Monday, November 30, 2015
පාලනයක් ඇති නොකර ‘‘යහ පාලනයක් නෑ’’
පාලනයක් ඇති නොකර යහපාලනය ගැන කථා කිරිම මිත්‍යාවක් බව නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු අවධාරණය කරයි.
යහපාලනයක් අති කිරීම සඳහා නීතිය මත පාලනය ඇති කළ යුතුයි.
එනම් සියලූම කාර්යයන් නීතියට අනුකූලව ක‍්‍රියාත්මක විය යුතුයි. නීතියට උඩින්, පිටතින් කිසිවක් කළ යුතු නොවේ. නීතියේ ආධිපත්‍ය ලෙසට හඳුන්වන්නේද මෙයයි.
නීතිය මත පාලනය ඇති කිරීමට රටේ පොලිසිය , අධිකරණය හා නීතිපති නීතියට යටත්ව, නීතියට අනුව කටයුතු කිරීමට අවශ්‍යය, දැනුම, සම්පත් ලබාදී කාර්යක්ෂම කල යුතුයි. එම ආයතනවල අල්ලස, ¥ෂණ පිටු දැකීමට අවශ්‍ය යාන්ත‍්‍රනයන් ශක්තිමත් කොට, වර්ධනය කල යුතුයි. එ් සඳහා සිවිල් සමාජය සෘජුව මැදිහත්විය යුතුයි.
මෙම කාරණය පැහැදිලි කරගනිමින්, පැවැති සංවාදය ආසියානු මානව හිමිකම් කොමිෂමේ අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් 2015.11.29 දින, රාජගිරිය, ත‍්‍රිකෝණි සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත්විණ. මෙම සංවාදය සංවිධානය ධර්මසිරි බණ්ඩාරනායක විසින් සිදුකල අතර, මහාචාර්ය සරත් විජේසූරිය ප‍්‍රමුඛ විද්වතුන් රැුසක් සහභාගී විය.
Saturday, November 21, 2015
කන පැෙලන්න ගහලා. ෙපාලිස් මාධ්‍ය ප්‍රකාශක බයිලා ගහයි
තිනියාවල
ෙපාලීසිෙය් ෙපාලිස් කාරෙයා් ් සමන්ත ෙග් කන පැෙලන්න ගහපු එක ගැන මාධ්‍ය ඉදිරිෙය් කියා සිටිෙය් මතුගම
සහකාර ෙපාලිස් අධිකාරි පරික්ෂණ කරන බවයි. ෙම් මුග්ධ ප්‍රකාශය ගැන ෙත්රුම් ගන්න සමන්ත
මානව හිමිකම් කොමිෂන් සභාව / ජාතික පොලිස් කොමිෂන් සභාව /පොලිස්පති වෙත කරන ලද ලිඛිත
ප‍්‍රකාශණය ඉවහල් නවනු නිසැකය.
කන් බෙරය
පුපුරන්න පහර දීමෙන් පසුව හයිකෝට් නඩු දාන බවට තර්ජනය කිරීම, අපරාධකරුවන්ට එරෙහිව
නීතිය ක‍්‍රියාත්මක නොකිරීම යන හිසින් අවු: 33ක් වන අවිවාහක, කම්කරුවකු වන සමන්ත කුමාර 2015.11.21 වන දින ලියා අැත.
''2015 නොවැම්බර් 11 දින, මා වත්තක් සුද්ද කර,
සවස 5.45 ට පමණ, ගෙදරට ආවා. මා ආපු
ගමන් තීනියාවල පොලීසියේ සැරයන් පේ‍්‍රමදාස, කොස්තාපල් සඳරුවන් හා තවත් අයෙක් ගෙදරට ආවා.
ඔවුන් තුන් දෙනාම හිටියේ දිග කලිසම් හා ටී ෂර්ට් ඇඳගෙන. එක පාරටම, ”උඹ මාව අඳුරනවාද”
කියා සැරයන් පේ‍්‍රමදාස
මගෙන් ඇහැව්වා. මම අඳුරනවා කිව්වා. ආපු හේතුව දන්නවාද කියා ඇහැව්වා. මම දන්නේ නෑ
කිව්වා.
එ් සමගම
එක්කෙනෙක් පිටිපස්සෙන් මගේ ෂර්ට් කොළරයෙන්
අල්ලා කරකවා බෙල්ල හිර වෙන්න අල්ලා ගත්තා. උඹ ගංජා බොනවා, මෙතන ගංජා විකුණනවා,
දියන් කිව්වා. මම එහෙම
දේවල් කරන්නේ නෑ කිව්වා. එ් පාර සැරයන් පේ‍්‍රමදාස පිස්තෝලය ඇදලා අරන් එල්ල කරලා
ඇත්ත කියපන් වෙඩි තියනවා කිව්වා. අල්මාරිවල යතුරු දියන් කිව්වා. මම දුන්නා.
සැරයන් පේ‍්‍රමදාස
හා කොස්තාපල් සඳරුවන් කාමරයට ගිහිල්ලා අල්මාරිය ඇර අවුස්සන අතර, මගේ බෙල්ල හිර කරගෙන
අල්ලාගෙන හිටිය තුන්දෙනා මට අතින් පයින් පහරවල් හතරක් පහක් ගසා නැවැත්තුවා. බෙල්ල
අතහැරියා. කාමරය අවුස්සා සෝදිසි කළ සැරයන් පේ‍්‍රමදාස හා කොස්තාපල් සඳරුවන් එළියට
ඇවිත් කිව්වා, කාමරයේ මොකුත්
නෑ, එ් වුණාට ළඟ
තියෙනවා කිව්වා.
එවිට මාව
අල්ලාගෙන පහර දුන් පුද්ගලයා, ”හිටහන්කෝ අම්මට හුකවනවා” කියා එළියට ගොස් එළියේ
තිබුණ පොල්පිත්තකින් අඩි හතරක් පමණ කෑල්ලක් කඩාගෙන ඇවිත්, එ්කෙන් කලවා වලට
ගැහුවා. එ් පාරවල් අත් දෙකට වැදුනා. එ් අතර සැරයන් පේ‍්‍රමදාස හා කොස්තාපල්
සඳරුවන් කුස්සිය අවුස්සන්න පටන් ගත්තා.
ඔවුන් දෙන්නා
ගෙයි මුකුත් නෑ එළියේ බලන්න ඕන කිව්වා. මට
ගහපු අමාරුවට පුටුවක වාඩි වුණා. එ් සමගම මට පහර දුන්න තැනැත්තා නැගිටහන් හුත්තිගෙ
පුතා කියා, දීපන් ගංජා
කියා මගේ වම් කණට අත දිගහැර පාරක් ගැහැව්වා. මාව එ් අසල ඇඳ මත වැටුණා. සැරයන් පේ‍්‍රමදාස
හා කොස්තාපල් සඳරුවන් දෙන්නා වත්ත බලලා ඇවිල්ලා හොයන්න දෙයක් නෑ, මූ ළඟ තියෙන්න ඕන කිවවා.
කොස්තාපල්
සඳරුවන් වැටිලා හිටිය මාව, මූ බොරු
කරන්නේ කියා නැගිට්ටවා මාගේ තට්ටම්වලට පොල් පිත්තෙන් පාරවල් පහක් හයක් ගැහැව්වා.
එ් වන විට මගේ ඔලූව හිරි වැටී කන හෝ හෝ ගාන්න පටන් ගත්තා. දැඩි වේදනාවක් දැණුනා.
එසේ පහර
දීමෙන් පසුව සැරයන් පේ‍්‍රමදාස මාව කාමරයට අරන් ගිහිල්ලා ගහන්නේ නෑ, බොන්න ගංජා ටිකක්
දීපන් කිව්වා. මම ඔහුට කිව්වා මම ගංජා බොන්නේ නෑ, විකුණන්නෙත් නෑ කියා. කමක් නෑ උඹට හයිකෝට්
එකක් දානවා කියා, යන්න ගියා.
නැවතත් මට පහර
දුන්න තුන්දෙනා ඇවිත් උඹව ගෙනියන්න ඕනි
කියා, මට වරෙන් යන්න
කියා අඬගහගෙන ගියා. ඔවුන් පැමිණි යතුරුපැදි ළඟට ගෙන ගියා. එ්වා තිබුණේ ගල උඩ පන්සල
ළඟ. උඹව දාලා යන්න බෑ උඹට ගහපු නිසා කියා සැරයන් පේ‍්‍රමදාස කිව්වා.
ඔහු ඇහුවා
අමාරු තියෙන්නේ කොහෙද කියා. මම කිව්වා ඔලූව ටිකක් රිදෙනවා කියා. උඹව දාලා යනවා.
නීතියෙන් ඉහළට යන්න එපා, ගියොත් උඹට
බෝම්බයක් දානවා, මම බුද්ධි
අංශයේ ප‍්‍රදීප් කියා ඔහු මට කිව්වා.
මම ගෙදර ඇවිත්
වේදනාවේ ඉන්න බැරි නිසා, මාගේ අයියා වන
ආරියපාලට දුරකතනයෙන් කතා කරලා කිව්වා. පැය කාලකින් පමණ අයියා ආරියපාල හා ඔහුගේ
පුතා ප‍්‍රියන්ත ආවා. ඔවුන් මාව මීගහතැන්න රෝහලට ගෙන ගොස් බාර දුන්නා. මම
මීගහතැන්න රෝහලේ වෛද්‍යවරියට මට පොලීසියෙන් පහර දුන්න බව කිව්වා. මීගහතැන්න රෝහලේ
මාව නවත්වාගෙන, පසු දින 2015 නොවැම්බර් 12,
ගිලන් රථයෙන් නාගොඩ මහ
රෝහලට මාරු කර යැව්වා.
නාගොඩ මහ
රෝහලේ වාට්ටු අංක 17 හි මාව
නවත්වා ගත්තා. 2015 නොවැම්බර් 16 වන දින ටිකට් කැපුවා.
මාගේ කන් බෙරය පැලිලා තියෙන බව වෛද්‍යවරු ප‍්‍රකාශ කළා. මා රෝහලේ ඉන්න අතර රෝහල්
පොලීසියෙන් ප‍්‍රකාශයක් ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කළා. එක් දිනක්
රෝගීන් බලන වේලාවෙන් පිට, සිවිල්
ඇඳුමින් සැරයන් පේ‍්‍රමදාස හා කොස්තාපල් සඳරුවන් මාව බලන්න ආවා.
ඔවුන් මට
කිව්වා, ඔවුන්ගේ
රස්සාවල්වලට ප‍්‍රශ්නයක් වෙන හින්දා නීතිය මගින් ක‍්‍රියා කරන්න යන්න එපා කියා. උඹ
ගමේනේ ඉන්න ඕනි කියා. මට තර්ජනය කළා.
ටිකට් කපන දවසේ තීනියාවල පොලීසියේ සැරයන් වරයෙක් පැමිණියා. මට ප‍්‍රකාශයක් දෙන්න
කිව්වා. මම හිටියේ අසනීපයෙන් කණ රිදෙනවා, එ් නිසා විස්තර කියන්න පු`ඵවන් කමක් නෑ කිව්වා.
