Thursday, October 31, 2019

පරිසර හිතකාමි සංචාරක ව්‍යාපාරිකයාව උසාවිය යොදාගෙන රිමාන්ඞ් කරයි.

පරිසරය විනාශ කරමින් අනවසර ඉදිකිරීම් සිදුකරන ගැහැනියකගේ හා සීනිගම දේවාලයේ අරක් ගත්තෙකු ගේ අවශ්‍යතාවයට මෙසේ රිමාන්ඞ් බාරයට පත්කර ඇත්තේ දොඩංදුවේ 58 හැවිරිදි විමලසිරි නැමැත්තෙකුවය.

හික්කඩුව පොලීසිය සිදුකරන ලද මෙම අපරාධය පිළිබඳව ඔහු බලධාරීන්ට ලිඛිතව කර ඇති පැමිණිල්ලෙන් පැහැදිලි වේ.

සහමුලින්ම නීතිය කඩා වැටුනු රටක බලය බෙදන්න කථා කරන්නෙ සොරකම් මැරකම් ජඩකම් බෙදාගෙන හදාගෙන ක‍්‍රියාත්මක කරන්න.

ඔහු මානව හිමිකම් කොමිසමට හා පොලිස්පතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.

01. සභාපතිනිය,  මානව හිමිකම් කොමිෂන් සභාව, හා  2. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.

පළිගැනීමේ චේතනාවෙන් හා අල්ලසට යට වී, නීති විරෝධී ක‍්‍රියාවන්හී නිරත පුද්ගලයින් ආරක්ෂා කිරීමට, අභූත චෝදනා නගා බන්ධනාගාර ගත කර, අධීකරණය උපයෝගී කරගෙන, නිදහස අහිමිකර, මූලික අයිතිවාසිකම් කඩ කිරීම

විමලසිරි යසරත්න, අවු: 58 යි, විවාහක,  සංචාරක ව්‍යාපාරික.
ලිපිනය :  ෙදාඩංදුව.

2019.10.28 දිනදීය.

2019.10.02 වන දින, හික්කඩුව පොලිසියෙන් පණීවුඩයක් දුන්නා, මට හා පුතාට පසුදින එනම් 2019.10.03 දින, උදේ 10.00 ට පොලිසියට පැමිණෙන ලෙසට.

පණිවුඩය ලබාදුන් නිලධාරියා කිව්වේ, අප නිවස අසල රත්ගම කලපුවට යාබදව අනවසර ඉදිකිරීමක් කරගෙන යනු ලබන එච්.එල්.නිශාන්ති පුෂ්පරාණි යන අයගේ පැමිණිල්ලකට බව.

ඔහු තවදුරටත් කියා සිටියේ, මාගෙන් එම කාන්තාවගේ පැමිණිල්ලට කටඋත්තරයක් ගන්න තියෙන නිසා එන ලෙසට.

එම පණිවුඩයට මා හික්කඩුව පොලිසියට ගියා. මා සමග මාගේ බිරිඳ හා අක්කා ද එකතු වුනා.

මා පොලිසියට යන විට, එච්.එල්. නිශාන්ති පුෂ්පරාණි, ඇගේ සැමියා ප්‍රේමලාල් හා සීනිගම තුමුලේ යන අයද සිටියා.

පොලිසියේදී, මාගෙන් විස්තර අසා ලියා ගත්තා. නිශාන්ති පුෂ්පරාණි හා සීනිගම තුමුලේ මට විරුද්ධව අභූත චෝදනා ඉදිරිපත් කලා.

මාගෙන් ප‍්‍රකාශය ගත් පසුව මාව කූඩුවට දැම්මා. මා කූඩුවේ සිටින විට ලක්මිණි නැමැති පොලිස් නිලධාරිණිය කූඩුව ළඟට ඇවිත්, ”උඹ එළියේ හිටියා ඇති නේද, ඔහොම හිටපන් කියා මට තර්ජණය කර යන්න ගියා.
‍ෙ

 සීනිගම ප‍්‍රදේශයේ පුද්ගලයා කූඩුව ලඟට ඇවිත් උඹ ගැන බලා ගන්නම් කියා යන්න ගියා.

එදිනම සවස 3.00 ට පමණ, පොලිස් ඇපයක් මත මුදා හැරියා.

2019.10.07 දින මට උසාවියේ  පෙනී සිටින ලෙසට නියම කලා.

2019.10.06 වන දින මා, පටුවත සීලක්කන්ද විහාරස්ථානයේ විහාරාධිපති සමග, හික්කඩුව පොලිසියට ගොස් ස්ථානාධිපති හමුවුනා. උන්වහන්සේ අපගේ පවුල පිිළිබඳව විස්තර ප‍්‍රකාශය, පැමිණිලි පොතේ සටහන්කර, අත්සන් තැබුවා.

පසුදින, 2019.10.07 දින, මා උසාවියේ පෙනී සිටියා. නඩු අංකය 19361 වේ.

මට විරුද්ව නගා තිබූ චෝදනාව වූයේ - ලිංගික අවයව පෙන්නා අතවර කිරීම ය.

හික්කඩුව පොලිසිය මාහට ඇප ලබා දීමට විරුද්ධ වුනා. ඒ අනුව මාව 2019.10.14 දින දක්වා, රිමාන්ඞ් බාරයට පත් කලා.

2019.10.14 වන දින, මා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරියා.

මීළඟ නඩු දිනය 2019.12.02 දින වේ.

මේ ආකාරයට මා අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා ඉදිරිපත් කර, අධිකරණය උපයෝගී කරගෙන පීඩාවට පත් කරනු ලබන්නේ,

1. දැනට අප පදිංචි ඉඩමට, ඉදිරිපිට, රත්ගම කලපුවට මායිම්ව, මෑතකදී මිළයට ගත්, ඉඩමේ අයිතිකාරිය එල්.එල්.නිශාන්ති පුෂ්පරාණි විසින් සිදු කරන පරිසර හානිය හා අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කරන්නේ මා යන, නිගමනයේ පිහිටා පොලිසිය හා එක්වය.

2. 2018.10.16 දින හෝ ආසන්න දිනයක, විමර්ශනය කරන ලද පැමිණිල්ලක් සඳහා - අයුතු හා නීති විරෝධී ලෙස පැමිණිලිකාර පාර්ශවය සමග හික්කඩුව පොලිසියේ ලක්මිණි නැමැති කාන්තා පොලිස් නිලධාරිණිය පැමිණ, අපට හිරිහැර කිරීම පිළිබඳව කරන ලද පැමිණිල්ල හා එම අවස්ථාව වීඩියෝ කිරීමය.

මා ඉල්ලා සිටින්නේ,

හික්කඩුව පොලිසිය පළිගැනීමේ චේතනාවෙන් හා අල්ලසට යට වී, නීති විරෝධී ක‍්‍රියාවන්හී නිරත පුද්ගලයින් ආරක්ෂා කිරීමට, මට විරුද්ධව අභූත චෝදනා නගා බන්ධනාගාර ගත කර, අධීකරණය උපයෝගී කරගෙන මාගේ නිදහස අහිමිකර, මාගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව - විධීමත් පරීක්ෂණ පවත්වන ලෙසට හා මට විරුද්ධව ඇති බොරු චෝදනා නගා පවරා ඇති නඩුව ඉවත් කරන ලෙසටය.

මෙයට,

 විමලසිරි 






Wednesday, October 30, 2019

මතුගම HQI සේනාරත්න - නීතිපතිව ගොනාට අන්දවයි.




මතුගම ප්‍රේමවතී, තිදරු මවකි. ඇයට සුුජිවා පහර දෙන්නේ 2019.01.03 දිනය.

පහර කෑ ඇය රෝහල් ගත වෙයි. පහර දුන් සුජිවා - මතුගම පොලිසිය සමග පවත්වන්නේ මිත‍්‍රශීලී සම්බන්ධයකි. කන බොනවා පමණක් නොව, දානමාන ද සුුජිවා පොලිසිය වෙනුවෙන් කරයි. 

සුුජිවා ගේ ඕනෑ කමට - පොලිසිය උසාවිය පාවිච්වි කරයි. සුුජිවාට එක නඩුවකුත්, පේ‍්‍රමවතීට තව නඩුවකුත් දමයි. 

නඩු දෙක යොදාගෙන සමථ යෝජනාව සුුජිවා ගේ පැත්තෙන්, පොලිසියේ අනුග‍්‍රහයෙන් ගෙන එයි. 

ප්‍රේමවතී සමථයට අකමැතිවෙයි. උසාවිය ගුටිකාපු ප්‍රේමවතීට රුපියල් ලක්ෂ 02 ක ඇපයක්ද, ගැහුව බව කියන සුුජිවාට රුපියල් ලක්ෂයක ඇපයක්ද නියම කරයි.

හිතන්න, කතා කරන්න, මේ ගැන.



පේ‍්‍රමවතී - මේ ගැන නීතිපතිට ලියයි. 

නීතිපති - පොලිසියෙන් වාර්තා ගෙන්වා ගෙන පේ‍්‍රමවතීට පිලිතුරු දෙයි. 

මතුගම HQI සේනාරත්න, නීතිපතිව ගොනාට අන්දවමින්, නඩුව සමථ වි  ඇති බව ලියා දන්වයි.

ප්‍රේමවතී එම ලිපියට යැවූ පිලිතුර පහත දක්වමු.

මේ වනවිට ජාත්‍යන්තරයට, උම්බෑ කියන සිවිල් සමාජ කාරයින්ට මෙය පිළ්තුරක්. , ආදර්ශයට ගන්න.


පේ‍්‍රමවතී,
මතුගම.

2019.10.28

ම්ලීප පී්ස් මහතා,
නියෝජ්‍ය සොලිසිටධී ජනරාල්,
ඬ්නීතිපති වෙනුවටස,
නීතිපති දෙපාධීතමේන්තුව,
උප්මාඟකරණ සංකීධීණය,
කොවඹ.

මහත්මයාණෙනි,

මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය- නඩු අංක  6027

චුදිතව බේරා ගැනිම සදහා ව්‍යාජ ආකාරයට චොදනා පත්‍රය ඉදිරිපත් කිරිම


ඔබගේ අංකය : MP/482/2019හා 2019.10.08 දිනැති ලිපිය හා බැෙැද්.

උක්ත කාරණය අදාවව - මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින්, ඔබ වෙත දන්වා ඇති කරුණ, එනම් 60270දරන නඩු කෘත්‍යය 2019/08/29 දින සමථ වු බව කිම අමුලික බොරුවකි.

එය ඔබ නොමග යැවිමට කරන ලද්දකි.

මා කියන දේ සත්‍ය බව නඩු වාර්ථාව සහතික කරයි.

එහි ජායා පිටපත අමුණා ඇත.

නීතිපතිවරයාට බොරු වාර්තා

ඉදිරිපත් කර යුක්තිය අහිමි කර ඇති  - මතුගම - මූලස්ථාන පොලිස් පරික්ෂක - ප‍්‍ර.පො.ප.සේනාරත්න ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

මෙයට,

 පේ‍්‍රමවතී.

පිටපත:
පොලිස්පති.

Sunday, October 27, 2019

බුර්කාවෙන් වහලා තියෙන්නේ අපේ දුක, වේදනාව, හෙලූව නොවෙයි





දරුවන් හතර දෙනෙකු සමග බිරිඳව මහ පාරට ඇදලා දැම්මේ දෙවියන්ගේ කැමැත්තටලු!. මේ නීතිය තියෙන්නේ පිරිමින්ව රකින්න.

ෆාතිමාගේ කථාව, ඇය විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට ද පිටපතක් සහිතව ක`ඵතර ක්වාසි උසාවියේ නඩු කාරයාට යවන ලද ලිපියෙන් හා පොලීසියට කරන ලද පැමිණිලිලෙන් පැහැදිළි වේ. 

ඔබ සැමගේ අධානය යොමු කරන්න. ඇය ඉල්ලන්නේ එක නීතියක් ලබාදෙන්න කියලා ......


ලිපිය
අල්හාජ් එම්.එස්.එම්.නසීර්,
පනදුර ක්වාසි විනිශ්චයකාර (වැ.බ)
870, ජෙම්විලා, කටුකුරුන්ද, ක`ඵතර.


