Monday, July 13, 2020

”හගියා සොෆියා” මුස්ලිම් දේවස්ථානයක් බවට හරවයි.



මේ තාක් කල්, ලෝක උරුමයක්ව තිබූ සියලූ ලෝකවාසීන්ට පොදු වූ තුර්කියේ ”හගියා සොෆියා” කෞතුකාගාරය තුර්කි ජනාධිපති එර්ඩගොන් විසින්, මුස්ලිම් දේවස්ථානයක් බවට පත්කරනු ලැබීය.

ඉතිහාසයට අනුව, ”හගියා සොෆියා” ක‍්‍රිස්තියානි දේවස්ථානයකි. ඔතොඩක්ස් ක‍්‍රිස්තියානි නිකායට අයත් වූවකි. මෙය, ක‍්‍රිස්තු වර්ෂ 532 - 537 කාල වකවානුවේ දී ඉදිකරන ලද්දකි.

එවක, ක‍්‍රිස්තියානි අධිරාජ්‍ය විසින් ඉදිකරන ලද්දේ අද ඉස්ථාන්බුල් ලෙසට හඳුන්වන කොන්ස්ටින්නෝපෝල් නගරයේදීය. වර්ෂ 1453 දී, තුර්කිය ඔටාමාන් අධිරාජ්‍ය විසින් යටත් කරන ලදි. එතැන් පටන් තුර්කයේ බහුතරය මුස්ලිම්වරුන් බවට හැරවිය. ක‍්‍රිස්තියානි ”හගියා සොෆියා” දේවස්ථානය මුස්ලිම් දේවස්ථානයක් බවටත්, නගරය ඉස්තාම්බුල් ලෙසටත් පත් කෙරෙනි.

1934 දී, එනම් වසර 481 කට පසුව තුර්කියේ බලය අත්පත් කරගත්, අනාගාමික ආණ්ඩුව මෙම   ”හගියා සොෆියා” ඓතිහාසික ඉදිකිරිම කෞතුකාගාරයක් බවට පත්කරනු ලැබීය.

කාලයක් මුළුල්ලේ ”හගියා සොෆියා” කෞතුකාගාරය මුස්ලිම් දේවස්ථානයක් බවට පත් කරන ලෙසට එරට අන්තවාදී මුස්ලිම්වරුන් ගෙන ගිය ක‍්‍රියාවන්ට වත්මන් ජනාධිපති එර්ඩගොන් ගේ සහය ද හිමිවිය.

පසුගියදා, එරට රාජ්‍ය මන්ත‍්‍රණ සභාව 1934 දී, ”හගියා සොෆියා” කෞතුකාගාරයක් බවට පත් කිරිමට ආණ්ඩුව ගත් තීරණය අවලංගු කර දැමීය. ඒ සදහා එරට අධිකරණයක් විසින් දෙන ලද තීරණය ඉවහල් විය.

තුර්කි රාජ්‍යයේ තීරණයට යුනෙස්කෝව විරුද්ධ වී ඇත. තුර්කිය සාමාජිකත්වය දරන නේටෝ, රටවල් ද තුර්කියේ තීරණයට විරුද්ධ වී ඇත. ලෝකයේ කිතුනු බැතිමතුන් ගේ අප‍්‍රසාදයට හේතු වී තිබේ. එ් සියල්ලටම වඩා කුරානයේ පාඨය බලවත්වී තිබේ.

මුස්ලිම් අන්තවාදය, රාජ්‍යයන් පාලනය කිරීමට ගන්නා උත්සාහයේ එක් පියවරකි ”ඉතිහාසයට” අදාළ සාක්ෂි විනාශ කර දැමිම.         

ඇෆ්ගනිස්ථානයේ බහාමියන් බුදු රූ විනාශ කිරීමෙන් ආරම්භ කළ මෙම ව්‍යාපාරය අද, පිලිරූ හා සිහිවටන විනාශ කිරීම දක්වා වර්ධනය වී තිබේ. මෙය අප රටට ආගන්තුක නැත.



No comments:

Post a Comment