Monday, January 9, 2012

SSP ට එරෙහි අපරාධ නඩුව මැදට නීතිපතියා පනී.



පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හැමිල්ටන් ග්‍රෙගරි කුරේට එරෙහි පවතින, අංක 92368 දරන අපරාධ නඩුව, සමතයක නාමයෙන් ඉල්ලා අස්කරවා ගන්නට දැරූ සියලු උත්සාහයන්, සියලු බලපෑම්, අසාර්ථක වීමෙන් අනතුරුව නීතිපතිගේ සරණ පතන්නට, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වන, නීතිපති දෙපාර්තමේන්තුවේ, කලක් සේවය කරන ලද, නීතිඥ සුමුදු වික්‍රමාරච්චි නැමැති නිතිඥවරයා දරන ලද වෑයම මේ වන විට ඵල දරන්නට පටන්ගෙන තිබේ.

පානදුර පොලිස් කොට්ඨාශයේ පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් සේවය කරද්දී හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, නිශෘන්ත මහතාට පහර දුන්නේ, ඔහුගේ බිර්‍රද හා ශිරෝමනී දේවිකා පීරිස්  නැමැති ගහැණිය ඉදිරිපිටය.

ශිරෝමනී දේවිකා පීරිස්  පොලිසියද සහය කරගෙන ව්‍යාජ නඩුවක්, නිශාන්ත මහතාට එරෙහිව ගොනු කළේය. 91879  අංක දරන එම නඩුවෙන් නිශාන්ත මහතා මේ වන විට නිදහස්ව සිටී. එම නඩුවේදි නිශාන්ත මහතා, තමාට, පොලිස් අධිකාරී හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, ඔහුගේ කාර්යාලයේදී පහරදුන් බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව අංක 92368 නඩුව ආරම්භ විය.මෙම නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙසට නිශාන්ත ප්‍රනාන්දු මහතාට එල්ලවූ බලපෑම අපමණය. ඒ පිළිබදව ඔහු අදාල බලධරයින්ට පැමිණිලි කර ඇත.

පොලිස් අධීකාරි හැමිල්ටන් ග්‍රෙගරි කුරේ වෙනුවෙන් නීතිඥවරුන් තිදෙනෙක් සමග ඉදිරිපත් වන්නේ, ඉහත සදහන් කල පරිදි නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයෙකු වශයෙන් සේවය කරන ලද නීතිඥ සුමුදු වික්‍රමාරච්චිය.

ඔහු තම සේවාදායකයා වෙනුවෙන් නීතිපතිව මැදිහත් කරවා ගැනීමට උත්සාහ ගත්තේය. එය සාර්ථක විය. මේ වන විට අපරාධ චෝදනා ලැබ සිටින චූදිතයින් රැසකට, නිදහස්වීමට මග පාදා දුන්නේ නීතිපතිවරයාය. ඒ ජනපති සමාවට අමතරවය.මෙම උත්සාහයද - නීතිපති මගින්, හැමිල්ටන් ග්‍රෙගරි කුරේට එරෙහිව නගා ඇති චෝදනා වලින් - නඩු නොගොස්ම නිදහස් කරවා ගැනීමට බව සැකයක් නැත.

පසුගිය වසරේ, එනම් 2011 දෙසැම්බර් 15 වන දින හැමිල්ටන් ග්‍රෙගරි කුරේට එරෙහිව නඩුව, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ අඩගසනු ලැබූවිට, නීතිපති වෙනුවෙන්. පැමිණිල්ල මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දිලීප පීරිස් ඉදිරිපත් විය.

එම ඉදිරිපත් ව්‍මට, නිශාන්ත මහතා වෙනුවෙන් ඉදිරිපත්වූ, නීතිඥ ජානක අමරසිංහ‍ විරුද්ධත්වය පලකරමින්, කරන ලද කරුණු දැක්වීම පහත දක්වමු.

මෙම කරැණු දැක්වීම අනුව ඉතාමත් පැහැදිලිය - අද නීතිපති අපරාධකරුවන් රැකගැනීමට, ඉදිරිපත් වන බව. ඒ සදහා නීතිය විකෘති කිරීමටද පසුබට වන්නේ නෑ.

පොලිස් අධිකාරීවරයෙකු - තම නිලකාමරයේ පුරැවසියෙකුට පහරදීම, නිල කටයුත්තක් ලෙසට සලකන්න, හදුන්වන්න තරම් පහත් තත්වයකට නීතිපති පත්වෙලා.

අද නිශාන්තට හෙට ඔබට 
කථා කරමු.
බුදුන්ගේ වසල සූත්‍රයද මේ අවස්තාවේ මෙනෙහි කරන්නේ, කෙනෙකුගේ නිලය ගරුවුවත්, ක්‍රියාව වසල නම් , ඔහු වසලයෙක්මය යන්න පැහැදිලි වන නිසාය.

