Thursday, November 5, 2015

ATM මුදල් හොරාගේ ගෑනි උපනගරාධිපති ගාවලූ. පොලිසිය බකන් නිලාගෙන!!


තම පියා මිය ගිය දිනට පසු දින, පියාගේ බැංකු මුදල් ATM  එකෙන් ලබාගත් පුතාට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක වන්නේ නැත. එ් හොරාගේ බිරිඳ - දෙහිවල ගල්කිස්ස මහ නගර සභෘවේ උප නගරාධිපති ලඟ වැඩ කරන නිසාලූ.

මෙම පුත‍්‍රයා, පියාගේ මිනිය ගෙදර තිබියදීම, ගිණුමේ මුදල් සොරාගෙන, ඉන් නොනැවතී, ගෙදර බඩු මුට්ටු සියල්ලම ලොරියක පටවාගෙන ගොස් තිබේ.

මේ පිළිබඳව මව, මිය ගිය තැනැත්තියගේ බිරිඳ රූපා නන්දසීලි හත්තොටුව, පානදුර දකුණ පොලිසියට පැමිණිලි කරන්නට ගිය විට පැමිණිල්ල බාර ගැනීම පවා ස්ථානාධිපති ප‍්‍රතික්ෂේප කර තිබේ. පැමිණිල්ල ලියාගෙන ඇත්තේ සහකාර පොලිස් අධිකාරී වරයාගේ බලපෑමටය. එම පැමිණිල්ලට දැනට මාසයක් ඉකුත් වී ඇතත් පානදුර පොලිසිය නීතිමය පියවර ගෙන නැත.

රූපා නන්දසීලි හත්තොටුව, මිය ගිය තැනැත්තාගේ බිරිඳ - පොලිස්පති, පොලිස් කොමිෂම හා මානව හිමිකම් කොමිෂමට පිටපත් සහිතව පානදුර දකුණ පොලිසියට කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් සියලූ කරුණු හෙළි දරව් කර තිබේ. එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

මුදල් වංචා කිරීම හා දේපල බලයෙන් පැහැරගෙන යෑම පිලිබඳ පැමිණිල්ල හා සම්බන්ධවයි.
........ මා, 2015.10.13 වන දින, මුදල් වංචා කිරිම හා දේපොල බලයෙන් පටවාගෙන යෑම පිලිබඳව පැමිණිල්ලක් ඔබ පොලිස් ස්ථානයේ කළෙමි. තොරතුරු පොතේ යොමු 53/163 දා වේ. සටහන් කරන නිලධාරියාගේ අත්සන, නිලධාරිගේ නම, තනතුර හා නිළ අංකය අපහැදිලිය. ලියා නැත. 
මෙම පැමිණිල් මා කළේ- පානදුර, රත්නගිරිවත්ත, හයවන පටුමග, අංක 231 දරන නිවසේ පදිංචි- හරේන්ද්‍ර චන්දික හත්තොටුව පිලිබඳව වේ.  මේ වන විට, මෙම පුද්ගලයා විදේශ ගතව සිටී. බිරිඳ හා දියණියන් දෙන්නා ඇතුලූ අටදෙනෙක් ඉහත ලිපිනයේ පදිංචිය සිටී. නරේන්ද්‍ර චන්දික හත්තොටුව වන මොහු විසින් කර තිබෙන බරපතල මුදල් වංචා වන්නේ, 
පානදුර නේෂන් ට‍්‍රස්ට් බැංකුවෙන් , 2015 අගොස්තු 23 දින මිය ගිය, නිමල් ප්‍රේමසිරි හත්තොටුව ට අයත්, අංක 030039006210 දරන ඉතිරි කිරීමේ ගිණූමෙන්, 2015 අගෝස්තු 24 වන දින, ්ඔඵ යන්ත‍්‍රය උපයෝගී කරගෙන රු: 15,300 ක මුදලක් මිය ගිය තැනැත්තාගේ ්ඔඵ කාඞ් එක උපයෝගී කරගෙන ලබාගෙන තිබීම. මෙම වංචාව දැන ගත්තේ 2015 අගෝස්තු මස බැංකු ගිණුම් වාර්තාවෙනි. මෙම කාරණය, පානදුර නේෂන් ට‍්‍රස්ට් බැංකුවට වාචිකව හා ලිඛිතව දැනුම් දීමෙන් පසුව, බැංකුව සිය ක්‍ක්‍ඔඪ කැමරා සටහන් පරීක්ෂාකර, එ්වා බැලීමට මටද අවස්ථාව ලබාදෙන ලදි. එම කැමරා සටහන්වල පැහැදිලිව 2015 අගෝස්තු 24 වන දින එම මුදල් හරේන්ද්‍ර චන්දික හත්තොටුව ලබාගන්නවා සටහන්ව තිබින. 
බැංකුවේ උපදෙස් මත, පෙර සඳහන් කල පැමිණිල්ල මා ඔබ පොලිස් ස්ථානයේ කළෙමි. පළමු අවස්ථාවේ පැමිණිල්ල සටහන් කිරිම ප‍්‍රතික්ෂේප කළේය. දෙවනුව මා, සහකාර පොලිස් අධීකාරී හමුව, කාරණය කී විට, ඔහු ගේ නියමය පරිදි පැමිණිල්ල සටහන් කරනු ලැබීය. එම පැමිණිල්ලේම, මෙම මුදල් සොරකම් කිරීමට අමතරව, මාගේ රුපියල් ලක්ෂ එකහාමාරකටත් වැඩි වටිනා කමක් ඇති, කොස් වලින් සෑදු ඇඳි පුටු 08, හාන්සි පුටු 01, ලොකු පිත්තල පහන් 01, පිත්තල පෝච්චි 02, ටී.වී.01, මොහු පැහැරගෙන ගැනීම අදාලවද සටහන් කළෙමි.

මා ප‍්‍රකාශ කරන්නේ, මෙම පැමිණිල්ල පිලිබඳව කිසිදු පරික්ෂණයක් ඔබ පොලිසියෙන් සිදු නොකල බවයි. මා විශ්වාස කරන පරිදි එයට හේතුව, හරේන්ද්‍ර චන්දික හත්තොටුව ගේ බිරිඳ හා ඉතා සමීප සම්බන්ධතා පවත්වන දෙහිවල ගල්කිස්ස උප නගරාධිපති ප‍්‍රින්ස් ප‍්‍රනාන්දුගේ බලපෑමට, ඔබ පොලිසිය යට වීමයි. ඇය මහ නගර සභාවේ සේවිකාවකි. ,
මෙම පැමිණිල්ල පිළිබඳව, නොපාව පරීක්ෂණ ආරම්භ කරන ලෙසට හා බරපතල සොරකම්, වංචා කල හරේන්ද්‍ර හත්තොටුව ව අධිකරණය හමුවට පත්කොට -නීතිමය පියවර ගන්නා ලෙසට ඇය ඉල්ලා සිටි. 




No comments:

Post a Comment