන දවසේ ලක්ෂයක් දීලා ඉතිරි ලක්ෂ දෙක දවස් දෙක තුනකින් දෙන්න පොරොන්දු වූයේ - ගුවන් තොටුපොලේදි. 

තවම දවස් දෙක තුන, ගෝල්ඩන් ඒජන්සියේ හිමිකරු අස්වර් ට ගිහිල්ලා නැහැ.

දැන් මාස තුනකට අසාන්නයි. මේ නාගම්මාට සීමාවූ කතාන්දරයක් නොවෙයි.

ඒජන්සි කාරයින් ගෙන් යැපෙන ඇමතියා නිහඬයි. උන්ගෙන් යැපෙන විදේශ සේවා කාර්යංශයේ බැලයින්ට රටට විදේශ විනිමය ගෙන එන වහල් සේවයේ යෙදෙන කාන්තාවන්ට වඩා ඒජන්සි කාරයෝ ලොකුයි.

නාගම්මාගේ පැමිණිල්ලට පොලිස්පති මොකෑ කියන්නේ, ඇය බලාගෙන සිටී.

Sunday, February 3, 2019

දඩයම් කරන්න යොදා ගන්නේ උසාවිය




පොලිස් අධිකාරී කාර්යාල මුල් කරගෙන පිහිටුවා තිබෙන “යුනිට්” වල අරමුණ ප්‍රදේශයේ පොලීසි වලට බැරිවු, නීති විරෝධී ජාවාරම් මැඩලීම.

මෙම “යුනිට්” කලක් තිස්සේ වධකාරගාර පවත්වාගෙන යන අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව බොරු නඩු දැමීම ද සිදු කරයි.

ගෙදර සිටි පත්මසිරි ව, අත්අඩංගුවට ගෙන, උසාවිය යොදවාගෙන, පීඩාවට පත් කරන්නේ, ඔහු විසින් පොලීසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ල නිසාය.

මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරන ලද නිර්දේශයට වසරකටත් වැඩි කලක් ගතව ඇතත්, තවමත් ක්‍රියාත්මක කර නැත.

පොලීසිය කියන්නේ නිර්දේශය අවිධිමත් බවයි. එය පැහැදිළි කරන ලෙසට ද, පොලීසිය කොමිෂමෙන් ඉල්ලා ඇත.

නමුත් තවමත් එයට පිළිතුරු දීමට කොමිෂම සමත්වී නැත.

මේ අතර, පත්මසිරිව දඩයම් කිරීමට පොලීසිය පටන් ගෙන ඇත. ඒ “යුනිට්” යොදාගෙනය. 

සියලු කරුණු පත්මසිරිගේ පැමිණිල්ලෙන් පැහැදිළි වන ඇත.

වධ හිංසා පැමිණවීම පිළිබඳ මානව හිමිකම් කොමිෂමේ නිර්දේශය මුල් කරගෙන පළිගැනීම සඳහා අත්අඩංගුවට ගෙන බොරු නඩු පවරා පීඩාවට පත් කිරීම.

පත්මසිරි, අවු: 45 යි, විවාහක, දරුවන් 02 යි, රැකියාව ගොවිතැන, 
2019.02.01 වන දින දීය.

2019.01.30 වන දින, උදේ 9.00 ට පමණ, මා වැඩට යෑමට සූදානම්ව සිටියදී, යතුරුපැදි තුනකින් හය දෙනෙකු ගේ මිදුලට පැමිණියා.

එම පිරිස සිටියේ සිවිල් ඇඳුමින්. ඔවුන් බැස, මා වෙත පැමිණ, අපි කව්ද දන්නවාදැයි ඇසුවා. මා නැහැ කිව්වාම, පලයන් ගෙට කියා ගේ ඇතුලට තල්ලු කළා.

ඊට පසුව ඔවුන් ගෙදර සෑම තැනකම සෙව්වා. පොලවට පවා තට්ටු කරමින් පරීක්ෂා කළා.

කිසිදු නීති විරෝධී දෙයක් හමු වූයේ නැති විට අපි හොයා ගන්නම් කියා, මට මාංචු දැම්මා. ඉන්පසු එක් යතුරුපැදියක මැද තියාගෙන, කිලෝ මීටර් 1/2 ක් පමණ ඈතින් පිහිටි, වඩුවා හේන රබර් වත්තට ගෙන ආවා.

එතනදී මාව බස්සවා, වෙලට ගෙනිහින් ඒ අසල මයිකල් නැමැත්තාට හිමි පිල්ලෑවට ගෙන ගියා. එහි තිබූ පරණ බැරලයක් පෙන්වා මේ තියෙන්නේ බඩු කියා, අනෙක් බඩු කෝ කියා ඇසුවා.

බැරලය එහි තබා, මාව දෙන්නෙක් එක්ක එතන තබා, අනෙක් පිරිස යතුරුපැදිවලින් කොහේට ද ගියා. පැය තුනකට පස්සෙ ඔවුන් ආවා. ඒ වෙලාවේම පානදුර “යුනිට්” එකේ ජීප් රථය පැමිණියා. එහිද නිලධාරීන් පස් දෙනෙකු පමණ හිටියා.

බැරලය එතැන තබා මාව ජීප් එකේ අරගෙන මොරගහහේන පොලීසියට ගෙනවිත් බාර දුන්නා. 

පොලීසියේදී යුනිට් එකේ නිලධාරියෙක් මගේ මගෙන් නම ගම ආදී විස්තර අසා කොල තුනක මොනවද ලිව්වා. එයට මාගේ අත්සන ගත්තා. ඊට පසු තවත් නිලධාරියෙක් කොලකෑලි 4 කට ඇඟිලි සලකුණ ගත්තා.

එයින් පසු මාංචු ගලවා කූඩුවට දැම්මා. පොලීසියේදී මට කෑම එකක් දුන්නා. ඔවුන් මගේ ගෙදරට දුරකතනයෙන් දැනුම් දුන්නා. හවසට ඇවිත් ඇප දීලා අරන් යන්න කියා. 

ගෙදරින් ආවත් මට ඇප දුන්නේ නැහැ. පසුදා, එනම් 2019.01.31 උදේ 8.30 පමණ පොලිස් ඇප මත මුදාහැරියා.

මාව අත්අඩංගුවට ගෙන, රැගෙන ගිය වඩුවාහේන වත්තේ පිල්ලෑවේ හවස් වනතුරුම යුනිට් එක ගෙනවිත් දමන ලද බැරලය නඩු භාණ්ඩය වශයෙන් වත් රැගෙන නොගොස් එතනම දමා ගොස් තිබුනා. එහි ඡායාරූප ගත්තා. 

මේ ආකාරයට මට, පොලීසිය හිරිහැර කරන්නේ පොලිසියට විරුද්ධව මා, මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ල (එහි අංක: HRC511/13 හා 2518/13) හා අදාල නිර්දේශය ක්‍රියාත්මක නොකර සිටීමටය. 

තවද එම බොරු නඩුව 2019.02.15 ට කැඳවා තිබීමද හේතුවක්.

මාව අත්අඩංගුවට ගෙන ගොස් රඳවාගෙන සිටි වඩුවාහේන වත්තතේ පිල්ලෑව යන ස්ථානයට කඩිනමින් ගොස් පරීක්ෂා කර, මා කියන සත්‍ය අවබෝධ කරගෙන, අදාල නිලධාරීන්ට එරෙහිව නීති්‍යානුකූල පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

මෙයට,
 පත්මසිරි


ඇමති තලතා, තලන්නට ඉඩ දෙයි.



වාර්තාවී ඇති අන්දමට රැඳවියන් හය හත් දෙනෙකුට අතින් පයින් පොලුවලින් පහරදී, බරපතල තුවාල සිදුකිරීම, සුපුරුදු පරිදි යටපත් කිරීමට බන්ධනාගාර ඉහළයින් මෙන්ම ඇමති තලතා ද පියවර ගෙන තිබේ.

2019 ජනවාරි 31 දින, මෙම පහරදීම සිදුකර ඇත්තේ ජේලර්වරුන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ, ගාඞ්ලා විසිනි.

බී 5 වාට්ටුවේ මේ පහරදීම සිදුකර ඇත.

මේ දක්වාම, තුවාල ලැබ සිටින රැඳවියන්ට පෙනඩෝල් පෙත්තක්වත් දී නැත.

මෙම මෲග ක්‍රියාව පිළිබඳව රැඳවියන්ගේ බිරින්දෑවරුන්ගෙන් හතර දෙනෙක් තම සැමියන්ට පහරදී බරපතල තුවාල සිදුකිරීම පිළිබඳව ක`ඵතර උතුර පොලීසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිලි විභාග කරන්නට ගිය පොලිස් නිලධාරීන්ට, රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට ඉඩ දී නොමැති බවද වාර්තා වේ.

රැඳවියන් දෙදෙනෙක්, ක`ඵතර මහේස්ත්‍රාත්වරයාට, තමන්ට පහරදීම වාර්තා කර ඇත.

අධිකරණය මෙම රැඳවියන්ව, රෝහල්ගත කරන ලෙසට නියෝග කර ඇතත් මේ දක්වාම රෝහල්ගත කර නොමැති බව බිරින්ඳෑවරුන් ප්‍රකාශ කරයි.

රැඳවියන් නොසිටි අවස්ථාවක, ජංගම දුරකතනයක් බී 5 වාට්ටුව තුල තිබී හමුවීම, මෙම පහර දීමට හේතුව බව ද වාර්තා වේ.

බිරින්ඳෑවරු සිව් දෙනෙක් මානව හිමිකම කොමිෂමට, පොලිස්පතිට හා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

මෙම මෙලේච්ඡ පර දීම ගැන වහාම විමර්ශනයක් පවත්වන ලෙසට, ජනසංසදය මානව හිමිකම් කොමිමෙන් ඉල්ලා තිබේ. බන්ධනාගාර බාර වත්මන් ඇමතිනී තලතා මේ ප්‍රවෘතිය, එළිදරව් වීම වැළැක්වීමට නම් පියවර ගනු ඇත.

සුපුරුදු පරිදි මෙම මෙලේච්ඡ පහරදීම යටපත් කරණු ඇත.

රජය භාරයේ සිටින මිනිසුන්ගේ ආරක්ෂාව, සැලසීමට තරම් බෙලහීන ඇමතිනී තලතා සුපුරුදු පරිදි, ප්‍රශ්නය අමතක වෙන්නට හරිනු ඇත.

අධිකරණ නියෝග නොතකන බන්ධනාගාර තිබෙන රටක, අධිකරණ ස්වාධීනත්වය ගැන කුමන කථාද?

නීතිය මත පාලනයක් නැති රටක “ප්‍රජාතන්ත්‍රවාදය” හොරුන්, හොරු රැක ගැනීම සඳහා පාවිච්චි කරන පුහු වචනයකි.


Wednesday, January 30, 2019

ජනපතිගේ කුඩු සංහාරයට මුවා වී සිදු කරන සතුරු දඩයම



මේ වන විට, මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් මර්ධනය කිරීම සඳහා - පොලිසිය හා එක්ව විශේෂ කාර්ය බලකාය රටපුරා මෙහෙයුම් දියත් කර ඇත.


ඒ අතර, උපරාමාධිකරණය මගින්, වරදකරුවකුට මරණ දඬුවම නියම කරන තෙක් ජනාධිපති සිරිසේන නොවිසිල්ලෙන් බලා සිටී. දැන් යන විදිහට නම් අපට මතක් වන්නේ පංචතන්ත්‍රයේ එන වෟකයාගේ හා එලුවාගේ කථාවය. 

සුරේෂ්, එක් රැයක් පානදුර උතුර පොලිසියේද, රෑ දෙකක් ක`ඵතර බන්ධණාගාරයේද ගත කර, 29 දා දවල් ශරීර ඇපයක් මත නිදහස් විය. 

මේ ශ්‍රී ලංකාවේ, සංවිධානාත්මක මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන්නේ, අනෙකුත් සියලුම අපරාධ හා නීති විරෝධී ක්‍රියාවන් මෙන්ම, රටේ ඉහළයින්ය. මේ ඉහළයින්ට - සියලුම දේශපාලන පක්ෂ, ආගම් වල නායකයින් සම්බන්ධය.

ඒ ගැන නිහඬව - අතීසාරයට අමුඩ ගසන්නවා වාගේ මත්ද්‍රව්‍ය මෙන්ම, නීති විරෝධී මත්පැනට එරෙහිව පොලිසිය STF යෙදීම වැඩක් නැත. 

මර්ධනය ධවල භීෂණයක් දක්වා වර්ධනය වන බවට - ඉතා සු`ඵ උදාහරණයක් දක්වමු.

සුරේෂ් ත්‍රී රෝද රථ රියදුරෙකි. චන්ඩියෙකි - පොලිසිය කියන ආකාරයට. 
25 දින සුරේෂ්, මගුල් ගෙදරක සාදයට ගොස්, සවස කොත්තුවක් ගේන්නට කඩයට ගියේ මිතුරෙකුගේ ත්‍රී රෝද රථයෙන්. ඒ, ඔහු මත්පැන් පානය කර තිබූ නිසාය.
ගෙන ආ කොත්තුව, කන්නට ඔහුට නොහැකි විය.

ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට,  පොලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල්ල තත්වය පැහැදිලි කරයි. 

නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා නගා, නඩු පැවරීම හා රිමාන්ඞ් කිරීම, 

 සුරේෂ් ... අවු: 37 යි, විවාහක, දරුවන් 02 යි, රැකියාව : රියදුරු. 2019.01.29 දිනදීය.

2018.01.25 දින රාත්‍රී 7.30 පමණ, මා කොත්තුවක් අරන්, මාගේ මිතුරකු සමග, ත්‍රී රෝද රථයෙන් මාගේ වැඩ කරන ත්‍රී රෝද රථ ගාලට පැමිණියාත් සමග, එතැනට පැමිණි දෙදෙනෙකු ගෙන් එක් අයෙක්, මා ඇඳ සිටි ෂර්ට් එකේ කොලරය අසලින් අල්ලා කරකවා, හිරකර උඹද“බාබා” කියා ඇසුවා. මම ඔව් යයි පිළිතුරු දුන් විට, වරෙන් බබා හුකුම් පෙන්වන්න කියමින්, තල්ලු කරගෙන, ගොස්, අසල තිබූ ජීප් රථයේ පිටුපසට ඇතුල් කරනු ලැබුවා. 

මාව ජීප් රථයේ දාගන්න විට, නිල ඇඳුම් ඇඳගත් 2කු සමග තවත් 4කු හිටියා. පසුව මා දැනගත්තා ඔවුන් විශේෂ කාර්ය බලකායේ අය බව.

මාව ජීප් රථයට දමා ගත් එම පිරිස, මාව නිවසට ගෙන ආවා. 

නිවසේදී, බිරිඳ දරුවන් දෙන්නා, එළියට දමා නිවස සෝදිසි කලා.

එසේ සෝදිසි කර, මාව පානදුර දකුණ පොලිසියට ගෙන ආවා. ජීප් රථයේ ඉදිරිපස අසුනේ සිටි, නිලධාරියා , දුරකථනයෙන් කාටද “චිෆ්” කියා අමතා, “බබා” කියන එකාව අපි ගත්තා යයි කිව්වා. 

මාව පානදුර දකුණ පොලිසියට ගෙනවිත්, ජීප් රථය පොලිසිය තුලට ඇතුලු වූ විට, එතැනට සිවිල් ඇඳුමින් එක් නිලධාරියෙක් පැමිණියා. ඔහු සිය ජංගම දුරකථනයෙන් මාගේ පිංතූර ගත්තා. 

ඉන්පසු ඔහු ඉදිරිපස අසුනේ වාඩි වී, පානදුර උතුර පොලිසියට ගෙන ආවා. 
මාව ජීප් රථයෙන් ගෙන එන අතර, අසභ්‍ය වචන කියමින් මට නින්දා අපහාස කලා. 

පානදුර උතුර පොලිසියේදී, එම නිලධාරීන් මොනවාද පොත්වල ලියා, මාගේ ඇගිලි සලකුණු කහපාට දිග ලියුම් කවරයකට ලබා ගත්තා. 

එයින් අනතුරුව මාව කූඩුවට දැම්මා. 

පසුදින එනම් 2019.01.26 දින, මාව වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ සරත් සූරියආරච්චි මයාගේ නිවසට ගෙන ගොස්, 2019.01.29 දක්වා, රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. 

2019.01.29 (අද දින) මාව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලවිට, මට විරුද්ධව 
1. හෙරොයින් මිලිග්‍රෑම් 900 ක් සන්තකයේ තබා ගැනීම 
2. කඩුවක් ළඟ තබා ගැනීම 
යන චෝදනා යටතේ නඩු 02ක් පවරා තිබුනා. 

මාව අත්අඩංගුවට ගත් නිලධාරීන් අතර, විශේෂ කාර්ය බලකායේ (කොළඹ මූලස්ථානයේ) 68235 කන්ඩම්මබි, 34394 කොඩිතුවක්කු, 29081 අබේසිංහ, පො.සැ.37578 සිල්වා, 75471 වීරසුන්දර හා පො.රියදුරු 2634 රාජපක්ෂ යන අය සිටි බව හා, වාහන අංකය ණෘ 5783 බවත් දැනගන්නට ලැබුනා.

මා කිසි දිනක මත් ද්‍රව්‍ය භාවිතා කරන හෝ ජාවාරම් කරන හෝ කෙනෙකු නොවේ.

මේ ආකාරයට, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් පැමිණ අත්අඩංගුවට ගත්තේ, යම් අයෙකු ගේ පුද්ගලික පළිගැනීමකට බව ප්‍රකාශ කරමි.

රාත්‍රියේ කෑම ගැනීමට ගිය මා - විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම දුටු සාක්ෂි තිබෙන බවද, ප්‍රකාශ කරමි.

මේ සම්බන්ධයෙන් මාගේ බිරිඳ වන මේරෝස් ලීටා බර්තොලමියුස් මිය විසින් - 2019.01.28 දාතමින් ඔබ වෙත ලිඛිතව පැමිණිලි කර ඇති බවද සිහිපත් කරමි. 

මා ඉල්ලා සිටින්නේ, 
මත් ද්‍රව්‍ය භාවිතය හෝ, ඒවාට සම්බන්ධ නැති මා, අත්අඩංගුවට ගෙන, ව්‍යාජ නඩු පවරා, බන්ධණාගාරගත කරවීම ගැන, අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටය.

මෙයට, 
 සුරේෂ් 




Sunday, January 20, 2019

බෝගම්බර බන්ධනාගාරයේ “බාගෙට මැරුම් කන” ලද නන්දනීට දශ ලක්ෂ පනස් දාහක වන්දියක්.


2008 ජුනි 27, නන්දනීව, රත්තොට පොලීසිය අත්අඩංගුවට ගන්නේ, මාතලේ බන්ධනාගාරයේ ඕ.අයි.සී. ඒකනායකගේ බිරිඳ පද්මාට, පහර දී පිහියකින් කපන ලද බවට වන චෝදනාවට.

2008 ජුනි 28 වන දින ඇයව, මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 30 වන දින දක්වා රිමාන්ඞ් කරවනවා. එසේ රිමාන්ඞ් කරන්නේ පද්මාට බරපතල තුවාල තිබෙන බවට, පොලීසිය උසාවියට කරන ලද කරුණු දැක්වීම මත.

අත්අඩංගුවට ගන්නා 27 වන දින රාත්‍රියේදී ඇයව, කෲර අවමන් සහගත සැලකිලිවලට භාජනය කරන්න ඉදිරිපත් වන්නේ පොලිස් කාන්තාවක්.

29 වන දින මාතලේ බන්ධනාගාරයෙන්, බෝගම්බර බන්ධනාගාරයේ කාන්තා අංශයට ගෙන ගිය විට, ඇයට වධ දීමට ඉදිරිපත් වන්නේ, අමුණුගම විජේසිංහ, සුබසිංහ හා සෝමපාල යන ‘ගාඞ් වරියන්’.

ඔවුන් ඇයට වධ දේනනේ, මාතලේ බන්ධනාගාරයේ, ඕ.අයි.සී. ඒකනායක, “බාගෙට මරන්න” ලෙසට දෙන ලද උපදෙස් අනුව.

30 වන දින ඇප ලබා ගන්නා ඇය මාතලේ දිසා මහ රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුළත් වෙනවා.

එහිදී, ඇයව පරීක්ෂා කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, ඇයට වධ දීම හේතුවෙන් බරපතල තුවාල සිදුව ඇති බවට පමණක් නොව, ඇගේ එක් කණක් ආබාධිතව ඇති බවට ද, නිගමනය කරනු ලබනවා. 

ඇය ජනසංසදය සමග එක්ව, මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට පියවර ගන්නා ලද අතර මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඇයට විරුද්ධව, රත්තොට පොලීසියේ පවරා තිබූ නඩුවට ඉදිරිපත් වීම සඳහා නීතිඥ සහය ලබා දීමටද පියවර ගනු ලැබුවා.

2008 දින පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවට 2009.11.18 වන දින, අවසර ලැබෙනවා. ඒ මෙම නඩුවේ මාතලේ බන්ධනාගාරයේ ඕ.අයි.සී. ඒකනායක, රත්තොට පොලීසියේ කාන්තා පො.සැ. 12862 වසන්තා, බෝගම්බර බනන්ධනාගාර අධිකාරී, ගාඞ්වරියන් වන, අමුණුගම විජේසිංහ, සුබසිංහ හා සෝමපාල, උත්තරීතර නීතියේ 11 වන වගන්තිය උල්ලංඝණය කර තිබෙන බවට හා  මාතලේ බන්ධනාගාරයේ ඕ.අයි.සී. ඒකනායක, රත්තොට පොලීසියේ කාන්තා පො.සැ. 12862 වසන්තා සහ පොලිස්පති මෙම නීතියේ 12 වන වගන්තිය උල්ලංඝණය කර තිබෙන බවට යන පිළිගැනීම මතය.

2018.09.26 විභාගයට ගන්නා මෙම නඩුවේ තීන්දුව 2018.11.23 දින ප්‍රකාශයට පත් කරණු ලැබුවා.