නීතිඥ ජානක අමරසිංහ‍ මහතාගේ කරුණු දැක්විම-
විත්තියෙන් කියා සිටියා නීතිපතිවරයා මෙම නඩුවේ පැමිණීල්ල මෙහෙයවීම සම්බන්ධයෙන් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැහැ කියලා. එහි අර්ථය කුමක්ද ? ගිය දිනයේ ලිඛිතව සදහන් වෙලා තිබෙනවා. විත්තියේ ස්ථාවරය වූයේ විත්තිය විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා කියා. මෙම නඩුවේ පැමිණිල්ල භාර ගැනීමට නීතිපතිවරයාට මැදිහත්වන්න කියා. ඒ තත්වය තුළ විත්තියේ විරුද්ධත්වයක් නැත යන්න සහ උගත් රජයේ අධිනීතිඥවරයා විසින් කරන ලද ඉල්ලීමේදී මෙම නඩුවේ පැමිණිල්ල භාර ගන්නා ලෙස විත්තිකරු වෙනුවෙන් ඉල්ලීමක් කරන ලද බව සදහන් නොවීම යන කරුණු දෙකට අධිකරණයේ අවධානය යොමු කර සිටිනවා. 

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේ පොලිස් මූලස්ථාන අධ්‍යක්ෂ නීති සහ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශන උද්ධෘත යොමු කිරීමක් කරන ලද බව. එසේ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ අධ්‍යක්ෂ නීති විසින් ඉල්ලිමක් කරනු ලැබුවා නම් ඒ කවුරුන් වෙනුවෙන්ද ? අනිවාර්යයෙන්ම ඒ මෙම නඩුවේ විත්තිකරු වන පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් විය යුතුයි. පැමිණිල්ල හෝ අධිකරණයේ දැන්වීමක් අනුව නොවෙයි එවැනි ඉල්ලීමක් කර තිබෙන්නේ. එහෙමනම් මේ සියලු ඉල්ලීම් නීතිපතිවරයාට මැදිහත්වීම සදහා කර තිබෙන්නේ විත්තිකරු වෙනුවෙන්. 

ඒ අනුව නීතිපතිවරයා මෙම පැමිණිල්ල මෙහෙයවීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිනවා. නීතිපතිවරයා වෙනුවෙන් කියා සිටියේ, 191 වන වගන්තිය යටතේ ඉදිරිපත්වීම කරන බවය. ඒ 191 වන වගන්තියේ 2 වන උප වගන්තිය යටතේ විය යුතුයි. 191(2) උප වගන්තිය යටතේ දැක්වෙන ප්‍රතිපාදන අනුව නීතිපතිවරයාට හෝ ඔහුගේ නිලධාරියෙකුට පැමිණිලිකරුග් අවසරය නැතිව කැමැත්තක් නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1)(අ) යටතේ වන පැමිණිල්ලක පැමිණිල්ල මෙහෙයවීම භාර ගත හැකි වන්නේ, එකී වගන්තියේම සදහන් වෙලා තිබෙන ආකාරයට රජයේ නිලධාරියෙකු විසින් තමාගේ නිලකටයුතු ඉටු කිරීමේදී සහ ඒ හා සම්බන්ධ තත්වයකදී පැන නැගුනු දෙයකට චෝදනාවකට ලක් වුනොත්. එය තමයි අර්ථය. 

කෙසේ වුවත් මෙම 191(2) හි දැක්වෙන්නේ එහි පිටුපස අර්ථය. එහි තිබෙන්නේ නීතිපතිවරයා, රජයේ නිලධාරියෙකු විසින් නිල කටයුත්තකදී හෝ ඒ සම්බන්ධිත කටයුත්තකදී චූදිත තත්වයක චෝදනාවකදී හැර අනික් අවස්ථාවකදී පැමිණිලිකරුගේ කැමැත්ත නොමැතිව ඉදිරිපත් නොවිය යුතුයි කියලා. නීතිපතිවරයාගේ ඉදිරිපත්වීමෙන් මෙම විත්තිකාර පොලිස් නිලධාරීවරයා කරන ලද අනීතික ක්‍රියාව ඔහුගේ නිල කටයුතු වලදී කරන ලද නිල රාජකාරියක් හෝ සම්බන්ධිත රාජකාරියක් බවට අර්ථ දැක්වීමක් ඇති වෙනවා. 

මගේ උගත් මිත්‍ර ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ මහතා කියා සිටියා මෙම සමාජයේ ඇති වන මතය සහ සමාජයේ ඇති විය හැකි දේවල් සියල්ල කල්පනා කරලා මෙම ඉදිරිපත්වීම කළේ කියලා. සමාජයේ ඇති වන හැගීම මොකක්ද ? (ඉංග්‍රීසියෙන් කියවයි.)  මා කියා සිටින්නේ මෙම පුද්ගලයා නිල කටයුත්තක් සහ ඒ සම්බන්ධිත කටයුත්තකදී කරන ලද ක්‍රියාවක් කියන එක සමාජයට ඇති වන මතයක් පවතින්න තිබුනා. නීත්‍යානුකූල තත්වය අනුව පොලිස් නිලධාරියා විසින් තමාට අදාල නොවන තමා විසින් නොකළ යුතු විමර්ශනයක්, ඔහු පොලිස් අධිකාරිවරයෙක්. ඔහු විමර්ශනය කරන්න බලෙන් ගෙන්වා ගෙන සහ මෙම විමර්ශනය ඇතුලේ පහරදීම යන්න අනීතික ක්‍රියාවක්. 

