Thursday, January 26, 2017

පොලිස් අපරාධ කරුවන්ව ආරක්ෂා කිරීම යහපාලනයද?


මේ අගමැතිගෙන්, පොලිස්පතිගෙන් හා ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අසන ප‍්‍රශ්නයයි.  
යහපාලනයක්, එනම් නීතියේ ආධිපත්‍යය රැුකීමක්, මහජන මිත‍්‍රශීලි, දුෂණයෙන් තොර, අභිමානවත් පොලීසියක් ශ‍්‍රී ලංකාව තුළ ගොඩනැගීමට ඉතා සු`ඵ හෝ අපේක්ෂාවක් තිබෙනවා නම්, අපරාධ වලට වැරදිකරුවන් වු, මුලික අයිතිවාසිකම් කඩකළ, බොරු සාක්ෂි දුන් දුෂිත පොලිස් නිලධාරින් ව ආරක්ෂා කරිමෙන් වැළකී සිටිය යුතුය.

මෙම මස, එනම් 2017.01.19 දින ප‍්‍රකාශයට පත් කරන ලද අංක SC/FR 608/2008 මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප‍්‍රකාර, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන සහ 13 (2) ව්‍යවස්ථාවන් උල්ලංඝණය කළ   මොරටුව පොලිස් ස්ථානයේ සේවය කළ, පො.ප. අංගගේ දමිත චන්දිමාල් පෙරේරා (1 වන වගඋත්තරකරු) සහ  පො.කො. කාවින්ද (2 වන වගඋත්තරකරු) යන දෙදෙනාට එරෙහිව විනය පියවර ගෙන දණ්ඩ නීති සංග‍්‍රහය හා වධහිංසා පනත යටතේ නඩු පැවරීම කළ යුතුය.

2008 ජූලි 05 වන දින ඉහත නම් සඳහන් පොලිස් නිලධාරීන් දෙදෙනා වන පො.ප. අංගගේ දමිත චන්දිමාල් සහ  පො.කො. කාවින්ද ත‍්‍රීරෝද රථයකින් පැමිණ මෙම නඩුවේ පෙත්සම්කරුූ, පෙදරේරුවකු වු සරත් කුමාර නයිඩෝස් ව අත්අඩංගුවට ගෙන දින 07 ක් පුරා නීති විරෝධීව රඳවාගෙන වධහිංසා පමුණුවා 2008 ජූලි 12 වන දින මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.


සරත් කුමාර නයිඩෝස් ට විරුද්ධවත (අ)නිවසක් බිඳ කරන ලද සොරකම් කිරීමකට නඩුවක් - නඩු අංක 89984, (ආ) රන් මාලයක් මංකොල්ල කන ලද බවට නඩුවක්, නඩු අංක අංක 89084 සහ (ඇ) කුඩු නඩුවක් - අංක 90215 යටතේත වශයෙන් නඩු තුනක් පවරණු ලැබීය.


හෙරොයින් මිළි ග‍්‍රැම් 2300ක් (ග‍්‍රෑම් 2.3ක්) අඩංගු කුඩු පැකට් 02ක් ළඟ තබා ගත් බවට වන අංක 90215 ‘‘කුඩු නඩුවට’’, සරත් කුමාර නයිඩෝස්ව රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබීය. මෙය පොලීසියේ භාෂාවෙන් ‘‘හයිකෝට්’’ නඩුවකි. මහේස්ත‍්‍රාත්ට ඇප ලබාදිය               නොහැක. ඇප දිය හැක්කේ මහාධිකරණයට පමණි. 

ඇප ලබාගන්නා තෙක් වසර 1 1/2 ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට ඔහුට සිදු විය. ඇප ලබාදීම අදාල තීන්දු ප‍්‍රකාශන මගින් මහාධිකරණය මෙය ව්‍යාජ නඩුවක් බව පිළිගෙන එ් පිළිබඳව සටහනක් ද යොදනු ලැබීය. එහි මෙසේ සඳහන් වේ.

 ‘‘ නි යෝ ග  ය.
2008.07.12 දින හෙරොයින් මිලිග‍්‍රෑම් 2300 ක් ළඟ තබා ගත්තේ යයි චෝදනා නගමින් පෙත්සමේ නම සඳහන් සරත් කුමාර නයිඩෝස් නම් සැකකරු මොරටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවට කරුණු දක්වයි. එම සැකකරු 2008.07.13 දින මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ දක්වා රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බැවින් පෙත්සමේ සඳහන් කරුනු මත ඔහුට ඇප ලබාදෙන ලෙසට ඉල්ලා සිටිමින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

2009.11.06 දින මෙම ඇප ඉල්ලීම පිළිබඳ විමසීමට ගත් අවස්ථාවේදී දෙපාර්ශවය වෙනුවෙන් දක්වන ලද කරුණු පිළිබඳව සැළකිල්ලට ලක් කළෙමි.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි උගත් නීතිඥ මහතා දීර්ඝ වශයෙන් ඇප ලබාගැනීම සඳහා කරුණු දක්වා ඇත. ඔහුගේ ස්ථාවරය වී ඇත්තේ සැකකරුට විරුද්ධව අසත්‍ය චෝදනාවන් පොලීසිය විසින් ගොනු කර ඇති බවයි. සැකකරු අත්අඩංගුවට ගත්තා යැයි කියනු ලබන දින වන විට සැකකරු වෙනත් වරදක් සඳහා 2008.07.05 දින මොරටුව පොලිස් නිධාරීන් විසින් අත්අඩංගුවට ගෙන 2088.07.13 දින මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් ඔහු මොරටුව පොලීසියේ රඳවාගෙන සිටි බවයි. එ් බව සනාථ කිරීම සඳහා ලේඛණ කිහිපයක්ම අධිකරණයට ඉදිරිපත් කර ඇත. සැකකරු එදින සිට පොලිස් ස්ථානයේ සිටි බවට සනාථ කරන දිව්රුම් ප‍්‍රකාශ කිහිපයක්ම අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. විශේෂයෙන්ම නිලූකා ද සිල්වා නම් නීතිඥවරියක් ද 2008.07.12 දින මෙම සැකකරු බැලීම සඳහා මොරටුව පොලීසියට ගිය බවත් එදින ඔහු පොලීසියේ රඳවා සිටි බව දුටු බවට දිව්රුම් ප‍්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එකී දිව්රුම් ප‍්‍රකාශයේ සහතික පිටපතක් ‘එෆ්’ ලෙස ලකුණු කර පෙත්සම සමග ඉදිරිපත් කර ඇත. ඊට අමතරව පෙත්සම්කාරියගේ සහ තවත් කීප දෙනෙකුගේම දිව්රුම් ප‍්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට අවධානය යොමු කළ යුතුය. සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසියේ උසස් නිලධාරීන්ට සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත්, ජාතික පොලිස් කොමිෂමටත් ලිඛිතව පැමිණිලි කර ඇති බවට ද පෙත්සම්කාරිය වෙනුවෙන් කරුණු දක්වා ඇත.

පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ මහතා දක්වන ලද කරුණු පිළිබඳව සළකා බලා ඇප දීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතිඥවරිය ද අධිකරණයට සැලකර ඇත.

මොරටුව පොලීසිය විසින් පවසා ඇති දිනයන්හි සැකකරු අත්අඩංගුවට ගත්තාද, නැද්ද යන්න පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් මේ අවස්ථාවේදී පැවැත්විය නොහැකි නමුත්, පෙත්සම සමග ඉදිරිපත් කර ඇති දිව්රුම් ප‍්‍රකාශ පිළිබඳවත්, අනෙකුත් ලේඛණපිළිබඳවත් අවධානය යොමු කිරීමේදී බොහෝ දුරට පෙත්සම්කාරිය වෙනුවෙන් දන්වන ලද කරුණු පිළිබඳව බැලූ බැල්මට අධිකරණයට සෑහීමකට පත්විය හැකිය. එ් අනුව පහත සඳහන් කොන්දේසි මත සැකකරුට ඇප නියම කරමි.’’

මහේස්ත‍්‍රාත් උසාවියේ පවරන එකී නඩු අතරින් අංක 89084, රන්මාල මංකොල්ල කෑම නඩුව - පොලීසිය විසින් ඉල්ලා අස්කර ගන්නා ලදි.   


දීර්ඝ නඩු විභාගයකින් පසුව, නිවසක් බිඳ කරන ලද සොරකම් කිරීම යන චෝදනාව යටතේ වු අංක 89984 නඩුවෙන් සරත් කුමාර නයිඩෝස් ව නිෙදාස් කොට නිදහස් කරණු ලැබීය.


මහේස්ත‍්‍රාත් අධිකරණයට ‘‘කුඩු’’ මිළි ග‍්‍රැම් 2300ක් තිබු බවට සඳහන් කරමින්, ව්‍යාජ වාර්තාවක් අධිකරණයට සපයන ලද්දේ, සරත් කුමාර නයිඩෝස් ට මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීම වැළැක්වීමට ය. මෙම ව්‍යාජ චෝදනා නඩුව පවරන ලද්දේ සරත් කුමාර නයිඩෝස් ගේ ඥතීන් මානව හිමිකම් කොමිෂම ට, මොහුගේ නීති වාරෝධි අත් අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම හා වධදීම ගැන මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කිරිම ට පළිගැනීම සඳහාය. 


කෙසේවෙතත්, 2010. 02. 23 දාතමින් යුත් අංක 90215 දරන, කුඩු නඩුවට අදාල රස පරික්ෂකගේ වාර්තාවට අනුව, එක් පැකට්ටුවක තිබී ඇත්තේ හෙරොයින් මිළි ග‍්‍රැම් 80ක් (ග‍්‍රැම් 0.080ක්) හා මෝෆින් මිළි ග‍්‍රැම් 14ක් (ග‍්‍රැම් 0.014ක්) පමණි. අනෙක් පැකට්ටුවේ තිබී ඇත්තේ හෙරොයින් තැවරුණු කුඩා කඩදාසි කැබලිය. රස පරික්ෂක වාර්තාව අනුව කුඩු නඩුව ‘‘හයිකෝට්’’ එකක් නොවීය.

           අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ගෙන් පළිගැනීමට, තෙවන පාර්ශවයක් සතුටු කිරිමට
           විශේෂයෙන් තම නොහැකියාවන් වසන් කිරීමට, යටපත් කරගැනීමට හා තම නරුම හා
           පරපීඩක ආසාවන් තෘප්තිමත් කර ගැනීමට පොලිස්කාරයින් ගේ මෙවන් ක‍්‍රියාවන් 
           සුලබය. ඉහළ නිලධාරින් ගේ පූර්ණ සහය හා ආවරණය ඇතිව සිදුවේ.


දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව  මෙම නඩුවෙන් ද සරත් කුමාර නයිඩෝස් නිෙදාස් කොට නිදහස් කරන ලදි. මෙම නඩු විභාගයේදි පො.ප. අංගගේ දමිත චන්දිමාල් පෙරේරා බොරු සාක්ෂි දුන් බවට ඔප්පු විය, 


සරත් කුමාර නයිඩෝස් ව නීති විරෝධීව රඳවා තබාගැනීම හා වධහිංසා පැමිණවීම පිළිබඳව ඔහුගේ බිරිඳ පී.ඞී. ශිරාණි මහත්මිය විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ කළ බව ප‍්‍රකාශ කරන එවකට සහකාර පොලිස් අධිකාරී, බ.ප. දකුණ ජී. නිශාන්ත ද සොයිසා ඔහුගේ එ්.එස්.පී./ස/ඩබ්.පී.එස්./ ඕ.ඩබ්./589/10 හා 2010.07.23 ලිපියෙන් ඇයට දන්වා සිටින්නේ, තමා එ් පිළිබඳව කරන ලද පරීක්ෂණ වලදී  පො.ප. අංගගේ දමිත චන්දිමාල් පෙරේරා (1 වන වගඋත්තරකරු) ව්‍යාජ නඩු පැවරීමක් හෝ පහර දීමක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන බවයි. 

    මෙයින් පැහැදිළි වන්නේ මෙම සහකාර පොලිස් අධිකාරීවරයා කර ඇත්තේ බරපතල වංචාවක් බවයි. එසේ නැතිනම් මොහු ද මෙම නීති විරෝධී ක‍්‍රියාවට හවුල් කරුවකු බවය. 


මානව හිමිකම් කොමිෂම ට පැමිණිලි කිරිම හා මුලික අයිතිවාසිකම් නඩුව පැවරිම මත සරත් කුමාර නයිඩෝස් ට එරෙහිව ව්‍යාජ නඩු පැවරීම හා මෙම පොලිස් නිලධාරින් හැසිරුණු ආකාරය ද විවිධ අවස්ථාවලදී කරන ලද අයුතු බලපෑම්, අගමැතිගේ, පොලිස්පතිගේ හා ජාතික පොලිස් කොමිෂමේ අවධානය ට යොමුවිය යුතුය.


මෙම නඩුවේ තීන්දුව, 2017.01.19 දින අගවිනිසුරු කේ. සිරිපවන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප‍්‍රියන්ත ජයවර්ධනගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා විසින් ප‍්‍රකාශයට පත් කරන ලදි.


සරත් කුමාර නයිඩෝස් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් නොකොට වධ දෙමින් රඳවා ගෙන සිටින විට, පවුලේ සාමාජිකයින් පමණක් නොව, ජනසංසදය හා ආසියානු මානව හිමිකම් කොමිෂම, පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස් කොමිෂම වෙත දැණුම් දෙන ලදි. 

දින 07 ක් පුරා මොරටුව පොලීසියේ රඳවා ගෙන සිටි කාලය තුල විමර්ශන නිලධාරියෙකු මොරටුව පොලීසියට හෝ ඉන් පසුව වසර 1 1/2, මොහුව රඳවා සිටි වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයට හෝ යවා විමර්ෂණ කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගත්තේ නැත. එ් හා අදාලව කරන ලද ඉල්ලීම් පිළිබඳ සටහන් අදාල ගොනුවලට ඇතුළත්ව නොකිරීමටද වග බලා ගන්නා ලදි. 


