Wednesday, July 22, 2020

කෝවිඞ් 19 පාලන එන්නත් පර්යේෂණ සොරාගෙන ලූ ඇමෙරිකාව - රුසියාවට චෝදනා කරයි.



කෝවිඞ් 19 වෛරසය, පාලනයට එන්නතක් තම රට, සාර්ථකව අත්හදා බලා ඇති බවට රුසියාව නිවේදනය කිරීමත් සමග, තම රටවල කෝවිඞ් 19 එන්නත් පර්යේෂණ, රුසියාව සොරකම් කර ඇතැයි ඇමෙරිකාව චෝදනා කිරීමට පටන්ගෙන ඇත.

තම රට හඳුනාගන්නා ලද එන්නත පිළිබඳ, ස්වේච්ඡුා කණ්ඩායම් යොදාගෙන කරන ලද අත්හදා බැලීම් සා්රථක වී ඇති නිසා, එම එන්නත්, නිපදවීමට පියවර ගන්නා ලද බවට, පසුගියදා රුසියාව නිවේදනය කළේය.එම නිවේදනය සමග, තම රටේ සරසවි හා ඖෂධ සමාගම් වල පර්යේෂණ දත්ත, රුසියාව විසින් සොරකම් කර ඇති බව ඇමෙරිකාව චෝදනා කරන්නට පටන්ගෙන ඇත.

මෙම ප‍්‍රචාරයට, එංගලන්තය හා කැනඩාව මෙ වන විට හවුල්ව සිටී.

රුසියාවේ, පරිඝණක දත්ත ”හැකර්ලා” විසින් මෙම සොරකම් කරන නිසා, තම රටවල පර්යේෂකයින්ට, තොරතුරු ආරක්ෂා කරගන්නා, විශේෂ ක‍්‍රම හඳුන්වා දීමට සිදුව ඇති ඇති බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

No comments:

Post a Comment