Tuesday, July 28, 2020

ජනාධිපති නියෝග - පොලිස්පති උපදෙස් මාර්ග සංදර්ශන වලට පමණයි.



කිතුල් රා මැදීමට තිබෙන නෛතික බාධා ඉවත් කළද, සිස්ටම් එකෙන් ලාබේ, අතිරේක ආදායම් මාර්ග අත හරින්නට සූදනම් වෙයිද?

මෙම පැනය ජනතාව හමුවේ තබන්නේ, කිතුල් හා තල් රා කර්මානත්යට අදාළව පවතින නීති, මායිම් නොකර, විශේෂයෙන් පොලිස්කාරයෝ, තම ජාවාරම, යුක්තිය පසිඳලීමේ පද්ධතිය පාවිච්චි කරමින් එදත්, අදත්, කරගෙන යනවා මෙන්ම, හෙටත් කරගෙන යන බවට අවධාරණය කරමින්ය.

සේනාධිර පේ‍්‍රමරත්න, පාරම්පරික කිතුල් රා කර්මාන්තයේ යෙදෙන්නෙකි. බුලත්සිංහල පදිංචිකරුවෙකි.

ඔහුට උපාධියක් නැත. ලියන්නට හා කියවන්නට හැකියාව තිබේ. එ් සොරටම වැඩිය අයුක්තියට හිස නමන්නට සූදානම් නැති, පෞරුෂයක් ඇති මිනිසෙකි.

2011 වසරේදී, එවක අවු: 64 ක් වූ, පේ‍්‍රමරත්නව, බුලත්සිංහල පොලීසිය අත්අඩංගුවට ගන්නේ, තමා විසින් මදින ලද, කිතුල් රා බෝතලයක් අත ඇතිව ගෙදර යමින් සිටියදී ය.

පොලීසිය ඔහුව උසාවියට ඉදිරිපත් කරන්නේ සීනි කරික්ඤ්ඤ නමින් ප‍්‍රකට, බලපත‍්‍ර රහිතව බොහෝ අවස්ථාවල ගෘහස්ථව නිපදවන මද්‍යසාර වලටය.

බුලත්සිංහල පොලීසිය, උසාවියට කියා සිටියේ පේ‍්‍රමරත්නව අත්අඩංගුවට ගන්තේ සීනි කරික්ඤ්ඤ ඩ‍්‍රෑම්ස් 48 ක් සහිත කෑන් එකක් සමග බවයි. නඩු භාණ්ඩ වශයෙන් එම මද්‍යසාර බෝතලයක් සාම්පලයක් වශයෙන් හා කෑන් එකක් ද ඉදිරිපත් කරන ලදි.

පේ‍්‍රමරත්න, උසාවියේදී චෝදනා ප‍්‍රතික්ෂේප කර සිටියේය. එ් අනුව, පේ‍්‍රමරත්නව, මුදා හැරියේ, රු: 20,000/- ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතය. මෙය නිවැරදිකරු බව ප‍්‍රකාශ කිරීම නිසා පමුණුවන දඬුවමක් ලෙසට බැලූ බැල්මට දෘශ්‍යමාන වුවත්, පොතේ නීතියට එසේ නොවන්නේය.

2013 දී, එනම් වසර 1 1/2 කට පසුව, රස පරීක්ෂක වාර්තාව ලද පසු කැඳවන ලෙසට, නියම කර, නඩුව පැත්තකට කරන ලදි.

පේ‍්‍රමරත්න, තමන්ට පොලීසිය සිදුකළ අපරාධය ගැන, මානව හිමිකම් කොමිෂමට ලිව්වේය. වැඩක් වූයේ නම් නැත.

2016.08.31 වන දින, නඩුවට පෙනී සිටින ලෙසට, සිතාසියක් පේ‍්‍රමරත්නට ලැබින.

පේ‍්‍රමරත්න, වහාම, ඔහුගේ නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවී, උසාවියට කැඳවා ඇති බව ප‍්‍රකාශ කර, තමා වරද පිළිනොගන්නා බවත්, නඩුව විභාගයට ගන්නා ලෙසට, උසාවියට දැනුම් දෙන ලෙසටත් නීතිඥවරයාට උපදෙස් ලබාදෙන ලදි.

නඩුව කැඳවූ විට, පුරුදු පරිදි පේ‍්‍රමරත්න, අධිකරණ ශාලාවේ පිටුපස පිහිටි විත්ති කූඩුවට නගින ලදි.