මෙම පොලිස් නිලධාරින් දෙදෙනා, එනම් නඩුවේ වගඋත්තර කරුවන් හා ඔවුන්ගේ නීතිඥවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම මුලික අයිතිවාසිකම් නඩුව ඉවත් කර ගැනිම සඳහා කරන ලද බලපෑම් සියල්ල අසාර්ථක විය. ඉන් අනතුරුව මෙම වගඋත්තර කරුවන්ගේ නීතිඥවරුන්ගේ උත්සහය වූයේ මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පදනම් කරගෙන විරෝධතා මතු කිරීමටය. එම විරෝධතා මත, පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමෙන් විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගන්නා ලදි. 

වසර අටක් ගතව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාගයට ගන්නා විට, මානව හිමිකම් කොමිෂම් සභ ගොනුව වසා, ඉවත් කර දැමීමට පියවර ගෙන තිබින. වගඋත්තරකාර පොලිස් නිලධාරින්ගේ ජේ්‍යෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා, මෙම අවස්ථාව එන විට මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වරයෙකු වශයෙන් පත්ව සිටින ලදි.

මෙම පසුබිම යටතේ, මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ල පිළබඳව කාරණය සම්බන්ධයෙන් හඹා නොයන බව වගඋත්තර කරුවන් ගේ නීතිඥ අධිකරණයට දැනුම් දෙන ලදි.

මොරටුව පොලිසිය විසින් වධ දෙමින්, නීති විරෝධීව රඳවා ගෙන සිටි කාලය තුළ පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලිම මත මොරටුවේ නීතිඥ ෂර්මිලා මිය දෙවරක් ද, ක`ඵතර නීතිඥ නිලූකා ද සිල්වා මහත්මිය වරක් ද මොරටුව පොලීසියට ගොස් සරත් කුමාර නයිඩෝස් බැහැ දකිනු ලැබීය. 

මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු විභාගයේදි සහ ශ්‍රේෂඨාධිකරණ නඩු විභාගයේදී දෙවරක් මුදල් ගෙන මොරටුව පොලීසියට ගොස් සරත් කුමාර නයිඩෝස්ව බැහැ දුටු නීතිඥ ෂර්මිලා මිය, එ් බව සාක්කියක් දීමට හෝ දිව්රුම් ප‍්‍රකාශයක් දීමට ඉදිරිපත්වීම ප‍්‍රතික්ෂේප කරන ලදි. 

නීතිඥ නිලූකා මහත්මිය, මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු විභාගයේ දී එම බැහැ දැකීම ගැන සාක්කියක් දුන් අතර, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේදි එම බැහැ දැකීම දිව්රුම් ප‍්‍රකාශයක් මගින් තහවුරු කිරිමට ද පියවර ගත්තේය.  

සරත් කුමාර නයිඩෝස් ගේ මුලික අයිතිවාසිකම් කඩ කළ බවට වන නිගමනයට තමන්ට එළඹීමට පහසු වූයේ, මොහුට විරුද්ධව මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති නඩු වලදී, ඔහුව නිෙදාස් කර නිදහස් කරමින් ලබාදෙන ලද නඩු තීන්දු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කර සිටී. එම තීන්දුවල උද්ධෘතයන් ද ඇතුළත් කර තිබේ. 

‘‘පොලිස් පරීක්ෂක දමිත පෙරේරාගේ සාක්ෂිය, මෙම නඩුවේදී චූදිතට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් සලකා බැලිය යුතුව තිබුණද ඔහුගේ බලය අයුතු ලෙස පාවිච්චි කරමින් කටයුතු කර ඇති බව ඉතා පැහැදිළිය. එසේම ඔහු අධිකරණය ඉදිරියේ අසත්‍ය සාක්ෂි දී ඇති බව ඔහු විසින්ම පිළිගෙන ඇත. එසේම ඔහු හරස් ප‍්‍රශ්නවලට උත්තර දෙමින් මෙම විත්තිකරුගේ සාක්කුවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 23 ක් සොයාගත් බවට අසත්‍ය සාක්ෂියක් දී ඇත. එ් ආකාරයට අසත්‍ය සාක්ෂියක් දී ඇති බව නිගමනය කළ හැක්කේ එ් බව මෙම නඩුවට අදාල අපරාධය සම්බන්ධයෙන් දෙවන අවස්ථාවේදී තොරතුරු ඉදිරිපත් කළ බී වාර්තාවේ එ් බව සඳහන් නොවීම තුළින්ය. එසේම එම චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් විත්තිකරු ඉතා පැහැදිළි සාක්ෂි දී ඇත. ඔහු අධිකරණය ඉදිරියේ හරස් ප‍්‍රශ්නවලට භාජනය වෙමින් දිව්රුම් පිට පැහැදිළිව පවසා ඇත්තේ දමිත් පෙරේරා යන පොලිස් නිලධාරියා ද්වේශ සහගතව ඔහුට නඩු පවරා ඇති බවය. එහෙත් සාක්කුවේ තිබී කිසිදු නඩු භාණ්ඩයක් සොයා නොගත් බවත් හෙරොයින් පැකට් 23 ම ඔහු සන්තකයේ නොතිබුණ බව ඔහු සාක්ෂි දී ඇත. එසේම විත්තිකරු අත්අඩංගුවට ගත්තේ 2008.07.05 වන දින බවත් 2008.07.13 වන දින එනම් ඉරිදා දිනක විත්තිකරුව විනිසුරු වෙත ඉදිරිපත් කළ බවත් ඔහු අධිකරණයේදී දී ඇති සාක්ෂි සත්‍ය සාක්ෂි ලෙස සැලකිය හැකිය. එය තහවුරු වන්නේ පොලීසිය විසින් තොරතුරු වාර්තා කිරීමේදී විත්තිකරු අත්අඩංගුවට ගත්තේ ස්ථානයේදී හෝ කුමන දිනයේදී ද යන්න අධිකරණයට වාර්තා නොකිරීම තුළින්ය. එයින් නිගමනය කළ හැක්කේ මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් මෙම නඩුවේ අපරාධ සම්බන්දයෙන් පරීක්ෂණයබසිදුකළ යැයි කියන දමිති පෙරේරා යන පොලිස් නිලධාරියා නීති විරෝධී ලෙස විත්තිකරු 2008 .07.05 වන දින සිට 2008.07.13 වන දින දක්වා පොලිස් සිර මැදිරියේ රඳවා ගෙන එදින පූර්වගාමී විනිසුරුතුමා වෙත ඉදිරිපත් කර ඇති බවය. ’’

මෙහිදී සරත් කුමාර නයිඩෝස්ට එරෙහිව මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති සිය`ඵ ම නඩුවලට පෙනී සිටි නීතිඥ ජානක අමරසිංහ මහතාගේ උත්සාහය මත හෙළිකර ගන්නා ලද සත්‍යය කරුණු මත ඔහුගේ නිර්දෝශීභාවය තහවුරු කරමින් තීන්දු ප‍්‍රකාශ වූ බව අවිවාදාත්මකය. මෙම නඩු විභාග වූයේ එවක මොරටුව දිසා විනිසුරු බී.ආර්. සෝමසිංහ මහතා ඉදිරියේය.

සරත් කුමාර නයිඩෝස් වෙනුවෙන් මුලික අයිතිවාසිකම් නඩුව ගොනු කිරීම හා ආරම්භක අවස්ථාවේ නීතිඥ ශාමේන් ගුණරත්න මිය පෙනී සිටි අතර, ඉන් අනතුරුව නීතිඥ අර්මිසා ටීගල් මෙනවිය ද පෙනී සිටියේය. 

පොලිස් නිලධාරීන් වන පො.ප. අංගගේ දමිත චන්දිමාල් පෙරේරා හා පො.කො. කාවින්ද වෙනුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ධූරයට පත්වන තෙක් ජේ්‍යෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා ද, ඉන් අනතුරුව නීතිඥ අෂික දේවේන්ද්‍ර මහතා ද පෙනී සිටින ලදි.

පොලිස්පති හා නීතිපති වෙනුවෙන් පෙනී සිටියේ අෂික දේවේන්ද්‍ර සහ ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් ය.

ශ‍්‍රී ලංකා පොලීසිය, සිය ‘‘බලය’’ උපයෝගීි කරගෙන සිදුකරන අපරාධ, ආයතන ගතවූවක් මිස නරක පොලිස්කාරයින් ගේ නරක වැඩ නොවේ. එ් බව පැහැදිලි වන්නේ පහළ නිලධාරින් කරන අපරාධ, නීති විරෝධී ක‍්‍රියාවන්, දුෂණ ඉහළ නිලධාරින් ගේ ආවරණය හා ආශිර්වාදය යටතේ සිදුවන බැවිනි. එම අපරාධ ඉහල නිලධාරින් වසන් කිරිමට ඉදිරිපත් වන්නේ හිරිකිතයකින් තොරවය. යුක්තිය උදෙසා වසර 08 ක් පුරා දිග්ගැසුනු මෙම නඩුව එයට කදිම නිදසුනකි. මෙය අහඹුවක් නොවේ. 

මෙම කාල පරිච්ෙඡ්දය තුළ, විශේෂයෙන් සරත් කුමාර නයිඩෝස් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි වසර 1 1/2 තුළ ඔහු ගේ බිරිඳ ශිරාණි ඥාතීන්, අසල්වැසියන් එ්කරාශි කරගෙන ගොඩ නගන ලද ‘‘සරත් කුමාර නයිඩෝස් සහයෝගිතා කමිටුව’’ ක‍්‍රියාකාරීව ඇයව බල ගන්වමින් ලබා දෙන ලද සහය, අයුතු බලපෑම් වලට යට නොවී සිටිමට මහත් රුකුලක් වූ බව නිසැකය. 

2017.01.19 දින ප‍්‍රකාශයට පත් කරන ලද අංක SC/FR 608/2008 මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ට අනුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11වන සහ 13(2) ව්‍යවස්ථාවන් උල්ලංඝණය කළ මොරටවු පොලිස් ස්ථානයේ සේවය කළ, පො.ප. අංගගේ දමිත චන්දිමාල් පෙරේරා (1 වන වගඋත්තරකරු) සහ  පො.කො. කාවින්ද (2 වන වගඋත්තරකරු) යන දෙදෙනා තනි තනිව සහ රජය සති හතරක් තුළ රුපියල් ලක්ෂය බැගිින් රුපියල් ලක්ෂ තුනක් සරත් කුමාර නයිඩෝස්ට ගෙවිය යුතුය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම පොලීසියට සු`ඵ කරුණකි. එ් බව ඔවුන් මාධ්‍යයට මෙන්ම, ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණවලද, පුද්ගලිකව ද කරන ප‍්‍රකාශවලින් පැහැදිළිය.

අපරාධවලට වැරදිකරුවන් වූ, මුලික අයිතිවාසිකම් කඩකළ, බොරු සාක්ෂි දුන්, බොරු නඩු දැමු, පො.ප. අංගගේ දමිත චන්දිමාල් පෙරේරා (1 වන වගඋත්තරකරු) සහ  පො.කො. කාවින්ද (2 වන වගඋත්තරකරු) යන දෙදෙනාට සහ මොවුන් දෙදෙනාව ආරක්ෂා කිරිම ස`දහා ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කළ සහකාර පොලිස් අධිකාරි ජී. නිශාන්ත ද සොයිසා යන දුෂිත පොලිස් නිලධාරින් ව ආරක්ෂා කිරිමෙන් වැළකී, ඔවුන්ට එරෙහිව විනය පියවර ගෙන දණ්ඩ නීති සංග‍්‍රහය හා වධහිංසා පනත යටතේ නඩු පැවරීම කළ යුතුය. එය පොලීසිය බාර වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ, පොලිස්පතිගේ හා ජාතික පොලිස් කොමිෂමේ වගකීමකි. 
  
එම වගකීම ඉටු කිරිම සඳහා ඔවුන්ට බලකර සිටීම සිවිල් සමාජයේ වගකීම වේ.

Link:- SC/FR 608/208 
http://www.janasansadaya.org/page.php?id=622&lang=en

ජනසංසදය
2017.01.26

Tuesday, January 17, 2017

විදුහල්පති ගුරුවරු තිදෙනෙක් එක්ව 12 හැවරිදි දැරියක් දුෂණය කරයි.


මානසික දුබල තාවයකින් පසුවන මෙම දැරියව දුෂණය කර ඇත්තේ විදුහලේ වහලය මතය. දැරියගේ මව එම විදුහලේ උගන්වන ගුරුවරියක් වන අතර ඇය එම අවස්ථාවේ උගන්වමින් සිටඇත.
නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තායේ රජයේ පාසලක මෙම අපරාධය සිදුව තිබේ. 
සිද්ධියේන් පසුව බරපතල ලෙෂ රුධිර වාහනයට ලක්වු දැරියව පැට්නා කගරයේ වෛද්‍ය පීඨයට අයත් රෝහලට ගෙන යෑමට සිදුව ඇත්තේ දුම්රියෙනි.
ළමුන් හා ස්ත‍්‍රීන් රංචු ගැසි ¥ෂණය කිරිම හා ලිංගික අතවරයන්ට භාජනය වීම පිළිබඳව නීතිය ක‍්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පවතින මන්දගාමි භාවය නැති කිරිමට මෙතෙක් පියවර ගෙන නැති බව මෙම සිදුවිමේදි ද පෙන්නුම් කර තිබේ.

