Wednesday, January 4, 2012

බොරු නඩු දාන බවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට පොලිස් තර්ජන. අඟුරුවාතොට පොලීසිය.



බටගොඩගේ ප‍්‍රියන්ත ජයතිලක, අවු: 29යි, විවාහක, 
රැකියාව :ග‍්‍රාමාරක්ෂක, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව,බම්බලපිටිය
ලිපිනය : 174/ඒ, මාවත්ගම, කොළණිය, හල්තොට. 


බටගොඩගේ ප‍්‍රියන්ත ජයතිලක, ප‍්‍රකාශ කරන පරිදි, තම පියා බී.ලින්ටන් මහතා හා මව වන  කේ.ජී.කරුණාවතී මහත්මිය, අගුරුවාතොට පොලිසියේ දැනුම්දීම මත 2011.12.24 දින, එහි ගොස් තිබේ

එහිදි  අගුරුවාතොට පොලිසයේ  ස්ථානාධිපතිවරයා ඔවුන් හමුවේ පුතා ”ඈම්ප් ” එකක් සොරකම් කර ඇති බවත්, එය 2011.12.30 දින මාගේ මව හා පියා විසින් ගෙනවිත් බාරදිය යුතු බවටත්, එසේ නොකලහොත් මාව අත්අඩංගුවට ගන්නා බවටත් තර්ජණය කර ඇත. එමෙන්ම ඔවුන්ගෙන්  ප‍්‍රියන්ත ජයතිලක ගේ ජංගම දුරකථන අංකයද ලබාගෙන තිබේ

ඊට දින කිහිපයකට පමණ පසුව  අගුරුවාතොට පොලිසියේ හෙට්ටිආරච්චි නැමැති නිලධාරියා ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් දී, ”උඹ ගත්තු ඈම්ප් එක දීපන්, අපි ඔක්කොම දන්නවා, ගෙනත් නොදුන්නොත් උඹට නඩු හදලා හරි දානවා” කියා තර්ජණය කර තිබේ.  එමෙන්ම ඔහුට අසභ්‍ය වචනයෙන් බැනවැදි තිබේ

මේ සිද්ධිය සම්බන්ධයෙන්, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා ජේ්‍ෂ්ඨ පොලිස් අධිකාරී, පානදුර, වෙත ලිඛිත පැමිණිල්ලක් කරමින් , අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා හා හෙට්ටිආරච්චි නැමැති නිලධාරියා විසින් නිකරුනේ  වංචාවකට හසුකර, ව්‍යාජ නඩු පැවරීමට ගන්නා උත්සාහය  වලක්වාලන ලෙසටත්, අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා හා හෙට්ටිආරච්චි නැමැති නිලධාරියාගේ මෙම නීති විරෝධි ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්, ආරක්ෂාව සලසන ලෙසටත් ඉල්ලා ඇත.


No comments:

Post a Comment