Tuesday, January 17, 2012

දහ අට වසරක් පුරා කැත කුණු ඇද්ද දරුවන්ට දෙවෙනි මවක් වූ



දහ අට වසරක් පුරා කැත =ණු ඇද්ද, reවන්ට දෙවෙනි මවක් වූ, කළ වැඩට වැටුප් නොදී  - පන්නා දැමීමේ කථාව -

මේ සිද්ධිය බෙ!ද්ධ පුරවරයේ පවතින උසස් ලෙසට සම්මත බෙ!ද්ධ බාලිකාවක් වන ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙන් -



මල්කාන්ති හා රානි යන දෙපල වසර දහ අටක් පුරා  විද්‍යාලයේ දරැවන්ගේ කැත =Kq  සුද්ද කරන ලද, වැසිකිළි සුද්ද කරන ලද, අත=පත= ගාන ලද්දන්ය.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව, වැඩ කළ දින වලට පවා වැටුප් නොගෙවා, සිය` නීති, සාර ධර්ම වලට පටහැනිව සේවයෙන් පලවා හැර ඇත.

සවන් දෙන්න ජාතික පාසල් අධ්‍යක්ෂ ඇත=ලු නිළධාරීන්ට ලියන ලද ලිපිය මෙසේය..

.....................................................................................

ලිඛිත පැමිණිල්ල


01. සභාපති
    මානව හිමිකම් කොමිෂන් සභාව
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. සහකාර කම්කරු කොමසාරිස්
    කම්කරු කාර්යාලය
    පානදුර.

03. අධ්‍යක්ෂ
    ජාතික පාසැල් 
    අධ්‍යාපන අමාත්‍යාංශය
    ඉසුරුපාය,
    බත්තරමුල්ල.

අසාධාරණ හා අයුක්ති සහගත ලෙසට සෙවය අහෝසි කිරීම.

මණ්ඩඩිගේ මල්කාන්ති ප‍්‍රනාන්දු වයස අවු: 53 යි, විවාහක, දරුවන් 01 යි 
ලිපිනය: 122 ත්‍, ජයන්ති මාවත, පමුණුගම, අළුබෝමුල්ල.   2012. 01. 17 දින දීය.

1. මා 1993 පෙබරවාරි මස පානදුර ශ‍්‍රී සුමංගල බාලිකා විදුහලේ සිරිවර්ධන නමැති විදුහල්පතිනිය යටතේ කම්කරු සේවයට බැඳුනි.

2. එසේ සේවයට බැඳී වසර කීපයක් ගතවූ පසු, එන්. බඞ්. නේපාල නමැති විදුහල්පතිනිය පාසැලට පත්වී පැමිණියා.

3. එම විදුහල්පතිනිය යටතේ ද මා ඇතුළු තිදෙනෙකු මිදුල අතුගෑම, පංති කාමර අතුගෑම, කුණු අස් කිරීම, වතුර මෝටර් පණගැන්වීම, දරුවන් අපවිත‍්‍රවූ විට පිරිසිදු කිරීම, වැසිකිලි පවිත‍්‍ර කිරිම හා දරුවන් අසනීප වූවිට නිවෙස් වලට ගෙනයාමද සිදුකිරිම සහ විදුහල්පතිනිය විසින් පවරනු ලබන අමතර රාජකාරීන්ද සිදු කරනු ලැබුවා.

4. එ් ආකාරයෙන් 2012. 01. 15 වන දින දක්වාම නොකඩවා සේවය කළ අතර, අපට වැටුප් ලැබුණේ මාසිකවයි.

5. 2012. 01. 16 වන දින මාත් රාණි හා දයා නමැති අය පාසැලට යන විට අප වෙනදා කරන වැඩ වෙනත් අය කරමින් සිටියා.


6. පසුව අප විමලා නමැති ගුරු මහත්මිය හමුවී අප කරන වැඩ වෙනත් අය කරනවා, අපි මොකද කරන්නේ කියා අසා සිටියා. එවිට එම ගරුවරිය පවසා සිටියේ, රජයේ සේවකයින් දාලා, අනියම් සේවකයින් තියාගන්න බෑ, උවමනා වුණොත් සුමාන 2කින් දැනුම් දෙනවා කියා විදුහල්පතිනිය පවසන බවයි. නමුත් විදුහල්පතිනිය විසින් අප වෙත එ් සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් කළේ නැත.

7. එදිනම එනම්, 2012. 01. 16 දින පාසැලට පැමිණ සිටි දෙමාපියන් පිරිසක් හා ගුරුවරුන් පිරිසක් විදුහල්පතිනිය හමුවී, අපව පාසැලට අවශ්‍ය බව දන්වා තිබෙනවා. එවිට විදුහල්පතිනිය දන්වා ඇත්තේ අනියම් සේවකයින් තබා නොගන්නා ලෙස චක‍්‍රලේඛනයක් එවා ඇති බවයි.

8. මේ මාසයේ ද දින 15 ක් සේවය කළද, එ් සඳහා ද කිසිදු ගෙවීමක් නොකරන ලදි.

මා ඉල්ලා සිටින්නේ,

1. වසර ගණනාවක් සිදුකළ මාගේ සේවය නැවත ලබාදෙන ලෙසට,

2. කිසිදු දැනුම්දීමක් නොකොට මා සේවයෙන් ඉවත් කිරීමේදී මට සිදු කළ අසාධාරණයට  සරිලන වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙසට,

3. සියලූ නීතිවිරෝධී සාරධර්ම වලට පටහැනිව කටයුතු කරන පානදුර ශ‍්‍රී සුමංගල බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන එන්. ඩබ්. නේපාල නමැති අයට විරුද්ධව නීතිමය හා විනයානුකූල පියවර ගෙන, නීතියට ඉහළින් කිසිවෙකුට සිටිය නොහැකි බවට අනාගත පරම්පරාවට ආදර්ශයක් ලබාදීමට කටයුතු කරන ලෙසටය.

    
    පිටපත් : ලේකම්
               අධ්‍යාපන අමාත්‍යාංශය
                   ඉසුරුපාය,
                   බත්තරමුල්ල.

දැ. ගැ. පි. : කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
               කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුව
               කළුතර.


No comments:

Post a Comment