ලිංගික අතර වලට විරුද්ධවු කාන්කාවකට පහර  video ව

නඩුවෙන් පොලිසිය පැරදවූ මත්පැන් ජාවාරම්කරුට සගයන්ගෙන් .පාටියක්‌.විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ


සුරාබදු ආඥා පනත යටතේ නීති විරෝධී මත්පැන් හා රා ළඟ තබා ගැනීමේ සිද්ධීන් පිළිබඳ අධිකරණය හමුවේ නඩු පැවරීමට පොලිසියට බලයක්‌ නැතැයි මහාධිකරණය හමුවේ නඩුවක්‌ පවරා ජයග්‍රහණය කළ හොර මත්පැන් ව්‍යාපාරිකයාට නීති විරෝධී මත්පැන් පෙරන්නන් විසින් සාදයක්‌ පවත්වා උපහාර දක්‌වා ඇතැයි පොලිසිය පවසයිග

මෙම සාදය පවත්වන බව පොලිසියට ද දන්වා බේරුවල පොලිස්‌ වසමේ නිවසක මෙම සාදය පවත්වා ඇතැයි පොලිසිය සඳහන් කරයිග

නීති විරෝධී මත්පැන් හා රා වැටලීමට පොලිසියට බලයක්‌ ඇතත් නඩු පැවරීමට සුරාබදු ආඥා පනතේ 52 :ආ* 46 47 හා 50 වගන්ති අනුව බලයක්‌ නැතැයි ද එම බලය ඇත්තේ සුරාබදු නිලධාරින්ට බව ද නඩු තීන්දුවකින් ප්‍රකාශයට පත්කර ඇතැයි ද පොලිසිය

Sunday, January 15, 2017

පරපීඩාකාමි පාතාලයෙකුගේ දරුවෙකු ලොවට බිහි කරනවද? දුෂණයට ලක්වු මවකගේ ප‍්‍රශ්ණය.


උපන් ගම කුලියාපිටිය. අ.පො.ස.(සා.පෙළ) විභාගයෙන් සමත්. විෂයන් 8- සම්මාන 4 යි. අසමත්ව ඇත්තේ නැටුම්.

2013 වසරේදී සිය පෙම්වතා  සමග යුග දිවියට පිවිසෙන ලදි. ඔහුට වයස අවු:24යි. ඇයට වයස අවුරුදු 17 කි. ඇය සිය සැම්යා ගේ ගමේ පදිංචියට යන ලදි. එ් ඇඹීලිපිටයේ. දරු උපතින් පසුව, වයස අවු: 18 සම්පූර්ණ වූ විට, විවාහය ලියා පදිංචි කිරීමට පියවර ගනු ලැබීය. එ් 2014 දි.
සැමියා ගේ රැුකියාව වෙළඳාම. දුර බැහැර වෙළඳාම් කටයුතු වල නිරතවන ඔහු දින දෙක තුනකට වරක් ගෙදර පැමිණෙයි.

‘ආම් ඇබ්සන්ට්’, ‘‘හැන්ඩි සුදා’’ -  රාජපක්ෂ රෙජිමේනුතුවේ  ”රණවිරුවෙකි”. චණ්ඩි මල්ලි ගේ සගයෙකි. ඇඹීලිපිටිය ප‍්‍රදේශයේ චන්ඩි මල්ලි ගැන අසා නොමැති කෙනෙක් මේ දේශයේ සිටිය නොහැක. මහින්ද රාජපක්ෂ ගේ බලයෙන් පිදුම් ලැබූවෙක් වු ‘‘හැන්ඩි සුදා’’ ද අඳින්නේ සුදුය. ඔහු ද පිවිතුරු බවේ, සිල්වත් බවේ සංකේතයකි.  

හැන්ඩි සුදා ළඟ නොමැති ගිණි අවියක් නොමැත. එහෙත් ඔහු මිනිසුන් මරන්නට යොදා ගන්නේ කඩුවයි. හැන්ඩි සුදා ගේ කඩු පහරවලින් කපා කොටා මරන ලද ප‍්‍රදේශයෙ අයෙකුගේ මරණය අදටත් පොලිස් පොතට අනුව නොවිසඳුන අපරාධයක්ල?ු.

දරුවාට මාස 3ක් ගතවූවා පමණි, 2014 ජූනි මස සැමියා නොමැති රැුයකදී, හැන්ඩි සුදා, ගෙට කඩා වැදී ඇයව දුෂණය කළේය. හෙළි කලොත් තෙමසක් වයසැති දරුවා ගේ ගෙල කපා මරා දමන බවට තර්ජණය කළේ දරුවාගේ ගෙලට පිහිය තබාය.

පිට ගම්කාරියක්වු ඈ, සිද්ධිය සැමියාටවත් කිව්වේ නැත. එ් දරුවාගේ හා සැමියාගේ ජීවිත ගැන බියටය. පළමු දිනයෙන් සෑහීමකට පත් නොවූ හැන්ඩි සුදා - සැමියා වෙළඳාමේ යන දින බලා ගෙට රිංගා දුෂණය කිරීමට පෙළඹීන. ඇයට සැමියාට නොකියා ඉන්නට බැරිවිය.

ඔවුන් පොලිසියට ගියේ අපරාධය ගැන පැමිණිලි කිරීමටය. හැන්ඩි සුදාට එරෙහිව පැමිණිලි බාර ගැනීමට පොලිසියට බැරි විය. එ් රාජපක්ෂ පවුලේ කෙනෙකුට එරෙහි දුෂණ චෝදනාවක් ලෙසට සැලකූ නිසා විය හැකිය. 

හැන්ඩි සුදා - දිගින් දිගටම ඇයව දුෂණය කිරීමට උත්සාහ ගති. සැමියාට රැුකියාව කරන්නට ඉඩක් නැත. ඔහුට සිදුවුයේ ආරක්ෂාව සලසන්නට ය. එ් අතර හැන්ඩි සුදා සැමියාටත්, ඔහුගේ මල්ලිටත් කඩුවෙන් කොටා බරපතල තුවාල සිදු කළේය.

පොලිසියට කරගත හැකි කිසිවක් නොවීය- රාජපක්ෂ රෙජිමය තුල. ඇයට කළ හැකිවුයේ ඇඹිලිපටිිය හැර යෑමය. ඈ සිය මව වෙත පැමිණියේය. ආර්ථික දුෂ්කරතා වලින් පිඩාවට පත්ව, තවදුරටත් අසරණ ව සිටි ඇ ගේ පිහිටට පැමිණි යෙහෙළියක ගේ ඇරයුමෙන් බිස්කට් කම්හලේ රැුකියාවකට පැමිණියේය.

එයද කරගන්නට වැඩි කලක් හැන්ඩි සුදා ඉඩ දුන්නේ නැත. හැන්ඩි සුදා කොළඹ පැමිණ ඇයට තර්ජණය කරන්නට විය. දරුවාව සැමියාව මරා දමන බවට දිව්රන්නට විය.

පොලිසියට ගියද වැඩක් නොවන බවට වන නිගමයෙ  සිටි ඇය - මිය යෑම වඩා හොඳ යයි සිතා හැන්ඩි සුදා ගේ යෝජනාවට එකඟ විය. හැන්ඩි සුදා රත්මලානේ කාමරයක් ගෙන ඇය එහි නවත්වන ලදි. වරින් වර පැමිණ හැන්ඩි සුදා ඇයට වධ දෙන ලදි. උග‍්‍ර විකෘති කාමාශාවෙන් පෙලෙන්නෙකු වූ ඔහුගේ පීඩාවන් තවදුරටත් ඉවසන්නට බැරි විය.

ඇය ගැබ් ගත්තේ එ් අතරය. එ් බව හැන්ඩි සුදා ට කියන ලදි. එතැන් පටන් හැන්ඩි සුදා ගේ වධ දීම දෙගුණ තෙගුණ විය. දිනක් මහ මාර්ගයේ, හැන්ඩි සුදා පහරදෙන අයුරු කම්හලේ තම සගයින් දැක තිබින. ඔවුන් නිරාෂා වෙත පැමිණ, ‘ඇයි බං උඹ ඔය තිරිසනාට යටත් වෙලා ඉන්නේ’ කියා අසන ලදි.

එ් අවස්ථාවේ තමා මුහුණ දී සිටින තත්වය යහ`ඵ යෙහෙළියන්ට හෙළි කරන්නට ඇයට සිදුවිය. එ් කතාව අසා සිටි සගයෙක් ඈ වෙත පැමිණ, පිටට ගසා, උඹ වෙනුවෙන්  ඕනෑම දෙයක් කරන්න සුදානම් යයි කියා ඔහුගේ දුරකථන අංකය දෙන ලදි.

2016.11.01 වන දින, හැන්ඩි සුදා පැමිණ සුපුරුදු පරදි ඇයට වධ දුන්නේය. තවදුරටත් ජීවත්වනවාද?,  හැන්ඩි සුදා ව- මෙළොවින් තුරන් කරන වාද?  යන තීන්දුව ගැනීමට ඈ පෙළඹිණ. ඇයට සගයාව සිහිපත් වුනා. ඔහුට තමා මුහුණ දී සිටින අලූත් තත්වය විස්තර කරන ලදි. 

2016.11.05 රාත‍්‍රියේ වධදි සිය විකෘති ආශාවන් හීන කරගත් හැන්ඩි සුදා, නින්දට පෙර බොන කිරි වීදුරුව ඉල්ලා සිටි විට ඇය ලබාදී තිබුන ‘පෙති’ කිරිවලට එක්කොට හැන්ඩි සුදාට බොන්නට දෙන ලදි. හැන්ඩි සුදාට නින්ද යන්නට වැඩි වේලාවක් ගියේ නැහැ.

ඇය, ඊලඟ පියවර ගනු ලැබුවා.

ගෙල සිඳ මරා දැමීම් ගැන අදටත් මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. එ් මුස්ලිම් අනතවාදීන්, සිරියාවේ, ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ සිය ප‍්‍රතිවාදීන් ගේ ගෙල ලඟින් කපා හිස වෙන් කිරීම් පිළිබඳවය. අන්තර් ජාලය ඔස්සේද එ්වා දැක ගත හැකිය.

සිය කර්තව්‍ය සාර්ථකව නිමා කල ඈ ට දැනුනේ සැහැල්ලූවක්. ඇය කම්පා වුනේ හෝ බිය වුනේ නැහැ. ඇය කාමරය අතහැර දකුණු පළාතේ සිටි, සැමියාගේ නැන්දා කෙනෙකුගේ ගෙදර බලා පිටත් විය. නිවැසියන්ට ඇය කිව්වේ නැන්දම්මා සමග දබර වී පැමිණි බවයි. ඔවුන්ට සැකයක් ඇති නොවීය. නවාතැන් ලැබණ.

පසුදින - තම ගම රට බලා ඇය පිටත් විය. සිය සොයුරියට සියල්ල ඈ කියන ලදි. සැමියාටද දුරකථනයෙන් දැනුම් දෙන ලදි. සොහොයුරිය ඇතු`ඵ පවුලේ උදවිය එක්ව, ඇයව මාරවිල පොලිසියට බාර දෙන ලදි. එ් 2016.11.07 දිනය.

ගල්කිස්ස පොලිසියෙන් පැමිණ ඇයව අත්අඩංගුවට ගෙන, ගල්කිස්සට ගෙන එන ලදි. ගල්කිස්ස පොලිසියේ එක් නිලධාරියෙක් ඇයට පහර දෙන ලදි. එ් 2016.11.09 දිනය. 

2016.11.10 වන දින, ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලැබුවේය. දැන් ඈ රිමාන්ඞ් බාරයේය.

හැන්ඩි සුදාව මැරුවා කියා පිළිගන්න සුදානම්, එ්ත් හැන්ඩි සුදා ගෙන් ඉපදෙන්න ඉන්න දරුවා මා පිළිගන්නේ නැහැ. මම වෛර කරනවා. එ් ඇගේ ස්ථාවර යයි.

¥ෂණය කර ගැබ්ගත් විට, ගබ්සා කරවීම, දෙවියන් වහන්සෙගේ කැමැත්තට එරෙහි වීමක්ද ? කරුමය ද ? පවක්ද ? 

මේ දරුවා මෙලොවට බිහි වුනොත් දෙයියන්ගේ දරුවෙක් කියලා සතුටින් පිළිගන්නට, වගකීම් බාර ගන්න දෙයියන්ගේ පුත‍්‍රයින්ට පු`ඵවන් ද?. 

කරුමය කියා, තවත් දරුවෙකුට වධ දෙන්නට සැලැස්වීම, සමාජයේ කරුමය නොවේද? 

නීතිය මත පාලනය බිඳ වැටුනු රටක, අරාජිකත්වයට ලංවෙමින් සිටින රටක, යුක්තිය ඉටු නොවන විට, නීතිය අතට ගැනීම වරදක්ද ?





Sunday, January 8, 2017

හොරණ පොලීසියේ IP හෙට්ටිආරච්චි IGP පූජිත ට බය නැතිලූ.



ලීන් පුෂ්පකුමර 216.12.16 දින පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරමින්, හොරණ පොලීසිය තමාට පහරදී බරපතල තුවාල කළ පුද්ගලයන් ආරක්ෂා කරන බවත් නීතිය කි‍්‍රියාත්මක නොකරන බවත් කියා සිටීයේය.

තම පැමිණිල්ල ඔහු TELLIGP e - ලිපිනය ඔස්සේද පොලිස්පතිට දැණුම් දෙන ලදි. 
එම පැමිණිල්ල පොලිස්පති විසින් පානදුර කොට්ඨාශය බාර නිලධාරියා වෙත යොමු කර තිබිණ. 

මෙම පැමිණිල්ලට හොරණ පොලීසියට කැඳවූ පුෂ්ප කුමාරට එහි අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. හෙට්ටිආරච්චි බොරු නඩු දමන බවට තර්ජනය කර, එකි පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන තමාට දන්වා සිටින ලෙස කියා තිබේ.

එ් පිළිබඳව පුෂ්පකුමාර, පොලිස්පතිවරයාව දැණුවත් කර තිබේ.

පොලීසියට එරෙහිව පැමිණිලි කිරීම බොරු චෝදනාවලට ලක්වීමට හේතුවක් වෙයිද යයි ඔහු ප‍්‍රශ්න කර සිටී.


නලින් පුෂ්ප කුමාර පෙ.ප. ඇමතුලිපිය. 