එම තීන්දුවට අනුව,

6. ඒකනායක - ඕ.අයි.සී. මාතලේ බන්ධනාගාරය

9. අමුණුගම විජේසිංහ, සුබසිංහ හා සෝමපාල - බෝගම්බර බනන්ධනාගාර ගාඞ්වරියන්
උත්තරීතර නීතියේ 11 වන වගන්තියෙන් සහතික කර තිබෙන අයිතියද, 

ඒකනායක - ඕ.අයි.සී. මාතලේ බන්ධනාගාරය, ගාඞ්වරියන් වන, අමුණුගම විජේසිංහ, සුබසිංහ හා සෝමපාල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා පොලිස්පති යන වගඋත්තරකරුවන් උත්තරීතර නීතියේ 12 (1) වගන්තියෙන් සතික කර තිබෙන අයිතිය ද, 

උල්ලංඝණය කර තිබෙන බවට, තීන්දු කර තිබේ.

ඒ අනුව රජය විසින් රුපියල් ලක්ෂ පහක් හා නඩු ගාස්තු වශයෙන් රු: 50,000/- ක් ද නන්දනීට ගෙවිය යුතු බවට ද, ඒකනායක - ඕ.අයි.සී. මාතලේ බන්ධනාගාරය, රුපියල් ලක්ෂ දෙකක් පුද්ගලිකව ද,  ගාඞ්වරියන් වන, අමුණුගම විජේසිංහ, සුබසිංහ හා සෝමපාල රු: 75,000/- බැගින් (රුපියල් ලක්ෂ 3 ක්) ගෙවිය යුතු බවට ද තීරණය කර තිබේ.

බන්ධනාගාරය රැඳවියන්ට වධ දීමට හේතු ගණනාවක් ඇත.

බන්ධනාගාරයට ඇතුළත් කිරිමේ දි නිරුවත් කර, පහර දීම, එයට අමතරව, විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවයට සිදුකරන වධ දීම් ද සුලභය.

තවද, නීතිපතිවරයා, මෙම නඩුවේ විත්තිකරුවන් වූ, ගාඞ්වරියන්ට එහෙිව වධහිංසා පනත යටතේ මහනුවර මහාධිකරණයේ නඩු පවරා ඇත.

නන්දනීට විරුද්ධව මාතලේ මහේස්ත්‍රාත් අධ්කරණයේ පවරන ලද බොරු නඩුවෙන් ඇයව නිfදාස් කර ඇති බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.



     

රුවන් ට වධදුන්න, පොලිස් කාරයින්ට රු: 300,000/- ක් ගෙවන්නට විය. බොරු සහතික දුන්න ‍‍දොස්තරලා ට මුක්තිය.


රුවන්, එවකට 18 හැවිරිදි තරුණයෙක්. රැකියාව අත් ට්‍රැක්ටරයෙන් කුඹුරු හෑම.

2010 මැයි 26 දින වැලිපැන්න පොලීසියේ ගම්බට්ටෙකු ඇතුලු පොලිස් කාරයින් දෙන්නෙක් රුවන්ව අත්අඩංගුවට ගන්නවා. 

රුවන්ව අත්අඩංගුවට ගන්නා එම පොලිස් කාරයෝ, පොලීසියට ගෙන ගොස් දස වධ දෙමින් ඉල්ලන්නේ මල්කාන්තිගෙන් ගත්තු මාලය.

මල්කාන්ති 26 හැවිරිදි දෙදරු මවක්. 2010.05.26 ස්වාමියා ගෙදර ඇවිල්ලා නෑ. ඇගේ පැමිණිල්ලට අනුව, රෑ නිදාගෙන ඉන්නකොට තමයි මාලේ කඩාගෙන තියෙන්නෙ. කඩන විට ඇයට ඇහැරුණු අතර, කඩාගත් පුද්ගලයාව කුප්පි ලාම්පු එළියෙන් දැක ඇත. ඔහුගේ බොල්ලෑ දත්වලින් අඳුරාගෙන තිබේ.

රුවන්ට වධ දී, 2010.05.29 දින උසාවියට ඉදිරිපත් කරනවා. ඒ 2010.05.28 දින අත්අඩංගුවට ගත් බවට උසාවියට බොරු වාර්තාවක් ඉදිරිපත් කරමින්.

එදිනම රුවන් ට ඇප ලබාගන්නට හැකි වෙනවා. රුවන්, එදිනම නාගොඩ මහ රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙනවා.

නීතියට අනුව, 2010.05.29 රුවන්ව උසාවියට ඉදිරිපත් කරන්නට පෙර මතුගම දිසා රෝහලට ගෙන ගොස් එහි වෛද්‍ය නිලධාරිණිය වූ වෛද්‍ය චන්ද්‍රලතාට ඉදිරිපත් කරනවා. ඇය පොලිස් කාරයින් සමග එක්ව, රුවන්ට කිසිම තුවාලයක් නැති බවට සඳහන් කර, අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පෝරමය පුරවා පොලීසියට බාර දෙනවා.

පෙර සඳහන් කළ පරිදි, එදිනම නාගොඩ මහ රෝහලට ඇතු`ඵ වන රුවන් පරීක්ෂා කරන එම රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය එස්.එම්.එස්. ද සිල්වා රුවන්ගේ ශරීරයේ බාහිර තුවාල දෙකක් තිබෙන බවට සහතික කර, අධිකරණ වෛද්‍ය වාර්තාව නිකුත් කරනවා.

තමාට වධ දීම ගැන, මළ පොතේ අකුරු බැරි රුවන්, යුක්තිය ඉටු කරගන්නට තම ඥාති මිත්‍රාදීන්ගේ සහය ඇතිව ඉදිරියට එනවා.

2010.06.04 වන දින, ජනසංසදය රුවන්ව, මානව හිමිකම් කොමිෂමට ගෙන ගොස්, එහි පැමිණිල්ල ලියාපදිංචි කරවා, ඔහුව, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරවීමට පියවර ගනු ලැබුවා.

දින 06 ක් ඉකුත් වීමෙන් අනතුරුව රුවන් පරීක්ෂාවට ලක් කරන, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය අජිත් තෙන්නකෝන්, රුවන්ගේ සිරුරේ තුවාල 10 ක් හඳුනාගනු ලබනවා.

එපමණක් නොව ඔහු රුවන්, අංගොඩ මානසික රෝහලේ විශේෂඥ අධිකරණ මානසික වෛද්‍යවරයාට යොමු කරනවා. එහිදී වධහිංසාවෙන් පසුව, රුවන් මානසික පීඩාවෙන් පෙළෙන බව හඳුනාගෙන ප්‍රතිකාර ලබාදිය යුතු කෙනෙකු වශයෙන් නිගමනය කරණු ලැබුවා.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය යටතේ සලසා දී තිබෙන ප්‍රතිපාදන වලට අනුව, රුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට පියවර ගනු ලැබුවා.

නඩුවේ අංකය : 378/2010. නඩුව පවරන්නේ 2010.06.30.

එම උත්තරීතර නීතියේ 11 හා 13(2) වගන්ති, වැලිපැන්න පොලීසියේ නිලධාරීන් වන පොලිස් සහයක ගාමිනී, කොස්තාපල් බංඩාර හා කොස්තාපල් 82100 විසින් උල්ලඝණය කර ඇති බවට වන මේ නඩුව, ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා 2011.02.08 දින අවසරය ලබා දෙනවා.

වසර 8 කුත් මාස 4 කට පසුව, නඩුව විභාගයට ගන්නවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිසිර ජේ. ද. ආබෲ, අනිල් ගුණරත්න හා නලීන් පෙරේරා විනිසුරුවන් තිදෙනා ඉදිරියේ.

එම දිනයේදී, සෙසු විනිසුරුවන් දෙදෙනාගේ අනුමැතිය ඇතිව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සිසිර ජේ. ද. ආබෲ, විසින් ඉහත නම් සඳහන් පොලිස් නිලධාරීන් තිදෙනා උත්තරීතර නීතියේ 11 හා 13(2) වගන්ති, කඩ කර ඇති බවට, තීරණය කර, එක් එක් පොලිස් නිලධාරියා, මාස 04 ක් තුළ රුවන්ට, රු: 100,000/- බැගින්, රුපියල් ලක්ෂ තුනක් ගෙවිය යුතු බවට නියෝග කරණු ලැබුවා.

නඩුව අවසන්.  

එහෙත් පැන නගින ප්‍රශ්න කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නේ වධහිංසාව තුරන් කිරීම කෙසේ වෙතත් අවම කිරීමට, ව්‍යාපෘතිවලින් ඔබ්බට ගිය අවංක ඕනෑ කමක් තිබෙනවා නම් කථිකාවකට බඳුන් කරන්නට.

(1) පොලීසියට, උසාවියට බොරු වාර්තා කිරීම නීතිමය වශයෙන් හෝ විනයානුකූල වශයෙන් වරදක් නොවන්නේ ද?

(2) උසාවියට බොරු වාර්තා ඉදිරිපත් කිරීමට වෛද්‍යවරුන්ට අවසරය ලබා දී තිබේද?
ය වෘතීය ආචාර ධර්මවලට එකඟද?

උසාවියට එම බොරු වාර්තා ඉදිරිපත් කරන වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න බලයක් කාටවත් නැද්ද?

ඔසේත් නැති නම්, වෛද්‍යවරුන්ට බොරු වාර්තා ඉදිරිපත් ක්රන්නට අවසර තිබේද?

(3) පොලීසිය, වෛද්‍යවරු, පූජකවරු, නීතිඥවරු බොරු වාර්තා ඉදිරිපත් කිරීම මගින් අධිකරණයට අපහාස නොවන්නේ ද? 

පිළිතුරු අගය කරමු.   

විඩියා්ව



Saturday, January 19, 2019

උත්තරීතර නීතිය දාපිය බල්ලට ! ජාත්‍යන්තරයට බම්බු ගහගන්න කියාපන් !! හෙලුවෙන් තියාපිය . !!- කොච්චි කොටලා මුණේ හා ප..ගාපිය!!!


පාරේ ඉන්නකොට උඹව තමයි ඕනි කරලා තියෙන්නේ කියලා ඇදලා අරන් ජීප් එකට දා ගත්තා.

ගෙනිච්චේ, පොලිස්කාරයෝ නැවතිලා ඉන්න ‘බැරැක්කය’ ලෙසට පාවිච්චි කරන ගෙයකට.

කුස්සියට ගෙනිහිල්ලා ඇඳුම් ගැලෙව්වා. අත් දෙක පස්සට අරන් රෙදි පටියකින් ගැටගැහැව්වා.

ඊට පස්සේ බංඩාර කියන නිලධාරියා තවත් දෙන්නෙක් එක්ක එකතු වෙලා පොලුවලින් ගැහුව්වා. 

කොච්චි මිරිස් කොටලා, ඇස්වලට, පුරුෂ ලිංගයට දැම්මා. බලෙන් කොච්චි කැව්වා.

මේ කුලී වැඩ කරලා ජීවිතය ගැට ගහ ගන්න, 47 හැවිරිදි, සරත් ගේ කතාව, සරත් ගේ ජාතිය සිංහල ද, දෙමළ ද. මරක්කල ද, කියා හෝ ආගම  බෞද්ධ ද, කතොලික ද, රෙපදමාරු, හිනුදු ද එසේ නැත්නම් වෙනත් ද යන්න අප ප්‍රශ්ණයක් කරගෙන නැහැ. නමුත් මෙවන් සිද්ධියක් ඉදිරිපත් කළාම ඊනියා “ජාත්‍යන්තරය” අප ගෙන් අහනවා එයා ගේ ජාතිය ආගම. ඔහු මනුෂයෙක්. ශ්‍රි ලිංකිකයෙක්. 
               
ඔහු මානව හිමිකම් කොමිෂන් සභාව ට, පොලිස්පති ට,  කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. 


“ නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවාගෙන, නිරුවත් කර, වධ දීම”.

සරත්, වයස 47 යි. විවාහක, දරුවන් 01 යි. කුලී වැඩ. අගලවත්ත. 

209.01.17 වන දින දීය.

2019.01.15 දින රාත්‍රී 7.00 ට පමණ මා, අගලවත්ත, පොලේගොඩ පාරේ, අලිනියස්ගොඩ වත්ත යන ස්ථානයේ වඩු මඩුව ළඟ ඉන්නකොට, අගලවත්ත පොලීසියේ ජීප් රථය පැමිණ, උඹව තමයි ඕනි කරලා තියෙන්නේ කියා මාව අත්අඩංගුවට ගත්තා.

ජීප් රථයේ දාගෙන මාව, ගෙන ගියේ අග්ලවත්ත, දාපිලිගොඩ, මිල්ලගස්ස මුල්ල පිහිටි, පොලිස් බැරැක්කයට. එහාට ගෙනහිල්ලා, මාව එම (බැරැක්කයේ) කුස්සියක් වගේ කාමරයට ගෙනිහින් පිටුපස fදාර වැහුවා. 

මාගේ ඇඳුම් සියල්ලම ගලවා නිරුවත් කළා. අත් දෙක රෙදි පටියකින් පිටුපසට කරලා ගැට ගහලා, පොලුවලින් පහර දුන්නා. මට තුන් දෙනෙක් පහර දුන්නා. වැඩිපුරම ගැහැව්වේ, බංඩාර කියන නිලධාරියා. මට ගැහුවේ කුණුහරපයෙන් බැන වදිමින්, ඕමන්ත පහළගම ධර්මේ නැමති අයගේ මී හරක් විකුණලා ලක්ෂ 1 1/2 ක් ගත්තා ද කියා අසමින්.

මම නැහැ කිව්වාට පිළිගත්තේ නැහැ. මගේ ඇස්වලට, පුරුෂ ලිංගයට කොච්චි මිරිස් තලලා ගෑවා. මිරිස් කෑලි ඇස්වලට ගියා. මගේ කටට ඔබා කොච්චි මිරිස් කැව්වා. මම හිතන විදියට මට පැයකට වැඩි වේලාවක් වධ දුන්නා. 

ඊට පස්සෙ, පැය 1/4 ක් විතර ඔහේ හිටපුවාවේ කියා තිබ්බා. ඊට පස්සේ එහි කක්කුස්සියට ගෙනිහින් එහි බාල්දියෙන් වතුර බාල්දි තුනක් හතරක් දාලා නෑව්වා. එදා රාත්‍රී 12.00 ට 1.00 ට පමණ ජීප් රථයෙන් පොලීසියට ගෙනිහින් කූඩුවට දැම්මා.

පසුදින මු`ඵ දවසේම කූඩුවේ හිටියා. විටින් විට බංඩාර කියන නිලධාරියා හා ස්ථානාධිපති පැමිණ, බෝම්බ දානවා, හක්කා පටස් දානවා කියමින් තර්ජනය කළා. එදින රාත්‍රියේදී මාව පොලිස් කූඩුවේ තියාගන හිටියා.

2019.01.17 දින උදේ කූඩුවෙන් එළියට අරන්, නම ගම අහලා මොනවද ලියා මට අත්සන් කරන්න කිව්වා. උදේ 8.30 ට පමණ, මාව ජීප් රථයෙන් පිඹුර රජයේ රෝහලට ගෙන ගියා. එහිදී මාව වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළා. මම, මට ගහපු බව, මිරිස් දාපු බව වෛද්‍යවරයාට කිව්වා. තැලුම් පෙන්නුවා. ඒ වෙලාවේ මට ගහපු පොලිස් නිලධාරීන් ටිකත් එතන හිටියා.

දවල් 10.30 ට විතර මාව, මතුගම මහේස්ත්‍රාත් උසාවියට ගෙන ගියා. මා වෙනුවෙන් නීතිඥ ප්‍රසාද් ඉඹුලාගොඩ නීතිඥ මහතා ඉදිරිපත් වුණා. උසාවිය මට ශරීර ඇපයක් දී මුදා හැරියා.”

ඔහු ඉල්ලා සිටින්නේ, 
නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, පොලිස් “බැරැක්කයට” ගෙන ගොස් වධ දීම, අවමන් සහගත සැළකිල්ලට භාජනය කිරීම, බොරු චෝදනා දමා නඩු පැවරීම සහා පහර දුන්න බව, වධ දුන්න බව ප්‍රකාශ කළ ද, පිඹුර රජයේ රොහලේ වෛද්‍යවරයා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු නොකර නැවත ඔහුව පොලිසියට බරදිම සම්බන්ධයේන නිසි නීතිමය පියවර ගන්නා ලෙසටය.

පහත දැක්වෙන්නේ පොලිස් වෙබ් අඩවියේ පළකර තිබෙන දැන්විමකි. 

        මුන් මේවා පළකරන්නේ, රැවෙටෙන්න බලා ගෙන ඉන්න ජාත්‍යන්තරයේ නියෝජිතයින්ට හා මෙරට උන්ගේ පිහිටෙන් බඩ ගොස්තරය රැක ගන්නා උන්ට “ඉංග්‍රිසිය” හෙවත් සන්ධාන භාෂවෙන්  තප්පු ලන්නටය.




Friday, January 18, 2019

“හක්කා පටස්” යොදා පවුලකටම වින කළ අපරාධකාරයාට පොලිස් රැකවරණ.



බුදුන් වැඳ, පොලීසියට ඇතුල් වි, භාවනා කර, වැඩ පටන් ගන්නා ඉංගිරිය පොලීසිය, හක්කා පටස් හදන, විකුණන, ඌරන් මරණ, අපරාධකරයෙකු ආරක්ෂා කරන්න “නීතිය” බළල් අතක් කරගෙන ඇත.

මාලා රංජනී, 33 න් හැවිරිදි තිදරු මවක්. සැමියා හා ඇය ජීවත් වන්නේ වතුවල වල් නෙලලා. 

ඇය තම අත අහිමි වීම ගැන, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති,  අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත කරන ලද පැමිණිලි වලින් පැහැදිළි වේ.

හක්කපටස් වලින් ඌරන් මරණ, හක්කපටස් අලෙවි කරන අපරාධකරුව, 
ආරක්ෂා කරමින් යුක්තිය ඉටු නොකිරීම.

මාලා රංජනී, වයස අවු: 33 යි, විවාහක, දරුවන් 03 යි, කුලී වැඩ. 

2015.05.07 වන දින, ඉංගිරියේ පදිංචි, සිරිසේන යන අයට අයත්, මඩකඩ පිහිටි අක්කර 1 1/2 ක් පමණ වන ඉඩමේ වල් කෙටීමට ගියා. මා වල් කොටන විට, මාගේ 13 න් හැවිරිදි දුව හා අවු: 2 යි මාස 2 ක් වයසැති පුතා, එතනට ආවා. පුතා අඬන නිසා දුව ඇහැව්වා, හීන් බෝවිටියා ටිකක් කඩලා දෙන්නද කියා. මම, හා කිවූ විට, දුව හා පුතා එම වත්තේ හීන් බෝවිටියා ගස ළඟට ගියා.

දුව කිව්වා, අම්මේ බෝලයක් තියෙනවා කියා. පසුව ඇය එය අරගෙන ආවා. මා එය බලන විට, බෝලය වටා සෙලෝ ටේප් ඔතලා තිබුණා. මම එය අතට ගෙන ඔතලා තිබුණ සෙලෝ ටේප් එක ගලවන්න හැදුවා. එවිට පුපුරා ගියා.

මාව ඉංගිරිය රෝහලට ගෙන ගියා. ඉංගිරිය රෝහලින් හොරණ මූලික රෝහලට ගෙන යන්න යැයි කිව්වා. ත්‍රී රෝද රථයකින් හොරණ මූලික රෝහලට ගියා. එහිදී, මාගේ වම් අත මැණික් කටුව ළගින් කැපුවා. දැන් මට කුලියක් කරන්න විදියක් නැහැ.

මම රෝහලේ ඉන්න කොට, ඉංගිරිය පොලීසියෙන් ඇවිත් ප්‍රකාශයක් ගත්තා. දවස් 09 ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගබා ගත්තා. 2015.05.16 දින, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, මාගෙන් විස්තර අසා සිටියා. මා ඔහුට සියලු විස්තර කිව්වා.

දුව, ඇහිඳලා දුන්න කලු පාට සෙලෝ ටේප් අලවා තිබූ “බෝලය” මා ගලවා බලන්න හැදුවේ වත්තේදී. මා හට බෝලය ලබාදුන්න මොහොතේදී. නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එය “ගෙදරදී” සිදු වූ බවට, සිය වාර්තාවේ සඳහන් කරන ලද්දේ මන්ද යන්න මා දන්නේ නැහැ. මා එම වෛද්‍යවරයාට පැහැදිළිව කිව්වා, ඉඩමේදී“බෝලය” පුපුරා ගිය බව. 

මා, වල් කොටන්න කොන්ත්‍රාත්තුව ගත්තේ, ඉංගිරිය නගරයේ ඉන්න සිරිසේන ගෙන්. නන්දන ප්‍රේමලාල් කියන්නේ, සිරිසේන යන අයගේ, අයියා වන නන්දසේන ගේ පුතෙක් ය. සිරිසේන ගේ ඉඩම වල් කොටන්න මා බාර ගැනීම ගැන නන්දසේන යන අය මා සමග අමනාප විය.

එයට හේතුව, නන්දසේන ගේ පුතා වන, නන්දන ප්‍රේමලාල් එම ඉඩමට අයිතිවාසිකම් කියන නිසාය. මෙම අමනාපය නිසා, හිතා මතාම හක්කපටස් එක තිබ්බ බව මා තරයේ විශ්වාස කරමි.

පොලීසිය නිසි පරීක්ෂණ නොකරන්නේ, ප්‍රදේශයේ වල් ඌරන් හක්ක පටස් යොදාගෙන මරණ, නන්දන ප්‍රේමලාල් පොලීසිය සමග පවත්වන අයුතු සම්බන්ධය නිසාය. තවද, නන්දන ප්‍රේමලාල්, දුම්බර පිහිටි, ධම්මික නැමැත්තාට අයිති තේ වත්ත බලා ගැනීම ද කරනවා.

මෙම ධම්මික නැමැත්තා පොලීසිය සමග අයුතු සම්බන්ධතා පවත්වන්නෙක්. 

මෙම පසුබිම යටතේ පොලීසිය ප්‍රස්දිධියේ “හක්කපටස්” නමින් හඳුන්වන “බෝම්බ” වර්ගය උපයෝගී කරගෙන වල් ඌරන් මරණ, නන්දන ප්‍රේමලාල් ව, බේරීමට පියවර ගෙන ඇත.

2018.09.09 දින, නඩු වාරයට, නන්දන ප්‍රේමලාල්, ධම්මික නැමැත්තා සමග, ඔහුගේ නීතිඥ සමන් මල්ලවආරච්චිගේ කාර්යාලයට පැමිණ උසාවියට ඉදිරිපත් නොවී, මග හැර යන ලදි. අධිකරණයේදී, නීතිඥ සමන් මල්ලවආරච්චි, තම සේවාදායක නන්දන ප්‍රේමලාල් අසනීපව, රෝහල්ගතව ඇති බව ප්‍රකාශ කරන ලදි.

