Thursday, May 30, 2013

එනකොට මිනිහා ගෙදර හිටියේ නැතිනම් ගෑණිව බඩකරනවා - පොලිස් ස්ථානාධිපති.

වාද්දුව පොලිසියේ උඩ තට්ටුවේ නිදන කාමරයට ගෙන ගොස් නිරුවත් කොට වධ දී මුදාහරිනු ලැබූ විසි අට හැවිරිදි සුරේෂ‍් කුමාර, වාද්දුවපොලිසියේ එම නීති විරෝධී ක්‍රියාවන්ට වගකිවයුතු ස්ථානාධිපති සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලු පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නයි මානව හිමිකම් කොමිෂම, පොලිස්පති හා නීතිපතිගෙන් ලිඛිත පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටී.
වාද්දුව පොලිස් වසමේ පදිංචි සුරේෂ් කුමාර ඉදිරිපත් කර තිබෙන එම ලිඛිත පැමිණිල්ලට අනුව 2013.05.25 දින පෙරවරු 10.45 ට පමණ නිවස බලා එමින් සිටි තමාව සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණ සිටි යතුරු පැදියේ මැද තබාගෙන පස්මං හංදිය ලෙසට හදුන්වනු ලබන ප්‍රදේශයේ පාලමක් අසලට ගෙනගොස් පහර දෙමින් ගට දමන බවට තර්ජනය කර තිබේ.

මසකට පමණ පෙර තල්පිටිය නම් ප්‍රදේශයේ නිවසක සිදුවූ සොරකමකට තමාව අත් අඩංගුවට ගෙන තොරතුරු විමසමින් තමාට පහර දුන් බව කියා සිටින ඔහු, එයින් අනතුරුව වාද්දුව පොලිස් ස්ථානයට ගෙනවිත් එහි උඩු මහලේ නිලධාරීන්ගේ නිදන කාමරයට ගෙන ගොස් නිරුවත් කොට අත් බැද අතින් පයින් පහරදී දහඩිය වැක්කෙරෙන පොල්ලකින් යටි පතුල් වලට පහර දුන් බවත්, කෑගැසීමට බැරිවන පරිදි එක් නිලධාරියෙක් ඔහුගේ හිස දණහිස් දෙක අතර හිර කර තබාගෙන තිබේ.

පහර දීම නවතා බැද තිබූ අත් ලිහා දැමීමෙන් අනතුරුව පුද්ගලික තොරතුරු විමසන අතර, තමා බිරිද සමග  දිනකට සංසර්ගයේ යෙදෙන වාර ඇතුලු දැඩි අපහසුතාවයට පත් කරවන ප්‍රශ්ණ ඇසූ බවද තමා පිලිතුරු නොදී නිශ්ෂබ්දව සිටි බවද ඔහු කියා සිටී.

පසු දින (26දා) දහවල් 1.30 ට පමණ මුදාහරින බව ප්‍රකාශ කොට ඔහුගේ සොහොයුරාගෙන් අදාල ප්‍රකාශ ගත්තද එදින මුදාහැර නැත. එදින රාත්‍රී 7.00ට පමණ, සිල්වා මහත්තයා ලෙසට පොලිසියේ සෙසු අය හදුන්වනු ලැබූ නිලධාරියා ඔහුගේ ජංගම දුරකථනයෙන් පිංතූර ගෙන පිටුපස කාමරයකට ගෙන ගොස් එහි තිබූ මේසයක් ලග පුටුවක වාඩි කර, මේස කකුලට සුරේෂ්ගේ කකුල තියා මාංචු දමා අතින් පහර දෙමින් යලිත් සොරකම් කල බඩු ඉල්ලමින් පහරදී තිබේ.

එදින රාත්‍රියේ ඔහුගේ බිරිවද වාද්දුව පොලිසියේ උඩතට්ටුවට ගෙන ගොස් ප්‍රශ්ණ කර තිබේ. එසේ ප්‍රශ්ණ කරන අවස්ථාවේ ඇයට අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබේ.
මෙම සිද්ධියට පෙර එනම් 2013 මැයි මස 11 දින, මැදියම් රාත්‍රියේදී පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට වැඩි පිරිසක් ඔහුගේ නිවස වට කර, පොලිසියෙන් දොර ඇරපන් කියමින් දොරට තට්ටු කර තිබේ. දොර ඇරගෙන එළියට එනකොට, "මම වාද්දුව පොලිසියේ ඕ.අයි.සී" කියා සිවිල් ඇදුමින්, බෙල්ලට කොලරයක් දමා තිබූ අය පවසා, ඔහුගෙන් තොරතුරු විමසා  පසුදින පොලිසියට පැමිණෙන ලෙසට අණ කර ගොස් තිබේ‍.

අණ පරිදි පසු දින එනම් 2013.05.11 සවස 4.30 පමණ, ඔහු බිරි සමග පොලිසියට ගොස් තිබේ. සවස 5.30 පමණ ස්ථානාධිපති පැමිණ "උඹ ආවාද, පිංවත්තේද" කියා අසමින් බැන වැදී තිබේ. බීමතින් සිටි ස්ථානාධිපති ඔහුට තර්ජණය කරමින් "මීට පස්සේ, හයෙන් පස්සේ ගෙදරින් යනවානම් ගෑණිට කියලා යන්න ඕනා" කියමින්‍, ඔහුගේ බිරිදට ඇගිල්ල දික්කර, "අපි එනකොට මිනිහා ගෙදර හිටියේ නැතිනම් බඩකරනවා" කියා ඇයට තර්ජණය කල බව පවසා සිටී. ඒ අවස්ථාවේ ස්ථානාධිපති සිටියේ සිවිල් බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Tuesday, May 28, 2013

අවශ්‍ය වන්නේ සංශෝධන නොව, තිබෙන දෙය රැක ගැනීමයි.


ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේඅධ්‍යාපන හා විශේෂ වැඩසටහන් අධ්‍යක්ෂිකා  ශිරාණි රාජපක්ෂ මහත්මියමානව හිමිකම් කොමිෂන් සභාව වෙනුවෙන්  ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉල්ලා තිබේ. මෙම යෝජනා ඉල්ලා සිටින්නේසිවිල් සමාජ වල ඉල්ලීමකට අනුව බවද කොමිෂම වැඩි දුරටත් කියා සිටී. මෙය හදිසි කටයුත්තක් ලෙසට පිළිගෙන තිබෙන බවද පෙනීයයි.
මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පිළිතුරු යවන ජනසංසදය වර්තමානයේ අවශ්‍යතාවය සංශෝධන නොව, තිබෙන දෙය රැක ගැනීම බව පෙන්වා දෙයි.
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින්ම අහෝසි කරජනාධිපතිවරයා තම අභිමතය පරිදි පනතට පටහැනිව යමින් කොමසාරිස්වරුන් පත්කර තිබීයදිත්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතට අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් කඩවීම් වලදී සහ කඩවීම් වලට අත්‍යාසන්න අවස්ථා වලදීතවමත් බලාපොරොත්තු සහිතව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ජනතාව යොමු වන අතරමානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය උදෙසා ක‍්‍රියා කරන ජනසංසදය අඛණ්ඩව ජනතාව මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කරනු ලබන අතරවින්දිතයින්ට සහාය දැක්වීම සිදුකරනු ලබන බවද, එම යොමු කිරීම් වලදී සහ ඉන් අනතුරුව පවත්වන විමර්ශන වලදී වින්දිතයින්ට සහන හා අපේක්ෂිත ප‍්‍රතිඵල ලැබෙන අතරම බරපතල ගැටළු හා අපහසුතාවයන්ට ඔවුන් පත්කරනු ලබන බවද ප‍්‍රකාශ කර සිටී.
අත්අඩංගුවට ගැනීමක් කොමිෂම වෙත දැනුම්දුන් විට නොපමාව මැදිහත්වීම මගින් - වධහිංසා පැමිණවීම පමණක් නොවඑයින් ඔබ්බට ගොස් පොලීසිය සිදු කරන නීති විරෝධී ක‍්‍රියාවන්ට මුහුණ දීමට වින්දිතයාට ශක්තිය ලැබේ. දෙවන කරුණ නම්අයිතීන් උල්ලංඝනයන් පිළිබඳව පැමිණිලි සම්බන්ධයෙන්දපවත්වනු ලබන විමර්ශනයන්හී අනුගමනය කරන පිළිවෙත් සහ නිර්දේශ සතුටුදායක මෙන්ම ඉතාමත් නරක ප‍්‍රතිඵල අත්විඳීමට වින්දිතයින්ට සිදුවේ. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ දැනට පවතින බලතල ක‍්‍රියාත්මක කරන්නේ නැත.
ඔබ මෙම තත්වය තුළ - ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත - සංශෝධනය කිරීමට උත්සාහ දරන්නේජාතික පොලිස් කොමිෂමට ආණ්ඩුව සිදු කර තිබෙන දෙයමකරවා ගැනීමටද යයි ප‍්‍රශ්න කර සිටී.
මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව - ප්‍රතික්ෂේප කරන බව  වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන ආණ්ඩුවත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය  මගින් අසීමිත බලතල ආරක්ෂක අංශ වලටදදණ්ඩනීති සංග‍්‍රහය සංශෝධනය මගින් පොලීසියට සිය දුෂණඅක‍්‍රමිකතාවධහිංසාපවත්වාගෙන යාමට නීතිමය ඉඩකඩ ලබාදීමට පියවර ගෙන තිබීම මෙහිදී අමතක නොකළ යුතුය. එම නිසා කළ යුත්තේශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත සංශෝධනය සඳහා කාලයශ‍්‍රමය හා ධනය වැය කිරීම නොවපවතින බලතල යටතේකාර්යක්ෂම සේවාවක් ඉටු කිරීමට පියවර ගැනීම බව අවධාරණය කර සිටී.

Saturday, May 25, 2013

දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන.

"පිංබර වෙසක් පෝ දිනේ ලියන පළමුවෙනි ස්ටේටස් එක සිත නිවෙන කතාවක් ලියන්න ඕනේ කියල මම සතියකට කලින් ම අධිෂ්ඨාන කරගෙන හිටිය. හැබැයි කණගාටුයි අද මේ අහන්න වෙච්ච දේ ත් එක්ක ඒක පැත්තකින් තියන්න වෙනවා.දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන. දැන් ජාතික රෝහලේ. ගිනි තබා ගැනීමට හේතුව ගාව ඝාතනයට එරෙහි වීම ලු.

දැන් දාහක් දෙනා මේ ක්‍රියාවට සුදු හුණු ගාන්න උත්සාහ කරයි, ඒත් මට නම් කියන්න තියෙන්නේ මේක නොම්මර එකේ ගොංපාට් එකක් කියල විතරයි. ඇයි දෙයියනේ බුද්ධ පාදස්පර්ශයෙන් තුන්වතාවක් පවිත්‍ර වුණායි කියන මේ පිංබිමේ මේ හාමුදුරුවන්ට පෙනුණේ ගව ඝාතන විතරද? දවසකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි, කප්පම් සිද්ධි දහ අටයි. සතියකට පැහැරගැනීම් එකයි, මිනීමැරුම් එකයි, අතුරුදන් වීම් දෙකයි. දූෂණය නාස්තිය දළ ජාතික නිපැයුමෙන් 9%. මසකට ගෙවල් බිඳුම් තුනයි, කොල්ල කෑම් දෙකයි. මෙන්න අපේ පිංබිමේ සැබෑ තත්වය. මේවට කතා කරන්න මිනිස්සු කෝ? කෝ කවුරුත් මේවට විරුද්ධව උපවාස කළා ද? උද්ඝෝෂණ කළා ද? පෙළපාලි ගියා ද? අඩුම තරමේ සත්‍යක්‍රියාවක් වත් කළා ද?

ගව ඝාතනය පමණක් නෙමේ, ඕනෑම ඝාතනයක් නරකයි තමා. එහෙනම් මාළු අල්ලන එකත් වැරදියි. පිහියෙන් බෙල්ල කපනවට වඩා සිය දහස් ගුණයකින් දරුණු වේදනාවක් විඳලයි මාළුවා මැරෙන්නේ. බෙල්ල කට කැපිලා, ලේ වැගිරෙන අතරම, හුස්ම ගන්න බැරිව වේදනාවෙන් පණ ගහල ගහල තමා මාළුවෙක් මැරෙන්නෙ. එහෙනම් ඒවටත් එරෙහිව ගිනි තියා ගන්න එපැයි. එහෙනම් නිර්මාංශිකකුට ඇරෙන්න කාටවත් අයිතියක් නැහැ සත්ත්ව ඝාතනය ගැන කතා කරන්න.
අනික පරපණ නැසීම පමණක් නෙමේ වැරදි. සියපණ නැසීමත් පාණාතිපාතයක් ම තමා. දැන් එතකොට මේ හාමුදුරුවෝ ගව ඝාතනයට එරෙහි වෙන්නේ, තමන්ව ඝාතනය කර ගැනීමෙන් ද? එක පණ නැසීමකට කරනවාට විරුද්ධව තවත් පණ නැසීමක්! පාණාතිපාතයට එරෙහි වන බුද්ධ ශ්‍රාවකයෙක් ම, ඊට එරෙහි වන්නට ගොහිං පාණාතිපාතය කඩා ගැනීම තරම් අසාර්ථක වැඩක් තවත් මට නම් හිතා ගන්න වත් බැහැ. මේ වගේ මිච්ඡා සංකප්පධාරීන් බුද්ධ කාලයේත් හිටියා. කණගාටුයි අදත් ඉන්නවා.


පිංවත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට ඉක්මන් සුවය පතන අතරතුර ම, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ දුලබින් ලද මනුසත් බව අපතේ නොයවා, උතුම් බුද්ධ ධර්මය තවමත් ධරමානව පවතින මේ කාලයේ දීම, සම්මා දිට්ඨිය වඩාගෙන, උතුම් අමා මහා නිවන් සම්පත ලබා ගන්නට හේතු වාසනා වේවා!"


 Chameera Dedduwage

Friday, May 24, 2013

මීගලෑව පොලිසිය සොරුන් රකින්න අසරණයින් බිල්ලට දෙති.