2017.01.06 
ඔබගේ අංකය : TELLIGP 48/DEC/2016

පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

බරපතල අපරාධයක් සිදුකළ පුද්ගලයින්ව ආරක්ෂා කරමින්,
 නීතිමය පියවර ගැනීම මගහැරීම.

උක්ත පැමිණිල්ලට අනුව, 2016.12.26 දින කරන ලද කැඳවීම මත 2017.01.05 දින හොරණ පොලිස් ස්ථානයට උදේ 9.00 ට මමත් මාගේ බිරිඳත් ගියෙමි.

එ් අවස්ථාවේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. හෙට්ටිආරච්චි, පොලිස්පතිට පැමිණිලි කළේ ඇයිද යැයි අසමින් මටත් බරිඳටත් ෙදාස් පවරා උඹට ගංජා. කුඩු දම්මවන්න පු`ඵවන් බවත්, උස්සන්න පු`ඵවන් බවත් පවසමින් මා හා බිරිඳ බිය ගන්වමින් නින්දාවට පත් කරන ලදි.

මේ පොලීසියෙන් නොව වෙනත් පොලීසියකට කියලා තමයි මට බොරු නඩු පවරන්නේ යයි පවසමින්, ඔහු පානදුරයේ සිටි බවත්, කාටවත් බය නැති බවත්,  ඕන දෙයක් කරන්න පු`ඵවන් බවත් කියා සිටියා. මම කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න යැයි ද කියා සිටියා.

ඉන්පසු මාව හා බිරිඳව විවිධ පැමිණිලි අංශය වෙත ගෙනගොස් බාර දුන්නා. එහිදී මාගෙන් ප‍්‍රකාශයක් ලියා ගත්තා. 

එම පැමිණිල්ල ලියාගත් නිලධාරියා, ලොකු මහත්තයා කිව්ව විදියට පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න, බේරිලා ගිය අන්තිමයා බවත් මීට ඉස්සරලා ගෙනාපු හැමෝටම කුඩු කෑල්ලක් හරි දාලා යැව්ව බවත් කියා සිටියා.

මා හා බිරිඳ පිටත්ව එන විට පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන කෝල් කරලා දන්වන්න යයි ඔහුගේ 077 2247118 අංකය මට ලියා දුන්නා.

මා ඉල්ලා සිටින්නේ, 

මේ පිලිබඳව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසට හා මා හට ආරක්ෂාව සලසන ලෙසටය.

අ.ක/සිංගක්කාර ඉහළගේ නලින් පුෂ්ප කුමාර





Saturday, January 7, 2017

සුදු අලි බවට පත්ව තිබෙන ජ.පො.කො. පළාත් කාර්යාල


Image result for national police commission


ජාතික පොලිස් කොමිෂම මහජන පැමිණිලි විමර්ශනය සඳහා පිහිටුවා තිබෙන ප‍්‍රාදේශීය කාර්යාල මහජන මුදල් කාබාසිනියා කරනවා මිස හජන පැමිණිලි විමර්ශනය සිදුවන්නේ නැත.

පොලිස් කොමිෂම වෙත එවනු ලබන පැමිණිලි, පළාත් කාර්යාලවලට යොමු කරණු ලබයි. මාසයක් පමණ ගෙන පැමිණිලිකරුට පෝරමයක් එවීම හා මොකක් හෝ පිළිතුරක් ලබාදීමට පියවර ගෙන විමර්ශන අවසන් කිරීම සිය පිළිවෙත කරගෙන තිබේ.

මෙම මහජනයා පීඩාවට පත්කරණු ලබන ඊනියා කාර්යාල ක‍්‍රමය ජා.පෙ.කො. ආරම්භයේ සිටම පවත්වාගෙන යන බවද එය වෙනස් කිරීමට තවමත් බැරිව තිබෙන බවද කිව යුතුයි. පළාත් අධ්‍යක්ෂවරුන්ට  අවම වශයෙන් එකී පැමිණිලි කියවා තේරුම් ගැනීමටවත් හැකියාව ඇද්ද යන ප‍්‍රශ්නය මේ වනවිට පැන නැගී තිබේ.

ඌරගස්මංහන්දිය පොලීසිය විසින් අපරාධයක් සිදුකළ පුද්ගලයකු බේරා ගැනීමට හා වින්දිතයාට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ජා.පො.කො. වෙත කරන ලදි. ජාතික පොලිස් කොමිෂම එකී පැමිණිල්ල කොමිෂමේ දකුණු පළාත් අධ්‍යක්ෂ වෙත යොමු කර තිබිණ. දකුණු පළාත් අධ්‍යක්ෂගේ පිළිතුර වී ඇත්තේ නඩුවක් පවතින හෙයින්, මැදිහත්විය නොහැකි බවයි.

පොලීසිය සිය ¥ෂිත ක‍්‍රියාවන් කිරීමට උසාවිය දඩමීමා කර ගනියි. එය තහවුරු කිරීමට ජාතික පොලිස් කොමිෂම ද ක‍්‍රියා කරන්නේ නම් මහජන පැමිණිලි විමර්ශනය කිරීමට පිහිටුවා තිබෙන පළාත් කාර්යාල මහජන මුදල් කාබාසිනියා කරන්නකි.

දකුණු පළාත් කාර්යාලයේ ක‍්‍රියාකලාපය හෙළා දකිමින් අපරාධ වින්දිත රම්‍යලතා මිය විසින් ලියන ලද ලිපියේ පිටපතක් ජාතික පොලිස් කොමිෂමේ ලේකම්ට ද යවා ඇත.

ගන්නා පියවර කුමක්ද? බලා සිටිමු.




Thursday, January 5, 2017

ගැහැණියක් වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ංඝණය කළ පොලිස්කාරයින්ට යහතින් ඉන්න පොලිස්පති ඉඩ දිලා.


2008 රාජපක්ෂ රෙජිමයේ අශිර්වාද මැද, පොලිස් බලතල උපයෝගී කරගෙන නීති විරොධී ක‍්‍රියාවන්හි නිරත වු නිලධාරීන්ට එරෙහිව විනය පියවර නොගත්තා පමණක් නොව උසස්වීම් දුන්නේය. 

2008 දි, හික්කඩුවේ ටෙනිසන් හා ඔහු ගේ පුතාට පහරදී, බොරු නඩු දමා වධහිංසාවට පත්කළ එවක එම පොලීසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න හා  පොලිස් කොස්තාපල් 64244 සුරංග යන දෙදෙනාට එරෙහිව, පසුගිය වසරේ  පෙබරවාරි මස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව මේ දක්වාම පොලිස්පති ක‍්‍රියාත්මක වි නැති බව, ඔවුන් පෙන්වා දෙයි. 

මෙම කාරණය පිළිබඳව, ටෙනිසන් මහතා 2017.01.05 දාතමින් පොලිස්පතිට යවන ලද ලිපිය පහත දක්වමු.


පූජිත ජයසුන්දර මහතා
පොලිස්පති                  
පොලිස් මූලස්ථානය         
කොළඹ 01


පොලිස් බලතල උපයෝගී කරගෙන නීති විරොධී ක‍්‍රියාවන්හි නිරත 
නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස කරණු ලබන ඉල්ලීම.

මෙම කාරණය සම්බන්ධයෙන් මා විසින් ඔබ වෙත 2016.06.10 හා 2016.08.09 දාතමින් කරන ලද ඉල්ලීම් හා බැඳේ.

(1* 2008 වසරේ හික්කඩුව පොලිස් ස්ථානයේ,

1. උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් සේවය කළ සංජීව සෙනෙවිරත්න

2. පොලිස් කොස්තාපල් 64244 සුරංග

යන දෙදෙනා සහ ඔබ හා නීතිපති වගඋත්තරකරුවන් වශයෙන් නම් කරන ලද,

SC/FR158/08 මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2016.02.17 වන දින ප‍්‍රකාශයට පත්කරණු ලැබීය.

(2* එම තීන්දුව ඔබ වෙත ලැබී ඇතැයි සිතමු.

එම තීන්දුව ප‍්‍රකාර, ඉහත නම් සඳහන් කළ එවක, හික්කඩුව පොලිස් ස්ථානයේ සේවය කළ,

(අ* උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න හා පොලිස් කොස්තාපල් 64244 සුරංග
             යන දෙදෙනා පෙත්සම්කරුවන් වූ මාගේ හා මාගේ පුතාවන රොෂාන් කොයිටෙක්ස් 
             ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට තීන්දු කරණු ලැබූ අතර, ඔවුන්ට හා
             රජයට වන්දි ගෙවීමට නියම විය.

(ආ* එයට අමතරව, මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ, 1 වන හා 2 වන
              වගඋත්තරකරුවන් වන උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න හා පොලිස්
              කොස්තාපල් 64244 සුරංග යන අයට එරෙහිව සුදුුසු පියවර ගන්නා ලෙසට නියම
              කර, නඩු තීන්දුවේ සහතික කරන ලද පිටපත ඔබ වෙත එවීමට රෙජිස්ට‍්‍රාර් වරයාට 
              නියම කර ඇත. එ් අනුව නඩු තින්දුවේ සහතික පිටපත ඔබ වෙත එවා ඇතැයි මා
              විශ්වාස කරමි.

              
එමෙන්ම මෙම නිලධාරීන් දෙදෙනා පොලිස් බලතල උපයෝගී කරගෙන මට හා මාගේ පුතාට විරුද්ධව බොරු චෝදනා නගා ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ 2008 වසරේ, අංක 7568 හා 8049 යටතේ නඩු දෙකක් පවරන ලදි.

මෙම නඩු දෙකෙන්ම මා හා පුතා නිෙදාස් කොට නිදහස් කරණු ලැබීය. එ් වසර 09 කට පසුවය. දෙදෙනාට නඩු වාර 44 කට සහභාගී වීමට සිදුවිය. මෙම වසර 09 තුළ පොලීසිය සිය බලතල ඉතාමත් නින්දිත පහත් ආකාරයට උපයෝගී කරගන්නා ලද බව ප‍්‍රකාශ කරමි.

මෙම බොරු නඩු දෙක ගැන එවක පොලිස්පතිවරුන් හා දිස්ත‍්‍රික්කයේ ඉහළ නිලධාරින් වෙත ලිඛිතව හා වාචිකව දැනුම් දුන්නද කිසුදු පලක් නොවීය.

එම පැමිණිලි තිබියදී, උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්නට උසස්වීමක් ලබාදී, යක්කලමුල්ල පොලීසියේ ස්ථානාධිපති කරණු ලැබීය.

මේ සම්බ්නධයෙන් මා වෙත, ගාල්ල කොට්ඨාශ බාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීගේ, ීරසරැු30රැු10 හා 2010ග03ග23 ලිපියට හා නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ විවිධ 1088 2008.06.26 ලිපියට ද අවධානය යොමු කරමු.
           
මේ සියලූ කරුණු අනුව ඉහත නම් සඳහන්, නිලධාරින් දෙදෙනාට විරුද්ධව ඔබ ගන්නා ලද පියවර කවරේද යන්න මා වෙත දැණුම් දෙන මෙන් ඉල්ලා සිටිමු.

අ.ක/ එම්. හැරිසන් හෙවත් ටෙනිසන්





Wednesday, January 4, 2017

ලිංගික අතවර කළ එකා වෙනුවට ආදේශකයෙකු උසාවි දමයි.



අපරාධයක් පිළිබඳව ලැබෙන පැමිණිලිවලට, සැකකරුවන් ආදේශ කිරීමේ පොලිස් පුරුද්ද යහපාලනය තුළද නොවෙනස්ව පවතී. නීතිය මත පාලනයකින් තොර යහපාලනයක් නැත.

එක් ගැහැණියක් විසින් තමන්ට ලිංගික අතවර කළ බවට වන පැමිණිල්ලක් බදුරලිය පොලීසියට ලැබිණ.

වාර්තාවන අන්දමට මෙම ස්ත‍්‍රියට ලිංගික අතවර කරන්නට පැමිණි පුද්ගලයාගේ කලවා ප‍්‍රදේශය ඇය හපා කා ඇත.

අලූයම සිදුවූවා යැයි කියන මෙම ලිංගික අතවර සිද්ධියට සැකකරණු ලැබු පුද්ගලයන් තුන් දෙනෙකුව බදුරලිය පොලිසිය අත්අඩංගුවට ගෙන සියලූ දෙනාම නිරුවත් කොට කලවා ප‍්‍රදේශ පරීක්ෂා කර ඇති පොලිසිය, ස්ත‍්‍රිය කියන පරිදි හපා කෑමේ සලකුණු නොතිබූ හෙයින් ඔවුන් මුදාහරිණු ලැබීය.

විවිධ බලපෑම් හමුවේ, මුදාහරිණු ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකුව නැවත බදුරලිය පොලීසිය අත්අඩංගුවට ගන්නා ලදි.

තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ඔහු සාක්ෂි ඉදිරිපත් කළේය. එපමණක් නොව, ස්ත‍්‍රිය විසින් කර තිබෙන පැමිණිල්ල හා සම්බන්ධ සිද්ධිය පිළිබඳව ඇසින් දුටුවෙකු පිළිබඳ තොරතුරුද ඔහු පොලීසියට හෙළිකර සිටියේය.

බදුරලිය පොලීසියේ ස්ථානාධිපති මොහුට කියා ඇත්තේ, අතීතයේ කරන ලද වැරදි නිසා මොහුට විරුද්ධව නඩු දැමීමට සිදුවන බවයි. තවද, ඇසින් දුටු සාක්ෂිකරුව පොලීසියට ගෙන එන ලෙසට ද ඔහුට කියා ඇත.

තමා කූඩුවේ සිටියදීම පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කරන ලෙසට ඔහු ස්ථානාධිපතිගෙන් අයැද තිබේ.

