Wednesday, January 18, 2012

598/2011- පො.ප.ලියනාරච්චි ඇතුලු පොලිස් නිළධාරීන්ට එරෙහි - මූලික අයිතිවාසිකම් නඩුවට අවසර ලැබෙයි.




නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන, රදවා තබාගෙන බොරු චෝදනා නගා රිමාන්ඩ් භාරයට පත්කිරීමට එරෙහිව - මොරොන්තුඩව පොලිස් මුරපොලේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලියනාරච්චි ඇතුලු එම පොලිස් මුරපොලේ පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට එරෙහිව, වසන්ත නිරෝෂන් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට ගෙනයාමට අවසරය ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, නඩු විභාගයට 2012 ජූනි 14 දිනට නියම කරනු ලැබුවේය.
වසන්ත නිරෝෂන්

වසන්ත නිරෝෂන්ව 2011 ජනවාරි 01 වන දින, ඔහු වැඩකරන වැඩ පොලේදී මොරොන්තුඩුව පොලිස් මුරපොලේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

එයින් අනතුරුව, දින 04ක් නීති විරෝධීව රදවා තබාගෙන, ගංජා ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ චෝදනා යටතේ නඩු පවරනු ලැබීය. එම බොරු චෝදනාව නිසා ඔහුට දින 14ක් රිමාන්ඩ් බාරයේ සිටීමටද සිදුවිය.

මහේස්ත්‍රාත් අධිකරණයේදී, පොලිසිය නගා ඇති චෝදනාව ව්‍යාජ එකක් බව ඔප්පු කිරීමෙන් අනතුරුව ඔහු නිදහස් කර හරිනු ලැබීය.

ඔහු ගමන්ගත් බව කියන යතුරුපැදියක් ද මොරෙන්තුඩුව පොලිසිය අධීකරණයට ඉදිරිපත් කර තිබින.
එම යතුරු පැදියේ අයිතිකරු කියා සිටියේ, තම යතුරු පැදිය ෆිනෑන්ස් සමාගම විසින් ගෙනගොස් ඇති බවයි.

පසුව ෆිනෑන්ස් සමාගම, අධිකරණයට ඉදිරිපත්ව යතුරු පැදිය ඔවුන්ගේ සන්තකයෙන් ගන්නා ලදි.
පොලිසියට යතුරු පැදිය ලැබුනේ කෙසේද ? ගංජා ග්‍රෑම් 500 ලැබුනේ කෙසේද ? යන්න සොයා ගන්න තවමත් පොලිසියට බැරිවී ඇත.

තමාව නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, රදවා තබා ගැනීම, ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම, රිමාන්ඩ් බාරයට පත්කර තැබීම යන කරුණුවලින් මූලික අයිතීන් උල්ලංඝණය කර ඇති බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලා සිටියේය.

SC/FR 598/2011 දරන එම මූලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට ගෙන යාමට අවසර ලැබී තිබේ.

නමුත් නීති විරෝධීව තරුණයෙකු අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රදවා තබාගෙන, අධිකරණයට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කර නිර්දෝෂී පුද්ගලයෙකු නිදහස අහිමි කිරීම ගැන හා ඉහත සදහන් කල පරිදි මොරොන්තුඩුව පොලිස් මුරපොලේ ස්ථානාධීපති ඇතුලු නිලධාරීන්ට ගංජා ලැබුනේ කෙසේද ? යතුරු පැදියක් ලැබුනේ කෙසේද යන්න ගැන සොයන්න මේ දක්වාම පොලිසිය ඉදිරිපත්ව නොමැත.
තවමත් මොරොන්තුඩුව පොලිසියේ පොලිස් පරීක්ෂක ලියනාරච්චි ඇතුලු නීති විරෝධී ක්‍රියාවන් හි නියැලුනු නිළධාරීන් සුවසේ සිටිති.

No comments:

Post a Comment