Saturday, August 1, 2020

කුඩු ජාවාරම්කරුවන් තවමත් බල්ටි ගහනවා



කුඩු ජාවාරම වළක්වන එක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රියාවක් -  ජාත්‍යන්තරය කියයි.


හෙරොයින්, K.G, අයිස්, ඩාන්සින් පෙති, මේ සිය`ඵ දෑ එන්නේ, ජාත්‍යන්තරයෙනි. දේශිය වශයෙන් එය පෝෂණය කරන්නේ, රකින්නේ, ප‍්‍රචාරණය කරන්නේ, ප‍්‍රධාන මාධ්‍ය ජාලයේ (MSM) පූර්ණ ආවරණය ඇතිව සිය`ඵම රාජ්‍යය හා රාජ්‍යය නොවන ආයතනවලට සම්බන්ධ සිය`ඵම තරාතිරම්වලට අයත් පුද්ගලයින්ය.

බටහිරින් ආරම්භ කරපු අමද්‍යප ව්‍යාපාරයෙන් පටන් අරගෙන සුචරිතය ගැන කථා කරමින්, සිදුකරනු ලැබුවේ මත්පැන්, දුම්වැටි හා මත්ද්‍රව්‍යය ප‍්‍රවර්ධනය යි. එදා සිට මේ දක්වාම සිදුකරනු ලබන්නේ ද එයයි.

40, 50, 60 දශකවල සිගරට් ප‍්‍රචාරය කළේ සිගරට් පාවිච්චියේ ආදීනව කියා දෙමින්ය. මත්පැන් ගැනද එසේමය. ඊයේ පෙරේදා වනතුරු මත්ද්‍රව්‍යය විරෝධී සටන් පාඨයට මුවාවී සිදුකළේ ද එයයි. 

වර්තමානයේ, මත්ද්‍රව්‍යය මර්දනය සඳහා ආරම්භ කර ඇති, "මර්දනකාරී" පිළිවෙත මගින්, හෙළිදරව් වූ එක් කරුණක් ඇත. එනම් මත්ද්‍රව්‍යය ජාවාරමට සමස්ථ රාජ්‍යය යාන්ත‍්‍රනයම සම්බන්ධ බවයි.

මත්ද්‍රව්‍යය ජාවාරම සම්බන්ධ, මරණිය දණ්ඩනය නියමව සිටින, එහෙත් එල්ලූම් ගහ ඉදිරියේ එහාට මෙහාට යමින්, එම ජාවාරම මෙහෙයවූ කිහිප දෙනෙකු තෝරා අධිකරණ නියමයට අනුව, එම දඬුවම ක‍්‍රියාත්මක කරන්නට සූදානම් වූ විට, එය වැළැක්වූයේ, තීන්දුව ලබාදුන්න අධිකරණයම උපයෝගී කරගෙන, ජාත්‍යන්තරයේ මෙරට පංගු කාරයින් විසින් ය.  මෙම කිහිප දෙනාට අධිකරණ තීරණය අනුව, මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට ගත් තීරණයට විරුද්ධව නැගී සිටියේ, ජාත්‍යන්තරයයි. ජාත්‍යන්තරයට අනුව එය බරපතල මානව හිමිකම් උල්ලංඝණයකි. 

ආචාර්ය, මහාචාර්ය පදවි නැති හරියට ලියන්නට කියවන්නට නොහැකි මව්වරුන් අසන්නේ කුඩු බෙදමින්, දරුවන් පමණක් නොව පවුල් පිටින් ටික ටික මරා දැමීම, මානව හිමිකම් උල්ලංඝණයක් නොවන්නේ ද කියාය.

බි‍්‍රතාන්‍යය රජය විසින්, 2019 වසරේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නිකුත් කරන ලද වාර්තාව අවධාරණයෙන් කියා ඇත්තේ, මහා පරිමාණ මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන්ට, මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට අධිකරණය ලබා දුන් තීරණය බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවයි.

මරණ දඬුවම, අධිකරණය ලබාදුන්නද, එයට අදාළව ක‍්‍රියාත්මක කිරීමට, ජනාධිපතිගේ/රජුගේ අත්සන ගත යුතුයි. අධිකරණ තීරණ ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම මානව හිමිකම් උල්ලංඝණයක් ලෙසට හඳුන්වන ජාත්‍යන්තරය, අධිකරණ නියමය අනුව අපරාධයක් නොවන වැරද්දකට දෙන ලද දඬුවම ඉවත් කර, නිදහස් කිරීම, බරපතල මානව හිමිකම් උල්ලංඝණයක් ලෙසට හුවා දක්වා තිබේ. ජනාධිපති මේ කාරණා දෙකම සිදුකරන ලද්දේ  රටේ "ව්‍යවස්ථාවට" අනුවය.

මෙයින් සහසුද්දෙන්ම පෙන්නුම් කරන්නේ ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක් වූ මත්ද්‍රව්‍යය ජාවාරමට ජාත්‍යන්තරය හා ඔවුන්ගේ දේශීය එජන්තයින් සම්බන්ධ බවයි.

මේ වන විට, මතද්‍රව්‍යය මෙන්ම නීති වරෝධී මත්පැන් ජාවාරම් වැළැක්වීමට, පෙරමුණු රැසක් බිහි කර ක‍්‍රියාත්මක කර තිබේ. එමගින්, මේ වන විට ජාවාරමේ අති බිහිසුණු බව යම් තාක් දුරට හෙළිව තිබේ.

එහෙත් මෙම ජාවාරමට සම්බන්ධ තවත් කේන්ද්‍රස්ථානයක් ගැන කථා බහට ලක්වන්නේ වත් නැත. ස්වයං වාරණය දමා ගැනීමට සිදුව ඇත්තේ, ඒ ගැන කථා කිරීමට තරම් තවමත් නිදහස් වාතාවරණයක් ලැබී නැති නිසාය. 

මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන් තවමත් සිය කි‍්‍රයාවන් නතර කර නැත.
මෙම ව්‍යාපාරයට පවුල් පිටින් සම්බන්ධය. පියා, මව, දුවලා, පුතාලා, බෑනලා, නැන්දලාද, මස්සිනාලා සියලූ දෙනා සම්බන්ධය.

මෙම ව්‍යාපාරයෙන් සොයන අසීමිත මුදල් සංසරණය කරන්නේ ප‍්‍රකට වානිජ බැංකු හරහාය.

මේ ජාවාරම්කරුවන් සමහරක්ගේ විලාසිතාවලට අනුව බැලූ බැල්මට පෙනෙන්නේ අතේ සතේ නැති අය ලෙසයි. තවත් පිරිසක් "ආවරණ" ව්‍යාපාරයන් පවත්වාගෙන යයි.

මොවුන් දේශපාලකයින්ට සම්බන්ධය. මොවුන්ගේ මගුල් ගෙවල්, ඉලව් ගෙවල් වලට හා උපන්දින සාදවලට ද යති.

මේ වන විට, මෙම ජාවාරම, සමස්ථ සමාජය පුරාම, බූවල්ලෙකු ලෙසට වෙලාගෙන ඇති බවයි. එමෙන්ම, තවමත් මත්ද්‍රව්‍යය මැඩලීම මුවාවෙන් පොලීසිය, බන්ධනාගාරයහා අධිකරණ ක්‍රියාවලියේ අක‍්‍රමිකතා හෙළි කිරීමට, වින්දිතයන් ඉදිරිපත් වීමය. මෙම මර්දන ව්‍යාපාරය නිසා බරපතල ලෙස පහර වැදී සිටින රාජ්‍යය, අර්ධ රාජ්‍යය, රාජ්‍යය නොවන කණ්ඩායම් වල ලොක්කන් මෙන්ම සොක්කන්, කැරලි ගැසීමට ඉඩ ඇත.

තවද, මෙම මර්දන ව්‍යාපාරය නිසා, අනාථ වන පිරිසක් ද ඇත. ඔවුන් මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වූවන් හා පවුල්වල සමාජිකයින් - ඔවුන්   වින්දිතයෝ වෙති.

ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතුය.
 
ගංජා වැවෙන්නේ අපේ රටේ හේනේ . හෙරොයින් ප‍්‍රමුඛ - විවිධ ස්වරූප හා නම් වලින් තිබෙන මත්ද්‍රව්‍යය, ජාත්‍යන්තරය ලෙසට හඳුන්වන බටහිර රටවල විද්‍යාඥයින් විසින්, ඉතා දියුණු පර්යේෂණ ගාරවලදි සොයාගෙන, මහාපරිමාණ කර්මාන්ත ශාලාවල නිපදවා ගුවනින් මුහුදෙන අපට ලැබෙන සලස්වන ‘ඖෂධය’. නීතියට අනුව මේවා හඳුන්වන්නේද අන්තරුදායක ඖෂධ ලෙසටය. 