එය රජයේ නිලධාරියෙක් නිල කටයුත්තක් කිරීමේ හෝ ඊට සම්බන්ධ කටයුත්තක් නොවන බවයි මුල් පැමිණීලිකරුගේ ස්ථාවරය. ඒ අනුව මෙම කරන ලද වරද අර්ථ ගැන්වෙනවා ඔහු නිල කටයුත්තකදී කරන ලද නිල රාජකාරියක් හෝ ඒ සම්බන්ධිත රාජකාරියක් බව. ඒ අනුව පොලිස් ස්ථානයේ කූඩුව තුළදී හෝ පොලිස් ස්ථානයේදී පුද්ගලයෙකු මරණයට පත් කළත්, එය නිල කටයුත්තක් විය යුතුයි. ඒ අනුව ඒ කරුණු මත නීතිපතිවරයා විසින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීමට අවසර ඉල්ලිම සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා. ඊට පසු නීතිපතිවරයා විසින් මෙම චූදිතට එරෙහිව මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද කියලා තීරණය කිරීමේ හැකියාව ලැබෙනවා. මින් දැඩි ලෙස පැමිණිලිකරු අගතියට පත් වෙනවා. මේ නීතිමය තත්වය අනුව මා මෙම ඉල්ලීමට විරුද්ධ වෙනවා.

Friday, January 6, 2012

උසස් පෙළ ප්‍රතිඵල අවුල...අත්‍යාවශ්‍ය සේවයක්



උසස් පෙළ ප්‍රතිඵල අවුල ගැන උසස් අධ්‍යාපන ඇමති ප්‍රසිද්ධියේ කියාපු reණක් ගැන සිතන්නට තේreï ගන්නට දෙයක් ඇත.

විශ්ව විද්‍යාල වල අභ්‍යන්තර විභාග ගැන විශ්වාසය අඩුවී බොහෝ කල්ය.

ප්‍රතිඵල වල හිතවත්කම්, ඇගෑ¨ම් කම් පමණක් නොව ජාතිය හා =ලයද බලපෑ ඇති බවට එල්ලවූ චොaදනා අපමණය.

යුක්තිය පසි`දලීමේ ක්‍රියාදාමයේ එක් ප්‍රධාන =ලුනකි, නීති වෘත්තිකයෝ. නීති වෘත්තිකයෝ බිහි වන්නේ නීති විද්‍යාලයෙනි. රටටම ඇත්තේ එකකි.

නීති විද්‍යාලයට ඇත=ලත් වීමේ, පිටවීමේ විභාග ගැන විශ්වාසයක් ඇත්තේ කාටද@  ඒ පිළිබ`දව නැගෙන විfsචන, චෝදනා, අදෝනා අපමණය - ප්‍රමාණය.

රාජ්‍ය සේවයේ විවිධ තරාතිරම් වලට `දවා ගැනීමේ, උසස්වීම් දීමේ තරග විභාගද අපමණය. බෙහෝ විභාග වල ප්‍රතිඵල නැත. එහෙත් සියලු තනත=re පුරවා අවසන්ය.

පසුගිය දශකය = එකදු විභාගයක් වත්, අඩුම ගානේ පාසල්වල වාර අවසාන විභාගයවත් ප්‍රශ්ණයකින් තොරව පවත්වා ගන්නට බැරිවිය.

යම් විශ්වාසයක් ඉතිරිව තිබුනේ අ.පො.. (සාපෙළ) හා අ.පො.. (.පෙළ) විභාග දෙක සම්බන්ධයෙනි.

ඒ කෙරෙහි විශ්වාසය නැති කර දැමිය යුත=. පසුගිය අ.පො..(සාපෙළ) විභාග එකක්වත් ප්‍රශ්ණයක් ඇති නොකරගෙන පවත්වා ගැනීමට නොහැකි විය.

ප්‍රශ්ණ පත්‍ර බෙදා හැරීම, ධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, උත්තර පත්‍ර බෙදා හැරීම - ප්‍රතිඵල නික=ත් කිරීම - මේ සියලු අවස්ථාවල අක්‍රමිකතාවන් සිද්ධවිය.

.පො..(.පෙළ) ගැන තිබූ විශ්වාසය මෙවර නැත්තටම නැති කර දැම්මේය. එය අවශ්‍යතාවයකි. එය සිදු කළේය.

ක්‍රමානුක+ලව - පියවරෙන් පියවර රටේ නිතිය විනාශ කළේය. ඉතා සැළසුම් සහගතව, නීතිය වෙනුවට අවනීතිය නොහොත් පුද්ගල නීතිය කි%යාවට නැංවූයේය.