16 දා, ටිකට් කපාගෙන ගෙදර
යන්නේවත් නැතුව මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගියා. එහිදී මාගෙන් ප‍්‍රකාශයක්
ගත්තා. මම දැනගත්තා, 2015 නොවැම්බර් 12 වන දා උදේ මගේ අයියා
ආරියපාල මට පහර දීම ගැන පැමිණිල්ලක් කරන්න තීනියාවල පොලීසියට ගිය බව. එදින
පැමිණිල්ල බාරගෙන තිබුණේ නෑ. එදිනම හවස ඔහු පැමිණිල්ල දාන්න තීනියාවල පොලීසියට
ගියද, පැමිණිල්ල
බාරගෙන නෑ. එවේලේ 2015 නොවැම්බර් 13 උදේ සහකාර පොලිස්
අධිකාරීවරයා පැමිණෙන බව දන්වා තිබුණා. එ් නිසා ඔහු එදින තීනියාවල පොලීසියට ගොස්
සිද්ධිය සහකාර පොලිස් අධිකාරීවරයාට පවසා තිබුණා. එහිදී ඔහුට මතුගම සහකාර පොලිස්
අධිකාරී කාර්යාලයට ගොස් පැමිණිලි කරන ලෙසට දන්වා තිබුණා. එදිනම 2015 නොවැම්බර් 13 දින ඔහු මතුගම සහකාර
පොලිස් අධිකාරී කාර්යලායට ගොස් පැමිණිල්ලක් දමා තිබෙනවා. එදින ඔහුට උපදෙස් දීලා
තිබුණා, ටිකට් කැපූ
විගස මාව මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට රැුගෙන එන ලෙසට.
එ් අතර 2015 නොවැම්බර් 13 වන දින රාත‍්‍රී 9.30 ට පමණ, සිද්ධියට අදාල සැරයන්
පේ‍්‍රමදාස, කොස්තාපල්
සඳරුවන්, බුද්ධි අංශයේ
ප‍්‍රදීප් හා තවත් නිලධාරියෙක් පැමිණ තිබෙනවා. ඔවුන් අතුරින් සැරයන් පේ‍්‍රමදාස
නිල ඇඳුමින් සිටි අතර, අනිත් අය සිට ඇත්තේ
සිවිල් පිට. ඔවුන් තමන් වැරැුද්දක් කර තිබෙන බව පිළගෙන නීතියෙන් රාජකාරි නොකරන
ලෙසට ඉල්ලා තිබෙනවා. ඔවුන් සල්ලි දෙන්න සූදානම් බවද සමාව දෙන ලෙසද අයැද තිබෙනවා.
2015 නොවැම්බර් 19 වන දින, දහවල් 12.30 ට පමණ, තීනියාවල පොලීසියේ උප
පොලිස් පරීක්ෂක ඉන්ද්‍ර කුමාර පැමිණ මාගෙන් සිද්ධිය අදාලව ප‍්‍රකාශයක් ලබා ගත්තා.
මම සිද්ධිය සම්පූර්ණයෙන් කිව්වා. නමුත් ප‍්‍රකාශයේ සැරයන් පේ‍්‍රමදාස පිස්තෝලය
දික් කරලා වෙඩි තියනවා කියපු කාරණය ලිව්වේ නෑ. මා එ් ගැන ඔහුට කිව්වා. මාගේ විරෝධය
පළ කර මම එයට අත්සන් කළා.
2015.11.14 සිරස රාත‍්‍රි
10 ප‍්‍රවෘති ප‍්‍රකාශයේදි
මේ සිද්ධය අදාලව පළවු ප‍්‍රවෘතිය පිළිබඳ පොලිස් මාධ්‍යය ප‍්‍රකාශයක් කරමින් මතුගම
සහකාර පොලිස් අධිකාරි වරයා පරික්ෂණ පවත්වන බව කියා සිටියා. ( මෙම පුවත 2015.11.16 ලංකාදීප හා මව්බිම ප‍්‍රාදේශිය
පුවත් යටතේ පළවු බව කියැවේ.)
නමුත් දැනට සතියක්
ඉක්මව ගියත් අවම වශයෙන් මෙම අපරාධය පිළිබඳව අධිකරණයට දැණුම් දීමක් සිදු කර නැත. අවම
වශයෙන් මෙම අපරාධය අධිකරණයට වාර්තා කර සැකකරුවන් වශයෙන් , තීනියාවල
පොලීසියේ සැරයන් පේ‍්‍රමදාස, තීනියාවල පොලීසියේ
කොස්තාපල් සඳරුවන් , තීනියාවල පොලීසියේ බුද්ධි අංශයේ ප‍්‍රදීප් (4* තීනියාවල පොලීසියේ
ස්ථානාධිපති එච්. රාජපක්ෂ නම් කරන ලෙස ඉල්ලමි.
තවද මතුගම
සහකාර පොලිස් අධිකාරීවරයා කළේ මාගෙන් ප‍්‍රකාශයක් ගැනීම පමණි. මෙය නීතියට අනුකූල
නැත. නොපමාව මෙම අපරාධය පෙර සඳහන් කළ පරිදි මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා
කොට පරීක්ෂණ කටයුතු පොලිස් විශේෂ විමර්ශන එ්කකයට බාර දෙන ලෙස ඉල්ලමි."අ.ක/සමන්ත
කුමාර
Tuesday, November 17, 2015
මෙහෙකාරියට අතවර කළ විනිසුරුවා රකින්ෙන් නීතිපතියා
නීතිපතියා ලිපිගොනු
යටියන්තොට යවන්න ලෑස්තියි.දෝෂාභියෝගයෙන් ගැලවෙන්න විශ්‍රාම යනවා, යනවා කියනවා ඒත්
යන්නේ නෑ.
සරත් ආබෘෘ ශ්‍රේෂ්ඨාධිකරණ
විනිසුරුවරයාට එරෙහිව බරපතල අපරාධ චෝදනා එල්ලවී තිබේ. සිය මෙහෙකාරියට ලිංගික අතවර
කිරීම, ගිනි අවියකින් පහර දීම, තුවාල සිදු කිරීම ඇතුලු චෝදනා ඔහුට විරුද්ධව ඒල්ලවී
ඇති අාසන්තම ෙචාදනාවන්ය.
මෙම සිද්ධියට පෙර, මොහු සිය
නිවසේ ආරක්ෂකව සිටි, සිවිල් ආරක්ෂකයාට පහර දීම, අධිකරණ කාර්ය මණ්ඩල සමාජිකයින්ට
පහර දීම අදාල චෝදනා එල්ල විය. ෙම් කිහිපයක් පමණි. නමුත් ඒ සියල්ල යට ගසන ලදි.
මෙම තත්ත්වයන් තුළ මහින්ද
රාජපක්ෂ ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තත්ත්වයටම උසස් කරන ලදි.
ආසන්නතම සිද්ධියට අදාල
සී.අයි.ඩී. පරීක්ෂණ වාර්තාව නීතිපති උපදෙස් වෙත යවා මාස පහක් ගත වී ඇත. නමුත්
නීතිපති වශයෙන් පසුගිය වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කළ විජයතිලක, එම ලිපි
ගොනු යට ගසමින් සිටී.
මෙරටේ අන්ත දූෂිත ආයතන
වලින් එකකි නීතිපති දෙපාර්තමේන්තුව. ඒය පොලීසිය ට හා අධිකරණය ට නොදෙවෙනිය.
ඇවන්ට්ගාඩ් සිද්ධිය යට
ගැසීම ඇතුලු බරපතල සිද්ධීන්වලට සැකකරුවන්ට අධික ගාස්තු අය කරමින් නීති උපදෙස්
දේනනේ හිටපු නීතිපතිවරු හා එහි සේවය කළ ජේ්‍යෂ්ඨ නීති නිලධාරීන්ය. රටේ මහා පරිමාණ
අපරාධ කරන පුද්ගලයන් නියෝජනය කරන මෙම
නීතිපති දෙපාර්තමේනතකුවේ විශ්‍රාමික නිලධාරීන් හා වත්මන් නීතිපති නිලධාරීන්
අතර පවතින්නාවූ ගජ මිතුරු සම්බන්ධය මොනවට ඔප්පු කරන ලද්ෙද් තිලක්
මාරපනය සිද්ධිය. ඔහුට ඇමතිකමෙන් ඉවත් වීමට සිදු විය. එය දූෂිත යූ.එන්.පී. කාරයන්ට
බලවත් වේදනාවක් වී ඇති බව පෙනේ.
දූසිත ඇමතිවරු, නිලධාරින්
මෛත්‍රී පිළට අයත් වුවත්, රනිල් පිළට අයත් වුවත් ඔවුන්ට විරුද්ධව ජනමතය ගොඩ නගා
ඔවුන් පදවිවලින් ඉවත් කිරීමට පියවර ගැනීම සිවිල් සමාජයේ වගකීම වේ. ඒ තුළ පමණි
යහපාලනය ඇති කිරීමට පදනම සකස් වන්නේ.
ෙම් වනවිට ස්වාධීන කොමිෂන්
සභා පත්කිරිම සිදුකර තිෙබ්. වසර දෙක අවස්න වීමට පෙර, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
හා මනාප ක්‍රමය වෙනස් කිරීමට පියවර ගැනීමට
ප්‍රමුඛතාවය දිය යුතුයි. පත්කරන ලද ෙකාමිසන් සභා අඛණ්ඩ පරික්ෂාවට යටත් විය යුතුයි.
පත්කරන ලද තිෙබන ෙකාමිසන් සභාවල සාමාජිකයින් ඉවත් කිරීමට හැක්ෙක් ෙදා්ෂාභිෙයාගක්
ෙගන ඒ්ම මගින් පමණි. ඒම නිසා ඔවුන්ට තම ෙස්වය කරෙගන යෑමට බාධාවක් නැත.
Thursday, November 12, 2015
හබරාදුව පොලිසිය නටන්නේ පගාවට
ණය අයකර දීම රාජකාරිය කර ගත් හබරාදුව පොලීසිය, වතු හිමියන් ගේ අවශ්‍යතාවය ට අසරණයින් තලා පෙලන්නට ඉදිරිපත්ව සිටී. මේ පිළිබඳව මීට පෙරද වගකිව යුත්තන්ට පැමිණිලි කලද, හබරාදුව පොලීසිය නීති විරෝධි වැඩ නවත්වන පාටක් නැත.
කන්දයියා ඉන්ද්‍රානි මහත්මිය ඉන්දීය සම්භවයක් ඇති, පරම්පරා ගණනාවක සිට, පුරවැසි අයිතීන් පවා අහිමි ‘‘වහලූන්’’ ලෙසට ජිවත්වන ජන කොට්ඨාශයට අයත් කාන්තාවකි. දෙමුහුන් ආණ්ඩුවේ ඇමතියෙතු ගේ ආශිර්වාදය සමග හබරාදුව පොලීසියේ ඔ.අයි.සි හා එක්ව මැයට බැන තර්ජන කරමින් ගත්තා යයි කියන ණයක් අය කර ගැනීමට උත්සහ ගන්නේ හබරාදුව පොලිස් වසමේ වතු ව්‍යාපාරිකයකු වූ යූ.කේ.ජී. ප‍්‍රදීප් සම්පත් නැමැත්තාය.
බලහත්කාරයෙන් ඇය ගෙන් , පොලීසිය ලියන ලද ලියවිල්ලකට මාපට ඇඟිලි සලකුණ ගෙන ඇත්තේ එම පොලීසියේ පොලිස්කාරියෙකි. පොලීසිය පාගා අරගෙන සිදු කරන මෙම පහත ක‍්‍රියාවන් වැළක්වීම පොලිස් කොමිසමෙ වගකිම වේ.
සිද්ධිය අදාලව ෙපර පැමිණිල්ල
කෝට් එක ගලවලා යනවා - OIC හබරාදුව.
නීති විරෝධී මිනිස් ජාවාරමකට ඉඩ දෙන්න බැරිවෙලා. මිනිසුන් නොවන මිනිසුන් ඉන්න රටක පොලීසිය !! ළමා අධිකාරිය අහෝ !!
මේ සියල්ල හෙළිවන්නේ හබරාදුව පොලිස් වසමේ, අවුරුදු 03 ක දැරියක් ඇතුලූ දරු පවුලක් හිරකරගෙන සිටි ඉඩම් හිමියකුට එරෙහිව පොලීසියට ගිය මවකගේ කථාවෙනි.