 



Tuesday, July 28, 2020

ජනාධිපති නියෝග - පොලිස්පති උපදෙස් මාර්ග සංදර්ශන වලට පමණයි.



කිතුල් රා මැදීමට තිබෙන නෛතික බාධා ඉවත් කළද, සිස්ටම් එකෙන් ලාබේ, අතිරේක ආදායම් මාර්ග අත හරින්නට සූදනම් වෙයිද?

මෙම පැනය ජනතාව හමුවේ තබන්නේ, කිතුල් හා තල් රා කර්මානත්යට අදාළව පවතින නීති, මායිම් නොකර, විශේෂයෙන් පොලිස්කාරයෝ, තම ජාවාරම, යුක්තිය පසිඳලීමේ පද්ධතිය පාවිච්චි කරමින් එදත්, අදත්, කරගෙන යනවා මෙන්ම, හෙටත් කරගෙන යන බවට අවධාරණය කරමින්ය.

සේනාධිර පේ‍්‍රමරත්න, පාරම්පරික කිතුල් රා කර්මාන්තයේ යෙදෙන්නෙකි. බුලත්සිංහල පදිංචිකරුවෙකි.

ඔහුට උපාධියක් නැත. ලියන්නට හා කියවන්නට හැකියාව තිබේ. එ් සොරටම වැඩිය අයුක්තියට හිස නමන්නට සූදානම් නැති, පෞරුෂයක් ඇති මිනිසෙකි.

2011 වසරේදී, එවක අවු: 64 ක් වූ, පේ‍්‍රමරත්නව, බුලත්සිංහල පොලීසිය අත්අඩංගුවට ගන්නේ, තමා විසින් මදින ලද, කිතුල් රා බෝතලයක් අත ඇතිව ගෙදර යමින් සිටියදී ය.

පොලීසිය ඔහුව උසාවියට ඉදිරිපත් කරන්නේ සීනි කරික්ඤ්ඤ නමින් ප‍්‍රකට, බලපත‍්‍ර රහිතව බොහෝ අවස්ථාවල ගෘහස්ථව නිපදවන මද්‍යසාර වලටය.

බුලත්සිංහල පොලීසිය, උසාවියට කියා සිටියේ පේ‍්‍රමරත්නව අත්අඩංගුවට ගන්තේ සීනි කරික්ඤ්ඤ ඩ‍්‍රෑම්ස් 48 ක් සහිත කෑන් එකක් සමග බවයි. නඩු භාණ්ඩ වශයෙන් එම මද්‍යසාර බෝතලයක් සාම්පලයක් වශයෙන් හා කෑන් එකක් ද ඉදිරිපත් කරන ලදි.

පේ‍්‍රමරත්න, උසාවියේදී චෝදනා ප‍්‍රතික්ෂේප කර සිටියේය. එ් අනුව, පේ‍්‍රමරත්නව, මුදා හැරියේ, රු: 20,000/- ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතය. මෙය නිවැරදිකරු බව ප‍්‍රකාශ කිරීම නිසා පමුණුවන දඬුවමක් ලෙසට බැලූ බැල්මට දෘශ්‍යමාන වුවත්, පොතේ නීතියට එසේ නොවන්නේය.

2013 දී, එනම් වසර 1 1/2 කට පසුව, රස පරීක්ෂක වාර්තාව ලද පසු කැඳවන ලෙසට, නියම කර, නඩුව පැත්තකට කරන ලදි.

පේ‍්‍රමරත්න, තමන්ට පොලීසිය සිදුකළ අපරාධය ගැන, මානව හිමිකම් කොමිෂමට ලිව්වේය. වැඩක් වූයේ නම් නැත.

2016.08.31 වන දින, නඩුවට පෙනී සිටින ලෙසට, සිතාසියක් පේ‍්‍රමරත්නට ලැබින.

පේ‍්‍රමරත්න, වහාම, ඔහුගේ නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවී, උසාවියට කැඳවා ඇති බව ප‍්‍රකාශ කර, තමා වරද පිළිනොගන්නා බවත්, නඩුව විභාගයට ගන්නා ලෙසට, උසාවියට දැනුම් දෙන ලෙසටත් නීතිඥවරයාට උපදෙස් ලබාදෙන ලදි.

නඩුව කැඳවූ විට, පුරුදු පරිදි පේ‍්‍රමරත්න, අධිකරණ ශාලාවේ පිටුපස පිහිටි විත්ති කූඩුවට නගින ලදි.

සිය නීතිඥ කපිල වෛද්‍යරත්න හා බුලත්සිංහල පොලීසියේ උසාවි සැරයන්, විනිසුරු අසලට ගොස් කරුණු දක්වනවා ඔහු දුටු නමුත්, කියන්නේ මොනවාද යන්න ඇසුනේ නැත.

සු`ඵ වේලාවකින්, ඔහුට උසාවියෙන් පිටවන ලෙසට දැන්වීම නිසා, කූඩුවෙන් බැස එලියට විත්, නීතිඥවරයාගෙන් මොකද වුනේ කියා අසා සිටන ලදි. ඔහුගේ පිළිතුර අපබ‍්‍රංස විය.

උගත් පේ‍්‍රමරත්න, නඩු වාර්තාව උසාවියෙන් ඉල්ලා සිටින ලදි. නඩු වාර්තාව ලැබින විට, ඔහුට එහි ස`දහන් ව තිබ දේ අදහාගන්නට බැරි විය.

තමා, නඩුව කැඳවූ පළමු අවස්ථාවේ, චෝදනාවලට නිවැරදිකරු කීම, ඉල්ලා අස්කරගෙන ඇති බවත්, වරද පිළිගන්නා ලද බවත්, එහි සඳහන්ව තිබින.

එපමණක් නොව, තම වයස අවු: 67 ක් බවත්, පෙර වැරදි නැති බවත් සඳහන් කර අපරාධ නඩු විධාන සංග‍්‍රහය පනත 306 යටතේ අවවාද කර මුදාහරින ලද බවත් සඳහන් කර තිබින.

පේ‍්‍රමරත්න නඩු වාර්තාව රැුගෙන, නීතිඥ කපිල වෛද්‍යරත්න හමුවට ගොස්, මොකද මේ කළේ යයි ප‍්‍රශ්න  කරන ලදි. තව අවුරුදු 5 ක් නඩු කියන්න බෑ, ඔහුගේ කෙටි පිළිතුර විය.

පේ‍්‍රමරත්නට, කුඩා කළ සිට ඇසුන වදනක් දෝංකාර දෙන්නට පටන් ගති. 

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්න ද......... ?

පේ‍්‍රමරත්න නිකම් හිටියේ නැත. අගවිනිසුරුවරයාට, තම නීතිඥ කපිල වෛද්‍යරත්න, කළ වින්නැහිය කියා සිටින ලදි.

අගවිනිසුරු, පේ‍්‍රමරත්නගේ පැමිණිල්ල ගැන නීතිඥ කපිල වෛද්‍යරත්නගෙන් කරුණු විමසා සිටියේය.

එයින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගේ උපදෙස් මත, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා, පේ‍්‍රමරත්නට ලිඛිතව දැනුම් දී සිටියේ, ඔහුගේ පැමිණිල්ලට ඉදරි පියවර ගන්නේ නැති බව දැනුම් දෙන ලෙසට රෙජිස්ට‍්‍රාර්වරයාට දැනුම් දී ඇති බවයි.

මේක තමයි රටේ නීතිය මත පාලනය. මෙම තත්ත්වය වෙනස් නොකර, ජනාධිපති ගේ ප‍්‍රකාශ, මාධ්‍ය සංදර්ශන වනවා ඇත. 

පේ‍්‍රමරත්න, සිංහල බොෟද්ධයෙකි. එ් නිසාම, ඔහුගේ මෙම ප‍්‍රශ්නය ජාත්‍යන්තරයේ අවධානයට ලක් නොවනු ඇත.

මෙය ජිනීවා වලට යන්නේ නැත.

මෙය ”සු`ඵ ජාතියක්” ලෙසට හඳුන්වා ගන්නා හා හඳුන්වා දෙන කොට්ඨාශයක පුද්ගලයෙකුට සිදුවූවා නම්, මෙයට ලැබෙන අර්තකථන ය බොහෝ සෙයින් වෙනස්ය.