බුද්ධිමත් re පරපුරක් අනනාගතයට ඉතිරි කිරීම මේ %මය පවත්වාගෙන යෑමට බාධාවකි. එය නැති කළ යුත=h' ප්‍රසිද්ධ විභාග විනාශ කිරීම එහි අරමුණය. දැන් අනාගත පරපුරට විභාග ගැන විශ්වාසයක් නැත. ඔවුන්g විශ්වාස කිරීමට ඉතිරිකර ඇත්තේ අවනීතිය පමණය.

මෙම තත්වය ඇති කිරීමට - චින්තනය ක්‍රියාත්මක වූයේ කෙසේද@

පස්සාදොරෙන්, නීත්‍යානුක+ලව විභාග කොමසාරිස් ධූරයට කෙනෙක= පත් කර ගැනීමෙනි.
`දහා තිබිය යුත= වන්නේ එකම සුදුසුකමයි. ඔහු අන්ත නිවටයෙක= විය යුත=යි.

ප්‍රසිද්ධියට පත්ව තිබෙන කreK" විභාග කොමසාරිස් වරයාගේ සුදුසුකම්" මුලින් `දහන් කල කාරණාවට - විභාග කෙරෙහි විශ්වාසය =රන් කිරිමට ඕනෑවටත් වැඩිය.

ඔහු පත්වීම ගත්තේ - ඇමතිට වැදවැටීය. ඒ සුදුසුකම තමයි ඉතාම වටින්නේ. රටට අවශ්‍ය වන්නේ පිට කොන්දක් නැති - පරිපාලකයින්ය‍.

දෙපා ලෙවකන්නට හැකිවීuh" අතේ පිරිත් නූල තිබිය යුත= ලක්ෂණයකි.
මේ තත්වයට  වත්මන් පාලකයා පමණක් වගකිව යුත= නැත. එවැන්නෙක= එම තැන ගන්නට මග හෙලි පෙහෙලි කල සියල්ලෝම එයට වගකිව යුත=.

පවින් ගැලවීමට හැක්කේ පාපොච්ඡාරණයක් මගින්ය. සමාජවාදීන් ස්වයං විවේචනය කරමින්ය. එය ප්‍රසිද්ධියේ කල යුත=යි.    

Wednesday, January 4, 2012

බොරු නඩු දාන බවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට පොලිස් තර්ජන. අඟුරුවාතොට පොලීසිය.



බටගොඩගේ ප‍්‍රියන්ත ජයතිලක, අවු: 29යි, විවාහක, 
රැකියාව :ග‍්‍රාමාරක්ෂක, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව,බම්බලපිටිය
ලිපිනය : 174/ඒ, මාවත්ගම, කොළණිය, හල්තොට. 


බටගොඩගේ ප‍්‍රියන්ත ජයතිලක, ප‍්‍රකාශ කරන පරිදි, තම පියා බී.ලින්ටන් මහතා හා මව වන  කේ.ජී.කරුණාවතී මහත්මිය, අගුරුවාතොට පොලිසියේ දැනුම්දීම මත 2011.12.24 දින, එහි ගොස් තිබේ

එහිදි  අගුරුවාතොට පොලිසයේ  ස්ථානාධිපතිවරයා ඔවුන් හමුවේ පුතා ”ඈම්ප් ” එකක් සොරකම් කර ඇති බවත්, එය 2011.12.30 දින මාගේ මව හා පියා විසින් ගෙනවිත් බාරදිය යුතු බවටත්, එසේ නොකලහොත් මාව අත්අඩංගුවට ගන්නා බවටත් තර්ජණය කර ඇත. එමෙන්ම ඔවුන්ගෙන්  ප‍්‍රියන්ත ජයතිලක ගේ ජංගම දුරකථන අංකයද ලබාගෙන තිබේ

ඊට දින කිහිපයකට පමණ පසුව  අගුරුවාතොට පොලිසියේ හෙට්ටිආරච්චි නැමැති නිලධාරියා ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් දී, ”උඹ ගත්තු ඈම්ප් එක දීපන්, අපි ඔක්කොම දන්නවා, ගෙනත් නොදුන්නොත් උඹට නඩු හදලා හරි දානවා” කියා තර්ජණය කර තිබේ.  එමෙන්ම ඔහුට අසභ්‍ය වචනයෙන් බැනවැදි තිබේ

මේ සිද්ධිය සම්බන්ධයෙන්, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා ජේ්‍ෂ්ඨ පොලිස් අධිකාරී, පානදුර, වෙත ලිඛිත පැමිණිල්ලක් කරමින් , අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා හා හෙට්ටිආරච්චි නැමැති නිලධාරියා විසින් නිකරුනේ  වංචාවකට හසුකර, ව්‍යාජ නඩු පැවරීමට ගන්නා උත්සාහය  වලක්වාලන ලෙසටත්, අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා හා හෙට්ටිආරච්චි නැමැති නිලධාරියාගේ මෙම නීති විරෝධි ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්, ආරක්ෂාව සලසන ලෙසටත් ඉල්ලා ඇත.


