Sunday, November 8, 2015

පෙළපාලි, උද්ඝෝෂණ අයිතියක්. නීත්‍යානුකූල ක‍්‍රියාවක්. මූලික අයිතිවාසිකමක්.


පොලිසිය නීතියට යටත්. පෙළපාලි සංවිධානය කිරීම, එ්වාට සහභාගී වීම, පෙළපාලි පැවැත්වීම  ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක රටවැසියන්ගේ අයිතිවාසිකමකි. එය නීත්‍යානුකූල ක‍්‍රියාවකි. එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත මූලික අයිතිවාසිකමක්.

2015.10.29 වන දින, උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ පෙළපාලියට කැරළි මර්ධන පොලිසිය යොදවා මර්ධනය කිරීම සම්බන්ධව ජනසංසදය ජාතික පොලිස් කොමිෂන් සභාව අමතන ලද ලිපියේ මෙසේද සඳහන් වේ,

ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව ප‍්‍රකාශ වී තිබේ. එසේ පරීක්ෂණයක් පවත්වන්නේනම්, එම පරීක්ෂණයේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙසට ඉල්ලා සිටිමු.

මහජන පෙළපාලි.

පෙළපාලි සංවිධානය කිරීම, එ්වාට සහභාගී වීම, පෙළපාලි පැවැත්වීම  ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක රටවැසියන්ගේ අයිතිවාසිකමකි. එය නීත්‍යානුකූල ක‍්‍රියාවකි. එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත මූලික අයිතිවාසිකමක්.

රට වැසියන් විසින් සිය ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ක‍්‍රියාවට නංවමින් සිටින විට පොලිසියේ රාජකාරිය විය යුත්තේ, එම අයිතීන් ක‍්‍රියාවට නංවන රට වැසියන්ගේ ආරක්ෂාව සැලසීමය.

එ්කාධිපති හෝ අර්ධ එ්කාධිපති රාජ්‍යයන් පෙළපාලි තහනම් කරන විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් සලකන්නනේ පොදු ජන ජීවිතය තුළ රටවැසියන් ගේ අයිතීන් ක‍්‍රියාවට නැංවීමක් ලෙසටය. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස, රැුස්වීමේ නිදහස, සංවිධානය වීමේ නිදහස එමගින් පිළිඹිබු කරන බවයි.

පෙළපාලි කැරලි ගැසීම් ලෙසට හඳුන්වාදීම

මහජනයා තම අයිතීන් උදෙසා, ප‍්‍රසිද්ධ ස්ථානවල උද්ඝෝෂණ, පෙළපාලි පවත්වන විට -
ඒවා ”කැරළි ගැසීම්” ලෙසට හඳුන්වා ක‍්‍රියා කිරීම පොලිසියේ පිළිවෙත වී තිබේ. 

මෙහිදී, ආණ්ඩුවට එරෙහිව පවත්වන පෙළපාලි මර්ධනයට යුහුසු`ඵව ඉදිරිපත් වන පොලිසිය, ආණ්ඩුවට පක්ෂ සහ ආණ්ඩු විරෝධී පෙළපාලි මර්ධනයට එක්වන මැරයින්ට රැුකවරණ ලබාදීමට කාර්යක්ෂමව ඉදිරිපත් වේ.

මහජන උද්ඝෝෂණ මර්ධනයට, ජල ප‍්‍රහාර, කඳුලූ  ගෑස්, බැටන් ප‍්‍රහාර , වෙඩි තැබීම් සිදු කිරීමෙන් පසුව, එම ක‍්‍රියාව සාධාරණීය කිරීමට, ජන මාධ්‍ය උපයෝගී කර ගැනීම සුලභ කරුණකි.
එ් පිලිවෙත අනුගමනය කරමින්, 2015 ඔක්තොම්බර් 29 දින නිරායුදව තම අයිතීන් උදෙසා පෙළ ගැසුනු උපාධි අපෙක්ෂක අපේක්ෂිකාවන්ට, නීති විරෝධිව මෘග ලෙස පහරදී, පිරිසක් අත්අඩංගුවට ගෙන, විසිරුවා හැරීමට පියවර ගත්තේ කැරලි මර්ධන පොලිසිය යොදවමින්ය. ක`ථ ඇඳුමින් සැරසී, සන්නද්ධව සිටි මෙම හමුදාව, දුවන උපාධි අපෙක්ෂක අපේක්ෂිකාවන්ට එලව එලවා පහර දෙන ලදි. වැටුණු අයට පහර දෙන ලදි. උපාධි අපේක්ෂිකාවන් ට ඇද පහර දෙන ලදි. 