හබරාදුව පොලීසියේ ස්ථානාධිපති මෙම අසරණවූ කාන්තාවට සහය වීමට පැමිණි පුද්ගලයට බැන තර්ජනය කර එලවාගෙන තිබෙන බවද, ආණ්ඩුවේ ප‍්‍රබලයකු සතුටු කරන්න මෙම නීති විරෝධී ක‍්‍රියාවට ස්ථානාධිපති සම්බන්ධ වු බව ද වාර්තා වේ.
එක් පැත්තකින් ආණ්ඩුවේ ප‍්‍රබලයාගේ දුරකතන ඇමතුම්වලට ද අනෙක් පැත්තෙන් මානව හිමිකම් කොමිෂමේ විමසීම්වලට ද මැදි වූ මොහු කෝට් ගලවා ගෙදර යන බවට ප‍්‍රකාශ කරන්නට තරම් නිවට වී තිබෙන බවට ද වාර්තා වේ.
මේ රටේ සිදුවන මිනිස් ජාවාරම හා කිසිදු හැඳුනුම්පතක් නොමැතිව සිටින මිනිසුන්, වහල්කමේ යොදවාගෙන සිටින අයුරු හෙළි දරව් වූ කථාවකි මේ.
කන්දයියා ඉන්ද්‍රානි, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට කරන ලද පැමිණිල්ලේ පිටපත් ළමා අධිකාරියට ද, ජනාධිපති හා අගමැති ලේකම්වරුන්ට ද යවා තිබේ.
කන්දයියා ඉන්ද්‍රානි ගේ (අවු: 49යි, විවාහක, දරුවන් 05යි, කුලී වැඩ)
2015.10.12 දාතමින් යුත් සම්පූර්ණ පැමිණිල්ල පහත දැක්වේ.
හබරාදුව පොලීසය, මිනිස් ජාවරම්කරුවකු හා වහල් හිමියෙකු ආරක්ෂා කිරිමට පියවර ගැනීම හා අයුතු සහ නීති විරොධි බලපෑම් සිදුකිරිම, පිඩාවට පත්කිරිම
1. පිටබැද්දර, දැරංගල, තැපැල්වත්තේ සේවය කරමින් සිටින විට, එහි අයිතිකරු විසින්, මා ඇතු`ඵව, පහත නම් සඳහන් පවුලේ සියලූ දෙනාව, හබරාදුව, පොලිස් වසමට අයත්, දිව්ලාන, කලහේ, වංචාවල පිහිටි UGK වත්ත නමින් හඳුන්වන වත්තට බාරදෙන ලදි.
2. එහි අයිතිකරු U.K.G සම්පත් නැමත්තාය.
3. දැනගන්නට ලැබී ඇති පරිදි, අප පවුල U.K.G සම්පත් නැමත්තා විසින් ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ එකහමාරකටය.
4. මෙම UKG වත්තේ, අපට පදිංචියට කුඩා නිවසක කනි කාමරයක ලබාදුන්නා.
එහි -
1. මාගේ සැමියා - එම් රාජේන්ද්‍ර, අවු: 52යි
2. මාගේ වැඩිමහල් පුතා - තම්බිරාජා, අවු: 21යි
3. මාගේ දෙවන පුතා - සසී, අවු: 19යි
4. මාගේ තෙවන පුතා - ගනේෂන්, අවු: 15යි
5. මාගේ සිව්වන පුතා - සෙල්වකුමාර, අවු: 12 යි
6. මාගේ පස්වන පුතා - සිවකුමාර, අවු: 07යි
7. මාගේ මිණිපිරිය (තම්බිරාජා ගේ දියණිය) නදීශා, අවු: 03යි
5. අප සිවි දෙනා ( 1 සිට 4 දක්වා) UKG වත්තේ 2015.09.15 දින වැඩ ආරම්භ කලා. පෙ:ව: 7.00 සිට ප:ව:5.30 දක්වා වැඩ කලවිට දිනකට රු: 500/= බැගින් ගෙවන බවට පොරොන්දු වුනා.
6. 2015.09.26 දින, දෙවන පුතා වන සසී, කොටපල පිහිටි, ගැටබරු දේවාලයේ උත්සවයට ගොස් සිටින විට, අසනීප වී, 2015.09.28 දින දෙනියාය රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
7. මා, පුතාව බලන්න යන්න නිවාඩු ඉල්ලූවා. නමුත් දුන්නේ නැහැ.
8. 2015.09.04 දින උදේ පඩි සල්ලි අරන්, එදින රාත‍්‍රී 2.00ට පමණ මම, ලොකු පුතා තම්බිරාජා සමග වත්තෙන් පිටව, දෙනියායට ගොස්, ටිකට් කපා සිටි පුතාව නැවත වත්තට රැගෙන එන්න සූදානම් වුනා.
9. සවස 4.30 පමණ, වත්ත බලා ගන්නා ”චූටි මහත්තයා” කෝල් කරලා කිව්වා, උඹලා වරෙල්ලා, හොඳ පාඩමක් උගන්වනවා කියමින් බැණ තර්ජණය කලා.
10. එම තර්ජනය කිරීම නිසා, මමත් තම්බිරාජාත්, සසීත් වත්තට යාමෙන් වැළකුනා. ගියොත් පහර දෙන බව දැනගෙන හිටියා.
11. එම නිසා, මමත් හා පුතාලා දෙන්නා වත්තට ගියේ නැහැ.
12. මම ඔවුන් දෙන්නා සමග ඥතීන්ගේ ගෙවල්වල රැඳී සිටිමින්, අවුරුදු 03 දැරියව හා අනෙක් දරුවන්ව එවන්න කියා මම වත්ත බලන චූටි මහත්තයාට දැනුම් දුන්නා.
13. ”චූටි මහත්තයා” මගේ සැමියාව හා දරුවන්ව, ඉන්න ගෙයින් බංගලාවේ ‘වී වේලන’ කාමරයට ගෙන ගොස් හිරකරගෙන තිබෙනවා. අඩුම වශයෙන් ඔවුන්ට ඇඳුම් මාරු කර ගන්න ඉඩ දීලා නැහැ. නිදාගන්න පැදුරක්වත් දීලා නැහැ.
14. දින තුනක් බලා සිට, 2015.10.07 වන දින මම හබරාදුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කිරීමට ගියා.
15. මම පොලිසියට යන විට, මාගේ සැමියා - රාජේන්ද්‍රව පොලිසියට ගෙනවිත් සිටියා. ඔහුගෙන් ප‍්‍රකාශයක් ලියවා ගත්තා. මට සැමියා සමග කතාකරන්න ඉඩ දුන්නේ නැහැ. ඔහුව ගෙනවිත් තිබුනේ මෝටර් රථයකින්.
16. ඔහු ව රැගෙන ගිය පසුව මම පැමිණිල්ල ලියන්න යයි ඉල්ලා සිටියා. නමුත් ලියා ගත්තේ නැහැ. මට බැණ පන්නා ගත්තා.
17. නමුත් මම එතැන හිටියා. එවිට මාව ස්ථානාධිපතිවරයා ලඟට කැඳෙව්වා. මට ඔහු දෙමලූන්ගේ හැටි මම දන්නවා, කියමින් නින්දා අපහාස කරමින් මට බැන්නා. පැමිණිල් ලියා ගත්තේ නැහැ.
18. ඉන්පසු මා, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට, දකුණූ පළාත් නියෝජ්‍ය පොලිස්පති, ගාල්ල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීට ලිඛිතව ෆැක්ස් මගින් පැමිණිලි කලා.
19. පසු දින, 2015.10.08 දින, ජංගම දුරකථනයකින් හබරාදුව පොලිසියට එන ලෙසට යමෙක් දැනුම් දුන්නා. නමුත් අවිශ්වාස නිසා ගියේ නැහැ.
20. 2015.10.10 දින , පැමිණෙන ලෙසට පොලිසියෙන් දුරකථනය මගින් දැනුම් දුන්නා. එ් අනුව පොලිසියට ගියා.
21. හබරාදුව පොලිසියට යෑමට පෙර, මා, දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් පැමිණිලි කලා.
22. 2015.10.10 දින, හබරාදුව පොලිසියේදී, මාගෙන් ප‍්‍රකාශයක් ගෙන, ළමයින්ව බාරදෙන් සූදානම් වුනා. නමුත් සැමියාව නැවත වත්තට ගෙනයන්න සූදානම් වුනා.
23. රාත‍්‍රී 7.30 පමණ සැමියාව හා ළමයින්ව මට බාර දුන්නා.
24. එසේ බාරදීමට පෙර, අපගේ උදව්වට පැමිණ සිටි ගමගේ මහතා සමග සිටි තරුණ මහතෙකු ගෙන් ප‍්‍රකාශ්‍යක් ගත්තා. ඔහුගෙ නම දන්නේ නැහැ. අඳුරන්නේ නැහැ.
25. අපව බාර දුන්නේ ඔහුට. ඔහු කිව්වා අප දවස් තුනකින් සල්ලි දුන්නේ නැතිනම්, ඔහු වගකියන්න ඕනි කියා.
26. මාගේ පුතුන්ව, ගෙනත් කූඩු කරන බවට, පොලිස් ස්ථානාධිපති හා කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරිණිය තර්ජණය කලා.
27. මා පසුව දැනගත්තා, අපගේ ඉල්ලීම මත ජනසංසදය, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද දැනුම්දීම මත විමර්ශණ නිලධාරීන්ගේ දැඩිව මැදිහත්වී, මාගේ සැමියාව හා දරුවන්ව නිදහස් කල බව.
28. මේ පිලිබඳව ළමා ආරක්ෂක අධිකාරියට කතා කලද, කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත.
මා ප‍්‍රකාශ කරන්නේ,
1. මේ රටේ ඉංදීය සම්භවයකින් පැවත එන, වතු දෙමළ වශයෙන් හඳුන්වන අපට මේ දක්වා ජාතික හැඳුනුම්පතක්, ඡන්ද අයිතියක්, ස්ථිර පදිංචියක් නැති බව.
2. අප පවුලම, එක් වත්තක අයිතිකරුවකු විසින් තවත් වත්තක අයිතිකරුවකුට විකුණමින් මිනිස් ජාවාරම් කර ඇති බව බව. අප වහලූන් බව.
3. අප ජීවිත කාලය තුල කිසිම කම්කරු අයිතියක් අපට හිමි නැත. වැඩ කරන වේලාවක් නැත. නියමිත පඩියක් නැත. අර්ථසාධක අරමුදලක් නැත.
4. පොලිසිය අපට සැලකුවේ මිනිසුන් වශයෙන් නොවේ.
5. මෙරටේ තවමත් වහල් සේවය පවතිනවා. එය ආරක්ෂා කරන්නේ පොලිසිය ඇතුලූ අනෙකුත් අදාල ආයතන.
මා ඉල්ලා සිටින්නේ,
නොපමා, මිනිස් ජාවාරම් කරුවකුගේ අවශ්‍යතාවයට, නීති විරෝධිව ක‍්‍රියාකල හබරාදුව පොලිසියේ ස්ථානාධිපති ට එරෙහිව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට,
අවු: 03 දැරියක් ඇතුලූව පස්දෙනෙකුව දින 07ක් පුරා නීති විරෝධිව ර`දවාගෙන සිටි වත්තේ අයිතිනරු වන යු.කේ.ජි. සම්පත් නැමැත්තාට එහෙිව නීතිමය පියවර ගන්නා ලෙසට,
අපට හිමි කම්කරු අයිතීන් ලබා දෙන ලෙසට
අපට ආරක්ෂාව සලසන ලෙසට
මෙයට,
කන්දයියා ඉන්ද්‍රානි
පිටපත්,
1. ලේකම්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය
2 . සභාපතිනි, ළමා ආරක්ෂක අධිකාරිය
දැ.ගැ. පි. හා අවශ්‍ය කටයුතු සඳහා
Sunday, November 8, 2015
පෙළපාලි, උද්ඝෝෂණ අයිතියක්. නීත්‍යානුකූල ක‍්‍රියාවක්. මූලික අයිතිවාසිකමක්.