2013 අප්‍රේල් 21 මීගලෑව පොලිසියේ 32 හැවිරිදි සම්පත් සුරංගව පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන ව්‍යාජ චොදනා නගා අධිකරණය මගින් දින 14කට රිනාමඞ් භාරයට පත්කළේ  පළිගැනීමටය. එච්.ආර්.සී/2695/11 යටතේ මීගලෑව පොලිසියේ සේවය කරන චමල්සුනිල්,පුෂ්පකුමාරනිහාල් හා පියදාස යන පොලිස් නිලධාරීන්ට එරෙහිව ගොනුකල පැමණිල්ල විමර්ශණයේදීඑකී පොලිස් නිලධාරීන් සිව් දෙනාට  සම්පත් සුරංගට රු:40,000/=ක් ගෙවීමට සිදුවීමය.
2013.04.20 වන දින රාත‍්‍රියේ මීගලෑවනගරයේ පිහිටි මහවැලි වයින් ස්ටෝර්ස් එක සහ මීගලෑව ගම්මාන 01හි පිහිටි - මාතර වෙළඳ සැල සොරුන් කඩා තිබේ. පසු දින සම්පත් සුරංගව පොලසියට කැඳවා අත්අඩංගුවට ගෙන කුඩුවට දැම්මේ එම සොරකමට ඔහු සැක බව ප‍්‍රකාශ කරමින්ය.
එදින ඔහු කූඩුවේ ඉන්නකොටරාත‍්‍රී 8.30 පමණපොලිස් ස්ථානාධිපති දුරකථනයෙන් යමෙකුට කතාකර, ”සර්” සැකයට එකෙක් ගත්තාඒකා මානව හිමිකම් ගිහිල්ලා අපෙන් එසල්ලි ගත්ත එකෙක්මොකද කරන්නේ” කියා අසා තිබේ.
අධිකරණ නිමය පරිද 22වන දින රාත‍්‍රී 7.30 ට පමණවාරියපොල රක්ෂිත බන්ධණාගාරයට ගෙනයෑමෙන් පසුවඔහුට ආණමඩුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුවන ජේලර්වරයෙකු පහර දෙනු ලැබීය. එය පොලිසියේ අවශ්‍යතාවයකටය.
ඔහුට නඩුපැවරීමෙන් අනතුරුවඒ බව පුවත්පත්වලටද පොලිසිය ප‍්‍රකාශය නිකුත්කර තිබින. එම පුවත්පත් වාර්තාවල ඔහුගේ නමද සඳහන්කර තිබින.
ගතවූ වසර කිහිපය තුලමවසරකට මීගලෑව නගරයේ වෙළඳසැල් දෙකක් පමණ සොරුන් කඩා තිබේ. ඒ සැම දිනකම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නගරයේ මුර සංචාරයේ යෙදී ඇත.
මේ දක්වා එකම සොරෙක්වත් අල්ලා නැත. ඒ සැම අවස්ථාවකම මීගලෑව පොලිසිය කර ඇත්තේඅසරණයෙකු අල්ලා වධහිංසාව පමුණුවාකලකට රක්ෂිත බන්ධණාගාරගත කරවීම බව ඔහු කියා සිටි.
මේ බසම්බන්ධයෙන් ඔහුගෙ මව සහ සම්පත් සුරංග මානව හිමිකම් කොමිෂන් සභාවටපොලිස්පතිට සහ නීතිපතිට ලිඛිතව පැමිණිලි කර තිබේ.

Thursday, May 23, 2013

නඩුව අතුරුදහන් කරලාද?


මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින අංක 59802/10 දරන නඩුවට මොකද වුනේ. මෙම ප‍්‍රශ්ණය මහතුගමමහේස්ත‍්‍රාත් අධිකරණයේරෙජිස්ත‍්‍රාත් වරයාගෙන් අසන්නේ නඩුවේ චුදිත මතුගමසිරිකඳුර වත්තේ කම්කරුවෙකු වන මානික්කම් සන්දනම්ය. 
මෙම නඩුව - මානික්කම් සන්දනම්ට විරුද්ධවඑවක මතුගම පොලිස් ස්ථානයේ වැඩ බලන ලද මූලස්ථාන පොලිස් පරීක්ෂක පො.ප.සේනානායක 2010.06.24 දින මානික්කම් සන්දනම්ට එරෙහිව අංක 59802/10 යටතේ නඩුවක් පැවරිය. සුරා බදු අඥපනත යටතේ පවරන ලද මෙම නඩුවට මානික්කම් සන්දනම්ය නිවරැුදි කරු බව ප‍්‍රකාශ කළේය. ඉන් අනතුරුව එම නඩුවපිළිවෙගින්

2010.09.16, 2010.11.11, 2010.12.02, 2011.01.13, 2012.02.01 දිනවල අඬගසනු ලැබු අතර 2012.07.05 දන කැඳවනු ලැබ අවස්ථාවේ එය 2013.02.25 දිනට කල් තැබවේය. මෙදින රජයේ නිවාඩු දිනයක් විය. ඒ පිළිබ සොයා බැලීමේදීඑම දිනය වැරදීමකින් යොදා ඇති බවඔහු ගේ නීතිඥ චමරි මුණසිංහ මහත්මිය ඔහුට පවසා නඩුව 2013.මාර්තු 04 බව කියා තිබේ.
එ අනුව ඔහු සිය නීතිඥ චමරි මුණසිංහ මහත්මිය මගින් 2013 මාර්තු 04 වන දිනඅධීකරණයේ පෙනී සිටින ලදි. නමුත් එදින නඩුව කැඳවූයේ නැත. එ පිළීබඳව නීතිඥ චමරි මුණසිංහ මහත්මියසොයා බලා ඔහුට දැනුම් දුන්නේ නඩුව” සොයා ගන්න බෑඑ නිසා තමයි නඩුව කැඳවා නැත්තේ කියා.
2013 මැයි 17 වන දින නැවත මානික්කම් සන්දනම් නීතිඥ චමරි මුණසිංහ මහත්මිය හමුවි නඩුව පිළිබඳව විමසා සිටිය විටදි ඇය ඔහුට යලිත් පවසා නඩුව සොයා ගන්නට නැති බවයි.
2013.05.21 දාතමින් මතුගම මහේස්ත‍්‍රෘත් අධිකරණයේ රෙජිස්ත‍්‍රාත් වරයාට ලිඛිත ඉල්ලීමක් කරමින් ඔහු ඉල්ලා සිටින්නේතමාට විරුද්ධව එවක මතුගම පොලිස් ස්ථානයේ වැඩ බලන ලද මූලස්ථාන පොලිස් පරීක්ෂක පො.ප.සේනානායක 2010.06.24 දාතමින් පවරා තිබෙන 59802/10 නඩුව මීලඟට කැඳවනු ලබන දිනය කවදාදනඩුව අස්ථානගතව තිබේදයන්න පිළිබඳව සොයාබලා ඔහුව දැනුවත් කරන ලෙසටය.

ඇඹිලිපිටිය පොලිසිය, උදේනිගේ පවුලම බොරු නඩුවකට පටලවන්න අමුඩ ගසයි.