නඩු අංක : CM 2009/ CM 2010/ CM 2011
නඩත්තු මුදල ගෙවීම පැහැර හැරීම

ෆාතිමා, අවු: 29 යි, දික්කසාද, දරුවන් 04 යි, ගැහැණු දරුවන් 03 යි, පිරිමි දරුවන් 01 - බාලයා අවු: 3 1/2 යි.
ලිපිනය : -----------දු.අ. -----------------------
2019.10.22 දිනදීය.

ඉහත නම් සඳහන් මා, එන්.එන්.එම්.මුනාස් නැමැත්තාට විරුද්ධව ඔබ ක්වාසි අධිකරණයේ අවුරුද්දකුත් මාස තුනකට පෙර, නඩත්තු හා දික්කසාද ඉල්ලා නඩු පවරන ලදි.

01. මා - සාහුල් හම්ඞ් මොහොමඞ් මුනාස් (අවු: 23) සමග 2005 දී - මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ වෙන ලදි. එවිට මාගේ වයස අවු: 19 යි. (විවාහයට අත්සන් කර ඇත්තේ ඇ නොව ඇගේ අයියාය)

02. මේ වන විට, ඔහුගේම දරුවන් 04කි. ගැහැණු දරුවන් 03 යි, පිරිමි දරුවන් 01 යි, ඔවුන් වයස පිළිවෙලින් අවු: 13, 11, 08 හා 3 1/2 කි.

03. මේ අතර, 2018 පෙබරවාරි මස හෝ ආසන්න මාසයක, මාහට නොදන්වා, මාගෙන් අවසර නොගෙන, රහසිගතව මට වංචා කර, ෆාතිමා රිස්කා නැමැත්තිය සමග විවාහ වී ඇති බව දැනගන්නට ලැබිණ.

04. ඇයද අම්බලන්දු, පල්ලිය පාරේ පදිංචි අයෙකි. 

05. මෙම විහාහය ගැන සොයා බැලීමේදී, මෙම විවාහය සිදුකර ඇත්තේ - මාතර හෝ ගාල්ල මුස්ලිම් දේවස්ථානයකදීය.

06. මෙම අසම්පූර්ණ තොරතුරු මාහට ලබා දුන්නේ, අම්බලන්¥ව, ජාමි උල් හයිරාන් ජුම්මා මස්ජිද් භාරයේ සභාපති වරයා විසින්ය.

07. ඔහු එවක මාගේ සැමියා විවාහ වී ඇති බවත්, ඔහු අවිවාහකයෙකු ලෙසට - ව්‍යාජ ප‍්‍රකාශයක් ලබාදී විවාහ වී ඇති බවත් ප‍්‍රකාශ කරන ලදි.

08. එයින් පසුව මා, මේ පිළිබඳව පානදුර දකුණ පොලිසියේ හා පානදුර උතුර පොලිසියේ පැමිණිලි කළෙමි. 

එම පැමිණිලි වල අංක පහත දක්වමි.
WCIB 110/232 – 2018.02.21 
WC 350/154 -  2018.03.16 

WCIB 27/189 – 2018.11.27 

09. ඒ සමගම, මා, සරික්කන්මුල්ල ක්වාසි උසාවියේ නඩත්තු හා දික්කසාද ඉල්ලා නඩු පවරන ලදි.

10. නමුත් අවුරුද්දක් යන තුරු එම ක්වාසි නඩුකාරවරයා කිසිදු පියවරක් ගත්තේ නැත.

11. ඉන් අනතුරුව ඔබ විසින් දරුවන් තිදෙනාට මසකට රු: 33,000/=ක නඩත්තු ගෙවන ලෙසට, නියම කරන ලදි.

12. එම නියෝගය අනුව, මොහු නඩත්තු ගෙවීම දිගින් දිගටම මගහරිමින් හා වරින්වර හිග තබමින් ගෙවමින්, හිරිහැර කරන්නට විය. 

13. මාගේ ඉල්ලීමට ඒක පාර්ශවිකව, 2019 මැයි 20 දින දික්කසාදය ලබාදෙන ලදි. 

14. එම දික්කසාදය වලංගුවන්නේ තව මාස තුනකින්.

15. එපමණක් නොව, දික්කසාද වීමේදී, ඉද්ද කාසි වශයෙන් රු: 60,000/= ගෙවීමටද නියම විය. එයද ඔහු මේ දක්වා ගෙවා නැත.

මා ඉල්ලා සිටින්නේ,

1. මාගේ එවක සැමියා, එන්.එන්.එම්. ඉතාස් විසින්, සිදුකරගෙන තිබෙන දෙවන විවාහයේ -සහතිකය ලබාදෙන ලෙසට හෝ ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු,

එනම්,
x සැමියා දෙවන විවාහය කරගත් මුස්ලිම් දේවස්ථානයේ නම, ලිපිනය
x විවාහ වූ දිනය
x විවාහ කරගත් තැනැත්තියගේ නම හා ලිපිනය
x ඇය වෙනුවෙන් එම විවාහයට අත්සන් කරන ලද අය.

මෙම තොරතුරු, අම්බලන්දුව  ජාමි උල් හයිරාන් ජුම්මා මස්ජිද් භාරයේ සභාපති වරයා දන්නා බව ප‍්‍රකාශ කරමි.

02. මාගේ හිටපු සැමියා, ඔබ ක්වාසි අධිකරණය විසින් නියම කරන ලද නඩත්තු මුදල් නොගෙවීම නිසා, ඒ පිළිබඳව ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කර නඩු පවරන ලෙසටය,

මොහු නඩත්තු නොගෙවන නිසා, තෙවන දරුවාට, වසරක සිට පාසල් යාමට නොහැකිව ඇත.

මෙයට,

ෆාතිමා 

පිටපත:
ලේකම්,
අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය,
කොළඹ 12.



ලිඛිත පැමිණිල්ල

ස්ථානාධිපති,
පොලිස් ස්ථානය,
පානදුර උතුර.

ව්‍යාජ ප‍්‍රකාශ කර, දෙවන විවාහයක් සිදුකර ගෙන තිබීම.

ෆාතිමා, අවු: 31 යි,  දික්කසාද, දරුවන් 04 යි, ගැහැණු දරුවන් 03 යි, පිරිමි දරුවන් 01 - බාලයා අවු: 3 1/2 යි.
ලිපිනය : ------  දු.අ. ------ 
2019.10.22 දිනදීය.

ඉහත නම් ස`දහන් මා, මෙසේ ප‍්‍රකාශ කර සිටිමි.

මා මුස්ලිම් විවාහ නීතිය යටතේ, විවාහ වී සිටියේ සාවුල් හමීඞ් මොහොමඞ් මුනාස් සමගය. ඒ 2005 වසරේදීය.

2018 පෙබරවාරි මස හෝ ආසන්නයේ, මොහු දෙවන විවාහයක් කරගෙන ඇත.

එසේ විවාහ කරගෙන ඇත්තේ, අම්බලන්දුව, පල්ලිය පාර, පදිංචි ෆාතිමා රිෆ්කා නම් වූ තැනැත්තිය සමගය. මේ වින විට ඔවුන් පදිංචිය වෙනස් කර ඇත. දුරතථන අංකය ----- වේ.

මෙම දෙවන විවාහය කරගෙන ඇත්තේ, ව්‍යාජ ප‍්‍රකාශයක් ලබා දීමෙන්ය.

මොහුගේ දෙවන විවාහය පිළිබඳව සියලූ තොරතුරු අම්බලන්දුව ජාමි උල් හයිරාන් ජුම්මා මස්ජිද් භාරයේ සභාපතිවරයා සතුව තිබේ.

එම තොරතුරු විස්තර එම සභාපතිවරයා ලබාදීම ප‍්‍රතික්ෂේප කරයි. එසේ කරන්නේ ව්‍යාජ ප‍්‍රකාශ ලබාදී, දෙවන විවාහය කරගත් සාවුල් හමීඞ් මොහොමඞ් මුනාස් ව බේරා ගැනීමටය.

ව්‍යාජ ප‍්‍රකාශ ලබාදීම අපරාධයකි. ඒ අනුව - නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මෙයට,

ෆාතිමා 

Saturday, October 26, 2019

යහපාලනයේ ගැලවුම් කාරයෝ වසන් කරන්න ට උත්සහා කරන පොලිස් අපරාධ




පොලිසිය සිදු කරන අපරාධ වාර්තා වන්නේ ඉතාමත්ම අල්ප වශයෙනි. එයට හේතු ගණනාවක් තිබේ. අදාල ආයතන කෙරෙහි වන විශ්වාසය කඩා වැටිම හා විශේෂයෙන් සිවිල් යයි කියා ගන්නා සංවිධාන වල ක්‍රියාකාරිත්වය ඒ අතරින් ප්‍රධාන වේ.

පසුගිය  18 වැනිදා දෙල්ගොඩ  ගොලුම්මහර පාසල් ක්‍රීඩා භූමිය පැවැත්වි සංගීත සංදර්ශනයට නිමේෂ් හා ඔහුගේ ඥාති සහෝදරයෙක් සහභාගී විය. රාත්‍රි 12.00 ට පමණ සහභාගි වූ තරුණ කණ්ඩායමක් තවත් තරුණයකුට වටකරගෙන පහර දෙනවා බොහෝදෙනෙකු බලා සිටිය අතර, පොලිසිය එතනට පැමිණ පහරදීම නවත්වා තරුණයාට පහරදුන් තරුණ කණ්ඩායම ට යන්නට ඉඩ හැර ගුටි කන ලද තරුණයාව අත්අඩංගුවට ගන්නා ලදී. මෙය නිරීක්ෂණය කළ නිමේෂ් ගුටිකාපු තරුණයාව අත්අඩංගුවට ගත්තේ ඇයි? පහර දීපු අයට යන්න දුන්නේ මොකද? යයි එම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්ණ කර සිටියේය. එවිට එම පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගත් තරුණයා  ව මුදාහැර, ඉවත්ව  යන ලදී.

අලුයම 2.30 ට පමණ නිමේෂ් තම ඥතියා ද සමග සංගීත සංදර්ශන භූමියෙන් ඉවත්ව නිවස බලා යෑමට එළියට එන ලදී. ගේට්ටුව අසල රැඳී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් "මු තමයි අපිට නීති උගන්නන්" ආවේ යයි කියමින් ඔහුව අත්අඩංගුවට ගෙන පාරට ගෙන එන ලදී. පාරේ පොලිස් නිලධාරින් දහයක් පහළොවක් පමණ නතර සිටි අතර සිට ඇත. නිමේෂ ව ඔවුන් ඉදිරියට ගෙන ගොස් මු අපිට නීති උගන්නනවා යැයි කියමින් ඔහුට පහර දෙන්නට පටන් ගෙන ඇත. එහි සිටි සියලු පොලිස් නිලධාරීන් නිමේෂ්ට අතින් පයින්, හෙල්මට් වලින් හා පොලු  කෑලිවලින් පහර දෙන විට, නිමේෂ්ගේ ඥාතියා ඔහුව බේරාගැනීමට ඉදිරිපත් ව තිබේ. විනාඩි පහකට පමණ පසුව නිමේෂ්ව බේරාගත් ඥාතියා සහ ඔහුගේ රියදුරු ඔහුව රැගෙන පෞද්ගලික බෙහෙත් ශාලාවකට ගෙන ගොස් තුවාලයට බෙහෙත් දම්මවා ගෙන, නිවසට ගෙන ගොස් තිබේ. නිවසේදී ඔහු වමනේ දමන්නට පටන් ගත් නිසා ඥාතියා සහ රියදුරා ඔහුව රැගෙන ගම්පහා  මූලික රෝහලට ගෙන යන ලදී. එහිදී තමාට පොලිසිය පහරදුන් බව පවසන් ලද අතර ඔහුගේ නලලයේ තිබු තුවාලයට මැහුම් තුනක් දමා රෝහල්ගත කර ලදි. පසුදින උදයේ ඔහුව ENT සායන වලට ඉදිරිපත්කොට පරීක්ෂාකිරීමේදී  කන් බෙරය පැලි තිබුණු බව සහ වම් ඇස අවට බරපතල ලෙස තැලි  තිබෙන බව කිරික්ෂණය කර ප්‍රතිකාර කර තිබේ. ඉන් අනතුරුව ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර පසුව ටිකට් කපා ඈත. පසු දින නැවතත් දරුණු ලෙස රෝගාතුර වීම නිසා යළිත් ඔහුව රෝහල් ගත කිරීම සිදුව තිබේ

නිමේෂ් ට මෙම මුර්ග පහරදීමට මූණ දීමට සිදුවුයේ  තමා කිසිදු  අපරාධය සම්බන්ද වීම නිසා නොව,   පොලිස් නිලධාරීන් ගේ  අකටයුත්තක් ගැන ප්‍රශ්න කිරීම නිසාය.

හැමදාම පොලිසිය විවිධ හේතු මත නීති විරෝධීව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දරුණු ලෙස වධ හිංසා පමුණුවා, බොරු චෝදනා ඉදිරිපත් කර අධිකරණය උපයෝගී කරගෙන රිමාන්ඩ් භාරයට පත්කරනු ලබයි.

නිමේෂ්ට ට පහර දෙන අවස්ථාවේදී විශාල පිරිසක් අවට රැස්ව සිටි නිසා හා ඔහුව මුදාගෙන රෝහල්ගත කිරීමට ඔහුගේ ඥාතියාට රියදුරාට හැකිවිම නිසා බොරු චොදනා වලට ගොදුරු නොවි සිටිමට හැකි විය. මෙය අහඹු අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

යහපාලන ආණ්ඩුව ආවාට පසු ස්වාධීන බොඩ් එක ගසා මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසම රටවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කටයුතු කරන බව ප්‍රදර්ශනය කිරීමට පටන් ගත් අතර මෙම බොරුව රජ කරවන්නට සමහර  සිවිල් සමාජයයි කියා ගන්නා සංවිධාන වල සහාය ද ලැබිණ.

මෙම පිරිසට වධහිංසා පැමිණවීම් අඩු වී ඇති බවට ලෝකයාට පෙන්වීමට ද වශ්‍ය විය. ඒ නිසාම සිද්ධින්, මෙම සිවිල් සමාජ ක්‍රියාකාරීන් යටපත් ලදී.

කරනු ලබන පැමිණිලි වලට නිසි පියවර නොගත් නිසා මෙම කොමිසම්මෙ වලින්න් වැඩක් නැති බව වන හැඟීමද ජනයා අතර ප්‍රචලිත විය.

මෙමස 18 වන දින සිදුවූ මෙම අපරාධය පිළිබඳ මේ දක්වා කිසිදු නීතිමය පියවරක් ගෙන නැත.

නිමේෂ් ට යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා තිබෙන බාධක ඉවත් කිරීමට නම් රටේ නීතිය මත පාලනය තහවුරු කර රටටම එකම ආකාරයට බලපාන එකම නීතියක් ඇති කිරීම සඳහා පියවර ගත යුතුව ඇත


Thursday, September 26, 2019

මහින්ද ගේ මඩ පෝස්ටර් හා අරක්කු අත්තඩංගුවට ගත්තු පොලිස් නිලධාරීන් ට රු: 20 ලක්ෂයක වන්දි‍යක්,උසස් වීම් සමග හිඟ වැටුප්.



 පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් සමග, 2010 ජනාධිපතිවරණයේ දී, නාවික හමුදාව යොදවාගෙන, එවර ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට එරෙහිව මුද්‍රණය කරන ලද මඩ පෝස්ටර් තොගයක් සමග අරක්කු තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය යළිත් කරලියට පැමිණියේ ය.



      වසර 09 කට පෙර සිදු වූ මෙම නීති විරෝධී සිද්ධියේ දී, වර්තමානයේ අපරාධ රැුසකට මුල්වූ, බන්ධනාගාරගතව සිටින වාස් ගුණවර්ධන එදා කළ කී දේ යළි සිහි කැඳවීමට අවස්ථාව උදා විය.

සරත් ෆොන්සේකාට විරුද්ධව මඩ පෝස්ටර් හා අරක්කු පුරවා ගත් නාවික හමුදා ලොරිය, නාවික සෙබලූන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත්තේ එවකට කුරුණෑගල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වික‍්‍රමනායක හා පරිපාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරසිංහ විසින්ය.

මෙම අත්අඩංගුවට ගැනීම එදින මහත් ආන්දෝලනයට ලක්වූ අතර, පක්ෂ විපක්ෂ දේශපාලඥයින් හා ආධාරකරුවන් පොලිසිය වට කරනු ලැබීය.

උසස් පොලිස් නිලධාරීන් ද පැමිණි අතර, එම නිලධාරීන් අතර, වර්තමානයේ අපරාධ රැුසකට හවුල්වූ, එවක කුරුණෑගල ජේ්‍යෂ්ට පොලිස් අධිකාරී ලෙසට කි‍්‍රියා කළ වාස් ගුණවර්ධන ද විය.

වාස් ගුණවර්ධන, නාවික භටයින් සමග, ලොරිය හා මඩ පෝස්ටර් මුදාහරින ලෙසට, මූලස්ථාන පොලිස් පරීක්ෂකට හා පරිපාලන ස්ථානාධිපතිට නියෝග කළේය.

ඔවුන් එම නියෝගයට අවනත නොවූ විට, මෙම වාස් ගුණවර්ධන ලොරියේ, යතුර නාවික භටයින් අතට පත් කර, ඔවුන්ට පෝස්ටර් ද රැුගෙන යෑමට ඉඩ සලස්වන ලදි.

මැතිවරණයන් මහින්ද රාජපක්ෂ බලයට පත්විය. නීතිය ක‍්‍රියාත්මක කළ කුරුණැගල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හා පරිපාලන ස්ථානාධිපතිවරයා දංගෙඩියට යැවීමට එවක පොලිස්පති මහින්ද බාලසූරිය හා වාස් ගුණවර්ධන ක‍්‍රියා කළේය.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා තමන්ට ලබාදුන්න ස්ථාන මාරු, කප්පාදු කළ උසස්වීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරන ලද මූලික අයිතීන් උල්ලංඝණය කිරීමක් ලෙසට ප‍්‍රකාශයක් නිකුත් කර, සහන ලබාදෙන ලෙසට ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට ගියේය.

2010 දී, පවරන ලද නඩුව, විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව 2019 අගොස්තු මස ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

එම නඩු විභාගයේදී, හිටපු පොලිස්පති මහිනද් බාලසූරිය, සිරගතව සිටින වාස් ගුණවර්ධන ඇතු`ඵ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි, නීතිපති නියෝජිතගේ තර්කය වී තිබුණේ, උසස් නිලධාරීන්ගේ නියෝග වලට ‘‘අවනත නොවීමේ’’ වරද, කුරුණෑගල පොලීසියේ එවක මුලස්ථාන පොලිස් පරීක්ෂක හා පරිපාලන නිලධාරී විසින් සිදුකර ඇති බවයි.

මෙම තර්කය ප‍්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය වැරදි නියෝග පිළිපැදීමට, පහළ නිලධාරීන් බැඳී නැති බවට වන පිළිගත් නීතිය, යළිත් සනාථ කළේය.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය උදාහරණයට ගෙන දැක්වූයේ 71 කැරැුල්ල කතරගම ජ.වි.පෙ. නායිකා මනම්පේරි ඝාතනය කිරීමේ නඩුවේ තීන්දුව හා සමෘද්ධි නිලධාරී දේශප‍්‍රිය ගේ නඩු තීන්දුය.

මෙම පොලිස් නිලධාරීන්ව මාරු කර තිබුනේ ”සේවා අවශ්‍යතාවය” යන පදය උපයෝගී කරගෙන ය. පදනම් රහිතව රාජ්‍ය නිලධාරීන්ව මාර කිරීමට, දෙපාර්තමේන්තු ලොක්කන් උපයෝගී කරගන්නා කුප‍්‍රකට වචනයකි සේවා අවශ්‍යතාවය යන පදය. මෙම ”පදය ද” මෙම නඩු තීන්දුවේදී විවේචනයට ලක් කර ඇත.

ලොකු කුඩා සියලූම රාජ්‍ය නිලධාරීන් මෙම තීන්දුව පාඩමට ගත යුතුය.

හිටපු පොලිස්පති, මහින්ද බාලසූරිය හා සිර ගෙදර සිටින වාස් ගුණවර්ධන, රුපියල් ලක්ෂ 5 බැගින් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට වන්දි වශයෙන් ගොවිය යුතුය. එ් අනුව මොවුන් දෙදෙනාට ගෙවන්නට සිදුව ඇති මු`ඵ වන්දි මුදල රුපියල් ලක්ෂ 10 කි.

එයට අමතරව, මෙම නිලධාරීන් දෙදෙනාට සිය`ඵම උසස්වීම් හිඟ වැටුප් සමග ගෙවීමට පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිෂමට නියෝග කර ඇත.

මෙම තීන්දුවේ, නියෝග ක‍්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත කාල වකවානුවක් අධකරණය නියම කර නොමැත. එම නිසා වන්දිය මෙන්ම, උසස්වීම් හා හිඟ වැටුප් ලබාදීමට කොපමණ කාලයක් ගතවේද යන්න ප‍්‍රශ්නයකි.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියේ, පුලස්ථි හේවාමාන හා නිලානි විදානගමගේ යන නීතිඥවරුන්ගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාය.

Thursday, September 19, 2019

20 හැවිරිදි DJ-පමත් ට දස වධදෙයි. මෙන්න වධකයෝ

DJ පමත්ව, පානදුර, දකුණ පොලිස්ස්ථානයේ තුන්වෙනි තට්ටුවේ පවත්වාගෙන යන ක`ඵතර දිසා අපරාධ ඒකකයට රැගෙන විත් වධ දී, බොරුචෝදනා නගා, අධිකරණය යොදාගෙන රිමාන්ඞ්බාරයට පත්කර තිබේ.

පපුව වටා දම්වැලකින් ගැට ගසා. එල්ලාපහර දී, ඇත්තේ නිරුවත්කරය. මේ නවතම වධ දීමේ ක්‍රමයකි. පාදයේ මෑතකදී ඇතිවු තුවාලයක් නිසා, මාපටඇඟිල්ල ඉවත්කර තිබී ඇත. එම තුවාලයට ද මෙම පොලිස් අපරාධකරුවන් පහර දී ඇත.

බරපතල තුවාල සහිතව අධිකරණය හමුවට පත්කර ඇත්තේ බෝම්බයක කෑල්ලක් සමග බව වාර්තාවේ. 

ඒ අනුව ඔහු රිමාන්ඞ්කර ඇත. බන්ධනාගාරයට ප‍්‍රතිකාර ලබා දෙන ලෙසට අධිකරණය නියෝග කර ඇතත් එය ඉටුකර නොමැත.

DJ-පමත්ව, ඔහුගේනිවසේදී, සිවිල්පිට පැමිණි නිලධාරීන්, අත්අඩංගුවටගෙන ඇත්තේ මොරොන්තුඩුව පොලීසයේ නිලධාරීන් සිව්දෙනෙකු ඉදිරිපිටය.

ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්තිවල මෙමසිද්ධිය වාර්තා කරඇත්තේ, ක`ඵතර දිසාඅපරාධ ඒකයේ පොලිස්කාරයින් එකතු කර බෝම්බයක් වැනිදෙයක් තබාගත් ‘‘මගුල්” ෆොටෝ එකක් සමගය. එය ඉහත දැක්වේ.

මෙම ඒකයේ නිලධාරීන් ඉන්නේ, රාජකාරිවලට යන්නේ සිවිල් පිටය. ෆොටෝ එකට නම් ඉන්නේ යුනිෆෝම් ගසාගෙනය.

DJ පමත්ව, මෙම ඒකයේ තබාගෙන ඇත්තේ එහි තිබූ ඇඳකට තබා මාංචුදමාය.

පොලිස්කාරයින්ගේ වුවමනාවට, ප‍්‍රවෘත්ති පල කරන කාලකණ්නි මාධ්‍යය කාරයෝ නිදහස් ගැන කථා කරන්නේ, තම පේ‍්‍රක්ෂකයින් මෝඩයින් කර බඩ ගොස්තරය සඳහාය. නමුත් මෙවන්, අග මුලක්, නමක් ගමක් නැතිව පල කරන ලද මෙම ප‍්‍රවෘතියෙන් පොලිස් අපරාධකාරයා් කව්ද යයි හෙළි කිරීමෙන් කරන ලද්දේ ඔවුන්ට විරුද්ධව ගන්නා ඉදිරි නිතිමය පියවර වලට මහඟු සේවයකි.  

DJ පමත් ගේ පියා ප‍්‍රකට සමාගමක කළමනාකරුවෙකි. ඔහු සියල්ල දනිති. නීතිය හැර. 

ඔහුවිශ්වාසය තබා තිබුනේලොක්කන් ගේ පසු පස යෑම පිළිබඳවය. 

අදටත් 20 හැවිරිදි පුතා දිවි නසා ගන්නා බව ප‍්‍රකාශකරමින් රිමාන්ඞ් බාරයේ සිටී. 

Monday, September 9, 2019

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක‍්‍රියාත්මක නොකිරීම අපහාසයක් නොවේද?



ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, මූලික අයිතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ලබාදී තිබෙන තීන්දු ක‍්‍රියාත්මක කිරීම මග හරින්නට තරම්, ශ‍්‍රී ලංකා පොලීසිය හා බන්ධනාගාරය බලවත්ව තිබේ? එසේ නැතිනම්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක‍්‍රියාත්මක නොකළාට කිසිදු ප‍්‍රශ්නයක් නොවන බව නිලධාරීන්ට, සහතිකයක් ”දෙවියෝ” ලබා දී තිබේ? දන්නේ දෙයියෝ විතරයි.

පහළ උසාවි වල නියෝග පොලීසි හා බන්ධනාගාර ක‍්‍රියාත්මක නොකරන්නේ අද ඊයේ සිට නම් නොවේ. එවන් අවස්ථා බලධාරීන්ගේ අවධානයට යොමු කළ ද කිසිදු ඵල ප‍්‍රයෝජනයක් නොවූ බව ඊනියා සිවිල් සමාජය නම් දන්නේ නැත.

අපට වාර්තා වී තිබෙන නඩු තීන්දු හතරෙන් එකක් බන්ධනාගාරයට විරුද්ධවය. අනෙක් තුන පොලිස් දෙපාර්තමේන්තුවට විරුද්ධවය. තමන්ට, ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව ක‍්‍රියාත්මක කර නැති බවට, නීතිපතිගේ අවධානය ද කැඳවා ඇති බව එක් වින්දිතයෙක් ප‍්‍රකාශ කර සිටි. එ් පිළිබඳව නීතිපතිගේ විමසීමටවත් බන්ධනාගාරය ක‍්‍රියාත්මක වී නැත.

ජනසංසදය මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂමට ලියා ඇත. මානව හිමිකම් කොමිෂමේ නිර්දේශ බොහෝ දෙපාර්තමේන්තු ක‍්‍රියාත්මක කරන්නේ නැත. එහි ප‍්‍රථම ස්ථානය, අපගේ තොතරතුරුවලට අනුව හිමිවන්නේ පොලීසියට ය. 

මේ පිළිබඳව අප, මනව හිමිකම් කොමිෂම දැනුවත් කළේ මේ කාරණය ගැන ජාත්‍යන්තරය ඉදිරියට යන විට, දැනුවත්ව යෑමටය.

   

Friday, August 30, 2019

”සිරිසේනට” පණිවුඩයක් ! බොරු නඩු දම්මලා කුඩු නවත්වනවද !! ආදේශක වැහි වැහැලා !!!


මොරටුව, ධීවර වත්ත, කුඩුවලට නම් දරාපු තැනක්. මෝදර පොලීසිය කරන්නෙ බොන එවුන්ව අල්ලලා, බොරු නඩු දාන එක.

මාස 09 ක්, රිමාන්ඞ් එකේ හිටපු නයි අදිකාරිගේ රංජිත් පුෂ්ප කුමාර ගේ කථාව. 

‘‘මම කුඩු බොනවා. නොවැම්බර් මාසේ මෝදර පොලීසියේ, ගාමිනී නැමති පොලිස් සැරයන්වරයා, මාව අල්ලා ගත්තා. මගේ ළඟ කුඩු තිබුනේ නෑ. කුඩු බීලා හිටියා. පොලීසියට අරන්, ගිහිල්ලා, කුඩු මිළි ග‍්‍රෑම් 2000 ක් ළඟ තියාගෙන හිටියා කියලා ඉදිරිපත් කළා. 

නඩුකාරයා මාව රිමාන්ඞ් කළා. කුඩු රස පරීක්ෂකට යැව්වා. මාස 09 කට පස්සෙ වාර්තාව ආවා. මිළි ග‍්‍රෑම්  අට සීයක් වගේ ප‍්‍රමාණයක්ලූ කුඩු තිබුනේ. 

ඒ ප‍්‍රමාණය දැම්මේ පොලීසිය. මට ඇප දුන්නා. මම වැරදිකාරයා කියලා පිළිගන්න සූදානම් වුනේ නෑ. 

ඒකට, මෝදර පොලීසියේ, ගාමිනී නැමති පොලිස් සැරයන්වරයා ඉන්නේ වෛරයෙන්. කුඩු හයිකෝට් නඩු 05 ක් දැම්මොත්ලූ උසස්වීම් හම්බ වෙන්නෙ.

මේ නිලධාරියාට ඔත්තු දෙන කුඩු කාරයන්ට, නඩු දාන්නේ ලේසියෙන් නිදහස් වෙන්න පු`ඵවන් විදියට. 

විශේෂයෙන් ‘‘කුඩු“ මේ රටේ, දුප්පතුන් විනාශ කර දමන්නක්. කුඩු බොන අයව`ඵන් මෙන්ම, ජාවාරම් කරන අයවලූන් පොලීසිය හොඳට දන්නවා.

කුඩු ජාවාරමෙන්, මන්දිර හදාගෙන, යාන වාහන තියාගෙන ඉන්න මුදලාලි මහත්වරු නෝනලා ළඟින්ම ඇසුරු කරන්නේ  ඕ.අයි.සී. ලා සැරයන්ලා. 

සිරිසේන එල්ලූම් ගහේ එල්ලිලා දඟලන්නේ මේවා ගැන නොදන්න නිසා නොවේ. මේ රටේ බහුතරයට මේවා වගක් නැති නිසා.

සිවිල් සමාජයට මේවා ප‍්‍රශ්න නොවේ. මොකද මේවා ගැන කථා කළාට මඩිය තර වෙන්නේ නැති නිසා.

නයි අදිකාරිගේ රංජිත් පුෂ්ප කුමාර මානව හිමිකම් කොමිෂමට ලියපු ලියුම. වැඩක් නොවුනත් වාර්තා වෙන්න  ඕන නිසායි ලියන්නේ.

01. සභාපතිනිය,                 
    මානව හිමිකම් කොමිෂන් සභාව        
    අංක 14
    ආර්.එ්. ද මැල් මාවත
    කොළඹ 04

02. පොලිස්පති                  
     පොලිස් මූලස්ථානය         
     කොළඹ 01


අත්අඩංගුවට ගෙන, බොරු නඩු දැමීමට දරන උත්සාහය 
නතර කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

නයි අදිකාරිගේ රංජිත් පුෂ්ප කුමාර, අවු: 35 යි, (උපන් දිනය : 1982.05.07) අවිවාහක, රැුකියාව: පානදුර මාකට් එකේ එලව`ඵ වෙළඳාම. ලිපිනය : 457/36, ධීවර කාර්යාල වත්ත, මෝදර, මොරටුව. දු.අ. 078 3465573

2019.08.23 වන දින දීය.

2019.08.16, සිකුරාදා, උදේ 10.00 ට පමණ, අසල නිවසක කුඩු පානය කරමින් සිටි පිරිසක්, මෝදර පොලීසියෙන් වට කරන ලදි.

එහිදී, දෙදෙනෙක් ව අත්අඩංගුවට පත් වූ අතර, තවත් දෙදෙනෙක් බේරී පලා ගොස් ඇත.

පලා ගිය අය අතර, කුඩු ජාවාරම් කරුද සිට ඇත.

අත්අඩංගුවට පත් වූ දෙදෙනා අතර, මාගේ සහෝදරයෙක් හා පොලීසියට ඔත්තු දෙන අයෙක් ද විය.

මාගේ සොහොයුරාට හයිකෝට් නඩුවක් පැවරූ අතර, ඔත්තුකරුට සු`ඵ නඩුවක් පවරා ඇප ලබා ගැනීමට ඉඩ හරින ලදි.

මා කුඩු පානය කළ අයෙක්. පසුගිය වසරේ ඔක්තෝබර් මස, මාව අත්අඩංගුවට ගෙන, කුඩු මි.ග‍්‍රෑ. 2000 කට වැඩිය ප‍්‍රමාණයක් දැම්මා. රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබුවා. මාස 09 ක් රිමාන්ඞ් බාරයේ හිටියා. රස පරීක්ෂක වාර්තාවට අනුව කුඩු තිබුනේ මි.ග‍්‍රෑ. 800 ක් පමණ. මට එ් නිසා ඇප ලැබුනා.

මට බොරු නඩුව දැම්මේ, මෝදර පොලීසියේ ගාමිනී නැමති පොලිස් සැරයන් වරයෙක්. ඔහු මා, නිවැරදිකරු කියූ නිසා තරහින් ඉන්නේ.

එ් නිසා, 2019.08.16 දින, මාගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට මාවද සම්බන්ධ කරන්නට උත්සාහ ගනී. ඔහු 2019.08.16 දින සිට මා අත්අඩංගුවට ගැනීමට සැරසේ.

මා මේ ගැන, පොලිස් අධිකාරීවරයා දැනුවත් කළා. ප‍්‍රයෝජනයක් වුනේ නෑ.

”කුඩු” බීමට මා පුරුදු වුනත් කිසි දිනෙක විකිණීම හෝ බෙදා හැරීම කළේ නෑ.

කුඩු ජාවාරම් කරන්නවුන් සිටියදී, කුඩු බීමට පුරුදු වූ මා වැනි අය අල්ලා, උසස්වීම් ගැනීම මේ පොලිස් නිලධාරීන්ගේ ක‍්‍රියාවයි.

මා ඉල්ලා සිටින්නේ,

පොලීසියට අපරාධ කරන්නට ඉඩ නොදෙන ලෙසටත්, මාගේ ආරක්ෂාව සලසන ලෙසටත්, බොරු නඩු දැමීම නතර කරන ලෙසටත්ය.

සැ.යු. මා මේ වන විට කුඩු බීම නතර කර ඇත. එසේ කර ඇත්තේ, ප‍්‍රතිකාර ගැනීමෙනි. චැනල් කිරීමට රු: 2000/- ක් පමණ ගියා. බෙහෙත් වලට රු: 1000/- කට වැඩිය යනවා.

මෙයට,

නයි අදිකාරිගේ රංජිත් පුෂ්ප කුමාර




ඇල්ලූවේ ”රා” දැම්මේ ”ගෝඩා” පානදුර පොලිස් අධිකාරියේ දුෂණ මර්දනයේ වැඩක්



සුරා බද්දන්ට, පොලිසියට, විතරක් නොවෙයි නිතිඥ ප‍්‍රජාවට කප්රුකක් වු පොල් ගස.  
‘‘පොල් ගහට’’ ලයිසන් ; ”මදින්නාට”- ලයිසන්;  ”අයිතිකාරයාට” -ලයිසන්;  ‘‘ප‍්‍රවාහකයාට” - ලයිසන්;  ““ප‍්‍රවාහනයට” ලයිසන්ත ”තියා ගන්නත්”- ලයිසන්.  ඒවුනාට බොන්න ලයිසන් නෑ - විකුණන්නත් ලයිසන් නෑ . 

නිකිණි පෝයදාට පසුදින ”රා” එකතු කරමින් සිටි සනත් ප‍්‍රසාන්ත, අත්අඩංගුවට ගෙන, රඳවාගෙන, පසුදින උසාවියට දාන්නේ, ”ගෝඩා” ළඟ තබා ගැනීමේ බොරු චෝදනාවට. 
ඔහු මේ ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට මෙමෙ කියනවා                   

‘‘සනත් ප‍්‍රසාන්ත, අවු: 47 යි, විවාහක, දරුවන් 02 යි, රැුකියාව: බලපත‍්‍ර සහිතව රා ප‍්‍රවාහනය, කිරිම. 2019.08.15 වන දින, මා, ‘‘ෙදාඹගහවත්ත’’ යන පොල් ඉඩමේ, උදේ 9.30 ට පමණ, නීත්‍යානුකූලව රැුකියාවේ නිරතව සිටියෙමි. මා එසේ අතුර යට, රා එකතු කරමින් ඉන්න විට, පානදුර දකුණ පොලීසියේ, සාජන් මේජර්  ජයසිංහ (බොක්සර්ත) වත් දෙන්නෙක් සමග ජීප් රථයෙන් එතනට ආවා. සාජන් මේජර්  ජයසිංහ (බොක්සර්), මා අසලට පැමිණ, යමන්, යමන්, කියමින්, මා අත තිබූ, “රා බකට්” එකද සමග අත්අඩංගුවට ගෙන ජීප් රථයට නංවා ගත්තා. 

සාජන් මේජර්  ජයසිංහ (බොක්සර්), මට කිව්වා, ගෙනියන්නේ නඩුවක් ගන්න කියා. මාව දාගත්තට පස්සේ, ජීප් රථය පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට ආවා. එතැන ටික වේලාවක් සිට, ජීප් රථය පානදුර පාලම අසලට පැමිණියා. එහිදී උපාලි නැමති අයගේ නිවසට ගොස්, ගෙදර තිබූ රා බෝතලයක් සමග උපාලි නැමති අයගේ පුතාව, අත්අඩංගුවට ගෙන, ජීප් රථයට නංවා ගත්තා.

එහිදී මට, නිශාන්ත කුමාර නිලධාරියා කිව්වා, උඹට රා වලට නඩු දාලා වැඩක් නැහැ, ‘‘කෙලවන්න’’ නඩුවක් දානවා කියා. එතනදී, මගෙන් කොළයකට ඇඟිලි සලකුණු ගත්තා. ප.ව. 2.30 ට පමණ වන තෙක් මාව හා අනෙක් පුද්ගලයාව පොලිස් අධිකාරී කාර්යාලයේ රඳවාගෙන හිටියා. ඉන්පසුව, මාව හා අනෙක් පුද්ගලයා,පානදුර දකුණ පොලීසියට ගෙන ආවා. එහිදී, රිසව් එකට බාර දී කූඩුවට දැම්මා. සවස 6.00 ට පමණ, මා රැුකියාව කරන මුදලාලි, ලක්ෂ්මන් පොලීසියට පැමිණ මා ගැන විමසා සිටියා. පොලීසිය, ඇප දීමට නොහැකි බවත්, මට දමා තිබෙන්නේ, ”ගෝඩා” බැරලයක් බවත් ඔහුට ප‍්‍රකාශ කළා. මා එදින රාත‍්‍රියේ කූඩුවේ සිටියා.
පසුදින, 2019.08.16 දින, දහවල් 11.30 ට පමණ, මාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ගෙන ගියා. අධිකරණය මාව, රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරියා. 

මා, රා ප‍්‍රවාහනය සිදුකරන්නේ, අවුරුදු 05 ක පමණ කාලයක සිටය. මා, එම කාර්යය කරන්නේ,  ප‍්‍රනාන්දු මිය යටතේ. ඇයට, රා මැදීම, රා එකතු කිරීම, රා ප‍්‍රවාහනය ආදී කයුතු සඳහා බලපත‍්‍ර ඇත. මට බලපත‍්‍රයක් ඇත. අංකය: B/78/2019. එම බලපත‍්‍රය 2019 දෙසැම්බර් දක්වා වලංගුය. 
මේ ආකාරයට, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, පවත්වාගෙන යන දිස්ත‍්‍රික් දුෂණ මර්ධන ඒකකයේ/අංශයේ ස්ථානාධිපති නිශාන්ත හා සාජන් මේජර් ජයසිංහ (බොක්සර්) මූලිකව, මේ ආකාරයට මා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රඳවා තබාගෙන බොරු චෝදනා නගා නඩු දමන ලද්දේත  මීට පෙර අවස්ථා ගණනාවකදී, මාව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන බොරු නඩු පවරන ලද සෑම අවස්ථාවකදීම, මට ඔවුන් දමන ලද බොරු නඩුවට, (චෝදනාවට) වරද පිළිගන්නා ලෙසට බල කර සිටිය ද, බලපෑමට යටනොවි මාගේ නිර්දෝෂී භාවය ගරු අධිකරණය ඉදිරියේ ඔප්පු කර සිටි නිසාය.

පානදුර පොලීසිය, ඊනියා දිස්ත‍්‍රික් දුෂණ මර්ධන ඒකකයේ/අංශයේ ස්ථානාධිපති නිශාන්ත හා සාජන් මේජර් ජයසිංහ (බොක්සර්) විසින්, අධිකරණය උපයෝගී කරගෙන 
(1) නීත්‍යානුකූලව රැුකියාව කිරීමට ඉඩ ලබා නොදීම,
(2) ව්‍යාජ නඩු පවරා, මූලික අයිතීන් උල්ලංඝණය කිරීම,
(3) අපරාධ මර්ධනය වෙනුවට, රජයේ දේපළ, මුදල්, කාලය, තම දුෂිත වැඩපිළිවෙල වසන් කිරීමට යෙදවීම.  

යන කරුණු පිළිබඳව විමර්ශනය කර, නීතිමය පියරව ගන්නා ලෙසට හා විරුද්ධව දමා ඇති බොරු නඩුව ඉවත් කර ගන්නා ලෙසට ඔහු සිය ලිපියෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.



Monday, August 26, 2019

කාන්තාවකගේ හුරතලයට නටන ඌරගස්මංහන්දිය පොලීසිය.


මාස දෙකකට පෙර, ප‍්‍රකට සමාගමක අලෙවි නියෝජිතයකුව, එල්ලා පහර දී, සදාකාලික අබ්බගාතයකු කරන ලද, ඌරගහ පොලීසිය, ප‍්‍රදේශයේ කාන්තාවක් සමග හුරතල් වෙමින්, මහජනයාට පීඩා කරන්නට පටන් ගෙන තිබේ.
පසුගිය දා, මෙම පොලිස් හුරතලියට විරුද්ධව ගසා තිබුන කැලෑ පත්තරයක් මුල් කරගෙන, උඩ පනින්නට පටන් ගෙන තිබේ.
පොලිස් පීඩාවට පත්ව ඇති එක් කාන්තාවක්, ප‍්‍රජා පොලිස් කමිටුවේ සාමාජිකාවකි. ඇය සමාදාන විනිසුරුවරියකි.
මැය, හා පීඩාවට පත් අනෙක් තැනැත්තා විසින්   මානව හිමිකම් කොමිෂන් සභාව ට හා       පොලිස්පති  ට කර තිබෙන ලිඛිත පැමිණිලි දෙක පහත දක්වමු.

පුද්ගලික සම්බන්ධතා මත පොලිස් බලතල උපයෝගී කරගෙන 
සිදුකරන පීඩා කිරීම් වලක්වාලන ලෙසට කරන ඉල්ලීම.

සුනිල්, අවු: 57 යි, විවාහක, දරුවන් 05 යි, රැුකියාව: කම්කරු. 
ලිපිනය:මහ ඌරගහ. 
2019.08.23 වන දින දීය.
2019.07.22 වන දින ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයෙන් පණිවුඩයක් ලබාදුන්නා, ඵක්‍ඍ 2153 දරන පැමිණිල්ලට, 2019.07.25 වන දින උදේ 9.00 ට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.
එම පණිඩුඩය, මාගේ නමට අමතරව. මාගේ පුතුන් දෙන්නා වන, ගේ ද නම් තිබුණා. එහි මුදිතා යන අයගේ ද නම තිබුණා.
මා, පුතුන් දෙන්නා වූ ් සමග පොලීසියට ගියා. මුදිතා යන අයද පැමිණ සිටියා.
පැමිණිල්ල දමා තිබූ එල්.ජී. දේවිකා හා එල්.ජී. සමන් යන අඹුසැමි දෙදෙනා ද පැමිණ සිටියා.
අප පොලීසියට ගිය පසු දැන ගත්තා එල්.ජී. දේවිකා හා එල්.ජී. සමන් යන දෙදෙනා ගේ පැමිණිල්ල ඔවුන්ට විරුද්ධව ගසා තිබූ කැලෑ පත්තරයක් පදනම් කරගෙන බව.
පැමිණිල්ල විමර්ශනය කළ ස්ථානාධිපතිවරයා වන හරිත නැමති අය, අවම වශයෙන්, ගැසූ බව කියන කැලෑ පත්තරයවත්, අපට පෙන්නන්නේ නැතිව, පැමිණිලිකරුවන්ට කිව්වා, කැලෑ පත්තරයේ අකුරු, ටී.ඩබ්. මුදිතාගේ බවත්, අධිකරණයට ඉදිරිපත් කර, උසාවි නියෝගයකින් අත් අකුරු පරීක්ෂකට යවන බවත්.
ඉන්පසු අපට, 2019.07.27 දින ද පොලීසියට එන්න කිව්වා. එ් අනුව අප එදින පොලීසියට ගියා.
එහිදී, අපගේ, නම, ලිපිනය, ලියාගෙන අත්සන් කරන්න කිව්වා. පැමිණිලි කාරයාගේ ගැසූ බව කියන ”කැලෑ පත්තරය” පොලීසිය බාරයට ගත්තා.
එයින් පසුව, 2019.08.16 දින නැවත පොලීසියට එන්න කිව්වා. එදින ස්ථානාධිපතිවරයා අපට කිව්වා, ”මාගේ නිගමනය” අත් අකුරු සමාන බව, එ් නිසා මම උසාවියට දානවා කියා.
මේ සෑම අවස්ථාවකම ස්ථානාධිපති හරිත, අපට, නින්දා අපහාස කරමින්, පැමිණිලිකාරිය සමග සමීප සම්බන්ධතා පවත්වන බව මනාව පෙන්නුම් කරන බවද, ප‍්‍රකාශ කරමි.
මීට පෙරද, මෙම පැමිණිලිකාරිය, පොලීසිය උපයෝගී කරගෙන, අධිකරණය යොදවාගෙන අපට හිරිහැර කරන ලද බවද, 
දැනටත් ව්‍යාජ චෝදනා මත පවරන ලද අංක: 1695 (ඇල්පිටිය ම/උ* නඩුව අවසන්ව නැත.
ඉල්ලා සිටින්නේ,
ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වන හරිත, උ.පො.ප. ඥණරත්න හා පො.සැ. 37168 ජයසිංහ, පොලිස් බලතල නීති විරෝධී ලෙසට උපයෝගී කරගෙන සිදුකරන, පීඩා කිරීම් නැවැත්වීමට පියවර ගන්නා ලෙසට හා එ් හා අදාළ නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට ය.

එමෙන්ම මෙමගින්, අපගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවද ප‍්‍රකාශ කරමි. 
මෙයට,
 සුනිල්
2
පුද්ගලික සම්බන්ධතා මත පොලිස් බලතල උපයෝගී කරගෙන 
සිදුකරන පීඩා කිරීම් වලක්වාලන ලෙසට කරන ඉල්ලීම.

මුදිතා , අවු: 53 යි, විවාහක, ලිපිනය: ඌරගහ. 
2019.08.23 වන දින දීය.
2019.07.22 වන දින ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයෙන් පණිවුඩයක් ලබාදුන්නා, ඵක්‍ඍ 2153 දරන පැමිණිල්ලට, 2019.07.25 වන දින උදේ 9.00 ට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.
එම පණිඩුඩය, මාගේ නමට අමතරව, සුනිල්, යන නම් තිබුණා. 
මා සමග, සුනිල්, යන අයද, පොලීසියට ගියා. පැමිණිල්ල දමා තිබූ එල්.ජී. දේවිකා හා එල්.ජී. සමන් යන අඹුසැමි දෙදෙනා ද පැමිණ සිටියා.
පොලීසියේදී, දැන ගත්තා එල්.ජී. දේවිකා හා එල්.ජී. සමන් යන දෙදෙනා ගේ පැමිණිල්ල, ඔවුන්ට විරුද්ධව ගසා තිබූ කැලෑ පත්තරයක් පදනම් කරගෙන බව.
පැමිණිල්ල විමර්ශනය කළ ස්ථානාධිපතිවරයා වන හරිත නැමති අය, අවම වශයෙන්, ගැසූ බව කියන කැලෑ පත්තරයවත්, අපට පෙන්නන්නේ නැතිව, පැමිණිලිකරුවන්ට කිව්වා, කැලෑ පත්තරයේ අකුරු, මාගේ බවත්, අධිකරණයට ඉදිරිපත් කර, උසාවි නියෝගයකින් අත් අකුරු පරීක්ෂකට යවන බව.
ඉන්පසු අපට, 2019.07.27 දින ද පොලීසියට එන්න කිව්වා. එ් අනුව අප එදින පොලීසියට ගියා.
එහිදී, අපගේ, නම, ලිපිනය, ලියාගෙන අත්සන් කරන්න කිව්වා. පැමිණිලි කාරයාගේ ගැසූ බව කියන ”කැලෑ පත්තරය” පොලීසිය බාරයට ගත්තා.
එයින් පසුව, 2019.08.16 දින නැවත පොලීසියට එන්න කිව්වා. එදින ස්ථානාධිපතිවරයා අපට කිව්වා, ”මාගේ නිගමනය” අත් අකුරු සමාන බව, එ් නිසා උසාවියට දානවා කියා.
එදින, මා, පොලීසියේ සිට නිවස බලා යන අතර, හිපන්කන්ද, 7 කණුව, ත‍්‍රී රෝද රථ ගාල අසලදී, පැමිණිලිකාරිය වූ, එල්.ජී. දේවිකා හා සැමියා එල්.ජී. සමන්, මට අමානුෂික ආකාරයට බැන වැදුනා. මා ගෙදර ඇවිත් පසු දින, 2019.08.17, පොලීසියට ගොස් පැමිණිලි කළා. පැමිණිලි අංකය : ක්‍ෂඊ 2 991146ග  පැමිණිලි විභාගයට, 2019.08.20 එන ලෙසට දැනුම් දුන්නා.
2019.08.19 වන දින, සිවිල් ආරක්ෂක කමිටු රැුස්වීමේදි, මම පොලීසිය සිදුකරන අකටයුතුකම් ගැන පැහැදිළි කළා.
පසුදින, 2019.08.20, මා පොලිසියට ගිය විට, සිවිල් ආරක්ෂක කමිටුවට සම්බන්ධ පොලිස් නිලධාරීන් හිටියේ නෑ.
විභාගය කරන ලද, උ.පො.ප. ඥණරත්න ඉදිරිපිටදී, මට, එල්.ජී. දේවිකා යන අය මරණීය තර්ජනය කළා.
නමුත්, උ.පො.ප. ඥණරත්න, කිසිදු වචනයක් කිව්වේ නෑ.
එල්.ජී. දේවිකා යන අය තරයේ කියා සිටියා, පැමිණිල්ල විභාගය, ස්ථානාධිපති හරිත ළඟට දාන්න කියා. එ් අනුව, 2019.08.26 දිනට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා. 
මේ සෑම අවස්ථාවකම ස්ථානාධිපති හරිත, අපට, නින්දා අපහාස කරමින්, පැමිණිලිකාරිය සමග සමීප සම්බන්ධතා පවත්වන බව මනාව පෙන්නුම් කරන බවද, ප‍්‍රකාශ කරමි. එම නිසා ස්ථානාධිපති හරිත නැමති අයගෙන් සාධාරණයක් ඉටු වේ යයි අපේක්ෂා නොකරමි.
විශේෂයෙන් සමාදාන විනිසුරුවරියක් හා ඌරගස්මංහන්දිය පොලිස්ථානයේ ප‍්‍රජා පොලිස් කමිටුවේද සාමාජිකාවක් වශයෙන් ක‍්‍රියාකරන මා හට, ස්ථානාධිපති හරිත නින්දා අපහාස කරමින්, තර්ජනය කරමින් කි‍්‍රියා කරන්නේ, මෙම දේවිකා නැමති අය හා පොලීසියේ සමහර නිලධාරීන්ගේ අයුතු සම්බන්ධය නිසා බව මා තරයේ විශ්වාස කරමි.

ඉල්ලා සිටින්නේ,
ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වන හරිත, ”කැලෑ පත්තරයක්” මූලික කරගෙන, උ.පො.ප. ඥණරත්න හා පො.සැ. 37168 ජයසිංහ, පොලිස් බලතල නීති විරෝධී ලෙසට උපයෝගී කරගෙන සිදුකරන, පීඩා කිරීම් නැවැත්වීමට පියවර ගන්නා ලෙසට හා එ් හා අදාළ නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට ය.
විශේෂයෙන්, ප‍්‍රජා පොලිස් කමිටු සාමාජිකාවක් වශයෙන් මා ප‍්‍රකාශ කරන්නේ, දැනටමත් පොලිස් ස්ථානාධිපති හරිතට එරෙහිව අපරාධ චෝදනා එල්ලවීතිබෙන බවයි.
එමෙන්ම මෙමගින්, අපගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවද ප‍්‍රකාශ කරමි. 
මෙයට,
මුදිතා 


Tuesday, August 20, 2019

බැලූ බැල්මට නඩුවක් නෑලූ!! සිරිසේන දොස්තරයා නිදහස් ..... !!



ඌරගස්මංහන්දියේ, ඇසට දාන බෙහෙතක් වෙනුවට, කණට දාන බෙහෙතක් දුන්න ෆාමසි කාරයාව, බේරන්න පොලීසිය හා එක්වූ වෛද්‍ය සභාව ඉදිරියේ පවරන ලද නඩුව ඉවත දැමීමට එම සභාව පියවර ගෙන ඇත.

එ් පියවර ගැන, පැමිණිලිකාරිය විසින් වෛද්‍ය සභාවට ලියන ලද ලිපිය පහත දක්වමු.
වෛද්‍ය සභාව විසින් නිකුත් කරන ලද ලිපියද ඇත.

මේවා ගැන කථා කරන්න. ජන බලය ගොඩ නැගිය හැක්කේ, බස්වලින් මිනිසුන් ඇද අත්පුඩි ගස්සවා ගැනීමෙන් නොවේ.

ලි.ප.තැ.

2019.08.19

වෛද්‍ය සී.එල්.කේ. අතපත්තු මයා
වැ.බ. ලේඛකාධිකාරී
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව
31, නොරිස් කැනල් පාර
කොළඹ 10

මහත්මයාණනි

ඌරගස්මංහන්දිය ”ගුණවර්ධන ෆාමසිය” මගින් වැරදි බෙහෙතක් නිකුත් කිරීම නිසා අර්ධ අන්ධතාවයට පත්වීම සම්බන්ධයෙනි.

ඔබගේ අංක : පීපීසී 424 හා 2019.07.27 දරන ලිපිය හා බැඳේ.

පිළිතුර එවීම ගැන ස්තුතිවන්ත වෙමි.

ඔබ ආයතනයේ ඊනියා, වෘත්තීය චර්යා කමිටුවේ තීරණය මා තරයේ හෙලා දකින අතර, දැඩිව ප‍්‍රතික්ෂේප කරමි.

ඔබගේ ආයතනය, එහි ඊනියා වෘත්තීය චර්යා කමිටුවට චර්යාවක් නැත.

”බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ” යන අප ජන වහරේ කියමන් සනාථ කිරීම ගැනද ස්තුතිවන්ත වෙමි.

ඔබ කමිටුවේ ඉන්නේද ¥ෂිත වෛද්‍යවරුන් පිරිසකි. වෛද්‍යවරුන්ගේ චර්යාව රැුකීම නොව ¥ෂිතයන් රැුකීමට, ඔබ කමිටුව සැදී පැහැදී සිටන බව මාගේ අත්දැකීම විය.

මා අන්ධයකු වීම වැළකුනේ මෙරටේ ඉන්න, තම වෘත්තීය ඉතා උසස් ලෙස ඉටු කරන වෛද්‍යවරුන් නිසාය.

එම ගෞරවනීය වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුවය, මා ඔබගේ ආයතනයට පැමිණිල් කළේ.

අවසාන වශයෙන් නැවත වරක් ඔබ ආයතනයේ තීරණය හෙළා දකිමින් මා නවතිමි.

මෙය, ඔබට හැකි නම් සභාපතිවරයාගේ අවධානයට යොමු කරන්න.

ස්තුතියි,
මෙයට,

රම්‍යලතා

පිටපත්

01. ලේකම්
    සෞඛ්‍යය පෝෂණ හා දේශීය ආයුර්වේද අමාත්‍යාංශය
    අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමි මාවත 
    කොළඹ

02. වෛද්‍ය රාජිත සේනාරත්න මහතා
    ගරු සෞඛ්‍යය පෝෂණ හා දේශීය ආයුර්වේද අමාත්‍යය
    සෞඛ්‍යය පෝෂණ හා දේශීය ආයුර්වේද අමාත්‍යාංශය
    අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමි මාවත 
    කොළඹ


 

Sunday, August 18, 2019

කොස්ගොඩ ස්ථානාධිපතිව බේරා මිටි තැනින් වතුර බැස්සවීම මානව හිමිකම් කොමිෂමේ සුපිරි නිර්දේශය ..... !!!


හැට නව හැවිරිදි විල්සන් ව හා සහෝදරියන් දෙදෙනාව, ඔවුන්ගේ නිවසින් පන්නා දැමීමට,  ඔහුගේම සහෝදරයකු උපයෝගී කර ගන්නේ පොලීසියයි. 

විල්සන් ගේ පියසිරි නම් වූ සොහොයුරා, කොස්ගොඩ පොලීසියට ගොස් තමාට (පියසිරිට*, විල්සන් පහර දුන් බවට පැමිණිල්ලක් දමයි. කිසිදු විමර්ශණයකින් තොරව, වහාම ක‍්‍රියාත්මක වූ කොස්ගොඩ පොලීසිය, විල්සන් සොයා ගොස් අත්අඩංගුවට ගෙන, පොලීසියට ගෙන එයි. පහර දිම අදාල පරික්ෂණ කරනු වෙනුවට පොලිස්කාරයින් කරන්නේ - තම නිවස අතහැර යන ලෙසට  බල කිරිමය .

බලහත්කාරයෙන් ප‍්‍රකාශයකට අත්සන් ගනී. එ් කම්මුල් පහරවල් දෙකක් ගසාය. ඉන්පසු කූඩුවට දමන්නේ, සාක්කුවේ රුපියල් හැත්තෑව අරගෙනය. 

පසුදින ඔහුව, පොලිස් ඇපයක් මත මුදා හරියි.

මෙම නීති විරෝධී ක‍්‍රියාව ගැන මානව හිමිකම් කොමිෂම ප‍්‍රමුඛ බලධාරීන්ට දැනුම් දෙයි.

මානව හිමිකම් කොමිෂම, විමර්ශනය කර, වගඋත්තරකරුවන් ලෙසට නම් කරන ලද පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව, වරදකරු කරනු ලබයි. ඔවුන්, වන්දි වන්දි ලෙස රු: 25,000/- ක් විල්සන්ට ගෙවිය යුතු බවට නිර්දේශ කරයි.

නමුත් මානව හිමිකම් කොමිෂමට පැමිණි ස්ථානාධිපතිවරයා, තම වගකීම පැහැර හැරීමට හේතු වශයෙන් දැක්වූයේ එදින පොලිස් ස්ථානයේ නොසිටි බවට අසත්‍ය කරුණු හුවා දක්වමින්ය. 
ස්ථානාධිපතිවරයා, එදින රාජකාරි කළ බවට, ලේඛන මගින් ඔප්පු කර තිබියදීත්, ඔහුට වගකීමෙන් ගැලවෙන්නට මානව හිමිකම් කොමිෂම ඉඩ දී තිබේ.

පොලිස් ස්ථානවල අපරාධ වලට ස්ථානිධිපති වගකිව යුතුයි. නමුත් එම කරුණ යටපත් කර දමා වධ හිංසාව ප‍්‍රමුඛ පොලිස් අපරාධ වැළැක්විය නොහැකි බව විල්සන් මානව හිමිකම් කොමිෂමට කියා සිටී.

මානව හිමිකම් කොමිෂමට විල්සන් ලියන ලද ලිපිය පහත දැක්වේ. 

්‍යඍක්‍රැු3162රැු17 පැමිණිල්ලට අදාලව 2019.07.19 වන දින, 
ඔබ කොමිෂම මගින් නිකුත් කරන ලද නිර්දේෂය හා බැඳේ.

මෙම නිර්දේශයට අනුව මාගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී  ඇති බව ප‍්‍රකාශ කර ඇත.

එම නිර්දේශයට අනුව වගඋත්තරකරුවන් වශයෙන්,

01. උ.පො.ප. අයි.ජී. කීර්තිපාල 
02. පො.ප. ජී.පී.ඞී. සිල්වා, පොලිස් ස්ථානය කොස්ගොඩ

නම් කර ඇත.

මෙම පැමිණිල්ල විමර්ශනය වන අවස්ථාවේදී එනම්, 2018.06.08 වන දින, ස්ථානාධිපති කොස්ගොඩ කැඳවා සිටි අතර, ඔහු විසින් ප‍්‍රකාශ කර සිටියේ මාගේ පැමිණිල්ලට අනුව, සිද්ධිය වූ 2017.07.29 වන දින 2017.07.30 වන දින තමා පොලිස් ස්ථානයේ නොසිටි බවත් වව්නියාව අධිකරණයේ පවතින නඩුවකට ඉදිරිපත් වූ බවත්, වැඩ බලන ස්ථානාධිපති වශයෙන් දෙවන වගඋත්තරකරු වන, පො.ප. ජී.පී.ඞී. සිල්වා කටයුතු කළ බවත්ය.

නමුත් පසු විමර්ශන අවස්ථාවේදී පළමු වන හා දෙවන වගඋත්තරකරුවන් පොත් පත් සමග කොමිෂන් සභාවට පැමිණ ප‍්‍රකාශ කර සිටියේ, 2017.07.29 හා 2017.07.30 වන දින, ස්ථානාධිපතිවරයා, පොලිස් ස්ථානයේ සිටි බවත්, දෙවන වගඋත්තරකරු වැඩ බලන ස්ථානාධිපති වශයෙන් කටයුතු නොකළ බවත් ඇප ලබාදීමේ බලය ඇත්තේ ස්ථානාධිපතිවරයාට බවත්, එදින ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානය තුළ වෙනත් රාජකාරි කරන ලද සටහන් කළ පොත් ද ඉදිරිපත් කරන ලදි.

එසේ නම් පොලිස් ස්ථානාධිපතිවරයා විසින්,

01. ඔබ කොමිෂම නොමග යවන ආකාරයට ප‍්‍රකාශ ලබා දී ඇත.

02. මා හට ඇප ලබා නොදී සවස 3.00 පමණ වනතෙක් නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම 
     සම්බන්ධයෙන් ද ,

03. පළවන වගඋත්තරකරුගේ ක‍්‍රියා කලාපය තුළ කර ඇති නීති විරෝධී ලෙස යොදන ලද
     සටහන් නිරීක්ෂණය නොකිරීම ද,

04. මා අත්අඩංගුවට ගෙන මුදා හැරීම සම්බන්ධයෙන් ් වාර්තාවකින් අධිකරණයට කරුණු
     වාර්තා නොකිරීම යන නීතිමය වගකීම් වලින් ස්ථානාධිපතිවරයා බැහැර වී කටයුතු කිරීම යන
     කරුණු,

ඔබගේ අවධානයට යොමු කරමි.

මෙම නිර්දේශයට අනුව, ස්ථානාධිපතිවරයා වගඋත්තරකරුවකු නොකිරීම තුළ නිර්දේශය ක‍්‍රියාත්මක කිරීමට ඔහු බැඳී නොමැති බව මෙයින් අවධාරණය කරමි.

එබැවින් මෙම කරුණු සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කොට, අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිමි.

මෙයට,

ඩබ්. විජේසුන්දර


Saturday, August 17, 2019

මා.හි. කොමාගේ නම අදාළ ! නීතිපතිට ගොනුවක් නැතිලූ !!


උඩුගම පදිංචි ගාමිනීව, ගෙදර කැම කමින් සිටියදී, අත්අඩංගුවට ගෙන, බොරු නඩු දමා, වසර 08 ක් පුරා, නින්දා අපහාස වලට, මානසික ශාරීරික පීඩාවන්ට පත් කළේ ගම් බට්ටියකගේ වුවමනාවට, උඩුගම පොලීසිය ය.

අවු: 08 ක් පුරා නඩු කියන ලදි. අවසානයේ අධිකරණය ඔහුන නිෙදාස් කොට නිදහස් කරනු ලැබීය.

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, උසාවිය යොදාගෙන රිමාන්ඞ් කර තැබීම ගැන ඔහු මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, නීතිපතිට, පැමිණිලි කළේය.

නමුත් ඵලක් නොවීය. නඩුවක් තියෙන නිසා මැදිහත්වීමට නොහැකි බව තර්කය විය.

නඩුව ඉවර විය. ගාමිනී, උඩුගම පොලීසිය සිදුකල නීති විරෝධී කි‍්‍රයාවන් මගින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන බව, මූලික අයිතීන් උල්ලංඝණය කර තිබෙන බව ප‍්‍රකාශ කර, යුක්තිය ඉටුකර දෙන ලෙසට මානව හිමිකම් කොමිෂමට හා නීතිපතිට යළි පැමිණිලි කළේය.

නීතිපතිගේ පිළිතුර නඩුවට අදාළ ගොනුවක් නැති බවයි. මානව හිමිකම් කොමිෂමේ වැඩ බලන සභාපතිගේ පිළිතුර ”අදාළ කොමසාරිස්ට” පැමිණිල්ල යොමු කළ බවයි.

මේ අප රටේ උගතුන්ගේ, මහජන සේවකයන්ගේ ක‍්‍රියාකළාපයයි. සිවිල් සමාජයට මේවා ප‍්‍රශ්න නොවේ. මොකද? බඩගෝස්තරයට මේ ප‍්‍රශ්න වලින් වැඩක් නොවන නිසාය.


එච්.ඩබ්. ගාමිනී, උඩුගමප - 2019.08.16

ආචාර්ය උපනන්ද විද්‍යාපතිරණ මයා
සභාපති (වැ.බ.*, මානව හිමිකම් කොමිෂන් සභාව        

එච්.ආර්.සී/එම්.ටී./245/11/වී අංක දරණ පැමිණිල්ල.

උක්ත හිසින් යුතු ඔබගේ 2019.06.24 දාතමින් යුතු ලිපිය හා බැඳේ.

මාගේ පැමිණිල්ල ”අදාළ කොමසාරිස්” වෙත යොමු කළ බව එහි ස`දහන් වේ.

කරුණාකර, ”අදාළ කොමසාරිස්” කව්රුද යන්න මා වෙත දැනුම් දෙන මෙන් ඉල්ලමි.

මෙය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කරනු ලබන ඉල්ලීමකි.

මෙයට,

එච්.ඩබ්. ගාමිනී
(වින්දිතයා*

එච්.ඩබ්. ගාමිනී, උඩුගම - 2019.08.16

සෝහිත රාකරුණා මයා, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්
නීතිපති වෙනුවට, නීතිපති දෙපාර්තමේන්තුව

නඩු අංකය : 55614  -  නඩු අංකය : 00986
දිසා/මහේස්ත‍්‍රාත් අධිකරණය -  උඩුගම

ඔබගේ අංක : ඵඡුරැු333රැු2019 හා 2019.07.12 දිනැති ලිපිය හා බැඳේ.

මාගේ 2019.06.17 පැමිණිල්ල අදාළව ඔබ ගොනුවක් විවෘත වී නොමැති බව ප‍්‍රකාශ වේ.

මා ඉල්ලා සිටින්නේ, ගොනුවක් විවෘත කර, මාගේ පැමිණිල්ල විමර්ශනයට භාජනය කර, යුක්තිය ඉටු කරන ලෙසටය.

කිසිදු විධිමත් විමර්ශනයක් සිදුනොකර, අත්තනෝමතිකව, පළිගැනීමේ චේතනාවෙන්, අත්අඩංගුවට ගෙන බොරු නඩු පවරා, අධිකරණය උපයෝගී කරගෙන, අපව පීඩාවට පත් කිරීම නීතියද? යන ප‍්‍රශ්නය අපට පවතින බව ද ප‍්‍රකාශ කර සිටිමි.

මෙයට,

එච්.ඩබ්. ගාමිනී

ජම්මු කාශ්මීර් අර්බුදය පාකිස්ථානය හුදකලා සටනක.


ඉන්දියාවෙන් වෙන්වීම සඳහා දශක හතකට වැඩි කාලයක් තිස්සේ අරගල කරන ජම්මු - කාශ්මීර්, මුස්ලිම් ආගමික අන්තවාදී කණ්ඩායම් වලට පකිස්ථාන රජයේ සහය නොඅඩුව ලැබේ.

දේශසීමාව හරහා නිරන්තරයෙන් වෙඩි හුවමාරු වේ. ඉස්ලාම් ත‍්‍රස්ථවාදීන් පකිස්ථාන භූමියේ රැුකවරණ යටතේ සිටිමින් වරින් වර ප‍්‍රහාර එල්ල කරති.

මෝඩි ආණ්ඩුව හින්දු අන්තවාදී ආණ්ඩුවක් ලෙසට බටහිර මාධ්‍ය හඳුන්වයි. මෝඩි පසුගියදා ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජම්මු – කාශ්මීරයට ලබාදී තිබුණ වරප‍්‍රසාද සියල්ල ඉවත් කර, ඉන්දීය නීතිය යටතට පත් කරන ලදි.

ජම්මු – කාශ්මීරය ඉන්දියාවේ ප‍්‍රාන්තයක් ලෙසට පත්කර ඇත. ලාඩාක් ප‍්‍රාන්තය ඉන්දීය මධ්‍යම රජයේ පාලනය යටතට පත් කර තිබේ.

පකිස්ථානය මෙම පියවරට එරෙහිව රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් පියවර කිහිපයක් ගන්නා ලදි.

ඉන්දු පකිස්ථාන, තානාපති සම්බන්ධතා පහත දැමීම හා දෙරට අතර ගමනාගමනය සිමා කිරීමට පියවර ගත් පකිස්ථානය, මෝඩි ආණ්ඩුවේ පියවරට එරෙහිව ජාත්‍යන්තර හය ලබාගන්නා බව ප‍්‍රකාශ කළේය.

ඉන්දියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත කර ගැනීමට නොහැකිවන බව පාකිස්ථාන විදේශ ඇමති කියයි. මේ වන විට, ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තරය කථා කරන්නේවත් නැති බව පවසන ඔහු, අඩුම වශයෙන් මුස්ලිම් යයි කියා ගන්නා රාජ්‍යයන් වත්, ඉ්දියාවේ මෝඩි ආණ්ඩුවට එරෙහිව කථා කරන්නේ නැති බව කියයි.

ජම්මු – කාශ්මීරයේ බහුතරය ඉස්ලාම් ආගමිකයන් වන අතර, ලාඩාක් ප‍්‍රාන්තයේ අති බහුතරය බෞද්ධයන් හා හින්¥න් ය.

ඉන්දීය ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් මෙම ප‍්‍රදේශවලට ලබාදී තිබූ විශේෂ වරප‍්‍රසාද ප‍්‍රදේශවලට ලබාදී තිබූ විශේෂ වරප‍්‍රසාද අහෝසි කර එක නීතියක් යටතට පත් කර කිරීම නිසා, මෙම ප‍්‍රදේශවල ජීවත් වීමට සියලූම ඉන්දියානුවන්ට ජාති,කුල, ආගම් භේදයෙන් තොරව හැකිවනු ඇත. එමෙන්ම සංවර්ධනයට ද ඉඩ ලැබෙනු ඇත. 

   

Saturday, August 10, 2019

අපරාධකාරියව බේරන්න චෝදනාව හදයි! මානව හිමිකම් කොමිෂමට අදාළ නැතිලූ !! .... යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙයි...... !!




පේමවතී හැට හැවිරිදි දෙදරු මවකි. අසල්වැසි ගැහැනියක් පහර දෙන්නේ තම නැන්දනියට උදේ කෑම එක දෙන්නට යද්දීය. තුවාල ලබූ ඇය මතුගම පොලීසියට යන්නට පෙර, පහරදුන්න තැනැත්තිය පොලීසියට ගොස්, තමාට පහරදුන්න බවට පැමිණිල්ලක් දැමිමට පියවර ගෙන ඇත්තේ මතුගම පොලීසියේ උපදෙස් පිටය.

මතුගම පොලීසියට ගිය පේමවතීගේ ඔලූව උඩට පොලිස්කාරයේ පමණක් නොව පොලිස් කාරියෝ ද පාත් විය. ලේ පෙරමින් සිටි ඇයව, පොලීසිය හා එකගෙයි කන, වෑත්තෑව රෝහලට ගෙන යන ලෙසට, ඇගේ සැමියාට නියම කරන ලදි.

ප‍්‍රතිකාර කිරීමකින් හෝ අධිකරණ වෛද්‍යවරයකුට හෝ යොමු කිරීමකින් තොරව රෝහලෙන් පසුදිනම ඇයව ෙදාට්ට දැමීය. එසේ කිරීමට හේතුව ඇය, රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයාගේ පුද්ගලික බෙහෙත් ශාලාවට ගොස් විමසා සිටි විට, ඔහු කියා ඇත්තේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී හැටියට තමා ඇගේ ”ටිකට්” කැපුවේ නැති බවයි.

ඊට පසුව ඇයව පොලීසියට ගෙන්වා, තර්ජනය කළ, මතුගම පොලීසියේ පොලිස්කාරයෝ, පොලිස්කාරියන් දෙදෙනෙකු යොදවා ඇදගෙන ගොස් කුඩුවට දමා දහවල් සිට රාත‍්‍රී 7.00 පමණ වන තෙක් රඳවා තබාගෙන විවිධ බලපෑම්වලට යටත් කළේය.

ඇයව එළියට දමා ඇත්තේ ඇගේ සමියා කරන ලද පැමිණිල්ල අස්කර ගන්නා බවට ස්ථානාධිපතිවරයාට දෙන ලද පොරොන්දුව මතය. එ් අවස්ථාවේ පැමිණිල්ල අදාළව ලබාදුන් ලදුපත ද ඉල්ලාගෙන ඉරා දමා තිබේ.

පේමවතී තමාට පොලීසිය සිදුකළ අපරාධය, මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කළේය. මානව හිමිකම් කොම්ෂමට මැදිහත්වන්නට බැරි බව සභාපතිනිය ඇයට ලිඛිතව දන්වා එවීමට නිහතමානී විය.

පොලිස්පතිට කරන ලද පැමිණිල්ලට මතුගම ස.පො.අ. විසින් විමර්හනයක් පවත්වනු ලැබීය. ඊට පසුව මතුගම පොලීසියේ ස්ථානාධිපති, පේමවතීගේ සැමියා කරන ලද පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරනු ලැබීය. ඒ මාස දෙකකට පසුවය. සමථ මණ්ඩලය සමථ නොවීමේ සහතිකය, 2019.05.05 මතුගම පොලීසියට යවන ලදි.

එයින් මසකට පසුව, එනම්, 2019 ජුනි 13, පේමවතීව පොලීසියට කැඳවා ප‍්‍රකාශයක් ගන්නා ලදි.
එදිනම, ඇයට පහර දීම, මතුගම මහේස්ත‍්‍රාත් අධාකරණයට වාර්තා කරන ලදි.

නඩු වාර්තා ලබාගෙන පරීක්ෂා කිරීමේදී පේමවතීට පහර දීම අදාළව පොලීසිය, සිද්ධිය විකෘති කරන ලද ”චෝදනාවක්” අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව නිරික්ෂණය විය.

පොලීසිය ඉදිරිපත් කළ සිද්ධිය විකෘති කරන ලද චෝදනාව, මත අධිකරණය, ඉදිරියේදී විභාගය පවත්වනු ඇත.

චෝදනාව බොරු බවට අධිකරණය තීරණය කිරීම එ්කාන්තය. චූදිතයා නිදහස්ව ගෙදර යනු ඇත.

බොරු නඩු දැමීම පොලීසියට ආයතන ගතවූවකි.

එය ඉහළ සිට පහළටත්, පහල සිට ඉහලටත් ක‍්‍රියාත්මක වේ.

මෙය සෑම ආන්ඩුවකම අවශ්‍යතාවයි. ඊනියා සිවිල් සමාජය නියෝජනය කරන තක්කඩි රැුලට මේ රටේ අසරණ මිනිසුන්ව අධිකරණය උපයෝගී කරගෙන සිදුකරන ලද තලා පෙලීම පෙනෙන්නේ නැතිව නොව, බලන්නේ නැතිව, ඉන්නවා අසරණයින්. 

පේමවතී නැමැත්තිය ලියන ලද ලියුම පහත දැක්වේ.

‘‘ පෙමවති -  මතුගම
2019.08.09

නීතිිපති, නීතිපති දෙපාර්තමේන්තුව
උපරිමාධිකරණ සංකීර්ණය
කොළඹ 12

මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය නඩු අංක : 60270
චූදිතව බේරා ගැනීම සඳහා වැරදි ආකාරයට චෝදනා පත‍්‍රය ඉදිරිපත් කිරීම.

මතුගම ම/උ අංක: 60270 දරන නඩුවේ චෝදනා පත‍්‍රය සම්පූර්ණයෙන්ම වැරදි ආකාරයට ගොනු කරනු ලැබූයේ චූදිතව බේරා ගැනීමටය.

මෙම අපරාධය මුල සිටම වසන් කිරීමට මතුගම පොලීසිය ක‍්‍රියාකරනු ලැබීය. 

චෝදනා අදාළ කරුණු සැකෙවින් පහත දක්වා සිටිමි.

(1) 2019..01.03 දින, පෙ.ව.8.00 ට මා, මතුගම විලේගොඩ පාරේ ”අඹගහ රාව” පදිංචි, චන්ද්‍රාවතී මියගේ නිවසට පැමිණි විට, චූදිත සුජීවා රූපකාන්ති වීරසිංහ මට පහර දෙන ලදි.

(2) මට පහර දුන්, සුජීවා රූපකාන්ති වීරසිංහ, මතුගම පොලීසිය හා පවත්නා සම්බන්ධය උඩ, මා පොලීසියට යෑමට පෙර, පොලීසියට ගොස්, මා ඇයට පහර දුන් බවට, පැමිණිල්ලක් කර තිබින.

(3) මා, ලේ පෙරාගෙන පොලීසියට ගිය විට, මාව රෝහල්ගත කර, ඊට පසුව පැමිණිල්ලක් දාන ලෙසට මාගේ ස්වාමිපුරුෂායට උපදෙස් දුන්නා.

(4) ඔහු මාව, වෑත්තෑව රෝහලට ගෙන ගොස් බාර දී, පොලීසියට ගොස් මා වෙනුවෙන් පැමිණිල්ලක් කළා.

(5) මා රෝහලෙන් පිට වූ පසුව, පොලීසියේ ඉල්ලීම මත, 2019.01.05 දින, පොලිසියට ගියා.

(6) එදින මට පහරදුන්, තැනැත්තිය වූ, සුජීවා රූපකාන්ති වීරසිංහ ද, පොලීසියට ගෙන්වා තිබුණා.

(7) මා පොලීසියට ගිය විට, පොලිස් ස්ථානාධිපති ඇතු`ඵ නිලධාරීන් මට බැන වැදුනා. 

(8) පොලිස් කාන්තාවන් දෙදෙනෙක් මාව ඇදගෙන ගොස් කූඩුවට දැම්මා.

(9) ඊට පසු මට පහරදුන් ,තැනැත්තිය වූ, සුජීවා රූපකාන්ති වීරසිංහ ව, මා සිටි කූඩුවට දැම්මා.

(10) මාගේ සැමියාට තර්ජනය කරමින් කියා සිටියා, පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තොත් පමණක්, මාව, කූඩුවෙන් එළියට දාන බවට.

(11) මා, ප.ව. 2.00 සිට රාත‍්‍රී 7.30 දක්වාම කූඩුවේ සිටියා.

(12) බැරිම තැන සැමියා ගොස් ස්ථානාධිපතිට කිව්වා, පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව.

(13) ස්ථානාධිපතිගේ උපදෙස් අනුව, සිවිල් පිට හිටිය නිලධාරියෙක්, පැමිණිල්ල දාපු ලදුපත සැමියාගෙන් ඉල්ලාගෙන ඉරා දැම්මා.

(14) රාත‍්‍රී 8.00 ට පමණ මාව එළියට දැම්මා.

(15) 2019.01.08 දාතමින්, මා පොලීසිය සිදුකළ අපරාධය ගැන පොලිස්පතිවරයාට හා මානව හිමිකම් කොමිෂමට ලිඛිතව දැනුම් දුන්නා.

(16) එම පැමිණිල්ලට 2019.02.05 දින මතුගම ස.පො.අ. විසින් කැඳවීමක් කර, මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා.

(17) ඊට පසුව මාගේ සැමියා, (ඩබ්.ඞී.සිරිල්* කැඳවා, 2019.02.14 වන දින, මතුගම ස.පො.අ. ප‍්‍රකාශයක් ගත්තා.

(18) එයින් පසුව, මතුගම පොලිස් ස්ථානාධිපතිවරයා, සිදු කළේ, 

18.1. මාගේ සැමියා විසින්, මට පහර දීම අදාළව සිදුකරන ලද, 
             :ඵගක්‍ගඍග26රැු2019ලක්‍:1*238රැු21* පැමිණිල්ල ඔහුගේ 111/19 යටතේ සමථ මණ්ඩලයට 
             යොමු කිරීම සහ

18.2. මට පහර දුන්න, සුජීවා රූපකාන්ති වීරසිංහ විසින්, පොලීසියේ උපදෙස් මත, මට විරුද්ධව දමන ලද පැමිණිල්ල 110/19 යටතේ සමථ
 මණ්ඩලයට යොමු කිරීම මගින්, සුජීවා රූපකාන්ති වීරසිංහ කළ අපරාධය, ”විකෘති” කිරීම යටපත් කර, ස්ථානාධිපති කළ අපරාධය වසන් කිරීමය.

19. සමථ මණ්ඩලය 2019.04.21 හා 2019.05.05 යන දින දෙකේදී එකම අවස්ථාවක කැඳවා සමථ කරන ලදි.

20. එකඟතාවයකට නොපැමිණි නිසා එ් බව, 2019.05.05. දින මතුගම ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලදි.

21. එයින් පසුව 2019.06.13 වන දින, මාව පොලීසියට කැඳවා සිද්ධිය අදාළව ප‍්‍රකාශයක් ගන්නා ලදි.

22. එයින් පසුව එදිනම, 2019.06.13 මතුගම පොලීසිය සුජීවා රූපකාන්ති වීරසිංහට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරනු ලැබීය.

23. පසුව, 2019.08.29 දින කැඳවීමට නියම කර, චූදිතට හා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසට ගරු අධිකරණය නියම කළේය.

ගරු නීතිපතිතුමනි,

පොලීසිය විසින් ගොනු කරන ලද පළවන චෝදනාව මගින් කියන්නේ, ” වාලේගොඩ මතුගම ලිපිනයේ පදිංචි විලේගොඩගේ ෙදාන් සිරිල් යන අය නිවසට බිය ගැන්වීමේ නින්දා කිරීමේ, අප‍්‍රසන්නතාවයක් ඇති කරීමේ අදහසින් අයුතු ලෙසින් ඇතු`ඵවීම. ල.ද.නී.ස. 433 වගන්තිය යටතේද” කියාය මෙය සම්පූර්ණයෙන්ම වැරදිය. හිතාමතා කළ අපරාධයකි.

02 වන චෝදනාවෙන් කියන්නේ, ඉහත පලමු චෝදනාවට අමතරව එම ස්ථානයේදීම එම වේලාවේදීම එම ක‍්‍රියාකලාපයේදී ම,

විලේගොඩ, මතුගම ලිපිනයේ පදිංචි විලේගොඩගේ ෙදාන් සිරිල් යන අයගේ නිවසට අයුතු ලෙසින් ඇතු`ඵ වී නිවසේ සිටි බිරිඳ වන පේ‍්‍රමවතීී සමරසිංහ යන අයට කායික වේදනාවක්, රෝගයක්, දුර්වලතාවයක් ඇති කිරීමේ අදහසින් අතින් පහරදී තුවාල සිදු කිරීම.

ල.ද.නී.ස. 314 වගන්තිය යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවට මෙයින් චෝදනා කරනු ලැබේ.

පළමු චෝදනාව මෙන්ම මෙම චෝදනාවද හිතාමතාම වැරදි ලෙස ගරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පොලීසිය මෙම සිදුවීම යට ගැසීමට එනම්, අපරාධය සිදුකළ සුජීවා රූපකාන්ති වීරසිංහ බේරා ගැනීමට කටයුතු කර එය අසාර්ථක වීමෙන් පසුව අධිකරණයෙන් ඇයව නිර්දෝෂී කිරීමට ගත් උත්සාහයක් ලෙසට මෙම නඩු පැවරීම සිදුකර තිබේ.

මෙම චෝදනා යටතේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීම චූදිත සුජීවා රූපකාන්ති වීරසිංහ නිෙදාස් කොට නිදහස් කිරීමට ගරු අධිකරණය ක‍්‍රියාකරනු ඇත. 

එම නිසා මා ඉල්ලා සිටින්නේ, චෝදනා සංශෝධනය කර නිවැරදිව නඩුව පවරන ලෙසටය.

මෙය 2019.08.29 දිනට සිදුකරනු ඇතැයි අපේක්ෂා කරමි.

මෙයට,    පේමවති