පොලිසිය නීතියට යටත්. පෙළපාලි සංවිධානය කිරීම, එ්වාට සහභාගී වීම, පෙළපාලි පැවැත්වීම ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක රටවැසියන්ගේ අයිතිවාසිකමකි. එය නීත්‍යානුකූල ක‍්‍රියාවකි. එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත මූලික අයිතිවාසිකමක්.
2015.10.29 වන දින, උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ පෙළපාලියට කැරළි මර්ධන පොලිසිය යොදවා මර්ධනය කිරීම සම්බන්ධව ජනසංසදය ජාතික පොලිස් කොමිෂන් සභාව අමතන ලද ලිපියේ මෙසේද සඳහන් වේ,
ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව ප‍්‍රකාශ වී තිබේ. එසේ පරීක්ෂණයක් පවත්වන්නේනම්, එම පරීක්ෂණයේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙසට ඉල්ලා සිටිමු.
මහජන පෙළපාලි.
පෙළපාලි සංවිධානය කිරීම, එ්වාට සහභාගී වීම, පෙළපාලි පැවැත්වීම ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක රටවැසියන්ගේ අයිතිවාසිකමකි. එය නීත්‍යානුකූල ක‍්‍රියාවකි. එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත මූලික අයිතිවාසිකමක්.
රට වැසියන් විසින් සිය ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ක‍්‍රියාවට නංවමින් සිටින විට පොලිසියේ රාජකාරිය විය යුත්තේ, එම අයිතීන් ක‍්‍රියාවට නංවන රට වැසියන්ගේ ආරක්ෂාව සැලසීමය.
එ්කාධිපති හෝ අර්ධ එ්කාධිපති රාජ්‍යයන් පෙළපාලි තහනම් කරන විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් සලකන්නනේ පොදු ජන ජීවිතය තුළ රටවැසියන් ගේ අයිතීන් ක‍්‍රියාවට නැංවීමක් ලෙසටය. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස, රැුස්වීමේ නිදහස, සංවිධානය වීමේ නිදහස එමගින් පිළිඹිබු කරන බවයි.
පෙළපාලි කැරලි ගැසීම් ලෙසට හඳුන්වාදීම
මහජනයා තම අයිතීන් උදෙසා, ප‍්‍රසිද්ධ ස්ථානවල උද්ඝෝෂණ, පෙළපාලි පවත්වන විට -
ඒවා ”කැරළි ගැසීම්” ලෙසට හඳුන්වා ක‍්‍රියා කිරීම පොලිසියේ පිළිවෙත වී තිබේ.
මෙහිදී, ආණ්ඩුවට එරෙහිව පවත්වන පෙළපාලි මර්ධනයට යුහුසු`ඵව ඉදිරිපත් වන පොලිසිය, ආණ්ඩුවට පක්ෂ සහ ආණ්ඩු විරෝධී පෙළපාලි මර්ධනයට එක්වන මැරයින්ට රැුකවරණ ලබාදීමට කාර්යක්ෂමව ඉදිරිපත් වේ.
මහජන උද්ඝෝෂණ මර්ධනයට, ජල ප‍්‍රහාර, කඳුලූ ගෑස්, බැටන් ප‍්‍රහාර , වෙඩි තැබීම් සිදු කිරීමෙන් පසුව, එම ක‍්‍රියාව සාධාරණීය කිරීමට, ජන මාධ්‍ය උපයෝගී කර ගැනීම සුලභ කරුණකි.
එ් පිලිවෙත අනුගමනය කරමින්, 2015 ඔක්තොම්බර් 29 දින නිරායුදව තම අයිතීන් උදෙසා පෙළ ගැසුනු උපාධි අපෙක්ෂක අපේක්ෂිකාවන්ට, නීති විරෝධිව මෘග ලෙස පහරදී, පිරිසක් අත්අඩංගුවට ගෙන, විසිරුවා හැරීමට පියවර ගත්තේ කැරලි මර්ධන පොලිසිය යොදවමින්ය. ක`ථ ඇඳුමින් සැරසී, සන්නද්ධව සිටි මෙම හමුදාව, දුවන උපාධි අපෙක්ෂක අපේක්ෂිකාවන්ට එලව එලවා පහර දෙන ලදි. වැටුණු අයට පහර දෙන ලදි. උපාධි අපේක්ෂිකාවන් ට ඇද පහර දෙන ලදි.
මහජන උද්ඝෝෂණ, පෙළපාලි මර්ධනයට සෑම ආණ්ඩුවක්ම, පොලිසි යෙදවූයේ ආණ්ඩු විරෝධය ප‍්‍රදර්ශනය වීම් මර්ධනය කිරීමටය.එවන් අවස්ථා අතීතයේ එමටය. මිනිස් ජීවිත අහිමි කිරීම වලින් කෙළවරවූ අවස්ථා බොහෝය.
මේ සෑම අවස්ථාවකම පොලිසිය, එවක ආණ්ඩුව හා එක්ව, එම ක‍්‍රියාව සාධාරණය කළ අතර, පොලිසිය නීතියට යටත් නැති ආයතනයක් බව ඔප්පු කළේ එම ක‍්‍රියාවන්ට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පියවර නොගෙන, දඬුවම් නොලබා සිටීමේ වරප‍්‍රසාදය ද හිමි කර දුන්නේය.
පොලිසිය නීතියට යටත් බව
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යටතේ හෝ වෙනත් නීතියක් යටතේ, මහජන උද්ඝෝෂණ මර්ධනයට පොලිසියට අයිතියක් නැත. එවන් ක‍්‍රියාවන් නීති විරෝධී වේ.
පොලිසියේ මෙවන් නීති විරෝධී ක‍්‍රියාවන් අභියෝගයට ලක කරන ලද අවස්ථා සෑම අවස්ථාවකම, පෙර සඳහන් කළ පරිදි, පොලිසිය පෙළපාලි කැරැුල්ලක් ලෙසට හැඳින්වීම, නීති විරෝධී, අනවසර ක‍්‍රියාවක් බවට පෙන්වීමට ගත් උත්සාහයන්, එවක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු ගණනාවක් මගින් ප‍්‍රතික්ෂේප කර තිබේ.
එම ක‍්‍රියාවන්ට මූලික වූ නිලධාරින් මූලික අයිතීන් උල්ලංඝණයන් කර ඇති බවට නිගමනය කර තිබේ. පොලිස්පති වගකිව යුතු බව, රජය වගකිව යුතු බව ප‍්‍රකාශ කර නිගමනය කර ඇත.
පරීක්ෂණයේදී අවධානය කැඳවිය යුතු කරුණු යෝජනා.
මෙම, 2015.10.29 උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් ගේ, පෙළපාලිය උද්ඝෝෂණය - මර්ධනය කිරීමට කැරලි මර්ධන පොලිසිය කැඳවීමට, නියෝග ලබාදුන් උසස් පොලිස් නිලධාරියා කව්ද? එම උසස් පොලිස් නිලධාරියා ක‍්‍රියා කළේ පොලිසිය බාර ඇමතිවරයාගේ උපදෙස් හෝ අනුදැනුම ඇතිව බවද,
එසේ නැතිනම් එ් සඳහා අනුමැතිය ජනාධිපති, අගමැති හෝ උසස් අධ්‍යාපනය බාර අමැතිවරයා ගෙන් උපදෙස් ලැබුනාද යන්න බව- හෙළි දරව් කිරිම,
මෙම සිද්ධියට වගකිවයුතු උසස් නිලධාරීන්ට එරෙහිව, නීති විරෝධී නියෝග මත ක‍්‍රියාකළ නිලධාරීන්ට එරෙහිව, විනය පියවර ගැනීම. ඉදිරියේදී, මහජන පෙලපාලි උද්ඝෝෂණ වලට කැරලි මර්ධන පොලිසිය නොයෙදවීමට පියවර ගැනීම,
පෙළපාලි, උද්ඝෝෂණ අයිතියක් බව තහවුරු කිරීම හා එ්වාට ආරක්ෂාව ලබාදීම, යන කරුණු කෙරෙහි ජාතික පොලිස් කොමිෂමේ වගකීම බවද වැඩිදුරටත් ජනසංසදය යෝජනා කර සටී.
හැප්පුනු එකා පන අදිනවා. පොලීසිය පගාව අරන් AUDI රියදුරු අයිතිකරුව ගෙදර යවලා.
පොලිසියට රිය අණතුර වැළැක්වීමට අවශ්‍ය නැ. රිය අණතුරක් සිදුවන සෑම අවස්ථාවකම පොලිසියේ ලොක්කන්ට වාසියි.
මහෙම කියන්නේ රිය අනතුරට භාජනය වි තවමත් අව සිහියෙන් රෝහලේ සිටින සුනිල් ප‍්‍රනාන්දුගේ පුතා ජානක ප‍්‍රනාන්දු. ඔහු ජාතික පොලිස් කොමිෂන් සභාවට, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පති ට කරන පැමිණිල්ලේ මෙසේ සඳහන් කරනවා.
කාර් එක අයිතිකරු මොහොමඞ් ජබීර් මොහොමඞ් සප්රාස්. කාර් එකේ අංකය WP KR6202. 2015.10.31 රාත‍්‍රියේ, 9.30ට පමණ මොරටුව පානදුර නව ගාලූ පාරේ, කොරළවැල්ල ජනප‍්‍රිය මාවත ඉදිරිපිට තිබෙන කහ ඉරේදී ෙදාන් සුනිල් ප‍්‍රනාන්දු, හප්පා ඇත්තේ මෙම කාර් එකයි. හප්පු කාර් එකෙන්ම, පානදුර රොහලට ගෙන ගිහිල්ලා බාරදිලා. රොහලේ සටහන් වන්නේ බාරදීපු කොනෙක් නැත. හැප්පි ඇති අයට නමක් නැත කියා.
2015.10.31 රාත‍්‍රියේ, 9.30 පමණ මාගේ පියා, නිවසේ සිට නව ගාලූ පාරට ගියා. වයස අවු: 45යි, කම්කරුවෙක්. ආපසු ගෙදර ආවේ නැහැ. රාත‍්‍රියේ සෑම තැනම සෙව්වා හමුවුනේ නැහැ.එ් නිසා. පසුදින උදේ, 2015.11.01, උදේ 10 ට පමණ, මෝදර පොලිස් මුර පොලට පියාගේ අතුරුදහන්වීම ගැන පැමිණිලි කරන්නට ගියා. මෝදර මුරපොල පැමිණිල් බාර නොගෙන මොරටුව පොලිසියට යැව්වා. එ් අනුව මොරටුව පොලිසියට ගියා. එවිට වේලාව උදේ 10.20 පමණ ඇති.
පැමිණිල්ල බාර ගන්න බැරි බව පොලිසියේ පැමිණිලි බාර නිලධාරියා කියා සිටියා. නැවත වරක් සෑම තැනම පියා ගැන සෙව්වා. පානදුර, ලූනාව රෝහල් දෙකට ගියා. නමුත් හමුවුනේ නැහැ. එදින දවසම සොයා, පසුදින 2015.11.02 දිනද සවස මොරටුව පොලිසියට ගියා. නමුත් එදිනද පැමිණිල්ල බාර ගැනීම ප‍්‍රතික්ෂේප කලා.
2011.11.03 වන දින උදේ ආරංචියක් ලැබුනා. නව ගාලූ පාරේ, කොරළවැල්ල ජනප‍්‍රිය මාවත ඉදිරිපිට තිබෙන කහ ඉරේදී කෙනෙකුව කාර් එකක හැපුනා. එම පුද්ගලයාව හප්පපු කාර් එකෙන්ම, පානදුර රෝහලට ගෙන ගියා කියලා.