මේ වන විට, අපරාධවලට, බන්ධනාගාරයේ, පොලීසියේ ඉහළයින් සම්බන්ධ බවට හෙළිදරව් වී ඇත.

මෙම අපරාධවලට සම්බන්ධ, ඔවුන් පමණක් නොවේ. යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාදාමයේ සිය`ඵ පුරුක්, මෙම අපරාධවලට සම්බන්ධය.

එ් ගැන කථා කරන්න, ක‍්‍රියා කරන්න, වෙනස් කරන්න, හැකියාව ඇති කර ගනිමු. අදාළ ලිපි පහත දක්වමු.

ප‍්‍රශ්න කරමු ?



 
 










Monday, July 27, 2020

ආච්චිලා දෙන්නාටම කුඩු චෝදනා, මිනිපිරිය හා මුනුපුරා මහ පාරට



මව, දුව හා පුතාව ඇගේ මවට බාරදී, විදේශගත විය. 16 හැවිරිදි මිනිපිරිය හා 10 හැවිරිදි මුනුපුරා මහ පාරට වැටුනේ භාරකාරත්වය ලබාගෙන තිබූ ආච්චි, සි. මෙන්ඩිස්, අත්අඩංගුවට පත්වීම සමගය.

රට පුරා දියත් කර තිබෙන, මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් වල ප‍්‍රතිඵලයක් වශයෙන් 50 හැවිරිදි සි. මෙන්ඩිස් පොලීසියේ අත්අඩංගුවට පත්විය. මෙ වන විට, රැඳවුම් නියෝග මත පානදුර දකුණ පොලීසියේ ඇය සිටී.

ඇගේ එක් දියණියක් විදෙස්ගතව සිටින්නෙ. එම දරුවන් දෙදෙනාගේ බාරකාරත්වය ලබාගෙන තිබුනේ ඇය විසිනි.

සි. මෙන්ඩිස්ගේ සොහොයුරිය, ක‍්‍රි. මෙන්ඩිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නියකි. ඇය පෙර වැරදි ඇත්තියකි.

වාර්තාවන අන්දමට, 2020.07.19 දින, දවල් ක‍්‍රි. මෙන්ඩිස් පැමිණ, සුරංග කියලා කෙනෙක් එයි, එයාට මේ පාර්සලය දීලා රු: 9500/- ක් ඉල්ලා ගන්න යයි කියා, පාර්සලය දී ගොස් ඇත.

සුරංග පැමිණ, රු: 9500/- ක් දී, පාර්සලයගෙන ගොස් තිබේ.

ටික වෙලාවකින් පොලීසිය පැමිණ, සි. මෙන්ඩිස් ව අත්අංගුවට ගෙන තිබේ. මේ වන විට, ක‍්‍රි. මෙන්ඩිස් හා සුරංග පලා ගොස්ය.

රැඳවුම් නියෝග මත, පානදුර දකුණ පොලීසිය බාරයේ සිටින සි. මෙන්ඩිස්ගේ මාලි දියණිය විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම අදාළ තොරතුරු රැසක් එලි කරමින් බලධාරීන්ට ලිඛිතව කරුණු දක්වා තිබේ.

මෙම ජාවාරමේ ඛේදවාචකය නම්, පාසල් යන 16 හැවිරිදි ගැහැනු දරුවෙකුුගේ හා 10 හැවරිදි පිරිමි දරුවාගේ අනාගතය ගැන තත්ත්වයයි. 

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදි නියම අපරාධකරුවන් වෙනුවට, වෙනත් අය ආදේශ කිරීම අපරාධයකි. 

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවට, වෙනත් පුද්ගලයන් ආදේශ කිරීම මගින් දරුවන්ගේ අනාගතය විනාශ වීමට ඉඩ නොතබන ලෙසට, මෙම දරුවන් දෙන්නාගේ පුංචි අම්මා කෙනෙකු වන මලි විසින් බලධාරින්ගෙන කර තිබෙන ඉල්ලීමෙන් සියලූ කරුණු හෙලිකර තිබේ.

එම ඉල්ලිම පහත දක්වමු:- 
     

‘‘  2020.07.22 වන දින දීය.

සි. මෙන්ඩිස්, අවු: 52 යි, මාගේ මව වේ. පදිංචිය: පානදුර. දැනට මාගේ මව, රැඳවුම් නියෝග ලබාගෙන පානදුර දකුණ පොලීසියේ රඳවාගෙන සිටී.

ඇයව අත්අඩංගුවට ගත්තේ, 2020.07.19 දින, ප.ව. 4.00 පමණය. අධිකරණයට ඉදිරිපත් කළේ, 2020.07.20 ය.

මෙම අත්අඩංගුවට ගැනීම අදාළ සත්‍ය තොරතුරු පහත දක්වන්නේ, මත්ද්‍රව්‍ය මර්දනයට ගන්නා, වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට කරන, උපකාරයක් වශයෙන් සහ මෙම අත්අඩංගුවට ගැනීමත් සමග වයස අවු: 16 ගැහැනු දරුවෙකු හා වයස අවු: 10 ක පිරිමි දරුවෙකුගේ ආරක්ෂාව මුඵමණින්ම නැවතී යෑම වළක්වා ගැනීමටය.

මාගේ මව හා මාගේ සොහොයුරියගේ ඉහත සදහන් දුව හා පුතාගෙන් දැනගත් කරුණු සත්‍ය ලෙස පහත දක්වා සිටිමි.

01. මාගේ මවගේ, බාල සොහොයුරිය, පුංචි අම්මා වන, ක්‍රි. මෙන්ඩිස් (අවු: 42 ක් පමණ) මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තැනැත්තියකි.

02. පෙර සදහන් දිනයේ, ඇය, මාගේ මව වෙත පැමිණ, උදව්වක් කරන ලෙසට ඉල්ලා ඇත. ඇය ලබාදුන් කුඩා පාර්සලය, තව ටිකකින් එන පුද්ගලයාට දී, රු: 9500/- ක් ඉල්ලා ගන්නා ලෙසට කියා ගොස් තිබේ. එවිට වේලාව දහවල් 1.00 ට පමණ ඇත.

03. පුංචි අම්මා, ක‍්‍රි. මෙන්ඩිස්, එම පණිවුඩය දී ගිය පසුව, පුද්ගලයෙකු පැමිණ, රු: 9500/- ක් ලබාදී පාර්සලය ලබාගෙන ඇත.

04. එම හුවමාරුව සිදුව ටික වේලාවකින්, පළමුව, යතුරුපැදි දෙකකින් සිවිල් පිට, පොලිස් නිලධාරීන් පස් දෙනෙකු පැමිණ ඇත. ඔවුන් කොළඹින් පැමිණි බව කියා ඇත.

05. එම පිරිස, දරුවන් දෙදෙනාව, එළියට දමා ගේ සෝදිසි කර ඇත.

06. එසේ ගේ සෝදිසි කරන අතර, තවත් පිරිසක්, ජීප් රථයෙන් පැමිණ තිබේ. එම ජීප් රථයෙන් පැමිණි පිරිස අතර, පොලිස් කාන්තාවක් නිල ඇඳුමින් සිට ඇත.

07. එම පිරිස රාත‍්‍රී 7.00 වන තෙක් ගෙදර හා වත්ත පීරා සෝදිසි කර ඇත.

08. රාත‍්‍රී 7.00 ට පමණ, තවත් නිලධාරීන් පිරිසක් ජීප් රථයෙන් පැමිණ ඇත.

09. ඉන්පසු මාගේ මව, පානදුර දකුණ පොලීසියට ගෙනවිත් තිබේ.

10. පසුදින, අධිකරණයට ඉදරිපත් කර, රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

11. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මාගේ පුංචි අම්මා, ක‍්‍රි. මෙන්ඩිස් මේ වන විට සැඟවී සිටී.

12. පසුව, දැන ගන්නට ලැබුන පරිදි, මාගේ පුංචි අම්මා, ක‍්‍රි. මෙන්ඩිස් හා පොලිසිය එක්ව සැලසුම් සහගතව කරන ලද්දකි.

මන්ද, මාගේ මවගෙන් මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගත් පුද්ගලයාව තවමත් අත්අඩංගුවට ගෙන නැත.

ඔහුගේ නම සුරංග බවද, කඵතර උතුර දුම්රියපොල අසල, සුනාමි තට්ටු නිවාස වල පදිංචිකරුවෙකු බවද දැනගන්නට තිබේ. ලිපිනය: ------ත‍්‍රී රෝද රථයේ අංකය : WP – JU ---  වේ.