එදින නඩුව ඉවර වී, හොරණ සිට ඉංගිරියට බසයෙන් පැමිණ නිවස බලා යන විට දී, මා අසලට පැමිණි නන්දන ප්‍රේමලාල් අවුරුදු 3 ක් තිස්සේ නඩුවක් දාලා, උඹලාට මොකක්ද මට කරන්න පු`ඵවන් වුණේ යයි කියමින් තර්ජනාත්මකව ප්‍රශ්න කරමින් යන ලදි.

මා ඒ අවස්ථාවේදීම ඉංගිරිය පොලීසියට ගොස් පැමිණිලි කරන ලදි. නමුත් මාස 4 ක් ගතව ඇතත් ඒ පිළිබඳව පරීක්ෂණයක් ඉංගිරිය පොලීසිය සිදු කළේ නැත. මොහු අදටත්, “හක්කපටස්” එතීම, විකිණීම හා ඌරන්ට තැබීම සිදු කරයි. එය පොලීසිය දන්නා කරුණක්. ගම්වැසියන් මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

මේ වන විට හක්ක පටස් වලින් ප්‍රදේශයේ බල්ලන් 10 කු පමණ මිය ගොස් ඇත. 2018.04.06 දින, කුඩා ළමුන් දෙදෙනෙකු අත තිබූ හක්ක පටස් දෙකක්, මාගේ සැමියා මූලික වී පොලීසියට බාර දුන්න ද කිසිදු පියවරක් ගත්තේ නැත. ඒවා විනාශ කරන ලෙසට උපදෙස් දී යන ලදි. 2018.04.11 දින වෙනත් අයෙකු විසින් හක්කපටස් එකක් පොලීසියට බාර දුන්නද පියවරක් ගෙන නැත.

වසර 03 ක් පුරා, අධිකරණයට තොරතුරු වාර්තා කිරීම, ඉංගිරිය පොලීසිය හිතාමතාම සිදු නොකර තිබේ. නීති විරෝධී හක්කපටස් ව්‍යාපාරයේ යෙදෙන, හක්කපටස් උපයෝගී කරගෙන වල්ඌරන් මැරීම, එහි ප්‍රතිථලයක් ලෙස ඉහත දැක්වූ අපරාධ පිළිබඳව හා මාගේ අත මැණික් කටුව ළඟින් අහිමි කළ, අපරාධය වසන් කිරීමට පොලීසිය පියවර ගැනීම මගින් මාගේ අයිතීන් උල්ලංඝණය කර ඇත.

මා ඉල්ලා සිටින්නේ,

අපරාධකරුවෙකු මුදා ගැනීම සඳහා, විධිමත් විමර්ශනයක් නොකර, අදිකරණයට ව්‍යාජ තොරතුරු සැපයීම මගින් මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,
මාලා රංජනී

විඩියෝව


Saturday, December 29, 2018

ක`ඵ ගඟ හා අවට විනාශ කරන පැනෝරාමා අයිතිකරු ව දෙයියෝ බලාගෙන ......... !!



රටේ පවතින සියලුම ඉදිකරීම් නීති උල්ලංඝණය කරමින්, අඛණ්ඩව ඉදිකරීම් කරගෙන යන - පැනෝරාමා අයිතිකාර යුවල හා එම නීති විරෝධී ඉදිකරීම්වලට නීතිමය පියවර ගැනීම වැළැක්වීමට අදාල ආයතනවල නිලධාරීන් හා එක්ව සිටින්නේ ඇමතිවරු, නගර සභා මංත්‍රීවරු මෙන්ම, ජ.වි.පෙ. නියෝජිතයන් බව, මෙම නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව තනි සටනක යෙදී සිටින වීරක්කොඩි මහත්මිය ප්‍රකාශ කරයි.

පැනෝරාමා හෝටලයේ අයිතිකරු ඉන්දික ප්‍රේමලාල් නැමැත්තාය. නිල අයිතිකරු වන්නේ ඔහුගේ බිරිඳ ඉහළ ගමගේ අමාලි ඉනෝකා නැමැත්තියයි.

ක`ඵතර උතුර, කොස්පනාවත්ත පාරේ ඉදිකරන හෝටලයේ ඉදිකරීම්වලට අදාල ආයතන අවසර දී නැත.

මෙම ඉදිකිරීම්වලට අමතරව, අවට පරිසරය සැලසුම් සහිතව විනාශ කරයි. ඉදිකිරීම් මගින් සිදුකර තිබෙන හානිය ක`ඵතර නගර සභාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ලිඛිතව පෙන්වා දී ඇත. පරිසර අධිකාරිය කිසිදු පියවරක් ගන්නේ නැත. 

මෙම හෝටල් අයිතිකාරිය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන රජයේ ඉඩම්, විශේෂයෙන් රක්ෂිත ප්‍රදේශ හා ඇල මාර්ග නිවැරදිව සටහන් කර, නිරවුල් කර දීම, බිම් සවිය, ප්‍රතික්ෂේප කරන බවද ඇය කියා සිටී.

වීරක්කොඩි මහත්මිය විසින් මෙම හෝටලයේ අයිතිකාර පවුල්වල අය සිදුකරන පරිසර විනාශ ඇතුලු නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව ඒ ඒ අවස්ථාවලදී පැමිණිලි කළද ප්‍රයෝජනයක් වී නොමැත.

ඇය විශ්වාස කරන්නේ, අසීමිත ලෙස රාජ්‍යය නිලධාරීන්ට හා ප්‍රාදේශීය දේශපාකයන්ට ලබාදෙන අල්ලස් වලින් සියලු දූෂණ, අක්‍රමිකතාව යටපත් කර ඇති බවයි.

ඉතා කෙටිකාලයක් තුළ අසීමිත ලෙස මුදල් වැය කිරීම පිළිබඳව මත්ද්‍රව්‍ය කාර්යාංශය, මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ හා බදු දෙපාර්තුමේන්තුවේ අවධානය යොමු විය යුතු ද, එසේ වන්නේ නැති බව ද ඇය කියා සිටී.

Tuesday, December 25, 2018

පොලිස් බලයෙන් ගෙවත්තට ඇතුල් වෙන්න බැරිවෙන්න වැටක් ගහලා.

වසර 15කට වැඩි කාලයක්, නිරවුල්ව භුක්ති විඳගෙන එන හා පදිංචි ව සිටින නිවස හා ඉඩම මංකොල්ලා කෑමට, උප පොලිස් පරික්ෂකවරයෙක්  දරන උත්සහයක් පිළිබඳව පැමිණිල්ලකි. මේ වන විට ඔවුන්ට  නිවස අතහැර යෑමට සිදුව තිබේ.

මෙම උවදුරට මුහුණ පා සිටින කොස්ගොඩ. මා`ථ වෙළදාම් කරන්නෙකු වු ප්‍රසන්න ද සොයිසා පොලිස්පති වරයා වෙත ලිඛිතව කර තිබෙන පැමිණිලිල්ලේ මෙසේ සඳහන් වේ.  
                
“2018. 11. 21 දින උදේ 9.00 ට පමණ අප කිසිවකු නිවසේ නැති විට, උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා, ඔහුගේ මව වන රුක්මණි, සහෝදරවරන් වන දන්ත, කේමන්ත හා අසල්වැසියෙක් වන ජගත් යන අය පැමිණ නිවසේ කඩුල්ල හරස් කර බලහත්කාරයෙන් වැට ගසා යන ලදි. මගේ බිරිඳ සිද්ධිය දැන ගැනිමෙන් පසුව වහාම පැමිණ නිවසට ඇතුලු වීමට උත්සහා ගනිද්දි, උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා, ඔහුගේ මව වන රුක්මණි, සහෝදරවරන් වන දන්ත, කේමන්ත, අසල්වැසියන් යෙක් වන ජගත් සහා නලින් පැමිණ මාගේ බිරිඳට පහර දිමට උත්සහ කර, තර්ජනය කරන ලදි. එමෙන්ම මට කුඩු දමා රිමාන්ඞ් කරන බවට උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා ප්‍රකාශ කර තිබේ. මාගේ බිරිඳ බියවි නිවසට ඇතුලු නොවි, කොස්ගොඩ පොලිසියට ගොස් පැමිණිලි කරන ලදි. පැමිණිලි අංකය:- සිඅයිබි11-පිටුව 2 ඡේදය 127. පොලිසිය පැමිණිල්ල නිවරැදිව ලියන්නේ නැතිව, උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වාට වාසිදායක වන පරිදි, විකෘති කර ලියා අත්සන් ගන්නා ලිදි. තවද එහි මට කුඩු දාන බවට  උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා කළ ප්‍රකාශය සටහන් කර නොමැත. 
මේ අතර මම, උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වාගේ  මව වන රුක්මනීව තල්ලු කළ බවට බොරු චොදනාවක් දමා මාව අත්ඩංගුවට ගෙන වධ දිමට උත්සහ කරන බවට ලැබු ආරංචිය මත, මා ගරු අධකරණයට ඉදිරිපත් වන ලදි. ඒ 2012.11. 28 වේ. එ දින මා ඇප මත මුදාහැරිය අතර මිළඟ නඩු දිනය 2019. 06. 12. වේ.උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා, ඔහුගේ මව වන රුක්මණි, සහෝදරවරන් වන දන්ත, කේමන්ත, අසල්වැසියන් යෙක් වන ජගත් සහා නලින් අපට නිවසට යෑමට ඉඩනොදි සිටින්නේ පොලිස් බලතල යොදා ගනිමින්ය.මෙම නීති විරෝධි ක්‍රියාව ගැන කොස්ගොඩ පොලිසිය කිසුදු ක්‍රියා මාර්ගයක් ගන්නේ නැත.” 
ප්‍රසන්න ද සොයිසා ඉල්ලා සිටන්නේ, නිවසට ඇතුලු විම වලක්වාලමින් උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා හා ඔහුගේ මව වන රුක්මණි ප්‍රමුඛ පිරිස ගසා තිබෙන නිති විරෝධි වැට ඉවත්කර, නිවසේ පදංචි විමට ගන්නා උත්සහය ට නිතිවිරොධි ලෙස  පොලිසිය මැදිහත් නොකරන ලෙසටත්,
උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා, ඔහුගේ මව වන රුක්මණි, ප්‍රමුඛ පිරිස ගේ මැර තර්දන වලක්වාලන ලෙසටත්, 
පොලිස් බලතල උපයෝගි කරගෙන අපරාධ සිදුකරන උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා හා ඔහුගේ මව වන රුක්මණි ප්‍රමුඛ පිරිසට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසටත් ය.




Monday, December 17, 2018

මදින පිහියෙන් පිට කැපුවාට වන්දිය රු: 225,000/- යි. පොලිස්පතිට රු:125,000/- යි, පොලිස්කාරයන්ට රු: 100,000/- යි




රත්නසිරි, සුරාබදු ආඥා පනත යටතේ ලියාපදිංචි මදින්නෙක්. මේ පනත යටතේ, රා මදින්න බලපත්‍රයක් තියෙන්න ඕන. 

ඒ වුනාට, විකුණන්න බෑ. විකිණීම වරදක්. මොකද විකුණන්න බලපත්‍රයක් තියෙන්න ඕන නිසා. 

සුරාබදු ආඥාපනත යටතේ වන වැරදි අල්ලන්න සුරාබදු නිලධාරීන්ට මෙන්ම පොලීසියටත් පු`ඵවන්.