එ් අනුව, පානදුර රෝහලට පැමිණ සෝදිසි කරන විට දැනගන්න ලැබුනා - නම නොදන්නා පුද්ගලයකුව කාර් එකක හැප්පිලා, රෝහලට ගෙනත් දාලා ගිය බව. එම පුද්ගලයාගේ තත්වය බරපතල නිසා එදිනම කොළඹ ජාතික රෝහලට මාරු කල බව. රෝහලට බාර දුන්නේ කව්ද කියා දන්වලා නැති බවද, රෝහල කියා සිටියා.
කොළඹ ජාතික රෝහලට (2015.11.02) ගිය පසුව, පියාව, අසාධ්‍ය තත්වයේ, දැඩි සත්කාර එ්කකයේ සිටින බව. නමක් ගමක් නැති එ් පුද්ගලයා මගේ පියා බව හඳුනා ගත්තා. ඔහු සිටියේ සිහිය නැතිව. දැනට පියා පානදුර මූලික රෝහලේ 1 වාට්ටුවේ 18 ඇඳේ- සිහි කල්පනාව නැතිව සිටීනවා.
මොරටුව පොලිසියට ගියා. එහිදී ස්ථානාධිපති වයි.කේ.ජයන්ත (දුරකථන අංකය 077 31 29 782) මුණ ගැසුනා. ඔහු අපට බැණ තර්ජණය කලා. පැමිණිලි බාර නොගැනීම ගැන කියන විට තර්ජණය කලා. ස්ථානාධිපති වයි.කේ.ජයන්ත කිව්වා - දැන් කරන්න දෙයක් නෑ. රියදුරාවයි කාර් එකයි නිදහස් කලා කියලා.
ඔහු කිව්වා නඩු අංකය 1802/15 බවත්, නඩු දිනය 2015.11.11 බව. පසුව මට දුරකථනයෙන් කිව්වා නඩු දිනය 2015.12.02 බව. කාර් එක අයිතිකරු මොහොමඞ් ජබීර් මොහොමඞ් සප්රාස් යයි රාළහාමි කෙනෙක් කොළ කෑල්ලක ලියා දුන්නා. කාර් එකේ අංකයWPKR 6202 බවද ලිය දුන්නා.
මෙම විස්තර දීමට පෙර, ස්ථානාධිපති වයි.කේ.ජයන්ත මට තර්ජණය කලා, මීට පස්සේ පොලිසියට එනකොට තනියෙන් එන්න, වෙන අය එකක් එන්න එපා, මා සමග ගිය අයට ආයෙත් ආවොත් ඔහුට බෝම්බ දමන බවට ද තර්ජනය කලා.
2015.11.06 දින ගල්කිස්ස පොලිසියට ගොස් මේ අනතුර පිලිබඳව කීවද, පලක් වූයේ නැහැ. මගේ පැමිණිල්ල ලියා ගත්තේ නැහැ. මා ගල්කිස්ස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ගියා. ඔහු මොරටුව ස්ථානාධිපතිට දුරකථනයෙන් කතා කර, ''උඹලා මාර මිනිස්සු, යන්නේ නැද්ද කටඋත්තරයක් ගන්න, එ් මිනාහා මැරුනත් එච්චරයි” යයි කිව්වා. ඊට පස්සේ මට යන්න කිව්වා. එදින සවස (2015.11.06) මොරටුව පොලිසියෙන් පියාව බලන්න ඇවිත් තිබුනා. පියාට කතාකරන්න බෑ. පස්සේ එන්නම් කියා ගහිල්ලා තිබුනා.
2015.11.08 උදේ 10 ට විතර, මට සංජය නැමැති අය කිව්වා, ජනප‍්‍රිය මාවතේ, හිටපු නගර සභා මංත‍්‍රී වරයෙකු හා ලී බිස්නස් කරන දිනේෂ් යන අයව හමුවන්න කියා. මා දිනේෂ් යන අයව හමුවුනා. ඔහු මට කිව්වා, මොරටුව පොලිසියට ගොස් ස්ථානාධිපතිව හමුවන්න, කාර් එකේ අයිතිකාරයත් ඇවිල්ලා ඉන්නවා කියා.
මම එ් අනුව පොලිසියට ගියා. එවිට වේලාව 11.30 පමණ ඇති. මම ට‍්‍රැෆික් අංශයට ගිහින් කිව්වා ස්ථානාධිපති එන්න කිව්වා කියා. මට කිව්වා ටිකක් ඉන්න, ස්ථානාධිපති කට්ටියක් එකක් කොහාටද ගියා කියා. මා ඉන්නකොට, සුදු වෑන් එකකින් ස්ථානාධිපති ආවා. එ් වෑන් එකේ පියාව හප්පපු අයිතිකරු හිටියා. තවත් පිරිසක් වෑන් එකෙන් ඇවිත් හිටියා. අව්ඩි වර්ගයේ කාර් එකක් ද පොලීසියට ඇවිත් තිබුනා.
වෑන් එකෙන් බැහැල එන ස්ථානාධිපති මාව දැක්කා. මට ඔහුගේ කාමරයට එන්න කිව්වා. කාමරයේදී, ස්ථානාධිපති මට අයිතිකරුව පෙන්නා, මෙයා තමයි තාත්තාව හප්පලා තියෙන්නේ කියා, එසේ පෙන්නා, මෙයත් එක්ක බේරා ගන්න කියා මට කිව්වා. එම පුද්ගලයා මට, ස්ථානාධිපති ඉදිරිපිටදීම කිව්වා, මම තමයි ඔයාගේ තාත්තව හැප්පුවේ, මමයි පානදුර රෝහලට ගෙනිච්චේ කියා. ඕනිනම් බෙහෙත් කරන්න 20,000/=ක් දෙන්නම්, පස්සේ උසාවියේදී සාධාරණයක් කරන්නම් කිව්වා.
ඊට පස්සේ,තාත්තාව හප්පපු වාහනයේ නොම්මර තහඩුව ගලවා, ඔහු ගෙනා ලොරියක, වාහනය පටවාගෙන ගියා. එම ලොරියේ අංකය WP Lk 3501 වේ. මගේ පියාව හප්පපු කාරය අවුඩි වර්ගයේ අලූත්ම කාර් එකක්.
මොරටුව පොලිසියේ ස්ථානාධීපති වයි.කේ.ජයන්ත - මාගේ පියාව හප්පා බරපතල තුවාල සිදුකර, තවමත් සිහිය නැතිව රෝහලේ සිටියදී, කාර් එකේ රියදුරා හා අයිතිකරු, මොහොමඞ් ජබීර් මොහොමඞ් සප්රස් ව, අධිකරණයට බොරු කියා, ඇප මත මුදාහැරීමට ක‍්‍රියා කිරීම, හප්පපු අලූත්ම අවුඩි වර්ගයේ මෝටර් රථය මුදා හැරීම, සියල්ල දැනගෙන පියාගේ අතුරුදහන්වීම් පිලිබඳ පැමිණිලි ලියා නොගැනීම, රිය අනතුර වසන් කිරීම මගින්, පැහැදිලි වන්නේ, පොහොසත් හා බලවතෙකු වන මොහොමඞ් ජබීර් මොහොමඞ් සප්රස් ව බේරා නිදහස්ව ඉන්නට ඉඩ හැරියේ විශාල අල්ලසක් රැගෙන හා / හෝ බලවතෙකුගේ අවශ්‍යතාවයට බව.
තවදුරටත් කියා සිටින්නේ, පොලිසියට රිය අණතුර වැළැක්වීමට අවශ්‍ය නැති බව, රිය අණතුරක් සිදුවන සෑම අවස්ථාවකම පොලිසියේ ලොකු මහත්වරුන්ට එය වාසි දායක බවයි. මන්ද, රිය අණතුරුවලට භාජනය වන්නේ, පයින් යන දුප්පතුන්ය. එ් අයව අනතුරට පත් කරන්නේ, සල්ලිකාරයින්, බලවතුන්ය.
ඔහු ඉල්ලා සිටින්නේ, මෙම රිය අණතුර පිළිබඳ පරීක්ෂණ මොරටුව පොලිසියෙන් ඉවත්කර, පොලිස් මූලස්ථානයේ විශේෂ නිලධාරීන් යොදවා පරීක්ෂණ කර, අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටය. මෙම අණතුර සිදුකල පුද්ගලයාව රැකිගැනීමට ක‍්‍රියාකල මොරටුව පොලිසියේ ස්ථානාධිපති වයි.කේ.ජයන්තට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට. පොලිස් තර්ජණ වලින් ආරක්ෂා කරන ලෙසටය.
අපරාධය කරන ලද තැනැත්තාගෙන් අල්ලස් ගෙන මුදාහැරීම අපරාධයක් බව කියා සිටින ඔහු මෙම සිද්ධිය ජනාධිපති, අගමැති, නීතිය හා සාමග පිලිබඳ ඇමති හා නීතිපති ගේ දැන ගැනීම සඳහා යොමු කර තිබේ.
සටහන:- රිය අනතුරු වළැක්වීම ගැන දෙසන ඊනියා පඬිවරු, මාධ්‍යය රිය අනතුරු වැළක්වීමට පොලීසියට කිසිම අවශ්‍යය තාවයක් නැති බව කීමෙන් වැළකි සිටි. එමෙන්ම රිය අනතුරු දඩ මිමා කරගෙන පොලිස් ලොක්කන් හා පෙඞ්ඩන් කරන ජඩ වැඩ හෙළි කරන්නේ නැත. මාර්ග නීති උපයෝගි කර ගන්නේ පගා ගහන්නත්, භාණඩාගාරය තර කරන්නත් ය. හොඳම පොලීසිය දඩ වැඩියෙන් ඒකතු කරන පොලීසියයි.
Saturday, November 7, 2015
මෛත‍්‍රී - රනිල් මධු සමය අවසානය හා සිවිල් සමාජය නන්නත්තාර වීම !
සිවිල් සමාජයේ පිරිසක්, සිවිල් යුද්ධය අවසානයෙන් පසුව, රාජපක්ෂ පාලනය අවසන් කළ යුතු බවට වන නිගමනයට තනි තනිවත් සාමූහිකවත් එළඹීය. තනි තනිව, තමන්ට හැකි පමණින් තම ශක්ති ප‍්‍රමාණයට මෙම මතය රටවැසියන් තුළ තහවුරු කිරීමට ද, එ් මතය වටා සංවිධාන ගතවීමට තවත් පිරිසක් ද පියවර ගනු ලැබීය විය.
මෙම සංවිධාන ගත වූ පිරිස පොදු තේමාවන් ඉදිරිපත් කරමින් ජන මතය ගොඩ ගැනීමට කථිකා කර, එ් සඳහා සංවිධානය විය. මෙම පිරිස එකම වේදිකාවට පොදු තේමාව යටතේ ගොඩ වුව ද, අරමුණු, ඉලක්ක න්‍යාය පත‍්‍ර වෙනස්වූ එ්වා විය.
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග සංවිධානාත්මකව පෙරට ආ මෙම පිරිස වටා, පෙර සඳහන් කළ තනි තනිව, රාජපක්ෂ පාලනය නිමා කළ යුතුය යන නිගමනයට පැමිණි සිවිල් රට වැසියන් ද එ්කරාශී විය. එ් අතරම, ඊට ප‍්‍රතිවිරුද්ධව රාජපක්ෂ පාලනය රැුක ගැනීම සඳහා ඉදිරිපත් වූ සිවිල් රට වැසියන් ද, සංවිධාන ද විය. ඔවුන් ද වේදිකා තනාගෙන එ් සඳහා පෙනී සිටියේය.