මා ප‍්‍රකාශ කරන්නේ,

(1) සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නියක වන ---- මෙන්ඩිස් දු.අ. 077  632**** (------- මෝදර, මොරටුව පදිංචි) විසින් මත්ද්‍රව්‍ය ජාවාරම, මාගේ මව මගින් සහෝදරකම උපයෝගී කරගෙන, කරවා ඇයව බිල්ලට දී ඇති බවය.

මා ඉල්ලා සිටින්නේ,

මෙම පසුබිම යටතේ, මීට පෙර කිසිම අවස්ථාවක, මෙම නීති විරෝධී ක‍්‍රියාවට සම්බන්ධයක් නොතිබූ, මාගේ මව දීර්ඝ කාලයකට බන්ධනාගාරගත කරවීම මගින්,

දැඩි ලෙස අසරණ බවට හා අනාථ බවට පත්ව සිටින, දැනට විදෙස්ගතව සිටන මාගේ සොහොයුරියගේ හා බහුදින ධීවර යාත‍්‍රා වල වැඩ කරන ධීවරයෙකු වූ ඇගේ සැමියා විසින්, නීත්‍යානුකූලව බාරකාරත්වය පවරා ඇති, ඉහත සදහන් කළ, අවු: 16 ක් වන ගැහැනු දරුවාගේ හා වයස අවු: 10 ක පිරිමි දරුවාගේ අනාගතය හා ආරක්ෂාව සළකා,

මාගේ මව, සුදුසු ඇපයක් මත මුදා හැරීමට පියවර ගන්නා ලෙසටය.

එසේම, මත්ද්‍රව්‍ය උවදුර මැඞීමට ගන්නා පියවර අයුතු ලෙස භාවිතා කරන පොලීසියේ කි‍්‍රයාමාර්ග හේතුවෙන් දරුවන් දෙදෙනෙකුගේ ජීවිතය විනාශ වීමට ඉඩ නොතබන ලෙසද ඉල්ලා සිටිමි.

මෙයට,

අ.ක./ ----- මලී


Sunday, July 26, 2020

ඇදුරාගේ ඔනෑකමට අක්කරෙයිපත්තු පොලීසිය පැමිණිලිකාරියව උසාවි ගෙන යයි.




ෆාතිමා 39 හැවිරිදි ගුරුවරියෙකි. පශ්චාත් උපාධිධාරිණියකි. 

මහරගම ජාතික අධ්‍යාපන ආතනයේ අධ්‍යාපනපති පාඨමාලාව හදාරන විට, බාහාර කථිකාචර්ය වරයෙක් ලෙසට පැමිණි අක්කරෙයිපත්තු ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ආචාර්ය ජසීල් නැමැත්තා ඇයට නිරන්තරයෙන් අයුතු යෝජනා ඉදරිපත් කරමින් පීඩාවට පත් කරන්නට පටන් ගන්නා ලදි.

ඇය එ් පිළිබඳව ආයතන ප‍්‍රධානීන්ට පැමිණිලි කරන ලදි. එහි ප‍්‍රතිඵලය වශයෙන් ඔහුව එම ධූරයෙන් ඉවත් කරනු ලැබීය.

පසුව මෙම ආචාර්ය ජයසීල් ට අධ්‍යාපන සුදුසුකම් තිබියදීත්, උසස්වීමක් නොලැබින. එයට හේතුව ඔහුගේ චරිතය පිළිබඳ ෆාතීමාගේ පැමිණිල්ල බව හෙළිවින.

එතැන් පටන්, මෙම ආචාර්ය පදවි දරන්නා, ඇයට පීඩාකාරී ඇමතුම් දෙන්නට පටන් ගන්නා ලදි. නමුත් ඇය එ් පිළිබඳව නීතිමය පියවර ගැනීමට ඉදිරිපත් වූයේ නැත.

මේ අතර, ඇයට අක්කරෙයිපත්තු පොලීසියේ උප පොලිස් පරීක්ෂක මොහොමඞ්, දුරකථනයෙන් කථා කර, පොලිසියට එන ලෙසට දැනුම් දෙන ලදි. එ් හා අදාළ පොලිස් පණිවුඩයක් ද ඇයට, බේරුවල පොලිසියෙන් ලැබන.

ඇය එ් පිළිබඳව ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන, අදාළ ප‍්‍රකාශය බේරුවල පොලිසියට ලබාදී, සිද්ධිය අදාළ ලේඛණ සීඝ‍්‍රගාමී තැපෑලෙන්, අක්කරෙයිපත්තු පොලීසියට යවනු ලැබීය.

2020.06.22 වන දින ඇයව, බේරුවල පොලීසියෙන් අත්අඩංගුවට ගන්නා ලද්දේ අක්කරෙයිපත්තු මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අදාළවය.

ඇය විසින් තමන්ට, අක්කරෙයිපත්තු පොලීසිය, අක්කරෙයිපත්තු මහ්ස්ත‍්‍රාත් උසාවිය යොදවාගෙන සිදුකළ අපරාධය ගැන සිය`ඵ බලධාරීන්ට ලිඛිතව පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

‘‘ 2020.07.22 වන දින දීය.

මා, උපාධිධාරී ගුරුවරියෙක්මි. අධ්‍යාපන ඩිප්ලෝමා ධාරිණියකි. දැනට උගන්වනු ලබන්නේ, ----, -------.

2017/2019 වසරවල, ජාතික අධ්‍යාපන ආයතනයේ, අධ්‍යාපනපති පාඨමාලාව :ඵෑෘ* සාර්ථකව හැදෑරූ පශ්චාත් උපාධිධාරිණියකි. 

මා අධ්‍යයන කටයුතු කරන අතර, බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසට සම්බන්ධ වූ, අක්කරෙයිපත්තු පදිංචිකරුවෙකු වන, ආචාර්ය එ්.එම්.ජසීල් මයා, දිගින් දිගටම කරන ලද ලිංගික අයුතු බලපෑම් පිළිබඳව, පාලන අධිකාරියට පැමිණිලි කර සිටියෙමි.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහුව, බාහිර කථිකාචාර්ය ධූරයෙන් ඉවත් කරනු ලැබීය.

එපමණක් නොව, ඔහුට, මාගේ පැමිණිල්ල නිසා, ලැබිය යුතු උසස්වීම් නැතිවූ බවද වාර්තා විය.

මේ පසුබිම යටතේ මා හා වෛර බැඳගත් මෙම පුද්ගලයා, අක්කරෙයිපත්තු පොලීසියේ මට විරුද්ධව පැමිණිලි කර තිබින.

පොලීසිය විසින්, ගරු අක්කරෙයිපත්තු ම/උ වෙත ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාවට අනුව, මොහුට, මොහුගේ බිරිඳට හා කථිකාචාරිනී බෙගම් නැමැත්තියකට පීඩාකාරී ඇමතුම් ලබාදී ඇති බවත්, නිර්නාමික ලිපියක් මගින්, ඔහුට හිමිවිය යුතුව තිබූ උසස්වීම නැතිකර ඇති බවත්ය.

මෙම පැමිණිල්ල විභාග කරන ලද අක්කරෙයිපත්තු පොලීසියේ, උප පොලිස් පරීක්ෂක මොහොමඞ් (දු.අ. 077 405ෆෆෆෆ* මට විරුද්ධව ආචාර්ය එ්.එම්. ජයීල් පැමිණිල්ලක් කර තිබෙන බවත්, එයට ප‍්‍රකාශයක් ගැනීමට අක්කරෙයිපත්තු පොලීසියට එන ලෙසට, දුරකථනයෙන් දැනුම් දෙන ලදි.

ඉන්පසු එය තහවුරු කරමින් පොලිස් පණිවුඩයක්, ------ පොලීසිය විසින් මට එවා තිබින. එම පණිවුඩයට අනුව මට විරුද්ධව ------ දරණ නඩුවක් පවරා ඇති බවත් එයට අදාලව මගෙන් ප‍්‍රකාශයක් ගන්න 2019.11.08 පැය 10.00 ට අක්කරෙයිපත්තු පොලීසියට එන ලෙසට සඳහන් කර තිබින.

මා අක්කරෙයිපත්තුවට පැමිණීමට තිබෙන දුෂ්කරතාවයන් දැනුම් දීමෙන් පසුව, බේරුවල පොලීසියට ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසට දන්වන ලදි. එ් අනුව මා, බේරුවල පොලීසියට ප‍්‍රකාශයක් ලබාදෙන ලදි. එම ප‍්‍රකාශයට අදාළ ලේඛණ, පොලීසියේ අනුදැනුම යටතේ, අක්කරෙයිපත්තු පොලීසියට සීඝ‍්‍රගාමි හා ලියාපදිංචි තැපෑලෙන් යවන ලදි.