වැලිපැන්න පොලීසියේ සැරයන් දයාරත්න හා පො.කො. මධුසංඛ රත්නසිරි සොයා යන්නේ පගාව ගන්න. නඩුවක් ඉල්ලා ගන්න.

ඒ, 2010.08.09 වන දින.  

රත්නසිරි, පොලිස්කාරයන්ට, රා දෙන්නවත්, පගාව දෙන්නවත්, නඩු දෙන්නවත් සූදානම් වුනේ නෑ.

හොඳටම බිලා, රාජකාරි කරන්න ගිය මේ පොලිස්කාරයින් ඊළඟට කළේ රත්නසිරිව අත්අඩංගුවට ගන්න එක. එසේ කළේ රත්නසිරිගේ මදින පිහියෙන්ම, රත්නසිරිගේ පිට කපලා.

මෙම සිද්ධිය, ඒ අසලින් ගමන් කරමින් සිටි තරුණයෙක් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරලා.

නරඹන්න වීඩියෝව 


පොලීසිය, අත්අඩංගුවට ගත් රත්නසිරිට විරුද්ධව, නඩු දෙකක් දැම්මා.

1. නඩු අංක : 62608/10 - මහේස්ත්‍රාත් අධිකරණය, මතුගම

2. නඩු අංක : 62289/10  -  මහේස්ත්‍රාත් අධිකරණය, මතුගම

ඒ අතර, රත්නසිරි, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස්, වැලිපැන්න පොලීසියේ සැරයන් දයාරත්න (501), පොලිස් කොස්තාපල් මධුසංඛ (67080) මූලික කරගෙන, මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවා.

ීක්‍රැත්‍ඍ 514රැ2010 දරන එම මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2018.11.27 වන දින ප්‍රකාශයට පත් කරනවා.

සැරයන් දයාරත්න (501), පොලිස් කොස්තාපල් මධුසංඛ (67080) මූලික අයිතිවාසිකම් වල, 11 වන වගන්තිය උල්ලංඝණය කර ඇති බවට නිගමනය කර, එම දෙදෙනාට හා මූලික අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම දරන රජයට, රත්නසිරිට වන්දි ගෙවන ලෙස නියම කරණු ලැබුවා.

පොලිස් කාරයින් දෙන්නා, රු: 50,000/- බැගින්ද, රජය වෙනුවෙන් පොලිස්පතිවරයා, රුපියල් ලක්ෂයක් ද, රු: 25,000- නඩු ගාස්තු ද ගෙවීමට නියම කරණු ලබනවා.

මේ අනුව රත්නසිරි ට, රුපියල් දෙලක්ෂ විසිපන් දහසක් වන්දි වශයෙන් හිමිවනු ඇත.

ප්‍රශ්නය වන්දි මුදල් හිමි වීම නොවේ.

පහර දී මන්නයකින් කපා, ඉන් අනතුරුව බොරු නඩු දෙකක් දැමූ පොලිස්කාරයින්ට, එයට වගකිව යුතු ස්ථානාධිපතිට එරෙහිව ගන්න පියවර කුමක්ද කියන එක. 


අසරණයන් තලා පෙළන වරෙන්තු “නීතියේ ආධිපත්‍යයේ !!!!!! ”



පනස් එක් හැවිරිදි නිමල් තිකකසිරිව නොවැම්බර් මස 04 පස්වරු 4.00 ට විතර, මතුගම පොලීසියෙන් අත්අඩංගුවට ගන්නේ උසාවි වරෙන්තුවක් මත.

තමාට “වරෙන්තුවක්” තිබිය නොහැකි බව රැගෙන යන්නට පැමිණි පොලිස්කාරයන්ට, නිමල් තිලකසිරි පහදා දෙන්න දැඩි උත්සාහයක් ගන්නවා.

ඒත් වැඩක් වෙන්නේ නෑ. උසාවි නියෝගය අකුරටම ක්‍රියාත්මක කරන බව පොලිස්කාරයින් ඔහුට කියනවා.

කාට කියන්නද? දෙයියො ඉන්නෙ පොලිස්කාරයො එක්ක. හිත හදාගන්නා නිමල් තිලකසිරි එදා රෑ පොලිස් කූඩුවේ ළගිනවා.

ඒ අතර පොලිස්කාරයින් ගේ සුන්දර වදන් අසා සිත සනසා ගන්නත් වුණා.

පහුවදා, නිමල් තිලකසිරිව අත්අඩංගුවට ගැනීම ගැන, ඔහුගේ නීතිඥයා උසාවියට කරුනු කියනවා.

නඩුකාරයා, නඩු පොත බලා “මුදාහරිමි” කියා, එහි ලියනවා.

විත්ති කූඩුවේ හිටගෙන සිටින, නිමල් තිලකසිරිට බැහැලා යන්න යැයි, අසල සිටි පොලිස්කාරයා ඔහුට නියම කරනවා.

නිමල් තිලකසිරිව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්න යැයි, කියන “වරෙන්තුව” නිකුත් කළේ කව්ද? මොකටද? කාගේ වුවමනාවකටද? 

උත්තරීතර යැයි කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 (2) අනුව, පොලිස්කාරයෝ කටයුතු කර ඇත.


නීතියට පරිබාහිරව, පොලිස්කාරයින්ට අත්අඩංගුවට ගන්න, රඳවා තබා ගන්න, පෞද්ගිලක නිදහස අහිමි කරන්න බැරිය. එසේ කිරීම මූලික අයිතීන් උල්ලංඝණ්‍ය කිරීමකි.


නමුත්, එසේ කරන්න පු`ඵවන්. එය “නීතියේ ආධිපත්‍යය” ද?

නිමල් තිලකසිරිව, අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන, නිදහස අහිමි කර දැමීම ගැන, ඒ කාලය තුළ ඔහුව මානසික හා ශාරීරික වධහිංසාවට පාත්‍ර වීම, අවමන් සහගත සැළකිලිවලට දඬුවමකට පාත්‍ර වීම ගැන ඊනියා සිවිල් සමාජ කෙළ පිඩක්වත් හල්නනේ නැත.

මේ ගැන කථා කරමු ..........

මේ කථා කථා කරන්න

ජනතාවගේ පරමාධිපත්‍යය කිසිවෙකුට උදුරා ගන්න ඉඩ නොතබමු.

Sunday, December 9, 2018

පොලිස් කාරයාව තද කරපන් මාව බේරපන් කියා හිරණ පොලිස් මුරපොළේ ඕ.අයි.සී. ඉල්ලුවාලු!



බීලා වාහන එලවන්න අපිට බැරි වුනාට පොලිස්කාරයින්ට පු`ඵවන්.

2018.12.06 වෙනිදා හොඳට බීලා යතුරුපැදියෙන් යන අතර, තමන් ඉදිරියට ආපු යතුරුපැදි කරුවෙකු නවත්වා, පහරදී, පොලීසියට ගෙන ගොස්  ඕ.අයි.සී. ලවාද පහරදී, තුවාල සිදුකිරීමේ පුවතකි මේ.

පහර කෑමට ලක්වූයේ 21 හැවිරිදි කම්කරුවෙකි. නම සුමුදු.

බීලා යතුරුපැදියෙන් යන අතර, තරුණයාව නවත්වා පහරදී ඇත්තේ, පානදුර පදිංචි කොස්තාපල් චමිලය. 

මෙම තරුණයාව, පානදුර හිරණ පොලිස් මුරපොළට රැගෙන යෑමෙන් පසුව අතින් පයින් පහරදී ඇත්තේ එම පොලිස් මුර පොළේ ස්ථානාධිපති සිවිල් ඇඳුමින් සිටි චාමරය.

පහරදී විනාඩි 45 ක් පමණ කූඩුවේ දමාගෙන සිට, මොහුව මුදාහැර ඇත.

නිදහස් වීමෙන් පසුව, පානදුර මූලික රෝහලට ප‍්‍රතිකාර ගැනීම සඳහා ඇතු`ඵ වූ මෙම තරුණයා, එහි වාට්ටු අංක 01 සිටියදී, ඔහුට මුලින්ම පහර දුන්න පොලිස්කාරයා වූ චමිල ද, රෝහලට පැමිණ ඇතුළත්ව ඇත.

මේ චමිල නැමති පොලිස්කාරයා රෝහලට පවසා ඇත්තේ, සුමුදු නම්
තරුණයා තමාට පහර දුන්න බවයි.

රෝහලේදී, පොලිස් මුරපොලේ පොලිස් කාරයා, තරුණයාගෙන් විස්තර අසා, හිරණ පොලීසියේ  ඕ.අයි.සී. චාමර ට කතා කර ඇත. කතා බහ අතර එම දුරකතනය තරුණයාට දුන්න විට,  ඕ.අයි.සී. චාමර තරුණයාගෙන් ඉල්ලා ඇත්තේ තමාව බේරා, චමිල පොලිස්කාරයාව තද කරන ලෙසටයි.

මේ පිළිබඳව පළමුව, තරුණයාගේ මවද, දෙවනුව, තරුණයා ද ලිඛිතව පැමිණිලි කර ඇත.

එය පහත දැක්වේ.

01. සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව, 02. පොලිස්පති,
    
නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස පහර දී, රඳවා තබා ගැනීම.

සුමුදු අවු: 21යි, අවිවාහක, කම්කරු. පානදුර. 2018.12.07 දිනදීය.

2018.12.06 දින සවස 4.00 ට පමණ, මා ගෙදර සිට, මා වැඩකරන, හිරණ, පිංකෑල්ල පාරේ,  කර්මාණ්ත ශාලාවට වැඩට වාර්තා කරන්න යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියෙමි.

හිරණ - පානදුර ට‍්‍රාන්ස්ෆෝමර් හංදිය අසලදී මා ඉදිරියට යතුරු පැදියකින් පැමිණි පොලිස් නිලධාරියෙක්, මා පසුකර දුරක් ගොස්, ආපසු හැරී ආවා. ඔහු මාව ඉස්සර කරන ගමන්, නවත්තපන් ප-යා කිව්වා. 

මා අයින්කර යතුරු පැදිය නැවැත්වූවා. මා අසලට පැමිණි මෙම පොලිස් නිලධාරියා උඹව අල්ලගන්න තමයි හිටියේ කියමින්, මගේ මුහුණට පහරවල් දෙකක් ගසා, මාව හිරණ පොලිසියට ගෙනියන්න හැදුවා. මා කිව්වා, මාගේ යතුරු පැදියෙන් එන්නම් කියා. එ් අනුව මා ඔහු සමග හිරණ පොලිසියට ගියා. එ් අවස්ථාවේ ඔහු සිටියේ හොඳටම මත්පැන් පානය කරලයි. පොලිසියට ගිය වහාම, එම නිලධාරියා එහි සිටි ස්ථානාධිපතිට මොනවාද කියා යන්න ගියා. 

මා ස්ථානාධිපති අසලට ගිය වහාම, ඔහු නැගිට ඇවිත්, උඹලා තමයි මේවා කන්නේ, උඹගේ අම්මට හු--වා, කැ-යා, වේසි- පුතා ආදී, වශයෙන් අමු තිත්ත කුණුහරප කියමින් මගේ මුහුණට, අතින් පහර දෙමින්, පයින් බඩට ගැහුව්වා. ඉන්පසු මාව කූඩුවට දැම්මා. කූඩුවට දානවිට මගේ පසුම්බිය, දුරකථනය ගත්තා. මා ගෙදරට කතා කරන්න ඉල්ලූවත් කතා කරන්න දුන්නේ නැහැ. 

