Monday, August 26, 2019
කාන්තාවකගේ හුරතලයට නටන ඌරගස්මංහන්දිය පොලීසිය.
මාස දෙකකට පෙර, ප්‍රකට සමාගමක අලෙවි නියෝජිතයකුව, එල්ලා පහර දී, සදාකාලික අබ්බගාතයකු කරන ලද, ඌරගහ පොලීසිය, ප්‍රදේශයේ කාන්තාවක් සමග හුරතල් වෙමින්, මහජනයාට පීඩා කරන්නට පටන් ගෙන තිබේ.
පසුගිය දා, මෙම පොලිස් හුරතලියට විරුද්ධව ගසා තිබුන කැලෑ පත්තරයක් මුල් කරගෙන, උඩ පනින්නට පටන් ගෙන තිබේ.
පොලිස් පීඩාවට පත්ව ඇති එක් කාන්තාවක්, ප්‍රජා පොලිස් කමිටුවේ සාමාජිකාවකි. ඇය සමාදාන විනිසුරුවරියකි.
මැය, හා පීඩාවට පත් අනෙක් තැනැත්තා විසින් මානව හිමිකම් කොමිෂන් සභාව ට හා පොලිස්පති ට කර තිබෙන ලිඛිත පැමිණිලි දෙක පහත දක්වමු.
පුද්ගලික සම්බන්ධතා මත පොලිස් බලතල උපයෝගී කරගෙන
සිදුකරන පීඩා කිරීම් වලක්වාලන ලෙසට කරන ඉල්ලීම.
සුනිල්, අවු: 57 යි, විවාහක, දරුවන් 05 යි, රැුකියාව: කම්කරු.
ලිපිනය:මහ ඌරගහ.
2019.08.23 වන දින දීය.
2019.07.22 වන දින ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයෙන් පණිවුඩයක් ලබාදුන්නා, ඵක්‍ඍ 2153 දරන පැමිණිල්ලට, 2019.07.25 වන දින උදේ 9.00 ට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.
එම පණිඩුඩය, මාගේ නමට අමතරව. මාගේ පුතුන් දෙන්නා වන, ගේ ද නම් තිබුණා. එහි මුදිතා යන අයගේ ද නම තිබුණා.
මා, පුතුන් දෙන්නා වූ ් සමග පොලීසියට ගියා. මුදිතා යන අයද පැමිණ සිටියා.
පැමිණිල්ල දමා තිබූ එල්.ජී. දේවිකා හා එල්.ජී. සමන් යන අඹුසැමි දෙදෙනා ද පැමිණ සිටියා.
අප පොලීසියට ගිය පසු දැන ගත්තා එල්.ජී. දේවිකා හා එල්.ජී. සමන් යන දෙදෙනා ගේ පැමිණිල්ල ඔවුන්ට විරුද්ධව ගසා තිබූ කැලෑ පත්තරයක් පදනම් කරගෙන බව.
පැමිණිල්ල විමර්ශනය කළ ස්ථානාධිපතිවරයා වන හරිත නැමති අය, අවම වශයෙන්, ගැසූ බව කියන කැලෑ පත්තරයවත්, අපට පෙන්නන්නේ නැතිව, පැමිණිලිකරුවන්ට කිව්වා, කැලෑ පත්තරයේ අකුරු, ටී.ඩබ්. මුදිතාගේ බවත්, අධිකරණයට ඉදිරිපත් කර, උසාවි නියෝගයකින් අත් අකුරු පරීක්ෂකට යවන බවත්.
ඉන්පසු අපට, 2019.07.27 දින ද පොලීසියට එන්න කිව්වා. එ් අනුව අප එදින පොලීසියට ගියා.
එහිදී, අපගේ, නම, ලිපිනය, ලියාගෙන අත්සන් කරන්න කිව්වා. පැමිණිලි කාරයාගේ ගැසූ බව කියන ”කැලෑ පත්තරය” පොලීසිය බාරයට ගත්තා.
එයින් පසුව, 2019.08.16 දින නැවත පොලීසියට එන්න කිව්වා. එදින ස්ථානාධිපතිවරයා අපට කිව්වා, ”මාගේ නිගමනය” අත් අකුරු සමාන බව, එ් නිසා මම උසාවියට දානවා කියා.
මේ සෑම අවස්ථාවකම ස්ථානාධිපති හරිත, අපට, නින්දා අපහාස කරමින්, පැමිණිලිකාරිය සමග සමීප සම්බන්ධතා පවත්වන බව මනාව පෙන්නුම් කරන බවද, ප්‍රකාශ කරමි.
මීට පෙරද, මෙම පැමිණිලිකාරිය, පොලීසිය උපයෝගී කරගෙන, අධිකරණය යොදවාගෙන අපට හිරිහැර කරන ලද බවද,
දැනටත් ව්‍යාජ චෝදනා මත පවරන ලද අංක: 1695 (ඇල්පිටිය ම/උ* නඩුව අවසන්ව නැත.
ඉල්ලා සිටින්නේ,
ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වන හරිත, උ.පො.ප. ඥණරත්න හා පො.සැ. 37168 ජයසිංහ, පොලිස් බලතල නීති විරෝධී ලෙසට උපයෝගී කරගෙන සිදුකරන, පීඩා කිරීම් නැවැත්වීමට පියවර ගන්නා ලෙසට හා එ් හා අදාළ නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට ය.
එමෙන්ම මෙමගින්, අපගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවද ප්‍රකාශ කරමි.
මෙයට,
සුනිල්
2
පුද්ගලික සම්බන්ධතා මත පොලිස් බලතල උපයෝගී කරගෙන
සිදුකරන පීඩා කිරීම් වලක්වාලන ලෙසට කරන ඉල්ලීම.
මුදිතා , අවු: 53 යි, විවාහක, ලිපිනය: ඌරගහ.
2019.08.23 වන දින දීය.
2019.07.22 වන දින ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයෙන් පණිවුඩයක් ලබාදුන්නා, ඵක්‍ඍ 2153 දරන පැමිණිල්ලට, 2019.07.25 වන දින උදේ 9.00 ට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.
එම පණිඩුඩය, මාගේ නමට අමතරව, සුනිල්, යන නම් තිබුණා.
මා සමග, සුනිල්, යන අයද, පොලීසියට ගියා. පැමිණිල්ල දමා තිබූ එල්.ජී. දේවිකා හා එල්.ජී. සමන් යන අඹුසැමි දෙදෙනා ද පැමිණ සිටියා.
පොලීසියේදී, දැන ගත්තා එල්.ජී. දේවිකා හා එල්.ජී. සමන් යන දෙදෙනා ගේ පැමිණිල්ල, ඔවුන්ට විරුද්ධව ගසා තිබූ කැලෑ පත්තරයක් පදනම් කරගෙන බව.
පැමිණිල්ල විමර්ශනය කළ ස්ථානාධිපතිවරයා වන හරිත නැමති අය, අවම වශයෙන්, ගැසූ බව කියන කැලෑ පත්තරයවත්, අපට පෙන්නන්නේ නැතිව, පැමිණිලිකරුවන්ට කිව්වා, කැලෑ පත්තරයේ අකුරු, මාගේ බවත්, අධිකරණයට ඉදිරිපත් කර, උසාවි නියෝගයකින් අත් අකුරු පරීක්ෂකට යවන බව.
ඉන්පසු අපට, 2019.07.27 දින ද පොලීසියට එන්න කිව්වා. එ් අනුව අප එදින පොලීසියට ගියා.
එහිදී, අපගේ, නම, ලිපිනය, ලියාගෙන අත්සන් කරන්න කිව්වා. පැමිණිලි කාරයාගේ ගැසූ බව කියන ”කැලෑ පත්තරය” පොලීසිය බාරයට ගත්තා.
එයින් පසුව, 2019.08.16 දින නැවත පොලීසියට එන්න කිව්වා. එදින ස්ථානාධිපතිවරයා අපට කිව්වා, ”මාගේ නිගමනය” අත් අකුරු සමාන බව, එ් නිසා උසාවියට දානවා කියා.
එදින, මා, පොලීසියේ සිට නිවස බලා යන අතර, හිපන්කන්ද, 7 කණුව, ත්‍රී රෝද රථ ගාල අසලදී, පැමිණිලිකාරිය වූ, එල්.ජී. දේවිකා හා සැමියා එල්.ජී. සමන්, මට අමානුෂික ආකාරයට බැන වැදුනා. මා ගෙදර ඇවිත් පසු දින, 2019.08.17, පොලීසියට ගොස් පැමිණිලි කළා. පැමිණිලි අංකය : ක්‍ෂඊ 2 991146ග පැමිණිලි විභාගයට, 2019.08.20 එන ලෙසට දැනුම් දුන්නා.
2019.08.19 වන දින, සිවිල් ආරක්ෂක කමිටු රැුස්වීමේදි, මම පොලීසිය සිදුකරන අකටයුතුකම් ගැන පැහැදිළි කළා.
පසුදින, 2019.08.20, මා පොලිසියට ගිය විට, සිවිල් ආරක්ෂක කමිටුවට සම්බන්ධ පොලිස් නිලධාරීන් හිටියේ නෑ.
විභාගය කරන ලද, උ.පො.ප. ඥණරත්න ඉදිරිපිටදී, මට, එල්.ජී. දේවිකා යන අය මරණීය තර්ජනය කළා.
නමුත්, උ.පො.ප. ඥණරත්න, කිසිදු වචනයක් කිව්වේ නෑ.
එල්.ජී. දේවිකා යන අය තරයේ කියා සිටියා, පැමිණිල්ල විභාගය, ස්ථානාධිපති හරිත ළඟට දාන්න කියා. එ් අනුව, 2019.08.26 දිනට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.
මේ සෑම අවස්ථාවකම ස්ථානාධිපති හරිත, අපට, නින්දා අපහාස කරමින්, පැමිණිලිකාරිය සමග සමීප සම්බන්ධතා පවත්වන බව මනාව පෙන්නුම් කරන බවද, ප්‍රකාශ කරමි. එම නිසා ස්ථානාධිපති හරිත නැමති අයගෙන් සාධාරණයක් ඉටු වේ යයි අපේක්ෂා නොකරමි.
විශේෂයෙන් සමාදාන විනිසුරුවරියක් හා ඌරගස්මංහන්දිය පොලිස්ථානයේ ප්‍රජා පොලිස් කමිටුවේද සාමාජිකාවක් වශයෙන් ක්‍රියාකරන මා හට, ස්ථානාධිපති හරිත නින්දා අපහාස කරමින්, තර්ජනය කරමින් කි‍්‍රියා කරන්නේ, මෙම දේවිකා නැමති අය හා පොලීසියේ සමහර නිලධාරීන්ගේ අයුතු සම්බන්ධය නිසා බව මා තරයේ විශ්වාස කරමි.
ඉල්ලා සිටින්නේ,
ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වන හරිත, ”කැලෑ පත්තරයක්” මූලික කරගෙන, උ.පො.ප. ඥණරත්න හා පො.සැ. 37168 ජයසිංහ, පොලිස් බලතල නීති විරෝධී ලෙසට උපයෝගී කරගෙන සිදුකරන, පීඩා කිරීම් නැවැත්වීමට පියවර ගන්නා ලෙසට හා එ් හා අදාළ නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට ය.
විශේෂයෙන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකාවක් වශයෙන් මා ප්‍රකාශ කරන්නේ, දැනටමත් පොලිස් ස්ථානාධිපති හරිතට එරෙහිව අපරාධ චෝදනා එල්ලවීතිබෙන බවයි.
එමෙන්ම මෙමගින්, අපගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවද ප්‍රකාශ කරමි.
මෙයට,
මුදිතා
Tuesday, August 20, 2019
බැලූ බැල්මට නඩුවක් නෑලූ!! සිරිසේන දොස්තරයා නිදහස් ..... !!
ඌරගස්මංහන්දියේ, ඇසට දාන බෙහෙතක් වෙනුවට, කණට දාන බෙහෙතක් දුන්න ෆාමසි කාරයාව, බේරන්න පොලීසිය හා එක්වූ වෛද්‍ය සභාව ඉදිරියේ පවරන ලද නඩුව ඉවත දැමීමට එම සභාව පියවර ගෙන ඇත.
එ් පියවර ගැන, පැමිණිලිකාරිය විසින් වෛද්‍ය සභාවට ලියන ලද ලිපිය පහත දක්වමු.
වෛද්‍ය සභාව විසින් නිකුත් කරන ලද ලිපියද ඇත.
මේවා ගැන කථා කරන්න. ජන බලය ගොඩ නැගිය හැක්කේ, බස්වලින් මිනිසුන් ඇද අත්පුඩි ගස්සවා ගැනීමෙන් නොවේ.
ලි.ප.තැ.
2019.08.19
වෛද්‍ය සී.එල්.කේ. අතපත්තු මයා
වැ.බ. ලේඛකාධිකාරී
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
31, නොරිස් කැනල් පාර
කොළඹ 10
මහත්මයාණනි
ඌරගස්මංහන්දිය ”ගුණවර්ධන ෆාමසිය” මගින් වැරදි බෙහෙතක් නිකුත් කිරීම නිසා අර්ධ අන්ධතාවයට පත්වීම සම්බන්ධයෙනි.
ඔබගේ අංක : පීපීසී 424 හා 2019.07.27 දරන ලිපිය හා බැඳේ.
පිළිතුර එවීම ගැන ස්තුතිවන්ත වෙමි.
ඔබ ආයතනයේ ඊනියා, වෘත්තීය චර්යා කමිටුවේ තීරණය මා තරයේ හෙලා දකින අතර, දැඩිව ප්‍රතික්ෂේප කරමි.
ඔබගේ ආයතනය, එහි ඊනියා වෘත්තීය චර්යා කමිටුවට චර්යාවක් නැත.
”බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ” යන අප ජන වහරේ කියමන් සනාථ කිරීම ගැනද ස්තුතිවන්ත වෙමි.
ඔබ කමිටුවේ ඉන්නේද ¥ෂිත වෛද්‍යවරුන් පිරිසකි. වෛද්‍යවරුන්ගේ චර්යාව රැුකීම නොව ¥ෂිතයන් රැුකීමට, ඔබ කමිටුව සැදී පැහැදී සිටන බව මාගේ අත්දැකීම විය.
මා අන්ධයකු වීම වැළකුනේ මෙරටේ ඉන්න, තම වෘත්තීය ඉතා උසස් ලෙස ඉටු කරන වෛද්‍යවරුන් නිසාය.
එම ගෞරවනීය වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුවය, මා ඔබගේ ආයතනයට පැමිණිල් කළේ.
අවසාන වශයෙන් නැවත වරක් ඔබ ආයතනයේ තීරණය හෙළා දකිමින් මා නවතිමි.
මෙය, ඔබට හැකි නම් සභාපතිවරයාගේ අවධානයට යොමු කරන්න.
ස්තුතියි,
මෙයට,
රම්‍යලතා
පිටපත්
01. ලේකම්
සෞඛ්‍යය පෝෂණ හා දේශීය ආයුර්වේද අමාත්‍යාංශය
අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමි මාවත
කොළඹ
02. වෛද්‍ය රාජිත සේනාරත්න මහතා
ගරු සෞඛ්‍යය පෝෂණ හා දේශීය ආයුර්වේද අමාත්‍යය
සෞඛ්‍යය පෝෂණ හා දේශීය ආයුර්වේද අමාත්‍යාංශය
අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමි මාවත
කොළඹ
Sunday, August 18, 2019
කොස්ගොඩ ස්ථානාධිපතිව බේරා මිටි තැනින් වතුර බැස්සවීම මානව හිමිකම් කොමිෂමේ සුපිරි නිර්දේශය ..... !!!
හැට නව හැවිරිදි විල්සන් ව හා සහෝදරියන් දෙදෙනාව, ඔවුන්ගේ නිවසින් පන්නා දැමීමට, ඔහුගේම සහෝදරයකු උපයෝගී කර ගන්නේ පොලීසියයි.
විල්සන් ගේ පියසිරි නම් වූ සොහොයුරා, කොස්ගොඩ පොලීසියට ගොස් තමාට (පියසිරිට*, විල්සන් පහර දුන් බවට පැමිණිල්ලක් දමයි. කිසිදු විමර්ශණයකින් තොරව, වහාම ක්‍රියාත්මක වූ කොස්ගොඩ පොලීසිය, විල්සන් සොයා ගොස් අත්අඩංගුවට ගෙන, පොලීසියට ගෙන එයි. පහර දිම අදාල පරික්ෂණ කරනු වෙනුවට පොලිස්කාරයින් කරන්නේ - තම නිවස අතහැර යන ලෙසට බල කිරිමය .
බලහත්කාරයෙන් ප්‍රකාශයකට අත්සන් ගනී. එ් කම්මුල් පහරවල් දෙකක් ගසාය. ඉන්පසු කූඩුවට දමන්නේ, සාක්කුවේ රුපියල් හැත්තෑව අරගෙනය.
පසුදින ඔහුව, පොලිස් ඇපයක් මත මුදා හරියි.
මෙම නීති විරෝධී ක්‍රියාව ගැන මානව හිමිකම් කොමිෂම ප්රමුඛ බලධාරීන්ට දැනුම් දෙයි.
මානව හිමිකම් කොමිෂම, විමර්ශනය කර, වගඋත්තරකරුවන් ලෙසට නම් කරන ලද පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව, වරදකරු කරනු ලබයි. ඔවුන්, වන්දි වන්දි ලෙස රු: 25,000/- ක් විල්සන්ට ගෙවිය යුතු බවට නිර්දේශ කරයි.
නමුත් මානව හිමිකම් කොමිෂමට පැමිණි ස්ථානාධිපතිවරයා, තම වගකීම පැහැර හැරීමට හේතු වශයෙන් දැක්වූයේ එදින පොලිස් ස්ථානයේ නොසිටි බවට අසත්‍ය කරුණු හුවා දක්වමින්ය.
ස්ථානාධිපතිවරයා, එදින රාජකාරි කළ බවට, ලේඛන මගින් ඔප්පු කර තිබියදීත්, ඔහුට වගකීමෙන් ගැලවෙන්නට මානව හිමිකම් කොමිෂම ඉඩ දී තිබේ.
පොලිස් ස්ථානවල අපරාධ වලට ස්ථානිධිපති වගකිව යුතුයි. නමුත් එම කරුණ යටපත් කර දමා වධ හිංසාව ප්රමුඛ පොලිස් අපරාධ වැළැක්විය නොහැකි බව විල්සන් මානව හිමිකම් කොමිෂමට කියා සිටී.
මානව හිමිකම් කොමිෂමට විල්සන් ලියන ලද ලිපිය පහත දැක්වේ.
්‍යඍක්‍රැු3162රැු17 පැමිණිල්ලට අදාලව 2019.07.19 වන දින,
ඔබ කොමිෂම මගින් නිකුත් කරන ලද නිර්දේෂය හා බැඳේ.
මෙම නිර්දේශයට අනුව මාගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ප්‍රකාශ කර ඇත.
එම නිර්දේශයට අනුව වගඋත්තරකරුවන් වශයෙන්,
01. උ.පො.ප. අයි.ජී. කීර්තිපාල
02. පො.ප. ජී.පී.ඞී. සිල්වා, පොලිස් ස්ථානය කොස්ගොඩ
නම් කර ඇත.
මෙම පැමිණිල්ල විමර්ශනය වන අවස්ථාවේදී එනම්, 2018.06.08 වන දින, ස්ථානාධිපති කොස්ගොඩ කැඳවා සිටි අතර, ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ මාගේ පැමිණිල්ලට අනුව, සිද්ධිය වූ 2017.07.29 වන දින 2017.07.30 වන දින තමා පොලිස් ස්ථානයේ නොසිටි බවත් වව්නියාව අධිකරණයේ පවතින නඩුවකට ඉදිරිපත් වූ බවත්, වැඩ බලන ස්ථානාධිපති වශයෙන් දෙවන වගඋත්තරකරු වන, පො.ප. ජී.පී.ඞී. සිල්වා කටයුතු කළ බවත්ය.
නමුත් පසු විමර්ශන අවස්ථාවේදී පළමු වන හා දෙවන වගඋත්තරකරුවන් පොත් පත් සමග කොමිෂන් සභාවට පැමිණ ප්‍රකාශ කර සිටියේ, 2017.07.29 හා 2017.07.30 වන දින, ස්ථානාධිපතිවරයා, පොලිස් ස්ථානයේ සිටි බවත්, දෙවන වගඋත්තරකරු වැඩ බලන ස්ථානාධිපති වශයෙන් කටයුතු නොකළ බවත් ඇප ලබාදීමේ බලය ඇත්තේ ස්ථානාධිපතිවරයාට බවත්, එදින ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානය තුළ වෙනත් රාජකාරි කරන ලද සටහන් කළ පොත් ද ඉදිරිපත් කරන ලදි.
එසේ නම් පොලිස් ස්ථානාධිපතිවරයා විසින්,
01. ඔබ කොමිෂම නොමග යවන ආකාරයට ප්‍රකාශ ලබා දී ඇත.
02. මා හට ඇප ලබා නොදී සවස 3.00 පමණ වනතෙක් නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම
සම්බන්ධයෙන් ද ,
03. පළවන වගඋත්තරකරුගේ ක්‍රියා කලාපය තුළ කර ඇති නීති විරෝධී ලෙස යොදන ලද
සටහන් නිරීක්ෂණය නොකිරීම ද,
04. මා අත්අඩංගුවට ගෙන මුදා හැරීම සම්බන්ධයෙන් ් වාර්තාවකින් අධිකරණයට කරුණු
වාර්තා නොකිරීම යන නීතිමය වගකීම් වලින් ස්ථානාධිපතිවරයා බැහැර වී කටයුතු කිරීම යන
කරුණු,
ඔබගේ අවධානයට යොමු කරමි.
මෙම නිර්දේශයට අනුව, ස්ථානාධිපතිවරයා වගඋත්තරකරුවකු නොකිරීම තුළ නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ඔහු බැඳී නොමැති බව මෙයින් අවධාරණය කරමි.
එබැවින් මෙම කරුණු සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කොට, අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිමි.
මෙයට,
ඩබ්. විජේසුන්දර
Saturday, August 17, 2019
මා.හි. කොමාගේ නම අදාළ ! නීතිපතිට ගොනුවක් නැතිලූ !!
උඩුගම පදිංචි ගාමිනීව, ගෙදර කැම කමින් සිටියදී, අත්අඩංගුවට ගෙන, බොරු නඩු දමා, වසර 08 ක් පුරා, නින්දා අපහාස වලට, මානසික ශාරීරික පීඩාවන්ට පත් කළේ ගම් බට්ටියකගේ වුවමනාවට, උඩුගම පොලීසිය ය.
අවු: 08 ක් පුරා නඩු කියන ලදි. අවසානයේ අධිකරණය ඔහුන නිෙදාස් කොට නිදහස් කරනු ලැබීය.
නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, උසාවිය යොදාගෙන රිමාන්ඞ් කර තැබීම ගැන ඔහු මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, නීතිපතිට, පැමිණිලි කළේය.
නමුත් ඵලක් නොවීය. නඩුවක් තියෙන නිසා මැදිහත්වීමට නොහැකි බව තර්කය විය.
නඩුව ඉවර විය. ගාමිනී, උඩුගම පොලීසිය සිදුකල නීති විරෝධී කි්රයාවන් මගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන බව, මූලික අයිතීන් උල්ලංඝණය කර තිබෙන බව ප්‍රකාශ කර, යුක්තිය ඉටුකර දෙන ලෙසට මානව හිමිකම් කොමිෂමට හා නීතිපතිට යළි පැමිණිලි කළේය.
නීතිපතිගේ පිළිතුර නඩුවට අදාළ ගොනුවක් නැති බවයි. මානව හිමිකම් කොමිෂමේ වැඩ බලන සභාපතිගේ පිළිතුර ”අදාළ කොමසාරිස්ට” පැමිණිල්ල යොමු කළ බවයි.
මේ අප රටේ උගතුන්ගේ, මහජන සේවකයන්ගේ ක්රියාකළාපයයි. සිවිල් සමාජයට මේවා ප්‍රශ්න නොවේ. මොකද? බඩගෝස්තරයට මේ ප්‍රශ්න වලින් වැඩක් නොවන නිසාය.
එච්.ඩබ්. ගාමිනී, උඩුගමප - 2019.08.16
ආචාර්ය උපනන්ද විද්‍යාපතිරණ මයා
සභාපති (වැ.බ.*, මානව හිමිකම් කොමිෂන් සභාව
එච්.ආර්.සී/එම්.ටී./245/11/වී අංක දරණ පැමිණිල්ල.
උක්ත හිසින් යුතු ඔබගේ 2019.06.24 දාතමින් යුතු ලිපිය හා බැඳේ.
මාගේ පැමිණිල්ල ”අදාළ කොමසාරිස්” වෙත යොමු කළ බව එහි ස`දහන් වේ.
කරුණාකර, ”අදාළ කොමසාරිස්” කව්රුද යන්න මා වෙත දැනුම් දෙන මෙන් ඉල්ලමි.
මෙය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කරනු ලබන ඉල්ලීමකි.
මෙයට,
එච්.ඩබ්. ගාමිනී
(වින්දිතයා*
එච්.ඩබ්. ගාමිනී, උඩුගම - 2019.08.16
සෝහිත රාකරුණා මයා, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්
නීතිපති වෙනුවට, නීතිපති දෙපාර්තමේන්තුව
නඩු අංකය : 55614 - නඩු අංකය : 00986
දිසා/මහේස්ත්‍රාත් අධිකරණය - උඩුගම
ඔබගේ අංක : ඵඡුරැු333රැු2019 හා 2019.07.12 දිනැති ලිපිය හා බැඳේ.
මාගේ 2019.06.17 පැමිණිල්ල අදාළව ඔබ ගොනුවක් විවෘත වී නොමැති බව ප්‍රකාශ වේ.
මා ඉල්ලා සිටින්නේ, ගොනුවක් විවෘත කර, මාගේ පැමිණිල්ල විමර්ශනයට භාජනය කර, යුක්තිය ඉටු කරන ලෙසටය.
කිසිදු විධිමත් විමර්ශනයක් සිදුනොකර, අත්තනෝමතිකව, පළිගැනීමේ චේතනාවෙන්, අත්අඩංගුවට ගෙන බොරු නඩු පවරා, අධිකරණය උපයෝගී කරගෙන, අපව පීඩාවට පත් කිරීම නීතියද? යන ප්රශ්නය අපට පවතින බව ද ප්‍රකාශ කර සිටිමි.
මෙයට,
එච්.ඩබ්. ගාමිනී
ජම්මු කාශ්මීර් අර්බුදය පාකිස්ථානය හුදකලා සටනක.
ඉන්දියාවෙන් වෙන්වීම සඳහා දශක හතකට වැඩි කාලයක් තිස්සේ අරගල කරන ජම්මු - කාශ්මීර්, මුස්ලිම් ආගමික අන්තවාදී කණ්ඩායම් වලට පකිස්ථාන රජයේ සහය නොඅඩුව ලැබේ.
දේශසීමාව හරහා නිරන්තරයෙන් වෙඩි හුවමාරු වේ. ඉස්ලාම් ත්‍රස්ථවාදීන් පකිස්ථාන භූමියේ රැුකවරණ යටතේ සිටිමින් වරින් වර ප්‍රහාර එල්ල කරති.
මෝඩි ආණ්ඩුව හින්දු අන්තවාදී ආණ්ඩුවක් ලෙසට බටහිර මාධ්‍ය හඳුන්වයි. මෝඩි පසුගියදා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජම්මු – කාශ්මීරයට ලබාදී තිබුණ වරප්‍රසාද සියල්ල ඉවත් කර, ඉන්දීය නීතිය යටතට පත් කරන ලදි.
ජම්මු – කාශ්මීරය ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙසට පත්කර ඇත. ලාඩාක් ප්‍රාන්තය ඉන්දීය මධ්‍යම රජයේ පාලනය යටතට පත් කර තිබේ.
පකිස්ථානය මෙම පියවරට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පියවර කිහිපයක් ගන්නා ලදි.
ඉන්දු පකිස්ථාන, තානාපති සම්බන්ධතා පහත දැමීම හා දෙරට අතර ගමනාගමනය සිමා කිරීමට පියවර ගත් පකිස්ථානය, මෝඩි ආණ්ඩුවේ පියවරට එරෙහිව ජාත්‍යන්තර හය ලබාගන්නා බව ප්‍රකාශ කළේය.
ඉන්දියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත කර ගැනීමට නොහැකිවන බව පාකිස්ථාන විදේශ ඇමති කියයි. මේ වන විට, ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තරය කථා කරන්නේවත් නැති බව පවසන ඔහු, අඩුම වශයෙන් මුස්ලිම් යයි කියා ගන්නා රාජ්‍යයන් වත්, ඉ්දියාවේ මෝඩි ආණ්ඩුවට එරෙහිව කථා කරන්නේ නැති බව කියයි.
ජම්මු – කාශ්මීරයේ බහුතරය ඉස්ලාම් ආගමිකයන් වන අතර, ලාඩාක් ප්‍රාන්තයේ අති බහුතරය බෞද්ධයන් හා හින්¥න් ය.