එම ලේඛණ නම් :- 

(1) මා විසින්, ජාතික අධ්‍යාපන ආයතනයට කරන ලද ලිඛිත පැමිණිල්ලේ පිටපත,

(2) ජාතික අධ්‍යාපන ආයතනයේ මාගේ වාර්තා පොතේ ඡුායා පිටපත,

(3) මෙම ආචාර්යවරයා විසින් හා ඔහුගේ සහචරයින් විසින් මට ලබාදෙන ලද පීඩාකාරී ඇමතුම් වල විස්තර. 

එම විස්තර ගැනීමෙන් පසුව, අක්කරෙයිපත්තු සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සෞම්‍ය කල්යාන නැමති නිලධාරීයා මට, 077 978ෆෆෆෆ දරන දුරකතනයෙන් කතා කර, ආචාර්ය එ්.එම්. ජසීල් විසින් කරන ලද පැමිණිල්ල ගැන සොයා බැලූ බවත්, නඩු පැවරීමක් කිරීමට තරම්, හේතුවක් නොමැති බවත් කියා සිටින ලදි.

එසේ තිබියදී, උප පොලිස් පරීක්ෂක මොහොමඞ් යන නිලධාරියාගේ මෙහෙයවීමෙන්, අක්කරෙයිපත්තු මහේස්ත‍්‍රාත් අධිකරණයට, මට විරුද්ධව ‘බී’ වර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව පැහැදිලි විය.

නඩු වාර්තාවට අනුව නඩු අංකය: ----- වන අතර නඩුව පැවරූ දිනය: 2019 07.03 වේ.

එයින් අනතුරුව, මෙම නඩුව, 2019.08.22 කැඳවූ අවස්ථාවේදී, දුරකථන විස්තර ලැබී නැති බව අධිකරණයට වාර්තා කර ඇත.

2019.10.25 නැවත, මාගේ දුරකථන විස්තර ලබා ගැනීමට අවසර ලබාගෙන ඇත.

2019.12.19 පරීක්ෂණ අවසන් නැති බව දැනුම් දී ඇති බවත් මා හට සිතාසි නිකුත් කර ඇති බවත්, වරෙන්තු නිකුත් කරන ලෙසත් ඉල්ලා ඇත.

2020.01.01 සිතාසි නිකුත් කර ඇති බව සටහන් වේ.

2020.03.26 වන දින, කොරෝනා වසංගතය නිසා, එදින නඩුව 2020.05.29 දිනට කල් තබා තිබේ.

එදින, 2020.05.29 මා අධිකරණයට පැමිණ නැත යන නිගමනය මත, මට විරුද්ධව ගරු මහේස්ත‍්‍රාත් තුමා වරෙන්තු නිකුත් කර ඇත.

2020.06.21 වන දින නිකුත් කළ වරෙන්තුවට, 2020.06.22 මා, ------ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

2020.06.22 වන දින මා ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එදින මාව   රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබීය.

එ් අනුව 2020.07.03 වන දින අක්කරෙයිපත්තු ම/උ වෙත ඉදිරිපත්ව වරෙන්තුව අවලංගු කර ගැනීමට පියවර ගන්නා ලදි. එම අධිකරණය, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබීය.

2020.07.13 වන දින, එම කරුණු ක`ඵතර ම/උ වෙත වාර්තා කර සිටින ලදි.

මා ප‍්‍රකාශ කරන්නේ, 

මා විසින්, ආචාර්ය එ්.එම්. ජසීල් නැමැත්තා, ඔහුට, ඔහුගේ බිරිඳට, කථිකාචාර්ය බෙගම් නැමැත්තියට පීඩාකාරී දුරකථන ඇමතුම් දෙන ලද බවට කර තිබෙන හා මා, නිර්නාමික ලිපියකින් ඔහුගේ උසස්වීම වැළැක්වූ බවට කරන ලද ඊනියා පැමිණිල්ලක් මත, අක්කරෙයිපත්තු පොලීසිය විමර්ශනයක් කරන ලද බව.

එම විමර්ශනයේදී,

ලබාගන්නා ලද, දුරකථන වාර්තාවලට අනුව, මා කිසිම අවස්ථාවක, ආචාර්ය එ්.එම්. ජසීල් නැමැත්තාට, ඔහුගේ බිරිඳ කථිකාචාර්ය බෙගම් නැමැත්තියට දුරකථයෙන් කතා කර නැති බව ඔප්පු වී නැති නමුත්,

මෙම ආචාර්ය එ්.එම්. ජසීල් ඔහුගේ බිරිඳ හා සහචරයින් මට, දුරකථන ඇමතුම් ලබාදී තිබෙන බව ද ඔප්පු වී තිබේ.

නිර්නාමික ලිපිය පිළිබඳ කරන ලද පරීක්ෂණයක් නැත. නිර්ණාමික ලිපියකට උසස්වීමක් අහිමි කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය කි‍්‍රියා කළා නම් එය ජාතික අධ්‍යාපන ආයතනයේ අමනෝඥ ක‍්‍රියාවකි. එයට විරුද්ධව පැමිණිලි කළ යුතුව තිබුනේ ශ්‍රේෂ්ඨාධිකරණයට ය.

මෙම පැමිණිල්ල අක්කරෙයිපත්තු පොලීසියට කරන ලද්දේ දේශපාලන සම්බන්ධතා උඩ, සැලසුම් සහගතව මා පීඩාවට පත්කිරීමටය. විශේෂයෙන් (ආචාර්ය ) ගුරුවරයෙක් තම භාරයේ සිටින (ගුරු) ශිෂ්‍යාවකට ලිංගික අපයෝජනයට අදාලව පැමිණිල්ලක් කළ විට එයට පළිගැනිමට පොලිසිය විසින් අධිකරණය උපයෝගි කරගෙන පීඩා කිරීම සම්බන්ධයෙන් අවධානය කැඳවා සිටිමි. 

මෙහිදි:-

1. කිසිදිනක සිතාසි නිකුත් නොකර සිතාසි නිකුත් කළ බවට අධිකරණය නොමග යැවිම,

2. කොරොනා වසංගතයට රට අගුල් දමා තිබු දිනයක අධිකරණ කටයුතු කල් දමා, මා අධිකරණයට නොපැමිණිම වරදක් ලෙසට සටහන් කිරිම,

3. අධිකරණය මගින් වරෙන්තු ලබාගෙන මා අත්අඩංගුට ගෙන රඳවා තබාගෙන, කිසිදු වරදක් කර නොමැති මා වරදක් කළ තැනැත්තේකු ලෙසට චෝදනා කර ඇප මත මුදාහැර පිඩාවට පත්කිරිම,

4. කිසිදු අවස්ථාවක මා විසින් දුරකථන ඇමතුම් ලබාදි නැති බව මනාව ඔප්පු වී තිබියදීත් මට විරුද්ධව නඩු පැමරිම,

5. මට විරුද්ධව ද්වේෂ සහගතව අපරාධ කළ බවට පැමිණිලි කිරිම,

සම්බන්ධයෙන්:-  

අ)  මෙම ආචාර්ය එ්.එම්. ජසීලට, 

ආ) මෙම ආචාර්ය එ්.එම්. ජසීල් සමග එක්ව අයුතු සම්බන්ධකම් උපයෝගී කරගෙන, පොලීසියේ බලය යොදා අධිකරණය උපයෝගී කරගෙන සිදුකරන මෙම නීති විරෝධී ක‍්‍රියාව සිදුකළ උ.පො.ප. මොහොමඞ් ට, 

එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත් ඉල්ලා සිටිමි.

එමෙන්ම මෙම ව්‍යාජ නඩුව ඉවත් කිරීමටත්, පොලිස් බලය අයුතු ලෙස අධිකරණය උපයෝගී කරගෙන සිදුකරන ලද පිඩාවට පත්කිරිම සම්බන්ධයෙන් ද නිසි පියවර ගන්නා ලෙසටත් ඉල්ලා සිටිමි. 

මෙයට,

අ/ක:-  ෆාතීමා 




යෝජිත ජාතික උප්පැන්න සහතිකය ‘‘ශ‍්‍රී ලාංකික ජාතිය’’ සදහා විය යුතුය.





ජාතික උප්පැන්න සහතිකය නමින්, නව උප්පැන්න සහතිකයක් හඳුන්වාදීමට රජය අපේක්ෂා කරයි. එහි අකෘතියක් ප‍්‍රසිද්ධියට පත්ව තිබේ.