Tuesday, January 3, 2012

VIDEO:- පොලිසියට නිතිය කියාදුන් තරුණ රියදුරා.



අද වන විට රථවාහන පොලීසිය, රියදුරන් බොරු වැරදි වලට පටලවා ගැනීම සුලභ දෙයක්. ඔවුන්ගෙ එම ක්‍රියාවට විරුද්ධ වුවහොත් , තව තවත් වැරදි වලට පටලවා ගැනීමයි පොලීසිය කරන්නේ. මේ එයට කදිම නිදසුනක්. 

මුද්දක් නිසා බැට් පිත්තකින් පහරකැ සිසුවා දින දෙකක් රෝහලේ.


ඉක්කගොඩ ආරච්චිලාගේ පුෂ්ප නදීෂාන් 15 හැවිරිදි හෝමාගම ජනාදිපති විදුහලේ 10 වසරේ ඉගෙන ගන්නා සිසුවෙකි. 

ඊ ඒ ගුණතිලක මහතා ඔහුගේ පියාය. ඔහු තම පුතාට වදහිංසා පැමිණවීම පිලිබදව 2011.12.30 දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට, ළමා ආරක්ෂක අදිකාරියට, ළමා හා අපයෝජන නිවාරණ කාර්යන්සයට ලිකිතව පැමිණිලි කළේය.

මුද්ද සොරා ගත්තයි කියා නදිශාන්ව එහි අයිතිකරුවන් වන ශ්‍රියානි අජිත් සහ නලින් ඔහුව තම නිවසේ සගවා තබා ගෙන පහර දෙන ලදී. 

ඔහුව පාදුක්ක පොලිසියට ගෙන යාමෙන් අනතුරුව එහි නිලදාරියකු මුද්ද ගැන අසමින් අත් දෙක උස්සන්නට කියා පැය බාගයක පමණ කාලයක් ඔහුගේ පිටට බැට් පිත්තකින් පහරදී ඇත. ඔහුව පොලිස් කුඩුවටද දමා තිබේ.

2011.12.27 උසාවි දමා ඇප මත නිදහස් කර ඇත. එම වියාජ නඩුවේ අංකය 484/11 C වේ.

නිදහස්වීමෙන් පසුව නදීෂ දින දෙකක් හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. රෝහල් පොලිසිය ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර අදිකරණ වයිද්‍ය නිලදාරිද ඔහුව පරීක්ෂා කර තිබේ.

Monday, January 2, 2012

කාට සුභවෙයිද උදාවන නව වසර



මෙම මස 22 වෙනි දින මුහුදු වෙරළේ සිටි යුවලක් අත්අඩංගුවට ගෙන, පෙම්වතා කූඩුවට දමා පෙම්වතියව දූෂනය කල බවට චෝදනා එල්ලවු මොරගල්ල සංචාරක පොලිසියේ ස්ථානාධිපති පො/ප:- එච්.ක්‍රිෂාන්ත ගංගානාත් ඇප මත මුතහැර තිබේ. 

මේවන විටත් තම කාර්යාලයට කැඳවා ස්ත්‍රියකගේ අවශ්‍යතාවයට පුද්ගලයෙකුට පහර දුන් පානදුර හිටපු පොලිස් අධිකාරි හැම්ල්ටන් කුරේට එරෙහිව පවතින නඩුව නීතිපති විසින් බාරගෙන ඇති ආකාරයට පො/ප:- එච්.ක්‍රිෂාන්ත ගංගානාත්ට  එරෙහි නඩුවද නීතිපතියා බාරගෙන සාධාරණය ඉටු කරන්නට පුලුවන. 

නීතිපතිගේ මේ මැදිහත්විම අපරාධකරන හා අපරාධවලට හවුල්වන පොලිස් කාරයින්ට නව වසර සුභ දායක වනු නියතය.

23 වෙනිදා සංචාරක යුවලක අතවර කරන්නට ගිය බව කියන සිද්ධියක් මූලිකකරගෙන, සංචාරකයෙකු මරා දමා ඇත. ඔහු සමග සිටි තරු‚යට බරපතල තුවාල කර ඇත. සැකකරුවා - තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂපදාන පතිරනය. ඔහු පොලීසයට බාරවු බව පොලිස් නිල ප්‍රකාශකයේ සඳහන් වේ.

ලොකයා රවටන්න අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීම හෝ රක්ෂිත බන්ධනාගාරයේ තබා - සුරසැප විඳින්නට මොහුට ඉඩ සලසනු ඇත. මොහුට විරුද්ධව චෝදනා නැති බව නීතිපති අධිකරණ ඉදිරියේ කියනු ඇත. මන්ද මියගිය සංචාරකයා විසින් මේ වන තෙක් පැමි‚ල්ලක් දමා නැති නිසා.

තව විදිහකින් මේ සියලු දෙදෙනාටම 2012 සුභ වෙන්නට ඉඩ තිබේ. එදා අධිකරණයෙන් වැරදිකරු කරනු ලැබූවත් - ජනාධිපතිගෙන් මොවුන්ට සමාව හිමිවන බවට පවතින විශ්වාසය තවම පලුදුවි නැති නිසාය. 