2013 මැයි 17 සහ 21 දින ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් උදේනිගේ නිවසට කඩාවැදී ගංජා සොයා ගොස් තිබේ.
17 වන දින, පොලිස් පරීක්ෂකයෙකු ප්‍රමුඛ නිලධාරීන් හතර දෙනෙක්ද, 21 වන දින නිලධාරීන් දෙන්නෙක්ද පැමිණ - උදේනි,ඇයගේ පියා හා මව භියට පත්කරමින්, නිවසේ බඩුබාහිරාදිය ඇද විසුරුවා තිබේ.
ගංජා තිබෙන බවට ලැබූ ඔත්තුවක් මත පැමිණි බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. මෙසේ උදේනි හෝ පවුල අසීරු තත්වයට පත් කිරීමට ඇඹීලිපිටිය පොලිසියට අවශ්‍යව ඇත්තේ, එම පොලිසියේ කාත්නා පොලිස් සැරයන් සීතා රංජනී හා තවත් නිලධාරීවරයෙකුට එරෙහිව උදේනි විසින් මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කිරීම නිසාය.
උදේනිට හා දරුවාට දැඩි ශාරීරික හා මානසික වධයට පත්කල තම සැමියාට එරෙහිව - පැමිණිල්ලක් කිරීමට ඇඹිලිපිටිය පොලිසියට ගියේ යුක්තිය අපේක්ෂාවෙනි. පොලිසිය හා අයුතු සම්බන්ධයක් පවත්වන ඇගේ සැමියා, කාන්තා හා ළමා අංශය භාර කා.පො.සැ.සීතා සමග එක්ව, පැමිණිල්ල විත්තිකරු කරමින් නඩුවක් පැවරුවේය. 
දැනට දැඩි අපහසුතාවයට පත්ව සිටින, ඇඹිලිපිටිය පොලිසිය සූදානම්වන්නේ උදේනිගේ පවුල නඩත්තු කරන ඇගේ පියා වන තෝමස් මයාට එරෙහිව බොරු නඩුවක් ගොනු කොට ඔහුව රිමාන්ඩ් බාරයට පත් කිරීමටය.මෙය රාජපක්ෂ පාලනය යටතේ පවතින පොලිසිය - මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පැමිණිලි කිරීම වැලැක්වීමට උපයෝගී කරගන්නා උපාය මාර්ගයයි.

නඩුව හා අදාල සියලු විස්තර සදහා පිවිසෙන්න......


මාතලේ සමූහ මිනී වල සහ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාගේ මාරුව.


මාතලේ සමූහ මිනී වල අදාල පරීක්ෂණ අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනු ලබන අතර, එය විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මාරු කිරීම නිසා අඩාල වන්නේ නැත.
මෙම කටයුත්තේ වගකීම බාරව කටයුතු කළ, විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතා, වාර්ෂික ස්ථාන මාරු ක්‍රමය යටතේ ඔහු අපේක්ෂා කළ, කුරුණෑගල ශීක්ෂණ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලෙසට ස්ථාන මාරුව ලැබ, එහි සේවය ආරම්භ කර ඇත.
ඔහුගේ ස්ථාන මාරුව හා මාතලේ දිසා මහ රෝහල් භූමියේ හමුවූ සමූහ මිනී වල පිළිබව පර්යේෂණ අතර කිසිදු සම්බන්ධයක් නොමැත.
ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍යවරයෙකු මාරු කළද, ඔහු විසින් ආරම්භ කරන ලද පර්යේෂණ කටයුත්තක් අනුප්‍රාප්තියෙකුට පැවරෙන්නේ නැත. එය නීතිමය තත්වයයි.
ඉදිරියටත් මාතලේ සමූහ මිනී වල හා පර්යේෂණ කටයුතු, සොයා ගැනීම්, අධිකරණමය වගකීම දරන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතාය.
සත්‍ය කරුණු දැන හෝ නොදැන තම අභිමතයන්ට වාසි ගැනීමේ අදහසින් -  කරුණු විකෘති කර දැක්වීම  හිතා මතාම සිදු කරන ශ්‍රී ලංකා මාධ්‍යය -  මෙම කරුණු තම පාඨකයින්ව හිතා මතා නොමග යවන බවට තවත් එක් උදාහරණයකි.
සමූහ මිනී වලෙන් මතු වූ මිනිස් ඇට සැකිලි -  නාදුනන අයගේ බවට ලේබල් ගසා, ආණ්ඩුවට බැල මෙහෙවර කරන ආචාර්ය මහාචාර්යවරු මෙන්ම, මෙවන් සිද්ධියක් අලෙවි කර ගැනීමට තමන්ට නොලැබීම ගැන පශ්චත්චාප වන්නන්ට හා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ ගන්නා පිරිසට  අද මාධ්‍යයද එකතු වී ඇත.

Monday, May 20, 2013

ස්ව කැමැත්තෙන් අතුරුදහන්ව සිටින - හිටපු පොලිස් පරීක්ෂකට එරෙහිව, චෝදනා තුනක් යටතේ නඩු පැවරීමට නීතිපති පියවර ගනී.