මහජන උද්ඝෝෂණ, පෙළපාලි මර්ධනයට සෑම ආණ්ඩුවක්ම, පොලිසි යෙදවූයේ ආණ්ඩු විරෝධය ප‍්‍රදර්ශනය වීම් මර්ධනය කිරීමටය.එවන් අවස්ථා අතීතයේ එමටය. මිනිස් ජීවිත අහිමි කිරීම වලින් කෙළවරවූ අවස්ථා බොහෝය.

මේ සෑම අවස්ථාවකම පොලිසිය, එවක ආණ්ඩුව හා එක්ව, එම ක‍්‍රියාව සාධාරණය කළ අතර, පොලිසිය නීතියට යටත් නැති ආයතනයක් බව ඔප්පු කළේ එම ක‍්‍රියාවන්ට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පියවර නොගෙන, දඬුවම් නොලබා සිටීමේ වරප‍්‍රසාදය ද හිමි කර දුන්නේය.

පොලිසිය නීතියට යටත් බව

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යටතේ හෝ වෙනත් නීතියක් යටතේ, මහජන උද්ඝෝෂණ මර්ධනයට පොලිසියට අයිතියක් නැත. එවන් ක‍්‍රියාවන් නීති විරෝධී වේ.

පොලිසියේ මෙවන් නීති විරෝධී ක‍්‍රියාවන් අභියෝගයට ලක කරන ලද අවස්ථා සෑම අවස්ථාවකම, පෙර සඳහන් කළ පරිදි, පොලිසිය පෙළපාලි කැරැුල්ලක් ලෙසට හැඳින්වීම, නීති විරෝධී, අනවසර ක‍්‍රියාවක් බවට පෙන්වීමට ගත් උත්සාහයන්, එවක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු ගණනාවක් මගින් ප‍්‍රතික්ෂේප කර තිබේ. 

එම ක‍්‍රියාවන්ට මූලික වූ නිලධාරින් මූලික අයිතීන් උල්ලංඝණයන් කර ඇති බවට නිගමනය කර තිබේ. පොලිස්පති වගකිව යුතු බව, රජය වගකිව යුතු බව ප‍්‍රකාශ කර නිගමනය කර ඇත.

පරීක්ෂණයේදී අවධානය කැඳවිය යුතු කරුණු යෝජනා.

මෙම, 2015.10.29 උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් ගේ, පෙළපාලිය උද්ඝෝෂණය - මර්ධනය කිරීමට කැරලි මර්ධන පොලිසිය කැඳවීමට,  නියෝග ලබාදුන් උසස් පොලිස් නිලධාරියා කව්ද?  එම උසස් පොලිස් නිලධාරියා ක‍්‍රියා කළේ පොලිසිය බාර ඇමතිවරයාගේ උපදෙස් හෝ අනුදැනුම ඇතිව බවද, 
එසේ නැතිනම් එ් සඳහා අනුමැතිය ජනාධිපති, අගමැති හෝ උසස් අධ්‍යාපනය බාර       අමැතිවරයා ගෙන් උපදෙස් ලැබුනාද යන්න බව- හෙළි දරව් කිරිම,

මෙම සිද්ධියට වගකිවයුතු උසස් නිලධාරීන්ට එරෙහිව, නීති විරෝධී නියෝග මත ක‍්‍රියාකළ නිලධාරීන්ට එරෙහිව, විනය පියවර ගැනීම. ඉදිරියේදී, මහජන පෙලපාලි උද්ඝෝෂණ වලට කැරලි මර්ධන පොලිසිය නොයෙදවීමට පියවර ගැනීම,

පෙළපාලි, උද්ඝෝෂණ අයිතියක් බව තහවුරු කිරීම හා එ්වාට ආරක්ෂාව ලබාදීම, යන කරුණු කෙරෙහි ජාතික පොලිස් කොමිෂමේ වගකීම බවද වැඩිදුරටත් ජනසංසදය යෝජනා කර සටී.


No comments:

Post a Comment