රාජපක්ෂ පාලනය අවසන් කිරීමෙන් පසුව ප‍්‍රසිද්ධ වේදිකාවල ප‍්‍රකාශවූ සහ ප‍්‍රතිපත්ති මාලාවලින් ඉදිරිපත් කළාවූ ද කරුණු ඉටු වේ යැයි එසේ නැති නම් ඉටු කරාවිය යයි යන විශ්වාසය තිබූ කිසිවකු සිටියා ද යන්න ගැන නම් ඇත්තේ සැකයකි.
නමුත් රාජපක්ෂ පාලනය අවසානය සමග ඇති වූ නිදහස් අවකාශය උපරිම ලෙසට ප‍්‍රයෝජන ගනිමින්, එම නිදහස් අවකාශය අවකාශය රැුක ගැනීම බහුතරයේ අරමුණ වූ බවට නම් සැකයක් නැත.
ජනාධිපතිවරණයෙන් පසුව හා මහ මැතිවරණය අතර කාලය තුළ රාජපක්ෂ පාලනය අවසන් කිරීමට දැක්වූ උනන්දුව, අධිෂ්ඨානය එ් සඳහා කැප වූ සිවිල් සමාජයෙන් ඈත් වන්්නට පටන් ගත්තේ සීඝ‍්‍රයෙනි. එ් බවට හොඳම උදාහරණය, ජනාධිපතිවරණය සමයේ සිවිල් සංවිධාන එකතුවන්ගේ ක‍්‍රියාකාරකම්වලට, එක් වූ පිරිස හීන වීමෙන් මනාව ඔප්පු කර සිටියේය. ඔවුන්ට විද්්‍යුත් මාධ්‍යය හරහා ජනතාව ඇමතීමට හැර ජනතාව අතරට ගොස් ජනතාව ඇමතීමට තිබූ හැකියාව ඇහිරිණ.
මහ මැතිවරණයෙන් පසුව ගත වූ සිව් මාසය තුළ සිවිල් සමාජ ක‍්‍රියාකාරිත්වය අවම මට්ටමකට පත්ව තිබේ. එ් බව පෙන්නුම් කරන සාධකයකි, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකුට සීමා වී ඇති විද්්‍යුත් මාධ්‍යය සාකච්ඡුාවන්. රාජපක්ෂ පාලනය අවසන් කිරීමට පෙරමුණ ගත් සිවිල් සමාජයේ කළකිරිම සැම තැනකදීම ප‍්‍රකාශ වේ. ජනාධිපතිවරණයේ කැපී පෙනුණු සිවිල් සමාජ චරිත හා සංවිධාන බෙදී ඇති බවක් පෙන්නුම් කරයි.
ජනාධිපතිවරණයේදී පෙරට ආ සිවිල් සමාජය, සිවිල් සමාජ සංවිධාන, රාජපක්ෂ පාලනයට එරෙහිව ජනතාව අතරට පිවිසියේ ජීවිත පවා පරදුවට තබමින් බව කිව යුතුයි. අද එ් ප‍්‍රමුඛත්වය ගත් සිවිල් සංවිධාන නායකයන් සමහරක ගේ ක‍්‍රියාකලාපය වී ඇත්තේ පොදු අරමුණ හා ඉලක්කය සපුරා ගැනීම නොව තම තමන්ගේ අරමුණු, ඉලක්ක හා න්‍යාය පත‍්‍ර අනුව ඉදිරියට යෑමටය. මධ්‍යස්ථ පිරිස නිහඬව පසෙකට වී ඇත. බහුතරය කාලයට ඉඩ දී සිටිනවා වෙන්නට පු`ඵවන.
දැනට රටේ ආණ්ඩු දෙකක් පවතින බව පිළිගැනීමයි. එක රජයක්, ආණ්ඩු දෙකක්. ආණ්ඩු දෙක අතර පවතින බල අරගලය කරලියට එමින් පවතී. ජනතා අපේක්ෂාවන්ට විස`දුම් පෙනෙන තෙක් මානයක නැත. එ් අතර ආණ්ඩු දෙක තරඟයට මාධ්‍ය සංදර්ශන පවත්වාගෙන ගියත් එ් පිළිබඳ බහුතර සිවිල් සමාජය අවධානය යොමු කරන්නට කාලය මිඩංගු නොකරයි.
ආණ්ඩු දෙකේම මැති ඇමතිවරු සුපුරුදු සොරකමට, ජනතාව රැුවටීමට ¥ෂණයට යොමුව තිබේ. නිලධාරී පැළැන්තිය තම සුපුරුදු සෙල්ලම බාධාවකින් තොරව කරගෙන යයි. ආණ්ඩු දෙකේම නායක දෙපළ ද ඇතු`ඵව ද`ඵලා එන ‘‘කෙරුම්’’ නොබෝ දිනකින් මහා පරිමාණ ¥ෂණ අක‍්‍රමිකතා බවට පරිවර්තනය වනු නිසැකය. එවිට එල්ලූම් ගහේ එල්ලූනා සේම සුදු වෑන් ද යළිත් පාරට දැමීමට ද සිදු වුවහොත් පුදුම විය යුතු නැත.
එ් නිසා ”මධු සමය” පවතින මේ සමයේ සිවිල් සමාජය, තම පුද්ගලික ලාබ ප‍්‍රයෝජනවලින් මිදී පොදුවේ දිනා ගත් නිදහස රැුකගෙන, නිදහස තිරසාර එකක් බවට පත් කිරීමට දුන් පොරොන්දු අනුව අත්‍යාවශ්‍ය අණ පනත් සංශෝධනය සඳහා ක‍්‍රියාවට නැංවීම පෙරමුණට ආ යුතුයි. මහා දේපළ ඇතු`ඵ ආණ්ඩු දෙකෙන් කවරෙකු හෝ සිදුකරන වංචා ¥ෂණ අක‍්‍රමිකතා පළමුව හෙළිදරව් කර එය වැළැක්වීමට උපරිම ක‍්‍රියා මාර්ගවලට යා යුතුයි.
එ් තුළ රාජපක්ෂ පාලනය අවසන් කළ සිවිල් සමාජයට අනාගතයක්, එනම් රටට අනාගතයක් හිමි කර දීමට ශක්තිය ලැබෙනු ඇත.
ආණ්ඩු දෙකේම සිටින්නන් සුපිලිපන්න අය නොවේ. හුණු ඇත්තේ කිල්ලෝටවල නොව කන්ටේනර්වලය. ආණ්ඩු සැදීමට වඩා බොහෝ අසීරු දෙයකි පවත්වාගෙන යෑම. එ් බව රාජපක්ෂ පාලනය පෙරළීමට මුල් වූ ජීවිත පරදුවට තබා පෙරට ආ සිවිල් සමාජ ක‍්‍රියාකාරින්, තනිව හා සංවිධාන වශයෙන් නොබෙදී, නිසි පියවර ගනු නොලැබුව හොත් වසර දෙකේ මෛත‍්‍රී - රනිල් මධු සමය අවසානය සමග, දීගය කැඞීම හා සමාන්තරව රාජපක්ෂ පාලනය අවසන් කිරීමට පෙරමුණ ගත් සිවිල් සමාජය ද නන්නත්තාර වීම වැළැක්විය නොහැකිවනු ඇත.
මෙම සංවිධාන ගත වූ පිරිස පොදු තේමාවන් ඉදිරිපත් කරමින් ජන මතය ගොඩ ගැනීමට කථිකා කර, එ් සඳහා සංවිධානය විය. මෙම පිරිස එකම වේදිකාවට පොදු තේමාව යටතේ ගොඩ වුව ද, අරමුණු, ඉලක්ක න්‍යාය පත‍්‍ර වෙනස්වූ එ්වා විය.
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග සංවිධානාත්මකව පෙරට ආ මෙම පිරිස වටා, පෙර සඳහන් කළ තනි තනිව, රාජපක්ෂ පාලනය නිමා කළ යුතුය යන නිගමනයට පැමිණි සිවිල් රට වැසියන් ද එ්කරාශී විය. එ් අතරම, ඊට ප‍්‍රතිවිරුද්ධව රාජපක්ෂ පාලනය රැුක ගැනීම සඳහා ඉදිරිපත් වූ සිවිල් රට වැසියන් ද, සංවිධාන ද විය. ඔවුන් ද වේදිකා තනාගෙන එ් සඳහා පෙනී සිටියේය.
රාජපක්ෂ පාලනය අවසන් කිරීමෙන් පසුව ප‍්‍රසිද්ධ වේදිකාවල ප‍්‍රකාශවූ සහ ප‍්‍රතිපත්ති මාලාවලින් ඉදිරිපත් කළාවූ ද කරුණු ඉටු වේ යැයි එසේ නැති නම් ඉටු කරාවිය යයි යන විශ්වාසය තිබූ කිසිවකු සිටියා ද යන්න ගැන නම් ඇත්තේ සැකයකි.
නමුත් රාජපක්ෂ පාලනය අවසානය සමග ඇති වූ නිදහස් අවකාශය උපරිම ලෙසට ප‍්‍රයෝජන ගනිමින්, එම නිදහස් අවකාශය අවකාශය රැුක ගැනීම බහුතරයේ අරමුණ වූ බවට නම් සැකයක් නැත.
ජනාධිපතිවරණයෙන් පසුව හා මහ මැතිවරණය අතර කාලය තුළ රාජපක්ෂ පාලනය අවසන් කිරීමට දැක්වූ උනන්දුව, අධිෂ්ඨානය එ් සඳහා කැප වූ සිවිල් සමාජයෙන් ඈත් වන්්නට පටන් ගත්තේ සීඝ‍්‍රයෙනි. එ් බවට හොඳම උදාහරණය, ජනාධිපතිවරණය සමයේ සිවිල් සංවිධාන එකතුවන්ගේ ක‍්‍රියාකාරකම්වලට, එක් වූ පිරිස හීන වීමෙන් මනාව ඔප්පු කර සිටියේය. ඔවුන්ට විද්්‍යුත් මාධ්‍යය හරහා ජනතාව ඇමතීමට හැර ජනතාව අතරට ගොස් ජනතාව ඇමතීමට තිබූ හැකියාව ඇහිරිණ.
මහ මැතිවරණයෙන් පසුව ගත වූ සිව් මාසය තුළ සිවිල් සමාජ ක‍්‍රියාකාරිත්වය අවම මට්ටමකට පත්ව තිබේ. එ් බව පෙන්නුම් කරන සාධකයකි, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකුට සීමා වී ඇති විද්්‍යුත් මාධ්‍යය සාකච්ඡුාවන්. රාජපක්ෂ පාලනය අවසන් කිරීමට පෙරමුණ ගත් සිවිල් සමාජයේ කළකිරිම සැම තැනකදීම ප‍්‍රකාශ වේ. ජනාධිපතිවරණයේ කැපී පෙනුණු සිවිල් සමාජ චරිත හා සංවිධාන බෙදී ඇති බවක් පෙන්නුම් කරයි.
ජනාධිපතිවරණයේදී පෙරට ආ සිවිල් සමාජය, සිවිල් සමාජ සංවිධාන, රාජපක්ෂ පාලනයට එරෙහිව ජනතාව අතරට පිවිසියේ ජීවිත පවා පරදුවට තබමින් බව කිව යුතුයි. අද එ් ප‍්‍රමුඛත්වය ගත් සිවිල් සංවිධාන නායකයන් සමහරක ගේ ක‍්‍රියාකලාපය වී ඇත්තේ පොදු අරමුණ හා ඉලක්කය සපුරා ගැනීම නොව තම තමන්ගේ අරමුණු, ඉලක්ක හා න්‍යාය පත‍්‍ර අනුව ඉදිරියට යෑමටය. මධ්‍යස්ථ පිරිස නිහඬව පසෙකට වී ඇත. බහුතරය කාලයට ඉඩ දී සිටිනවා වෙන්නට පු`ඵවන.