මන්ද මේ ගෙවිගෙන යන වසරේ ජනාධිපති මෙවන් අය කී දෙනෙකුට සමාව දී තිබේද යන්න පළිබඳවත්  නීතිපති මැදිහත්ව අපරාධ සැකරුවන් කිදෙනෙක් ගලවාගෙන තිබේද යන්න පිළිබඳවත් මොවුන්ට ඉතා හොඳ අවබෝධයක් තිඛෙන නිසාය. 

මේ අතර, සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා යන පදය සිහියට නංවමින් - අපේ හාමුදුරුවරු, බුද්ධිමතුන් - අපරාධ රැල්ල ගැනත් එල්ලූම්ගහ ගැනත් දෙසාබා - සියල්ල අමතක කරවන්නට පියවර ගනු ඇත. 

මේ 31 රැ පහන්වන තුරු කියන පිරිත සමග සුදු පිරිත් නූල් වලට අමතරව, පාට පාට පිරිත් නූලද මේ සියල්ලගේ සුරත් වලට ගැටගසනු ඇත.

ගතවු වසර වල සෑම විභාගයක්ම පැවැත්වුන්නේද, ප්‍රශ්ණ පත්‍ර බැලුන්නේද, ප්‍රතිඵලය නිකුත් වුනේද ජනාධිපතිවරයාගේ උපදෙස් මතය. රටට වැසි වසින්නේද පයන්නේද ඔහුගේ වදනට අනුකුලවය. ඒ අනුව පෙර සියලු විභාග මෙන්ම මෙවරද Aඛ විභාග ප්‍රතිඵල වලට කෙළවී ඇත. 

විභාගය තනිපංගලමේ සිට ලියා, (අපි කිසිවිටෙකත් කොපි කලායැයි චෝදනා නොකරමු.) ඉහළින්ම පාස්වෙන - පුතන්ඩිලාට 2011 දී කටවුට් ගැසු එවුන්ගේ පුතාලාට , 2012 දී විභාග නොලියාම සහතික ලබාගැනීමට හැකි වන්නාවු ඉතා සුභ වසරක් වෙනු ඇත. 

Wednesday, December 14, 2011

ගඩාෆි ගැන දුක් වන්නෝ !




ගඩාෆි බලයෙන් පහවීම හා ඔහුව ඝාතනය කිරීම ගැන තවමත් ලතවෙන පිරිසක් අප අතර සිටිති.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඔහු කළ අපරාධ පිළිබඳව විනිවිද හා පිළිගත් යුක්තිය පසිඳලීමේ ක්රිනයාදාමයන්ට අනුව විවෘත නඩු විභාගයක් පවත්වා, කරුණු කාරණා ඔප්පු වුවහොත් දඬුවම් පැමිණවීම කළ යුතුය. එහෙත් එය මරණ දඬුවම නොවිය යුතුය.

අත්අඩංගුවට ගත් ගඩාෆිව මරා දැමීම හා ඔහුගේ සිරුර කුණුවී යන තුරු ප්ර දර්ශනයට තැබීම, හෙලා දැකිය යුතුය. එය ම්ලේච්ඡ ක්රිකයාවකි. එය සිදුකළ සියල්ලටම එරෙහිව නීතිමය පියවර ගත යුතුය. ඒ සඳහා උපරිම බලපෑම් වත්මන් ලිබියානු පාලකයින්ට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කලය යුතුය. එම කාර්යයෙන් බැහැරව, ගඩාෆි ගැන කඳුළු සලන්නේ ඇයි.

ඔහු බලය ලබාගත්තේ හමුදා කුමන්ත්රුණයකින්ය.  බලය ලබා ගැනීමෙන් පසුව, ඔහු ජනමත විමසුමකට ඉඩ තිබ්බේ නැත.හිටපු රජ සමයටත් වඩා සංවිධානාත්මකව ජනතාව මර්දනය කළේය. එය පටන්ගත්තේ අදහස් ප්රුකාශ කිරීම වැළැක්වීමෙන්ය.මෙම මර්දනය හමුවේ, වධහිංසාවට ලක්වූවන්, අතුරුදහන්වූවන්, සිරභාරයට පත්වූවන් කොපමණද? වෙනත් ආකාරයේ පළිගැනීම්වලට ලක්වූවන් කොපමණද?

මේ ගැන, මේ දුක්වන්නෝ ප්රගශ්න නොකරති.

සෑම පාලකයෙක්ම, මර්දනය දියත් කිරීමට සමගාමීව සංවර්ධනය ගැනද කතා කළෝය. ඇත්තටම, ඔහු තෙල් සල් වලින් කළේ මංමාවත්, ගොඩනැගිලි ඉදිකිරීමය. ඔහුගේ පවුල් රජ කරවීමය.තම අවට සිටින්නන්ට, ගැත්තන්ට හිතේ සැටියට සංවර්ධනය වීමට ඉඩ හැරියේය.ඒ අතර, ඔහු අන් සියලු මර්දනකාරී, දූෂිත නිදහස අහිමිකළ නායකයින් මෙන්ම චින්තනයක්ද ඉදිරිපත් කළේය.