ලසන්ත ජගත් කුමාර, නීති විරෝධීව රදවා තබාගෙන, වධහිංසා පමුණුවා, මරණයට පත් කිරීම සම්බන්ධයන්, පයාගල පොලිස් ස්ථානයේ හිටපු, අපරාධ අංශයේ ස්ථානාධීපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න වික්‍රමරත්නට එරෙහිව, කලුතර මහාධීකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබේ.
2013 පෙබරවාරි මස 06 දාතමින්, අංක 570/2013 යටතේ මෙම නඩුව පවරා තිබේ.
මොහුට විරුද්ධව - 2000 ජූනි 12 සිට 2000 ජූනි 17 දක්වා දින 05ක කාලයක් අයුතු සිරකර තැබීම සම්බන්ධයෙන් - දණෟඩ නීති සංග්‍රයේ 333 වගන්තිය යටතේද,
එකී කාල පරිච්ජේදය තුල ඔහුගේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ සහ,
එකී කාලය තුල පොලිස් ස්ථානයේදී ඔහුට පහරදී වධ දීමෙන් 1994 අංක 22 දරණ වධදීමට සහ අනෙකුත් කෘෘර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඩුවම්මලට එරෙහි සම්මුති පනතේ 2(1) සහා 2(4) වගන්ති යටතේ,
                                                                                       නඩු පවරා තිබේ.
පළමුj 2002  වසරේදි, පොලිස් පරීක්ෂක ප්‍රසන්න වික්‍රමරත්නට එරෙහි, ලසන්ත ජගත් කුමාර ගේ මරණය සිදු කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා, ලඝු නොවන නඩුවක් කලුතර මහේස්ත්‍රාත් අධීකරණයේ පවරන ලදි.
ඒ අවස්ථාවේ චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශකල පො.ප.වික්‍රමරත්න, රක්ෂිත බන්ධණාගාරගත කලද, ක්ෂණයෙන් ඔහු අසනීප වීම නිසා රෝහල්ගත කිරිමට බන්ධනාගාරයට සිදුවිය. ඔහු ඇප ලැබෙන තෙක් සිටියේ රෝහලේය.
දින දෙකක් තුනක් ඇතුලත, ඇප ඉල්ලීම් මහාධිකරණයට ඉදිරිපත්කර, ඇප ලබා ගැනීමටද ඔහු සමත් විය. ඔහුට නියම කළ ඇපය වූයේ රුපියල් පන්දහසක(රු.5000/=) මුදල් ඇපයක් සහ රුපියල් පන්දහස (රු.5000/=) බැගින් වූ ශරීර ඇප දෙකකි.
ශරීර ඇප කරුවන් වශයෙන් ඔහුගේ බිරිද හා පොලිස් නිලධාරියෙකු ඉදිරිපත් විය.මෙම ඇප කොන්දේසියට එරෙහිව මහාධීකරණයට විශේෂ ඉල්ලීමක් කරමින් කරුණු දැක්වූ නීතිඥ ප්‍රියන්ත ගමගේ මහතා, ඒ වන වි‍ෙටකත් මෙවන් චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් ගණනාවක් රට හැර ගොස් ඇති බව පෙන්වාදී, ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගන්නා ලෙසට ඉල්ලා සිටියේය. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
ලඝු නොවන නඩු විභාගය අතරතුර දී පො.ප.වික්‍රමරත්න ස්ව කැමැත්තෙන් අතුරුදහන් විය. ඔහුගේ බිරිද පො.ප.වික්‍රමරත්න අතුරුදහන්ව ඇති බවට කලුතර පොලිසියට පැමිණිල්ලක්ද කරනු ලැබීය.
අධිකරණ‍ෙය් තැන්පත් කල මුදල් ඇපය - රු.5000/= රාජසන්තක කල අතර, ශරීර ඇපයට අත්සන් කළ දෙදෙනාගෙන් රු.5000/= බැගින් අය කරනු ලැබීය.
ලඝු නොවන නඩු විභාගය චූදිත නොමැතිව පවත්වාගෙන ගොස්, මහාධිකරණයට නඩුව ඉදිරිපත් කිරීම සදහා - ගොනුව නීතිපතිවරයාට ඉදිරිපත් කළේය. ඒ 2006 අගොස්තු මසය.
ඒ අනුව - ඉහත දැක්වූ පරිදි චෝදන තුනක් යටතේ - හිටපු පොලිස් පරීක්ෂක ප්‍රසන්න වික්‍රමරත්නට එරෙහිව නීතිපති කලුතර මහාධිකරණයේ නඩු පවරා තිබේ. දැනට පවතින තත්වය යටතේ මෙම නඩු චූදිත නැතිව විභාගයට ගතයුතුව තිබේ.
නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, නීත විරෝධී රදවා තබා ගැනීම, වධ හිංසා පැමිණවීම, බොරු නඩු දැමීම, මරණයට පත් කිරිම සම්බන්ධයෙන් පමණක් නොව, ව්‍යාජ තොරතුරු අන්තරගත අධිකරණ වෛද්‍ය වාර්තා නිකුත් කිරිම, බන්ධණාගාර නොසැලකිල්ල, පොලිස් ස්ථානාධිපතිගේ වගකීම, පිළීබදව- නීතිමය තත්වයන් පැහැදිලි කෙරෙන නඩු කිහිපයකට මූලික වූද-
ජීවත්වීමේ අයිතිය සහතික කල, මිය ගිය තැනැත්තා වෙනුවෙන් ඥාතියෙකුට ඉදිරිපත්වීම සහතික කල ඓතිහාසික නඩු තීන්දුවකට - පාදක වූ සිද්ධීයකි, ලසන්ත ජගත් කුමාරගේ මරණය.
ශ්‍රියානි එරෙහිව ඉද්දමල්ගොඩ නම්වු මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ - තීන්දුව මගින්,
1.     ජීවත්වීම මූලික අයිතියක් බවද,
2.     මිය ගිය තැනැත්තෙකු වෙනුවෙන් ඔහුගේ ඥාතියෙකුට නඩු පැවරීමට අයිතියක් ඇති බවද,
3.     පොලිස් ස්ථානයේ සියලු සිදුවීම් වලට ස්ථානාධීපති වගකිය යුතු බවද තීන්දු කල අතර,
වන්දි වශයෙන් බිරිදට හා දරුවාට රුපිවල් ලක්ෂ අටක් නියම කළේය.
එයින් නඅතුරුව ව්‍යාජ අධීකරණ වාර්තාව ලබාදීම සම්බන්ධයෙන්එවකට අධීකරණ වෛද්‍ය නිලධාරියෙකුව සිටි වෛද්‍ය පියසෝමට එරෙහිවශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය හමුවේ පැවරු නඩුවේ තීන්දුව, අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සදහා වූ ඓතිහාසික තීන්දුවක් විය.
වසර තුනක කාලයකට වෛද්‍ය වෘතිය තහනමට ලක්වූ වෛද්‍ය පියසෝමද - මේ වනවිට ස්ව කැමැත්තෙන් අතුරුදහන්ව තිබේ.
වසර 13ක් ගතව තිබෙන මෙම සිද්ධිය අදාලව, තවමත් වෛද්‍ය පියසෝමට, බන්ධනාගාර දෙපාර්ථමේන්තුවට එරෙහිව වන්දි නඩු පැවැත්වෙන අතර, මෙම නඩුව, තවත් වසර කිහිපයක් පැවැත්වෙනු ඇත.
ශ්‍රි ලංකාවේ යුක්තිය පසදලීම සම්බන්ධ ක්‍රියාදාමයේ පැතිකඩ කිහිපයක් විමර්ශණයට ලක් කිරීමට මෙම සිද්ධිය උපයෝගී වේ.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ යුක්තිය පසදලීමේ ක්‍රියා පිළිවෙතේ තිබෙන්නාවූ අවිනිශ්චිත බව - පෙන්නුම් කරන්නාවූද, දූෂණ අක්‍රමිකතා හා නීතිය මත පාලනයක ප්‍රධාන අංශ වන - අධීකරණය, පොලිසිය, බන්ධණාගාර, නීතිපති ඇතුලු අංශවල ක්‍රියාකාරීත්වය විග්‍රහයකට, මෙය ඉතා සුදුසු, එක් සිද්ධියක්, එක් නඩුවක් පමණක් බවද අවධාරණය කරමු.

Saturday, May 18, 2013

පානදුර ප්‍රාදේශීය සභාව රු; 2334/90 ක් වංචා කිරීමට සැරසේ.


පානදුර ප්‍රාදේශීය සභාවට  යවන ලිපිපයකට පිළිතුරක් වත් දීම, හිතා මතා ඕනෑ කමින් මග හරිමින්, කල් මරන්නේ තමන්ට හිමිවිය යුතු මුදල වංචා කිරීමට බව -  උපාලි චන්දුසිරි මහතා ප්‍රකාශ කර සිටී.

ජල සැපයුමක් හා අදාලව, පානදුර ප්‍රාදේශීය සභාව අයකරගෙන ඇති රු; 2334/90 ක, මුදල  ආපසු ගෙවන ලෙසට -  ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පානදුර ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැනුම් දී තිබේ.

මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එකී රු; 2334/90 ක, මුදල  ආපසු ගෙවන්නේ නැති බව පානදුර ප්‍රාදේශීය සභාවේ තන්තිරිමුල්ල උප ශාඛාවේ නිලධාරීන්, චන්ද්‍රසිරි මහතාට වාචිකව කියා සිටී.

ඒ පිළලිබඳව චන්ද්‍රසිරි මහතා ලිඛිතව කරන ලද ඉල්ලීම් වලට ලිඛිතව පිළිතුරු දීමද ඔවුන් ප්‍රතික්ෂේප කරයි.

මෙම මුදල් වංචාව ගැන චන්ද්‍රසිරි මහතාගේ පැමිණිල්ලට අදාලව බස්නාහිර පළාත් සභාවේ, පළාත් පාලන දෙපාර්තමේන්තුව, ඒ පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කරන ලෙසට -  කලුතර පළාත් පාලන සභාවේ සහකාර කොමසාරිස්ට දන්වා, ඒ සම්බන්ධව, සිහි කැඳවීම් කළද, කලුතර පළාත් පාලන සභාවේ සහකාර කොමසාරිස්, එම වංචා ගැන, සොයා බැලීම මගහරිමින්, ඒ පිළිබඳව ලිඛිත ප්‍රකාශයක් නොකර “ මගහැරීමේ ” පිළිවෙත අනුගමනය කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් චන්ද්‍රසිරි මහතා විසින් මානව හිමකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ල ලියාපදිංචි කර ඇතත් මේ දක්වාම විමර්ශනයක් ආරම්භ කකර නොමැත.

අසරණ ජනතාව පීඩාවට පත් කරමින්, වංචාව, දූෂණය අක්‍රමිකතාව, චින්තනය කර ගත්   - වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඒ ආකාරයෙන්ම ප්‍රාෙද්ශීය සභාව තුලද ක්‍රියාත්මක වීම පෙන්නුම් කරන උදාහරණයකි මෙය.

“සංවර්ධනය” වන පොලිස් අපරාධ


වෘත්තීමය වගකීම් පැහැර හරිමින්, නිල බලය පාවිච්චි කර දූෂණය, අක්‍රමිකතාව ෙපරටු කරෙගන නීති විෙරා්ධි ක්‍රියාවන් හි නියැෙලන පොලිස් නිලධාරීන් සුරතල් කරමින් එම තනතුරුවලම රවා තබාගෙන සිටින්ෙන් ඒය ආණ්ඩුවේ ප්‍රතිපත්තියද නිසාද? යන ප්‍රශ්නය මතු කරන්නේ පොලිස්පතිවරයාගෙන්ය.

පයාගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චමින්ද පද්මකුමාර කුලසිංහට, හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති දැනට බුලත්සංහල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වශෙයන් සේවය කරන උප පොලිස් පරික්ෂක පද්මකුමාර සහ පයාගල පොලීසියේ හිටපු සැරයන් 14304 තිරිමාන්න යන නිලධාරීන්ට එරෙහිව, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති - හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා හා නීති ලේකම් නිමල් පුංචිහේවා යන මහත්වරුන්ගේ අත්සනින්2013.04.30 වන දින, අංක HRC/1600/2011 දරණ පැමිණිල්ල අදාළව නිකුත් කළ නිර්දේශයේ මෙසේ සහන් වේ.

01 හා 02 වන වගඋත්තරකරුවන් (පයාගල පොලීසියේ ස්ථානාධිපති කුලසිංහ හා එවකට අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි උප පොලිස් පරික්ෂක පද්මකුමාර ස්ථාන භාර නිලධාරීන් ලෙස වගකීමෙන් කටයුතු නොකිරීමෙන් 03 වන වගඋත්තරකරු (පොලිස් සැරයන් 14304 තිරිමාන්න) අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගකීමෙන් බැීම මත,

1.      පළවන වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු. 5,000/- ක මුදලක් ගෙවිය යුතුය.
2.      දෙවන වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු. 7,500/- ක මුදලක් ගෙවිය යුතුය.
3.      තුන්වන වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු. 5,000/- ක මුදලක් ගෙවිය යුතුය.

මේ අනුව, 4 වන නිර්දේශය පොලිස්පතිවරයාටය.

පොලිස්පති වරයාෙනනි-
පොලීසියේ උසස්ම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා තම රාජකාරියේදී සිදු කරන වංචාවන් එමටය. ඒවා පිළිබව හෙළිදරව් වන අවස්ථා එමටය. නඩු තීන්දු අපමණය. එහෙත් ඒවා කිසිදු සැළකිල්ලකට නොගෙන, පොලීසියට නීතියට එරෙහිව ක්‍රියා කිරීමට අවසරය, අනුග්‍රහය ලබා දීමෙන් ප්‍රකට වන්නේ ශ්‍රී ලංකාවේ උදේ හවා හ නගා ප්‍රකාශ කරන සංස්කෘතිය, සදාචාරය, නීතිය, සාමය, ශිෂ්ඨසම්පන්න බව අරුතක් නැති වදන් බව නොවේද?

මෙය අහඹු සිද්ධියක් නොවන බව පොලිස්පතිවරයා, අන් කවර කෙනෙකුටත් වඩා හොින් දන්නවා ඇත. මෙය සෑම පොලීසියකම සෑම මොහොතකම සිදු වන්නකි.

මෙවැනි අකටයුතුකම්, අසාධාරණකම්, නීති විරෝධී ක්‍රියා ගැන පැමිණිලි කිරීමට, අත් බහුතරයකට තවමත් හැකියාවක් නැත. කරන්ෙන්ත් නැත. ඒ අසරණකම් නිසාත්, නිවටකම් නිසාත්, පැමිණිලි කිරීමෙන් ඵලක් නැතය යන සමාජ සම්මතය නිසාත්ය.

මෙම නිර්දේශය මේ වන විට පොලිස්පතිවරයා වෙත ලැබී තිබිය යුතුය.

මානව හිමිකම් කොමිෂම සිය විමර්ශනයේදී අනාවරණය කරගන්නා ලද කරුණු සහන් කර ඇත.

එය අප මෙහි සම්පූර්ණයෙන් ඵල කරමු.

(අතෘප්තියටපත් තැනැත්තාවු - චම්පික මනෝජ් ෙවනුෙවන් ෙමම පැමිණිල්ල ඔහුෙග් ෙසාෙහායුරිය අමිතා ප්‍රියන්ති විස්න් කර තිබු අතර වග උත්තර කරුවන් වුෙය් - පයාගල පොලිසිෙය්   ස්ථානාධිපති චමින්ද පද්මකුමාර කුලසිංහ- 1වන වගඋත්තරකරු, උ.පො.ප. පද්මකුමාර ස්ථානාධිපති (අපරාධ අංශය)- 2වන වගඋත්තරකරු සහ පො.සැ.14304 තිරිමාන්න- 3වන වගඋත්තරකරුය.

පැමිණිලි අංකය  -  HRC/1600/2011

පැමිණිල්ලේ කරුණු දැක්වීම -

උක්ත පැමිණිලිකාරිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් ගොනු කරමින් කියා සිට ඇත්තේ, 2011.05.26 දින පෙ.ව.6.45 ට කිසිදු හේතුවක් නොදන්වා වගඋත්තරකාර නිලධාරීන් විසින් තම සහෝදරයාව අත්අඩංගුවට ගත් බවත්, පසුදින පෙ.ව.9.30 දක්වා රවා තබාගෙන නිදහස් කළ බවත්ය. ඒ අනුව පැමිණිල්ල දක්වා ඇත්තේ කිසිදු සාධාරණ හේතුවක් දැනුම් දීමකින් තොරව අත්අඩංගුවට ගැනීම තුළින් හා රවා තබා ගැනීම තුළින් අතෘප්තියට පත් තැනැත්තාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවයි.

පළමු වගඋත්තරකරු කරුණු දැක්වීම -

පළමු වගඋත්තරකරු විසින් කරුණු ඉදිරිපත් කරමින් දන්වා ඇත්තේ, තම පොලිස් වසමේ ආයුර්වේද පාර, වේරගල ලිපිනයේ නිවසක් බි දේපළ සොරාගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමේදී එම අපරාධය සිදු කරන්නට ඇත්තේ මෙම පැමිණිල්ලට අදාළ අතෘප්තියට පත් තැනැත්තා බවට තොරතුරු අනාවරණය වූ බවත්, ඒ අනුව ඉහත අපරාධය සම්බන්ධයෙන් අතෘප්තියට පත් තැනැත්තා වූ චම්පික මනෝජ් කුමාර යන අයව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ බවත්ය. එම විමර්ශනයේදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ඇති අතර, ඉහත ගෙවල් බිීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවූ බැවින්, මෙම තැනැත්තා පොලිස් ඇප මත මුදවා හැරිය බවත්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමක් නොකළ බවත් කියා සිට ඇත.

