Tuesday, November 3, 2015

පොලිස් අපරාධ ඉහවහා ගිහිල්ලා. නවත්වන්න මැදිත්වන්න. මානව හිමිකම් කොමිසමේ අවධානයට.



වේල්ල වීදිය පොලීසිය, අවිස්සාවේල්ල පොලීසිය, මරදාන පොලීසිය, බොරැල්ල පොලීසිය" වල්ලම්පිටිය පොලීසිය සහ වරාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවලට භාජනය කොට, රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන වින්දිතයන් හය (06) කු පිළිබඳ විස්තර ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ අවධනයට ඉදිරිපත් කරන ජනසංසදය, ශ‍්‍රී ලංකා පොලීසිය එදත් අදත් නොඅඩුව අඛණ්ඩව සිදු කරන වධ දීම් පිළිබඳව පැහැදිළි නිගමනයකට එළඹිමට, මෙම සිද්ධීන් ප‍්‍රමාණවත් වන බවද අවධාරණය කරයි.

ඉහත පොලිස් ස්ථාන මගින් වධදි බොරු නඩු පවරා බන්ධනාගාර ගත කර තිබෙන පුද්ගලයින් වන්නේ, ෂේක් ෆරීඞ් මොහොමඞ් ෆාසී (වේල්ලවීදිය පොලීසිය), කලූදුරගේ ශිරාන් බුද්ධික (අවිස්සාවේල්ල පොලීසිය),  මොහොනීර් මෙහොමඞ් සලීම් හෙවත් නිහාල් ( මරදාන පොලීසිය), පුංචි බංඩා හේරත්ලාගේ විශ්ව වර්ණක ( වැල්ලම්පිටිය පොලීසිය ), නූපේ හේවාගේ චමින්ද ප‍්‍රදීප් කුමාර (බොරැල්ල පොලීසිය) දේසුන්දරම් චන්ද්‍රසේකරම් ( වරාය පොලීසිය) යන අයයි.

පසුගිය රාජපක්ෂ පාලන කාල පරිච්ෙඡ්දයේ මානව හිමිකම් කොමිසම ප‍්‍රමුඛත්වය දුන්නේ මාධ්‍යය සංදර්ශන වලටය. ජනතාවට බොරු කීමටය. එවක සභාපති, කොමසාරිස් වරු, අත්රේක ලේකම්(සභාපති ගේ මහින්ද රාජපක්ෂකට නැතුවන බැරිව සිටි), ලේකම්, වැ.අධ්‍යක්ෂවරු සහ සමහර විමර්ශණ නිලධාරින් ගේ දුෂණ, අල්ලස් ගැනීම්, දේපල වංචා වලට බව පෙන්වා දෙන ජනසංසදය, සිය  අත්දැකීම් මත පිහිටා අවධාරණය කර සිටින්නේ, මේ රටේ විශේෂයෙන් පොලිස් වධදීම් ප‍්‍රමුඛ පොලිස් අපරාධ වැළැක්වීමට වර්ථමාන මානව හිමිකම් කොමිසමේ නායකත්වය මුලිකත්වය ලබා දිය යුතුව තිබෙන බව යි.  



No comments:

Post a Comment