Friday, July 24, 2020

පොලිසියේ තියෙන කුඩු දලා රිමාන්ඞ් කරවන එකක අපරාධයක්.


    
පානදුරයේ කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන 24 හැවරිදි නිසාමා දෙදරු මවතක්. සැමියා සෆ්රාස්, අවු: 27 යි, දෛනික පඩියට වැඩ කරන කම්කරුවෙක්. 

ඇය පවසන අන්දමට-

 2020.07 19 වන (ඉරිදා) පානදුර උතුර පොලිසියේ කණ්ඩායමක් දහවල් 1.00 ට පමණ, නිල ඇඳුම් රහිතව, හතර දෙනෙක් නිවසට පැමිණ බත් කමින් සිටි සැමියාගෙන්, ජස්මීර් ඉන්නේ කොහෙද කියා අසමින්, තර්ජනය කර, ගේ සෝදිසි කර, කිිසිවක් (කුඩු) නොලැබුන විට, අපි උඹට කුඩු දාලා හරි අල්ලනවා කියමින් ගොස් ඇත. එයින් පසු, සැමියා වැඩට ගිය බවත්අ, එසේ වැඩට ගොස් සවස 6.30 ට පමණ ගෙදර එන විට, තොටවත්ත මුස්ලිම් පල්ලිය ළඟදී අත්අඩංගුවට ගන්නා ලද බවද,

එම ස්ථානයේදීම, සැමියාට පහරදී ඔහු ගමන් කළ යතුරුපැදිය ද අත්අඩංගුවට ගෙන පානදුර උතුර පොලීසියට ගෙන ගොස්, ඉන් පසු පොලීසිය පිටුපස, වාහන නවත්වන තැන, කාමරයට ගෙන ගොස්, රෙද්දක් පොරවා, වතුර දමමින් පහරදී ඇති බව ඇය කියා සිටි. 

එසේ පහර දෙන අතර, සිය සැමියාගෙන් කුඩු ඉල්ලා ඇත. සැමියා මත්ද්‍රව්‍ය භාවිතා කරන බව ඇත්ත. නමුත් විකුණන්නේ නැත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ කුඩු තිබී නැත. මෙසේ පහරදී ඇත්තේ, ස්ථානාධිපති රංග බණ්ඩාර නැමති අයයි. ඔහු, සැමියා ඉදිරියේදීම මත්කුඩු දමා ඇත.
යනුවෙන් පවසන ඇය, 
මේ ආකාරයට තම සැමයාව අත්අඩංගුවට ගෙන වධ හිංසාවට පමුණුවන්නේ, ප‍්‍රදේශයේ සිටින පස්ලින් නැමති අයගේ අවශ්‍යතාවයට බවත්ය, පස්ලින් නැමති අයගේ, මල්ලී වන පස්මීර් නැමති අය, මත්ද්‍රව්‍ය භාවිතා කරන අතර, සොරකමකට අවශ්‍යව සිටි අයෙක් බවත්, පස්ලින් නැමති අය, මත්ද්‍රව්‍ය භාවිතා කරන තම මල්ලී, මාගේ සැමියා වන සෆ්රාස් සමග සම්බන්ධ බවට පොලීසියට, දැනුම් දී ඇත්තේ ඔහු බවත් ඇය වැඩි දුරටත් පවසා සිටි

තම සැමියා මත් ද්‍ර්‍යය භාවිතය නතර කර ඇති අතර ඔහු ඒ සඳහා කොහුවල AN හොස්පිට්ල් නැමැති රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගන්නා අයෙක් බවද අවධාරණය කර සිටි.

මෙසේ පොලිසියේ තිබෙන ‘‘කුඩු’’ වලින්,  ග‍්‍රැම් එකක්, මාගේ සැමිය ලඟ තිබු බවට සඳහන් කර, මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ගැනීමට නොහැකි වන පරිදි, උසාවි නියෝගයකින්  මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබිමට කරන ලද ක‍්‍රියාව නීති විරෝධී බව ද ඇය පවසයි. 

ඇය පොලිස්පති වරයාගෙන් හා ජනාධිපති ලේකම් වරයාගෙන් ඉල්ලා සිටින්නේ,

  • සැමියා ළඟ තිබූ බවට ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද මත්ද්‍රව්‍ය, ප‍්‍රමාද නොකර, රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තා ලබාගැනීමට ක‍්‍රියා කරන ලෙසට,

  • සැමියාව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ හිංසා පැමිණ වූ පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට, 
       හා
  • පවතින වාතාවරණය තුළ සැමියාව, බන්ධනාගාරයේ තබාගන්නේ නැතිව ඇප ලබාදීමට පියවර ගන්නා ලෙසට ය.

No comments:

Post a Comment