ආගම මුල් කරගෙන චින්තනය ගොඩ නැගුවේය.

අධිරාජ්ය වාදි විරෝධියෙකු ලෙසට ලොවේ ප්ර,සිද්ධියට පත්විය. මේ අධිරාජ්යග විරෝධියා, තම පුතුන්ට ඉගැන්වූයේ හිරු නොබසින අධිරාජ්යයයට යවාය. යුරෝපයේ පාපාදන් කෙළිවලට යවාය. අධිරාජ්යුවාදීන්ගෙන් සියලු අති සුඛෝපභෝගී දෑ ලංකරගෙනය. මේ අතර, ජනතාව මර්දනය කළාට තමන්ට ප්රයශ්නයක් කර නොගත්, සෑම බලවතෙකුම, බොරදියේ මාලු බාති. එය එදත්, අදත්, හෙටත් කරනු ඇත. “සමාජවාද” ලිබියාව, “අධිරාජ්යය විරෝධි” ලිබියාව සෝවියට් දේශයට හා චීනයට තෝතැන්නක් විය. තම ගුවන් යානා, යුධ අවි, රිසිසේ විකුණා ගන්නට හොඳ වෙළඳපොළක් බිහිවිය. ලිබියාවට තෙල් සල්ලි තිබිණ. ඒ නිසා ණයට දෙන්නටද අවශ්යො නොවීය.
රටතුළ ගඩාෆිගේ දූෂණයට, මර්දනයට එරෙහිව බුර බුරා නැගුණු ජන විරෝධයට, ඇමරිකාව හා යුරෝපය තෙල් දැම්මේය.

රුසියාව, චීනය කටින් විරෝදය පලකරමින් ගාඩාපිව අත හැර දැම්මේය. ගඩාෆි සමග ගසපු ආර්ථික ගිවිසුම් රැක ගැනීමට නව පාලකයින් ඔවුන්ට දැන් අවශ්යාව ඇත. අද සිරියාවේ වෙන්නේත් ඒ දේමය. ඊජිප්තුවේ මුබාරක්ට වූයේත් ඒ දේමය.අන්ත ඉස්ලාම් මූලධර්මවාදයෙන්, ජනතාව මර්දනය කරන, විශේෂයෙන් ලිබරල් මතවාදීන් හා ස්ත්රී්න් මර්දනය කරන අධිරාජ්ය් විරෝධී සටන් පාඨ කියන ඉරානයටද මේ තත්වය උදා වුවහොත්, පුදුම විය යුතු නැත.
සමාජවාදි හා අධිරාජ්යම විරෝධී සටන්පාඨ වලින් අන්ධව, ජනතාව මර්දනයට ඉඩ හැරිමවෙචනයෙන් හෝ දායක වී‍මෙන් ඇතිවිය යුතුය.
අපේ රටම උදාහරණයට ගන්න.

හිල්ටන් හෝටලයේ කෝකියටත් පොලිසියෙන් බඩපුරා ගුටි.



සෙනත් දර්ශන හිල්ටන් හෝටලයේ කෝකියෙක්. සෙනත් බදුල්ලේ සිට කොළඹට එන්න ආව. නමුත් සෙනත් ට නොසිතු ලෙස බදුල්ලේ බස් නෑවතුම් පොලේ පොලිස් මුරපොලෙන් හොඳට සෑලකුවා. මේ එම කතාව....
..............



Monday, December 12, 2011

මානව හිමිකම් කොමිෂම කාසදහාද?





ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂම සේවය කරන්නේ කාටද යන්න ඉතා පැහැදිලි උදාහරණ සහිතව ඉදිරිපත් කිරීමක් මගින්,එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් දිනය සමරනු ලැබීය. 

2011.12.09 වන දින, කොළඹ 07, ජතික පුස්ථකාල හා ලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මෙම සමරු වැඩසටහනේදී මානව හිමිකම් කොමිෂමේ කාර්යභාරයන් ඇසුරෙන් සකස් කළ වාර්ථාවක් සහ ජනතාවට අරගල කිරීම සඳහාවූ ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරනු ලැබීය. 

සමරු වැඩසටහන ආරම්භ කරන ලද්දේ ආසියානු මානව හිමිකම් කොමිෂමේ අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා සමග, නීතිය හා සාමය සහ නීතිය මත පාලනය පිළිබ`ද සම්මුඛ සාකච්ඡාවක් ඉදිරිපත් කිරීමෙන්ය.
ඉන් අනතුරුව ග්‍රේ හෝගන් කොලොම්බියා සරසවියේ කරන ලද  දේශනයේ පරිවර්ථනය එළි දැක්වීම සහ එ පිළිබ`ද සංසන්දනාත්මක හැදින්වීමක්ද කරනු ලැබීය. 

