Wednesday, January 11, 2012

මීගමුවේ සුගත් නිශාන්ත ප්ර නාන්දුගේ මරණයට ආණ්ඩුව වගකිව යුතුයි - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලය




මීගමුවේ සුගත් නිශාන්ත ප්‍රනාන්දුගේ මරණයට ආණ්ඩුව වගකිව යුතුයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලය

මීගමුවේ සුගත් නිශාන්ත ප්‍රනාන්දුව - 2008 සැප්තැම්බර් 20 වන දින වෙඩි තබා ඝාතනය කරන ලදි. මෙම ඝාතනයට පෙර මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුලු පොලිස් නිලධාරින් ඔහුව වධහිංසාවට පත් කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුනේය.

ඔහුට එල්ලවූ මරණ තර්ජණ සම්බන්ධයෙන් පොලිසිය පියවරක් නොගත්තේ මන්ද ? ඝාතනයෙන් පසුවද පොලිසිය ඝාතකයින්ට නිදහසේ ජීවත්වීමට ඉඩ හැරියේය.මෙම පසුබිම තුල ඔහුගේ බිරිද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට තම සැමියාගේ ඝාතනයට ආණ්ඩුව වගකිවයුතු බව කියා සිටියේය.

ඒ අනුවය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, සුගත් නිශාන්ත ප්‍රනාන්දු ගේ ඝාතනයට ආණ්ඩුව වගකිවයුතු බවට නිගමනය කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම නිර්දේශය ප්‍රසිද්ධියට පත්කරන ලෙසටද, ඒ පිළිබදව දින 180 ක් තුල සිය ප්‍රතිචාරය දක්වන ලෙසටද ආණ්ඩුවට නියම කර ඇත.මෙහිදී තරාතිරම නොබලා, මිනිස් ජීවිතයේ වටිනාකම් මත රැදී, කටයුතු කල යුතුය.සැවී කරන මරා දැමීම්, පැහැරගෙන ගොස් කරන මරා දැමීම්, අත්අඩංගුවට ගැනීමෙන් පසුව කරන මරා දැමීම් සහ අතුරුදහන් කරවීම් වලට භාජනය වූයේ කවුද ? යන්න මත නොපිහිටා, සැවොම වෙනුවෙන්ම, එකාවන්ව කථා කරමු.

මීගමුවේ සුගත් නිශාන්ත ප්‍රනාණ්දු ගේ මරණය පිළිබද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශය - වාර්තා නොවූ සියලු ඝාතනයන්ට ආණ්ඩුව වගකිවයුතු බව මෙහිලා සදහන් කරමු.
     සම්පුර්ණ වාර්තා - : http://www.alrc.net/PDF/SKASugathNishantaFernando-CommNo1862-2009.pdf

No comments:

Post a Comment