දෙවන වගඋත්තරකරුගේ කරුණු දැක්වීම -

පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක සහන් වූ ගෙවල් බිීමකට සැකකරු වීම හා පහරදීමකට අදාළව ප්‍රෙදේශය මගහරිමින් සිටීම යන කාරණය මත අතෘප්තියට පත් තැනැත්තා අත්අඩංගුවට ගත් බවත්, එම පෞද්ගලික ඔත්තුකරුගෙන් ලද තොරතුර සාක්කු සටහන් පොතේ ඇතුළත් නොකළ බවත්, සාක්කු සටහන් පොතේ ඇතුළත් කරනුයේ මිනීමැරීමක් බල අපරාධ හා මහා පරිමාණ දූෂණ පමණක් බවත් දක්වා ඇත. ඒ අනුව අත්අඩංගුවට ගැනීම අත්තනෝමතිකව සිදු නොකළ බවත් කියා සිට ඇත.

විමර්ශනය -

මෙම පැමිණිල්ලේදී වගඋත්තරකාර පාර්ශවය වෙත එල්ල වී ඇති චෝදනා වනුයේ හේතු දැක්වීමකින් තොරව අත්අඩංගුවට ගෙන රවා තබාගත් බවත්, ද්වේශ සහගත ලෙස කටයුතු කළ බවත්ය.

ඒ අනුව පොලිස් නිලධාරියෙකු යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සහා පැවතිය යුතු සාධාරණ සැකය අතෘප්තියට පත් තැනැත්තා කෙරෙහි පැවතියද යන්න සලකා බැලිය යුතුව ඇත. 1979 අංක 15 දරණ අපරාධ නඩු විධිවිධාන පනතේ 32(1) වගන්ති ප්‍රකාරව සාධාරණ සැකයකට ඔත්තුවකට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රතිපාදන සලසා ඇත.

මෙහිදී වගඋත්තරකරුවන් අදාළ නීතිමය ප්‍රතිපාදනයෙහි පිහිටා කටයුතු කළේද යන්න විමර්ශනය කිරීමේදී 01 වන වගඋත්තරකරු විසින් 2011.07.09 දාතමින් මුල් අවස්ථාවේ ලබාදුන් වාර්තාවේ දක්වා ඇත්තේ නිවසක් බි දේපල සොරාගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමේදී එම අපරාධය සිදු කරන්නට ඇත්තේ මෙම සැකකරු විය හැකි බවට තොරතුරු අනාවරණය වීම මත අතෘප්තියට පත් තැනැත්තා සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

නමුත් 02 වන වගඋත්තරකරු අදාළ විමර්ශන අවස්ථාවේදී දක්වා ඇත්තේ, තමාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් තොරතුරක් ලද බවත් එම ඔත්තුවට අනුව ගෙවල් බිීමක් සම්බන්ධව මෙම අතෘප්තියට පත් තැනැත්තා සැක බවත් ඊට අමතරව ඔහු පහරදීමකට අදාළ පැමිණිල්ලක සැකකරු වී පොලීසිය මග හරිමින් සිටීම යන කාරණා අනුව අත්අඩංගුවට ගත් බවය.

1 වගඋත්තරකරු දක්වා ඇත්තේ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත අතෘප්තියට පත් තැනැත්තා අත්අඩංගුවට ගත් බවයි. නමුත් 2 වන වගඋත්තැකරු දක්වා ඇත්තේ ගෙවල් බිීම පිළිබව පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවයි.

එසේම අත්අඩංගුවට ගැනීමට සහභාගී වූ 3 වන වගඋත්තරකරු 2012.03.08 වන දින කොමිෂන් සභාවේ දක්වා සිටිනුයේ,  CIB-2 219/307 යටතේ2011.05.25 වන දින පොලිස් ස්ථානයට, පහරදීමක් පිළිබව ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත්ය. ඒ අනුව වගඋත්තරකාර පාර්ශවයන් අත්අඩංගුවට ගැනීම පිළිබව පරස්පර ප්‍රකාශ දක්වා ඇත.

ඊට අමතරව 2 වන වගඋත්තරකරු මෙම අතෘප්තියට පත් තැනැත්තා සම්බන්ධව පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් ගෙවල් බිීමකට අදාළව සැක කටයුතු බවට දැක්වූ විශ්වාසදායී ආරංචිය හේතුවෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම කළ බවත් අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද්දේ විශ්වාසදායී ඔත්තුවකට බව දැක්වූවද ඒ පිළිබ සාක්කු සටහන් පොතේ නොයෙදීම නිසා ලබාදුන් ඔත්තුවේ සත්‍යතාවය පිළිබව ගැටළු මතුවන බව නිරික්ෂණය වේ.  එසේම දෙවන වගඋත්තරකරු2011.05.26 දින සිදුකළ අත්අඩංගුවට ගැනීම පිළිබව වූ සටහන්, 2011.06.12 බල අපරාධ පොතේ 324/57 යටතේ දින 16කට පසු විභාග සටහන් ඇලවීම පිළිබව ප්‍රශ්නගත වන බවද නිරික්ෂණය වේ.

එසේම අත්අඩංගුවට ගැනීමට අදාළ ලේඛන පරික්ෂා කිරීමේදී 2011.05.25 වන දින උදෑසන 8.40ට 219/307 MOIB II යටතේ කම්මුලට පහරදීමක් පිළිබව පැමිණිල්ලක් පැමිණ ඇති බව නිරික්ෂණය වී ඇති අතරම අතෘප්තියට පත් තැනැත්තා එහිදී කම්මුලට පහර දීමට අදාළව සැකකරු වී ඇති බව පැමිණිල්ල අධ්‍යයනයේදී තහවුරු වී ඇත.

ඒ අනුව 2011.05.26 වන දින පැය 8.00ට MOIB II 236/329 යටතේ ඉහත පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුගේ ප්‍රකාශය ලෙස අතෘප්තියට පත් තැනැත්තාගේ ප්‍රකාශය දක්වා ඇත. එහි දක්වා ඇත්තේ වගඋත්තරකරු වන ධම්මික යන අය ස්ථානයට පැමිණි බවයි.

පසුව එම පැමිණිල්ලට අදාළව 2012.05.26 පැය 8.30 MOIB II 237/330  යටතේ දක්වා ඇත්තේ, දෙපාර්ශවය සමථ වූ බවත් වගඋත්තරකරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109 අනුව අවවාද කර සමාදානයට පත් කළ බවත්ය. ඒ අනුව පහරදීමකට අදාළව අතෘප්තියට පත් තැනැත්තා සැකකරුවකුව සිටි බවත්, ඔහු ස්ථානයට පැමිණ එම පැමිණිල්ල සමථ වූ බවත් ලේඛන අනුව තහවුරු වී ඇත.

