Thursday, November 5, 2015

පොලිස් වධකයින්ට රනිල් ආණ්ඩුවෙන් ලයිසන් දීලා?


ජනාධිපති සිරිසේන -අගමැති රනිල් හයිබි‍්‍රඞ් ආණ්ඩුවේ රනිල් පාර්ශවයෙන් පළමුව පොලිසිය බාර ඇමති පදවිය ජෝන් අමරතුංගට පිරි නැමීය. දැන් තිලක් මාරපනට පිරිනමනවා ඇත.
මේ දෙපලම දුෂකයින් බවට මහා පරිමාණ දුෂකයින් රකින්නට පෙරමුණගත් ආ බවට නොදන්නා කෙනෙක් නැත. පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇවන්ගාඞ් අයිතිකරු චම සේවාදායකයා බව, ඔහුට නීති උපදේස් දෙන්නේ තමා බව තිලක් මාරපන පිලිගත්තේය. එපමණක් නොව, ඇවන්ගාඞ් ජාවාරම ගැන බොරු කියන්නට ගොස් ඇනගත්තේය.
ආණ්ඩුව ශිලාචාර නම් මොහුව ඇමති කමේ තබා ගත නොහැක. මොහු ට ඉල්ලා අස්වන්න යයි කියන්නෙත් නැහැ. එ් මොහු දුෂකයෙක් නිසා. මොහුව ඉවත් කරන්නේත් නෑ. එ් හයිබි‍්‍රඞ් ආණ්ඩුවේ සිරිසේන පිළටද, ඊනියා එ්කාබද්ධ විපක්ෂයටද මොහු වැන්නන් අවශ්‍යය නිසා. 
ජාතික පොලිස් කොමිෂම පත් කලද තවමත් පොලිසියට අණ දෙන්නේ එදා මෙන්ම අදත් දේශපාලකයින්ය. පසුගියදා සිසු පෙලපාලියට පහර දෙන්නට පොලිසියට අණ දුන්නේ රනිල් ආණ්ඩුවයි. එයට සෘජුව පොලිසිය බාර ඇමති වගකිව යුතුය. එ් වාගේම දුප්පතුන් අල්ලාගෙන විත් වධදී බොරු චොදනා දමා හිරේ දැමීමට පොලීසය බාර ඇමතියා වගකිව යුතුයි.
බද්දේගම පොලිස් වසමේ පදිංචි නාගොඩ විතානගේ චාන්දනී, 2015.11. 05 දින ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කරමින් කියා සිටින්නේ, 2015.11.04 දින රාත‍්‍රී 11.30 ට පමණ, පුතා මළගෙදරක ගොස් සිටියදී අත්අඩංගුවට ගත් 26 හැවරි දි තම පුතාට වධ දීම පිළිබ`වයි.
ඇය සිය පැමිණිල්ලෙන් මෙසේ කියා සිටි, ‘‘ දුෂ්මන්ත (අවු: 26යි), මාගේ පුතා වේ. ඊයේ, මෙම අත්අඩංගුවට ගැනීම ගැන මා ඔබ හදිසි ඇමතුම් අංකයට කතා කර දැනුම් දුන්නා. ඇමතුම ලබාගත් මහත්මිය මට දැනුම් දුන්නා අද උදේ පොලිසියට ගොස් පහර දී ඇත්නම් දන්වන ලෙසට.
අද දින, 2015.11.05, උදේ 6.00 ට පොලිසියට ගිය විට, ඔහුට හොඳටම පහරදී, මාංචු පිටින්ම, පොලිස් කූඩුවට දමා තිබුනා. ඔහු පැවසුවේ, සැරයන් මාසකෝරාල පහර දුන් බව. මුහුණ කට ඉදිමී තිබුනා. එමෙන්ම, බද්දේගම පොලිසියේ ස්ථානාධිපති පුතාට කුඩුයි බෝම්බයි දමා උසාවියට දාන බවට තර්ජණය කර තිබේ.

මා උදේ 8.00 ට පමණ නීතිඥ මාපලගම විමලරත්න මහතාට මේ බව දැනුම් දුන්විට - විනාඩි 5කින් කතා කරන ලෙසට දැනුම් දුන්නා. එ් අනුව මා විනාඩි 3කින් ඔහුව ඇමතුවා. එවිට, අද උසාවියට දාන බව පොලිසිය පැවසූ බව මට කියා සිටියා. එමෙන්ම , අද උඩුගම උසාවිය පවතින බවත්, වැඩබලන මහේස්ත‍්‍රාත් හැටියට උසාවියේ පෙනී සිටින්නේ තමා බවත් නීතිඥ මාපලගම විමලරත්න මට මහතා කිය සිටියා.’’ ඇය කොමිසමෙන් මා ඉල්ලා සිටින්නේ, බොරු චෝදනා ඉදිරිපත් කිරීම වලක්වන ලෙසට, වධ දීම ගැන නීතිමය පියවර ගන්නා ලෙසට හා පුතා ව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත් කරවන ලෙසට ය.


No comments:

Post a Comment