ඉන්දීය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම ප්‍රදේශවලට ලබාදී තිබූ විශේෂ වරප්‍රසාද ප්‍රදේශවලට ලබාදී තිබූ විශේෂ වරප්‍රසාද අහෝසි කර එක නීතියක් යටතට පත් කර කිරීම නිසා, මෙම ප්‍රදේශවල ජීවත් වීමට සියලූම ඉන්දියානුවන්ට ජාති,කුල, ආගම් භේදයෙන් තොරව හැකිවනු ඇත. එමෙන්ම සංවර්ධනයට ද ඉඩ ලැබෙනු ඇත.
Saturday, August 10, 2019
අපරාධකාරියව බේරන්න චෝදනාව හදයි! මානව හිමිකම් කොමිෂමට අදාළ නැතිලූ !! .... යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙයි...... !!
පේමවතී හැට හැවිරිදි දෙදරු මවකි. අසල්වැසි ගැහැනියක් පහර දෙන්නේ තම නැන්දනියට උදේ කෑම එක දෙන්නට යද්දීය. තුවාල ලබූ ඇය මතුගම පොලීසියට යන්නට පෙර, පහරදුන්න තැනැත්තිය පොලීසියට ගොස්, තමාට පහරදුන්න බවට පැමිණිල්ලක් දැමිමට පියවර ගෙන ඇත්තේ මතුගම පොලීසියේ උපදෙස් පිටය.
මතුගම පොලීසියට ගිය පේමවතීගේ ඔලූව උඩට පොලිස්කාරයේ පමණක් නොව පොලිස් කාරියෝ ද පාත් විය. ලේ පෙරමින් සිටි ඇයව, පොලීසිය හා එකගෙයි කන, වෑත්තෑව රෝහලට ගෙන යන ලෙසට, ඇගේ සැමියාට නියම කරන ලදි.
ප්‍රතිකාර කිරීමකින් හෝ අධිකරණ වෛද්‍යවරයකුට හෝ යොමු කිරීමකින් තොරව රෝහලෙන් පසුදිනම ඇයව ෙදාට්ට දැමීය. එසේ කිරීමට හේතුව ඇය, රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාගේ පුද්ගලික බෙහෙත් ශාලාවට ගොස් විමසා සිටි විට, ඔහු කියා ඇත්තේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී හැටියට තමා ඇගේ ”ටිකට්” කැපුවේ නැති බවයි.
ඊට පසුව ඇයව පොලීසියට ගෙන්වා, තර්ජනය කළ, මතුගම පොලීසියේ පොලිස්කාරයෝ, පොලිස්කාරියන් දෙදෙනෙකු යොදවා ඇදගෙන ගොස් කුඩුවට දමා දහවල් සිට රාත්‍රී 7.00 පමණ වන තෙක් රඳවා තබාගෙන විවිධ බලපෑම්වලට යටත් කළේය.
ඇයව එළියට දමා ඇත්තේ ඇගේ සමියා කරන ලද පැමිණිල්ල අස්කර ගන්නා බවට ස්ථානාධිපතිවරයාට දෙන ලද පොරොන්දුව මතය. එ් අවස්ථාවේ පැමිණිල්ල අදාළව ලබාදුන් ලදුපත ද ඉල්ලාගෙන ඉරා දමා තිබේ.
පේමවතී තමාට පොලීසිය සිදුකළ අපරාධය, මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කළේය. මානව හිමිකම් කොම්ෂමට මැදිහත්වන්නට බැරි බව සභාපතිනිය ඇයට ලිඛිතව දන්වා එවීමට නිහතමානී විය.
පොලිස්පතිට කරන ලද පැමිණිල්ලට මතුගම ස.පො.අ. විසින් විමර්හනයක් පවත්වනු ලැබීය. ඊට පසුව මතුගම පොලීසියේ ස්ථානාධිපති, පේමවතීගේ සැමියා කරන ලද පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරනු ලැබීය. ඒ මාස දෙකකට පසුවය. සමථ මණ්ඩලය සමථ නොවීමේ සහතිකය, 2019.05.05 මතුගම පොලීසියට යවන ලදි.
එයින් මසකට පසුව, එනම්, 2019 ජුනි 13, පේමවතීව පොලීසියට කැඳවා ප්‍රකාශයක් ගන්නා ලදි.
එදිනම, ඇයට පහර දීම, මතුගම මහේස්ත්‍රාත් අධාකරණයට වාර්තා කරන ලදි.
නඩු වාර්තා ලබාගෙන පරීක්ෂා කිරීමේදී පේමවතීට පහර දීම අදාළව පොලීසිය, සිද්ධිය විකෘති කරන ලද ”චෝදනාවක්” අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව නිරික්ෂණය විය.
පොලීසිය ඉදිරිපත් කළ සිද්ධිය විකෘති කරන ලද චෝදනාව, මත අධිකරණය, ඉදිරියේදී විභාගය පවත්වනු ඇත.
චෝදනාව බොරු බවට අධිකරණය තීරණය කිරීම එ්කාන්තය. චූදිතයා නිදහස්ව ගෙදර යනු ඇත.
බොරු නඩු දැමීම පොලීසියට ආයතන ගතවූවකි.
එය ඉහළ සිට පහළටත්, පහල සිට ඉහලටත් ක්‍රියාත්මක වේ.
මෙය සෑම ආන්ඩුවකම අවශ්‍යතාවයි. ඊනියා සිවිල් සමාජය නියෝජනය කරන තක්කඩි රැුලට මේ රටේ අසරණ මිනිසුන්ව අධිකරණය උපයෝගී කරගෙන සිදුකරන ලද තලා පෙලීම පෙනෙන්නේ නැතිව නොව, බලන්නේ නැතිව, ඉන්නවා අසරණයින්.
පේමවතී නැමැත්තිය ලියන ලද ලියුම පහත දැක්වේ.
‘‘ පෙමවති - මතුගම
2019.08.09
නීතිිපති, නීතිපති දෙපාර්තමේන්තුව
උපරිමාධිකරණ සංකීර්ණය
කොළඹ 12
මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නඩු අංක : 60270
චූදිතව බේරා ගැනීම සඳහා වැරදි ආකාරයට චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීම.
මතුගම ම/උ අංක: 60270 දරන නඩුවේ චෝදනා පත්‍රය සම්පූර්ණයෙන්ම වැරදි ආකාරයට ගොනු කරනු ලැබූයේ චූදිතව බේරා ගැනීමටය.
මෙම අපරාධය මුල සිටම වසන් කිරීමට මතුගම පොලීසිය ක්‍රියාකරනු ලැබීය.
චෝදනා අදාළ කරුණු සැකෙවින් පහත දක්වා සිටිමි.
(1) 2019..01.03 දින, පෙ.ව.8.00 ට මා, මතුගම විලේගොඩ පාරේ ”අඹගහ රාව” පදිංචි, චන්ද්‍රාවතී මියගේ නිවසට පැමිණි විට, චූදිත සුජීවා රූපකාන්ති වීරසිංහ මට පහර දෙන ලදි.
(2) මට පහර දුන්, සුජීවා රූපකාන්ති වීරසිංහ, මතුගම පොලීසිය හා පවත්නා සම්බන්ධය උඩ, මා පොලීසියට යෑමට පෙර, පොලීසියට ගොස්, මා ඇයට පහර දුන් බවට, පැමිණිල්ලක් කර තිබින.
(3) මා, ලේ පෙරාගෙන පොලීසියට ගිය විට, මාව රෝහල්ගත කර, ඊට පසුව පැමිණිල්ලක් දාන ලෙසට මාගේ ස්වාමිපුරුෂායට උපදෙස් දුන්නා.
(4) ඔහු මාව, වෑත්තෑව රෝහලට ගෙන ගොස් බාර දී, පොලීසියට ගොස් මා වෙනුවෙන් පැමිණිල්ලක් කළා.
(5) මා රෝහලෙන් පිට වූ පසුව, පොලීසියේ ඉල්ලීම මත, 2019.01.05 දින, පොලිසියට ගියා.
(6) එදින මට පහරදුන්, තැනැත්තිය වූ, සුජීවා රූපකාන්ති වීරසිංහ ද, පොලීසියට ගෙන්වා තිබුණා.
(7) මා පොලීසියට ගිය විට, පොලිස් ස්ථානාධිපති ඇතු`ඵ නිලධාරීන් මට බැන වැදුනා.
(8) පොලිස් කාන්තාවන් දෙදෙනෙක් මාව ඇදගෙන ගොස් කූඩුවට දැම්මා.
(9) ඊට පසු මට පහරදුන් ,තැනැත්තිය වූ, සුජීවා රූපකාන්ති වීරසිංහ ව, මා සිටි කූඩුවට දැම්මා.
(10) මාගේ සැමියාට තර්ජනය කරමින් කියා සිටියා, පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තොත් පමණක්, මාව, කූඩුවෙන් එළියට දාන බවට.
(11) මා, ප.ව. 2.00 සිට රාත්‍රී 7.30 දක්වාම කූඩුවේ සිටියා.
(12) බැරිම තැන සැමියා ගොස් ස්ථානාධිපතිට කිව්වා, පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව.
(13) ස්ථානාධිපතිගේ උපදෙස් අනුව, සිවිල් පිට හිටිය නිලධාරියෙක්, පැමිණිල්ල දාපු ලදුපත සැමියාගෙන් ඉල්ලාගෙන ඉරා දැම්මා.
(14) රාත්‍රී 8.00 ට පමණ මාව එළියට දැම්මා.
(15) 2019.01.08 දාතමින්, මා පොලීසිය සිදුකළ අපරාධය ගැන පොලිස්පතිවරයාට හා මානව හිමිකම් කොමිෂමට ලිඛිතව දැනුම් දුන්නා.
(16) එම පැමිණිල්ලට 2019.02.05 දින මතුගම ස.පො.අ. විසින් කැඳවීමක් කර, මාගෙන් ප්‍රකාශයක් ගත්තා.
(17) ඊට පසුව මාගේ සැමියා, (ඩබ්.ඞී.සිරිල්* කැඳවා, 2019.02.14 වන දින, මතුගම ස.පො.අ. ප්‍රකාශයක් ගත්තා.
(18) එයින් පසුව, මතුගම පොලිස් ස්ථානාධිපතිවරයා, සිදු කළේ,
18.1. මාගේ සැමියා විසින්, මට පහර දීම අදාළව සිදුකරන ලද,
:ඵගක්ගඍග26රැු2019ලක්:1*238රැු21* පැමිණිල්ල ඔහුගේ 111/19 යටතේ සමථ මණ්ඩලයට
යොමු කිරීම සහ
18.2. මට පහර දුන්න, සුජීවා රූපකාන්ති වීරසිංහ විසින්, පොලීසියේ උපදෙස් මත, මට විරුද්ධව දමන ලද පැමිණිල්ල 110/19 යටතේ සමථ
මණ්ඩලයට යොමු කිරීම මගින්, සුජීවා රූපකාන්ති වීරසිංහ කළ අපරාධය, ”විකෘති” කිරීම යටපත් කර, ස්ථානාධිපති කළ අපරාධය වසන් කිරීමය.
19. සමථ මණ්ඩලය 2019.04.21 හා 2019.05.05 යන දින දෙකේදී එකම අවස්ථාවක කැඳවා සමථ කරන ලදි.
20. එකඟතාවයකට නොපැමිණි නිසා එ් බව, 2019.05.05. දින මතුගම ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලදි.
21. එයින් පසුව 2019.06.13 වන දින, මාව පොලීසියට කැඳවා සිද්ධිය අදාළව ප්‍රකාශයක් ගන්නා ලදි.
22. එයින් පසුව එදිනම, 2019.06.13 මතුගම පොලීසිය සුජීවා රූපකාන්ති වීරසිංහට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරනු ලැබීය.
23. පසුව, 2019.08.29 දින කැඳවීමට නියම කර, චූදිතට හා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසට ගරු අධිකරණය නියම කළේය.
ගරු නීතිපතිතුමනි,
පොලීසිය විසින් ගොනු කරන ලද පළවන චෝදනාව මගින් කියන්නේ, ” වාලේගොඩ මතුගම ලිපිනයේ පදිංචි විලේගොඩගේ ෙදාන් සිරිල් යන අය නිවසට බිය ගැන්වීමේ නින්දා කිරීමේ, අප්රසන්නතාවයක් ඇති කරීමේ අදහසින් අයුතු ලෙසින් ඇතු`ඵවීම. ල.ද.නී.ස. 433 වගන්තිය යටතේද” කියාය මෙය සම්පූර්ණයෙන්ම වැරදිය. හිතාමතා කළ අපරාධයකි.
02 වන චෝදනාවෙන් කියන්නේ, ඉහත පලමු චෝදනාවට අමතරව එම ස්ථානයේදීම එම වේලාවේදීම එම ක්රියාකලාපයේදී ම,
විලේගොඩ, මතුගම ලිපිනයේ පදිංචි විලේගොඩගේ ෙදාන් සිරිල් යන අයගේ නිවසට අයුතු ලෙසින් ඇතු`ඵ වී නිවසේ සිටි බිරිඳ වන පේ්රමවතීී සමරසිංහ යන අයට කායික වේදනාවක්, රෝගයක්, දුර්වලතාවයක් ඇති කිරීමේ අදහසින් අතින් පහරදී තුවාල සිදු කිරීම.
ල.ද.නී.ස. 314 වගන්තිය යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවට මෙයින් චෝදනා කරනු ලැබේ.
පළමු චෝදනාව මෙන්ම මෙම චෝදනාවද හිතාමතාම වැරදි ලෙස ගරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පොලීසිය මෙම සිදුවීම යට ගැසීමට එනම්, අපරාධය සිදුකළ සුජීවා රූපකාන්ති වීරසිංහ බේරා ගැනීමට කටයුතු කර එය අසාර්ථක වීමෙන් පසුව අධිකරණයෙන් ඇයව නිර්දෝෂී කිරීමට ගත් උත්සාහයක් ලෙසට මෙම නඩු පැවරීම සිදුකර තිබේ.
මෙම චෝදනා යටතේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීම චූදිත සුජීවා රූපකාන්ති වීරසිංහ නිෙදාස් කොට නිදහස් කිරීමට ගරු අධිකරණය ක්‍රියාකරනු ඇත.
එම නිසා මා ඉල්ලා සිටින්නේ, චෝදනා සංශෝධනය කර නිවැරදිව නඩුව පවරන ලෙසටය.
මෙය 2019.08.29 දිනට සිදුකරනු ඇතැයි අපේක්ෂා කරමි.
මෙයට, පේමවති
Wednesday, August 7, 2019
වැලිපැන්න පොලීසියේ SI දමිත් ගේ නඩුවේ පූනු යයි - පිස්සු වැටිලා.
