Monday, November 30, 2015

පාලනයක් ඇති නොකර ‘‘යහ පාලනයක් නෑ’’


පාලනයක් ඇති නොකර යහපාලනය ගැන කථා කිරිම මිත්‍යාවක් බව නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු අවධාරණය කරයි.
යහපාලනයක් අති කිරීම සඳහා නීතිය මත පාලනය ඇති කළ යුතුයි.
එනම් සියලූම කාර්යයන් නීතියට අනුකූලව ක‍්‍රියාත්මක විය යුතුයි. නීතියට උඩින්, පිටතින් කිසිවක් කළ යුතු නොවේ. නීතියේ ආධිපත්‍ය ලෙසට හඳුන්වන්නේද මෙයයි.
නීතිය මත පාලනය ඇති කිරීමට රටේ පොලිසිය , අධිකරණය හා නීතිපති නීතියට යටත්ව, නීතියට අනුව කටයුතු කිරීමට අවශ්‍යය, දැනුම, සම්පත් ලබාදී කාර්යක්ෂම කල යුතුයි. එම ආයතනවල අල්ලස, ¥ෂණ පිටු දැකීමට අවශ්‍ය යාන්ත‍්‍රනයන් ශක්තිමත් කොට, වර්ධනය කල යුතුයි. එ් සඳහා සිවිල් සමාජය සෘජුව මැදිහත්විය යුතුයි.
මෙම කාරණය පැහැදිලි කරගනිමින්, පැවැති සංවාදය ආසියානු මානව හිමිකම් කොමිෂමේ අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් 2015.11.29 දින, රාජගිරිය, ත‍්‍රිකෝණි සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත්විණ. මෙම සංවාදය සංවිධානය ධර්මසිරි බණ්ඩාරනායක විසින් සිදුකල අතර, මහාචාර්ය සරත් විජේසූරිය ප‍්‍රමුඛ විද්වතුන් රැුසක් සහභාගී විය.








No comments:

Post a Comment