පළමුව, දැනට තමා සතුව පවතින උප්පැන්න සහතිකය අතට අරගෙන, කියවන්න. මන්ද, උප්පැන්න සහතිකයට ඇතුළත් තොරතුරු ගැන විවිධ අය විවිධ දේ කියන නිසා.

1942 උපන් අයෙකුගේ උප්පැන්න සහතිකයේ තිබෙන තොරතුරු පහත දක්වමු.

උපන් පළාත, දිස්ත‍්‍රික්කය හා කොට්ඨාශය උඩින්ම සඳහන් වේ.

1. උපන් දවස සහ ස්ථානය :- ..........................................

2. නම         :- ..........................................

3. පිරිමියා ද ගෑනි ද යන වග :- ..........................................

4. පියාගේ නම හා පෙලපතේ නම :- ..........................................

5. මවගේ නම, විවාහයට ඉස්සර තිබූ නම සහ ජාතිය :- ..........................................

6. පියාගේ තරාතිරම නොහොත් රක්ෂාව සහ ජාතිය :- ..........................................

7. මව්පියන් කසාද බැඳලාද යන වග         :- ..........................................

8. දැනුම් දෙන්නාගේ නම, පදිංචි ස්ථානය,                 :- ..........................................
දැනුම් දෙන්නේ කවරෙකු හැටියට ද යන වග 
                                                   
9. දැනුම් දෙන්නාගේ අත්සන      :- ..........................................

10. ලියාපදිංචි කළ දිනය             :- ..........................................

11. ලේකම් තැනගේ අත්සන     :- ..........................................

12. උප්පැන්න ලියාපදිංචි කළාට පසු යම් නමක් එකතු කළා නම් නොහොත් තිබුන නම වෙනස් 
    කොට වෙනත් නමක් යෙදුවා නම් එ් නම       :- ..........................................

13. ඉහත කී ලෙස නම් එකතු කළ දින හෝ වෙනස් කළ දින :- ..........................................


1970 ගණන් වල නිකුත් කරන ලද උප්පැන්න සහතිකයේ සඳහන් තොරතුරු මොනවාද?

දිස්ත‍්‍රික්කය :- .......................................... කොට්ඨාශය :- ..........................................

1. උපන් දිනය හා ස්ථානය :- ..........................................

2. නම :- ..........................................

3. ස්ත‍්‍රී පුරුෂ භාවය :- ..........................................

4. පියාගේ 
(මේ යටතේ සඳහන් තොරතුරු*

සම්පූර්ණ නම :- ..........................................

උපන් දිනය :- ..........................................

උපන් ස්ථානය :- ..........................................

ජාතිය :- ..........................................

තත්ත්වය නොහොත් වෘත්තිය :- ..........................................

5. මවගේ 
         (මේ යටතේ සඳහන් තොරතුරු*
සම්පූර්ණ නම :- ..........................................

උපන් දිනය :- ..........................................

උපන් ස්ථානය :- ..........................................

ජාතිය :- ..........................................

වයස :- ..........................................

6. මව්පියන් විවාහක ද? :- ..........................................

7. මුත්තා ලංකාවේ උපන්නේ නම්:- ..........................................

ඔහුගේ සම්පූර්ණ නම :- ..........................................

ඔහු උපන් වර්ෂය :- ..........................................

ඔහු උපන් ස්ථානය :- ..........................................

8. පියා ලංකාවේ නොඉපිද මී මුත්තා ලංකාවේ උපන්නේ නම් මීමුත්තා ගේ

සම්පූර්ණ නම :- ..........................................

උපන් වර්ෂය :- ..........................................

උපන් ස්ථානය :- ..........................................

9. දැනුම් දුන් තැනැත්තාගේ සම්පූර්ණ නම වාසස්ථානය හා දැනුම් දුන්නේ කවරෙකු වශයෙන් ද 
    යන්න :- ..........................................

10. දැනුම්දුන් අයගේ අත්සන :- ..........................................

11. ලියාපදිංචි කළ දිනය :- ..........................................

12. ලේකම් ගේ අත්සන :- ..........................................

13. ලියාපදංචි කිරීමෙන් පසු ඇතුළත් කරන ලද නැතහොත් කලින් තිබූ නම වෙනුවට අලූතෙන් යොදන නම :- ..........................................

14. 13 වන අංකයට ඇතුළත් විස්තර කරුනු සැපයීමට ආරංචි දුන් තැනැත්තාගේ නම ෂ එසේ දැනුම් දුන්නේ කවරෙකු වශයෙන් ද යන්න :- ..........................................

15. නම ඇතුළත් කිරීමේ හෝ නමක් යෙදීමේ හෝ දිනය හා දිස්ත‍්‍රික් ලේකම්ගේ හෝ රෙජිස්ට‍්‍රාර් ජනරාල් තැනගේ අත්සන :- ..........................................

යෝජිත ජාතික උප්පැන්න සහතිකයේ ඇතුළත් කර ඇති තොරතුරු

1. දිස්ත‍්‍රික්කය :- ........................................ 2. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය :- ...................
3. ලියාපදිංචි කිරීමේ කොට්ඨාශය :- ..........................................

4. මුල් පදිංචියෙන් පසු වෙනස්කම් :- ..........................................

5. අනන්‍යතා අංකය :- ..........................................

6. උපන් දිනය :- ..........................................

7. ස්ත‍්‍රී පුරුෂ භාවය :- ..........................................

8. උපන් ස්ථානය :- ..........................................

9. සම්පූර්ණ නම :- ..........................................

10. පියාගේ සම්පූර්ණ නම :- ..........................................

11. පියාගේ අනන්‍යතා අංකය :- ..........................................

12.පියාගේ ජාතිකත්වය :- ..........................................

13. පියාගේ ජන වර්ගය :- ..........................................

14. මවගේ සම්පූර්ණ  නම :- ..........................................

15. මවගේ අනන්‍යතා අංකය :- ..........................................

16. මවගේ ජාතිකත්වය :- ..........................................

17. මවගේ ජන වර්ගය :- ..........................................

18. ලියාපදිංචි කළ දිනය :- ..........................................

19. ලියාපදිංචි කළ නිලධාරියාගේ අත්සන, තනතුර සහ ස්ථානය :- ..........................................

20. නිකුත් කළ දිනය :- ..........................................

21. නිකුත් කළ ස්ථානය :- ..........................................

12, 13, 15, 17 යන කරුණු වලින් කියැවෙන පියාගේ හා මවගේ ජාතිකත්වයට අමතරව ජන වර්ගය සඳහන් කළ යුතුයි. නමුත් දරුවාගේ ජන වර්ගය සඳහන් වන්නේ නැත. එකිනෙකට වෙනස් වූ ජාතිකත්වය හා ජන වර්ගය ඇති දෙමාපියන්ට උපදින, දරුවාගේ ජාතිකත්වය හා ජන වර්ගය ලෙසට පිළිගනු ලබන්නේ කවරෙකු ගේ ජාතිකත්වය හා ජන වර්ගය ද? මෙය ඉතා වැදගත් කරුණකි.

එවන් අවස්ථාවක දරුවා වැඩිහිටියෙකු වූ විට, එනම් 18 සම්පූර්ණ වූ විට ඔහුට/ඇයට තම ජාතිකත්වය හා ජන වර්ගය තෝරා ගැනීමට අයිතියක් තිබෙනවාද?

අපගේ මතය ජන වර්ගය අවශය වන්නේ නැත. ජාතිකත්වය පමණක් ඇත. එ් අනුව අප සියල්ලෝම ශ‍්‍රි ලාංකිකයෝ වෙමු. 

දෙමාපියන් දෙන්නාගේ ජාතිකත්වය එකිනෙකට වෙනස් වූ විට වයස අවු: 18 සම්පූර්ණ වූ විට, තම ජාතිකත්වය කුමක්ද? යන්න තීරණය කිරීමට දරුවාට බලය/අයිතිය තිබිය ලබා දිය යුතුය. 

විදේශ ගමන් පලපත‍්‍රයේ මෙන් සහ ජාතික හැඳුනුම්පතේ ජනවර්ගය සඳහන් වනනේ නැති බවද, පෙන්වා සිය යුතුය.

එමෙන්ම ජන වර්ග ලෙසට සටහන කළ යුත්තේ සිංහල, දෙමළ, බර්ගර්, මැලේ, මරක්කල ලෙසටය. නමුත් මේ වන විට අප රටේ  ඉස්ලාම් ආගම වැළඳගෙන සිටින විවිධ ජනවර්ගයන්ට අයත් සියලූදෙනා පොදුවේ හඳුක්වන්නේ මුස්ලිම් යනුවෙනි. මුස්ලිම් යනු ජන වර්ගයක් නොව ඉස්ලාම් ආගම අදහන අයටය.  ඉස්ලාම් ආගම අදහන මරක්කල, දෙමළ, මැලේ හා සිංහල ජනවර්ග වලට අයත් සිටින නිසා මෙය පැහැදිළි විය යුතුයි.