විනාඩි 45ක් විතර මාව කූඩුවේ තියාගෙන සිට එළියට ගත්තා. ස්ථානාධිපති, උඹ වැඩපලේ බොස්ට එහෙම කියන්න එපා කියා, මට යන්න කිව්වා. මම එතැනින් පිටවී ගොස් ,මම වැඩ කරන කර්මාණ්ත ශාලාවේ අයිතිකරුවන රොෂාන් ප‍්‍රනාන්දු මහතාට කිව්වා. මට උපදෙස් දුන්නා රෝහල් ගතවන ලෙසට. මා පානදුර රෝහලට ඇවිත්, මට පහර දුන්න බව ප‍්‍රකාශ කලා. මාව අංක 01 වාට්ටුව ඇතුලත් කලා. එවිට වේලාව ප:ව: 6.30 පමණ ඇති. 

රෝහලේ සිටින විට රෝහල් පොලිසියෙන් ආවා. මා ඉදිරිපිටදී, එම නිලධාරියා දුරකථනයෙන් ස්ථානාධිපතිට කතාකර, මොනවදෝ ලිව්වා. එ් අවස්ථාවේ රෝහල් පොලිසියේ නිලධාරියා මට පවසා සිටියා අපි  ඕ.අයි.සී ව බේරලා අනිත් එක්කෙනාව තද කරමු, ඔයාව පොලිසියට ගෙනිච්චට පස්සේ ඔයා වැඩකරන තැනට ගියා, චමිල කියන නිලධාරියාත් යන්න ගියා කියලා ලියමු කිව්වා. එසේ කියා මට ස්ථානාධිපති චාමර සමග කතා කිරීමට දුරකථනය දුන්නා. ස්ථානාධිපති චාමර මගෙන් ඇහුවා ඇයි කොල්ලෝ ඉස්පිරිතාලේ නැවතුනේ කියා. මම කිව්වා මට ගහපු නිසා මම නැවතුනේ කියා. එවිට ස්ථානාධිපතිවරයා අපි චමිලව තද කරමු මාව දාන්න එපා කියා මට පවසා සිටියා. ලියපු දේවලට මගෙන් අත්සන් ගත්තේ නැහැ. 

අධිකරණ වෛද්‍ය නිලධාරී මාව පරීක්ෂා කලා. මට පහර දී මාව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා, කොස්තාපල් චමිල බව දන්නවා. ඔහු වැඩ කරන්නේ කොළඹ පොලිසියක. 

මෙම චමිල කියන පොලිස් නිලධාරියා, සවස 7.30 ට පමණ රෝහල් ගත වුනා. ඔහු සිටියේ ඇඳ අංක 07 ඇඳේ. 

මට පහර දුන්න ස්ථානාධිපතිගේ නම චාමර වේ. ඔහු සිටියේ සිවිල් පිට.

මා ඉල්ලා සිටින්නේ,

1. මාව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, පහර දුන්න, පොලිස් කොස්තාපල් චමිලට
   හා,
11. මට අමානුෂික ලෙස පහර දී, විනාඩි 45 කාලයක් කූඩුවේ දමාගෙන සිට මාහට වධ හිංසා පැමිණ වූ - හිරණ පොලිස් මුරපොලේ ස්ථානාධිපති බව කියන චාමර ට,

එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය. 

මෙයට,

 සුමුදු 

Monday, November 12, 2018

ළමා අපයෝජක ගුරෙක් රකින්නට දැරියක් බිල්ලට ගනී.



විකෘති ආශාවන්ගෙන් පෙළෙන ගුරෙක් රැක ගන්නට 15 හැවිරිදි දැරියකගේ ජීවිතය විනාශ කළ ගුරුවරු, විදුහල්පතිවරු ප‍්‍රමුඛ ළමා ආරක්ෂකයින් පිළිබඳ කථාව.

ඇය රත්නපුර කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ දහවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී, ඇගේ පාසල් දිවිය අහිමි කර, ඉන් අනතුරුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂකයින් යොදවාගෙන, පොලීසිය ද, හවුල් කරගෙන, ඇගේ චරිතය ඝාතනය කර, මේ වන විට මහ මගට ඇද දමා තිබේ.

අද බහුතරයක් දරුවන් අපයෝජනයට ලක් කරන්නේ, ගුරුවරු, හාමුදුරුවරු හා පූජකයයින් ය.

නමුත් මෙම සැබෑ තත්ත්වය යටපත් කර, "ළමා අපයෝජන” ගැන කථා කරමින්, දේශන තබමින්, තම බඩගෝස්තරය රැක ගන්නා ඊනියා සිවිල් සමාජය නියෝජනය කරන බවට පෙනී සිටින කුලී කරුවන් නිදි වදින්නේ පාසැලේ නම රැක දීමටය.

කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ 6 වසර සිට ඉගෙන ගත් මැයගේ, පාසල් දිවිය අවසන් කර ඇත්තේ රටේ සියලූ නීති රීති උල්ලංඝණය කරමින්ය. එ් අපයෝජකයා බේරා ගැනීමට ය.

දුප්පත්කම උරුම කරගත් බහුතරයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැත. එය ඊනියා සිවිල් සමාජයට, හැමදාම ඡන්ද දායකයන් අලෙවි කරන දේශපාලකයන්ට, ඉවක් බවක් නැතිව හොරකම් කරන නීතිඥයන්ට, අන් අයගෙන් යැපෙන පූජක පරම්පරාවට අයිති වදනක් පමණි.

විදේශ රටවල ළමුන්ගේ කථා, අසන්නන් ගේ, දෙනෙතට කඳු`ඵ උනන්නට කියන්නට සමත්, මහා ඇදුරන්ට මේ කථා, ගෝචර නොවන්ටෙනේ නැත. 

මේ දැරිය සුජාත ද? මරියා ද? අය්ෂා ද? යන්න කියන්නට නම් නොදනී. 

ඇයව " X "  ලෙස ද මව "Y" ලෙස ද හඳුන්වමු.

කියවන්න,  මානව හිමිකම් කොමිෂන් සභාව, නීතිපති, පොලිස්පති,ළමා ආරක්ෂක අධිකාරිය,     සහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය වෙත යොමු කල '' Y " මවගේ.පැමිණිල්ලට:-  


   පාසල් දිවිය අහෝසි කිරීම, ලිංගික අතවර, චරිත ඝාතණය හා ව්‍යාජ නඩු දැමීම මගින් ජීවිත විනාශ කිරීම.

මව Y -----, අවු: 50යි, විවාහක, දරුවන් 05 යි, රැුකියාව : තේ ද`ඵ කැඞීම.

2018.11.05 දිනදීය. 

දුව X -------- , අවු: 15 යි,--------------.

මාගේ දුවට එරෙහිව, නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් වරයා විසින් යම් පුද්ගලයින්ගේ අවශ්‍යතාවයට යටවී, එ්ක පාර්ශවික, ඊණීයා පරීක්ෂණ මගින්, පොලිසිය උපයෝගී කරගෙන, නඩු දැමීමත්, ජීවිතය විනාශ කර දැමීමටත් පියවර ගෙන තිබේ.

මේ නීති විරෝධී, අපරාධ ක‍්‍රියාවන් වහාම නවත්වා, අවු: 15 ක් වන දැරිවියකගේ ජීවිතය බේරා දෙන ලෙසට ඉල්ලා සිටිම.

මේ සිද්ධිය අදාලව, දැනට රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණ නඩුවක් පවතී. එය පවරා ඇත්තේ, නිවිතිගල පොලිසිය මගින්ය.

එම නඩුව මගින්, මාගේ 15 හැවිරිදි දියණියව, රත්නපුර මහා රෝහලට යොමු කර, වෛද්‍ය පරීක්ෂණ පවත්වා, දඩි මානසික හා ශාරීරික පීඩාවන්ට පත්කර ඇත.

මෙම තත්වයට වගකිවයුත්තේ නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම්වරයා හා එහි සේවය කරන ඉෂානි නැමැති නිලධාරිණිය හා තවත් තැනැත්තියකි.  

ඔවුන්ගේ නම් හා තනතුරු දන්වා නැත. ලිඛිතව කිසිදු දෙයක් දන්වා නැත. දුටුවොත් අඳුරන්න පුලූවන්.

මෙම අපරාධයට පසුබිම සැකෙවින් මෙසේය.
01. මාගේ දියණීය 06 වසර සිට 2018 ජූනි මස දී, බලහත්කාරයෙන් අස්කර දමන තෙක්, ර/කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබීය.

02. 2017 අවුරුද්දේ, මාගේ දියණිය ඉගෙන ගත්තේ, 9 වසර පංතියේය. 

03. එහි පංති භාර ගුරුවරයා වූයේ ඉංග‍්‍රීසි විෂය උගන්වන සමීර චතුරංග නැමැති ගුරුවරයාය.

04. එම ගුරුවරයා, පංතියේ ඉගැන්වීමට වඩා කලේ, තෝරාගත් ගෑණු ළමයකු ළඟට ගෙන්වා ගෙන කතා කරමින් සිටීමය.

05. මේසය මත වාඩි වී, ළමුන්ට උඹ තෝ කියා ආමන්ත‍්‍රණය කරන මොහු, ගැහැණූ ළමුන්ට චෝක් කෑලි වලින් ගැසීම, චෝක් වලින් අත්වල ඇඳීම ආදී, සිදු කරන අනවශ්‍ය බලපෑම් වලට, මාගේ දියණියගේ ප‍්‍රතිචාරයන් මොහුට හිතකර නොවීය.

තවද මෙම ගුරුවරයා පිරිමි ළමුන් ගණනාවකගෙන් ගුටි කා ඇති බවද මෙහිදී සඳහන් කරමි.

06.මෙම වාතාවරණය යටතේ,

2017 මැයි මස 04 වන දින, මාගේ දියණිය ඇතුලූ සිසුන් පස්දෙනෙකුව වෙසක් කාඞ් විකිණීම සඳහා, පාසල් කාලයේ, කලවාන හා පෑබොටුව ප‍්‍රදේශයේ පාසල්වලට, මග දෙපසට හා බස්වලට යවා ඇත.

07. සෙසු ළමුන්ව, පංතියේ වෙසක් සැරසිලි වලින් අලංකාර කිරීමට යොමුකර තිබිණ.

08. මාගේ දියණිය ඇතුලූ පිරිස යළි පාසලට පැමිණ ඇත්තේ, පස්වරු 1.05 ට පමණි.

09. මා එදින, මාගේ බාල පුතා ගේ පංති රැුස්වීමට යන අතර, දුව බැලීමට ගියේ, මාගේ මුදල් පිළිබඳ ගැටලූවක් ගැන විමසීමටය.

10. මා, පාසල් ගේට්ටුව අසල සිටිනු දකින ලද මාගේ දියණිය, මා ළඟට පැමිණ කාරණය විමසා, ඇය ළඟ තිබූ ජංගම දුරකථනය මා අතට පත් කළේය.

11. මේ සිද්ධිය  දුටු සිසුවෙක්, එය සමීර චතුරංග නම් පංති බාර ගුරුවරයාට එ් අවස්ථාවේදීම පවසා තිබිණ.