හැට එක් හැවිරිදි අමීර් හම්සා උසාවියෙන් මුදා හැරියාට පස්සේ, දෙවියන්ට කියමින්, ගෙදර යන්න ගියා. එ්ත් වැඩි දුරක් යන්න ලැබුනේ නෑ. පාර හරස් කර ඔහුව නැවැත්වු වැලිපැන්න පොලීසියේ උ.පො.ප. දමිත් ඔහුට අමු තිත්ත කුණුහරප කියමමින් තර්ජනය කළේ ‘‘ත්‍රස්තවාදී පනත’’ පාවිච්චි කරලා ඔහුව ඇතුළට දාන්න ක්‍රියා කරනවා කියමින්.මේක ජාති ආගම් ප්‍රශ්නයක් කියලා ජාත්‍යන්තරය හඳුන්වලා තිබුණොත්, එ් ගැන පුදුම වෙන්න නම් එපා. අමීර් හම්සාව අත්අඩංගුවට ගැනීම, පොලීසියේ කීමට, ලංකාදීපය පල කරලා තිබුනේ මෙන්න මෙහෙම.
අවුරුදු දෙකකට පසුව, අමීර් හම්සාව උසාවියෙන් මුදාහැරීම ගැන ලංකාදීපය මාධ්‍ය නිදහසට ගරු කරමින් නිහඬ විය.
මෙය ථේරවාදී බෞද්ධයන් බහුතරයක් ඉන්න ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට හිරිහැර කිරීමේ අවස්ථාවක් ලෙසට සිවිල් සමාජය ජාත්‍යන්තරයට කියනු ඇත.
අමීර් හම්සා මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ.
ව්‍යාජ චෝදනා පිළිගන්නා ලෙසට බල කර, එය අසාර්ථක වූ පසු
පළිගැනීමට, තර්ජනය කිරීම.
මොහොමඞ් හසන් අමීර් හම්සා, අවු: 61 යි, ජා.හැ.අ. 582081395 ඪල විවාහක, දරුවන් 04, රැුකියාව: සත්ත්ව පාලනය හා ගොවිතැන, ලිපිනය: නො: 138/1, මරික්කාර් පාර, දර්ගා නගරය, දු.අ. 0777 842027
2019.08.07 වන දින දීය.
2019.08.06 වන දින, මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ, මට හා තවත් අයෙකුට විරුද්ධව පැවැති, 40456 දරන නඩුවට ඉදිරිපත්ව, ආපසු නිවස බලා යමින් සිටියදී, වැලිපැන්න පොලිස් ස්ථානයේ, උප පොලිස් පරීක්ෂක දමිත් නැමති නිලධාරියා ඇතු`ඵ තිදෙනෙක් මා ගමන් ගත් මග අහුරා, මට පහර දීමට තැත් කර, තර්ජනය කර යන්නට ගියා.
මා, එ් අවස්ථාවේදීම, 119 ට කථා කර, දැනුම් දුන්නා. මට එම ස්ථානයේ සිටින ලෙසට දැනුම් දුන්නා. පැය 2 ක් ගත වුවද, කිසිදු නිලධාරියකු පැමිණියේ නෑ.
ඉන්පසු මා, මතුගම සහකාර පොලිස් අධිකාරීවරයාට, දුරකථනයෙන් දැනුම් දී, එම කාර්යාලයට ගොස් පැමිණිලි කළා.
(1* මෙම සිද්ධිය සිදුවූයේ, පෙ.ව. 11.30 ට පමණය.
(2* අලූත්ගම, මතුගම (හොරවල පාර* තල්ගස්වල හංදිය, මේ සිද්ධිය වූ ස්ථානයයි.
(3* වැලිපැන්න පොලීසියේ, උ.පො.ප. දමිත් පැමිණියේ, යතුරුපැදියක පිටුපස ය. සිවිල් ඇඳුමින් සිටියා.
අනෙක් පුද්ගලයා පැමිණියේ තනිව, යතුරුපැදියකය. එම අය, දුටුවොත් අඳුරන්න පු`ඵවන්.
(4* උ.පො.ප. දමිත්, මට අසභ්‍ය වචනයෙන් බැන වදිමින්, ත්‍රස්තවාදී පනත පාවිච්චි කරලා, ඇතුළට දාන බව කිව්වා.
(5* ඔහු සමග සිටි, රැුවුල වවා ගත් පුද්ගලයා, මා අසලට පැමිණ, මට බැන, පහර දීමට ද උත්සාහ ගත්තා.
(6* මෙසේ මට බැන, තර්ජනය කර පහර දීමට හේතු වූයේ, 2017 ජූලි 27 දින, මා අත්අඩංගුවට ගෙන, ගවයින් සොරකම් කිරීම යන චෝදනාව යටතේ පවරන ලද, අංක 40456 නඩුවෙන් 2019.08.06 දින මුදා හැරීමය.
මෙම බොරු චෝදනා නඩුව, පවරන ලද දිනයේ සිටම, ව්‍යාජ චෝදනා වලට වරදකරු බව අධිකරණයෙන් පිළිගන්නා ලෙසට වැලිපැන්න පොලීසියේ, උ.පො.ප. දමිත්, මට බලපෑම් කරන ලදි.
ඔහු පුවත් පත් ද උපයෝගී කරගෙන මෙම නඩුව ට ප්‍රසිද්ධිය ලබාදෙන ලදි.
2018.08.06 වන දින, මට විරුද්ධව ඇති, පැමිණිල්ලේ පිටපත ලබා ගැනීමට වැලිපැන්න පොලීසියට ගිය අවස්ථාවේදී, ඔහු මට තර්ජනය කරනු ලැබුවා.
මා, ප්‍රකාශ කර සිටින්නේ, වැලිපැන්න පොලීසියේ, විශේෂයෙන් උ.පො.ප. දමිත් විසින් ගරු අධිකරණයේ, මට විරුද්ධව දමන ලද ව්‍යාජ පැමිණිල්ල ඉදිරියට ගෙන යෑමට නොහැකි වීම නිසාත්, ඔහුගේ තර්ජන වලට මා හිස පාත් කළේ නැති නිසාත් මේ ආකාරයට මට තර්ජනය කර පවතින්නා වූ වාතාවරණය උපයෝගී කරගෙන මා පීඩාවට පත් කරවීමට උත්සාහ ගත් බවයි.
මා ඉල්ලා සිටින්නේ, කඩිනම් පරීක්ෂණයක් කර, මට ආරක්ෂාව ලබාදෙන ලෙස හා යුක්තිය ඉටු කර දෙන ලෙසය.
මෙයට,
මොහොමඞ් හසන් අමීර් හම්සා
Tuesday, August 6, 2019
කකුල් දෙකම නැතිවූ අබ්බගාතයෙකුට නැගිට ඇවිද්දවන්න ගිය ”සාධාරණ” සිවිල් සමාජය ! හිටපු ‘‘ගෙම්බන්’’ යළි එයිද? භීතිකාවෙන් ඉන්න ‘‘ගෙම්බෝ’’ රැක ගන්න දඟලනවා.
ආසියානු මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතාගේ ”නීතිය සහ විනය” ග්‍රන්ථය එළි දැක්වීම, 2019.08.03 රාජගිරියේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මූලස්ථානයේදී පැවැත්වින.
2015, රාජපක්ෂ රෙජිමය පෙරලා දැමීම ස`දහා දැවැන්ත මෙහෙවරක් ඉටු කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ, පෙරමුණ ගත් පිරිස අද, යහ පාලනයේ පිහිටෙන්, තිස් තුන් කෝටියකුත් පහක් දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් වැජඹෙති.
රැුස්වීම ආරම්භ කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පුරෝගාමියකු ලෙසට හඳුන්වාගත් මාධ්‍යවේදියා, සහභාගී වූ පිරිසගේ අඩුවට හේතු වශයෙන් දැක්වූයේ මොනවා හරි බෙදනවා කිව්ව නම් අද මෙතන පිරිලා යයි කියමින්ය.
ඉන්පසු තමා ඇතු`ඵ මෙතන ඉන්න සියල දෙනාම සොරකම් කරන්නන් බව, ප්‍රකාශ කරන්නට තරම් ඔහු නිර්භීත විය.
”නීතිය හා විනය” ග්‍රන්ථය ලිවීමට හේතුවූ රටේ වත්මන් තත්ත්වය ගැන, පැහැදිළි කිරීමක් කල බැසිල් ප්‍රනාන්දු මහතා තම පොත ආරම්භ කරන මහාචාර්ය සරත් විජේසූරියට ලියන ලිපියට අවධානය කැඳවූයේය.
උපුටා ගැනීම (පිටුව 9*
''2015 ජයග්රහනයෙන් පසු මාස ගණනක් තුළ ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ව්‍යාපාරයේ රැුස්වීම් ශාලාව තුළ දී පැවැති දේශනාවක දී ඔබ තුමා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මම ඉහත සඳහන් අදහස පැහැදිළි කළෙමි.
කකුල් දෙකම නැතිවූ අබ්බගාතයෙකුට නැගිට ඇවිද යන්න යයි කියා ජන වරමක් දුන් පළියට එසේ කිරීමට හැකියාවක් නැත. එහුට අවම වශයෙන් කෘතීම කකුල් දෙකක්වත් සදා දිය යුතුය. 2015 ජන වරමින් බලයට පත් නායකයෝ ද දේශපාලන වශයෙන් හා නෛතික වශයෙන් අබ්බගාතයෝ වූහ. ඔවුන් පොරොන්දු වූ දේ ගෙන දීමට හැකි තත්ත්වයක පසු වුණේ ද නැත. කෘතීම කකුල් දෙකක් වත් සොයා ගැනීමට තරම් වත් දේශපාලන අධිෂ්ඨානයක් ඔවුන්ට නොතිබුණි. දැන් පවතින තත්ත්වය මේ ක්රියාදාමයේ ප්රතිඵලයකි."
පැය දෙකකට මදක් වැඩි කාලයක් ගෙන, ”නීතිය මත පාලනය” පිළිබඳව කරුණු දක්වා ප්‍රශ්න ඇත්නම් අසන්න යැයි පැමිණ සිටි අය කළ ආරාධනයට අනුව එක් විද්වතෙක් බැසිල් ප්‍රනාන්දු මහතාගෙන් ඇසුවේ ෙදාස්තර ෂාෆි ගේ සිද්ධිය ගැන දරන මතය කුමක්ද යයි කියාය.
මම ඔය ගැන කිසි දෙයක් දන්නේ නෑ එ් නිසා මට මතයක් කියන්න බෑ යනු පිළිතුර විය. ප්රශ්නය ඇසූ විද්වතා පසුබට නොවී මාධ්‍ය කියන දේ ගැන මතය විමසීය.
එයට එ් මහතාගේ පිළිතුර වූයේ මතයක් නෑ යන්නයි.
එක් අයෙක් එදාට වැඩිය අද ටිකක් හොඳ බව ප්‍රකාශ කළේය. තව කෙනෙක් අපේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න ප්‍රතිපත්ති ප්‍රකාශන හදන බව කීය.
වෙන්න යන දේ ගැන ඇත්තේ මහත් වූ බියක් බව නම් පෙනෙන්නට තිබින.
එ් ලබන වරප්‍රසාද නැතිවේද? යන බිය ය. රට ගැන නම් තියෙන බිය විය නොහැක.
මෙම යුගයේ කළයුතු දේ ගැන අවබෝදයක් ලබා ගන්න කියවිය යුතු පොතක්.බැසිල් ප්‍රනාන්දු මහතාගේ ”නීතිය සහ විනය”
JS
Tuesday, July 30, 2019
ජාත්‍යන්තර පට්ටම් ගහගෙන අසරණ ජනයා පෙලන්න මා.හි.කො.ස පටන් අරගෙන
රාජපක්ෂ රෙජිමය කාලයේ - මානව හිමිකම් කොමිෂන් සභාව කල කී දේවලට නොදෙවෙනි ලෙසට ඊනියා ‘‘ස්වාධීන’’ - මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ලා කටයුතු කරමින් සිටිි.
ආචාර්ය දීපිකා උඩගම නැමැත්තිය/සභාපති තනතුර දරන මේ කොමිෂම - ජාත්‍යන්තර වශයෙන් සම්මාන ගෙන ඇත. ”ලෝකෙට පරකාසේ- ගෙදරට මරගාතේ” - කියමන සනාත කරමින්, මේ වන විට කොමිෂම ‘‘මරගාතයක්’’ වී හමාරය.
ඌරගස්මංහන්දියේ සෝමලතා මහත්මියව මානව හිමිකම් කොමිෂමට ගෙන්වා ගෙන සිදු කළෙ , කබලෙන් ලිපට තල්ලූ කර දැමිමය. ඇය මා.හි.කොමිෂමට ලියා ඇති ලිපියෙන් සියල්ල පැහැදිළි වේ.
සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව, 14, ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 04.
පැමිණිලි අංකය - HRC1318/19
සෝමලතා, අවු: 58 යි, වැන්දඹු, දරුවන් 06 යි, රැුකියාව : කුලීවැඩ. ඌරගස්මංහන්දිය.
2019.07.25 දිනදීය.
ඉහත ලිපිනය දරණ ඉඩම මාගේ සැමියාට අයත් වන අතර, අපගේ පදිංචිය අවු: 40 ක කාලයකි. මාගේ සැමියාගේ ඇවෑමෙන් පසුව, මා හා දරුවන් එහි ජීවත් වේ.
02. මාගේ ඉඩමට යාබද ඉඩම පර්චස් 6.8 ක් වන අතර, එහි හිමිකරු මාගේ බාප්පා වන ලේසින් නැමැති අයයි. ඔහුගේ ඇවෑමෙන් පසුව ඔහුගේ මුණුපුරන් වන ප්‍රසන්න හා සුරංග ට එම කොටස අයිති වන අතර, ඔවුන්ගේ අවසරය මත එම පර්චස් 6.8 ක් වන ඉඩම් කොටසද අප භුක්ති විඳිනු ලබයි.
03. එසේ තිබියදී, අප අසල්වැසි ජගත් නැමැත්තා විසින්, මීට අවුරුද්දකට පමණ ඉහතදී, අප භුක්ති විඳින පරිචස් 6.8 කොටසෙහි තිබෙන මහව හා ඇල්ටෝනියා ගස්, නීති විරෝධී ලෙස කපන්නට පටන් ගනු ලැබුවා. අනතුරුව මාගේ ඉඩමේද ගස් බලහත්කාරයෙන් කපන්නට වුනා. එසේ කපා දමන ලද ගස් බිම පෙරලා දමා යන්න ගියා.
04. ජගත් නැමැත්තා එම ගස් කපා දමනු ලැබුවේද ඌරගහ පොලිසියේ ස්ථානාධිපතිවරයා කපන්න කිවූ බව පවසමිණි.
05. පසුව මා එ් සම්බන්ධයෙන්, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී වෙත ගොස් පැමිණිලි කරනු ලැබුවා. සහකාර පොලිස් අධිකාරීවරයා ඌරගහ පොලිසියේ ස්ථානාධිපතිගෙන් දුරකථනයෙන් එ් පිළිබඳව විමසා සිටියා. ස්ථානාධිපතිවරයා තමා එවැන්නක් නොකල බව ප්‍රකාශ කලා.
06. සහකාර පොලිස් අධිකාරීවරයා මට ඌරගහ පොලිසියට යන ලෙස පවසා සිටි අතර, මා පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරනු ලැබුවා.
07. එ් අවස්ථාවේ දැනගත්තා, ජගත් නැමැත්තාට මා ඇසිඞ් ගැසීමට තැත් කල බවට පොලිසියේ ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති බව හා, ඉන් අනතුරුව ගස් කැපීමට පැමිණ ඇති බව.
08. අනතුරුව ජගත් නැමැත්තා, කපා බිම පෙරලූ ගස්, මිනිසුන් යොදවා කුට්ටි කර දැමුවා. එම කුට්ටි කරන ලද ගස් මාස 5 - 6 පමණ බිම පෙරලා දමා තැබුවා.
09. මේ අතරදී ග්‍රාම නිලධාරී මනෝහරන් මයා පැමිණ, පර්චස් 6.8 කින් යුත් ඉඩමේ කොස් ගසක් මනිනු ලැබුවා. මා ඊට හේතුව විමසූ විට පවසා සිටියේ කොස් ගස කපන්න පර්මිට් එකක් දෙන්න ට බවය. අපේ ගසට පර්මිට් එකක් මොකටද යනුවෙන් මා විමසා සිටි අතර, ග්‍රාම නිලධාරියා පවසා සිටියේ අපගේ නිවසට හිරිහැර නිසා බවයි. අපගේ ගසට අනුන්ට පර්මිට් දෙන්නේ මොකටදැයි මා විමසා සිටි විට ඔහු පවසා සිටියේ, ජගත් ගේ මාමන්ඩිය වන නැල්සන්ගේ දුව නයනී ලියවිල්ලක් පෙන්වූ බවවය.
09. අපගේ නිවසට හිරිහැරයක්ව තිබූ පර්චස් 6.8 ඉඩමේ තිබෙන මහව ගසේ අත්තක්, එම කොටසේ හිමිකරු ප්‍රසන්න විසින් කපා ඉවත්කර දමනු ලැබුවා.
10. ජගත් ගේ මාමන්ඩිය වන නැල්සන් විසින්, පොලිසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා, මහව අත්ත කපා දැමීම සම්බන්ධයෙන්. මහව අත්ත කපා දැමීම ඔහුට කිසිසේත්ම අදාළ නොවන අතර, එම ගස අපට හිමි ගසකි.
11. ඉන් අනතුරුව, නැල්සන් හා ඔහුගේ දියණිය දීපිකා, ඌරගහ පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු සමග පැමිණ, පොලිස් නිලධාරීන් තිදෙනාගේ සහය මත, කපා දමා කුට්ටි කරන ලද ගස් වල කොටස් මිනිසුන් කිහිප දෙනෙකු ලවා කැන්ටර් රථ දෙකකින් පටවාගෙන යනු ලැබුවා.
12. මෙම ගස් කැපීම සම්බන්ධයෙන්, මා විසින් ඌරගහ පොලිසියේ පැමිණිලි කිහිපයක් කලද ඵලක් වූයේ නැත. සිදුවූයේ පොලිසියේද සහය ඇතිව ඔවුන් විසින් ගස් කපා, පටවාගෙන යාමය.
13. පසුව මා 2019.05.14 දින, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළෙමි. එම පැමිණිල්ල අනුව ්‍යඍක්1318රැු19 – යටතේ, මාගේ පැමිණිල්ල ලියාපදිංචි කරන ලද බව - 2019.05.14 දාතමින් මා වෙත ලිඛිතව දැනුම් දුණි.
14. අනතුරුව, 2019.07.10 දාතමින්, මානව හිමිකම් කොමිෂම විසින් මට දන්වා එවා ඇත්තේ, මානව හිමිකම් කොමිෂන් සභාව මෙම ගැට`ඵවට මැදිහත් නොවන බවත්, මෙම කාර්යය සම්බන්ධයෙන් පොලිස්පති හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ මහජන පැමිණිලි අංශයට යොමු වන ලෙසටත්ය.
15. මෙම ගස් කැපීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීය. මාගේ ඉඩමේ හා මා භුක්ති විඳින පර්චස් 6.8 ඉඩමේ ගස් වල අයිතිය, මා හා මා භුක්ති විඳන පර්චස් 6.8 ඉඩමේ හිමිකරුවන් සතුයි. එසේ තිබියදී - නැල්සන්, ජගත් හා නයනී යන අයගේ අවශ්‍යතාවය මත, හිතවත්කම මත, ග්‍රාම නිලධාරී මනෝහරන් හා ඌරගහ පොලිසියේ නිලධාරීන් එක්ව නීති විරෝධීව ගස් කපා දමන ලදි.
16. ඌරගහ පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙම ගස් කැපීමේ නීති විරෝධී ක්‍රියාවට සෘජුවම සම්බන්ධ බව ප්‍රකාශ කර සිටිමි. පොලිසියේ සහය ඇතිව ජගත් නැමැත්තාට මෙම කපා දමන ලද ගස් පටවාගෙන යාමට පොලිසියේ සහය ලැබුනේ, ස්ථානාධිපතිවරයා ගේ අනුදැනුම මතය.
17. රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව, කරන ලද මෙම අපරාධය, මානව හිමිකම් කොමිෂන් සභාවට අදාළ නැති බව පවසන්නේ කුමන පදනමක් යටතේද ?
18. මානව හිමිකම් කොමිෂන් සභාවද මෙම අපරාධය මගහැර සිටින්නට උත්සාහ ගැනීමද අපරාධයකි.
19. මා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පැමිණි, 2019.05.14 දින, කොමිෂම විසින් පුරවා දීමට යයි මට දෙන ලද පෝරමය පිරවීමට, මට අකුරු කියවීමට ලිවීමට නොහැකි බැවින්, කොමිෂමේ ආරක්ෂක නිලධාරියෙකුගෙන් සහය ඉල්ලූ විට, ඔහු එය පුරවා, පෝරමය පිරවීමට රු: 1500/= ක් ගතයුතු බවත්, රු: 100/= ක් දෙන ලෙසත් ඉල්ලා සිටියා. එ් අනුව මාගෙන් රු: 100/=ක මුදලක් එම තැනැත්තා විසින් ලබා ගත්තා.
අප ඉතා අසරණ දුප්පත් අහිංසක මිනිසුන් බැවින්, සාධාරණය ඉටු කර ගැනීමට පැමිණි ඔබ කොමිෂමෙන්ද අවසානයේ සිදුව ඇත්තේ අපව තව තවත් අසරණ කිරීමය. නීති විරෝධී ක්‍රියාවන්වල යෙදෙන පුද්ගලයින් ආරක්ෂා කිරීමය.
මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ක්‍රියාවන් හී යෙදෙන ජගත් නැමැත්තා හා ඌරගහ පොලිසියේ ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් හා ග්‍රාම නිලධාරී මනෝහරන් නැමැත්තා ගේ සම්බන්ධය මත, ඔවුන් තම බලය අයුතු ලෙස උපයෝගී කරගෙන, මාගේ ඉඩමේ හා මා විසින් භුක්ති විඳන පර්චස් 6.8 ක් වන ඉඩමේ ගස් කපා දමා සිදුකල අපරාධය සම්බන්ධයෙන්, ඊට සෘජුවම සම්බන්ධ වූ, ඌරගහ පොලිසියේ එවකට ස්ථානාධිපති ඇතුලූ වගකිවයුතු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් හා ග්‍රාම නිලධාරී මනෝහරන් ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.
මෙයට,
සෝමලතා.
ආචාර්ය දීපිකා උඩගම නැමැත්තිය/සභාපති තනතුර දරන මේ කොමිෂම - ජාත්‍යන්තර වශයෙන් සම්මාන ගෙන ඇත. ”ලෝකෙට පරකාසේ- ගෙදරට මරගාතේ” - කියමන සනාත කරමින්, මේ වන විට කොමිෂම ‘‘මරගාතයක්’’ වී හමාරය.
ඌරගස්මංහන්දියේ සෝමලතා මහත්මියව මානව හිමිකම් කොමිෂමට ගෙන්වා ගෙන සිදු කළෙ , කබලෙන් ලිපට තල්ලූ කර දැමිමය. ඇය මා.හි.කොමිෂමට ලියා ඇති ලිපියෙන් සියල්ල පැහැදිළි වේ.
සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව, 14, ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 04.
පැමිණිලි අංකය - HRC1318/19
සෝමලතා, අවු: 58 යි, වැන්දඹු, දරුවන් 06 යි, රැුකියාව : කුලීවැඩ. ඌරගස්මංහන්දිය.
2019.07.25 දිනදීය.
ඉහත ලිපිනය දරණ ඉඩම මාගේ සැමියාට අයත් වන අතර, අපගේ පදිංචිය අවු: 40 ක කාලයකි. මාගේ සැමියාගේ ඇවෑමෙන් පසුව, මා හා දරුවන් එහි ජීවත් වේ.
02. මාගේ ඉඩමට යාබද ඉඩම පර්චස් 6.8 ක් වන අතර, එහි හිමිකරු මාගේ බාප්පා වන ලේසින් නැමැති අයයි. ඔහුගේ ඇවෑමෙන් පසුව ඔහුගේ මුණුපුරන් වන ප්‍රසන්න හා සුරංග ට එම කොටස අයිති වන අතර, ඔවුන්ගේ අවසරය මත එම පර්චස් 6.8 ක් වන ඉඩම් කොටසද අප භුක්ති විඳිනු ලබයි.
03. එසේ තිබියදී, අප අසල්වැසි ජගත් නැමැත්තා විසින්, මීට අවුරුද්දකට පමණ ඉහතදී, අප භුක්ති විඳින පරිචස් 6.8 කොටසෙහි තිබෙන මහව හා ඇල්ටෝනියා ගස්, නීති විරෝධී ලෙස කපන්නට පටන් ගනු ලැබුවා. අනතුරුව මාගේ ඉඩමේද ගස් බලහත්කාරයෙන් කපන්නට වුනා. එසේ කපා දමන ලද ගස් බිම පෙරලා දමා යන්න ගියා.
04. ජගත් නැමැත්තා එම ගස් කපා දමනු ලැබුවේද ඌරගහ පොලිසියේ ස්ථානාධිපතිවරයා කපන්න කිවූ බව පවසමිණි.
05. පසුව මා එ් සම්බන්ධයෙන්, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී වෙත ගොස් පැමිණිලි කරනු ලැබුවා. සහකාර පොලිස් අධිකාරීවරයා ඌරගහ පොලිසියේ ස්ථානාධිපතිගෙන් දුරකථනයෙන් එ් පිළිබඳව විමසා සිටියා. ස්ථානාධිපතිවරයා තමා එවැන්නක් නොකල බව ප්‍රකාශ කලා.
06. සහකාර පොලිස් අධිකාරීවරයා මට ඌරගහ පොලිසියට යන ලෙස පවසා සිටි අතර, මා පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරනු ලැබුවා.
07. එ් අවස්ථාවේ දැනගත්තා, ජගත් නැමැත්තාට මා ඇසිඞ් ගැසීමට තැත් කල බවට පොලිසියේ ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති බව හා, ඉන් අනතුරුව ගස් කැපීමට පැමිණ ඇති බව.
08. අනතුරුව ජගත් නැමැත්තා, කපා බිම පෙරලූ ගස්, මිනිසුන් යොදවා කුට්ටි කර දැමුවා. එම කුට්ටි කරන ලද ගස් මාස 5 - 6 පමණ බිම පෙරලා දමා තැබුවා.
09. මේ අතරදී ග්‍රාම නිලධාරී මනෝහරන් මයා පැමිණ, පර්චස් 6.8 කින් යුත් ඉඩමේ කොස් ගසක් මනිනු ලැබුවා. මා ඊට හේතුව විමසූ විට පවසා සිටියේ කොස් ගස කපන්න පර්මිට් එකක් දෙන්න ට බවය. අපේ ගසට පර්මිට් එකක් මොකටද යනුවෙන් මා විමසා සිටි අතර, ග්‍රාම නිලධාරියා පවසා සිටියේ අපගේ නිවසට හිරිහැර නිසා බවයි. අපගේ ගසට අනුන්ට පර්මිට් දෙන්නේ මොකටදැයි මා විමසා සිටි විට ඔහු පවසා සිටියේ, ජගත් ගේ මාමන්ඩිය වන නැල්සන්ගේ දුව නයනී ලියවිල්ලක් පෙන්වූ බවවය.
09. අපගේ නිවසට හිරිහැරයක්ව තිබූ පර්චස් 6.8 ඉඩමේ තිබෙන මහව ගසේ අත්තක්, එම කොටසේ හිමිකරු ප්‍රසන්න විසින් කපා ඉවත්කර දමනු ලැබුවා.
10. ජගත් ගේ මාමන්ඩිය වන නැල්සන් විසින්, පොලිසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා, මහව අත්ත කපා දැමීම සම්බන්ධයෙන්. මහව අත්ත කපා දැමීම ඔහුට කිසිසේත්ම අදාළ නොවන අතර, එම ගස අපට හිමි ගසකි.
11. ඉන් අනතුරුව, නැල්සන් හා ඔහුගේ දියණිය දීපිකා, ඌරගහ පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු සමග පැමිණ, පොලිස් නිලධාරීන් තිදෙනාගේ සහය මත, කපා දමා කුට්ටි කරන ලද ගස් වල කොටස් මිනිසුන් කිහිප දෙනෙකු ලවා කැන්ටර් රථ දෙකකින් පටවාගෙන යනු ලැබුවා.
12. මෙම ගස් කැපීම සම්බන්ධයෙන්, මා විසින් ඌරගහ පොලිසියේ පැමිණිලි කිහිපයක් කලද ඵලක් වූයේ නැත. සිදුවූයේ පොලිසියේද සහය ඇතිව ඔවුන් විසින් ගස් කපා, පටවාගෙන යාමය.
13. පසුව මා 2019.05.14 දින, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළෙමි. එම පැමිණිල්ල අනුව ්‍යඍක්1318රැු19 – යටතේ, මාගේ පැමිණිල්ල ලියාපදිංචි කරන ලද බව - 2019.05.14 දාතමින් මා වෙත ලිඛිතව දැනුම් දුණි.
14. අනතුරුව, 2019.07.10 දාතමින්, මානව හිමිකම් කොමිෂම විසින් මට දන්වා එවා ඇත්තේ, මානව හිමිකම් කොමිෂන් සභාව මෙම ගැට`ඵවට මැදිහත් නොවන බවත්, මෙම කාර්යය සම්බන්ධයෙන් පොලිස්පති හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ මහජන පැමිණිලි අංශයට යොමු වන ලෙසටත්ය.