දැනට රටේ ආණ්ඩු දෙකක් පවතින බව පිළිගැනීමයි. එක රජයක්, ආණ්ඩු දෙකක්. ආණ්ඩු දෙක අතර පවතින බල අරගලය කරලියට එමින් පවතී. ජනතා අපේක්ෂාවන්ට විස`දුම් පෙනෙන තෙක් මානයක නැත. එ් අතර ආණ්ඩු දෙක තරඟයට මාධ්‍ය සංදර්ශන පවත්වාගෙන ගියත් එ් පිළිබඳ බහුතර සිවිල් සමාජය අවධානය යොමු කරන්නට කාලය මිඩංගු නොකරයි.
ආණ්ඩු දෙකේම මැති ඇමතිවරු සුපුරුදු සොරකමට, ජනතාව රැුවටීමට ¥ෂණයට යොමුව තිබේ. නිලධාරී පැළැන්තිය තම සුපුරුදු සෙල්ලම බාධාවකින් තොරව කරගෙන යයි. ආණ්ඩු දෙකේම නායක දෙපළ ද ඇතු`ඵව ද`ඵලා එන ‘‘කෙරුම්’’ නොබෝ දිනකින් මහා පරිමාණ ¥ෂණ අක‍්‍රමිකතා බවට පරිවර්තනය වනු නිසැකය. එවිට එල්ලූම් ගහේ එල්ලූනා සේම සුදු වෑන් ද යළිත් පාරට දැමීමට ද සිදු වුවහොත් පුදුම විය යුතු නැත.
එ් නිසා ”මධු සමය” පවතින මේ සමයේ සිවිල් සමාජය, තම පුද්ගලික ලාබ ප‍්‍රයෝජනවලින් මිදී පොදුවේ දිනා ගත් නිදහස රැුකගෙන, නිදහස තිරසාර එකක් බවට පත් කිරීමට දුන් පොරොන්දු අනුව අත්‍යාවශ්‍ය අණ පනත් සංශෝධනය සඳහා ක‍්‍රියාවට නැංවීම පෙරමුණට ආ යුතුයි. මහා දේපළ ඇතු`ඵ ආණ්ඩු දෙකෙන් කවරෙකු හෝ සිදුකරන වංචා ¥ෂණ අක‍්‍රමිකතා පළමුව හෙළිදරව් කර එය වැළැක්වීමට උපරිම ක‍්‍රියා මාර්ගවලට යා යුතුයි.
එ් තුළ රාජපක්ෂ පාලනය අවසන් කළ සිවිල් සමාජයට අනාගතයක්, එනම් රටට අනාගතයක් හිමි කර දීමට ශක්තිය ලැබෙනු ඇත.
ආණ්ඩු දෙකේම සිටින්නන් සුපිලිපන්න අය නොවේ. හුණු ඇත්තේ කිල්ලෝටවල නොව කන්ටේනර්වලය. ආණ්ඩු සැදීමට වඩා බොහෝ අසීරු දෙයකි පවත්වාගෙන යෑම. එ් බව රාජපක්ෂ පාලනය පෙරළීමට මුල් වූ ජීවිත පරදුවට තබා පෙරට ආ සිවිල් සමාජ ක‍්‍රියාකාරින්, තනිව හා සංවිධාන වශයෙන් නොබෙදී, නිසි පියවර ගනු නොලැබුව හොත් වසර දෙකේ මෛත‍්‍රී - රනිල් මධු සමය අවසානය සමග, දීගය කැඞීම හා සමාන්තරව රාජපක්ෂ පාලනය අවසන් කිරීමට පෙරමුණ ගත් සිවිල් සමාජය ද නන්නත්තාර වීම වැළැක්විය නොහැකිවනු ඇත.
Thursday, November 5, 2015
පොලිස් වධකයින්ට රනිල් ආණ්ඩුවෙන් ලයිසන් දීලා?
ජනාධිපති සිරිසේන -අගමැති රනිල් හයිබි‍්‍රඞ් ආණ්ඩුවේ රනිල් පාර්ශවයෙන් පළමුව පොලිසිය බාර ඇමති පදවිය ජෝන් අමරතුංගට පිරි නැමීය. දැන් තිලක් මාරපනට පිරිනමනවා ඇත.
මේ දෙපලම දුෂකයින් බවට මහා පරිමාණ දුෂකයින් රකින්නට පෙරමුණගත් ආ බවට නොදන්නා කෙනෙක් නැත. පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇවන්ගාඞ් අයිතිකරු චම සේවාදායකයා බව, ඔහුට නීති උපදේස් දෙන්නේ තමා බව තිලක් මාරපන පිලිගත්තේය. එපමණක් නොව, ඇවන්ගාඞ් ජාවාරම ගැන බොරු කියන්නට ගොස් ඇනගත්තේය.
ආණ්ඩුව ශිලාචාර නම් මොහුව ඇමති කමේ තබා ගත නොහැක. මොහු ට ඉල්ලා අස්වන්න යයි කියන්නෙත් නැහැ. එ් මොහු දුෂකයෙක් නිසා. මොහුව ඉවත් කරන්නේත් නෑ. එ් හයිබි‍්‍රඞ් ආණ්ඩුවේ සිරිසේන පිළටද, ඊනියා එ්කාබද්ධ විපක්ෂයටද මොහු වැන්නන් අවශ්‍යය නිසා.
ජාතික පොලිස් කොමිෂම පත් කලද තවමත් පොලිසියට අණ දෙන්නේ එදා මෙන්ම අදත් දේශපාලකයින්ය. පසුගියදා සිසු පෙලපාලියට පහර දෙන්නට පොලිසියට අණ දුන්නේ රනිල් ආණ්ඩුවයි. එයට සෘජුව පොලිසිය බාර ඇමති වගකිව යුතුය. එ් වාගේම දුප්පතුන් අල්ලාගෙන විත් වධදී බොරු චොදනා දමා හිරේ දැමීමට පොලීසය බාර ඇමතියා වගකිව යුතුයි.
බද්දේගම පොලිස් වසමේ පදිංචි නාගොඩ විතානගේ චාන්දනී, 2015.11. 05 දින ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කරමින් කියා සිටින්නේ, 2015.11.04 දින රාත‍්‍රී 11.30 ට පමණ, පුතා මළගෙදරක ගොස් සිටියදී අත්අඩංගුවට ගත් 26 හැවරි දි තම පුතාට වධ දීම පිළිබ`වයි.
ඇය සිය පැමිණිල්ලෙන් මෙසේ කියා සිටි, ‘‘ දුෂ්මන්ත (අවු: 26යි), මාගේ පුතා වේ. ඊයේ, මෙම අත්අඩංගුවට ගැනීම ගැන මා ඔබ හදිසි ඇමතුම් අංකයට කතා කර දැනුම් දුන්නා. ඇමතුම ලබාගත් මහත්මිය මට දැනුම් දුන්නා අද උදේ පොලිසියට ගොස් පහර දී ඇත්නම් දන්වන ලෙසට.
අද දින, 2015.11.05, උදේ 6.00 ට පොලිසියට ගිය විට, ඔහුට හොඳටම පහරදී, මාංචු පිටින්ම, පොලිස් කූඩුවට දමා තිබුනා. ඔහු පැවසුවේ, සැරයන් මාසකෝරාල පහර දුන් බව. මුහුණ කට ඉදිමී තිබුනා. එමෙන්ම, බද්දේගම පොලිසියේ ස්ථානාධිපති පුතාට කුඩුයි බෝම්බයි දමා උසාවියට දාන බවට තර්ජණය කර තිබේ.
මා උදේ 8.00 ට පමණ නීතිඥ මාපලගම විමලරත්න මහතාට මේ බව දැනුම් දුන්විට - විනාඩි 5කින් කතා කරන ලෙසට දැනුම් දුන්නා. එ් අනුව මා විනාඩි 3කින් ඔහුව ඇමතුවා. එවිට, අද උසාවියට දාන බව පොලිසිය පැවසූ බව මට කියා සිටියා. එමෙන්ම , අද උඩුගම උසාවිය පවතින බවත්, වැඩබලන මහේස්ත‍්‍රාත් හැටියට උසාවියේ පෙනී සිටින්නේ තමා බවත් නීතිඥ මාපලගම විමලරත්න මට මහතා කිය සිටියා.’’ ඇය කොමිසමෙන් මා ඉල්ලා සිටින්නේ, බොරු චෝදනා ඉදිරිපත් කිරීම වලක්වන ලෙසට, වධ දීම ගැන නීතිමය පියවර ගන්නා ලෙසට හා පුතා ව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත් කරවන ලෙසට ය.
ATM මුදල් හොරාගේ ගෑනි උපනගරාධිපති ගාවලූ. පොලිසිය බකන් නිලාගෙන!!
තම පියා මිය ගිය දිනට පසු දින, පියාගේ බැංකු මුදල් ATM එකෙන් ලබාගත් පුතාට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක වන්නේ නැත. එ් හොරාගේ බිරිඳ - දෙහිවල ගල්කිස්ස මහ නගර සභෘවේ උප නගරාධිපති ලඟ වැඩ කරන නිසාලූ.
මෙම පුත‍්‍රයා, පියාගේ මිනිය ගෙදර තිබියදීම, ගිණුමේ මුදල් සොරාගෙන, ඉන් නොනැවතී, ගෙදර බඩු මුට්ටු සියල්ලම ලොරියක පටවාගෙන ගොස් තිබේ.
මේ පිළිබඳව මව, මිය ගිය තැනැත්තියගේ බිරිඳ රූපා නන්දසීලි හත්තොටුව, පානදුර දකුණ පොලිසියට පැමිණිලි කරන්නට ගිය විට පැමිණිල්ල බාර ගැනීම පවා ස්ථානාධිපති ප‍්‍රතික්ෂේප කර තිබේ. පැමිණිල්ල ලියාගෙන ඇත්තේ සහකාර පොලිස් අධිකාරී වරයාගේ බලපෑමටය. එම පැමිණිල්ලට දැනට මාසයක් ඉකුත් වී ඇතත් පානදුර පොලිසිය නීතිමය පියවර ගෙන නැත.
රූපා නන්දසීලි හත්තොටුව, මිය ගිය තැනැත්තාගේ බිරිඳ - පොලිස්පති, පොලිස් කොමිෂම හා මානව හිමිකම් කොමිෂමට පිටපත් සහිතව පානදුර දකුණ පොලිසියට කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් සියලූ කරුණු හෙළි දරව් කර තිබේ. එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
මුදල් වංචා කිරීම හා දේපල බලයෙන් පැහැරගෙන යෑම පිලිබඳ පැමිණිල්ල හා සම්බන්ධවයි.
........ මා, 2015.10.13 වන දින, මුදල් වංචා කිරිම හා දේපොල බලයෙන් පටවාගෙන යෑම පිලිබඳව පැමිණිල්ලක් ඔබ පොලිස් ස්ථානයේ කළෙමි. තොරතුරු පොතේ යොමු 53/163 දා වේ. සටහන් කරන නිලධාරියාගේ අත්සන, නිලධාරිගේ නම, තනතුර හා නිළ අංකය අපහැදිලිය. ලියා නැත.