එ් කිසිවකට සවන් නොදුන්න ස්ථානාධිපතිවරයා, අපරාධය කළේ කව්ද යන්න සෙවීමේ වගකීමෙන් බැහැරව, ආදේශකයෙකු ඉදිරිපත් කර, නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

අධිකරණය ඉදිරියේ සියලූ කරුණු හෙළි කිරීමෙන් පසුව, මොහුව ශරීර ඇපයක් මත මුදාහැරීමට මහේස්ත‍්‍රාත්වරයා පියවර ගෙන ඇත.

බදුරලිය පොලිස් අපරාධයට ගොදුරු වී ඇත්තේ 49 හැවිරිදි දයාවංශ නැමැත්තෙකි. ඔහු ගොවිතැන් කරණු ලබන්නෙකු වන අතර, අතිරේක ආදායමක් ලබා ගැනීමට පෙදරේරු රැුකියාව කරයි.

මොහු තම පැමිණිල්ල පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් කර ඇත. 
මෙවන් පැමිණිලි ජාතික පොලිස් කොමිෂමට ඉදිරිපත් කිරීමෙන් පලක් නැති බව ඔහු වටහාගෙන ඇත. 

Tuesday, January 3, 2017

ජ.වි.පෙ. මරා දැමූ දෙන්නාගේ සොහොන් කොත් දෙක ගුවන් හමුදාව විනාශ කළා.


89 ජ.වි.පෙ. මරා දැමූ අයියා මලෝ දෙන්නාගේ සොහොන් කොත් දෙකයි නිවසයි විනාශ කළා. වගා කළ ඉඩම අරන් නිවස්නයක් හැදුවා. ඉතිරි අක්කර භාගය වගා කරන්න ඉල්ලූවාම එ්කත් දෙන්නේ නෑ. 

මේ සෙල්ල කතරගම ඇල්බට්ගේ කථාව. තම සු`ඵ පියා විසින් 1965 සිට වගා කරගෙන ආ ඉඩම අහිමි වීම ගැන. 
ඉතිරි අක්කර භාගය ලබාදෙන ලෙස ඉල්ලමින් ඇල්බට් නාගරික සංවර්ධන අධිකාරියට ලියන ලද ලිපිය පහත දැක්වේ.  

මහත්මයාණෙනි,

සෙල්ලකතරගම, අක්කර 20, වැව අයිනේ ජීවත්වීම සඳහා, වගා කටයුතු කිරීමට අක්කර 1/2 ඉඩම ලබාදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම.

දැනට 53 වන වියෙහි පසුවන , සිව් දරු පියෙක් වන මා, මෙම ඉඩම් කොටස ඉල්ලා සිටින්නේ, පහත සඳහන් හේතු මතය.

01. සෙල්ල කතරගම, අක්කර 20 වැව අයිනේ පිහිටි, අක්කර 02 රූඞ් 02 ප‍්‍රමාණයේ රජයේ ඉඩම, 1965 සිට, මාගේ සු`ඵ පියා වූ ජී.ඞී.ඩබ්. සිරිපාල විසින් වගාකරගෙන ජීවත් විය.

02. ජී.ඞී.ඩබ්. සිරිපාල, මාගේ පියාගේ මරණයෙන් පසුව, මාගේ මව විවාහ කරගත් අයයි. එවිට මාගේ වයස අවුරුදු 9ක් පමණ වේ.

එතැන් පටන් මාද, අනෙකුත් සියලූ දෙනාද ඔහු සමග, ඉහත ඉඩමේ ජීවත් විය.

03. 1989 අගෝස්තු 03 වන දින, රාත‍්‍රියේ ජනතා විමුක්ති පෙරමුණ සන්නද්දධ කණ්ඩායමක් පැමිණ, ගෙදර සිටි සු`ඵ පියාව රැුගෙන ගොස්, වෙඩි තබා මරා දමන ලදි.

04. මාගේ සු`ඵ පියාගේ මෘත දේහය භූමදාන කළේ - අප ජීවත් වූ ඉඩමේදීය.

(මරණ ලියාපදිංචි කිරීමේ ලේඛණයේ ඡුායා පිටපත අමුණා ඇත.*

05. මාගේ සු`ඵ පියා ගේ මරණයෙන් පසුව, එම මරණය සිදුකල පිරිසට එරෙහිව කතා කිරීම නිසා, එම වසරේම, 1989 දෙසැම්බර් 07 දින, සු`ඵ පියාගේ මල්ලී වූ ජී.ඩබ්.වික‍්‍රමගේ ව, ජනතා විමුක්ති පෙරමුණ විසින් වෙඩි තබා, පිහියෙන් ඇන මරා දමන ලදි.

එම මරණයද, භූමදාන කළේ, සු`ඵ පියා භූමදාන කල ස්ථානයේදීමය.

06. සු`ඵ පියාගේ මරණයෙන් පසුව, මාගේ මව හා පවුලේ අය එක්ව, මෙම ඉඩමේ වගා කටයුතු කරමින් ජීවත් වූයෙමි.

මා විවාහ වී, දැනට වසර 30 වැඩි අතර, දරුවන් 4 දෙනාම උපත ලැබුවේද මෙම ඉඩමේ පදිංචිව සිටින කාලයේදීය.
07. පවුලේ අනෙකුත් අය, වෙනත් ස්ථාන වල පදිංචි වූ අතර, මා, මාගේ බිරිඳ ඇතුලූ පවුලේ උදවිය, මව හා එක්ව වගා කටයුතු කරමින් ජීවත් වූයෙමි.

08. මෙසේ කිසිදු බාධාවකින් තොරව ගොවිතැන් කටයුතු කරමින්, ජීවිකාව කරගෙන යන අතර, 2016.01.21 දාතමින් හා අංක 25/මො/10/1/70/128 දරන ඔබගේ ලිපිය මගින්, මා අනවසරයෙන් වගා කිරීම කරන බවට චෝදනා කරමින්, මට ඉවත් වන ලෙසට නියම කරන ලදි. (එම ලිපියේ පිටපත අමුණා ඇත.* 

09. මේ පිලිබඳව මා, ඔබ කතරගම කාර්යාලයට, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් කරුණු දක්වා සිටියෙමි.

10. නමුත් විසඳුමක් ලබා දුන්නේ නැත.

11. 2012 දී, ගුවන් හමුදාවෙන් භට පිරිසක් පැමිණ, අප පවුල පදිංචි ඉඩම, තමන් සතු බව පවසා ඉවත් වන ලෙසට නියම කරන ලදි.

12. අක්කර 02 රූඞ් 02 විශාල ඉඩමෙන් අක්කර 1/2 ඉතුරු කර, මට එහි ගෙයක් හදාගන්න යයි කියා, මට රු: 50,000/= මුදලක් ඔබ අධිකාරියෙන් ලබා දෙන ලදි.

13. ගුවන් හමුදාව විසින් අප පදිංචි නිවස පමණක් නොව, මාගේ සු`ඵ පියාගේ හා ඔහුගේ මල්ලීගේ සොහොන් දෙකද කඩා විනාශ කර දමන ලදි. දැනට මෙම ඉඩමේ ගුවන් හමුදානේ ඉහළ නිලධාරීන් සඳහා හෝටලයක් සාදා ඇත.

14. එ් සමගම, අසලින් මාහට පර්චස් 20 න්ද ලබා දෙන ලදි. ඉතිරි අක්කර 1/2 මා වගා කටයුතු කරගෙන පදිංචි වීමට සූදානම් වූයෙමි.

15. එ් අවස්ථාවේ ඔබ අධීකාරිය වසින්, තිස්සමහාරාමය මහේස්ත‍්‍රාත් අධිකරණයේ මට විරුද්ධව නඩු පවරන ලදි. නඩු අංකය බී.ආර්.33753/15 වේ.

නමුත් මෙම නඩුව, ඉදිරියට පවත්වාගෙන නොයන බවට, ඔබ අධිකාරිය ප‍්‍රකාශ කිරීම නිසා, නඩුව අවසන් විය.

මා ඉල්ලා සිටින්නේ,

මාගේ සු`ඵ පියා විසින් 1965 පමණ කාලයේ සිට භුක්ති විඳින ලද මෙම ඉඩමේ මාගේ පදිංචිය අවුරුදු 35 කට වැඩිය.

පසු කාලයක ඔබ අධිකාරියට පවරා ගන්නා ලද අක්කර 2 රූඞ් 02 විශාල ඉඩමෙන්, ගුවන් හමුදාට, හෝටලයක් ඉදි කිරීම සඳහා ලබාදුන් කොටසින් ඉතිරිව තිබූ, දැනටත් මා වගා කටයුතු කරගෙන යමින් පදිංචිව සිටින අක්කර 1/2 මාහට පවරා දෙන ලෙසටයි.

මෙයට,

කේ. එ්.ඇල්බට් සතරසිංහ.



Friday, December 30, 2016

පුරුෂ ආධිපත්‍යයට විරුද්ධ වූවාට අවුරුද්දක සිර දඬුවමක්


සවුදි අරාබියේ පවත්වාගෙන යන පුරුෂ ආධිපත්‍යය අවසන් කරන්න යැයි එරට රජයෙන් ඉල්ලා සිටි පුද්ගලයෙකුට වසරක සිර දඬුවමක් හා ඩොලර් 8000 ක දඩයක් ගසා ඇත.

මෙම පුද්ගලයා සවුදි අරාබියේ පිරිමින්ට, ස්තී‍්‍රන් පාලනය කිරීම සඳහා පනවා ඇති ආගමික නීති වෙනස් කරන ලෙසට ඉල්ලමින් දමාන් නුවර මුස්ලිම් දේවස්ථාන කිහිපයකම, පෝස්ටර් අලවා තිබිණ.

තමා එම පෝස්ටර් ඇලවූයේ තම ඥතී කාන්තාවන් කිහිප දෙනෙකුම පිරිමින් අතින් පීඩාවට පත්ව ඇති නිසා බව අධකරණය හමුවේ පවසා තිබේ.

සවුදි අරාබියේ මුස්ලිම් ආගමික නීති යටතේ, ගැහැනියකට ඉගෙන ගැනීමට, විදේශ ගතවීමට, නිවසක් බදු ගැනිමට, ප‍්‍රතිකාර ගැනීමට, විවාහ වීමට හා රැකියාවක් කිරීමට පවුලේ පිරිමියෙකුගේ අවසරය ගත යුතුය.

සිරගතව සිටින ස්ත‍්‍රියක් දඬුවම් කාලය අවසන් වුවද පවුලේ පිරිමියෙකු බාර නොගන්නේ නම් ඇයට නිදහස ලැබෙන්නේ නැත.

එරට ස්ත‍්‍රීන්ට වාහන පැදවිය නොහැක. තමා කැමති ඇඳුමක් ඇඳීමට ද නිදහසක් නැත.

මෙම තත්ත්වයට එරෙහිව අන්තර්ජාලය හරහා ආරම්භ කර ඇති අත්සන් ව්‍යාපාරයට සවුදි ජාතිකයින් දහස් ගණනක් එක්ව ඇති බවද වාර්තා වේ.

සම්ප‍්‍රදාය බිඳ දැමූ චාල්ස් කුමරුගේ නත්තල් පණිවුඩය


දෙවන ලෝක යුද්ධය පැවති අඳුරු කාල පරිච්ෙඡ්දයට අද ලෝකය ලංවෙමින් පවතිනවා.

වසර 70 ක් ගතව ඇතත් අධම වධ බන්ධනයන්ය.

අතීතයේ සිදු වූ භීෂණයන් නැවත ඇතිවීම වැළැක්විය යුතුයි.

නත්තලේ දී අප සාමාන්‍යයෙන් සිතන්නේ අප ජේසු ස්වාමි දරුවන්ගේ උපත ගැන. අප මේ වසරේ ජේසු උත්පත්තිය පිලිබඳ කථාන්දරය දිගහැරණු අන්දම ගැන, ශුද්ධවූ පවුල ගැලවුණ හැටි සිහිපත් කළ යුතුයි.

චාල්ස් කුමරුගේ නත්තල් පණිවුඩය බි‍්‍රතාන්‍යයන් අපේක්ෂා කළ දෙයක් නොවන බව ප‍්‍රකාශ වේ.

සම්පූර්ණ කථාව  Link
https://startsat60.com/stories/news/prince-charles-breaks-protocol-with-christmas-message

හිටපු පොලිස් කාරයෙක් බුදු සරණයි කියමින්, ගේ ඉඩම ලියා ගත්තා. දැන් නොමරා, මරන්න හදනවා.

                                                                         දිසිලින් පෙරේරා, අවු: 85යි, වැන්දඹු, දරුවන් නොමැත. පදිංචිය නුගගොඩ, වස්කඩුව. මෙම මස 12 වන දින, පෝය දිනට පෙර දින, ලියනගේ මෛත‍්‍රී පෙරේරා යන අය තමාට මට පහර දී නිවසෙන් පන්නා දැමීමට ගත් උත්සාහය ගැන, මොරොන්තුඩුව පොලිසියේ ඇය කරන ලද පැමිණිල්ල විමර්ශණය නොකල නිසා, දෙසැම්බර් 16 දිනද එ් පිළිබඳ පැමිණිලි කර ඇත.

ඇය පවසන අන්දමට ලියනගේ මෛත‍්‍රී පෙරේරා, හිටපු ‘‘අධිකරණ සැරයන්’’ වරයෙකි. අවසන් වරට සේවය කළේ ෙදාඩන්ගොඩ පොලිස් ස්ථානයේදීය. 

වසර 15කට පමණ  පෙර සෝමාවතිය වන්දනා කරන්නට ගොස් සිටි අවස්ථාවේදී, ලියනගේ මෛත‍්‍රී පෙරේරා ඔවන්ට හමුවිය. එ් අවස්ථාවේ සිටම ඔහු මිත‍්‍රවිය. ඉතා හොඳ බෞද්ධයකු වශයෙන් පෙනී සිට ඔවුන්ව රවටා ලියා ගත් ඉඩමේ ඉදිකරගෙන තිබෙන දෙමහල් නිවසේ, ඉස්තෝප්පු කාමරයේ පවත්වාගෙන යන බුදුගෙයි, පිරිත් පොත් වහන්සේ තබාගෙන, කට්ට කුමන්ජල් අල්ලමින්, උදේ සිට සවස් වනතුරු පිරිත් කියන බවද එයට අමතරව නුගගොඩ නාගරුක්ඛාරාමය විහාරස්ථනායේ ප‍්‍රධාන දායකයා ද වන බවද ඇය කියා සිටිනවා. 

ආගම ධර්මයෙන් මොවුන්ට පිහිට වන්නට ඉදිරිපත් වූ මොහු ගේ බලවත් පෙරැුත්ත මත හා  දෙන්නාව රැුක බලාගන්නා බවට දුන් පොරොන්දුව මත, තමා මිළයට ගත් ලිපිනයේ පිහිටි අක්කර 1 1/2 කුරුඳු වගා කල ඉඩම ඔහුට ලියා දෙන ලැබු බවත්, එහෙත් එම ඉඩමේ හදාගත් නිවසේ, 1970 ජූනි මස 05 වන දින සිට අද දින දක්වාම, පදිංචි වී සිටින බවත් කියා සිටි. එයට අමතරව මොහු ඇයගෙන් නිවසේ හා ඉඩමේ වැඩ ගන්නා ලද බවත් ඇය කියා සිටි.

මේ වන විට ඇගේ වයස අවුරුදු 85කි. මේ වන ඇයට වැඩක් පලක් කරගත නොහැක. මෙම  ලියනගේ මෛත‍්‍රී පෙරේරා ඇයට වතුර පොදක් දෙන්නේ නැත. ෂොපින් බෑග් එකක් ඔලූවට දමා මරා දමන බවට තර්ජණය කරයි. මොහු මීට පෙර මිනීමැරුම් නඩුවක විත්තිකරුවකුව සිටි බවද ප‍්‍රකාශ වේ.

16 වන දින දෙවන පැමිණිල්ලට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු ඇයට පොලිසියේ පැත්ත පළාතකට එන්න එපා යයි ප‍්‍රකාශ කර, තර්ජණය කර, අත්සන් ගෙන ගිය බවද ඇය කියා සිටි.

ඇය පොලිස්පති ගෙන් හා වැඩිහිටියන් ගේ රැකවරන පිළිබඳව වගකීීම දරන ක`ථතර ප‍්‍රාදේශිය ලේකම් ගෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ, මරා දැමීමට තර්ජණය කිරීම පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසට හා කූඨ ලෙස ඉඩකඩම් ලියාගෙන, වසර 12කට වැඩ කාලයක් වැඩ ගෙන, මහ`ථ වියේදි  නොසලකා හැරීම ගැන, නීතිමය පියවර ගන්නා ලෙසටය.




Thursday, December 29, 2016

ඔබාමා උරුමයන් අතුගා දමන්නට ට‍්‍රම්ප් සූදානම්


සිය ධූර කාලයේදී ඇමෙරිකානු කොන්ග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නොහැකිව සිය විධායක බලතල උපයෝගී කරගෙන පනවන ලද නීති හා රෙගුලාසිවලින් 70% කටුගා දැමීමට, නව ජනාධිපති ට‍්‍රම්ප් සූදානම් වේ.

ජනවාරි 20 වැඩ බාර ගැනීමත් සමග ඔබාමාගේ උරුමයන් අතුගා දැමීමට ට‍්‍රම්ප් සූදානම් බව ප‍්‍රකාශ වේ. මේ අනුව ඔබාමා විසින් ක‍්‍රියාවට නැංවූ කම්කරු, පරිසර, ආගමන විගමන, ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිසංස්කරණ සියල්ලම අහෝසිවනු ඇත.

ඔබාමා ඇතිකරන්නට උත්සාහ ගත් වෙනස ඔහුගෙන් පසුව, වෙනස් වනු ඇත.




Monday, December 26, 2016

අපරාධකරුවන්ගෙන් හොරණ පොලිසිය උපදෙස් පතයි.


කිසිඳු සොයා බැලීමක් නැතිව, අමානුෂික ලෙස පහරදී, පොලිසියට බාරදුන් පුද්ගලයකු කථාව. පොල් කැඞීම වෘතිය කරගත් 28 හැවිරිදි නලින් එක් දරු පියෙකි. පිරිසක් ඔහුට අමානුෂික ලෙස පහරදී හොරණ පොලිසියට බාරදීමෙන් අනතුරුව, රෝහල් ගත කිරීමටවත් උනන්දුවක් නොදැක්වූ පොලිසිය, ඔහුට පහර දුන් පුද්ගලයින් සමග දුරකථනයෙන් කතා කරමින් කළ යුත්තේ කුමක්ද යයි උපදෙස් ගෙන ඇත.

පොලිස් අත්අඩංගුවෙන් මුදාහැරීමෙන් පසුව, රෝහල් ගතව ප‍්‍රථීකාර ගැනීමට ඔහුට සිදු විය.

9 වසර සමත් මොහුට කියවීමට, ලිවීමට හැකියාවක් නැත. පාසලේ ගුරුවරු ඉගැන්වුවේ නැති බවත්, දුප්පත්කම නිසා, ටියුෂන් යන්න හැකියාවක් නොතිබූ බවත් ඔහු පවසා සිටී. වයස අවුරුදු 15 දී පමණ, ඔහුට අගුරුවාතොට පොලිසිය වධ දී ඇත. එ් පිළිබඳව විමර්ශණ ආරම්භ කරන විට, බෝම්බ දමන බවට කල තර්ජනයන් හමුවේ නිහඬවීමට සිදුව තිබේ.

ඔහු ඉල්ලා සිටින්නේ, හොරණ පොලිසිය ඉතා හොඳින් දන්නා, තමාට පහරදුන් පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි. ඔහුගේ තුවාල සම්බන්ධයෙන්, අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද, වැඩි දුරටත් ඉල්ලා සිටී.

පොලිස්පති, මානව හිමිකම් කොමිෂම හා ජාතික පොලිස් කොමිෂම වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ.

‘‘බරපතල අපරාධයක් සිදුකල පුද්ගලයින්ව ආරක්ෂා කරමින්,  නීතිමය පියවර ගැනීම මග හැරීම. 2016.12.26 දිනදීය.

2016.12.20 දින, ප:ව:5.30 පමණ, හොරණ, වතුරමල පාර හි පදිංචිව සිටින, රංජන් ජයන්ත දසනායක නැමැති අය අතර මගදී හමුවී, ඔහුගේ නිවසට ගොස් මත් පැන් බී, කතා කරමින් සිටින විට, එකවරම ඔහු ”මෙන්න හොරෙක්” කියා කෑ ගසමින් දිව්වා. එ් අවස්ථාවේ එතැනට පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු මාව වෙල මැදට ඇදගෙන ගොස් පොලූ වලින් අතින් පයින් අමානුෂික ලෙස පහර දුන්නා. ඔලූවට, පපුවට, බඩට, අත් වලට, දනහිස් වලට පහර දුන්නා. එම පහරදීම් නිසා දනිස් පොල්කට්ට කැඞී, තුනටියේ ඉළ ඇට බිඳී ගොස් තිබෙනවා. 

පසුව ඔවුන් 119 අමතනු ලැබූ අතර, හොරණ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් සිවිල් ඇඳුමින් යතුරු පැදියකින් පැමිණියා. විස්තර අසා මට පහර දීම අදාළව එම පුද්ගලයින්ට බැණවැදී මාව යතුරු පැදියේ මැද තබාගෙන හොරණ පොලිසියට ගෙන ගියා. ගෙනගොස් කූඩුවේ දමා තැබුවා.

2016.12.21 දින උදේ 8 ට පමණ මාව එළියට අරන් අපරාධ අංශයට ගෙන ගියා. එහිදී අපරාධ අංශයේ ස්ථානාධිපති මාගෙන් ප‍්‍රශ්ණ කර, මට පහරවල් කිහිපයක් පිටට පොල්ලකින් ගැසුවා. එ් අවස්ථාව වන විට මට පහර දුන් පුද්ගලයින් පොලිසියට පැමිණ සිටියා. පොලිසියේ උපදෙස් මත ඔවුන් රංජන් නැමැත්තාව පොලිසියට ගෙන ආවා. පසුව මාව මුදා හැර, රංජන් නැමැත්තාව රඳවා තබා ගත්තා. 

පොලිසිය මට පහරදී, බරපතල අපරාධයක් සිදුකල පුද්ගලයින්ට එරෙහිව කිසිඳු පියවරක් ගත්තේ නැහැ. මාව රෝහල් ගත කිරීමට පියවර ගත්තේ ද නැහැ. 

මුදාහැරීමෙන් පසුව මා එදිනම 2016.12.21 දින හොරණ රෝහලට ඇතුලත් වුනා. අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් මා පරීක්ෂා කරනු ලැබුවා. රෝහල් පොලිසිය විසින් 2016.12.23 දින මාගෙන් කටඋත්තර ගනු ලැබුවා. එදින 2016.12.23 දින මා රෝහලෙන් පිට වුනා. 

හොරණ පොලිසිය මාව මුදාහැරියේද මට පහර දී බරපතල අපරාධයක් සිදුකල පුද්ගලයින්ට දුරකථන ඇමතුම් දී ”මොකද කරන්නේ, මුදාහරින්නද” ආදී උපදෙස් ඔවුන්ගෙන් ගනිමින්ය. මාගේ විශ්වාසයේ හැටියට පොලිසිය එම පුද්ගලයින් සමග සම්බන්ධකම් පවත්වනු ලබයි.

එම පුද්ගලයින්ගේ නම් ගම් ඇතු`ඵ විස්තර පොලිස් නිලධාරීන් සතුව පවතී.

මේ වන විට මා රැුකියාව කර ගැනීමටද නොහැකිව දැඩි අසරණ තත්වයට පත්ව සිටිමි. මට පහර දුන් පුද්ගලයින් සු`ඵ මුදලක් දී සිද්ධිය යටපත් කිරීමට සූදානම් වූවා. මා එය ප‍්‍රතික්ෂේප කලා. 

මා ඉල්ලා සිටින්නේ, 
1. මට අමානුෂික ලෙස පහරදී, බරපතල අපරාධයක් සිදුකල, නම් නොදන්නා මුත් දුටුවොත් අඳුනාගත හැකි එකී පුද්ගලයින් සිව්දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, 

2. එකී අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකර, ඔවුන් ආරක්ෂා කරන හොරණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතු`ඵ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටත්,

3. දණහිස හා ඉළ ඇට බිඳී, රැුකියාව කර ගැනීමට නොහැකිව, දරු පවුල නඩත්තු කර ගැනීමට නොහැකිව අසරණව සිටින මට සාධාරණය ඉට කරනා ලෙසටත්ය.

අ / ක.  නලින් පුෂ්ප කුමාර ’’

Saturday, December 24, 2016

මිරිහාන පොලීසියේ වධදීමට විරුද්ධ වුනා! දැන් පස්සෙන් එළවනවා!!. video ව අැතුලත්



2014 ජූලි මාසයේ මිරිහාන පොලීසිය පැහැරගෙන වධහිංසාවට පත්කළ සුජිත් පෙරේරා, යුක්තිය සොයා ගියේ මානව හිමිකම් කොමිෂමටය.

නමුත් අද වන තෙක් කොමිෂම එ් ගැන මුනිවත රකී. මොහුට වධ දුන්නේ එවක මිරිහාන පොලීසියේ මුබාරක් නැමති පොලිස් නිලධාරියාය.

එයින් අනතුරුව යළි යළිත් සුජිත් පසුපස පන්නන පොලීසිය, ඔහුව අත්අඩංගුවට ගැනීමට යත්න දැරීය.

පානදුර හිරණ ප‍්‍රදේශයේ නීති විරෝධී මත් ජාවාරම තවමත් සිදුවන බව ප‍්‍රකටය. එහි ප‍්‍රධානියකු වන්නේ ලොක්කා නැමැත්තා බව සුජිත් පෙරේරා කියයි.

වරක් ලේකකාගේ බැරල්වලට සුජිත්ට නඩු පැවරු බව ඔහු කියයි. පොලීසියේ හා ලේකකාගේ බලපෑමට අධිකරණයේදී වරද පිළිගන්නට සුජිත් ට සිදුවු බවද කියා සිටි. ඔහු පවසන අන්දමට 
දඩය රු: 75,000/- කි. එය කොටස් වශයෙන් ගෙවීමට අවසර ලැබිණ. දඩය ගෙව්වේ ලොක්කාය. 
යලිත් වරක් ලොක්කාගේ කසිප්පු වලට සුජිත්ව ආදේශ කරන්නට සැරසේන බවද ඔහු කියයි.

මෙම මස 14 වන දින සුජිත් විවාහ ගිවිසගෙන සිටින තරුණියගේ නිවසට ගොස් තිබෙන පානදුර වලාන ¥ෂන මර්ධන එ්කකයේ නිලධාරීන් නිවැසියන්ට තර්ජනය කර ගොස් ඇත. මේ පිළිබඳව සුජිත් පෙරේරා පොලිස්පති, ජාතික පොලිස් කොමිෂමට, ලිඛිතව පැමිණිලි කර ඇත.

එු අතර 2014 දී තමා විසින් මිරිහාන පොලීසියට එරෙහිව කරන ලද පැමිණිල්ලට අදාල නිර්දේශ ලබාදෙන ලෙසට මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ද ලිඛිතව ඉල්ලා තිබේ.

2014 ජූලි 08 වන දින මිරිහාන පොලීසිය සුජිත්ව පැහරගෙන යෑමේ සිද්ධිය හා මානව හිමිකම් කොමිෂම වෙත කරන ලද පැමිණිල්ල අදාලව සිරස මාධ්‍ය දින ගණනාවක් තම ප‍්‍රවෘත්ති ඔස්සසේ ප‍්‍රචාරය කරණු ලැබු බවද ඔුහු සහිපත් කර සිටි.

2014 දි සුජිත්ට වධ දුන්න හැටි - නරඹන්න, අසන්න.


අමනපති, දෙයියෝ හා කැලෑ පත්තරය



කැලෑ පත්තර සංස්කෘතියේ කොටසක්ද? 

එදා ගමේ ගස්වල එල්ලූ කැලෑ පත්තර අද ”මොඩන්” වී ගෙදරට ම, කාර්යාලයට ම එති.

මෙය නිර්නාමික පෙත්සමක් හැටියට ද සලකනන්ට පු`ඵවන. එය ”අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා අමතන ලද්දකි.” නමුත් එය ඔහු අතට පත්වූ එකක් දැයි නොදනිමු.

අතිගරු හා තුමා පද, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති නමට ඒකතු කිරිම අවධානය වැඩි කරගන්නට විය හැක.

හමුදාවේ පවතින තත්ත්වය පිළිබඳව ලියැවුණු මෙම  කැලෑ පත්තරය හමුදාවට කිට්ටු සම්බන්ධයක් ඇති අය විසින් ලියැවුණු බවට අපට සිතෙන්නේ එහි වදන් සිවිල් අපිට නුහුරු නිසා. 

හමුදා අමනපති හා පන්නිපිටියේ දේවාලය, සෙකියුරිටි නිල ඇඳුම හා ප‍්‍රතාපවත් තනපට, ගණිකා නිල ඇඳුම් හෙවත් 6 බී, අං ඇමතිගෙ යහපාලන ප‍්‍රකාශය, විනිසොරු බි‍්‍රගේඩියර්, රේෂන් කප්පාදුව ආදී අනු මාතෘකා කිහිපයක් යටෙත් ටයිප්සෙට් පිටු 4 කින් සමන්විත මෙම නිර්නාමික පෙත්සම බොහෝ සංවිධාන අතට පත්ව ඇති බවට නිගමනය කිරීමට හැක්කේ, එය ලබන්නාගේ ලිපිනය ටයිප් සෙටින් කර, ලිපි කවරවල අලවා තිබීමෙන්ය.

මෙම කැලෑ පත්තරයේ තිබෙන කරුණු සත්‍ය නම් එ් පිළිබඳ යහපාලනයේ අවධානය යොමු විය යුතුයි.

71 කැරැුල්ලෙන් පසුව ක‍්‍රමානුකූලව වර්ධනය වූ හමුදාව, මේ වන විට සෑම අතින්ම ප‍්‍රබල හමුදාවක් බවටපත්ව, 30  අවුරුදු කොටි යුද්ධය මගින් ප‍්‍රකට කළේ යුද්ධයෙන් ඔබ්බට යන්නක් සළකුණු පහළ කරමින්ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් ගැන සැබෑ  ඕනෑකමක් ඇති සිවිල් සමාජයේ අවධානයෙන් මෙය බැහැර කළ නොහැකිය. 

Friday, December 16, 2016

මෝල්ගහෙන් ගහපු එකාව නලවමින්, ගුටිකාපු එවුන්ව පැය 8ක් පොලිසියේ තියාගෙන.


මාගේ මවට මෝල්ගසකින් ගසා බරපතල තුවාල සිදු කළ රාමයියා සෙල්වකුමාර්ව, මව රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටියදීම අධිකරණයට ඉදිරිපත් නොකර, මුදාහැරීම මගින් ද, ඔහුට දුරකතනයෙන් කථා කර පොලීසියට ගෙන්වා ගැනීමට දැරූ උත්සාහයෙන් ද, පෙනී යන්නේ, මේ අපරාධ සැකකරු හා බදුරලිය පොලීසිය අතර පවතින අයථා සම්බන්ධයයි.

බදුරලිය පොලිස් වසමේ පදිංචි තම 56 හැවරිදි තම මවට මෝල් ගසකින් ගසා බරපතල තුවාල සිදුකළ  රාමයියා සෙල්වකුමාර් නැමැති අයව අධිකරණය හමුවට ඉදිරිපත් නොකරම පොලිස් ඇප මත මුදාහැර, පවුලේ උදවිය පොලිසියට ගෙන්වා පිඩාවට පත්කිරිම සම්බන්ධයෙන්, දියණිය රේවති පොලිස්පති හා අපරාධ වින්දිතයන්ගේ සහ සාක්ෂිනරුවන්ගේ ආරක්ෂක කොට්ඨාශය වෙත කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
     
‘‘ 2016.12.16 දින දීය.  - කරුපන් පාප්පා, අවු: 56 යි, මාගේ මව වේ. ඇය පදිංචිව සිටින්නේ බදුරලිය, ඩෙල්කි වත්තේ, ප‍්‍රින්ස් ලෑන්ඞ් ඩිවිෂන් හි ය. 2016.12.11 වන ඉරිදා රාත‍්‍රී 7.00 ට පමණ, එම වත්තේ පදිංචි රාමයියා සෙල්වකුමාර් යන අය විසින් මාගේ මවට මෝල් ගසකින් ගසා බරපතල තුවාල සිදුකර තිබේ. ඇය එදිනම බදුරලිය රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර 2016.12.14 දින ටිකට් කපන ලදි. අමාරුවීම නිසා පසුදින නැවත රෝහල්ගත කරන ලදි. මේ දක්වාම එම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගනී.

අපරාධ සැකකරු රාමයියා සෙල්වකුමාර්ව, බදුරලිය පොලීසිය 2016.12.12 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර, පසුදින 2016.12.13 දින මුදාහරිණු ලැබීය. 2016.12.15 දින උදේ 9.00 ට බදුරලිය පොලීසියට එන ලෙසට අපට දන්වන ලදි. එ් අනුව බදුරලිය පොලීසියට ගිය අපව සවස 3.00 වන තෙක්ම, රඳවාගෙන සිටින ලදි.

එසේ රඳවාගෙන සිටියේ අපරාධ සැකකරු පොලීසියට එන තෙක්ය. පො.ප. විජේසිංහ කිහිප වරක්ම, අපරාධ සැකකරු රාමයියා සෙල්වකුමාර්ට දුරකතනයෙන් කථා කර පොලීසියට එන ලෙස දැණුම් දෙන ලදි. නමුත් ඔහු පැමිණියේ නැත. පොලීසිය තුළ පැය 06 ක් අපව රඳවාගෙන සිටි, පො.ප. විජේසිංහ, අපට ෙදාස් කියා, ඔහුට ගෙදර වැඩ තියෙනවා කියා යන්න ගියා.

මෙම අපරාධ සැකකරුට, එරෙහිව මීට පෙර, බීමත්ව අසල්වැසියන්ට තර්ජනය කරමින්, පොලීසියට බය නැති බව ප‍්‍රකාශ කරමින් සිදුකරන ලද ක‍්‍රියාවන් ගැන පැමිණිලි කර ඇතත් බදුරලිය පොලීසිය කිසිම පියවරක් ගෙන නැති බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමි.’’

Saturday, December 10, 2016

මතුගම පොලීසිය, පියා වෙනුවට 18 හැවරිදි පුතාව ප‍්‍රාණ ඇපයට අරන්.


අද දහවල් පොලීසියට ගිය තම පුතාව අත් අඩංගුවට ගෙන, ප‍්‍රාණ ඇපකරුවෙකු විදියට නීති විරෝධිව රඳවා තබාගෙන සිටින බව ප‍්‍රකාශ කරන, වතු කම්කරුවකු වන අන්තෝනි අයියා දේවරාජ්, මතුගම පොලීසිය මෙම ක‍්‍රියාව සිදුකරන්නේ ප‍්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරුවකු සමග එක්ව තමා ගෙන් පළිගැනීමට බව, පොලිස්පතිට කියා සටී. 
ඔහු පොලිස්පතිට යවන ලද ලිපිය පහත දැක්වේ.


පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

පුතාව ප‍්‍රාණ ඇපයට ගෙන මට විරුද්ධව බොරු නඩු දැමීමට ගන්නා උත්සාහය වළක්වන ලෙසට කරණු ලබන ඉල්ලීම.

අන්තෝනි අයියා දේවරාජ්, අවු: 53 යි, විවාහක, දරුවන් 03 යි, කම්කරු, 
ලිපිනය: සිරිකඳුර වත්ත, මතුගම.

2016.12.10 වන දින දීය.

මාගේ පුතාවන දේවරාජ් සදිශ් කුමාර, අවු 18 යි, 2016.12.10 වන දින, දහවල් 12.00 ට මතුගම පොලීසියට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටී.

අප පදිංචි ලයිම් කාමරවල පවුල් දෙකක් අතර ආරවුලකට මෙසේ ගෙන්වාගෙන තිබේ. 

එම ආරවුල නිසා තුවාල ලැබූ මා, 2016.12.09 රාත‍්‍රියේ වෑත්තෑව රජයේ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගෙන අද දවල් පිටවිය.

මාගේ බිරිඳ වන කේ. විජයකුමාරි ට මතුගම පොලීසියෙන් දුරකතනයෙන් කථා කර, මට පොලීසියට පැමිණ බාර වෙන ලෙසටත්, බැරලයක් හා අරක්කු පෙරන දඟර රැගෙන එන ලෙසටත් දන්වා ඇත.

මා නීති විරෝධී මත්පැන් පෙරන අයෙක් නොවේ.

අප ලයිමේ පදිංචි, නීති විරෝධී මත්පැන් ජාවාරම් කරන ශ‍්‍රී රංගම් සහ ඔහුගේ මස්සිනා වන මදනා යන අයගේ අවශ්‍යතාවයට මතුගම පොලීසියේ සහය ඇතිව බොරු නඩු දැමීමට උත්සාහ ගනී.

මීට පෙරද මට බොරු නඩු පවරා තිබේ. 

දැනට වසර 6ක් තිස්සේ මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින බොරු නඩුව (අංක 58972), 2016.12.08 දින කැඳවූ අවස්ථාවේ, බෝතල් දෙකක් දාලා තියෙන්නේ, වරද පිළිගෙන නඩුව ඉවරයක් කරගන්නා ලෙසට, අධිකරණය කළ යෝජනාවට මා එකඟ නොවීම නිසා, මාගේ පුතාව ප‍්‍රාණ ඇපකරු වශයෙන් තබාගෙන, මා පොලීසියට ගෙන්වා බොරු නඩු දැමීමට ගන්නා උත්සාහය වළක්වන ලෙසට ඉල්ලමි.

මෙයට,

අන්තෝනි අයියා දේවරාජ්

මුස්ලිම් නිතිඥයෝ උසාවියේ දි මට බැන්නා. අපහස කළා. අල්ලා දෙවියෝ බලා ගනීවී කියලා තර්ජනය කලා.

අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගි සිටිමු 

මුස්ලිම් පල්ලියක්, අනාචාරයේ හැසුරුනා කියලා කාන්තාවකට පොල්පිත්තෙන් පහර දිම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි තරුණ මුස්ලිම් නිතිඥවරියකට, එම උසාවියේ මුස්ලිම් නීතිඥ වරුන්ගෙන් එල්ල වු තර්ජන, නින්දා අපහාස විඳ දරාගෙන, භිය නොවී යුක්තිය ඉටු කිරිමට ක‍්‍රියා කළ ආකාරය හ`ඬ ගා කියා පෑමට, තරුණ මුස්ලිම් නිතිඥවරියට අවස්ථාව උදා කර දුන්නේ, ‘‘අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගි සිටිමු’’ තේමාව යටතේ, ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව විසින්, සංවිධානය කරන ලද, 68වන ජගත් මානව හිමිකම් දින සමරු උත්සවයේ දිය. 
ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව අර්ථවත් ආකාරයට, පවත්වන ලද මෙම සමරු වැඩසටහන, අන් අයගේ ඔලූ ගැන, ක‍්‍රියාවන් ගැන ප‍්‍රශ්න කරන්නට පෙර තමන් කරන්නේ, අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් නෑගි සිටිනවාද?, එසේ නැති නම්, අන් අය අලෙවි කරමින්, තමන් නැගි සිටිනවාද යන්න? ගරුත්වයක් ඇති අයට සිතා බැලීමට අවසථාවක් උදා කර දීමක් ද විය.
එ්කීය ශ‍්‍රී ලංකාවේ ‘‘නීති’’ එකීය නොවේ. ආගම්, ජාති අනුව නීති වෙනස් වේ. එ් සියලූ නීති වලට පිටින්, සියලූ නීති උල්ලංඝණය කරමින්, ක‍්‍රියා කරන පිරිසක් සිටිති. එ් ආගම්  මුල් කරගෙන ජිවත්වන ‘‘නිල’’ ඇ`දුම් ඇඳගත් පිරිසය. 
මුස්ලිම් නීතිය යටතේ අනාචාරය යෙදුනාය යන චොදනාව යටතේ, මුස්ලිම් පල්ලියක් තුළ, පිරිමි සිය ගණනක් වට කරගෙන,  පොල්පිති පහරවලට ලක්වු කාන්තාවක් පිළ්බඳ 2010 වසරේ ජනසංසදය සිදුකළ මැදිහත් වීමක් අදාලව පළකරන ලද වීඩියෝව නැවත සිහියට කැඳවමු. එ් මෙවන් සිදුවීම් අප රටේ අහම්භයන් නොවෙන බව තහවුරු කිරීමටය.



Thursday, December 8, 2016

පොලිස් අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ නොදෙනු



අපරාධයකට වරදකරුවන් වූ පොලිස් නිලධාරීන්ට විනය පියවර නොගැනීම මගින් පොලිස් නිලධාරීන්ට අපරාධ කිරීමට අනුබල දීම හා ශ‍්‍රී ලංකා පොලීසිය තුළ පවත්වාගෙන යන දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් ජනසංසදය, ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස්පතිට,  නීතිය සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට, ක`ථතර මහාධිකරණ නඩු අංක HC/252/04 නඩු තීන්දුව මුලික කරගෙන 2016.12.07 දාතමින් ඉදිරිපත් කරන ලද ලිපිය, පහත දක්වමු.

අගලවත්ත, කෙළින් කන්ද, 5 කණුව, පදිංචි, කේ.එ්. සමරසිංහ යන අයට 2001 නොවැම්බර් 11 දින සිට එම මස 14 දින දක්වා, අයුතු ලෙස සිරකර තබාගැනීම හා කෲර හා අමානුෂික ලෙස වධහිංසාවට පමුණුවනු ලැබූ බදුරලිය පොලිස් ස්ථානයේ, 

(1) සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිව සිටි- ධම්මික නවරත්න, උ.පො.ප.

(2) අපරාධ අංශයේ - ගම්ලජ්ජිගේ ලීලාරත්න ගම්ලත්, උ.පො.ප.

(3) ස්ථානාධිපති - හෑගොඩහේවගේ සුජීව කුමාර, පො.ප.

යන තිදෙනාට එරෙහිව නීතිපති විසින්, 2004.03.30 වන දින, ක`ඵතර මහාධිකරණයේ පහත දැක්වෙන චෝදනා දෙක යටතේ නඩු පවරණු ලැබීය. 

එකී චෝදනා දෙක වන්නේ,

(i) කොඩිතුවක්කු ආරච්චිගේ සමරසිංහ නැමැත්තාව දවස් තුනක් අයුතු ලෙස සිරකර තැබීමෙන් දණ්ඩ සංග‍්‍රහයේ 32 වන වගන්තිය සමග කියවිය යුතු 334 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවය.

(ii) ඉහතකී වේලාවේදී ස්ථානයේදී හා එකී ක‍්‍රියාකලාපයේදී යුෂ්මතුන් පැමිණිල්ල නොදත් අන් අය සමග කොඩිතුවක්කු ආරච්චිගේ සමරසිංහ ගෙන් යම් වරද කියා පැමිණි හෝ වරදක් සොයා දැන ගැනීමට ඉවහල්වන තොරතුරක් එනම් මිනීමැරමක් සම්බන්ධයෙන් තොරතුරක් මෙලෙස ලබාගැනීමේ  කාර්ය සඳහා එකී තැනැත්තාට කැමැත්තෙන් තුවාල සිදු කිරීමෙන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 32 වන වගන්ති සමග කියවිය යුතු 321 වගන්තිය යටතේ වරදක් සිදු කළ බවය.
02. මෙම නඩුව ආරම්භයේදී මෙම පොලිස් නිලධාරීන් තිදෙනා ඉහත චෝදනාවලට නිවැරදිකරු බව ප‍්‍රකාශ කර, මෙම නඩු විභාගයට ඉදිරිපත වන ලදි.
03. විභාගය ආරම්භව සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්ෂි අවසන් ව පසුව, එනම් වසර 12 කට පසුව ආරම්භයේදී නිවැරදිකරු බවට කරන ලද ප‍්‍රකාශය ඉල්ලා අස්කරගෙන අධි චෝදනාවලට වරද පිලිගන්නා ලදි.
04. මෙම චූදිත පොලිස් නිලධාරීන් තිදෙනා චෝදනා දෙකට වරද පිලිගැනීම මත අධිකරණය ඔවුන් චෝදනා දෙකටම වරදකරුවන් කරන ලදි.
05. එ් අනුව, පළමු චෝදනාවට පොලිස් නිලධාරීන් තිදෙනාට, මාස 06 ක් බැගින් වූ ලිහිල් සිර දඬුවමක් ද, 
රු: 15,000/- බැගින් වූ රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවීමට වන දඬුවම් නියම කරන ලදි.
06. ඉන්පසුව ලිහිල් සිර දඬුවම් දෙක, වසර 07 බැගින් වූ කාලයකට අත්හිටවනු ලැබීය. 
07. මෙයට අමතරව, චූදිතයන් තිදෙනාම එකතුව රුපියල් ලක්ෂ දෙකක් කොඩිතුවක්කු ආරච්චිගේ සමරසිංහට ගෙවීමට නිම කරණු ලැබීය.
මෙම පසුබිම යටතේ එනම් බරපතල අපරාධ චෝදනා දෙකකට වරදකරුවන් වූ මෙම පොලිස් නිලධාරීන් තිදෙනා නඩු වාර්තාවට පමණක් සීමා වූ සිර දඬුවමක් හා දඩයක් නොවන සු`ඵ මුදලක් ගෙවා නිරුපද්‍රිතව සිටින අතර,
කිසිදු විනයානුකූල පියවරකට යටත් නොකර, පොලිස් සේවයේ පොලිස් සේවයේ නිරත වීමට ඉඩ ලබාදී තිබේ.
බරපතල අපරාධ සිදුකරන ලද ඉහත නම් සඳහන් පොලිස් නිලධාරීන් තිදෙනාට නිදැල්ලේ සිටීමට සැලැස්වීම,
(1* බරපතල ලෙසට වින්දිතයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බව,
(2* පොලිස් නිලධාරීන්ට දඬුවම්වලට යටත් නොවී නිදැල්ලේ සිටීමට ශ‍්‍රී ලංකා පොලීසිය, ශ‍්‍රී ලංකා රජය හා ආණ්ඩුව ඉඩ ලබාදී ඇති බව ප‍්‍රායෝගිකව ඔප්පු කර ඇත.
අප ප‍්‍රකාශ කර සිටින්නේ, මෙම ක‍්‍රියාව යහපාලනය නොවන බව හා ප‍්‍රකාශිත සංහිඳියාවට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවක් බවයි.
ඉල්ලා සිටින්නේ, පොලිස් අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ දීම මගින් අපරාධ විදියන්ට සිදුකර තිබෙන අයුක්තිය,
පොලිස් නිලධාරීන්ට හිමිකර දී තිබෙන ”දණ්ඩ මුක්තිය” වෙනස් කර දැඩි විනය පියවර ගෙන, අපරාධ විනදිතයාට දැණුම් දෙන ලෙසයි. මේ වනවිටත් මෙම පොලිස් අපරාධකරුවන් 3නාට උසස්වීම් ලබාදි ඇතිනම් එ් පුදුම නොවෙමු.
අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරීම කළ හැක්කේ, කාර්යක්ෂම හා කඩිනම් විමර්ශන මගින්, නිවැරදි චෝදනා ගොනු කිරීම මගින්, නඩු පමාව තුරන් කිරීම මගින් ය. මෙයට ඇති බාධාව පොලිස් හා අධිකරණ පද්ධතිය තුල පවතින්නිවු අක‍්‍රමිකතාවයන්ය. මාෆියාවය.
මෙයට,
අ.ක/චිත‍්‍රාල් පෙරේරා 
(ලේකම්)

පිටපත්:
(1) අග‍්‍රාමාත්‍ය ලේකම්27. අග‍්‍රාමාත්‍ය ලේකම්
     අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, නො: 58,සර් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07

(2) ලේකම්
    අධිකරණ සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය, අ`ඵත් කඬේ 
    කොළඹ 12,  
(3) කේ.එ්. සමරසිංහ (අපරාධ වින්දිතයා)  
  




Friday, December 2, 2016

මර්වින් සිල්වාගේ පාහර වැඩට වන්දිය රු: 550,000/- යි.


උපුටා ගනීම-chitrangi7.blogspot.

ත‍්‍රීවිල් කාරයන්ගේ වුවමනාවට තාප්පය කඩා විනාශ කළ මර්වින් සිල්වාට ලක්ෂ 4 යි, අපරාධය වසන් කළ පොලිස් ස්ථානාධිපතිට රු: 50,000/- යි, අපරාධයට වගකිව යුතු රජයට ලක්ෂ 01 යි.

රාජපක්ෂ රෙජිමයේ බලූකම් පාහරකම් කරමින් නීතියෙන් ගැලවී සිටි මර්වින් සිල්වාට පක්කලි කම් කරන ලද ත‍්‍රීවිල් රියදුරන් පිරිසක් කිරිබත්ගොඩ, නුවර පාරේ අසිත ලියනගේ මහතාට හා ඔහුගේ පවුලට කරන ලද අඩම්තේට්ටම් කෙළවර වූයේ 2010.09.18 එ් මහතාගේ ව්‍යාපාරික ස්ථානයේ තාප්පය හා වැසිකිලිය කැළණිය ප‍්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත‍්‍ර යොදවා මර්වින් සිල්වාගේ මෙහෙයවීමෙන් කඩා බිඳ විනාශ කර දැමීමෙන්ය.

මහින්ද රාජපක්ෂ රෙජිමයේ මර්වින් සිල්වා ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න පොලීසිය ද ඉදිරිපත් වූයේ නැත.

සමහර පොලිස් නිලධාරීන් මොහුගේ පාහර නීති විරෝධී කි‍්‍රයාවන්ට සහය දැක්වීය.

රාජපක්ෂගේ මිනීමරු පාලනය තුළද තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අසිත ලියනගේ ඉදිරිපත් විය. ඔහු මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට ගෙන යෑම සඳහා අවසර ලබාදුන්නේ 2010.11.22 දිනය. නියමිත දිනවලට මර්වින් සිල්වා ඇතු`ඵ වගඋත්තරකරුවන් පිළිතුරු ලබාදුන්නේ නැත. එයට 2013.01.16 වන දින දක්වාම විවිධ හේතු දක්වමින් ප‍්‍රමාද කරණු ලැබීය.

නඩුව පවරා වසර 06 කට පසුව එනම්, 2016.06.14 දින විභාගයට ගනු ලැබීය. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු එස්.ඊ. වනසුන්දර, විනිසුරු අනිල් ගුණරත්න හා විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි ඉදිරියේ විභාග වූ නඩුවේ තීන්දුව 2016.06.14 වන දින ප‍්‍රකාශයට පත්කරණු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අනිල් ගුණරත්න විසින් සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ එකඟතාවයෙන් ප‍්‍රකාශයට පත් කළ මෙම තීන්දුව මගින් රාජපක්ෂ රෙජිමයේ රාජ්‍ය ඇමති පදවියක් දැරූ මර්වින් සිල්වාට රු: ලක්ෂ හතරක් ද, මර්වින් සිල්වාගේ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොකළ කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපති ලෙසට කටයුතු කළ පොලිස් පරීක්ෂක එදිරිසූරිය පටබැඳිගේ චමින්ද එදිරිසූරියට රු: පනස්දාහක් ද, රජයට රුපියල් ලක්ෂයක් ද වන්දි වශයෙන් අසිත ලියනගේ මහතාට ගෙවීමට නියම කෙරණි.

මේ අනුව අසිත ලියනගේ මහතාට රුපියල් පන්ලක්ෂ පනස් දහසක වන්දියක් හිමි විය.

එ් මහතාට මර්වින් සිල්වා සිදු කළ අලාභය මිළියන දෙකකට වැඩි බව ප‍්‍රකාශ වේ.

මෙම නඩු තීන්දුව මගින්, අසිත ලියනගේ මහතාගේ දේපළවලට හානි කිරීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් කවරේද මෙම විනාශය සඳහා රාජ්‍ය දේපළ භාවිතා කර තිබේද යන්න, නීතියට අනුකූලව පරීක්ෂණ පවත්වා නීතිපති උපදෙස් අනුව නිසි පියවර ගන්නා ලෙසට පොලිස්පතිට නියම කර තිබේ.

පොලිස්පති පූජිත ජයසුන්දර, මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව නීතිය ක‍්‍රියාත්මක කරයි ද? මර්වින් සිල්වාට අවශ්‍ය විදියට ක‍්‍රියා කරයිද? දන්නේ නැත.
මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුලේ උදවියට මෙන්ම මර්වින් සිල්වා වැනි තවත් අපරාධකරුවන් රැසකට නීතිය ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොදී ආරක්ෂා කර ගන්නා ලදි.

පොලීසියද එයට පූර්ණ සහය ලබාදෙන ලදි.

2010.09.18 දින, බරපතල අපරාධ සම්බන්ධයෙන් අසිත ලියනගේ මහතා කිරිබත්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන්, අපරාධ ස්ථානය පරීක්ෂා කරණු ලැබුවාද, අවට සිටි පුද්ගලයන්ගේ ප‍්‍රකාශ සටහන් කරගනු ලැබුවාද, සිදුකර තිබූ අලාභ පිළිබඳ සටහන් තැබුවාද, මහේස්ත‍්‍රාත්වරයාට කරුණු වාර්තා කරණු ලැබුවාද, ආදාල දුරකතන පරීක්ෂාවට ලක් කළාද, යන ප‍්‍රශ්න මතුකරන ශ්‍රේෂ්ඨාධිකරණය සිද්ධිය අදාලව විධිමත් පරීක්ෂණයක් නොපැවැත් වූ බව පෙන්වා දී තිබේ.

දේශපාලන හෝ අල්ලසට හෝ යම් කෙනෙකුගේ පුද්ගලික  ඕනෑ එපා කමකට අදටත් පොලීසිය, සාක්ෂි වසන් කරමින් අපරාධකරුවන් අරාක්ෂා කිරීමේ නියැලෙති.

මෙම නඩු තීන්දුව ජාතික පොලිස් කොමිෂමේ අවධානයට අප යොමු කළෙමු.

මෙම පොලිස් නිලධාරියාට, එනම් පොලිස් පරීක්ෂක එදිරිසූරිය පටබැඳිගේ චමින්ද එදිරිසූරියට එරෙහිව නොපමාව විනය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමු.

මේ වන විටත් මොහුට උසස්වීම් ලබාදී ඇත්නම් පුදුම විය යුතු නැත. එසේ උසස්වීමක් ලබාදීමත් සිදුකර ඇත්නම් එය අවලංගු කළ යුතුය. නිසි දඬුවම් ලබාදිය යුතුයි. 

නැතිනම් යහපාලනය විගඩමක් වන බව ජාතික පොලිස් කොමිෂමට කියා සිටිමු.

මෙම නඩු තීන්දුව ජනතා අවධානයට යොමු කිරීම යහපාලනය හා සංහිඳියාව ගොඩ නැගීමට වැදගත් වනු ඇත.

Link:-

http://www.janasansadaya.org/page.php?id=621&lang=en