Monday, January 2, 2012

කාට සුභවෙයිද උදාවන නව වසර



මෙම මස 22 වෙනි දින මුහුදු වෙරළේ සිටි යුවලක් අත්අඩංගුවට ගෙන, පෙම්වතා කූඩුවට දමා පෙම්වතියව දූෂනය කල බවට චෝදනා එල්ලවු මොරගල්ල සංචාරක පොලිසියේ ස්ථානාධිපති පො/ප:- එච්.ක්‍රිෂාන්ත ගංගානාත් ඇප මත මුතහැර තිබේ. 

මේවන විටත් තම කාර්යාලයට කැඳවා ස්ත්‍රියකගේ අවශ්‍යතාවයට පුද්ගලයෙකුට පහර දුන් පානදුර හිටපු පොලිස් අධිකාරි හැම්ල්ටන් කුරේට එරෙහිව පවතින නඩුව නීතිපති විසින් බාරගෙන ඇති ආකාරයට පො/ප:- එච්.ක්‍රිෂාන්ත ගංගානාත්ට  එරෙහි නඩුවද නීතිපතියා බාරගෙන සාධාරණය ඉටු කරන්නට පුලුවන. 

නීතිපතිගේ මේ මැදිහත්විම අපරාධකරන හා අපරාධවලට හවුල්වන පොලිස් කාරයින්ට නව වසර සුභ දායක වනු නියතය.

23 වෙනිදා සංචාරක යුවලක අතවර කරන්නට ගිය බව කියන සිද්ධියක් මූලිකකරගෙන, සංචාරකයෙකු මරා දමා ඇත. ඔහු සමග සිටි තරු‚යට බරපතල තුවාල කර ඇත. සැකකරුවා - තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂපදාන පතිරනය. ඔහු පොලීසයට බාරවු බව පොලිස් නිල ප්‍රකාශකයේ සඳහන් වේ.

ලොකයා රවටන්න අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීම හෝ රක්ෂිත බන්ධනාගාරයේ තබා - සුරසැප විඳින්නට මොහුට ඉඩ සලසනු ඇත. මොහුට විරුද්ධව චෝදනා නැති බව නීතිපති අධිකරණ ඉදිරියේ කියනු ඇත. මන්ද මියගිය සංචාරකයා විසින් මේ වන තෙක් පැමි‚ල්ලක් දමා නැති නිසා.

තව විදිහකින් මේ සියලු දෙදෙනාටම 2012 සුභ වෙන්නට ඉඩ තිබේ. එදා අධිකරණයෙන් වැරදිකරු කරනු ලැබූවත් - ජනාධිපතිගෙන් මොවුන්ට සමාව හිමිවන බවට පවතින විශ්වාසය තවම පලුදුවි නැති නිසාය. 

මන්ද මේ ගෙවිගෙන යන වසරේ ජනාධිපති මෙවන් අය කී දෙනෙකුට සමාව දී තිබේද යන්න පළිබඳවත්  නීතිපති මැදිහත්ව අපරාධ සැකරුවන් කිදෙනෙක් ගලවාගෙන තිබේද යන්න පිළිබඳවත් මොවුන්ට ඉතා හොඳ අවබෝධයක් තිඛෙන නිසාය. 

මේ අතර, සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා යන පදය සිහියට නංවමින් - අපේ හාමුදුරුවරු, බුද්ධිමතුන් - අපරාධ රැල්ල ගැනත් එල්ලූම්ගහ ගැනත් දෙසාබා - සියල්ල අමතක කරවන්නට පියවර ගනු ඇත. 

මේ 31 රැ පහන්වන තුරු කියන පිරිත සමග සුදු පිරිත් නූල් වලට අමතරව, පාට පාට පිරිත් නූලද මේ සියල්ලගේ සුරත් වලට ගැටගසනු ඇත.

ගතවු වසර වල සෑම විභාගයක්ම පැවැත්වුන්නේද, ප්‍රශ්ණ පත්‍ර බැලුන්නේද, ප්‍රතිඵලය නිකුත් වුනේද ජනාධිපතිවරයාගේ උපදෙස් මතය. රටට වැසි වසින්නේද පයන්නේද ඔහුගේ වදනට අනුකුලවය. ඒ අනුව පෙර සියලු විභාග මෙන්ම මෙවරද Aඛ විභාග ප්‍රතිඵල වලට කෙළවී ඇත. 

විභාගය තනිපංගලමේ සිට ලියා, (අපි කිසිවිටෙකත් කොපි කලායැයි චෝදනා නොකරමු.) ඉහළින්ම පාස්වෙන - පුතන්ඩිලාට 2011 දී කටවුට් ගැසු එවුන්ගේ පුතාලාට , 2012 දී විභාග නොලියාම සහතික ලබාගැනීමට හැකි වන්නාවු ඉතා සුභ වසරක් වෙනු ඇත. 

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete