Thursday, July 23, 2020

ශ‍්‍රී ලංකාවේ සමස්ථ මානව හිමිකම් තත්ත්වය පිරිහෙලා ලූ.! වගකියන්න ඔනී ගොඨාභය ලූ! බි‍්‍රතාන්‍ය කියයි.



බි‍්‍රතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය විසින් ජූලි මස 16 වන දින නිකුත් කරන ලද වාර්තාවෙන් කියන්නේ - ජාතීන් අතර ආතතිය, සු`ඵ ජාතික කණ්ඩායම් වලට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්, මානව හිමිකම් ආරක්ෂකයින්ව භිය වැද්දීම උත්සන්න වී ඇති බවයි. 2019 එක්සත් රාජධානියේ වාර්ෂික මානව හිමිකම් වාර්තාවේ මානව හිමිකම් වලට ප‍්‍රමුඛතාවක් දිය යුතු රටවල් 30 අතරට, ශ‍්‍රී ලංකාවද එක්කර ගෙන ඇති බවද සඳහන් කර තිබේි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40/1, යෝජනාවට අනුව සංහිඳියාව හා වගවීම පිළිබඳව කැපවීම මන්දගාමී බවද, මතභේදාත්මක ජේ්‍ෂ්ඨ පත්වීම් සම්බන්ධයෙන් ප‍්‍රශ්නගත තත්වයක් උද්ගතන ඇති බවද එකී වාර්තාව කියා සිටී.

අපේ‍්‍රල් 06 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන සඳහන් කරන එම වාර්තාව එයින් පීඩාවට පාත්වූවන්ට වන්දි ගෙවා ඇති බවත්, මෙම අන්තවාදී කි‍්‍රයාවන්ට සම්බන්ධ බවට සැක කරන විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවටත් චෝදනා කරයි. මෙයින් බහුතරයක් ඇප මත මුදාහැර ඇති බවටද, තවත් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවද, ශ‍්‍රි ලංකාවේ ඉතිහාසයට අනුව, සු`ඵ ජාතික කණ්ඩායම් විශාල පිරිසක් නිමක් නැති කාලයකට රඳවාගෙන සිටින බවද අවධාරණය කරයි.

මෙම පාස්කු ප‍්‍රහාරයෙන් පසුව, මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් ගණනාවක්, කැරලි ගැසීම ඇතුලූව, සිදුව ඇති බවද, මුස්ලිම් වරුන්ව, අනාථයින්ව හා සරණාගතයින්ව වෙනස්කම් වලට භාජනය කර ඇති බවද කියා සිටී.

අධිකරණයට අපහාස කිරීමට වරදකරු කර තිබූ,  අන්තවාදී බෞද්ධ ජාතිකවාදී පෙරමුණේ තත්වාකාර නායක, භික්ෂු පූජ්‍යය ගලබොඩ ඥනිස්සර හිමිව, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසෙන්ගේ සමාවදීම ගැනද චොදනා කරයි.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට අදාළ යෝජනා, එවක රනිල්ගේ කැබිනට් මණ්ඩලය අනුමත කළද, ළමා විවාහ ගැන, ව්‍යවස්ථාපිත ක‍්‍රියාමාර්ග ගෙන නැති බව කියයි. එක්සත් රාජධානිය, තම ජාත්‍යන්තර හවුල්කරුවන්ද එක්ව, හමුදාපති වශයෙන් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, පත්කිරිම ගැන සිය කනස්සල්ල පළ කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්ට, ශ‍්‍රී ලංකා හමුදා කාණ්ඩ එකතු කිරීම, අත්හිටවීමට එක්සත් ජාතීන්ගේ සාම කාර්ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවද වැඩි දුරටත් සඳහන් කරයි.

නොවැම්බර් මස ජනාධිපතිවරණය ගැන විශේෂ සඳහනක් කරන මෙම වාර්තාව, ජනාධිපතිවරණය ගැටුම් වලින් තොරව, නිදහස් හා සාධාරණ එකක් බව ප‍්‍රකාශයට පත්වුවද පාලනයකින් තොරව කරන ලද ප‍්‍රචාරක වියදම්, රාජ්‍යය දේපළ අවභාවතය හා මාධ්‍ය පක්ෂපාතීත්වය එම ජයග‍්‍රහණයට හේතුවූ කරුණු බවට එත්තු ගන්වා තිබේ.

2019 නොවැම්බර් මස පත්වූ නව ආණ්ඩුව (ගොඨාභය රාජපක්ෂගේ) මානව හිමිකම් උල්ලංඝණයන් හා අපචාරයන් පිළිබඳ පරීක්ෂණවල නියැලූනු පොලිස් නිලධාරීන් වෙනස් කර ඇති බවත්, පොලිස් ක‍්‍රියාකාරම් ගැන සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂමක් පත් කිරීම අපේක්ෂාව බවත් සඳහන් කරයි. 

2019 අවසන් වන විට, නීතිය හා සංක‍්‍රාන්තික යුක්තිය පිළිබඳව කි‍්‍රයාකරන, ක‍්‍රියාකාරීන්ව බිය වැද්දීම හා ඔවුන් ගැන ඔත්තු බැලීම වැඩි කර ඇති බවට, වාර්තා රැසක් ලැබී ඇති බවද සඳහන් කරයි.
මෙම වාර්තා ”කලම්බු පේජ්” නැමති වෙබ් අඩවියේ පලව තිබේ.

මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ ඉංග‍්‍රිසි බසින්ය. මෙය තේරෙන බසින් ජනතාව අතරට පත්කළ යුතුයි. එ් කථිකාවක් සඳහා. මන්ද මෙම වාර්තාවේ රටේ විශාල වශයෙන් සිදුවු මානව හිමිකම් කඩවිම් කිසිවක් ගැන සඳහනක් නැත. පූජ්‍යය ගලබොඩ ඥනිස්සර හිමි ගැන සඳහන් කරන මෙම වාර්තාව ජාත්‍යන්තර ත්‍රස්ත ව්‍යාපරයක් දිගු කාලිනව සංවිධානය කරන ලද  පාස්කු ප‍්‍රහාරය සු`ථකොට සලකා ඇත. 

සමස්ථ මානව හිමිකම් කඩවීම් වලට ගොදුරුවන අති බහුතරය ගැන නොසලකා හැර තිබෙන්නේ, නීතිය හා සංක‍්‍රාන්තික යුක්තිය පිළිබඳව කි‍්‍රයාකරන, ක‍්‍රියාකාරීන් බවට එම වාර්තාවේ සඳහන් කරන පුද්ගලයින්ගේ වාර්තා මතය. 

පසුගිය යහපාලන සමයේ වධහිංසා අවම වි ඇති බවට මෙම පිරිස ජාත්‍යන්තරය හමුවේ ප්‍රචාරය කළ ඊනියා ස්වාධින කොමිසම්ද එවාට උඩ ගෙඩි දෙන ලිදි.  

2020 මැයි 18, ජාතික යුද්ධ විරුවන් සැමරුම් දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කරන ලද ප‍්‍රකාශයට අවධානය යොමු කළ යුතු වන්නේ මෙම බ්‍රිතාන්‍යය වාර්තාව සමග සැසදිමටය.

No comments:

Post a Comment