නමුත් වගඋත්තරකාර පාර්ශවය විසින් තවදුරටත් ලබා දෙනු ලබන ලේඛන වල දක්වා ඇත්තේ සුළු අපරාධ පොතෙහි 339/106 අදාළව 6.10ට අතෘප්තියට පත් තැනැත්තා විසින් කරන ලද කම්මුලට පහරදීමකට අදාළ පැමිණිල්ලට අනුව (CIB II 219/307) අත්අඩංගුවට ගත් බවත්, 2011.05.27 පැය 7.00 එම පැමිණිල්ලට අදාළව සුළු අපරාධ පොතේ 349/112 යටතේ ඇප ලබා දුන් බවත්ය. ඒ අනුව පහර දීමට අදාළ පැමිණිල්ලට ඇප ලබා දීමක් කර ඇති බව ලේඛන අනුව නිරීක්ෂණය වී ඇත.

එසේම රැවුම් ලේඛනය පරික්ෂා කිරීමේදී එහි එම්.චම්පික මනෝජ් කුමාර යන අය පහරදීමක් සම්බන්ධයෙන් 2011.05.26 අත්අඩංගුවට ගෙන 2011.05.27ඇප ලබා දුන් බවට සටහන් කර ඇත.

එසේම ස්ථානයේ බල අපරාධ තොරතුරු සටහන් පොත අධ්‍යයනයේදී 2011.05.26  10.35ට 257/109 යටතේ දක්වා ඇති 01 වන වගඋත්තරකරුගේ විභාග සටහන් කිරීමේදී, 2011.05.26 දින පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලත් තොරතුරු අනුව පහරදීමක් සම්බන්ධ පැමිණිල්ලක් අනුව ප්‍රෙද්ශය මගහරිමින් සිටීමත්, ගෙවල් බිීමට අදාළව සැකකරුවෙකු වීමත් අනුව අත්අඩංගුවට ගත් බව තවදුරටත් දක්වා ඇත.

ඒ අනුව උක්ත සියලු විභාග සටහන් සැලකීමේදී, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සුළු පැමිණිලි පොත, බල අපරාධ පොත, සුළු පැමිණිලි තොරතුරු පොත යන තොරතුරු පොත් තුනක විවිධාකාර ලෙස අත්අඩංගුවට ගැනීම පිළිබ සටහන් යොදා ඇති බව නිරීක්ෂණය වන අතර, එහිදී පහරදීමකට අදාළව සැකකරු ස්ථානයට පැමිණි බව සුළු පැමිණිලි තොරතුරු පොතේ සටහන් යොදා ඇත. සුළු අපරාධ තොරතුරු පොතේ හා බල අපරාධ තොරතුරු සටහන් පොතේ සටහන් වී ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එසේම පැමිණිල්ල විභාග කර සමථ වී අවවාද කර මුදාහැරීමක් සුළු පැමිණිලි තොරතුරු පොතේ දක්වා ඇති නමුත් සුළු අපරාධ තොරතුරු පොත අනුව එම වරදටම ඇප ලබාදුන් බව දක්වා ඇත. එසේම 2011.05.27 දින අත්අඩංගුවට ගත් මෙම සැකකරුට ඇප ලබාදීම සම්බන්ධව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 28 වන වගන්තිය අනුව අධිකරණයට වාර්තා කර ඇත්තේ 2012.10.05 දිනය. එනම් එම සිදුවීමෙන් අවුරුද්දක් හා මාස 05කට පසු බව 2140/12 AR ලේඛනය පරික්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත.

එසේම “2011.05.26 වන දින පැය 12.00ට කටුකුරුුගහලන්ද හන්දියේ සංචාරයේ යමින් සැකකරු පිළිබව තොරතුරු සෝදිසි කළ බවට සටහන් යොදා ඇති අතර, 2011.05.26 11.00ට එම සැකකරුව අත්අඩංගුවට ගත් බවට එම තොරතුරු සටහන් පොතේම සටහන් යොදා ඇති බව නිරීක්ෂණය වේ. ඒ අනුව11.00ට සැකකරු අත්අඩංගුවට ගැනීම සහ නැවත පැය 12.00 ට සැකකරු පිළිබඳව තොරතුරු සෝදිසි කිරීම දැක්වීම තුළින් ගැටලු සහගත තත්වයක් ඇති කර ඇති අතර, පරස්පරතාවය අනුව සටහන්, පසුව අවශ්‍යතාවය මත සකස් කළාද යන සැකය මතුවේ.

ඒ අනුව 2011.05.26  6.30 අත්අඩංගුවට ගත් පැමිණිලිකරු මුල් පැමිණිල්ල සම්බන්ධව එදිනම 8.30 වන විට සමාදාන කර සමථ වී තිබියදීත් ස්ථානයේ රඳවා ගෙන පසුදින එනම් 2011.05.27  7.00 එම පැමිණිල්ලට ඇප ලබාදීමත් දැක්වීම තුළින් පැමිණිලිකරු අත්තනෝමතික රඳවාගැනීමක් කර ඇති අතරම සාධාරණ නොවන සැකයකට තවදුරටත් රඳවාගෙන ඇති බව නිරීක්ෂණය වේ. එසේම ඇප ලබාදීම සම්බන්ධව මහේස්ත්‍රාත් වෙත සිද්ධිය සිදුවූ අවුරුදු 1 1/2කට පසු ඒ වාර්තාවක් ඉදිරිපත් කිරීම තුළින් ද ඒ බව සනාථ වී ඇත.

නිගමනය -

අතෘප්තියට පත් තැනැත්තා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගඋත්තරකාර පාර්ශවය විසින් විවිධ කරුණු දක්වමින් අත්අඩංගුවට ගත් පැමිණිල්ල සමථ කර අවසාන කර තිබියදිත් සාධාරණ සැක මතු නොවන අවස්ථාවක අත්තනෝමතිකව කටයුතු කර රඳවා තබා ගැනීම තුළින් 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ13(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට පරික්ෂණයෙන් අනතුරුව තීරණය කරනු ලැබේ.

නිර්දේශය -

ඒ අනුව පළමු හා දෙවන වගඋත්තරකරුවන් ස්ථාන භාර නිලධාරීන් ලෙස වගකීමෙන් කටයුතු නොකිරීමත්, 3 වන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගකීමෙන් බැඳීමත් මත,

1.      පළවන වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු. 5,000/- ක මුදලක් ගෙවිය යුතුය.

2.      දෙවන වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු. 7,500/- ක මුදලක් ගෙවිය යුතුය.

3.      තුන්වන වගඋත්තරකරු විසින් පැමිණිලිකරුට රු. 5,000/- ක මුදලක් ගෙවිය යුතුය.

4.      මෙහි පිටපත් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා පොලිස්පතිවරයා වෙතද යොමු කිරීමට නියමිතය.

මෙකී නිර්දේශය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වාර්තාවක් 2013.05.30 වන දිනට පෙර කොමිෂන් සභාවට ලැබීමට සලස්වන ලෙස 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 15 වන වගන්තිය ප්‍රකාරව දන්වමු.

(අත්සන හා නිල මුද්‍රාව)                                                                              (අත්සන හා නිල මුද්‍රාව)
සභාපති                                                                                         නීති ලේකම්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව                            ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව


සැ.යු. - අදාළ මුදල “මුදල් ඇණවුමක්” මගින් පැමිණිලිකාරිය වෙත ගෙවා එහි පිටපතක් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන්න.