මෙම පැමිණිල් මා කළේ- පානදුර, රත්නගිරිවත්ත, හයවන පටුමග, අංක 231 දරන නිවසේ පදිංචි- හරේන්ද්‍ර චන්දික හත්තොටුව පිලිබඳව වේ. මේ වන විට, මෙම පුද්ගලයා විදේශ ගතව සිටී. බිරිඳ හා දියණියන් දෙන්නා ඇතුලූ අටදෙනෙක් ඉහත ලිපිනයේ පදිංචිය සිටී. නරේන්ද්‍ර චන්දික හත්තොටුව වන මොහු විසින් කර තිබෙන බරපතල මුදල් වංචා වන්නේ,
පානදුර නේෂන් ට‍්‍රස්ට් බැංකුවෙන් , 2015 අගොස්තු 23 දින මිය ගිය, නිමල් ප්‍රේමසිරි හත්තොටුව ට අයත්, අංක 030039006210 දරන ඉතිරි කිරීමේ ගිණූමෙන්, 2015 අගෝස්තු 24 වන දින, ්ඔඵ යන්ත‍්‍රය උපයෝගී කරගෙන රු: 15,300 ක මුදලක් මිය ගිය තැනැත්තාගේ ්ඔඵ කාඞ් එක උපයෝගී කරගෙන ලබාගෙන තිබීම. මෙම වංචාව දැන ගත්තේ 2015 අගෝස්තු මස බැංකු ගිණුම් වාර්තාවෙනි. මෙම කාරණය, පානදුර නේෂන් ට‍්‍රස්ට් බැංකුවට වාචිකව හා ලිඛිතව දැනුම් දීමෙන් පසුව, බැංකුව සිය ක්‍ක්‍ඔඪ කැමරා සටහන් පරීක්ෂාකර, එ්වා බැලීමට මටද අවස්ථාව ලබාදෙන ලදි. එම කැමරා සටහන්වල පැහැදිලිව 2015 අගෝස්තු 24 වන දින එම මුදල් හරේන්ද්‍ර චන්දික හත්තොටුව ලබාගන්නවා සටහන්ව තිබින.
බැංකුවේ උපදෙස් මත, පෙර සඳහන් කල පැමිණිල්ල මා ඔබ පොලිස් ස්ථානයේ කළෙමි. පළමු අවස්ථාවේ පැමිණිල්ල සටහන් කිරිම ප‍්‍රතික්ෂේප කළේය. දෙවනුව මා, සහකාර පොලිස් අධීකාරී හමුව, කාරණය කී විට, ඔහු ගේ නියමය පරිදි පැමිණිල්ල සටහන් කරනු ලැබීය. එම පැමිණිල්ලේම, මෙම මුදල් සොරකම් කිරීමට අමතරව, මාගේ රුපියල් ලක්ෂ එකහාමාරකටත් වැඩි වටිනා කමක් ඇති, කොස් වලින් සෑදු ඇඳි පුටු 08, හාන්සි පුටු 01, ලොකු පිත්තල පහන් 01, පිත්තල පෝච්චි 02, ටී.වී.01, මොහු පැහැරගෙන ගැනීම අදාලවද සටහන් කළෙමි.
මා ප‍්‍රකාශ කරන්නේ, මෙම පැමිණිල්ල පිලිබඳව කිසිදු පරික්ෂණයක් ඔබ පොලිසියෙන් සිදු නොකල බවයි. මා විශ්වාස කරන පරිදි එයට හේතුව, හරේන්ද්‍ර චන්දික හත්තොටුව ගේ බිරිඳ හා ඉතා සමීප සම්බන්ධතා පවත්වන දෙහිවල ගල්කිස්ස උප නගරාධිපති ප‍්‍රින්ස් ප‍්‍රනාන්දුගේ බලපෑමට, ඔබ පොලිසිය යට වීමයි. ඇය මහ නගර සභාවේ සේවිකාවකි. ,
මෙම පැමිණිල්ල පිළිබඳව, නොපාව පරීක්ෂණ ආරම්භ කරන ලෙසට හා බරපතල සොරකම්, වංචා කල හරේන්ද්‍ර හත්තොටුව ව අධිකරණය හමුවට පත්කොට -නීතිමය පියවර ගන්නා ලෙසට ඇය ඉල්ලා සිටි.
Tuesday, November 3, 2015
හෙලුවෙන් තියලා, පුතා ගේ පුරුෂ ලිංගයට, ගුද මාර්ගයට, ඇස් දෙකට, කන් වලට, නාසයට කොච්චි කොටා එහි ඉස්ම සමග පැට‍්‍රල් වක්කරලා, කොච්චි බලෙන් කවලා......
පොලූවලින් තට්ටම්වලට හා යටිපතුල් වලට, අත් වලට, කකුල් වලට පහර දීලා. අත් වලට හා කකුල් වලට මාංචු දමා, හෙලුවෙන් වෙරළට ගෙන ගොස් පිස්තෝලය දිගු කර, දුව වලා
රුවන් අනුරුද්ධික නැමැති 32 හැවරිදි , එක් දරු පියෙක් වු තම පුතාට දින 04ක් පුරා ර`දවාගෙන වධ දී ඇත්තෙ පානදුර, වෙරළ පාරේ වැල්ල පොලිසිය ලෙසට හඳුන්වන විශේෂ එ්කකයේ (යුනිට්) පද්ම කුමාර නිලධාරියා ප‍්‍රමුඛ නිලධාරින් පිරිසක් බව කියන මව, ටැස්ලින් නෝනා, මානව හිමිකම් කොමිෂන් සභාවට හා ජාතික පොලිස් කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කරමින් මෙසේ ප‍්‍රකාශ කර තිබේ.
තම පුතාව, 2015 ඔක්: 11 වන දින, පෙ:ව:10.30 ට පමණ, පානදුර, පිංවත්ත, ගාලූ පාරේ සිදු වූ රිය අනතුරක් බලමින් සිටියදී, සිවිල් ඇඳුමින් සැරසුනු පස්දෙනෙකු යතුරු පැදිවලින් පැමිණ පිස්තෝල ඔලූවට තබා අත්අඩංගුවට ගත් බව,
එසේ අත්අඩංගුවට ගෙන තිබුනේ පද්ම කුමාර නැමැති නිලධාරියාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කණඩායමක් බව,
අත් අඩංගුවට ගෙන, දින 04ක් පුරා, වධ දී ඇත්තේ- නිරුවත් කොට, පොලූවලින් තට්ටම්වලට හා යටිපතුල් වලට, අත් වලට, කකුල් වලට පහර දී ඇති බව,
කොච්චි කොටා එහි ඉස්ම හා පැට‍්‍රල් පුරුෂ ඇස් දෙකට, කන් වලට, නාසයට, ගුද මාර්ගයට හා පුරුෂ ලිංගයට වක්කර, ඇඟ පුරාම අතුල්ලා, කොච්චි බලයෙන් කවා ඇති බව,
දින 04 කට පසුව සවස 2.00 ට පමණ, පුතාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට පුතාව ඉදිරිපත් කල බව,
එයින් අනතුරුව මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝගයෙන් බන්ධනාගාර ගත කර තිබෙන බව,
ඇය ඉල්ලා ඇත්තේ, නොපමාව ක`ඵතර රිමාන්ඞ් බන්ධණාගාරයට විමර්ශන නිලධාරින් යවා, සියලූ තොරතුරු ලබා ගන්නා ලෙසට සහා නීති විරෝධී අත්අඩංගුවට ගැනීම වධ දිම, බොරු නඩු දැමීම පිලිබඳව නීතිමය පියවර ගන්නා ලෙසට ය.
සටහන:- ස්වාධින කොමිසන් සභා පත්කළාට හයිබි‍්‍රඞ් ආණ්ඩුවේ පොලීසිය බාර හිටපු ුඇමති ජොන් අමරතුංග හා වත්මන් ඇමති තිලක් මාරපන, පොලිසිය සමග එක්ව තම පාදඩ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවට නිදසුන් තමයි මේ. එය තහවුරු වන්නේ බරපතල චොදනා එල්ලවී තිබෙන පොලිස්කාරයෙකු මාධ්‍ය ප‍්‍රකාශක වශයෙන් තාබා ගැනීම මගින්ය. නිරායුධ ව පෙළපාලි ගිය සිසුන්ට පන්නා පන්නා පහරදීම, බිම වැටුනු ශිෂ්‍යාවන්ට පහරදීම ඇස් පනාපිට තිබියද්දිත්, තමා සුදනා බව කියා ගන්නා රනිල්ට කමිටු පත්කර ඇඟ බෙරා ගැනීමට ඉඩ දිමට සිවිල් සමාජය සුදානම් විය යුතු නැත.
කමිටු පත්කරනවා කියන්නේ අපරාධ වසන් කර දැමිමේ පිළිවෙතයි.
පොලිස් අපරාධ ඉහවහා ගිහිල්ලා. නවත්වන්න මැදිත්වන්න. මානව හිමිකම් කොමිසමේ අවධානයට.
වේල්ල වීදිය
පොලීසිය, අවිස්සාවේල්ල
පොලීසිය, මරදාන
පොලීසිය, බොරැල්ල
පොලීසිය"
වල්ලම්පිටිය පොලීසිය සහ වරාය පොලිසිය මගින්
අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවලට භාජනය කොට, රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන වින්දිතයන් හය (06) කු පිළිබඳ
විස්තර ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ අවධනයට ඉදිරිපත් කරන ජනසංසදය, ශ‍්‍රී ලංකා පොලීසිය එදත් අදත් නොඅඩුව අඛණ්ඩව සිදු කරන වධ දීම් පිළිබඳව
පැහැදිළි නිගමනයකට එළඹිමට, මෙම සිද්ධීන් ප‍්‍රමාණවත් වන බවද අවධාරණය කරයි.
ඉහත පොලිස්
ස්ථාන මගින් වධදි බොරු නඩු පවරා බන්ධනාගාර ගත කර තිබෙන පුද්ගලයින් වන්නේ, ෂේක් ෆරීඞ් මොහොමඞ් ෆාසී (වේල්ලවීදිය පොලීසිය), කලූදුරගේ ශිරාන් බුද්ධික
(අවිස්සාවේල්ල පොලීසිය), මොහොනීර් මෙහොමඞ් සලීම් හෙවත් නිහාල් ( මරදාන පොලීසිය), පුංචි බංඩා හේරත්ලාගේ විශ්ව වර්ණක ( වැල්ලම්පිටිය පොලීසිය ), නූපේ හේවාගේ චමින්ද ප‍්‍රදීප් කුමාර (බොරැල්ල පොලීසිය) දේසුන්දරම් චන්ද්‍රසේකරම් ( වරාය පොලීසිය) යන අයයි.
පසුගිය
රාජපක්ෂ පාලන කාල පරිච්ෙඡ්දයේ මානව හිමිකම් කොමිසම ප‍්‍රමුඛත්වය දුන්නේ මාධ්‍යය
සංදර්ශන වලටය. ජනතාවට බොරු කීමටය. එවක සභාපති, කොමසාරිස් වරු, අත්රේක ලේකම්(සභාපති ගේ මහින්ද රාජපක්ෂකට නැතුවන බැරිව සිටි), ලේකම්, වැ.අධ්‍යක්ෂවරු
සහ සමහර විමර්ශණ නිලධාරින්
ගේ දුෂණ,
අල්ලස් ගැනීම්, දේපල වංචා වලට බව පෙන්වා දෙන ජනසංසදය, සිය අත්දැකීම් මත පිහිටා අවධාරණය
කර සිටින්නේ, මේ රටේ
විශේෂයෙන් පොලිස් වධදීම් ප‍්‍රමුඛ පොලිස් අපරාධ වැළැක්වීමට වර්ථමාන මානව හිමිකම්
කොමිසමේ නායකත්වය මුලිකත්වය ලබා දිය යුතුව තිබෙන බව යි.
Subscribe to:
Posts (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
මොරටුව පොලීසීය විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩු දමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රජයට ගෙවීමට නියම ...
-
වරෙන්තු පිට සැ`වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර - වහාම ත්අඩංගුවට ගන්නා ලෙසට - පුරවැසි බලය මාධ්‍ය සාකච්ජා පවත්වමින් - පොලිසියට කියයි. වරෙ...