සිය නීතිඥ කපිල වෛද්‍යරත්න හා බුලත්සිංහල පොලීසියේ උසාවි සැරයන්, විනිසුරු අසලට ගොස් කරුණු දක්වනවා ඔහු දුටු නමුත්, කියන්නේ මොනවාද යන්න ඇසුනේ නැත.

සු`ඵ වේලාවකින්, ඔහුට උසාවියෙන් පිටවන ලෙසට දැන්වීම නිසා, කූඩුවෙන් බැස එලියට විත්, නීතිඥවරයාගෙන් මොකද වුනේ කියා අසා සිටන ලදි. ඔහුගේ පිළිතුර අපබ‍්‍රංස විය.

උගත් පේ‍්‍රමරත්න, නඩු වාර්තාව උසාවියෙන් ඉල්ලා සිටින ලදි. නඩු වාර්තාව ලැබින විට, ඔහුට එහි ස`දහන් ව තිබ දේ අදහාගන්නට බැරි විය.

තමා, නඩුව කැඳවූ පළමු අවස්ථාවේ, චෝදනාවලට නිවැරදිකරු කීම, ඉල්ලා අස්කරගෙන ඇති බවත්, වරද පිළිගන්නා ලද බවත්, එහි සඳහන්ව තිබින.

එපමණක් නොව, තම වයස අවු: 67 ක් බවත්, පෙර වැරදි නැති බවත් සඳහන් කර අපරාධ නඩු විධාන සංග‍්‍රහය පනත 306 යටතේ අවවාද කර මුදාහරින ලද බවත් සඳහන් කර තිබින.

පේ‍්‍රමරත්න නඩු වාර්තාව රැුගෙන, නීතිඥ කපිල වෛද්‍යරත්න හමුවට ගොස්, මොකද මේ කළේ යයි ප‍්‍රශ්න  කරන ලදි. තව අවුරුදු 5 ක් නඩු කියන්න බෑ, ඔහුගේ කෙටි පිළිතුර විය.

පේ‍්‍රමරත්නට, කුඩා කළ සිට ඇසුන වදනක් දෝංකාර දෙන්නට පටන් ගති. 

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්න ද......... ?

පේ‍්‍රමරත්න නිකම් හිටියේ නැත. අගවිනිසුරුවරයාට, තම නීතිඥ කපිල වෛද්‍යරත්න, කළ වින්නැහිය කියා සිටින ලදි.

අගවිනිසුරු, පේ‍්‍රමරත්නගේ පැමිණිල්ල ගැන නීතිඥ කපිල වෛද්‍යරත්නගෙන් කරුණු විමසා සිටියේය.

එයින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගේ උපදෙස් මත, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා, පේ‍්‍රමරත්නට ලිඛිතව දැනුම් දී සිටියේ, ඔහුගේ පැමිණිල්ලට ඉදරි පියවර ගන්නේ නැති බව දැනුම් දෙන ලෙසට රෙජිස්ට‍්‍රාර්වරයාට දැනුම් දී ඇති බවයි.

මේක තමයි රටේ නීතිය මත පාලනය. මෙම තත්ත්වය වෙනස් නොකර, ජනාධිපති ගේ ප‍්‍රකාශ, මාධ්‍ය සංදර්ශන වනවා ඇත. 

පේ‍්‍රමරත්න, සිංහල බොෟද්ධයෙකි. එ් නිසාම, ඔහුගේ මෙම ප‍්‍රශ්නය ජාත්‍යන්තරයේ අවධානයට ලක් නොවනු ඇත.

මෙය ජිනීවා වලට යන්නේ නැත.

මෙය ”සු`ඵ ජාතියක්” ලෙසට හඳුන්වා ගන්නා හා හඳුන්වා දෙන කොට්ඨාශයක පුද්ගලයෙකුට සිදුවූවා නම්, මෙයට ලැබෙන අර්තකථන ය බොහෝ සෙයින් වෙනස්ය.

මේ වන විට, අපරාධවලට, බන්ධනාගාරයේ, පොලීසියේ ඉහළයින් සම්බන්ධ බවට හෙළිදරව් වී ඇත.

මෙම අපරාධවලට සම්බන්ධ, ඔවුන් පමණක් නොවේ. යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාදාමයේ සිය`ඵ පුරුක්, මෙම අපරාධවලට සම්බන්ධය.

එ් ගැන කථා කරන්න, ක‍්‍රියා කරන්න, වෙනස් කරන්න, හැකියාව ඇති කර ගනිමු. අදාළ ලිපි පහත දක්වමු.

ප‍්‍රශ්න කරමු ?



 
 










No comments:

Post a Comment