15. මෙම ගස් කැපීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීය. මාගේ ඉඩමේ හා මා භුක්ති විඳින පර්චස් 6.8 ඉඩමේ ගස් වල අයිතිය, මා හා මා භුක්ති විඳන පර්චස් 6.8 ඉඩමේ හිමිකරුවන් සතුයි. එසේ තිබියදී - නැල්සන්, ජගත් හා නයනී යන අයගේ අවශ්‍යතාවය මත, හිතවත්කම මත, ග්‍රාම නිලධාරී මනෝහරන් හා ඌරගහ පොලිසියේ නිලධාරීන් එක්ව නීති විරෝධීව ගස් කපා දමන ලදි.
16. ඌරගහ පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙම ගස් කැපීමේ නීති විරෝධී ක්‍රියාවට සෘජුවම සම්බන්ධ බව ප්‍රකාශ කර සිටිමි. පොලිසියේ සහය ඇතිව ජගත් නැමැත්තාට මෙම කපා දමන ලද ගස් පටවාගෙන යාමට පොලිසියේ සහය ලැබුනේ, ස්ථානාධිපතිවරයා ගේ අනුදැනුම මතය.
17. රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව, කරන ලද මෙම අපරාධය, මානව හිමිකම් කොමිෂන් සභාවට අදාළ නැති බව පවසන්නේ කුමන පදනමක් යටතේද ?
18. මානව හිමිකම් කොමිෂන් සභාවද මෙම අපරාධය මගහැර සිටින්නට උත්සාහ ගැනීමද අපරාධයකි.
19. මා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පැමිණි, 2019.05.14 දින, කොමිෂම විසින් පුරවා දීමට යයි මට දෙන ලද පෝරමය පිරවීමට, මට අකුරු කියවීමට ලිවීමට නොහැකි බැවින්, කොමිෂමේ ආරක්ෂක නිලධාරියෙකුගෙන් සහය ඉල්ලූ විට, ඔහු එය පුරවා, පෝරමය පිරවීමට රු: 1500/= ක් ගතයුතු බවත්, රු: 100/= ක් දෙන ලෙසත් ඉල්ලා සිටියා. එ් අනුව මාගෙන් රු: 100/=ක මුදලක් එම තැනැත්තා විසින් ලබා ගත්තා.
අප ඉතා අසරණ දුප්පත් අහිංසක මිනිසුන් බැවින්, සාධාරණය ඉටු කර ගැනීමට පැමිණි ඔබ කොමිෂමෙන්ද අවසානයේ සිදුව ඇත්තේ අපව තව තවත් අසරණ කිරීමය. නීති විරෝධී ක්‍රියාවන්වල යෙදෙන පුද්ගලයින් ආරක්ෂා කිරීමය.
මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ක්‍රියාවන් හී යෙදෙන ජගත් නැමැත්තා හා ඌරගහ පොලිසියේ ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් හා ග්‍රාම නිලධාරී මනෝහරන් නැමැත්තා ගේ සම්බන්ධය මත, ඔවුන් තම බලය අයුතු ලෙස උපයෝගී කරගෙන, මාගේ ඉඩමේ හා මා විසින් භුක්ති විඳන පර්චස් 6.8 ක් වන ඉඩමේ ගස් කපා දමා සිදුකල අපරාධය සම්බන්ධයෙන්, ඊට සෘජුවම සම්බන්ධ වූ, ඌරගහ පොලිසියේ එවකට ස්ථානාධිපති ඇතුලූ වගකිවයුතු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් හා ග්‍රාම නිලධාරී මනෝහරන් ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.
මෙයට,
සෝමලතා.
Saturday, July 13, 2019
පැන ගිය ආධුනික සෙබලාගේ අවමගුල හමුදා ආචාර මැද රුපියල් ලක්ෂයක වන්දියක් මළ ගෙදරට දවස් 5 ක් මුර. පුතාව මරලා කලපුවට දැම්මාද? මරණය අභිරහසක්!
පැන ගිය ආධුනික සෙබලාගේ අවමගුල හමුදා ආචාර මැද, රුපියල් ලක්ෂයක වන්දියක්, මළ ගෙදරට දවස් 5 ක් මුර
පුතාව මරලා කලපුවට දැම්මාද? මරණය අභිරහසක්!!!!
රට රකින්න හමුදාවට බැඳුනු 19 හැවිරිදි උරේෂ් ගේ කුණු වූ මළ සිරුර හම්බ වුනේ විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු කඳවුර ඉදිරිපිට, පුත්තලම පෙරිය වැවේදී.
පුතා පැනගොස් ඇති බවට මහ ?, ගෙදරට දැනුම් දීලා තිබුනේ, කඳවුරෙන්. අමතක වෙලා ආව බකට් එකයි, බෙඞ් ෂීට් එක ගන්න කලපුවට ගිය උරේෂ් ආයේ ආවේ නෑ`ඵ.
මේ පිළිබඳව උරේස් ගේ පියා, වගකිව යුත්තන්ට කරන ලද ලිඛිත පැමිණිල්ල බොහෝ කරුණු අනාවරණය කරයි.
පොලිස්පති , යුද්ධ හමුදාපති , මානව හිමිකම් කොමිෂන් සභාව හා නීතිපති අමකන ලද ලිපිය
දොන් උරේෂ් කවිෂාන් ජයසිංහ, ආධුනික සෙබල, සෙ/2092744 ගේ අභිරහස් මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට ඉල්ලා සිටීම.
දොන් බන්දුල ජයසිංහ, අවු: 49 යි, ජා.හැ.අ. 701461878 V, විවාහක, දරුවන් 02 යි, රැකියාව: පෙදරේරු, ලිපිනය : ගල්හේන, බේරුවල.
2019.07.12 වන දින දීය.
දොන් උරේෂ් කවිෂාන් ජයසිංහ මාගේ පුතා වේ.
ආධුනික සෙබල : අංක: සෙ/2092744
සේවා නම : ආසේ ජයසිංහ ඩියුකේ
පුහුණුව ලැබූ ස්ථානය : ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය, (පුත්තලම) යුද්ධ හමුදා කඳවුර, සිංගවිල්ලූ වත්ත, පුත්තලම.
(1) හමුදාවට බැඳීමට සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ දිනය : 2018.12.26
(2) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විජයබාහු රෙජිමේන්තුවට (කුරුණෑගල, බෝයගනේ* ඇතුළත් කරන ලද දිනය : 2019 ජනවාරි 16
(3) පුත්තලම සිංහවිල්ලූ වත්ත පුහුණු කඳවුරට ඇතුළත් වූ දිනය : 2019 මාර්තු 12
(4) එම කඳවුරේ පුහුණුව පටන් ගත් දිනය : 2019 මාර්තු 13
(5) අවසන් වරට නිවාඩුවට පැමිණි දිනය : 2019 ජුනි 12
(6) එසේ නිවාඩු පිට ඉන්න විට, තමාට ”ජංගල් කෝස්” එකට යන්න තියෙන බව පවසා, ලැයිස්තුවකට අනුව, බඩු මිළයට ගත්තා.
(7* 2019 ජුනි 17 දින, කඳවු බලා පිටත්ව ගියා.
(8) 2019 ජුනි 17 දින, සවස 5.30 ට දුරකථනයෙන් අමතා කිව්වා, ඉරිදා (23 වන දින) දක්වාම කථා කරන්න ලැබෙන්නේ නෑ, ෆෝන් එක ”ගන්නවා” කියා.
(9) නමුත්, 2019.06.23 දින ඉරිදා, පුතා කථා කළේ නෑ.
(10) 2019.06.23 මධ්‍යම රාත්‍රියේ, 078 2882438 දුරකථන අංකයෙන් මාගේ දුරකථනයට ඇමතුමක් ලැබී තිබුණා.
(11) මා එය දුටුවේ, පසු දින, එනම් 2019.06.24 දින උදේ 7.50 ට පමණ. මා එම අංකයට ඇමතුමක් ගත්තා.
(12) එයට උත්තර දුන්න පුද්ගලයා ප්‍රකාශ කළා, තමන් පුත්තලම කඳවුරෙන් බව. ඔහු කියා සිටියා, ජයසිංහ (පුතා* තවත් කෙනෙක් එක්ක කඳවුරෙන් පැනලා ඇවිත් කියා.
(13* ඊට පසු මා, කඳවුරේ අංකය වන, 032 2267201 ට කථා කළා. එ් අවස්ථාවේදී ද කථා කළ පුද්ගලයා, පුතා කඳවුරෙන් පැනලා ගිහිල්ලා යැයි කිව්වා.
(14) නමුත්, පිළිතුරු දුන්න අයගේ අනන්‍යතාවය හෙළි කළේ නෑ.
(15) මමත්, සැමියාත්, දවල් 11.30 පමණ, අලූත්ගම පොලීසියට ගොස්, පුතා කඳවුරෙන් පැනලා ගිහිල්ලා තියෙනවා කියා, දැනුම් දුන් බව කියා සිටියා.
(16) ඒ අවස්ථාවේ පොලීසිය, කඳවුරට දුරකථන ඇමතුමක් දී, කාරණය විමසා සිටියා.
(17) කඳවුරෙන් පොලීසියට දැනුම් දුන්නා, මගේ පුතා එක්ක පස් දෙනෙක් පැනලා ගිහිල්ලා තියෙනවා කියා.
(18) පොලීසිය අපට කිව්වා, පැනලා ගිහිල්ලා නම් පුතා හවස් වෙනකොට ගෙදර එයි. හවස් වනතුරු බලන්න කියා. එ් අනුව අපි ගෙදර ආවා.
(19) එදිනම රාත්‍රී 8.00 ට පමණ, අප නිවසට පැමිණ සිටි හිතවතෙක්, පුත්තලම හමුදා කඳවුරට දුරකථනයෙන් කථා කර, අපේ මල්ලී කෙනෙක් කඳවුරෙන් පැනලා ගිහිල්ලා තියෙනවා එ් විස්තර මොනවද කියලා ඇසුවා.
(20) හමුදා කඳවුරෙන් පිළිතුරු දී තිබුනේ, කීප දෙනෙක් පැනලා ගිහිල්ලා තියෙනවා, එ් අතරම, කලපුවේ නා`දුනන කෙනෙක්ගේ මළ සිරුරක් තියෙනවා, ඇවිල්ලා බලන්න යයි කියායි.
(21) අප, 15 කු පමණ වහාම, පුත්තලම බලා පිටත් වුණා. අප අලූයම 2.00 ට පමණ, පුත්තලම කඳවුරට ගියා.
(22) අප කඳවුර ඇතුළට ගියාම, අම්මා, තාත්තා වෙනම එන්න යයි කියා, කිව්වා. අප හිටියේ ගාඞ් රූම් එකේ.
(23) එහිදී මාගෙන් හා බිරි`දගෙන් වෙන වෙනම ප්‍රකාශ ගත්තා. එහිදී, අපගෙන්, පුතා පැනලා ගියා, පිළිගන්නේ නැද්ද යැයි ඇසුවා. අපි නැහැ කිව්වා.
(24) අපගෙන් ප්‍රකාශ ලියාගත්තේ, හමුදා පොලීසියේ දෙන්නෙක්. ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කළේ නෑ. නමුත් දුටුවොත් අඳුනන්න පු`ඵවන්. එවිට වේලාව, පාන්දර 4.00 ට පමණ ඇති. (2019 ජුනි 25 දින)
(25) අපගෙන් ප්‍රකාශ ලියා ගත්ත දෙන්නම අපට කිව්වා, කට්ටියම නාන්න ගිහිල්ලා එනකොට, ජයසිංහ (පුතා) ගේ බෙඞ් ෂීට් එකයි බකට් එකයි අමතක වෙලා, එ්ක ගේන්න ආපහු ගියා, ඊට පස්සෙ වුන දේ දන්නේ නෑ කියා.
(26) ඉන්පසු, අපි පුත්තලම පොලීසියට පැමිණියා. අපගේ විස්තර විමසුවා. නමුත් කිසිවක් ලියාගත්තේ නෑ. අපි, අපට මළ සිරුර හඳුනා ගැනීමට අවශ්‍ය බව කියා සිටියා.
(27) ඒ ඉල්ලීමට, පොලීසිය, අපව පුත්තලම පොලීසියට යොමු කළා. පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ මළ සිරුර, අපට දැක ගන්නට ලැබුණා.
(28) සිරුර සම්පූර්ණයෙන්ම නරක් වී තිබුණා. අඳුනා ගන්න බැරි තත්ත්වයේ තිබ්බේ.
(29) දකුණු අතේ තිබූ කැලලින් මෘත දේහය පුතාගේ බව හඳුනා ගත්තා. එම සලකුණෙන් පමණයි හඳුනා ගත්තේ.
(30) අපිට කිව්වා, මහේස්ත්‍රාත් පැමිණෙනකන්, මෘත දේහය කපන්නේ නෑ කියා.
(31) සවස (2019.06.25* 4.45 වන තුරු බලන් හිටියා. කව්රුත් ආවේ නෑ.
(32) ඊට පෙර වෛද්‍යවරයා, අපගෙන් හඳුනා ගැනීම ගැන විස්තර ඇහැව්වා. පොලීසිය මළ සිරුර හමුවූ ආකරය විස්තර කළා.
(33) ඉන්පසු මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර, හේතුව කියන්නට බැරි බවත්, සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යවන බවත් කිව්වා.
(34) මරණයට හේතු දැක්වූයේ නෑ. අප මරණය සැක බව කියා සිටියා. අවසන් කටයුතු සඳහා මෘත දේහය නිදහස් කළා.
(35) 2019 ජුනි 27, පූර්ණ හමුදා ගෞරව සහිතව, අවමංගල්‍ය කටයුතු සිදු කළා.
(36) ඉන්පසුවද, හමුදා නිලධාරීන් දින 5 ක්, දිවා, ?, අප නිවස මුර කළා.
(37) මෙම මරණය දියේ ගිලීමක් ලෙස හමුදාව සඳහන් කර තිබෙනවා. එසේ කර ඇත්තේ, මරණයට හේතු ප්‍රකාශ නොකර.
(38) මෙම මරණය ස්වභාවික එකක් නොවන බවත්, මෙය මිනිස් ඝාතනයක ප්‍රතිඵලයක් බවත් ප්‍රකාශ කර සිටිමි.
එයට හේතු පහත දක්වමු.
(1) නොහඳුනන මළ සිරුරක්, පුත්තලම කලපුවේ (පෙරිය වැව* පාවෙන බවට පාරේ ගිය අයෙක් පොලීසියට දැනුම් දී තිබුණා. එ් උදේ 10.15 ට පමණ.
(2) උදේ 10.45 ට පමණ, පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති බව.
(3) එම ස්ථානයට ගරු මහේස්ත්‍රාත්වරයා පැමිණ ඇති බවත්, ස්ථාන පරීක්ෂණයක් සිදු වූ බවත්, ප්‍රකාශ වුණා.
