Wednesday, July 8, 2020

Facebook යොදාගෙන රු: ලක්ෂ 80 වැඩි මුදලක් වංචා කරලා. නැති වූ හැදුනුම්පතක් භාවිතා කරලා ලූ.




ඔන් ලයින් ක‍්‍රමයට භාණ්ඩ ගෙන්වා දෙන බවට - මුහුණු පොත උපයෝගී කරගන කරන ලද මහා පරිමාණ මුදල් වංචාවක් පිළීබදවයි මේ පුවත.





දැනට මොස්කව් නුවර Burger King  ක්ෂණික ආහාර වෙළද සැලක සේවය කරන, දර්ශණ නම් වූ අය ප‍්‍රකාශ කරන්නේ, තම නැතිවූ ජාතික හැදුනුම්පත උපයෝගී කරගෙන, APEX WORLD  නමින් Facebook  ගිණුමක් උපයෝගී කරගෙන මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි.

ඔහු ප‍්‍රකාශ කරන පරිදි, තම ජාතික හැදුනුම්පත උපයෝගී කරගෙන, හාලිඇළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ, ගිණුමක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

APEX WORLD නමින් කර තිබෙන මෙම ජාවාරම, සිදු කර ඇත්තේ ඉතා ඉහළ වටිනාකමක් ඇති ජංගම දුරකථන, ගෙදරටම ගෙනවිත් බාර දෙන බවට හා වාරික මගින් ගෙවීමට පහසුකම් සලසා ඇති බවයි.

උදාහරණයක් ලෙසට රු168 902ක් වටිනා දුරකථනයක් රු 143 565 කට මිල සදහන් කරයි.  රු: 56 800ක් වටිනා ජංගම දුරකථනයක් සදහා වාරික ක‍්‍රමයට ලබා ගැනීමට,මූලික ගෙවීම වශයෙන් ගෙවිය යුත්තේ රු:14 200 ක මුදලක් පමණි.දුරකථනයක් මිලදී ගැනීමට නම් එම මුදල් හාලි ඇළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 107518010820 දරණ  ගිණුමට බැර කිරීම පමණි.


එසේ මුදල් බැර කරන ලද කිසිවකුට ජංගම දුරකථන ලැබී නැත.
මෙම වංචාවට ගොදුරු වූ පිරිස්, මේ පිළිබදව පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම පැමිණිලි ඔස්සේ- පොලිසිය පන්නන්නේ රුසියාවේ සිටින තමාගේ මව පස්සේ බවද දර්ශන වැඩි දුරටත් කියා සිටී.

මෙම මුදල් වංචාව - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සයිබර් අපරාධ අංශයට බාරදිය යුතු බවද ඔහු කියා සිටී.

මාස 6කට ආසන්න කාලයක් පුරා සිදු කර ඇති මෙම වංචාව තනි පුද්ගලයෙකුට කළ හැක්කක් නොවන බවද ඔහුගේ මතයයි.

No comments:

Post a Comment