12. ඔහු, සමීර චතුරංග නම් ගුරුවරයා, මාගේ දියණියව කැඳවා, ඇග් කම්මුලට ඇගිලි පහ සිටින්නට පහර දී, ෆෝන් එක ගෙනත් දීපන් යයි කියා, ළමයෙක්ව මාව සෙවීමට යවා ඇත.

13. ඉන්පසු මෙම ගුරුවරයා, මාගේ දියණියව, විදුහල්පති මහින්ද බාලසූරිය ගේ කාර්යාලයට ගෙන ගොස්, විදුහල්පතිට කාරණය කියා, නැවත ඇයව පංතියට ගෙනවිත්, ලියුමක් ලියවාගෙන ඇත.
ඉන්පසු, පසුදින මා සමග පාසලට එන ලෙසට දැනුම් දී තිබේ.

14. නමුත් පසු දින, (2017.05.05)  මට, අනිවාර්යයෙන් තේ ද`ඵ කැඞීමට යන්න සිදුවීම නිසා, පාසලට යාමට නොහැකි විය. 

මා නොමැතිව, දියණියද පාසලට යෑමට බැහැ කියන ලද්දේ මේ ගුරුවරයාගේ පහරකෑම් වලට ලක්වීමට සිදුවන නිසාය.

15. එයට පසුදිනක, මා විද්‍යාලයට ගොස් විදුහල්පති මහින්ද බාලසූරිය හුමුවූ විට, ඔහු කියා සිටියේ දියණියව පංතියට ගන්නවාට සමීර චතුරංග ගුරුවරයා විරුද්ධ බවයි.

16. සමීර චතුරංග ගුරුවරයා විරුද්ධ නිසා, සෙසු පංතිවල ගුරුවරුද, දියණියව ඔවුන්ගේ පංති වලට ගන්න කැමැති නැති බව කියා සිටියා.

17. එම තත්වය තුල වෙනත් පාසලක් හොයාගෙන එන්න යයි මට කිව්වා. 

18. මම ර/යද්දෙහිවත්ත විදුහලට ගොස් කාරණය කියා, දියණියව එම පාසලට ගන්න එකඟ කරවා ගත්තා.

19. දින දෙකකට පසුව, ර/කරවිට මධ්‍ය මහා විදුහලේ විදුහල්පති මහින්ද බාලසූරිය, දියණියව ගන්න එපා යයි කිව්ව බවත්, දියණියට ප්‍රේම සම්බන්ධයක් තියෙන බවත්, තමාට කිව්ව බව 
ර/ යද්දේහිවත්ත විදුහලේ විදුහල්පති කිව්වා. 

ඔහු උපදෙස් දුන්නා ප‍්‍රමාද නොවී, කලාප කාර්යාලයට ගොස් කාරණය කියන්න කියා.

20. එ් අනුව මම කලාප කාර්යාලයට ගොස් කාරණය කිව්වා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය, විදුහල්පතිට එසේ කළ නොහැකි බව පවසා, නියම කලා මාගේ දියණියව යළි පාසලට ගන්න කියා.

21. එ් අනුව දියණියට වධ දී, පාසලට ඇතුලත් කර ගත්තා. කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමියගේ නියමය පරිදි, පාසලට ගිය පළමු දිනයේ, මු`ඵ දවසේම විදුහල්පති මහින්ද බාලසූරිය දියණියව පංතියට යවන්නේ නැතුව, කාර්යාලයේ හිටගෙන සිටින්නට නියම කර තිබුනා. 

22. දියණියව පංතියට ගත්තද, ඇයට දිගටම කෙනෙහිලිකම් කර තිබුනා. ඇය සමග කතා කරන්නට අනෙක් ළමුන්ට තහනම් කරලා තිබුනා. ඇයව, වෙනම වාඩි කරවලා තිබුනා. ඇගේ අභ්‍යාස පොත් බලන එක නවත්වලා තිබුනා.

23. කෙසේ වෙතත් ඇය, එම වසර අසීරුවෙන් ගත කරලා, 2018 දී 10 වසරට සමත් වුනා.

24. 2018 දී ඇයට, 10 වසරට ඇතුලත්ව, ජනවාරි මාසයේ හොඳින් ඉගෙනීමේ කටයුතු කරගෙන යාමට ඉඩ ලැබී තිබුනා.

25. 2018 පෙබරවාරි මස, සිසුන්ව නිවාසාන්තර මළල ක‍්‍රීඩා උත්සවයට පුහුණුව සඳහා යොමු කලා. එ් අවස්ථාවේ, ඇයව අයත් වූයේ ඇයට අඩත්තේට්ටම් කල සමීර චතුරංග කියන ගුරුවරයා ද අයත් නිවාසයට.

26. මෙම සමීර චතුරංග කියන ගුරුවරයා, සෙසු ගුරුවරු ගුරුවරියන් හා එක්ව, මාගේ දියණියව තෝරා ගෙන තිබියදීත්, තෝරාගත් ඉසව් වලින් නම කපා, ඇයට තරඟ වලට සහභාගී වන්නට ඉඩ දුන්නේ නැහැ. ඇය මීට පෙර නිවාසාන්තර ක‍්‍රීඩා වලට ඉදිරිපත්ව සහතික ගත් අයෙකි.

27. මෙම පසුබිම යටතේ, වෙනත් ළමයකු අඩු වීම හේතුවෙන්, ඇයව නිවාසයේ මැරතන් තරඟයට සහභාගී කරවීමට එම ගුරුවර ගුරුවරියන් පියවර ගෙන, ඇයව වෛද්‍ය පරීක්ෂණ වලට සහභාගී කරවා, නිවාසයේ මැරතන් තරඟයට ඇතුලත් කරනු ලැබුවා.

28. එම නිසා ඇය, 2018 පෙබරවාරි 06 දින තිබූ මැරතන් තරඟයට සහභාගී වුනේ නැහැ. එදින සිට ඇය පාසල් ගමනද අත්හැර දැමුවා. 

29. පසුව දියණිය ගමෙන් පිටව, මාගේ වැඩිමහල් දියණිය (විවාහ වී සිටින* ගේ නිවසට ගොස් නැවතුනා.

30. ඇය එසේ මාස 3ක් , ඇග් සොයුරියගේ (මාගේ වැඩිමහල් දියණීයගේ* නිවසේ සිටින විට, නිවතිගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යලයේ, ඉහත නම් කල නිලධාරීන් ගමෙන්, දියණිය ගැන විමසා, ඇය රැුගෙන එන ලෙසට දැනුම් දුන්නා. 

31. එ් අනුව ඇයව මා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කලා. එහිදී ලබා දුන් උපදෙස් අනුව, නැවත ර/අල්පිටිය විද්‍යාලයට ඇතුලත් වුනා. 

32. ඉහත සඳහන් කරුණු සඳහන් කරමින්, එම විදුහලෙන්ද දියණියව ඉවත් කලා. 

33. එයින් අනතුරුව, නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ බලපෑම් මත, නිවිතිගල පොලිසිය  මාගේ දියණියව ”ගණිකාවක්” ලෙසට හඳුන්වා අධීකරණයට ඉදිරිපත් කලා.

34. එපමණකින් නොනැවතී, පාසල් දිවියට ආයුබෝවන් කියූ මාගේ දියණියව විවාහ කර ගැනීමට කැමැත්ත පළකල තරුණයාවද ගොඩකවෙල පොලිසියට ගෙන්වා ප‍්‍රශ්ණ කරනු ලැබුවා.

35. අධිකරණ නියෝග මත ඇය වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කරවන ලදි.

36. මෙම දුෂ්ඨ, ක‍්‍රියා මාර්ග මගින්, අවු: 15ක් වූ මාගේ දියණියගේ අධ්‍යාපනය, මානසිකත්වය විනාශ කර, ඇයට ජීවිතය එපා කරවන තත්වයට ඇද දමා ඇත.

තමන්ගේ විකෘති ආශාවන්ට ගොදුරු වන්නට අකමැති දරුවන්්ගෙන් පළිගැනීමට, ගුරුකම භාවිතා කිරීම හොඳම උදාහරණයකි මේ. 

ළමුන් ආරක්ෂා කිරීමට පත්කර සිටින ආයතන නිලධාරීන් රකින්නේ, ¥ෂිත, දරුවන් ලිංගික අපයෝජනයට භාවිතා කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්වය. මෙම අපයෝජකයින් රකින්නට අනෙකුත් ගුරුවරුන්වද හවුල්කරගෙන ඇත.

මේ අනුව මා ඉල්ලා සිටින්නේ, මාගේ දියණියව අපයෝජනයට ලක්කිරීම පිලිබඳව විධිමත් විමර්ශණයක් පවත්වා, අදාළ සියලූම නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,
Y
(මව).


Sunday, November 11, 2018

කුඞ්ඩෙක් බේරන්න - බේරුවල පොලීසිය කරන අපරාධ



රිම්සාෆ් (අවු: 19) රිස්මින් (අවු: 22) හා රාෆ්ඞීන් (අවු: 34) යන තිදෙනාව බේරුවල පොලීසිය අත්අඩංගුවට ගන්නේ, පෙර වැරදි තිබෙන, කුඩුවලට ඇබ්බැහි වූ, තම බිරිඳට අමානුෂික ලෙස පහර දෙන, ෂියාම් නැමැත්තාගේ අවශ්‍යතාවයට ය.

තම බිරිඳට පහර දෙමින්, ඇගේ ගෙල සිඳ දමන බවට බෙල්ලට පිහියක් තබා මහ පාරේ තර්ජනය කරමින් සිටින විට, අසල්වැසියන් ඔහුව මෙල්ල කර බිරිඳව බේරාගනු ලැබීය.

ෂියාම් පොලීසියට පැමිණිලි කළේ, තමාට පහර දුන්නේ ඉහත නම් සඳහන් තිදෙනා බවයි.

ඉහත නම් සඳහන් තිදෙනා, ඔහුගේ බිරිඳගේ ළඟම ඥතීන්ය. ෂියාම් ට අවශ්‍ය වූයේ, බිරිඳ විසින් තමාට විරුද්ධව පොලීසියට කර තිබෙන පැමිණිල්ල යටපත් කරවීමට, බිරිඳගේ ඥතීන්ව, පොලීසිය යොදවාගෙන රිමාන්ඞ් කරවීමට ය.

කුඩු හා ගංජා ජාවාරමට සම්බන්ධ බව කියන ෂියාම් ගේ පවුලේ උදවියගේ අවශ්‍යතාවයට ඉහත සඳහන් තිදෙනාව බොරු චෝදනා නගා, අධිකරණයට ඉදිරිපත් කර දින 20 ක් රිමාන්ඞ් කරවනු ලැබිය.

මෙම තිදෙනා, සිද්ධිය වූ ස්ථානයේවත් සිට නැත. එයට සාක්ෂි තිබේ. 

නමුත් පොලීසිය කිසිදු විමර්ශනයක් නොකර, මේ තිදෙනාව අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරන ලදි.

බිරිඳව අමානුෂික ලෙස පහර දී, මරා දැමීමට තැත් කිරීම පිළිබඳව මේ දක්වාම, ඔහුට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් පොලීසිය ගෙන නැත.


රෙදි ඉරා, පහර දෙමින් පාරේ ඇදගෙන ගොස් ගෑනිව මරණ්න හදපු කුඞ්ඩාව රකින්නේ පොලීසිය. Link:- 

https://peoplesforumsl.blogspot.com/2018/10/blog-post_20.html