(4) මළ සිරුර පිළිබඳව, මූලික පරීක්ෂණ කරන ලද, පොලිස් සැරයන් වන්නිආරච්චි නැමති නිලධාරීවරයා, මළ සිරුර හමුදා නිලධාරියකුගේ බවට නිරීක්ෂණය කර ඇත.
(5) මළ සිරුර ගොඩ ගන්නා අවස්ථාවේ, එම ස්ථානයට පැමිණ සිටි, හමුදා නිලධාරීන්, පොලීසියේ ප්‍රකාශය පිළිනොගෙන, එම සිරුර හමුදා සෙබලෙකුගේ නොවන බව ප්‍රකාශ කර ඇති බව.
(6) මාගේ පුතාගේ සිරුර, මෙම කලපුව (පෙරියවැව) පාවෙමින් තිබී ඇත්තේ කඳවුර ඉදිරිපිට බව.
(7) තවද, ස්ථාන පරීක්ෂණය කරන ලද අවස්ථාවේ, මළ සිරුරේ තිබූ එකම ඇඳුම වූ, යට ඇඳුමේ තිබූ හමුදා අංකය, වෙනත් අයෙකුගේ බව නිරීක්ෂණය වී ඇති බව.
පුතාගේ මරණය බෙඞ් ෂීට් එක හා බකට් එක ගේන්න ගොස් දියට වැටී, අනතුරකට පාත්‍ර වූවත්, හමුදා කඳවුර ඉදිරිපිට තිබෙන කලපුව පරීක්ෂා නොකර, කිසිදු විනය ගැට`ඵවක් නොතිබූ බවට පිළිගෙන තිබෙන තත්ත්වයක් තුළ, පුතා පැනගිය බවට තීරණය කළේ කෙසේද යන්න බරපතල කරුණකි.
මෙය හමුදාව විසින් කරන ලද ඝාතනයක් බව ප්‍රකාශ කරමි.
ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසටත්, අපරාධකරුවන් නීතිය ඉදරියට ගෙන එන ලෙසත්ය.
මෙයට,
දොන් බන්දුල ජයසිංහ
Friday, July 12, 2019
මුදලාලි නෝනා ගේ කීමට, ඌරගහ පොලිසියේ ස්ථානාධිපති හරිත් ගේ නියමයෙන් 24 හැවිරිදි තරුණයෙකුගේ අත් දෙකම ගැලවෙනකම් පද්දමින් පහර දෙන අතර පුරුෂ ලිගුව මිරිකීමට අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් අමතක කරලා නැහැ.
ශ්‍රි ලංකාවේ උත්තරීතර නීතියට අනුව - පොලිස් කාරයින්ට අත්අඩංගුවට ගන්න හා පුද්ගලයින්ට වධ දෙන්න බැහැ.
එ විතරක් නෙවෙයිල 1994 දී සම්මත කරලා තියෙන - වධහිංසාවට එරෙහිව පනත මගින් වධදීම අපරාධයක් කරලා තියෙනවා.
”නීතිය” කඩා වැටුනු රටක - මහා එවුන් මහා දවාලේ මහජන මුදල් හොරකම් කරන රටක - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අණ පනත් කොළ වලට සීමා වෙලා. ඊණියා සිවිල් සමාජ නරුමයන්ට නම් මේවා ප්‍රශ්ණ නොවෙයි.
එත් මේ ප්‍රශ්ණ අපි කතා කරමු. ඒ පළමු පියවරඑ.
මෙම තරුණයා පොලිස්පති ට කර තිබෙන පැමිණිල්ලට අවධනය යොමු කරන්න.
ලිඛිත පැමිණිල්ලයි
නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙනල අමානුෂික වධහිංසා පමුණුවා, සාදාකාලික ආබාධිත තත්වයට පත්කල, ඌරගහ පොලිසියේ ස්ථානාධිපති හරිත් හා අපරාධ අංශයේ ස්ථානාධිපති තිරාන් ඇතුලූ වගකිවයුතු නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසටත්ල ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත් කරනු ලබන ඉල්ලීමයි.
චන්දිම---- අවු. 24 යි. අවිවාහක. රැකියාව- අළෙවි නිලධාරී. 2019.07.10 දින දීය.
2019.06.22 දින රාත්‍රියේ මා සමග වැඩ කරන රියදුරු මාගේ දුරකථන අංකයට කතාකර කිව්වා, අපි නිෂ්පාදන දමන ”-----ස්ටෝර්ස්” එකේ රත්තරන් බඩු නැතිවෙලා තියෙනවා, ඒකට ඔහුව සැකකරන බැවින් ඒ ගැන පැමිණිල්ලක් දාන්න ඌරගහ ඔහු පොලිසියට යන බව. මම ඔහුට කිව්වා මමත් පොලිසියට එනවා, ප්‍රකාශයක් දෙන්න කියලා. මම මේ පිළිබඳවල සමාගමේ ප්‍රාදේශීය කළමණාකරු ට කතාකර දැනුම් දුන්නා. මා දහවල් 12.30 ට පමණ පොලිසියට යාමට සූදානම්ව සිටින විට සමාගමේ අළෙවි නියෝජිත මට කතාකර කිව්වා, රියදුරුව අත්අඩංගුවට ගෙන තියෙනවාල ඒ නිසා නීතිඥ මහතකු සමග යන්න කියා. ඒ අනුව මා 2019.06. 23 දිනල සවස 2.30 පමණ, නීතිඥ වරයෙකු සමග ඌරගහ පොලිසියට ගියා. අපරාධ අංශයේ ස්ථානාධිපති තිරාන් නීතිඥ මයාට ප්‍රකාශ කලා, ප්‍රකාශයක් අරගෙන එවනවා, ඔහුට යන්න කියා. ඉන්පසු අපරාධ අංශයේ ස්ථානාධිපති තිරාන් මට කිව්වා 2019.06.21 දින -----ස්ටෝර්ස් වල සොරකමක් වෙලා තියෙනවා කියා. ඒකට මාව හා රියදුරුව සැක කරන බව. ඒ නිසාල එදින වුනේ මොකක්ද කියා කියන ලෙසට මට කිව්වා. ඒ අනුව එදිනල ප්‍රදේශයේ කඩවලට නිෂ්පාදන දැමීමට ගිය බවත්එ එසේ ගියේ රියදුරු පදවන ලද ලොරියේ බවත් එහිදී දෙදෙනාම සුපුරුදු පරිදිල ස්ටෝර්ස් වලට අපගේ නිෂ්පාදන බාරදී බිල දමා සල්ලි අරගෙන එන ලෙසටල රියදුරුට කියා මා ඊළඟට කඩයට ගිය බවත් ප්‍රකාශ කලා. තවද මා එම කඩයේ සිටින විට විනාඩි 2 -3 කින් රියදුරු ලොරියද රැගෙන එතැනට පැමිණි බවද කියා සිටියා. මා දන්නේ එපමණක් බව අපරාධ අංශයේ තිරාන්ට ප්‍රකාශ කලද ඔහු එය පිළිගත්තේ නැහැ. ඔහු මට තර්ජණය කරමින්ල බණිමින් මේ ආත්මේ ඒවා නෙවෙයි ගිය ආත්මේ ඒවාත් අහගන්න ක්‍රම තියෙනවා කියා කිව්වා. ඊට පස්සේ මාව පොලිසියේ කුස්සිය පැත්තට ගෙන ගොස් මගේ එක් අතක් කරකවාල පිටුපසට අරන්, අනෙත් අත උරහිසට උඩින් අරගෙන, අත් දෙක පිට මැදට එකතු කරල මාංචු දැම්මා. ඒ විදිහට මාංචු දමා පැය 1 1/2 වාගේ කාලයක්ල මාව පුටුවක වාඩි කරවා තැබුවා. ඉන්පසු, එසේ මාංචු දමා සිටියදීම නැවත මාව අපරාධ අංශයට ගෙන ආවා. එහිදී මට ඇත්ත කියපන් කියා, බෝතලයක් ගෙන, එම බෝතලය තුල තිබූ බෝම්බයක් පෙන්නා, ඒකත් එක්ක උසාවි දමා, බන්ධනාගාරගතව ඉන්න සලස්වන බවට තර්ජණය කලා. මාව පැය බාගයක් පමණ පුටුවක ඉංදා තැබුවා. නැවත මාව පොලිසියේ පිටුපස කුස්සියට ගෙනහිල්ලා, මාංචු ගැලෙව්වා. ඊළඟට අත්දෙක පිටුපසට තබා මාංචු දැම්මා. ඉන්පසු අඩි 4 ක් විතර උසල බංකුවක් උඩට නැග්ගුවා. මහත නයිලෝන් කඹයක් කුස්සියේ බාල්කය හරහා දමා, එම කඹය මාංචු වට ගැට ගසා, බංකුව ඉවත් කලා. ඒ ආකාරයට මාව පැය 1 1/2 පමණ තිබ්බා. එලෙසින් සිටින විට මට අතින් පහර දුන්නා. මාගේ පුරුෂ ලිගුව අල්ලා මිරිකුවා. එතැනදී අපරාධ අංශයේ ස්ථානාධිපති තිරාන් සිය දුරකථනයෙන් කෝල් එකක් අරන් ”චීෆ් මූ ඇත්ත කියන්නේ නැහැ මොකද කරන්නේ” කියා ඇසුවා. ඉන්පසු ඔහු කිව්වා ”ලොක්කා කියනවා ආයෙත් එල්ලන්න කියලා” යනුවෙන් පැවසුවා. එයින් පසුව මාව බිමට බස්සාල මාංචු ගලවා, අත්පිටුපසට කරල අත් දෙක එක්කරල රෙද්දකින් ගැට ගසා නයිලෝන් කඹයකින්ද ගැට ගසාල නැවත බංකුව මතට නග්ගාල බාල්කයේ එල්ලූවා. බංකුව ඉවත්කරල මාව උඩට ඇද්දා. ඒ ආකාරයට පැය 2ක් පමණ තැබුවා. පෙර ආකාරයටම පහර දෙමින් පැද්දුවා. ඒ අතරඑ මට කිහිප වරක් කලන්තය හැදුනා. ඒ හැම විටම වතුර ගැහුව්වා. මාගේ අත්දෙක උරහිස් දෙකෙන් පැන්නා සේ මට දැනුනා. ටිකෙන් ටික අත් දෙක බුරුල් වෙනවා තේරුනා. මගේ කකුල් දෙක බිම ගෑවෙන්න ගත්තා. එසේ කකුල් බිම ගෑවෙන විටල මාව බිමට බෑවා. එයින් අනතුරුව මාව ස්ථානාධිපති ගේ කාර්යාලයට ගෙන ගියා. එහිදීල ස්ථානාධිපති හරිත් ”මම උඹෙන් එළිවෙන්න පැයක් හරි තියෙද්දි බඩු ගන්නවා” කියා කිව්වා. ඉන්පසු මාව කූඩුවට දැම්මා. එවිට වේලාව රාත්‍රී 10 පමණ ඇති. මාව දැමූ කූඩුවේ රියදුරු සිටියා. තවත් අයකු සිටියා. පසුදා, 2019.06.24 අපරාධ අංශයේ ස්ථානාධිපත තිරාන් කූඩුව ළඟට ඇවිත් බඩු දීපන් කිව්වා. උදේ මා සේවය කරන සමාගමේල ඒජන්ට් ගේ බෑනා, මගේ අම්මා, මා සමග වැඩ කරන අය මා බැලීමට ආවා, මට කන්න ගෙනත් දුන්නා. රියදුරු මට කෑම කැව්වා. ඒ වන විට මාගේ අත්දෙක පණ නැතිව තිබුනේ. එදින, 24 දින, උදේ 10 ට 11ට පමණ සමාගමේ, ප්‍රාදේශීය අළෙවි නිලධාරී පැමිණියා. මේ අතර සොරකම් පිළිබඳ පැමිණිල්ලක් දැමූ බව කියන ස්ටෝර්ස් අයිතිකරුවන් හා මා සේවය කරන සමාගමේ නියෝජිතයින් කතා බහ කරන අතර, පොලිස් ස්ථානාධිපති හරිත් හා අපරාධ අංශයේ ස්ථානාධිපති හ. තිරාන් ප්‍රකාශ කලා, නඩු දැම්මොත් රිමාන්ඞ් කරන බව. ඒ නිසා රත්තරන් බඩු වල වටිනාකම ගෙවා සමථ වන ලෙසට. රියදුරු පුද්ගලික ප්‍රශ්ණ තිබෙන නිසා තමාට ඇප ලබාදෙන ලෙසට ඉල්ලා සිටියා. ඔහු සමථ යෝජනාවට කැමති වුනා. එදින, 24 දින සවස ඔහුට පොලිස් ඇප ලබා දුන්නා. රියදුරු ඇප මත නිදහස්ව ගිය පසුව මාව කූඩුවෙන් එළියට ගෙන, කූඩුව ඉස්සරහින්ම පැදුරක් දමා මට එහි ඉන්න කිව්වා. මම එම පැදුරේ නිදා ගත්තා. 2019.06.25 දිනල සවස 2.30 පමණ :වේලාව නිශ්චිත නැත, ල මාගේ අත් දෙකේ ඇගිලි දහයේම ඇගිලි සලකුණු ලබා ගත්තා. එමෙන්ම 2019.06.25 දින සවස ඔවුන් විසින් ලියන ලද ප්‍රකාශයකට මාගේ ඇගිලි සලකුණු ලබා ගත්තා. එසේ ඇගිලි සලකුණු ලබා ගත්තේ, ඒ වන විට මගේ අත් දෙකම අප්‍රාණිකව තිබූ නිසා. මට අත්සන් කිරීමට නොහැකි නිසා. එම ලියා තිබූ දේවල් මට කියවීමට දුන්නේ හෝ කියවා තේරුම් කර දුන්නේ නැත. එදිනම, 2019.06.25 දින, රාත්‍රී 7.30 පමණ මාව පොලිස් ඇප මත මුදා හැරියා. මාගේ අම්මා මා වෙනුවෙන් ඇපයට අත්සන් කලා. මට සිදුකල වධහිංසා හේතුවෙන් මට දැඩි ලෙස අමාරු වුනා. එම නිසා මා 2019.06.26 දිනල පෙරවරු 7.30 - 8.00 පමණ ක`ඵතර නාගොඩ රෝහලට ඇතුලත් වුනා. මාව එහි දැඩි සත්කාර එකකයට ඇතුලත් කලා. සවස මාව එහි 05 වන වාට්ටුවට මාරු කලා.
2019.06.27 දින, රෝහල් පොලිසිය විසින් මාගෙන් කට උත්තර ලබා ගත්තාග මට අමාරු හෙයින්ල 2019ග06ග27 දින සවසල නාගොඩ රෝහලින් මාව කොළඹ ජාතික රෝහලට මාරු කලාග ජාතික රෝහලේ 72 වාට්ටුවට මාව ඇතුලත් කලාග දින 4 ක් පමණ එම වාට්ටුවේ ප්‍රථිකාර ලබා ගත්තාග පසුව මාව එම රෝහලේම 27 වාට්ටුවට මාරු කරනු ලැබුවාග 2019ග06ග28 දිනල සවස 5ග00 පමණල මාගේ මව සමග ඌරගහ පොලිසියේ ස්ථානාධිපති හරිත්ල අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් හා තවත් පොලිස් නිලධාරියෙකු ද :ඔවුන් සිටියේ නිළ ඇඳුමින්ෆල සිවිල් ඇඳුමින් පොලිස් රියදුරු ප්‍රියන්ත හා තවත් නිලධාරියෙකුද මා වෙත පැමිණි අතරල ස්ථානාධිපති හරිත් හා අපරාධ අංශයේ ස්තානාධිපති හිරාන් මාගෙන් සමාව ඉල්ලාල අපි අත්දෙක හොඳ කරගමු කියාල සල්ලි කොච්චර ඕනෙද යනුවෙන් විමසාල මාව ජාතික රෝහලින් මාරු කරල නවලෝක රෝහලට මාරු කර දෙන්නදැයි විමසා සිටියාග එමෙන්මල නැතිවූවා යැයි කියන රත්තන් බඩු වලටල මා විසින් ගෙවිය යුතු බවට නියම කල රුපියල් ලක්ෂ එකහාමාර අවශ්‍ය නැති බවද පවසා සිටියාග සිද්ධිය සමථ වන ලෙසට ද යෝජනා කල අතරල මා එය ප්‍රතික්ෂේප කලාග මා ජාතික රෝහලේ පසුවන විටල ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙක් මා වෙත පැමිණ සිද්ධිය අදාළව ප්‍රකාශයක් ලබා ගත්තා:දිනය නිශ්චිත නැතෆග එසේ පැමිණි එම නිළධාරින් දෙදෙනෙක් නිල ඇඳුමින් සිටි අතරල එක් අයෙකු සිවිල් ඇඳුමින් සිටියාග ඔවුන් විසින් ලබාගත් ප්‍රකාශයට මට අත්සන් කිරීමට නොහැකි නිසාල මාගේ ඇගිලි සලකුණු ලබා ගත්තාග 2019ග07ග05 දිනල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මාව පරීක්ෂා කරනු ලැබුවාග නැවත සති 3 න් මට අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවන ලෙසට රිසිට් පතක් ලබා දුන්නාග 2019ග07ග08 දින සවස ජාතික රෝහලින් මාගේ ටිකට් කැපුවාග මා ඌරගහ පොලිසියට ගිය විටල නීති විරෝධීව රඳවා ගෙනල ස්ථානාධිපති හරිත් ගේ උපදෙස් මතල මට වධහිංසා පැමිණවූයේ අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් විසින් බවත්ල ඔහුට එ් සඳහා තවත් නිලධාරියකු සහය වූ බවත්ල එම නිලධාරියාගේ නම නොදන්නාමුත්ල දුටුවොත් අඳුනාගත හැකි බවත් ප්‍රකාශ කර සිටිමිග
මෙම අපරාධය මේ වන තෙක් ගරු අධිකරණයට වාර්තා කර නොමැතග
මා ඉල්ලා සිටින්නේල මේ අපරාධය - නොපමාවල
1ග ගරු අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසටල
2ග නීති විරෝධීව අත්අඩංගුවට ගෙනල දින 3ක්ල එනම් 2019ග06ග23 දින පථවථ 2ග30 සිටල 2019ග06ග25 දින රාත්‍රි 7ග30 දක්වාල පැය 53 ක පමණ කාලයක්්ල නීති විරෝධීව රඳවා ගෙනල වධ දීල මා සොරකම් කල බවට හා එහි වටිනාකම මාසයක් ඇතුලත ගෙවන බවටල ලියන ලද ප්‍රකාශයකට ඇගිලි අත්සන ගැනීම හා මාගේ පණ නැති අත්දෙකේ ඇගිලි සලකුණු ලබා ගැනීම සිදුකරන ලදල අපරාධකරුවන් දෙදෙනා වන -ඌරගහ පොලිසියේ ස්ථානාධිපති හරිත් හා අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් යන දෙදෙනා අත්අඩංගුවට ගෙනල නීතිමය පියවර ගන්නා ලෙසටයග
Tuesday, July 9, 2019
බඳින්න ඉන්න එවුනුත් අම්මලා පුතාලා වගේ හැසිරෙන බව කියන පොලිස්කාරියෝ ළමුන්ව අමතන්නේ ‘‘වේ ...... යෝ’’, ‘‘හු ...... තෝ’’ කියලා.
මෙම කරුණු එළිදරව් වන්නේ, නව යොවුන් වියේ පසුවන, පාසල් සිසුවකුට පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ මූලස්ථානයේ දී මුහුණ දුන්න ඛේදනීය තත්ත්වය පිළිබඳව සිදුකර තිබෙන ලිඛිත පැමිණිල්ලෙනි.
ආරක්ෂාවට සම්බන්ධ පාසලක උසස් පෙළ හදාරණ මෙම සිසුවාව, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානයට කැඳවා තිබුනේ, දුම්රිය රියදුරෙකු විසින්, කර තිබූ පැමිණිල්ලක් මුල්කරගෙනය. පැමිණිල්ල යොමු කර තිබූ දුම්රිය රියදුරා, ඉහළ පොලිස්කාරියින් සමග සම්බන්ධතා පවත්වන්නකු බව, ඔහුගේ පවුලේ ආරංචිවලින් හෙළිව තිබේ. අදාළ සිසුවා රණවිරු පවුලක සාමාජිකයෙකි.
ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට ගෙන්වා ගත් සිසුවාගෙන්, පළමුව ප්‍රශ්න කර ඇත්තේ එම කාර්යාංශයේ පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර නම් වුවෙකි.
ඉන් අනතුරුව ඔහුව, එම කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරියක් වූ, බිම්නිෂානි හා පොලිස් පරීක්ෂකවරියක් වූ, කුසුම් වෙත යොමු කර තිබේ.
මෙම පොලිස් කාරයින් දෙදෙනා, මෙම පාසල් සිසුවාව මානසික වධ හිංසා පමුණුවමින්, ඔවුන්ට අවශ්‍ය විදියට ප්‍රකාශයක් ලියවා ගැනීමට වෙර දරා ඇත. ඒ අතරතුර මෙම පොලිස් කාරිණියන් දෙදෙනා, ‘‘වේ ..... පුතා“, ‘‘හු ..... තෝ“ යන වදන් භාවිතා කරමින්, බඳ පටිය ගලවා පහර දීමට ද තැත් කර තිබේ. අවසානයේ මෙම නිලධාරිණියන් ලියන ලද ප්‍රකාශයකට ඔහුගෙන් අත්සන් ගෙන තිබේ. බලය යොදා, අඩම්තේට්ටම්වලට භාජනය කරමින්, ඔවුන් ලියන ලද ප්‍රකාශයකට අත්සන් කළද, එය තමන් පිළිනොගන්නා බව පොලිස්පතිට දැනුම් දී තිබේ.
ඉතා දුෂ්කර වාතාවරණයක් යටතේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව, උසස් පෙළ හදාරන මෙම සිසුවාට, පාසලේ ගුරුවර ගුරුවරියන්ගේ නොමද සහය ලැබෙන බව ප්‍රකාශ වේ.
ඒ අතර පංති වලට CCTV කැමරා හයිකරවන මෙම පාසලේ විදුහල්පතිනිය, නිල නිවසට, අත්සන් පොත ගෙන්වාගෙන උදේ 6.10 දමා, අත්සන් කරන බවත්ති, ඇය, ඇඟිලි සලකුණු යන්ත්‍රයට ඇඟිල්ල නොගසන අතර, එය සෙසු ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට, අනිවාර්ය කර ඇති බවද දැනගන්නට ඇත.
මෙම තත්ත්වයන් තුළ භය වී, නිහඬව සිටින බහුතරය, අයුක්තිය, අසාධාරණය අභියෝග නොකරන වාතාවරණය තුලදමේ තරුණයා, අනාගතය යහපත් රටක්, නීතිය මත පාලනයක් ඇති රටක්, සඳහා බලාපොරොත්තු තබා ඇත.
Monday, June 24, 2019
උසාවිය තීන්දුවට අවුරුදු 08 ක් ගනී. මානව හිමිකම් කොමිෂම මර නින්දේ.
ගම් බට්ටියකගේ වුවමනාවට, ගාමානීට සිහිය නැතිවෙනකම් පහර දෙන, උඩුගම පොලීසියේ පොලිස් කාරයෝ, සම්ප්‍රදායානුකූලව බොරු නඩුවක් පවරනවා.
මේ බොරු නඩු දැමීම ගැන අද වනතුරු කතා කරන්න කෙනෙක් නෑ. ඒ මේ බොරු නඩු දැමිල්ලෙන් පීඩා විඳින අති බහුතරය ථේරවාදී බෞද්ධයන් වීම හා නඩු දුන්නෙත් ථේරවාදී බෞද්ධයන් විසින්ම නිසා විය යුතුය.
කෙසේ වෙතත් ගාමිනී, නඩු කියනවා. පොලීසියට යට වෙන්නේ නෑ. නඩුවෙන් ඔහුව නිfදාස් කොට නිදහස් කරනවා.
එයට සමගාමීව පොලිසියට විරුද්ධව ඔහු අඛන්ඩව සටන් කරනවා. ඒ ලිපි මගින්. පොලීසය පරීක්ෂණ පවක්වලා පොලිස්කාරයින් තුන් දෙනෙකුට විනයානුකූලව දඬුවම් කරනවා.
මූලික අයිතිවාසිකම කඩ කිරීම අදාළ පරීක්ෂණ, මානව හිමිකම් කොමිෂමේ මාතර ප්‍රාදේශිය කාර්යාලය ආරම්භ කරනවා. තාම පරීක්ෂණ කරනවා වෙන්න ඇති. මොකද ලියන ලියුමකටවත් පිළිතුර නැත්තේ ඒ නිසා.
මේ වන විට ජාත්‍යන්තරය විසින්, අංක 1 ට තෝරාගෙන ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ සභාපතිනිය මේ ගැන මොකද කියන්නේ, ගාමිනීගේ ප්රශ්නය.
ගාමිණී, සභාපතිනිය, ආචාර්ය දීපිකා උඩගම මිය, අමතන ලද ලිපියට අවධානය යොමු කරන්න.
HRC/MT/245/11/v පැමිණිල්ල සම්බන්ධවයි.
මෙම පැමිණිල්ල ඔබ කොමිෂන් සභාවේ මාතර ප්‍රාදේශීය සභාව විසින් විමර්ශණයට ලක්කරනු ලැබීය.
නමුත් වසර 8 ඉකුත්ව යෑමට ආසන්නව තිබියදීත්, පැමිණිල්ලට වූයේ කුමක්ද යන්න පිළිබඳව දැන ගැනීමට නැත.
ඔබ ප්‍රාදේශීය ශාඛාවේ සම්බන්ධීකාරක නිලධාරී ඩී.එම්.ආර්.දිසානායක විසින් – පැමිණිල්ලට අදාළ, සාක්ෂි අයගෙන් ලබා ගන්නා ලදි.
අප ඉදිරිපත් කරන ලද කරුණුවලට පිළිතුරු වශයෙන්, අමූලික බොරු උඩුගම පොලිස් ස්ථානාධිපති වරයා විසින් ඔබ කොමිෂමට සපයනු ලැබීය.
ඉන් අනතුරුව - පැමිණිල්ලට සිදුවූයේ කුමක්ද යයි කීමට ඔහු පියවර ගත්තේ නැත.
මා මාගේ පැමිණිල්ලට සිදුවූයේ කුමක්ද යයි දන්වන ලෙසට ඔබටද පිටපත් සහිතව, ඔහුට ලිපි ගණනාවක් ලිවුවෙමි. ඒ සියල්ල ගඟට ඉනි කැපීමක් විය.
කෙසේ වෙතත්, පැමිණිල්ලට අදාල සිද්ධිය, පාදක කරගෙන, උඩුගම පොලිසිය මා ඇතුලු 12 කට විරුද්ධව පවරන ලද අපරාධ නඩුවෙන් සියලු දෙනාව නිfදාස් කරනු ලැබීය. (තින්දු ප්‍රකාශය, අවශ්‍යනම් ඉදිරිපත් කිරීමට පුලුවන.)
එපමණක් නොව, අප විසින් පොලිස්පතිට කරන ලද පැමිණිල්ල අදාල කරගෙන සිද්ධීය අදාල පොලිස් නිලධාරීන් හය දෙනෙකුට විරුද්ධව විනය පරීක්ෂණයක් ආරම්භ කරන ලදි.
එම පරීක්ෂණයෙන්, පොලිස් කොස්තාපල්වරු 3කු වරදකරු කර, බරපතල දඬුවම් පමුණුවනු
ලැබීය.
මා විසින්, උඩුගම පොලිසිය සිදුකරන ලද අපරාධය පිළිබඳව මා පොලිස්පතිට කරන ලද පැමිණිල්ල පිළිබඳව පොලිසිය විනය පරීක්ෂණ පවත්වන ලදි.
එම විනය පරීක්ෂණයේදී, අඩුගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ව වරදකරු කර ඔවුන්ට දඬුවම් කරන ලදි.
මෙම පසුවිපරම තුල ප්‍රමාද වුවද, ඔබ කොමිෂමට ලියන්නේ, ඔබ කොමිෂමේ ක්‍රියා කලාපය පිළිබඳව, හැකියාවක් ඇති නම් අවධානය යොමු කරවිමටය.
ඔබ කොමිෂමේ මාතර ප්‍රාදේශීය සම්බන්ධීකාරක පොලිසිය හා එක්ව, පරීක්ෂණය යටගසනු ලැබීය.
මේ වන විට, මාගේ පැමිණිලි අදාළ ලිපි ගොනු පවා අස්ථානගතව නොතිබුණහොත් පුදුමයකි.
වධහිංසාවට පත්කොට, ව්‍යාජ නඩු පවරා අවු: 8ක් පුරා, ශාරීරික මානසික වධ වේදනාවන්ට පත් කිරිම අදළ පැමිණිල්ලක් යට ගසා දමන්නට තරම්, ඔබ කොමිෂමේ නිළධාරීන් දූෂිතයින් බවට පත්ව තිබෙන බව ප්‍රකාශ කර සිටිමි.
මා ඉල්ලා සිටින්නේ, තවදුරටත් පමා නොකර, එම පැමිණිල්ලට සාධාරණය ඉටු කරන ලෙසටයි.
Subscribe to:
Posts (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...