මුල් වරට උප්පැන්න ලියාපදිචි කිරීමේදී, විවාහ සහතිකය නැතිවූ විට ද, දරුවාගේ පියා ඉදිරිපත් වන්නේ නම්, ඔහුගේ නම පියා ලෙසට උප්පැන්නේ ඇතුලත් කිරිමට බාර ගන්නවාද? නැද්ද? පැහැදිළි විය යුතුය. 



යෝජනාව:

යෝජිත ජාතික උප්පැන්න සහතිකය, මෙරට අනාගත පරපුර ශ‍්‍රි ලාංකිකයින් ලෙසට සහතික විය යුතුයි. ජන වර්ග වලට බෙදා වෙන් කර වෙනස්කම් වලට භාජනය කිරිම වැළැක්වීමට පියවර ගත යුතුය.


සටහන:

මෙම කරුණු, අප මේ වන විට රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයාගේ අවධානය ස`දහා යොමු කර ඇති බව සලකන්න. ඔබගේ අදහස් දක්වන්න.

Friday, July 24, 2020

පොලිසියේ තියෙන කුඩු දලා රිමාන්ඞ් කරවන එකක අපරාධයක්.


    
පානදුරයේ කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන 24 හැවරිදි නිසාමා දෙදරු මවතක්. සැමියා සෆ්රාස්, අවු: 27 යි, දෛනික පඩියට වැඩ කරන කම්කරුවෙක්. 

ඇය පවසන අන්දමට-

 2020.07 19 වන (ඉරිදා) පානදුර උතුර පොලිසියේ කණ්ඩායමක් දහවල් 1.00 ට පමණ, නිල ඇඳුම් රහිතව, හතර දෙනෙක් නිවසට පැමිණ බත් කමින් සිටි සැමියාගෙන්, ජස්මීර් ඉන්නේ කොහෙද කියා අසමින්, තර්ජනය කර, ගේ සෝදිසි කර, කිිසිවක් (කුඩු) නොලැබුන විට, අපි උඹට කුඩු දාලා හරි අල්ලනවා කියමින් ගොස් ඇත. එයින් පසු, සැමියා වැඩට ගිය බවත්අ, එසේ වැඩට ගොස් සවස 6.30 ට පමණ ගෙදර එන විට, තොටවත්ත මුස්ලිම් පල්ලිය ළඟදී අත්අඩංගුවට ගන්නා ලද බවද,

එම ස්ථානයේදීම, සැමියාට පහරදී ඔහු ගමන් කළ යතුරුපැදිය ද අත්අඩංගුවට ගෙන පානදුර උතුර පොලීසියට ගෙන ගොස්, ඉන් පසු පොලීසිය පිටුපස, වාහන නවත්වන තැන, කාමරයට ගෙන ගොස්, රෙද්දක් පොරවා, වතුර දමමින් පහරදී ඇති බව ඇය කියා සිටි. 

එසේ පහර දෙන අතර, සිය සැමියාගෙන් කුඩු ඉල්ලා ඇත. සැමියා මත්ද්‍රව්‍ය භාවිතා කරන බව ඇත්ත. නමුත් විකුණන්නේ නැත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ කුඩු තිබී නැත. මෙසේ පහරදී ඇත්තේ, ස්ථානාධිපති රංග බණ්ඩාර නැමති අයයි. ඔහු, සැමියා ඉදිරියේදීම මත්කුඩු දමා ඇත.
යනුවෙන් පවසන ඇය, 
මේ ආකාරයට තම සැමයාව අත්අඩංගුවට ගෙන වධ හිංසාවට පමුණුවන්නේ, ප‍්‍රදේශයේ සිටින පස්ලින් නැමති අයගේ අවශ්‍යතාවයට බවත්ය, පස්ලින් නැමති අයගේ, මල්ලී වන පස්මීර් නැමති අය, මත්ද්‍රව්‍ය භාවිතා කරන අතර, සොරකමකට අවශ්‍යව සිටි අයෙක් බවත්, පස්ලින් නැමති අය, මත්ද්‍රව්‍ය භාවිතා කරන තම මල්ලී, මාගේ සැමියා වන සෆ්රාස් සමග සම්බන්ධ බවට පොලීසියට, දැනුම් දී ඇත්තේ ඔහු බවත් ඇය වැඩි දුරටත් පවසා සිටි

තම සැමියා මත් ද්‍ර්‍යය භාවිතය නතර කර ඇති අතර ඔහු ඒ සඳහා කොහුවල AN හොස්පිට්ල් නැමැති රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගන්නා අයෙක් බවද අවධාරණය කර සිටි.

මෙසේ පොලිසියේ තිබෙන ‘‘කුඩු’’ වලින්,  ග‍්‍රැම් එකක්, මාගේ සැමිය ලඟ තිබු බවට සඳහන් කර, මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ගැනීමට නොහැකි වන පරිදි, උසාවි නියෝගයකින්  මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබිමට කරන ලද ක‍්‍රියාව නීති විරෝධී බව ද ඇය පවසයි. 

ඇය පොලිස්පති වරයාගෙන් හා ජනාධිපති ලේකම් වරයාගෙන් ඉල්ලා සිටින්නේ,

  • සැමියා ළඟ තිබූ බවට ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද මත්ද්‍රව්‍ය, ප‍්‍රමාද නොකර, රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තා ලබාගැනීමට ක‍්‍රියා කරන ලෙසට,

  • සැමියාව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ හිංසා පැමිණ වූ පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට, 
       හා
  • පවතින වාතාවරණය තුළ සැමියාව, බන්ධනාගාරයේ තබාගන්නේ නැතිව ඇප ලබාදීමට පියවර ගන්නා ලෙසට ය.

Thursday, July 23, 2020

ලිංගික අතවර චෝදනා මත වැඩ තහනමට ලක්වූ සරසවි ඇදුරාගේ පෙත්සම ඉවතට



කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ‍්‍රී පාලි මණඩපයේ ජනමාධ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා වශයෙන් සේවය කළ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වූ, ආචාර්ය ඩබ්.එම්.පී.එන්. වීරසංහ ව වැඩ තහනමට ලක් කළේ ඔහු යටතේ සේවය කළ සහය කථිකාචාර්යවරියන් දෙදෙනෙකු විසින්, තමන්ව ලිංගික හිංසනයට භාජනය කරන බවට කරන ලද චෝදනාව මතය.

2016 වසරේ පෙබරවාරි මැද භාගයේදී කරන ලද මෙම පැමිණිල්ල මත කරන ලද මූලික විමර්ශනයකින් පසුව මෙම සරසවි ඇදුරාගේ වැඩ තහනම් කරනු ලැබීය. ඒ 2016.03.10 දිනය.

ඉන් අනතුරුව චෝදනා පත‍්‍රයක් නිකුත් කරනු ලැබීය. ඒ 2016.09.19 දින දීය.

ආයතන නීති වලට අනුව චෝදනා පත‍්‍රය ලබා දිමෙන් පසුව, විනය පරීක්ෂණ වසරක් තුළ අවසන් කළ යුතුය. නැතිනම් චූදිතව සේවයේ පිහිටවිය යුතුය. 

සරසවි ඇදුරු, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, වසරක් තුළ තමා සේවයේ නොපිහිටවීම නිසා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ”නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරීම ද නීතියේ රැුකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය. යන මූලික අයිතිවාසිකම, විශ්ව විද්‍යාලය විසින් උල්ලංඝණය කර ඇති බව ප‍්‍රකාශ කරමින් ය.

ශ්‍රේෂ්ඨාධිකරණය, සරසවි ඇදුරාගේ පෙත්සම නිශ්ප‍්‍රභා කළේය. එ් නඩු ගාස්තුවට යටත් කරය.

සම්පූර්ණ නඩු වාර්තාව පහත දැක්වේ.


















ශ‍්‍රී ලංකාවේ සමස්ථ මානව හිමිකම් තත්ත්වය පිරිහෙලා ලූ.! වගකියන්න ඔනී ගොඨාභය ලූ! බි‍්‍රතාන්‍ය කියයි.