වින්දිතයින්, ක්‍රියාකාරීන් හා මානව හිමිකම් සංවිධාන ගණනාවක නියෝජිතයින් හා මාධ්‍යවේදීන් එකසිය විසිපස් දෙනකුට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහනේදී -  සහභාගීවූවන් ගණනාවක් තම අදහස් ඉදිරිපත් කරනු ලැබීය.


පිංතූර සදහා සිතුවම් හල වෙත යන්න.   
ජනසංසදය

Tuesday, December 6, 2011

A video in Sinhala that explains the difference between law and order, and the rule of law




(Hong Kong, December 1, 2011) Janasansadaya, a well-known human rights organization in Sri Lanka has produced a short interview with Basil Fernando of the Asian Human Rights Commission. In the interview, the difference between what is now popularly called "law and order" and the concept of the rule of law is explained. In Sri Lanka, governments have used the words "law and order" to mean whatever action the government deems fit in order to maintain what it calls 'order'. For example, extrajudicially killing suspected criminals is considered good practice in order to maintain order; suppression of the expression of public opinion is also considered good practice in order to prevent challenges to the government in the name of order.

The government's idea of law and order is the prevention of challenges to the government and the most important requirement for law and order is to prevent all opposition to its plans.

Opposition to the government is considered as disorder. Thus, the idea of law and order is to maintain total control by the government with or without law.

On the other hand, the rule of law means the following, as summed up by the eminent British jurist Tom Bingham:

"The core of the existing principle is, I suggest, that all persons and authorities within the state, whether public or private, should be bound by and entitled to the benefit of laws publicly made, taking effect (generally) in the future and publicly administered in the courts." (Tom Bingham, Rule of Law. Penguin Books 2011, page 8).

These concepts are discussed in this video. http://www.youtube.com/watch?v=Je3embauxtU


Saturday, December 3, 2011

අරුම පුදුම සිතාසියක්





ඉහත දැක්වෙන බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ත්‍රාත්වරයා විසින් නිකුත් කොට, බද්දේගම පොලිසිය, 2011.11.29 දින, තරංගා මහත්මියට ගෙනවිත් බාර දුන්න සිතාසියයි.

තරංගා මහත්මියටද, සරණි කාරියවසම් හා ඇගේ සැමියාට, පෝද්දල පොලිසියේ උප පොලිස් පරීක්ෂක සමරජීව ඇතුලු පිරිසක් පහර දෙන ලද්දේ 2011.02.28 දිනය.

එම පහරදීම අදාලව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේය. ඒ යුක්තිය ඉටුකර ගන්නටය. මේ අතර පෝද්දල පොලිසියට, තරංගාට හා සරණිට විරුද්ධව, රාජකාරියට බාධා කිරීම හා කලහා කිරීම යන චෝදනා යටතේ පළමුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේද, පසුව එම නඩුව බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේද පවරන ලදි.

මේ අතර, පොලිසියෙන් තරංගාට හා සරණිට පවරන ලද නඩුව ඉල්ලා අස්කරගන්නා බවට ප්‍රකාශ කරන පෝද්දල පොලිසිය, තරංගා හා සරණිට එයට හිලව් කිරීමක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ඉවත් කරගන්නා බවට දිවුරුම් ප්‍රකාශ ඉල්ලා සිටී.

සරණි, රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් පොලිසියෙන් ලබාගෙන, නඩුව ඉල්ලා අස්කරගන්නට කැමැත්ත ලබාදී ඇතැයි වාර්තාවේ.

නමුත් තරංගා එයට දැඩිව විරෝධය පලකර ඇත.මේ තත්වය තුල, තමන්ට විරුද්ධව පෝද්දල පොලිසිය පවරා ඇති නඩුවට පසුදින පෙනී සිටින ලෙසට පොලිස් නිලධාරියෙක් සිවිල්පිට පැමිණ තරංගාට දැනුම් දුන්නේය. ඒ 2011.11.27 දින රාත්‍රී 7.30 ට පමණ.

නඩුව පැවැත්වෙන දිනය 2012.01.30 බව එම නිලධාරියාට තරංගා දැනුම් දුන්නේය.
2011.11.29 දින උදේ 9.30 ට යතුරු පැදියකින් පැමිණි පොලිස් නිලධාරියෙක්, 2012.12.05 දින එම නඩුවට උසාවියට පැමිණෙන ලෙසට දක්වන ලද - සිතාසියක් බාරදී යන ලද්දේ තරංගාට නොසෑහෙන ලෙසට බැන වදිමින්ය.

නඩුව මීළග දිනය 2012.01.30 යි. එසේ තිබියදී 2012.12.05 දින නඩුව පැවැත්වෙන බවට සිතාසියක් නිකුත් කර ඇත්තේ තමන් අමාරුවේ දැමීමට බව පවසන තරංගා, ඒ පිළිබදව පැහැදිලි කිරීමක් කරන ලෙසට 

බද්දේගම රෙජිස්ත්‍රාත්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.

එහි පිටපත්, වගකිවයුත්තන්ට යැවීමටද තරංගා පියවර ගත්තේය.

ලිපිය කියවන්න.


..............