බි‍්‍රතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය විසින් ජූලි මස 16 වන දින නිකුත් කරන ලද වාර්තාවෙන් කියන්නේ - ජාතීන් අතර ආතතිය, සු`ඵ ජාතික කණ්ඩායම් වලට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්, මානව හිමිකම් ආරක්ෂකයින්ව භිය වැද්දීම උත්සන්න වී ඇති බවයි. 2019 එක්සත් රාජධානියේ වාර්ෂික මානව හිමිකම් වාර්තාවේ මානව හිමිකම් වලට ප‍්‍රමුඛතාවක් දිය යුතු රටවල් 30 අතරට, ශ‍්‍රී ලංකාවද එක්කර ගෙන ඇති බවද සඳහන් කර තිබේි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40/1, යෝජනාවට අනුව සංහිඳියාව හා වගවීම පිළිබඳව කැපවීම මන්දගාමී බවද, මතභේදාත්මක ජේ්‍ෂ්ඨ පත්වීම් සම්බන්ධයෙන් ප‍්‍රශ්නගත තත්වයක් උද්ගතන ඇති බවද එකී වාර්තාව කියා සිටී.

අපේ‍්‍රල් 06 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන සඳහන් කරන එම වාර්තාව එයින් පීඩාවට පාත්වූවන්ට වන්දි ගෙවා ඇති බවත්, මෙම අන්තවාදී කි‍්‍රයාවන්ට සම්බන්ධ බවට සැක කරන විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවටත් චෝදනා කරයි. මෙයින් බහුතරයක් ඇප මත මුදාහැර ඇති බවටද, තවත් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවද, ශ‍්‍රි ලංකාවේ ඉතිහාසයට අනුව, සු`ඵ ජාතික කණ්ඩායම් විශාල පිරිසක් නිමක් නැති කාලයකට රඳවාගෙන සිටින බවද අවධාරණය කරයි.

මෙම පාස්කු ප‍්‍රහාරයෙන් පසුව, මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් ගණනාවක්, කැරලි ගැසීම ඇතුලූව, සිදුව ඇති බවද, මුස්ලිම් වරුන්ව, අනාථයින්ව හා සරණාගතයින්ව වෙනස්කම් වලට භාජනය කර ඇති බවද කියා සිටී.

අධිකරණයට අපහාස කිරීමට වරදකරු කර තිබූ,  අන්තවාදී බෞද්ධ ජාතිකවාදී පෙරමුණේ තත්වාකාර නායක, භික්ෂු පූජ්‍යය ගලබොඩ ඥනිස්සර හිමිව, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසෙන්ගේ සමාවදීම ගැනද චොදනා කරයි.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට අදාළ යෝජනා, එවක රනිල්ගේ කැබිනට් මණ්ඩලය අනුමත කළද, ළමා විවාහ ගැන, ව්‍යවස්ථාපිත ක‍්‍රියාමාර්ග ගෙන නැති බව කියයි. එක්සත් රාජධානිය, තම ජාත්‍යන්තර හවුල්කරුවන්ද එක්ව, හමුදාපති වශයෙන් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, පත්කිරිම ගැන සිය කනස්සල්ල පළ කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්ට, ශ‍්‍රී ලංකා හමුදා කාණ්ඩ එකතු කිරීම, අත්හිටවීමට එක්සත් ජාතීන්ගේ සාම කාර්ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවද වැඩි දුරටත් සඳහන් කරයි.

නොවැම්බර් මස ජනාධිපතිවරණය ගැන විශේෂ සඳහනක් කරන මෙම වාර්තාව, ජනාධිපතිවරණය ගැටුම් වලින් තොරව, නිදහස් හා සාධාරණ එකක් බව ප‍්‍රකාශයට පත්වුවද පාලනයකින් තොරව කරන ලද ප‍්‍රචාරක වියදම්, රාජ්‍යය දේපළ අවභාවතය හා මාධ්‍ය පක්ෂපාතීත්වය එම ජයග‍්‍රහණයට හේතුවූ කරුණු බවට එත්තු ගන්වා තිබේ.

2019 නොවැම්බර් මස පත්වූ නව ආණ්ඩුව (ගොඨාභය රාජපක්ෂගේ) මානව හිමිකම් උල්ලංඝණයන් හා අපචාරයන් පිළිබඳ පරීක්ෂණවල නියැලූනු පොලිස් නිලධාරීන් වෙනස් කර ඇති බවත්, පොලිස් ක‍්‍රියාකාරම් ගැන සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂමක් පත් කිරීම අපේක්ෂාව බවත් සඳහන් කරයි. 

2019 අවසන් වන විට, නීතිය හා සංක‍්‍රාන්තික යුක්තිය පිළිබඳව කි‍්‍රයාකරන, ක‍්‍රියාකාරීන්ව බිය වැද්දීම හා ඔවුන් ගැන ඔත්තු බැලීම වැඩි කර ඇති බවට, වාර්තා රැසක් ලැබී ඇති බවද සඳහන් කරයි.
මෙම වාර්තා ”කලම්බු පේජ්” නැමති වෙබ් අඩවියේ පලව තිබේ.

මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ ඉංග‍්‍රිසි බසින්ය. මෙය තේරෙන බසින් ජනතාව අතරට පත්කළ යුතුයි. එ් කථිකාවක් සඳහා. මන්ද මෙම වාර්තාවේ රටේ විශාල වශයෙන් සිදුවු මානව හිමිකම් කඩවිම් කිසිවක් ගැන සඳහනක් නැත. පූජ්‍යය ගලබොඩ ඥනිස්සර හිමි ගැන සඳහන් කරන මෙම වාර්තාව ජාත්‍යන්තර ත්‍රස්ත ව්‍යාපරයක් දිගු කාලිනව සංවිධානය කරන ලද  පාස්කු ප‍්‍රහාරය සු`ථකොට සලකා ඇත. 

සමස්ථ මානව හිමිකම් කඩවීම් වලට ගොදුරුවන අති බහුතරය ගැන නොසලකා හැර තිබෙන්නේ, නීතිය හා සංක‍්‍රාන්තික යුක්තිය පිළිබඳව කි‍්‍රයාකරන, ක‍්‍රියාකාරීන් බවට එම වාර්තාවේ සඳහන් කරන පුද්ගලයින්ගේ වාර්තා මතය. 

පසුගිය යහපාලන සමයේ වධහිංසා අවම වි ඇති බවට මෙම පිරිස ජාත්‍යන්තරය හමුවේ ප්‍රචාරය කළ ඊනියා ස්වාධින කොමිසම්ද එවාට උඩ ගෙඩි දෙන ලිදි.  

2020 මැයි 18, ජාතික යුද්ධ විරුවන් සැමරුම් දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කරන ලද ප‍්‍රකාශයට අවධානය යොමු කළ යුතු වන්නේ මෙම බ්‍රිතාන්‍යය වාර්තාව සමග සැසදිමටය.

Wednesday, July 22, 2020

කෝවිඞ් 19 පාලන එන්නත් පර්යේෂණ සොරාගෙන ලූ ඇමෙරිකාව - රුසියාවට චෝදනා කරයි.



කෝවිඞ් 19 වෛරසය, පාලනයට එන්නතක් තම රට, සාර්ථකව අත්හදා බලා ඇති බවට රුසියාව නිවේදනය කිරීමත් සමග, තම රටවල කෝවිඞ් 19 එන්නත් පර්යේෂණ, රුසියාව සොරකම් කර ඇතැයි ඇමෙරිකාව චෝදනා කිරීමට පටන්ගෙන ඇත.

තම රට හඳුනාගන්නා ලද එන්නත පිළිබඳ, ස්වේච්ඡුා කණ්ඩායම් යොදාගෙන කරන ලද අත්හදා බැලීම් සා්රථක වී ඇති නිසා, එම එන්නත්, නිපදවීමට පියවර ගන්නා ලද බවට, පසුගියදා රුසියාව නිවේදනය කළේය.එම නිවේදනය සමග, තම රටේ සරසවි හා ඖෂධ සමාගම් වල පර්යේෂණ දත්ත, රුසියාව විසින් සොරකම් කර ඇති බව ඇමෙරිකාව චෝදනා කරන්නට පටන්ගෙන ඇත.

මෙම ප‍්‍රචාරයට, එංගලන්තය හා කැනඩාව මෙ වන විට හවුල්ව සිටී.

රුසියාවේ, පරිඝණක දත්ත ”හැකර්ලා” විසින් මෙම සොරකම් කරන නිසා, තම රටවල පර්යේෂකයින්ට, තොරතුරු ආරක්ෂා කරගන්නා, විශේෂ ක‍්‍රම හඳුන්වා දීමට සිදුව ඇති ඇති බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටී.